Sunday 23 February 2014

චන්ද්‍රිකා කුමාරණතුංග ගේ තාත්තා හෙවත් බණ්ඩාරණායක ගැන අනුර පුතා කියූ කතාවක්! - "What-if" analysis


මං මේ කියන්න යන කතන්දරේ පත්තරේක තිබීලා කියෙව්වේ දැන් අවුරුදු දහයකට පාළහකට විතර ඉස්සර කාලෙක.

මේ ලඟදී මේ ගැන ආපහු සිහියට ආවේ මතුගම හිටපු මන්ත්‍රී කෙනෙක් සහ ඇමති කෙනෙක් වෙන කන්නංගර ගැන W3Lanka එකේ පැරා ලියපු ලිපිය නිසායි.

ඇස් ඩබලිව් ආර් ඩී බණ්ඩාරණායක කියන්නේ ලංකාවේ හතරවෙනි අගමැතිවරයායි. පොර ගේ සම්පුර්ණ නම සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක. ඉපදිලා තියෙන්නේ 1899 දී. දේශපාලන පලිගැනීමකට වෙඩි තියලා මරලා දාලා තියෙන්නෙ 1959 දී යි.

බණ්ඩාරණායක ලා කියන්නේ ලංකාවේ ලිඛිත ඉතිහාසයක් තියෙන පරම්පරා කීපයෙන් එක් නඩයක්. මේ පරම්පරාවේ පරණම සීයා වෙන "නීලප්පෙරුමාල්" ලංකාවට ඇවිල්ලා තියෙන්නේ දාසයවෙනි සියවසේ දී නවගමුවේ දේවාලේ කපුවා ගේ වේකන්සියටයි. පස්සේ ඉතිං ලාංකික නම් අරගෙන, ක්‍රිස්තියානි ආගම වැලඳගෙන, "සිරිලංකාකාරයෝ" වුණා!

විසිවන සියවස වෙනකොට සුද්දා ගේ ආණ්ඩුවේ හිටිය ඉහලම දේශීය පුද්ගලයා මේ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. ගේ තාත්තා ලු.

එංගලන්තේ ඉගෙන ගෙන බැරිස්ටර් කෙනෙක් විදියට ලංකාවට ගොඩ බැස්ස බණ්ඩාරණායක මුලින්ම පොලිටික්ස්වලට බැහැලා තියෙන්නේ කොළඹ නගර සභාවට චන්දේ ඉල්ලලායි. ඊට පස්සේ ඒ දවස්වල තිබුණු සුද්දා ගේ පාර්ලිමේන්තුවට (රාජ්‍ය සභාව) පත්වෙලා ඇමතිකම් හෙම කරලා ඊටත් පස්සේ 1947 පිහිටවපු යුඇම්පී ආණ්ඩුවේත් ඇමතිකමක් කරලා තියෙනවා.

සිරිලංකා එක හදාගෙන ආණ්ඩුවෙන් 1951 දී අයින්වුණු බණ්ඩාරණායක, 1952 ඡන්දෙන් පාඩම් ඉගෙන ගෙන 1956 ඡන්දෙදී ලෙෆ්ට් එකත් එක්ක නෝ-කොන්ටෙස්ට් සම්මුති ගහලා යුඇම්පීය ආසන අටට බස්සලා ලංකාවේ අගමැති වුණා.

බණ්ඩාරණායක අගමැති වුණු ආණ්ඩුවෙන් ලංකාවේ කරපු වෙනස්කම් බොහොමයි. අපිට ලාංකීයත්වයක් ඇතිවුණේ ඒ සමහර දේවල් නිසාය කියන එකයි මගේ අදහස. ඒ වුණාට විවිධ බලපෑම් ඒවා හරියට ක්‍රියාත්මක වෙලා නෑ. කොහොමටත් අගමැති වෙලා අවුරුදු තුනකින්ම පොරව ඒ සිස්ටම් එක විසින්ම අයින් කරලා දැම්මා නේ!

බණ්ඩාරණායක ගේ කාලේ ලංකාවේ ජාතිවාදී ප්‍රශ්නය ඇවිලුණා.

