Tuesday 11 March 2014

ජැක්පොට් එක ඇදුණා - Brownie points to last forever!


මේ කතන්දරේ මං දැනගෙන ටික දවසක් වෙනවා. නමුත් අදයි මේක ලියලා දාන්න වෙලාවක් ලැබුණේ.

දැන් අපි ජීවත්වෙන හැම වෙලාවකම අවට තියෙන වාතය ආශ්වාස කරනවා නේද?

ඒක නිකම්ම වගේ කෙරෙන නිසාත්,
අර ෂොපින් සෙන්ටර් එකේ ටොයිලට් එකට යද්දී වගේ රුපියල් දහයක් දෙන්න ඕනෑ නැති නිසාත්,
අපිත් ඔහේ හුස්ම ගන්නවා,
පෙනහැල්ල වැඩ කරනවා,
හාට් එක පම්ප් වෙනවා,
ලේ ගමන් කෙරෙනවා,
අපි ජීවත්වෙනවා.

දැන් ඔය අපි ආශ්වාස කරන වාතය අපි අවට නොමිලේම ඇති පදම් තියෙන තාක් කල් අපිට ඒකේ වැදගත්කමක් තේරෙන්නේ නෑ.

හැබැයි කොලොන්නාවේ කුණු ගොඩ වගේ තැනක් ලඟින් යනකොට, නාස්පුඩු කකාරවාගෙන ගඳ දැනෙන කොට, ඔන්න අපිට තේරෙනවා වෙන වෙලාවට හුස්ම ගත්තු වාතය කොච්චර පිරිසිදුද, අපි ඒ විදියට ඒ වාතය ලබන්න කොච්චර වාසනාවන්තද කියලා.

ඇඟෙන් බහින රෝගයක් නැතුව හොඳ සනීපෙන් ඉන්න එකත් ඒ වගේම තමයි. කවද හරි අසනීප වුණු වෙලාවට තමයි තේරෙන්නේ සනීපෙන් හිටි කාලේ කොච්චර හොඳඳ කියලා.

මට මෙන්න මේ නිවුස් අයිටම් එක ගිය අවුරුද්දේ දවසක කියවන්න ලැබුණාම තමයි ඔය හුස්ම ගැනිල්ල ගැනයි, සනීපෙන් ඉන්න එක ගැනයි සිහිවුණේ.



මේ නිවුස් එකේ කියවෙන විදියට ජේසන් මෝටෙන්සන් කියන විවාහකයා ශල්‍යකර්මයකින් පසුව රෝහලක දී නැවත සිහිය ලබන මොහොතේ තමන්ගේම බිරිඳව දැකලා, ඒ බිරිඳ කොච්චර ලස්සනද කියලා වැටහිලා පොරට අදහා ගන්න බැරුව ගිහින්.

ඒ තමන්ගේ බිරිඳය කියලා දැන ගත්තාම පොරට දැනිලා තියෙන්නේ ලොතරැයිකින් ජැක්පොට් එක ඇඳුණා වගෙයි.

මෙන්න ඒකේ වීඩියෝ එක. මං හිතන්නේ සරල මොබයිල් ෆොන් එකකින් කරලා තියෙන්නේ.



දැන් මේ ඇත්ත කේස් එකෙනුත් අපිට පේන්නේ අර පිරිසිදු වාතය ගැන මං කියපු කතාවමයි.

කොටින්ම තමන් ලඟ තියෙන සැප තමන්ට තේරෙන්න නම් ඒක නැතිවෙන්නම ඕනෑ.

කොහොම වුණත්, තමන් ගේ බිරිඳ ගැන නොදැන කියන දේවල් නිසා, මේ සිද්ධියෙන් පස්සේ ජේසන්කාරයාට ඇත්තටම ජැක්පොට් එක ඇදුණා වගේ තියෙන්න ඇති.

මේ කතන්දරය ලිවීම නිසා මටත් එසේම වේවා!

-කතන්දරකාරයා

(image: http://darkintheboy.com/2013/09/13/love-at-first-sight-again/)

152 comments:

  1. ජේසන්ගේ ප්‍රතිවිරුද්ධ කථාව තමයි අර දරමිටියට බැන්ද නයි හාමිගේ කතන්දරේ....ඒක හින්දා ගෑණු නම් නිකං තියෙන හුලඟ වගේ නෙවෙයි..ඉදලා හිටලා පෙනේ පුප්පනවා....:)))

    ReplyDelete
    Replies
    1. කකාගේ පෙනේ නං දැන් කකාත් එක්ක තරහා වෙලා වගේ බිම බලාගත්තු ගමන්මලු ඉන්නේ. කවදාවත් ඔලුව උස්සන්නේ නැතිවෙයි ආයේ.

      Delete
    2. KAKAGE NAYAVA MIYEK GILALALU. ITA PASSE NAYATA PADA,JEE,SHUKRA,KAKKA YANAVALU THARAGENA. HE HE HE...

      Delete
    3. @ Mayya
      මොකක්ද මයියා ඒ "දරමිටියට බැන්ද නයා ගේ" කතාව?

      අහලා තියෙනවා වගේ මතකයි. ඔය කියන්නේ අර නයා පෙනේ පුප්පලා ෂූ කියලා පිඹින්නේ නැතුව හිටිය නිසා දර මිටිය බඳින වැල් පොට වුණු කතාව නේද? නමුත් මට ඒකේ අග මුල දැන් අමතකයි!

      Delete
  2. හැබැයි කකා බ්ලොග්කරුවන් වැඩි දෙනකුට නම් ඉන්නේ කැතම කැත ගෑනු. කොටින්ම කැතම බ්ලොග් භාර්යාව/පෙම්වතිය තේරීමේ තරගයක් වුණත් තියන්න පුළුවන්. කවුරු දිනයිද මන්දා. එච්චරට තරගකාරීයි.

    ReplyDelete
    Replies
    1. තනියම ඉඳලා ඔහේ ගේ ජීවිතේ පාළුයි වගේ!

      Delete
  3. අනේමංද කියල තමා කියන් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. හා මචං.

      කතන්දරකාරයා

      Delete
    2. අනේ මන්දා කියන්නේ අනේ මන්දා!

      Delete
  4. කකාට ශල්‍යකර්මයක් කරලා සිහිය එන වෙලාවේ අහල පහළ කොල්ලෙක් හිටියොත් බඩුම තමා.

    ඒක නෙවේ කකා, ඊයේ පෙරේදා බ්ලොග් ලෝකෙට ආපු පෙන්ෂන් ගිය ප්‍රින්සිපල් කෙනෙක් ආන්න කියනවා ඇනෝලාගේ කනට ගහනවලු. කකා මොකද ඒ ගැන හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. මාත් දැක්ක බං. බ්ලොග් අවකාශය (එයාට ඕන විදියට) හදන්න ඕනලු. පැන්ෂන් ගිය ප්‍රින්සිබල් කෙනෙක් විතරයි මේකෙ අඩුවකට හිටියෙ.

      Delete
    2. දැන් ඔක්කොම බොදුබල නානසාර ස්ටයිල් එකෙන් තමයි ගේමට එන්ටර් වෙන්නෙ නේද?

      Delete
    3. දුවපල්ලා දුවපල්ලා බ්ලොග් ප්‍රින්සිපල් ඇවිල්ලා, මචං රාජ් අකුලන් දුවපන්. නැත්තං කොම්පුටරේ අස්සෙන් ඇවිත් කනට ගහලා යයි. දුවන්න බැරිනං මොනිටරේ වත් ඔෆ් කරහල්ලා විජහට.

      Delete
    4. මත්වූ ගජිදෙකු සමග සටනට යතත් ඇනෝවෙකු සමග සටනට යාම කිසිසේත්ම ප්‍රඥා ගෝචර නොවන බවත්, සියතින් තම උදරය කපාගෙන සේප්පකු කර ගැනීම ඊට වඩා යහපත් බවත් අනුවන දනන් වෙත වැදෑරු උන්වහන්සේ ඉනික්බිති නිහඬ වූ සේක.
      නුතන ඇනෝ වංශය , පරිචේදය 10 , පිටු අංක 1380

      Delete
    5. පොර ඒවුනාට ඊයෙ අරුණිගෙ කට් පේස්ට් එකකට රැවටිලා ඇදගෙනම නාලා තිබුනා.... පැරාගෙ බ්ලොග් එකේදි.... හයියෝ........ මතක් වෙනකොටත් හිනාවෙලා බඩ උලුක්කු වෙනවා.... පොර ඒක තේරුම්ගන්න අඩුම තරමෙ විසිපාරක් වත් ට්‍රයි කරන්න ඇති....පිස්සු පීකුදු....

      Delete
    6. පොර යවන්න ඕනි මීමුරේ රැයක් ගත කරන්න. එතකොට එක්කෝ ඔය ගති ඇරිලා යයි, නැත්තං මිමුරේ මාමා ඇරලා යයි.

      Delete
    7. මීමුරේ රැයක් ගතකරනව නම් ඉතින් ලොකු රක්ෂනයක් දාලාම තමා යන්න ඕනි..... නැත්නම් ගෙදර අය මීමුරේ යද්දී ගෙදර හොරු කඩලා තියෙයි.....

      Delete
    8. මට හිතෙන විදිහටනම් විශ්‍රාම ගිය ප්‍රින්සිබොල් ආයෙ එන එකක් නෑ....... බලන් ගියාම විශ්‍රාම ගිය ආමි පොරවල් හොඳයිනෙ පිනාලට වඩා.....

      Delete
    9. මම හිතන්නේ ඒ කර්නල් පට්ටමකුත් තියෙන ප්‍රින්සිබොල් කෙනෙක් වෙන්න ඕනි. ඒ ලයින් එක තමයි බ්ලොග් ලෝකෙත් දාන්න ආවේ.

      Delete
    10. ගෙදර අය මීමුරේ යද්දී මීමුරේ අය ගෙදර එනවාවත්ද?

      Delete
    11. මේ කමෙන්ට් එක ගැන මහත්තුරු මොකෝ දන්නේ නෑ කියන්නේ..?

      ""මේ බ්ලොග් එකෙයි කකාගේ බ්ලොග් එකෙයි කොමෙන්ට් වල සම්පුර්ණ පරිපාලනය මෙහෙයවන්නේ අපි.
      ඔහේ මේ ඊයේ පෙරේදා බ්ලොග් එකක් අටවන් ආපු හින්දා මෙව්වා ගැන දන්නේ නැතිව ඇති. වයසින් වැඩි උනාට ඔහේ බ්ලොග් ලෝකෙට අලුත් හින්දා කමක් නෑ.