සුනිල් ආරිරත්න හදපු, ගාමිණී ෆොන්සේකා රඟපාපු, "සරුංගලය" කියන චිත්‍රපටියේ එන ජාතිවාදී කෝලාහල කොළඹ ඇති වුණේ ඒ කාලේ.

ඒකට ආසන්නම හේතුව වාහනවලට ශ්‍රී අකුර දාපු එකයි ලු. හැබැයි පස්සේ කාලේ ප්‍රේමදාස ඇල්ටීටී එක්ක කොලඹ සාම සාකච්ඡා කරලා වාහන අංකවල ට ඩෑෂ් එක දානකම්ම ඒ ශ්‍රී අකුර එහෙමම තිබුණා.

මං හිතන්නේ තාමත් ගමේ ගොඩේ ඇති ඒ ශ්‍රී අකුර තියෙන වාහන!

ඔය හේතුව හින්දා ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය ගැන කතා කෙරෙන තැන්වල දී බණ්ඩාරණායක ගැන සඳහන් වෙන එක ඒ දවස්වල නිතරම සිදුවුණා.

ඉතිං මං මුලින්ම සඳහන් කරපු පුවත්පත් සාකච්චාවේ දී, පත්තරෙන් අනුර බණ්ඩාරණායකව ඉන්ටර්වීව් කරන්න ගිය ජර්නලිස්ට්කාරයා පොරගෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්.

"ඔබේ පියා, ඇස් ඩබලිව් ආර් ඩී බණ්ඩාරණායක මහතා අද ජීවත් වෙලා හිටියා නම්, ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණය ගැන මොන විදියේ අදහසක් දරයිද?"

ඔය ජේආර්පී සූරියප්පෙරුමාල් කියන දේශපාලකයා හුඟක් ඉස්සට ඉඳලා තියෙන්නේ යූඇම්පී එකේ. කොටින්ම පොර 1977 චන්දේ දී සිරිමා බණ්ඩාරණායක අත්තගල්ල සීට් එකේ යූඇම්පී අපේක්‍ෂකයා ලු. මං අහලා තියෙන විදියට සුරියප්පෙරුමාල්කාරයා ඒ දවස්වල අනුර බණ්ඩාරනායක ගේ නම අර්ථ දක්වලා තියෙන්නේ අඥාණ නූගත් රදලයා කියලයි!

හැබැයි ජර්නලිස්ට්කාරයා ගේ ප්‍රශ්නයට අ.නූ.ර. දිලා තිබ්බ උත්තරේ මෙන්න මෙහෙමයි.

"මගේ පියා ඇස් ඩබලිව් ආර් ඩී බණ්ඩාරණායක මහතා අද ජීවතුන් අතර සිටියා නම් එතුමා ජනවාර්ගික ප්‍රශ්නය ගැණ කිසිදු අදහසක් නොදරන බව මට කියන්න පුළුවනි. මොකද අද ජීවත්ව හිටියා නම් එතුමාට වයස අවුරුදු 105ක් පමණ වෙනවා, මං හිතන්නේ නෑම එතරම් වයසක කෙනෙක් මේ දේශපාලන කාරණා ගැණ අදහස් දක්වමින් වාද විවාද කරාවිය කියලා!"

මොනවා කරන්නද? කට උත්තර නෑනේ?

අපේ ජර්නලිස්ට්කාරයා ඊලඟ ප්‍රශ්නට ගිහින් තියෙනවා.

-කතන්දරකාරයා

ප/ලි:
බණ්ඩාරණායක ගැන කියවෙන කොට ඊලඟට සඳහන් වෙන දේ තමයි 1956 රාජ්‍ය භාෂා පනත. ඒ ගැන මගේ අදහස වෙන දවසක, රාජ්‍ය භාෂා පනතේ ශත සංවත්සරය දා වගේ දවසක, ලියන්නම්.

(image: http://press.anu.edu.au/anzsog/dep_secs/mobile_devices/ch10.html)

66 comments:

  1. හොදයි ලිව්ව එක එයාලගෙ පම්පෝරිය දන්නේ නැති මම වගේ අයට දැනගන්න.
    ස්තුතියි ඔබට.

    ReplyDelete
  2. බණ්ඩාරනායක Snr : ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයක් තියෙනවද ?? මට මතක නැහැ නේ !!

    ReplyDelete
  3. අනුරට කකා, මේ වගේ ප්‍රශ්න අහන එකාට කට උත්තර නැතිවෙන්න, සිතන්නේ නැතිව පිළිතුරු දීමේ පුදුම දක්ෂතාවයක් තිබුනා. නමුත් දේශපාලනයේ දුර දක්නා බව නම් පිහිටලා තිබුනෙම නැතුවා වගේ.

    ඔය කෙන්ජි, බණ්ඩාරනායකලගේ පැටිකිරියට උඩ පැන්නට, එයාල දොහොත් මුදුන් තියා වඳින අනික් "ප්‍රභූ" කල්ලතෝනින්ගේ පැටිකිරියත් මේ වගේම කියන එක අමතක කරනවා. ඒ වගේම තමයි, ඔය සුද්දා ලංකාව දාල යන කොට අපේ "ප්‍රභූ පැලැන්තිය" කියල හිටියේ සුද්දට කත් අදින ගමන් සාමාන්‍ය ජනතාව හුරාකාපු පිරිසක්. මෙයාල ඇත්තම සාමාන්‍ය ජනයා ගැන දක්වපු ආකල්පත්, ඔවුන්ට ඇත්තටම (තිරයෙන් පිටුපස) සලකපු ආකාරයත් සමහර තැන්වල ලියවී තියනවා.

    ReplyDelete
    Replies
    1. කවුද දන්නෙ නැහැ ඔබ කියන....>> අනික් "ප්‍රභූ" කල්ලතෝනින්ගේ පැටිකිරියත් මේ වගේම කියන එක අමතක කරනවා. <<
      කියන අය ලොකු අයියෙ ....
      B ල උගන්නපු දන්නා සිංහලෙන් කොටන්න කාටත් කියවන්න පුළුවන් විදියට...

      Delete
    2. රයිගම්... ඌරන් සමග සටනට ගියවිට තමන්ගේ ඇඟේද ගූ ගෑවෙයි....... ඔබට කබර හමක් ඇත්නම් එය ප්‍රශ්නයක් නැතත්.... ඌරන් සමග නොගැටී සිංහයන් සේ සීටීම මැනවැයි මට සිතේ......

      කෙන්ජි යනු අධ්‍යාපනයට වෛරකරනා නූගත් ඌරෙකි.....

      Delete
    3. එල මචන්...thanks මම ලයික්ම කෑමෙ නම කිව්වට...

      Delete
  4. කොහොමත් මං වාචාල කමට කියපු දෙයින් කතිකාවතක් ගොඩ නැගීම ගැන සතුටු වනව.
    ලොකු අයියල දෙන්නගෙ ලිපි වලින් මම නොදන්න කරුනු රාශියක් දැන ගන්න ලැබුන.
    දැනගත්ත වුනාට...... එක්කො ඕනෙ නැහැ ...
    ඔබ දෙපලට ස්තුතියි...

    ReplyDelete
  5. "1956 රාජ්‍ය භාෂා පනත. ඒ ගැන මගේ අදහස වෙන දවසක, රාජ්‍ය භාෂා පනතේ ශත සංවත්සරය දා වගේ දවසක, ලියන්නම්."
    ඒ කියන්නේ 2056 දීද ලිපිය ලියන්නේ

    ReplyDelete
    Replies
    1. අනුරගෙ තාත්තා ජාතිවාදී ගැටළුව ගැන අදහස් දැක්වූ හැටි අනුර කියපු විදිහටම කකාටත් ලියන්න පුළුවන් වේවි 2056දි.

      Delete
  6. අද දේශපාලනයේ බණ්ඩාරනායකලා නෑ නේද? මම කිව්වේ කෙලින්ම s.w.r.d. ට සම්බන්ධ බණ්ඩාරනායකලා .. අනුර පව්

    ReplyDelete
  7. අනුර විෂය ගණනාවක් ගැන පිරිපුන් දැනුමකින් යුතු පත පොත කියවන ඉතා හොඳ රස කාමියෙක්. අවාසනාවන්ත දේශපාලකයෙක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...අනුරගෙ පළමු විෂය ගැනත් මම කියන්නම් ලොකු අයියල ට දැනගන්න..