      හැබැයි ඔයවගේ පුක උඩදාගෙන ඇවිත්,ලොකු කතා කියපු මැෂින් බිජ්ජාට,සයිලන්ට් සහන්ට,මීමුරේ මාමාට, වඳ පිදපු මොටයියට,කෙන්ජි බිල්ලාට උන දේවල් ගැන මතක තියා ගන්න.

      ටටා බායි.""

      Delete
    12. ප්‍රොෆයිල්කාරයෝ ඇනෝ එකනේ ඉවසන්න බැරි.

      Delete
    13. "මෙහිදී භාෂාව විපරීත ලෙස භාවිතා කළේ නැහැ. කිසිවක් නොදන්නා අළුත් කෙනෙකුට යමක් පැහැදිලි කරන ක්‍රමයවත් මේ මනෝකාය දන්නෙ නැති හැටි. මේ අය නැවත මොන්ටිසෝරි යැවිය යුතුය. මේ අයගේ බොරු බුද්ධියේ රහස මෙලෙස භාෂාවේ වචන අසන කෙනාට නොතේරෙන ලෙස ගණිකා වෘත්තියේ යෙදවීමයි."

      ප්‍රින්සිබල් අන්කල් ට මොනවා නොතේරුණත් මේ ටික නං තේරිලා තියෙනවා අරුණි ඇන්ටි ගැන. අනේ ඇත්තටම මටම ලැජ්ජයි තාමත් මට නං අරුණි ඇන්ටිගේ ලිපියක් කියෝලා තේරුම් ගන්න බැහැ. මගේ නුගත් කම වෙන්න ඇති.

      Delete
    14. තදට හිනා යනව ඕයි!

      මාලන්,
      උඹ හදන්නෙ අර උඹේ තියරිය ඔප්පු කරල පෙන්නන්න නේද? ඔයවගේ කමෙන්ටුවක් දැක්කම අපිට නං හිනා යනව ඇරෙන්න වැඩි දෙයක් වෙන්නෙ නෑ. කස්ටිය පොඩි ආතල් එකක් ගන්නව. එයාල ඒ ආතල් එක ගත්තාවෙ.

      ///හැබැයි ඔයවගේ පුක උඩදාගෙන ඇවිත්,ලොකු කතා කියපු මැෂින් බිජ්ජාට,සයිලන්ට් සහන්ට,මීමුරේ මාමාට, වඳ පිදපු මොටයියට,කෙන්ජි බිල්ලාට උන දේවල් ගැන මතක තියා ගන්න///
      මේකෙ මම කැමතිම කෑල්ල තමයි ඒ. සයිලන්ට් සහන් නං යන්න ගියේ (හිතෙන විදියට) ඒ මහා වාදයේ ප්‍රතිපලයක් විදියට නෙව. මීමුරේටත් තිබුනෙ වෙන ප්‍රශ්නයක්. කෙන්ජිට අටංට ඇල්ට වෙච්ච කෙහෙල්මලක් නෑ නෙව. ‍මෙතන තියෙන්නෙ නිකං මේවගේ දෙයක්,

      ඔන්න බජාර් එකේ චන්ඩි දෙන්නෙක් ගේමට සෙට් වෙද්දි එකෙක් කියනව මෙහෙම,

      "අඩෝ.... මතකනෙ ඩප්පි සිරාට, තෙල් බාලට මොකද උනේ කියල,...."
      මේ වගේ ටෝකක් දැම්ම ගමං අනිත් එකා කොර වෙනව ඩප්පියට තෙලාට ගේම දුන්නෙත් මේ කියන එකාමද කියල. නමුත් ඒව වෙන සිද්ධී. මෙතනත් අන්න ඒ ජාතියෙ මානසික සීන් එකක් යන්නෙ.

      Delete
    15. @රාජ්:

      හාකෝ..!

      උඹේම අරක්කු උඹට ගහපු දවසක මම එන්නම් ඉස්පිටිතාලෙට නෙස්ටොමෝල්ට් එකකුයි, දෙඩම් ගෙඩි තුනකුයි අරගෙන උඹව බලලා යන්න.

      එතකම් ඔහොම්ම නටාගෙන පලයන්..!

      Delete
    16. හොඳා හොඳා....:-)
      උඹේ ‍මේල්ලුව එවපං කැමති නං
      raj_wvp@yahoo.com

      Delete
    17. ප්‍රින්සිබල් අංකල්ගේ වැරැද්දක් තියනවා. නමුත් ඒ මනුස්සයා අහපු නොදන්නා ප්‍රශ්නෙකට, කස්ටිය වට වෙලා පොරව බයිට් එකට ගත්තා. හැබැ‍යි පැරා උත්තර දීලා තිබ්බට පස්සෙත් මම දැක්කා මොනවද ලොකු ටෝක් වගයක් දීලා තියනවා. ඔහොම යනකොට ඉතින් ඉගෙන ගනී.

      Delete
    18. තිසර,
      බ්ලොග් වල තියන මේ ගතියට මම නං කැමතියි. මෙතනදි මහා ලොකු සිවිල් පොරක් උනත් දනගාල තමයි ඇවිදින්න ඉගනගන්න ඕන. මේක නිකං අර කස්ටිය සමාන කරන්න කැම්පස් වල දෙන ඊනියා රැග් එකක් වගේ තමයි එක අතකින්. නිකමට හිතල බලපං කවුරුහරි කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවම අරුණි ෂපිරෝගෙ කට් පේස්ට් එකක් දැම්මම ඌ පත්වෙන තත්වෙ! ඕව මුල ඉඳල ඉගනගන්න එකා ආයෙ වට්ටන්න බෑ.

      Delete
    19. මාලන් කියන ප්‍රශ්නෙට, සාමූහික පොදු පිළිතුරක් නෑ මාලන්. ඒක ඒ ඒ බ්ලොග්කාරයා ගන්න ඕනේ තීරණයක්. දැන් අර යකා, අම්මට බනියි කියලා, පළවෙනි කොමෙන්ට් එක නරකයි කියලා, බුදු දහමට අපහාස වෙනවාය කියලා කොමෙන්ට් ඩිලීට් කරපු එකා, මෙන්න දැන් කියනවා තුන්වෙනි පාර්ශවයන්ටත් මඩ ගහන්න ඉඩ දෙනවලු, කුණුහරුප කියලා ජාතියක් නෑලු. ඉතින් අපි නවත්තන්නද? ඇනෝනිමස් ආතල්, ලකෆ්‍රෑන්ස් කලේම අනිත් එවුන්ට මඩ ගහන එකනේ. රාජ් කියලා තියනව වගේ සිවිල් සමාජේ පොරකට මෙතන කිසිම තත්වයක් නෑ වගේම තමයි සාමූහික එකතුවකටත් කියලා විශේෂ බලයක් නෑ. අපි කී දෙනෙක් එකතු උණත් ඕක නවත්තන්න බැහැ.

      ඕකේ අනිත් පැත්ත ගැන හිතුවොත්, අපිට කවුරු මොනවා කිව්වත්, එතනින් එහා බලපෑමක් ඒ කාටවත් කරන්න බෑ. අපි ලියන දෙයක් නවත්තන්න ෆිසිකලි බැහැ. මම දන්නවා ඒ කබර හම හැමෝටම නැහැ. නමුත් අපේ උත්සාහය යොමු වෙන්න ඕනේ ඒ පැත්තට කියලා මම හිතන්නේ. මෙතන තත්වය මේකයි, ලෑස්ති වෙලා හිටපල්ලා කියලා.

      ඇනෝ වසා දැමීම නම් කොහෙත්ම ප්‍රශ්නයට පිළිතුරක් නෙමෙයි. ප්‍රොෆයිල් වලින් ඇවිත් කියන ජාති අපි දැක්කනේ පහු ගිය කාලේ. මොඩරේෂන් නම් හොඳයි, ඒත් වැඩ වැඩියි. මම දැක්කා මාලන් කොහේ හරි කියලා තිබ්බා ඕක මගේ අදහසක් කියලා. නැහැ, කකා මොඩරේෂන් දාලා ටික කලකින්, මාතලන් ඇනෝ වැහුවා... නමුත් මගේ අදහසේ හැටියට මාතලන්ගේ විසඳුම වැඩ කලේ නෑ. කොමෙන්ට් පාලනයට හොඳම දේ මොඩරේෂන් කියන එක මට හිතුණේ කකා කරපු දෙයින් පසුව ඇත්තටම වෙනසක් ඇති වූ නිසයි.

      නමුත් කලින් කිව්වා වගේ, උඹ මම තව කීප දෙනෙක් මේකට එකඟ වුණත් ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඊට පස්සේ අපි ටික බ්ලොග්කාරයන්ට බල කර කර යන්නද කොමෙන්ට් මොඩරේට් කරන්නයි කියලා. මට නම් හිතෙන්නේ ඒක බ්ලොග්කරුවන්ට තිබිය යුතු නිදහසක්. සමහර විට ඉස්සරහට සයිබර් බුලියිං පැත්තට යනකොට එහෙම කරන කට්ටිය වැඩිවෙයි. නමුත් යමක් වෙනවා නම් විය යුත්තේ පවතින තත්වය ගැන, සිදුවිය හැකි දේ ගැන දැනුවත් කිරීමක් වගේ එකක්. බ්ලොග් සහ ප්‍රොෆයිල් රිපෝර්ට් කරන්න පුළුවන්. ඒකට ක්‍රමවේදයක් තියනවා. අන්න ඒවා ගැන දැනුවත් කරන්න ඕනේ. මෙන්න මේ හේතු යටතේ බ්ලොග් එකක්, ප්‍රොෆයිල් එකක් රිපොර්ට් කරන්න පුළුවන්. නමුත් අපේ හැඳුනුම් පතක කොපියක් ඒ සමග යවන්න ඕනේ.

      Legal issues
      Regulated drugs
      Hate speech, violent or crude content
      Harassment
      Spam, phishing, or malware
      Nudity
      Posting of private information
      Impersonation

      මම නං කියන්නේ උඹේ මහන්සිය ඒ වගේ දෙයක් වෙනුවෙන් යොදවපං. කොමෙන්ට් තීරුවක ඕක ගැන ආගිව් කරගත්තට කිසි වැඩක් වෙන්නේ නෑ... උඹට වෙන්නේ උඹ අවුරුදු ගාණකට කලින් කියපුවා උපුටලා දක්වන එවුන්ට උත්තර දිදී ඉන්න විතරයි.