      Delete
    2. කියන්නකො කෙන්ජි මාමේ

      Delete
    3. සමහර දේශපාලකයින් හරිම ශූරයි තමන් ගැන මහා ලොකු බොරු ප්‍රචාර පතුරවන්න. අනුර බණ්ඩාරනායක හොඳට කියැවූ කෙනෙක්, චම්පික රණවක උගතෙක්, උදය ගම්මන්පිළ අවංකයි, මිලින්ද මොරගොඩ දක්ෂ පරිපාලකයෙක්, ඩලස් අලහප්පෙරුම ජනතාවගේ දුක දන්නා කෙනෙක්, රනිල් වික්‍රමසිංහගේ පවුල් වාදයක් නැහැ, රෝහණ විජේවීර භාෂා හයක් දැන හිටියා, ලයනල් බෝපගේ න්‍යෂ්ටික ඉංජිනේරුවෙක් වගේ. ඔක්කෝම පට්ටපල් බොරු. මුනුත් අනෙක් එවුන් වගේම තමයි. හැබැයි ඒක නොදන්න මැට්ටන්ට නම් ඒවා ඇත්ත.

      Delete
    4. අනුර බණ්ඩාරනායක කියැවූ කෙනෙක් වත් උගතෙක් වත් නෙවෙයි. රදළ මෝඩයෙක්. හැබැයි ඌට කතා ලියලා දීපු මිනිස්සු නම් බොහෝ ඇසූ පිරූ තැන් ඇති උගත් මිනිස්සු.

      Delete
    5. @ AnonymousFebruary 24, 2014 at 8:18 AM
      100% එකගයි මචන් ...

      Delete
    6. මම අහලා තියෙන්නේ අනුර බන්ඩාරනායක නිතර පොත පත කියවූ කෙනෙක් කියලා. මට මේ බව කිව්වේ අමරබන්ධු රූපසිංහ නැමති සිරිමාවෝ බන්ඩාරනායකගේ බොහෝමයක් විදේශීය සංචාරවල මාධ්‍ය කටයුතු ආවරනය කෙරූ ප්‍රවීණ මාධ්‍යවේදියා. බංඩාරනායක පවුලේ දරුවන් කියවීමට බොහෝ ඇල්මක් දැක්වූ බවත් ඔහු කියා තිබෙනවා.

      පසුකාලීනව විජය කුමාරනතුංගට කියවීම සඳහා යොමු කලේ චන්ද්‍රිකා බවත් ඔහු මට කියා තිබෙනවා.

      අනුර මැට්ටෙක් නෙමෙයි. රෝන්ග් ප්ලේස්...රෝන්ග් ටයිම් වර්ගයේ බුවෙක් මම හිතන්නේ.

      Delete
  8. @M. Conteur,

    Vous lancer en politique?

    ReplyDelete
  9. එතකොට ඔය කියන "ලිඛිත ඉතිහාසය" සහිත පවුල් ගැන http://www.rootsweb.ancestry.com/ එකෙන් හොයාගන්න පුළුවන් වගේ. ඒත් ඇයි හොයන්නෙ? විශේෂ හේතුවක් නැත්නම්, එහෙම හොයන එකත් "ජාතිවාදී" වැඩක් නේද?

    ලිඛිත ඉතිහාසය නැති හැම එකාම බෞද්ධ රාවණාගෙන් පැවතගෙන එන එවුන්ද?

    ReplyDelete
  10. හ්ම් කිරුල අහිමි වූ රාජ කුමාරයෙක්

    ReplyDelete
  11. මට ලොකුම අභියෝගය එල්ල වූයේ බණ්ඩාරනායකලාගෙනි. මේකුන් නම් මාව කන්ටම උපන් ජාතියකි. හොඳ වෙලාවට දෙවියන් වහන්සේ කිසිම කෙනකු හෝ පවුලක් සර්ව සම්පූර්ණ නොකරන්නේය. ධනය, බලය ආදී අනෙක් සියළුම දේවල් වලින් අඩුවක් නැතිව මවා තිබුණද, දෙවියන් වහන්සේ බණ්ඩාරනායකලාට (හා රත්වත්තෙලාට) දුන්නේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා කුඩා මොළයකි. මේ නිසා මුං හැරෙණ කොට එන්නේ කොයි පොල් පැළේ කන්ට දැයි මට හිතා ගන්ට පුළුවන් විය.

    මුලින්ම මා සෙට් වුණේ ‘ඔටුන්න හිමි කුමාරයා’ එක්කය. ඌ නම් අම්බ ගොනෙකි. මේකාගේ ගොන් කං ගැන අමාරුවකින් තොරව වෙළුම් දොළහක පොතක් ලිවිය හැකිය.

    චිත්තරපටි කිහිපයක කොල්ලාගේ චරිතය රඟපා නමක් දිනාගෙන සිටි, රතු පොත්තත්, ක්‍රේල් කොණ්ඩයත් ඇරුණාම වෙන මෙලෝ මළ දානයක් නැති විජේ මල්ලීව පක්ෂයට ගෙන ‘මිනිහෙක්’ කරලා ගත්තේ ඔටුන්න හිමි කුමාරයාය. ඒ පෞද්ගලික උදව් වලට හිලව් වශයෙනි. විජේ මල්ලී කළ පෞද්ගලික උදව්ව කුමාරයාට ටෙම්පරරි බඩු සෙට් කර දෙන එකය. වෙනත් වචනයකින් කිව්වොත් පිම්පිකමය. එහෙව් විජේ මල්ලී අන්තිමේදී කුමාරයාගේ අක්කාටම සෙට් විය. නිකං සෙට් වුණා නොව පවුල් දෙක අතර වූ පන්ති පරතරය (ධනහිමි පන්තියට එරෙහිව නිර්ධන පන්තිය); ආගම් පරතරය (බෞද්ධාගමට එරෙහිව කතෝලික ආගම); කුල පරතරය (ගොවිගම රදළ කුලයට එරෙහිව දුරාව) ආදී සියළු බාධක මැද බැඳ ගත්තේය. අනේ දෙවියනේ මට වුණු වියෝයා – අක්කව මගේ පිම්පියා ගෙන ගියෝයා! දැන් ඉතින් කුමාරයා වහ කාපිය!

    විජේ මල්ලීත් අක්කව බැඳගෙන නිකං හිටියේ නැත. ඉත්තෑවාගේ ගෙදරට වන් කබැල්ලෑවා සේ ඔටුන්න හිමි කුමාරයා ටිකෙන් ටික එළියට තල්ලු කළේය. එය තවත් පහසු වූයේ ජේ. ආර්. පප්පාටත් කර ගන්ට ඕනෑ වූයේ ඒ ටිකම නිසාය. ජේ. ආර්. පප්පා ඉඳලා හිටලා සීනිබෝලයක් දෙකක් කුමාරයා දිහාවට වීසි කළේය. මේ ගොන් නාම්බාත් පැණගෙන ගොහින් එව්වා ගත්තේය. අන්තිමට ‘දොහ්’ ගාලා එළියට වැටෙන කල් මෙලෝ හසරක් දැන සිටියේ නැත. පස්සේ බීලා බීලා මළාය. පව්!

    බණ්ඩාරනායක/රත්වත්තේ පවුල් වලින් යම් පමණෙකට හෝ මොළයක් තිබුණු එකම එක්කෙනා මැඩම්ය. ඒ නම් දෙවියන් වහන්සේටත් මොළේ පොඩ්ඩක් අඩු කරන්ට මිස් වුණු කේස් එකකි. නැත්නම් අවුරුදු විසි දෙකක් තිස්සේ මාත් පැත්තකින් සිටියදී එහෙම අල්ලාගැනීමක් අල්ලාගෙන හිටින්නේ නැත.

    http://samanalaviplavaya.wordpress.com/2012/08/24/butterflyrevolution13

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. කාකා අවුස්සන කුණුවලින් සමහරවිට පුදුම සහගත තොරතුරු එලියට එන්නේය.