      Delete
    20. කොටින්ම කියනව නම්.... මාලන්ට මුල අමතකයි..... රියර් ගේට් එකේ නාරාහේන්පිට ලයිෂන් චන්ඩි පෝස්ට් එකේ..... කෙන්ජිය ඇවිල්ල සද්ද දානකොට...... මුගේ සපෝර්ට් එකට ආවෙ ඇනෝලා විතරයි...... කෙන්ජියගෙ පුක බිම ඇනෙන්න නෙළුවෙ අපි.......
      මාතලන් වගේ ප්‍රොෆයිල් හුචක්කු ඇවිල්ලා පතෝල කොමෙන්ට් දාලා ගියා......

      එහෙව් අපිටයි මූ කෙලින්න හදන්නෙ..... උඹ ආත්මය යක්ෂයාට උගස් කරලා නේද මාලන්......

      Delete
    21. මාලන්,

      කකා ගේ බ්ලොග් එකත් පැරා ගේ බ්ලොග් එකත් තමන්ගේ පාලනයට යටත් බව ඇනෝලා කියන්නේ විහිලුවට නෙවෙයි ද?

      අර පස්සෙ කියල තියන එකත් දෙවැනි පාර කියවන කොට මට නම් පේන්නෙ තර්ජනයක් විදියට නෙවෙයි. දැන් කවුරු හරි රාජපස්සට කිව්වොත් "මාකෝස්ට උනු දේ මතකයි නේ?" කියල ඒකෙන් කියවෙන්නෙ නෑ නෙ මාකෝස්ට ගේම දුන්නෙත් උන්, රාජපස්සට දෙන්නෙත් උන් කියලා.

      ඒ කියල තියන උන්ට "උන දේවල්" නම් ඉතින් එකකට එකක් වෙනස් නේ, "වඳ පිදපු මොටයිය" නම් කවුද මම දන්නෙ නෑ අටමයි කෙන්ජියි නම් අර යසට ඉන්නෙ. සහනත් අර තිබුනු මායාව නැති වුනු නිසා ස්වේච්ඡාවෙන් අකුල ගත්තට own up කරා නම් බ්ලොග් එක හෙමිහිට ගොඩ දා ගන්න තිබුනා.

      Delete
    22. ඒ අයිතිහාසික කොමෙන්ටුවට මෙතනින් පිවිසෙන්න :D

      Delete
    23. @ All in this tread
      මගේ අදහස් කෙටියෙන්.

      1. මුල් ගුරු - මොහු ලියා ඇති දේවල අඩංගු සරදම් ස්වභාවය නිසා මට පොඩි සැකයක් ඇතිවුණා. මගේ සීයාත් 1968 දී පමණ පැන්ෂොන් ගිහින් තියෙන්නේ මුල්ගුරුවරයෙක් ලෙසයි. ඔහු ගේ කාලයේ සහ පසුව අපේ කාලයේත් මෙවැනි මුල්ගුරුවරු හිටියත් මේ ඊයේ පේරේදා පැන්ෂන් ගිය අයෙකු මෙලෙස අණුවන කතා කියයිද?

      2, ඇනෝලා කරන අපි මේක කොන්ට්‍රෝල් කරනවා, අරක වැහැව්වා වගේ කතා සීරීයස් ගැනීම තරම් වෙනත් විහිළුවක් තවත් ඇද්ද?

      Delete
    24. පරක්කු වැඩියි... පිනා පවු... කස්ටිය ඌව නැති බංගස්ථාන කොරලා...

      Delete
    25. TREAD නෙවෙයි කකා, THREAD . තව තැනක දැක්කා PUBIC වෙනුවට PUBLIC පාවිච්චි කරලා. මොකද කකා, කකාගෙ ඉංග්‍රීසිත් පේරාදෙණියෙ උපාධිකාරයකුගේ ඉංග්‍රීසි වගෙයිනෙ.

      Delete
    26. @ Anonymous March 12, 2014 at 9:31 AM

      එම දෝෂ පෙන්නා දීම ගැන ඔබට ස්තුතියි.

      මං මේ මොහොත්ම මගේ කතන්දරයේ තියෙන සිංහල වැරදිත් හොයා බැලුවා සුබස අනුග්‍රහයෙන්.

      මෙන්න වැරදි ලයිස්තුව.

      1. පෙනහැල්ල
      2. කොලොන්නාවේ
      3. ලඟින්
      4. සිහිවුණේ
      5. ලඟ

      ඊට අමතරව මේ වචනයත් වැරදියි.
      6. ෆොන්

      ඊටත් අතමරව මං කතන්දරයේ "අපි" කියා භාවිතා කරලා තියෙන හැම තැනක්ම "අප" යනුවෙන් නිවරද වෙන්නත් ඕනෑ.

      මෙන්න සුබස අකුරු විනිස පිරික්සුමට පාර.
      http://subasa.ambitiouslemon.com/spellerweb.py

      Delete
  5. තමන් ලඟ තියෙන සැප තමන්ට තේරෙන්න නම් ඒක නැතිවෙන්නම ඕනෑ//

    සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ඇයි රාජ් මොකද උනේ? බෝතලේ බිඳුනාවත්ද? හැබැටම පහුගිය ටිකේ මොකෑ බං රාජ් වැඩිය දකින්න හිටියේ නැත්තේ? කොහෙවත් සැපක් ගන්න ගිහිං මාට්ටු උනේවත් නෑ නේද?

      Delete
    2. ඇයි මචන් රාජ්.... ඕකෙ අනිත් පැත්තත් ඇත්තනෙ.... තමන් ලඟ නැති සැප දැනෙන්නත් ඉතින් ඒක ලැබෙන්නම එපායැ.......

      Delete
    3. මා ලියා ඇති දේ අත්දැකීමක් මත ලියුවකි.
      හදිසියේම අසනීප වූ දිනයකයි මට ඔය පඬි වදන හිතට ආවේ!

      Delete
  6. මේ කතාව නිසා ඔබටත් එසේම වේවා!!! :)

    ReplyDelete
    Replies
    1. *//ලිවීම නිසා// කියලා එකතු කරගන්ට...:D

      Delete
    2. ස්තුතියි!
      ඔබටත් එසේම වේවා!!

      Delete
  7. කොතෙන්ටද එකතු කරගන්න ඕනි. ඒකත් කියන්න. වැරදි තැනකට එකතු කරගත්තොත් හොද නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ වැරදි තැනක පිළිතුරු කමෙන්ට් එකක් දැමීම වගේ කේස් එකක් නේද?

      Delete
  8. කකා, මට මාර වැඩක් උනානේ කකා.
    කකාගේ පොස්ට් එකක් තියෙනවා නේද ටවුමේ කඩෙන් ජෝකෙක් ගන්න ගිය එක හැටි ගැන. මාත් ඉතිං ඕක බලලා ගිය ජෝකෙක් ගන්න කියලා කඩේට.

    මම තට්ටේ මුදලාලිගේ කඩේට ගිහිං ඉල්ලුවා යටට අදින්න කලිසමක් දෙන්න කියලා. ඊට පස්සේ මුදලාලි මගේ දිහා බලලා ඇහැව්වා සයිස් එක මොකක්ද කියලා. මම කිව්වා දන්නේ නෑ කියලා. ඊට පස්සේ මුදලාලි මට එකක් දීලා කිව්වා ඒක ඇදලා බලන්න කියලා. ඊට පස්සේ මම ඒක ඇදලා බල බලා ඉදිද්දී මුදලාලිත් ඇවිත් තට්ටේ අතගගා මගේ දිහා බලං හිටියා.

    කකා ජෝක්කු ගන්න ගියාම ඒ වගේ වෙලා නැද්ද? කකා ඉතිං උගත් බුද්ධිමත් දැනුම් සාගරයක්නේ. ඒ හින්දා ඔය වගේ අවස්ථාවකදී මොනාද කරන්න ඕනි?

    ReplyDelete
    Replies
    1. ඔබට මේ ආකාරයේ සිද්ධීන් ගනනාවකට මුහුණ පෑමට සිදුව ඇති බව පසුගිය පෝස්ට් කිහිපය පුරාවටම අපට දැනගැන්මට ලැබුනි....
      ඔබ කෙරෙහි උපන් මානව දයාවෙන් ද.... කතන්දර බ්ලොගයේ ඇනෝ පාඨකයින් රැකගැනීමේ ඒකායන ප්‍රථිපත්තිය පදනම් කරගනිමින්ද....... ඔබගේ මේ අසහනකාරී ගැටළුවට පිළිතුරක් ලබාදීමට අප සංගමය තීරණය කර ඇත....
      කරුණාකර ඔබගේ වයස... ස්ත්‍රී පුරුෂ භාවය.... ජාතිකත්වය හා පදිංචිය.....විවාහක අවිවාහක භාවය.... රැකියාව.. පහත සටහන් කරන්න....
      අද සවස 2.00ට ප්‍රථම අප සංගමයේ පිළිතුර ඔබවෙත යොමුවනු ඇත....

      කතන්දර බ්ලොගය සුරැකීමේ ජාතික සංවිධානය

      Delete
    2. මටත් ඔයවගේ දෙයක් උනා.

      දවසක් මම පාරේ ඇවිදන් යද්දී ත්‍රිවිල් එකක් ඇවිත් නැවැත්තුවා. එකේ හිටියේ අපේ කකාගේ තට්ටේ තියෙන කෙනෙක්. ඒ කෙනා මගේ ඇහැව්වා පුතා කොහේද යන්නේ කියලා. ඊට පස්සේ මට කිව්වා එන්න ත්‍රිවිල් එකට නගින්න, මම ගිහිං දාන්නං කියලා.
      මම ඒ ත්‍රිවිල් එකට නැන්ගම ඒ කෙනා පිටිපස්ස හැරිලා තට්ටේ අතගගා මගේ දිහා බලං හිටියා.

      ඊට පස්සේ මම ඇහැව්වා ඇයි යන්නේ නැද්ද කියලා. ඊට පස්සේ ඒ කෙනා කිව්වා මම මේ යවන්න කෙනෙක් තමයි හොයන්නේ කියලා. කොහොම හරි මම ගෙදර ගාවින් බැස්සම පස්සේ ඒ මිනිහා ආයේ තට්ටේ අතගගා මගේ දිහා බලං ඉදලා ඇහැව්වා මේකද ගේ කියලා. ඊට පස්සේ මම සල්ලි දෙන්න හැදුවම කිව්වා සල්ලි එපා, හෙට ගමු කියලා.

      Delete
    3. ඔබත් තට්ටයෙක්ගේ නොමනා ක්‍රියාවක් නිසා සාමාජීය.... මානසික... හෝ ශාරීරික වශයෙන් අපහසුතාවයකට / අසහනයකට...... හෝ විපරිතභාවයකට පත්වීද.....

      එන්න ඔබේ අත්දැකීම / කකුල්දැකීම අප සමග බෙදාගන්න.....

      Delete
    4. @ Anonymous March 11, 2014 at 9:11 AM

      මා මෙතෙක් කල් සිතා සිටියේ ඔබ මෝඩ ආතල් එකක් ගන්නවාය කියායි. ඔබට ඇත්තටම මානසික ව්‍යාධියක් තිබේදැයි දැන් සැක සිතේ!
      http://kathandara.blogspot.com/2012/12/sub-categories-of-naughty-anonymous.html

      Delete
    5. කකා, මානසික ව්‍යාධියක් තිබේදැයි කියා හදුනා ගන්නේ කෙසේද?

      Delete
    6. Angoda yana oone

      Delete
    7. Anonymous March 11, 2014 at 5:01 PM

      යමෙක් කියන දේ, ලියන දේ, හැසිරෙන ආකාරය දැක්කාම අපි වැනි අයටත් සැක පහලවෙනවා.

      නිවරදි රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා පුහුණුව ලැබූ වෘත්තිකයෙකු හමුවට යා යුතුයි.

      Delete
  9. //කොටින්ම තමන් ලඟ තියෙන සැප තමන්ට තේරෙන්න නම් ඒක නැතිවෙන්නම ඕන//
    ඇත්ත කෙනෙක් ගේ හොඳ දැනෙන්නේ හොඳ කියන්නේ ඒ මනුස්සයා මැරුනමනේ..

    ජය වේවා!!!
    පුළුවන්නම් ගොඩවැදිල යන්න

    ReplyDelete
    Replies
    1. නැටි හලන්න එපා.... හොඳින් කියන්නෙ විදානෙ ගොයියෝ.....

      Delete
    2. ස්තුතියි විදානේ!

      Delete
  10. කකා,
    MH370 ෆ්ලයිට් එක ගැන තාම විස්තරයක් නැද්ද? අනේ ඒ මිනිස්සු පව් නේද කකා? මම නං හිතන්නේ ඒක කඩන් වැටිලා නෑ. වියට්නාමේ වගේ රටක ඉස්සර යුද්ධ කාලේ හදපු එයාර්පෝර්ට් එකක ඇති. ඒ මිනිස්සුන්ට කරදයක් උනේ නැත්තං හොදයි නේද කකා?

    ReplyDelete
    Replies
    1. මං නං හිතන්නේ සේරම කපූට් කියලයි! මහා සාගරේ අස්සේ කොහේ හොයන්නද?

      Delete
  11. කකා එසේම වෙන්නනම් මේක හාමිනේට කොහොම හරි පෙන්නන්න ..නැත්තම් ජැක්පොට් එක ඇදෙන එකක් නෑ

    ReplyDelete
    Replies
    1. @ ඉවාන් - ඒවා වෙලාවට කෙරෙනවා.

      Delete
    2. @ කෙන්ජි - අද මිස්ටර් හයිඩ් ට ද ඩොක්ටර් ජැකෝල්ටද ඇක්ට් කරන්නේ?

      Delete
    3. ඩොක්ටර් ජැකෝල් :) :)

      Delete
  12. කතන්දර මහත්තයෝ

    ඔබතුමා වගකිවයුත්තෙකු බව මට දැනගන්න ලැබුණා. ඔබතුමාගේ අනගි බ්ලොගයට කොහේද යන රිළා රංචුවකින් හානි පැමිනෙනව නේද? මුන් නිසි ඉගෙණුමක් නැතිව දෙමාපියන් දුක් මහන්සි වී හරිහම්බ කරන තුට්ටු දෙක කාබී දඩාවතේ යන කොළු රැලක් බවට සැකයක් නෑ.වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ වරද නිසා රටට වී ඇති හානිය දකින්නට මෙවැනි තැනකට එන්න ඕන. අපිත් කුණුහරප කියන හිනාවෙන අල්ලාප සල්ලාපයේ යෙදෙන වෙලාවල් තිබෙනවා.අපි කියන කුණුහරප බොහෝ විට කාටහරි බනින්නයි භාවිතා කරන්නේ.

    නමුත් මහත්තයෝ මෙතන අමු තිත්ත කුණුහරප ප්‍රසිද්ධියේ ලෝකෙටම පේන්න දමනවා. ඔබතුමා නෑසූ කන්ව බලා සිටිනවා. කොල්ලන් පමනක් නොවෙයි කෙල්ලනුත් මේවාට එන බව පේනවා. උනුත් හැදියාවක් ඇති එවුන් නම් වෙන්න බෑ. මේවා දකින ගෑණු දරුවන් අශීලාචාරකම්වලට හුරු වෙනවා නේද? අපේ ජාතියට මොකද වෙන්නෙ

    මෙතන කලන්තෙ දාන කුණුහරප ලියන කොළුවන් නිවසට යන අතර තුරේ තරුණියක් මුලිච්චි වුනොත් විනාසයි. මොවුන් ආන්ඩු මට්ටු කල යුතු නරුමයන් පිරිසක්.මේ සේරටම දොස් කියන්න ඕන අළුත් අධ්‍යාපන ක්‍රමයට. අපේ ඉස්කෝල වලින්නම් මෙහෙම අලුගුත්තේරුවන් සමාජයට බිහි වුනේ නෑ. කොල්ලට වේවැල කියන්නෙ අලියට හෙන්ඩුව වගෙයි.කොල්ලන්ට තේරෙන්නෙ වේවැල් බාසාව විතරයි.අපි නම් වේවැල් කැඩෙනකම් කොල්ලන්ට තලල ඇති.මෙහෙම කුණුහරප ලියන එවුන් අපේ පාසල්වලින් බිහිනොවුනේ ඒ නිසයි. රට යන අත ගැන කනගාටුයි. ලඟදිම කෙල්ලොත් මේවගේ කුණුහරප ලියාවි. එහෙම වුනොත් නම් ලෝක විනාසයක්. ඊට පෙර මොනව හරි කරන්න වෙයි.

    අපට වැඩිහිටියන් වශයෙන් මේව බලාගෙන ඉන්න බැහැ .ඉන්නෙත් නැහැ. රජය මේ කුණුහරප ලියන්නන් අල්ලා තදින් අච්චු කළ යුතුයැයි මම හිතනවා.මේවා කියන විට අපටත් බනින මොවුන්ට සුදුසු රජකාලේ දඩුවම් හෝ ඉංග්‍රීසි ආන්ඩු කාලෙ හිරකාරයන්ට දුන් දඩුවම් දිය යුතුයි.අවියත් වහරින් නිසරු දේ දොඩන මුන්ට නිදැල්ලේ නම් ඉන්න දෙන්න බැහැ. ඔබට ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. කතන්දර කාරයාMarch 11, 2014 at 10:04 AM

      මෙතැනත් මගේ බ්ලොග් එකේත් යන මේ කතාව බලා සිටි මට දැන් මේ කමෙන්ටුවට පසු නම් හිතෙන්නේ අහමු-දකිමු රචකයා අපිව පොඩි රයිඩ් එකකට අරං යනවා වගේයි.

      ඔබ ඇත්තටම ලඟදී විශ්‍රාම ගිය හිටපු ප්‍රින්සිපල් ටීචර් කෙනෙක් නම් මේ වේවැල් කතා, රිලා කතා ලියන්නේ නෑ මෙතන.

      එනිසායි මට තරමක සැකයක් ඇතිවෙන්නේ. ඔබ ඇත්තටම හිටපු ප්‍රින්සිපල් ටීචර්කෙනෙක් නම් මට ඇත්තටම ඒ ගැණ ඉතා දුකයි.

      මගේ ඉල්ලීම මෙයයි. ඔබේ බ්ලොගයේ ගුරු සේවයේ කතා කීපයක් හෝ ලියන්න. ඔබේ අත්දැකීම් අප හා බෙදා ගන්න.

      ස්තුතියි!

      ........


      ඔන්න කකා උගත් බුද්ධිමත් කියන්නේ නිකං යෑ. කකා මෙතනම් මතු කරන තර්කෙට මම කැමති. කවුද එතකොට මේ ආතල් දෙන්න ආපු ප්‍රින්සිබොල්?

      Delete
    2. මා ඔබට වෙන තැනක ලියූ දෙයක් මෙයට පිළිතුරක් ලෙස කරුණාකර සලකන්න.

      http://www.w3lanka.com/2014/03/blog-post_10.html?showComment=1394512487788#c3905705349584234563

      ඉඩ ලද පරිදි මෙහි ඇති කරුණුවලටත් පිළිතුරු දෙන්න බලන්නම්!

      Delete
    3. මාත් රැවටුනා ඇත්තම ප්‍රින්සිපල් කෙනෙක්ද කියල. කෙහොම උනත් මේ ලැබෙන කුප්‍රසිද්ධිය යහපත් අතට යොදාගෙන තමුන්ගෙ බ්ලොග් එකට වාසියක් ගන්න මෑන්ට ඕන නං පුළුවන්.

      Delete
    4. මාලන් .. අනෝලට සබුක්කුව දෙන්න ආ මේ ප්‍රින්සිබෝල් ඔබද ?? O.o

      Delete
    5. එන්න ප්‍රින්සිබොල් පොර.... අපි අපේ මාලන් ගොයිය එක්ක එකතු වෙලා මේ ඇනෝලාගෙ ඇට තලමු.... එන්න මාලන් එන්න... එන්න සල් මල් කඩන්න....

      Delete
    6. අනේ නාකි පිනෝ... තමන්ගෙ රෙද්ද බලාගෙන ඉන්නවද... තමුසෙ මෙතන නීති දාන්න මේක ඉස්කෝලෙ කියල හිතුවද......
      කකා දන්න්නවා ඇනෝලව බලා ගන්න.... එනව මෙතන සමාජෙ හදන්න.... මුලින්ම ගෙදර ඉන්න එකා හදාගන්න..... විදිනව ඉන්ජෙක්ෂන් එකක් මාසයක් සිහිය නැතුව ඉන්න...