      Delete
  12. නොදැන හිටි කරුනු ටිකක් දැනගත්තා...

    ReplyDelete
  13. අනුර බන්ඩාරණායක.

    වාසනාව සහ අවාසනාව අතරෙ දෝළනය වුනු අරුම ජීවිතය!

    ලංකාවෙ අංක එකේ ප්‍රභූ පවුලක, රටේ ජනප්‍රිය්ම අගමැතිගෙ, ලෝකෙ පළවෙනි අගමැතිනිගෙ එකම පුතා. මොන තරම් වාසනාවක්ද!

    ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ දේශ්පාළන විද්‍යා උපාධිධරයෙකි. මොන තරම් වාසනාවන්තද!

    ශූර කථිකයෙකි, උසස් ද්විභාෂා උගතෙකි ( පාර්ළිමේන්තුවේ අඩුම මෙවුන්ය ).

    වසර තිහක් අඛන්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කල මන්ත්‍රීවරයෙකි.

    ඒහෙත් අධ්‍යාපන ඇමතිකමට එහා යන්නට වරම් නොතිබූ....... වාසනාවන්තයෙකි / අවාසනාවන්තයෙකි!

    ReplyDelete
    Replies
    1. එයා සදාකාලික කුමාරයෙක් විදියට ජීවිත කාලේම සැප වින්දා.
      තනතුරුවල වගකීම් නැතිව සදාකාලික කුමාර සැප.
      රජකෙනෙක්ට වගකිම් තියෙනවානේ .
      අන්තිමට එයා සංචාරක ඇමති.ආන්ඩුවේ සල්ලිවලින් ලෝකේ පුරා ඇවිද්දා.
      රොස්මිඩ් එක හෝටලයක් කරගත්තා.නිල නිවාසෙ වෙච්චි විසුම් පායේ ,පැය 24 ම සාද තිබුණා.
      අමාත්‍යාංශේ සැප මදිනිසා.වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ පදාසයක් අරගත්තා.
      කවදාවත් කබල් අමාත්‍යාංසේට ගියේ නැහැ.නිලධාරීන් හැම දේටම ෆයිල් උස්සන් දුවන්න ඕනා විසුම් පායට,
      කරදහි ෆයිල් ඇහැට පෙන්නන්න බැහැ.
      ම්..තව පෝස්ට් එකක් ලියන්න දේවල් තිබේ.

      කොටින්ම එයා මහින්ද රජ්ජුරුවන්ට වඩා සැපෙන් හිටියා

      Delete
  14. කකා ඔබේ වෙනත් ලිපි වගේම හොඳ ම හොඳ ලිපියක්.මේ ය 13 වැනි සියවසේ ඉදන්ම ප්‍රභූවරු කියා ඒ අය කියනවා.නමුත් මම හිතන්නේ ඔවුන් යම්කිසි මට්ටමකට ආවේ විසිවන සියවසේ පමන.
    ඔබ සූරියප්පෙරුමාල් කියා ඔහුව හැදින්වීම ඉතාම අගෙයි.හැබැයි අ.නූ.ර ගෙ කතාව බලපුවම නම් අඥාන නූගත් නෑ වගේ නේද?

    ReplyDelete
  15. thanks කාකා නොදනන් දේවල් කීපයක් දැනගත්ත ,ඒ වගේම භාෂා පනත ගැන ලිපියත් ලියන්න .ඒ ගැන මගේ හිතේ තියෙන්නේ පැටලිලි සහගත අදහසක් ,,

    ReplyDelete
  16. මේක නම් හොද ලිපියක් කකා . . .නොදන්නා දේවල් ටිකකුත් දැනගත්ත . . .

    ReplyDelete
  17. කකා ඔබ ප්‍රේමදාස මහතා එල් ටී ටී ඊ කියන එක උච්චාරණය කල ආකාරය ඒ විදියටම ලියා තියෙනවා,එතකොට සූරියප්පෙරුම 1977දි නොවෙයි 1970 අත්තනගල්ලෙ යු ඇන් පී අපේක්ෂකයා,අම්මෝ පොල්වතු අධ්රාජ්‍යය කියල බණ්ඩාරනායක පවුල පතුරු ගැහුවා.