      Delete
    7. ඔය වගේ බ්ලොග් ලෝකෙට ආපු tමුල කාලෙ වලි දාගත්තු තවත් ඔයා වගේම වයසක කෙනෙක් දැන්නං තැන්පත් වෙලා වත්ත අඳුනගෙන පිලිවෙලට කරගෙන යනව. එයත් කියන ඕන දේකට ඉයෙස් සර් කියාපු රැළක් එක්ක හිටපු නිසා මුල කාලෙ කෙහෙල් කොටුවට පැන්න මිත්‍ර සෙනවිය වගේ වෙන්න ගිහින් පස්සෙ අම්බානෙක කාල, නාල හැදුන. ඔබතුමත් ඉස්සර ඉස්කෝලෙ වගේ එහෙය්යො කන පලාගන්න සූදානම් පොඩි කොල්ලො ඉන්න තැනක් කියල මුලා වෙලා ඉල්ලන් නොකා ඔය උඩ කියල තීන මිතුරු උපදෙස් අරන් හැදෙන්න බලන්න.

      Delete
    8. ඉන්දික.... හෙක්... හෙක්... එයාටත් තියෙන්නෙ මේ වගේම නමක් තියන බ්ලොග් එකක් නේද?

      Delete
    9. ahamudhakimu is fairly good at "tongue in cheek"

      Delete
    10. ඊයෙ පැරාගෙ අන්තිම කමෙන්ට් එකෙන් පස්සෙ මටත් හිතෙන්නෙ මේ අහමු දකිමු තුමා ප්‍රින්සිපල් කෙනෙක් නම්, 80 දශකෙ වත් රිටයර් උනු කෙනෙක් වෙන්න ඕනෑ!

      නාට්‍ය වල රඟපාන ප්‍රින්සිපල් ල ගාව නම් ලොකූ... වේවැල්, ලොකූ... හුණු කෑලි තියනවා ප්‍රේක්ෂකාගාරෙට හොඳට පේන්න.

      Delete
    11. මට මෙතන පැටලිලි සහගත තැනක් තිබෙනවා. අතන පැරකුම් මහතාගේ බ්ලොග් එකේ කතන්දර මහතා දමා ඇති කොමෙන්ට් එකක් මෙතන ඇනෝනිමස් දාලා. කතන්දර මහතා කියනවා මට ගොස් එතන තිබෙන පිළිතුර බලන්නලු. ඒ කියන්නේ ඇනෝනිමස් කොමෙන්ට් දමන්නේ කතන්දර මහතාමද? කතන්දර මහතාගේ කොමෙන්ට් වලත් වියත් වහර නෑ.අක්ෂර වින්‍යාසයත් වැරදියි.

      ඔබලා මා ගැන කැමැත්තක් හිතා ගන්න. බ්ලොග් අඩවි දෙකටම මම ගියා. සබැඳි පරීක්ෂා කළා. හැබැයි මා නම් ඔය අයට කලින් මුන ගැහුන අය වගේ නොවෙයි. මා බොහෝ කලක් සේවය කළේ දුෂ්කර පාසල් වල.මුල් පත්වීම මොණරාගල දිස්ත්‍රික්කයේ කොටියාගලට. මම යන කොට ඒ ඉස්කෝලෙත් මේ බ්ලොග් වගෙ තමයි.කිසි කමකට නෑ. මට දඩුවම් මාරු ලැබුනා. හැබැයි මම ගිය හැම ඉස්කෝලෙම ළමයින්ට ඒක ආශීර්වාදයක් වුනා. ළමයි විතරක් නොවෙයි ගුරුවරුන්ටවත් විනයක් තිබුනෙ නෑ.

      මම නම් ඔය කිසිම කෙනෙකුට බය නෑ. මගෙ සමාජ සම්බන්ධතා පාවිච්චි කරනවා. තමන්ට ඕනෙ දෙයක් කියන්න පුළුවන් හැබැයි අශීලාචාර ලෙස වැඩ කරන්න නම් බෑ.

      මගෙ කතා විලාශය ගැනත් කීවා. ඒ මට හුරු විදිය.
      ගුරු සේවයේ කතා දුම් රියේ කතා මම ලියන්නම්. හැබැයි මට වෙලාව පිළිබද ගැටළු නිසා නිතර ලියන්න නම් බෑ. බ්ලොග් වල දියුණුවක් දකින්න නම් විනයක් ඕනැ. වැට පැන්න රිළා රංචුව වගෙ හැසිරෙන්න බෑ. මේක කවුරුත් බලන දෙයක්නෙ.

      Delete
    12. එහෙමයි සර්.... ඔයා කියන විදිහට අපි ඉන්නම්.... ඔයාගෙ පුක සුදුද?

      Delete
    13. මම මේ බ්ලොග් අඩවියේ ලියන්නේ මගේ විනෝදය වෙනුවෙනි. එහි ලියන්නේ ඔබට ඕනා දේවල් නොව මට ඕනා දේවල්ය. මා කැමති දෙයක් ලියා ඇති විට ඔබත් එයට කැමති උනොත් එය බෝනස් එකකි.

      කතන්දරකාරයා

      Delete
    14. පැන්සොන් ගිය ප්‍රින්සිබෝල්ට හින්දා අදනං කකාට හිට්ස් වදිනවා නියෙමට. කකාගේ හිට්ස් මීටරේ බලං ඉද්දි නගින්නේ. මෙහෙම ගියොත් නං කකාගේ මිලියන දෙකේ ඉලක්කයට යන්න පුළුවන්.

      ඔන්න බලන්න පින්වතුනි කකාගේ වාසනාව. පැරකුම්ගේ බ්ලොග් එක වේලෙනවා .එකේ කොමෙන්ට් එකක් නිසා කකා ගොඩ යනවා.

      හිට්ස් ලාබයි හිට්ස් ලාබයි.

      Delete
    15. මේ ප්‍රින්සිබොල් අර වර්ගපුර්නිකාව ලිව්ව ඩයල් එකමද? ආතල් දෙන්නම උපන් කෙනෙක්.

      Delete
    16. හීනෙන් තමා... පැරා කප් එක ගහන්න තව පොඩ්ඩයි... කකාට තාම ලක්ෂ 19ක් වත් නෑ.... මාස හතරෙන් හොයනවා කිව්වා.... බලමුකෝ.....

      Delete
    17. කකාගෙ තියෙන වෙනස ඒක තමයි.... කතන්දරයක් මවලා හිට්ස් කොමෙන්ට් ගරාගන්න....කාගෙ හරි බෙට්ටක් උනත් ඇති කකාට....... ඒකත් ඉතින් හැකියාව....

      Delete
    18. ahamudhakimu - ඔබ ගුරුවරයෙක් වෙන්න නම් බෑ.. මම මේවගේ සාර්ථක මාකටින් පාරක් කවදාවත් දැකලා නෑ

      Delete
    19. ඉවාන් ඔහු සාර්ථක නම් මේක මේ වගේ දවසෙන් ඉවර වෙන්න දෙන්නේ නැහැ. අනික මෙහි "මාකටින් පාර" ඕලාරික වැඩියි. ඉක්මනින් මාට්ටු වෙන ස්වභාවයෙන් යුක්තයි. ඕනවට වැඩිය ලියන්න ගිහිල්ල ඔහු වැඩේ නරක කර ගත්තා. අපරාදේ.

      සාර්ථක "මාර්කටින් පාරකදී" එයට ලක් වෙන තැනැත්තාට එය තේරෙන්නේ නැහැ. ඔහු හිතන්නේ ඔහු ස්වකිය කැමැත්තෙන් තීරණයක් ගත්තා කියා. අනික ඇනොලට බනින එක , භාෂාව හදන එක ඉස්සර ඉඳන්ම තිබ්බ ජනප්‍රිය වෙන්න කරන කුප්‍රකට මෙතඩ් දෙකක්.

      Delete
    20. @ ahamudhakimu March 11, 2014 at 10:33 AM

      ඔබ වැඩිහිටියෙක් යැයි හඬවන නිසා කාලය ගැන නොසලකා පිළිතුරු දෙන්නම්.

      1. මා වගකිවයුත්තෙකු වන්නේ මගේ බ්ලොගයටය.

      2. වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ වරද සහ නිසි ඉගෙණුමක් නැති අය වේ නම් එයට අධ්‍යාපන සේවයේ නිරතුව සිටි අයද බොහෝ දුරකට වග කිව යුතුය.

      3. මෙහි කුණුහරුප පලවීමට ඉඩ නොදෙමි.

      4. ඔබ කියා ඇති දේවල ඇති විහිළු ස්වභාවය නිසා ඔබ ගැන මට ඇතිවෙන්නේ සැකයකි. වසර 1968 දී පමණ පැන්ෂොන් ගිය මුල්ගුරුවරයෙකු වන මගේ සීයා වුවද මෙවැනි මෝඩ කතා නොකියනු ඇත.

      5. /* ලඟදිම කෙල්ලොත් මේවගේ කුණුහරප ලියාවි. එහෙම වුනොත් නම් ලෝක විනාසයක්. ඊට පෙර මොනව හරි කරන්න වෙයි. */

      ඔබ පුරුෂාධිපත්‍යවාදය නම් මග ගොඩෙහි ලඟින්නෙක් බවද පෙනේ.

      6. /* අපට වැඩිහිටියන් වශයෙන් මේව බලාගෙන ඉන්න බැහැ .ඉන්නෙත් නැහැ. රජය මේ කුණුහරප ලියන්නන් අල්ලා තදින් අච්චු කළ යුතුයැයි මම හිතනවා.මේවා කියන විට අපටත් බනින මොවුන්ට සුදුසු රජකාලේ දඩුවම් හෝ ඉංග්‍රීසි ආන්ඩු කාලෙ හිරකාරයන්ට දුන් දඩුවම් දිය යුතුයි.අවියත් වහරින් නිසරු දේ දොඩන මුන්ට නිදැල්ලේ නම් ඉන්න දෙන්න බැහැ. */

      මේ ලොකු විහිළුවක් නේද කරන්නේ? එසේ නොමැති නම් ඔබට තරමක ආබාධිත තත්වයක් ඇති බව නොසිතා ඉන්නට අමාරුයි.

      Delete
    21. @ ahamudhakimu March 11, 2014 at 3:58 PM

      දරුවෝ මෙය අහන්න.

      පැරකුම් ගේ බ්ලොගයේ මා ලියු දේ මෙතන උපුටා දා ඇත්තේ ඇනෝවෙකි. එය පලවී ඇත්තේ මා මගේ පිළිතුර ලියන්නට අදාල සබැඳිය සොයන අතරතුර දී ය. බ්ලොග් පිටුවක් යාවත්කාලීන වන්නේ එක්කෝ උවමනාවෙන් එසේ කළ විටය, නැතහොත් තමන් කමෙන්ටුවක් දැමූ විටය.