    ReplyDelete
  18. //ජේආර්පී සූරියප්පෙරුමාල් කියන දේශපාලකයා හුඟක් ඉස්සට ඉඳලා තියෙන්නේ යූඇම්පී එකේ. කොටින්ම පොර 1977 චන්දේ දී සිරිමා බණ්ඩාරණායක අත්තගල්ල සීට් එකේ යූඇම්පී අපේක්‍ෂකයා ලු.//

    මිනිහ තමයි ලංකාවෙ ප්‍රධාන පක්ෂ දෙකේම ලේකම් උන එකම පොර.

    ඒ විතරක් නෙමේ අංක එකේ උගුල් අදින්න. කොටින්ම යූ එන් පී කිරුළ රුක්මන්ට නොයන්නෙත්, ශ්‍රී ලංකා කිරුළ අනුරට නොයන්නෙත් ඔය හාදයගෙ යටිකූට්ටු ව්ඩ නිසා.

    මට මනුස්සය එක්ක වරක් නිදහසෙ රත් වෙලා ඉන්නකොට කතා කරන්න අවස්ථාවක් ලැබුන. මම ඔය ගැන ඇහුවම මේක මගෙන් "ඔහෙගෙ වයස කීයද" කියල ඇහුව. මම වයස කිව්වම කියනව "අයිසෙ ඔය ළමයි ඉපදුන කාලෙ විස්තර ගැන හරියට නොදැන කියවන්න එපා. ඒව ඒ ඒ වෙලාවෙ සමාජය ඉල්ලපු දේ අනුව උන සිදුවීම්. තමුන්ට නරකද ඊට වඩා රටේ දියුණුවට වැදගත් යමක් කතා කරානම් මේ විකාර වලට කාලෙ නාස්ති නොකර" කියල.

    හැබැයි මම උත්තරයක් දෙන්න කලින් මාව එතනට එක්ක ගිය මනුස්සය "පුතා මට තරහ නැතුව මේකට බ්‍රැන්ඩි ටිකක් දාන් එනවකො" කියල මාව කඩේට යවල උන්දැත් මගෙ පස්සෙන් ඇවිත් " ඔය මිනිහ එක්ක දේෂපාලනේ ගැන කතා කරන්න එපා. මම එහෙම කිව්වෙ ඇයි කියල උඹට තව වයස ගියාම තේරෙයි" කියල කිව්ව.

    කතාව ඇත්ත. සූරියප්පෙරුමාල්ල එක්ක කතා කරනවට වඩා හොඳයි බලු වලිගෙ ඇද අරින එක.

    ReplyDelete
    Replies
    1. ""අයිසේ"" අයිසේ ..?
      මේ ඕන්නැති වචන දාන්න එපා හරිය.... දන්නවනේ අපේ රැම්බෝ හාදය ගේ හැටි ...... කොමෙන්ට් වහල දායි ඔං .....
      මාලන්February 20, 2014 at 12:45 AM

      Delete
  19. ඉස්සර බණ්ඩාරනායක පවුල,අද රාජපක්ශ පවුල
    හෙට? ජයසේකර පවුල,ප්‍රනාන්දු පවුල නැත්තම් දිසානායක පවුල වගෙ එකක් හම්බ කරන් කයි..

    http://ragamayaa.blogspot.com/

    ReplyDelete
  20. පෙරුමාල් පරම්පරාව ගැන සෑහෙන්න කරුණු හෙව්වා.
    බණ්ඩාරනායකලා පෙරුමාල් බව දැනන් හිිටියේ නැහැ.ස්තුතියි.

    හ්ම්..කකාත් පෙරුමාල් ලේ වලින් ලියන බව නම් පේනවා.