      මේ දෙවෙනි කමෙන්ටුවෙන් සමහර විට ඔබ ඔබ ගැන සත්‍යයක් කියන්නේ දැයි යලිත් හිතෙනවා. එසේනම් ඔබේ අත්දැකීම් ලියා එය සනාථ කර පෙන්වන්න. මේ දක්වා නම් ඔබ පෙන්වා ඇත්තේ ආධුනිකබව අභිබවා ගිය අමනකම් පමණි.

      මා එසේ කියන්නේ ආධුනිකයෙක් නම් කරන්නේ නොදන්නා දෙයක් ගැන මුලින් සොයා බැලීමයි. තමන්ගැන අධි තක්සේරුවකින් ටෝක දෙන්නේ අමනකමටයි.

      අවසාන වශයෙන්කිය යුත්තේ මේ අපි ඉන්නේ සැබෑ ලෝකයේ නොවේ, සයිබර් අවකාශය නම් අතත්‍ය ලෝකයේය. අර සැබෑ ලෝකයේ තියෙන දේවල් ඒ ආකාරයෙන්ම මෙතැනට අදාල නැත. ඒවා ජැකොබියන් ශ්‍රීතය හරහා පරිවර්තනය කර මෙහේට අරන් එන්න. ස්තුතියි.

      ඔබ ඔබේ බ්ලොගයේ රසවත් කතාවක් ලියුවොත එය කියවන්න එන්නම්. එතෙක් ආයුබෝවන්.
      ඔබට ජය පතමි.

      Delete
    22. /* අපට වැඩිහිටියන් වශයෙන් මේව බලාගෙන ඉන්න බැහැ .ඉන්නෙත් නැහැ. රජය මේ කුණුහරප ලියන්නන් අල්ලා තදින් අච්චු කළ යුතුයැයි මම හිතනවා.මේවා කියන විට අපටත් බනින මොවුන්ට සුදුසු රජකාලේ දඩුවම් හෝ ඉංග්‍රීසි ආන්ඩු කාලෙ හිරකාරයන්ට දුන් දඩුවම් දිය යුතුයි.අවියත් වහරින් නිසරු දේ දොඩන මුන්ට නිදැල්ලේ නම් ඉන්න දෙන්න බැහැ. */

      මේ ටික නම් වර්ගපූර්ණිකාවට එහා ගිය පැරඩි එකක් වගේ ....

      Delete
    23. @ ahamudhakimu
      මා බොහෝ කලක් සේවය කළේ දුෂ්කර පාසල් වල.මුල් පත්වීම මොණරාගල දිස්ත්‍රික්කයේ කොටියාගලට. මම යන කොට ඒ ඉස්කෝලෙත් මේ බ්ලොග් වගෙ තමයි.කිසි කමකට නෑ.////

      මෙහෙම කියන්න එපා. මේ මගේ ගම ...ඔබ කවුරු වුණත් දන්නෙ නෑ ප්‍රදේශයේන් ප්‍රදේශයට තියෙන සමාජ් වෙනස .ඔබේ නම් හැකි නම් කියන්න ,අනිවා මං දැන ගන්න පුළුවන් ඔබ කවුද කියලා ..නැත්නම් ඔබට කියන්න ඇත්තෙ ඔබ මගේ ගම දැක නැති නිකන් ගොබියෙක් බවයි .කගෙන් හරි අසා දැන් ගත් බොරු කියන පොරක් බවයි

      Delete
  13. Replies
    1. ඇත්තටම ජැක්පොට් එකක් ඇදුනා වගේ තමා...

      Delete
    2. මේක කියෙව්වහම මට කතාවක් මතක් වුණා.

      කලින්දා හොඳටම බීපු පොරක් පහුවදා උදේ ඇහැරිලා බලපුවහම පොර දැක්කලු කවුරු හරි තමන්ගේ සපත්තු ගලවලා, රෙද්දක් පොරවලා එහෙම තියන බව. ඊට පස්සෙ දැක්කලු නෝට් එකක්... වයිෆ් තියලා ගිය. ඒකෙ තිබ්බලු අද ඔෆිස් යන්න එපා, ඔෆිස් එකට එන්නැති බව දන්වලා තියෙන්නේ. කෑම වහලා තියනවා කන්න, ඔලුවේ කැක්කුම නම් පැනඩෝල් මෙතන තියනවා බොන්න, මහන්සි වෙන්න එපා විවේක ගන්න, කියලා. පොරට දැන් මේක හිතාගන්නවත් බැහැලු. වෙනදා බීගන ආවහම වයිෆ් ගෙදරින් එළවන්නෙ නැති එක විතරලු. කොහොමහරි ඉන්න අතරේ පුතා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවලු.. ඉතිං පොර ශේප් එකේ ඇහුවලු ඊයෙ රෑ මොකද උණේ කියලා. පුතා කිවලු, අහවල් අංකල්ලා දෙන්න ඇවිත් තාත්තාව ඇරලලා ගියා, අම්මට කේන්ති ගිහින් ඒ දෙන්නටත් බැන්නා. තාත්තටත් බැන බැන ඇඳට වත්තන් කරගෙන ඇවිත් සපත්තු එහෙම ගලවලා, කලිසම ගලවන්න යනකොට තාත්තා කෑගහන්න ගත්තා "අනේ මොකුත් කරන්න එපා, මම බැඳපු කෙනෙක්, මට ළමයි දෙන්නෙකුත් ඉන්නවා, මට පාඩුවේ ඉන්න දෙන්න" කියලා.

      Delete
    3. තිසර - මරු කතාව. Thanks.

      අර කැන්ඩිස් සහ ජේසන් තමයි මං ඔය උඩින්ම දාලා තියෙන ෆොටෝ එකෙත් ඉන්නේ!

      Delete
    4. තිසරගේ බ්ලොග් එක අලුත් වෙනවා නම් හොඳයි කියලා හිතෙන්නේ තිසරගේ මෙන්න වගේ සටහන් දැක්කම. ඒත් ඕනෙත් නෑ මොනා වුනත් තිසරගේ කොමන්ට්ස් කතා කියවලත් තිල් එක ඩබල් කරගන්න පුළුවන්.

      Delete
    5. @ Il mondo di una povera pazza

      ඒක ඇත්ත!
      ඔය වගේ කතා කොච්චර ඇහැව්වත් මතකයේ තියා ගැනීම ලොකු දක්‍ෂකමක්!

      Delete
  14. Mrs KK මේ පෝස්ට් කියවනවද? එහෙමනම් මේ පොස්ට් එක ලිවීමේ පරමාර්තය KK ට ජෑක්පොට් එකක් ලබාගෑනීමද? එහෙම නෑත්නම් පෙරලුන හෝ පෙරලෙතෑයි සෑක කරන බාල්දියකින් බේරීම හෝ හානිය අවම කර ගෑනීමද?

    ReplyDelete
    Replies
    1. ඕකට තව K එකක් එකතු උනා නං ගති :)

      Delete
    2. මහේ බැචෙක් හිටියා K7.

      ප්‍රාජේ. Mrs KK කියා කෙනෙක් නැහැ. ඉන්නේ KH = Kathandara Hamine!

      Delete
  15. ලාංකේය බ්ලොග් කලාවෙ දැවැන්තයෙකුගේ පෝස්ටුවකට මා මේ දමන පළමු කොමෙන්ටුවයි. කතන්දර කියවන්න නිතර එනව දැන් මාත්..

    ReplyDelete
    Replies
    1. දැවැන්තයාගේ කොමෙන්ට් තීරුවට ඔබ සාදරයෙන් පිලිගනිමු....

      පෙන්ශන් ගිය පිනෙක් ඇවිල්ලා පොරවෙන්න හදලා..... පුක (පුක යනු කුණුහරුපයක් නොවේ : කකා ) නැතිවෙන්න කාලා ගියා දැක්ක නේද... ඒවා ඔබේ අත් දැකීම් කර ගන්න.... ඔබට දිය හැකි හොඳම අවවාදය එයයි.....

      Delete
    2. Manosh Sandaruwan
      නිකං අවවාදයක් හැටියට කියන්නෙ, ඔය ජාතියෙ කමෙන්ටු වලට තමයි ඇනෝල කැමති. පරෙස්සමින්!

      Delete
    3. මදැයි කලා.. හැබැයි මේ ඇනෝ කියන්න හදපු දේ හරියටම තේරුනේ නම් නෑ.

      Delete
    4. http://kathandara.blogspot.com/2014/03/brownie-points-forever.html?showComment=1394514197147#c5680606508311263028

      Delete
    5. අපේ කතන්දරකාරයා කියන්නේ බොහොම උගත් බුද්ධිමත්, රට රාජ්ජ වල ඇවිදින, හොද රස්සාවක් කරන, හොද පවුල් ජිවිතයක් ගත කරනා කෙනෙක්. ඉතිං කකාව ෆලෝ කරොත් ඔහෙට වරදින එකක් නෑ. හැබැයි කකා සමහරවිට ඔහේව ෆලෝ කරන්න ඉඩ තියෙනවා .එහෙම උනොත් නං පරිස්සමින්.

      තව දෙයක්, බ්ලොග් ලොඑ ඉන්න උන්දලගෙන් පාඨක අදහස් නිසා උඩ ගිහිං,අන්තිමේදී බිම වැටිලා පුක (පුක යනු කුණුහරුපයක් නොවේ- කකා) ඇනගත්තේ නැති අය ඉන්නේ බොහොම ස්වල්පයයි. ඒවායින් මුලටම ඉන්නේ අපේ කකා. කකා දන්නවා හැම දෙයක් ගැනම ලියන්නත්, ඇදගෙන නාන්නේ නැතිව ඉන්නත්.
      ඒ හින්ද කකාට ජයවේවා.
      අනික තමයි සිංහල බ්ලොග් ලියනා ගොඩක් අය කොම්පියුටරේ ඔෆ් කෙරුවම නිකන්ම නිකං කක්කා කෑලි විතරයි. ඒත් කකා එහෙම නෙමෙයි. බ්ලොග් එක තිබ්බත් නැතත් කකා පොරක්.

      ප.ලි- තෙල් බෙහෙත් වෙළෙන්දන්ගෙන්, තමුන්ට හතේ හත වැදී අනුන්ගේ කේන්දර බැලීමට යන කේන්දරකරුවන්ගෙන්, නයට සල්ලි අරං මග හරිනා උදවියගෙන් ප්‍රවේසම් වන්න.

      අනුග්‍රහය- ඕස්ට්‍රේලියානු රජය
      ඔස්ට්‍රේලියාවේ රස්සා නෑ. ඔස්ට්‍රේලියාවේ එන්ඩ එපා .අවොත් තලනවා ඇට. ඇට කිව්වේ කොස් ඇට. කෑමට ගන්නවනේ.

      Delete
    6. මට නම් එහෙම කරන්න සමතෙක් නෑ. පොත් වල මොන නීති තිබුනත් දැනටත් සාමාන්‍ය උපනගරෙක වුනත් ගම්වල තිබෙන ඉස්කෝලවල වේවැල් පාර වරදින්නෙ නෑ. වේවැල් පාර මතක තිබෙනකම් කිසිම ළමයෙක් වැරදි කරන්නෙ නෑ.එහෙමනැතිව ඉස්කෝලයක් පාලනය කරන්නත් බෑ. එහෙම වුනොත් ඉස්කෝලෙටත් රිලව් ඇවිත් විනාස කරාවි.
      බ්ලොග් බලන අයට වියත් වහර කිය දෙන්න මම බලාපොරොත්තු වෙනව.එහෙම කරන්නෙ වරදක් තිබුනොත් කොමෙන්ට් එකකින් පෙන්වා දීමෙන්.
      මමත් ලිපි ලියනව. ඒ ගුරු සේවයේ කතා ,දුම් රියේ රස කතා වගෙ මගෙ අත්දැකීම්.

      Delete
    7. ඇයි බඩුකාරයිගෙන්.... කැමරා.. සුරුට්ටු... බෝතල්... ට්‍රයිපෝඩ් කාරයින්ගෙන්...

      Delete
    8. ඕයි... බොරු පිනෝ..... තමුසෙ මල වදයක් වීගෙන යන්නෙ... තමුසෙ කාලෙන් කාලෙට වෙස් මාරු කරන් ආවට අපිට අඳුරගන්න පුළුවන්.... මේ පිං සිද්ධ වෙයි පව් නොදී ඉන්නවා....

      Delete
    9. ප්‍රින්සිබෝල් සෑර්,
      සෑර්ගේ යට තට්ටේද?

      Delete
    10. @ Manosh Sandaruwan
      මා ඔබේ බ්ලොගයට ගොස් කියවා බැලුවා. මගේ සුභ පැතුම් ඉතිරි ගමනට. මං ඔබේ වයසේදී ඇක්සයිස් පොත්වල තමයි කෙවි, කෙටිකතා ලීවේ. ඒවා කියෙව්තේ මං විතරයි.

      තමන්ගේම දේ අකුරක් හරි ලියන්න උත්සාහ ගන්න. අනුන්ගේ දේවල් කොපි පේස්ට් කිරීමෙන් ප්‍රයෝජනයක් නෑ!

      Delete
    11. Nikam pada show noda innawa halo

      Delete
  16. කකා තමනට එරෙහි වූ පරිසරය හා අනෙකුත් භෞතික දේවල් වලට මුහුණ පාද්දී මිනිසා කරන්නේ කුමක් ද?

    ReplyDelete
    Replies
    1. උගෙන්ම අහන්නේ නැත්තේ ඇයි?
      ඌ මොනවා කරයිද කියලා හොඳටම දන්නේ ඌම තමයි!

      Delete
    2. කකා.... මාක්ස් නොදකින, ‘අපේ දැක්ම’ නොදකින, සත්‍යය මිනිස් ස්වභාවය කුමක් ද?

      Delete
  17. කතන්දර ඔබ දැක්කද අතුරුදහන් උන ගුවන් යානයේ මගී ලැයිස්තුව. එකේ අවුරුදු 3,4 වගේ කුඩා ළමයිත් ඉදලා. ඒ අයට කරදයක් නොවී ඇති කියලා මම හිතනවා.

    දන ඔය ප්ලේන් එකේ හිටපු අය නැවත හම්බවුනොත් (මම ප්‍රර්ථනා කරනවා ඒ අයට් කිසිම කරදරයක් වෙන්න එපා කියලා,හදවතින්ම) මේ කකාගේ කතාවේ තියෙනවා වගේ වෙයි නේද? එයාලගේ පවුලේ උදවියට් ලොතරැයියක් නොවේ ලොතරැයි කිහිපයක්ම ඇදුනා වගේ හිතෙයි. මුදලින් මනින්න බැහැනේ මනුෂ්‍යත්වය.

    ReplyDelete
    Replies
    1. මෙවැනි සිද්ධියක් ගැන දැඩි දුකක් ඇතිවෙනවා මතයි, නමුත් එක් දිනකට මීට වඩා වැඩි පිරිසක් අසරණ ලෙස මිය යනවා, මරා දානවා. නමුත් ඔවුන් ගැන ප්‍රවෘත්තිවල යන්නේ නැති නිසා අපට දුකක් එන්නේ නෑ.

      Delete
    2. කකා , අපි මෙහෙම ලිව්වොත් ඒක "සංවේදී නොවෙන, අමානුෂික , මිලේච්ච " , දරුවන් සිටින දෙමාපියන් විසින් නොකළ යුතු ප්‍රකාශයක් වගේ පෙනේවිද ?

      බාලචන්ද්‍රන් ඝාතනය වගේ සිද්ධියක් ගැන දැඩි දුකක් ඇතිවෙනවා තමයි , නමුත් එක් දිනකට මීට වඩා වැඩි පිරිසක් අසරණ ලෙස මිය යනවා, මරා දානවා. නමුත් ඔවුන් ගැන ප්‍රවෘත්තිවල යන්නේ නැති නිසා අපට දුකක් එන්නේ නෑ.

      :P

      Delete
    3. @ මහසොහොන්
      මා දන්නා තරමින් අපට අසන්නට හෝ දකින්නට නොලැබෙන "සිදු නොවිය යුතු ආකාරයේ" දේ ගැන අපට දුකක් ඇතිවෙන්නේ නෑ.

      දුකක් හෝ සතුටක් ඇතිවෙන්නේ සිතේ නේ. එනිසා එය ඇසෙන්, කණෙන් දැනේන ඕනෑ.

      එයින් පරිබාහිරව දුකක් (හෝ ඒ වැනිසිතුවිල්ලක්) දැනී/ඇතිවී ක්‍රියා කළා යැයි මා අසා තියෙන්නේ දෙදෙනෙක් ගැන පමණයි.

      1. බුදු හාමුදුරුවෝ - දිවැසින් දැක සෝපාක ලා, සුනීත ලා බේරා ගන්නට යැම

      2. සක් දෙවියෝ - පඬුපුල් අසුන උණු වීම නිසා රෙස්කියු මිෂන් ඇරඹීම

      සමහර විට මට හිතෙනවා රෝහලක වැඩ කරන කෙනෙකුට හෝ මෝචරියක වැඩ කරන කෙනෙකුට මරණය කියන දේ ඇසින් දුටුවත් එතරම් දුක් ඇති නොවන්න ඉඩ තියෙනවාය කියලා.

      Delete
  18. පොස්ට් එකට දාන්න හිටිය කොමෙන්ට් එක අමතක උනා දාලා තියෙන කොමෙන්ට් ටික කියෙව්වට පස්සේ ආයෙත් පොස්ට් එක කියවලා එන්නම්

    ReplyDelete
    Replies
    1. මැලේ රාල, ප්ලේන් එක අතුරුදහන් වීම ගැන ඔය රටේ කතාබහ වෙනවාද? පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද? ගොඩක් අය මේ සිද්ධිය සම්බන්ධයෙන් මැලේසියාවේ හැසිරීම දැඩි විවේචනයට ලක්කරනවා.
      ඔබත් ඒවා දකින්න ඇති මම හිතන්නේ.

      ඔය රටේ මේ සිද්ධිය ගැන මාධ්‍යය/දේශපාලන උණුසුම ගැන පොඩි විස්තරයක් දමන්න.(ඔ‍බට කාල වෙලාව තිබේනම්)

      -ඉර්ෂාඩ්

      Delete
  19. @ All - who are intersted:
    "අහමු දකිමු" ආ ගිය තැනක් හමුවුණා!
    http://nihadathavaya.blogspot.com/2014/02/blog-post_6.html

    ReplyDelete
    Replies
    1. "අහමු දකිමු අය්යේ" කියල කිව්වම මොනවද උනා කියල ඊයෙ කමෙන්ට් කරල තිබුනෙ ඔය "නංගී" ගැන තමයි.

      Delete
    2. http://www.w3lanka.com/2014/03/blog-post_10.html?showComment=1394511765263#c4195970625069563116
      //මොකද මම සිංහල ගුරුවරයෙක්...//
      // සිංහල භාෂාව නම් හොඳටම පුළුවන්. //

      http://kathandara.blogspot.com.au/2014/03/brownie-points-forever.html?showComment=1394534234266#c5792201927919489126
      //බ්ලොග් බලන අයට වියත් වහර කිය දෙන්න මම බලාපොරොත්තු වෙනව.//

      http://pabagedinapotha.blogspot.com.au/2014/01/blog-post_31.html?showComment=1391876312925#c7896845999432344459
      //අම්මෝ මට තේරෙන්නෙ නැති වචන ගොඩාරියයි. //

      Delete
    3. අහමුදකිමු යනු A.S.N. Hewage ගේ අවතාරයක්දැයි සැක සිතේ!

      Delete
    4. අහමු දකිමු කියල එන්නෙ තිසර

      Delete
    5. නෑ එක්කො සයිලන්ට් සහන් නැත්නම් ඉන්දික උපශාන්ත

      Delete
    6. ඇයි අර නීල හොරා අභීත එදිරිසිංහ වෙන්න බැරිද?

      Delete
    7. තිසර @ තමුන් මොන මෝඩයෙක්ද? මම සිංහල ගුරුවරයෙක් හා විදුහල්පතිවරයෙක් වූ පමනින් සිංහල බාෂාවෙ වචන ඔක්කොම දන්නවද? කිසිම කෙනෙකුට එහෙම ඉගෙන ගන්න පුළුවන්ද? තමුසෙ මහ ගොන් කතා ටයිප් කරන කෙනෙක් වගෙ මට පේන්නෙ

      Delete
    8. @ ahamudakimu
      තමන් කොච්චර උගතෙකු වුනත් "අහමුදකිමු අයියාට" චූටි නංගියා කෙනෙකුගේ ලියවිල්ලක වචන දකින විට ටිකක් හුරතල් වෙන්නට හිතෙන බවයි තිසර ගේ කමෙන්ටුවෙන් මට වැටහුණේ.

      එය එක්කෝඔබ නවක නිසා ඔබට වැටහී නෑ.

      නැතිනම්, එය ඔබට වටහාගන්නට අවශ්‍යතාවයක් නෑ.

      Delete
  20. මුල් ගුරුතුමා වෙත,

    ඔබතුමා රිලවුන්ව කෝ‍ටුමස් කර.උන්ට සිංහල උගන්වන්න යන බව ආරංචියි. ඒත් මට නං කියන්න තියෙන්නේ " ඌරන්ට මොන සෞඛ්‍යයද? රිලවුන්ට මොන ව්‍යාකරණද?" කියල තමයි. මට නං රිලවා කිව්වට ගාණක් නෑ. මොකද අපි පැවත එන්නේ වඳුරන්හෙන් නිසා. සෑර් මේ වැඩකට නැති රිළා කතා නවත්තලා, අර ලියනවයි කිව්ව ගුරු සේවයේ රස කතා ලියනව නං, අම්මපා ගහල පෙන්නනව බඩ පිනුමක් :)

    සෑර් මේ බ්ලොග් ලෝකෙට අලුත් හින්දයි කියන්නෙ. බාහිර ලෝකෙ තියෙන සමාජ් තත්ත්ව, දරපු/ දරන තානාන්තර මේකට අදාල නෑ. මේකෙ ඉන්නෙ " ලියන්නොයි, කියවන්නොයි" විතරයි ( © ඕනයා). ඉස්සෙල්ලම ඒක තේරුං ගන්න බලන්න. ගෞරවය කියන්නෙ උපයාගන්න ඕනෙ දෙයක්. ලියන ලිපිවල අන්තර්ගතය, කියවන්නන්ට පිළිතුරු දෙන ආකාරය/ මධ්‍යස්ථභාවය වගේ සාධක තමයි ඒකට බලපාන්නෙ. නිර්මාණශීලි උත්ප්‍රහාසය අගේ කලත්, අපහාසයට නං තැනක් නෑ.

    විවේක තියෙන වෙලාවට මහසෝනගෙ දසපනත කියවලා බලන්න.

    සෑර්ට බයවෙන්න කාරියක් නෑ. රොකට් ලෝන්චර් "බම්බුව" පස්චාත් බාගෙ බැඳගෙන සිටින අපේ "‍රැම්බෝ" තුමා ඉන්නවනෙ සපෝට් එකට. අනේ මන්දා සෑර්, රට්‍ටු නං එක එක කතා කියනව. මේකත් අර "පාතාලය" සුද්ද කිරිල්ල වගේ " සිලෙක්ටිව් එලිමිනේෂන්" එකක් කියලා. දැං බලාන්ට, 'ආනමාලු නව්ෆර්ට, වම්බොට්ටට, මාමිස්මිට" දුන්නා බැස්ටිය. ඒත් ඔය යස අගේට තියෙන්නෙ පාතාලය. මාත් ඉතින් රිලවෙක් හින්දා , මේ කතා වැඩිය ගණන්ගන්න එපා.

    ReplyDelete
  21. නිකං හම්බ වෙන වාතය ගැන මගේ අත්දැකීම ඊ මේල් එකකින් එවන්නම්.

    ReplyDelete
    Replies
    1. මාර අත්දැකීමක් නේ! ඇති ඔයින් ගියා. මං ඒක පල කරන්නම්?

      Delete
  22. ජැක් පොට් එක ඇදිලා තියෙන්නෙ කකාට වගේ.... හිට්ස් ගොඩායි... කොමෙන්ට් ගොඩායි....

    ඒක නෙවෙයි කකා... මම උඩින් අහපු පුරස්නෙට... උත්තර නැත්තෙ ඇයි..... මිලියන දෙක කරා යන ඔබේ ගමන... මාස 5කින් ගොඩදාගන්න ඔබේ සිම්පල් ප්ලෑන් එක මොකක්ද......

    ReplyDelete
    Replies
    1. ඔබ වැරදියි. හිට්ස් ප්‍රමාණය මගේ පර්ෆෝමන්ස් ඉන්ඩිකේටරයක් ලෙස මා සලකන්නේ නෑ, එනිසා මා එවැනි ඉලක්කයක් ගැන සිතන්නේ නෑ.

      මගේ KPI එක වෙන්නේ පලකරන කතන්දර සංඛ්‍යාවයි. එනිසා මගේ target එක ලෙස මා හඳුණාගෙන ඇත්තේ කතන්දර 1,000ක් පල කිරීමයි.

      Delete
    2. 123 වැනි කොමෙන්ටුව

      මෙහි කොමෙන්ට් කර ඇත්තේ 20 දෙනෙකි.එහෙත් කොමෙන්ට් 122 ක් ලැබී ඇත. ඇනෝ කොමෙන්ට් කවුරු දමනවාදැයි දන්න කෙනෙක් නැත. මෙය හරි අපූරු වැඩකි. මාර සෙල්ලමකි.එම 20 දෙනාද ඇනෝ නොවුනත් වැඩි හරියක් සැඟවී සිටිති.

      Delete
    3. මම එය ඔබේ ටාගට් එකක් කියුවෙ නෑ... මම මීට කලින් පෝස්ට් එකක අහපු ප්‍රශ්නෙකට ඔබ දීපු උත්තරේ තමා ඔය මාස පහේ කතාව..... අනෙක හිට්ස් ඔබ ගනන් ගන්නෙ නැති වුනාට අනිත් අය ඔබේ හිට්ස් ගැන වොරි වෙනවා.....

      Delete
    4. මා එලෙස කීවා යැයි මගේ මතකයේ නැති එකෙන්ම මටම නැවත තේරුණා එය නොවැදගත් දෙයක් බව.

      සමහර විට මං සරල කැල්කියුලේෂන් එකක් කරලා උත්තර දෙන්න ඇති.

      එවැන්නක් අද කළොත්

      අදවන විට ඇති හිට්ස් සංඛ්‍යාව = 1,868,000
      ඔබේ ඉලක්කය = 2,000,000
      ඉලක්කයට දුර = 132,000
      දවසකට ලැබනෙ හිට්ස් සංඛ්‍යාව 1,000 යැයි සිතමු.
      ඉලක්කටය දුර = දින 132 = මාස 4.4 යි

      සතුටුද?

      මටනම් සතුටක් දැනුණා!

      Delete
    5. හරිම සතුටුයි...... කකා මිලියන දෙක ගන්නකොට ඇනෝලා වෙන අපිට දැනෙන හැඟීම නිකන් කැම්පස් යන දවසෙ දෙමව්පියන්ට පුතෙක් ගැන ඇතිවෙන ආඩම්බරය වගෙයි.....

      මොකද මේ තැනට එන්න කකාට ලොකුම සහයෝගෙ දුන්නෙ අපි....

      Delete
    6. /* මොකද මේ තැනට එන්න කකාට ලොකුම සහයෝගෙ දුන්නෙ අපි */

      ඔව් මං මගේ කතන්දර 1,000 දක්වා යන ගමනේ දී ඇනෝලා ගැනත් කතන්දර කීපයක්ම ලියලා තියෙනවා! ඒ ගැන ඔබටත් ස්තුතියි.

      Delete
  23. කළුවරේ ගල්ගැසූ අමුත්තා (ගුරු සේවයේ කතා )

    http://ahamudhakimu.wordpress.com/

    ReplyDelete
  24. ආදර්ශය:
    කිසියම් සැත්කමකට නිර්වින්දනය කරනු ලබන්නේ නම් සිහිය එන විට බිරිඳ එහි නොසිටියයුතු බවට පලමුව සහතික විය යුතුය.. නැත්නම් කිල්ලෝටවල හුණු එලියේ!

    ReplyDelete
    Replies
    1. හැබැයි සරත් මෙතන දී පොරට තමන් බැඳලාය කියලාත් මතක තිබිලා නෑ නේ! පොරත් තාම කොල්ලා වගේ නිසා අවුලක් නෑ. හැබැයි අපේ වයසේ නම් තමයි අවුල!

      Delete
  25. අද උදේ මගේ පුතා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා රුපියල් 1500 ක් ඉල්ලුවා කකා ටියුෂන් එකට කියලා. මගේ පඩි ගන්න තව සතියක් විතර තියෙන නිසා මගේ අතේ සල්ලි තිබුනේ නෑ කකා. බස් එකට විතරක් පොඩි ගානක් තිබුනේ. මම කිව්වා පුතේ මගේ ගාව දැන් සල්ලි නෑ.මම පඩි ගත්තම දෙන්නං කියලා.හදිසිම නං මම ඔෆිස් එකේ යාළුවෙක්ගෙන් ඉල්ලලා දෙන්නම් කිව්වා. ඒ පාර පුතා කිව්වා එකපාරටම 'ළමයි හැදුවා නං වියදම් කරන්නත් දැනගන්න ඕනි, හැමදාම හිඟමනේ' කියලා මට බැන්නා.

    මට හරි හිතට අමාරුයි. ඇයි මේ ළමයිට අපි විඳින දුක තේරෙන්නේ නැත්තේ. කකාට කියන්න මම සෙරෙප්පු,සපත්තු දෙකක්, ඇඳුමක් ගන්නේ සැහෙන කාලෙකින්.

    ReplyDelete
    Replies
    1. මීමුරේ රස්සාවකට යන්න කැමතිද?

      Delete
    2. මීමුරේ ගියොත් පුකත් නැතිව එන්න වෙන්නේ.

      (පුක යනු කුණුහරුපයක් නොවේ- කකා)

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  26. කකා ...ඔයාගේ ලිපිය නම් හරිම රසවත්. ඒ වගේම හරිම ගැඹුරුයි. මම දැක්ක උගත් බුද්ධිමත්ම හරවත්ම සංවාදය දැක්කේ ඔයාගේ මේ බ්ලොග් ලිපි මාලාව හරහා බව පවසන්නේ ඔයාව අනවශ්‍ය විදිහට මුරුංගා අත්තේ තියන්න නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. හා, මචං!
      (චෙක් ඉස් ඉන් ද මේල්)

      Delete
    2. එහෙනම්
      - මම පැරා

      Delete
  27. ඔටුවටත් ඔටුෙදනව කොයි විදිහට පෙනෙන්න ගනියිද කියලයි කල්පනා කරමින් ඉන්නේ...

    ReplyDelete
  28. ඒ අසරණ මනුස්සයගේ ඔළුව වැදි කොහෙ ද? ඒකයි ඔය.... :D

    ReplyDelete
  29. කකා ලියපු පෝස්ට් එක සහමුළින්ම අමතක වුනා මේ කමෙන්ට්ස් කියවගෙන එනකොට. මරු ඇනෝ සෙට් එකක් අදනම් බැහැලා ඉන්නේ. මුන් කියන කතා පිස්සු හැදෙනවා. අර ප්ලේන් ක්‍රෑෂ් එක ගැන අහන ඇනෝ නම් පට්ට බුවෙක්. ඇනෝලා දිනේවා!!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.