    ReplyDelete
    Replies
    1. @ malmi hi

      ජයවර්ධනලාත් ඒ බෝට්ටුවේම තමා. දකුණු ඉන්දියාවේ හෙට්ටි මූලයක් තමා ඔවුන්ටත් තියෙන්නේ

      Delete
  21. මේ රට දේශපාළණ වශයෙන් අගාදයකට ගෙන ගිය කාළකන්නිම් දේශපාළඥයා බන්ඩාරනායක කියන මතයේ මම් කවදත් ඉන්නවා. එයාගේ දෙපිට කාට්ටු වැඩත්, නොදන්න අයට දැනගන්න ලිව්වා නම් තමා හොඳ, ඒ වගෙම රට දේශීයකරණය කරාට, එයාගේ පවුල බ්‍රිතාන්‍ය කිරීටයේ ඉස්ටයිල් එකටම හැඩගස්සපු එක ගැනත් ලිව්වා නම් තවත් හොඳයි..

    ReplyDelete
    Replies
    1. හැක් ....හැක් ......මම හිතුව මම තනිවෙලා කියල.....එල ලොක්ක එල.........

      Delete
  22. කකා මේ පෝස්ට් එකේ හා කමෙන්ට් වල "අඥානයා", "නූගතා", "මෝඩයා" වැනි යෙදුම් භාවිතා වීම නිසා සමහර බ්ලොග් රචකයින්ට දරුණු සිත් රිදීම් ඇති විය හැකිය. මේ නිසා එම බ්ලොග් රචකයින් සිය දිවි නසා ගැනීමේ අවදානමක්ද පවතී. මෙය සිංහල බ්ලොගවකාශයේ 'සයිබර් බුලිං' අවස්ථාවක් සේ හඳුන්නා දිය හැකිය. අනෙකුත් සමහර බ්ලොග් රචකයින්ට මෙසේ අපහාස කිරීමට කකාට හෝ මෙහි ඇනෝ කමෙන්ට්කරුවන්ට අයිතියක් නැත. මා ඉන්නා රට වගේ දියුණු රටක නම් මේවා මාස හයක් හිරේ යන වැඩය. එනිසා කකා වහාම මේ සම්බන්දයෙන් අදාළ බ්ලොග් රචකයින්ගෙන් සමාව ගත යුතු බව කියා සිටිමි. නැත්නම් මමම කකාට චෝදනා පත්‍ර නිකුත්කොට , මමම නඩු අසා මමම දඬුවම් නියම කරමි.

    මීට අත්සන් කළේ,

    රම්බෝ සරමෙ-වික්‍රම

    ReplyDelete
  23. මේකට කමෙන්ට් එකක් ඔලුවට එන්නේම නෑ. :(

    ReplyDelete
    Replies
    1. මාළු ඔලු කන්න.... එතකොට හොඳට මොළය වැඩෙනවා....

      Delete
    2. එහෙම එකක් ඔයාට තියෙනවාද?

      Delete
    3. මම මේ ඇනෝලා හරි හොඳයි එයාලට බනින්නේ ඇයි කියලා මගේ බ්ලොග් එකේ දැම්මා විතරයි. :D

      Delete
    4. ලින්ක් එක දාන්න.... කකා මුකුත් කියන්නෙ නෑ

      Delete
    5. කකාටම කියමු නේ...:)

      Delete
  24. මේ කියන ප්‍රභූ පවුල් වලට පළමුව 'බලය' හා දෙවනුව 'ධනයත්' තෙවනුව ඉහතකී ද්වන්දයන්ගේ චක්‍රයත් පනගස්වන්නේ ලංකාවේ සර්වජන චන්දබලය හිමි නිර්ප්‍රභූ 'ජනතාව' නේද්? 'ජනතාව' මේ ප්‍රභූ පැලන්ති වල අලගිය, වැලගිය හා මුලගිය තැන් හොදින් දැනසිටියත් ඔවුන් තමන්දේ ස්වාමියන් ලෙස පිලිගනුමට කිසිලෙසකින් පැකිලෙන්නේ නෑ. බලවත් පවුල්වල පාලිතයන් වී සිටීමට ඇති කැමැත්ත පෝෂණය වන්නේ සංස්කෘතියේ හෝ ආගමේ යම් බලපෑමක් නිසාද, එසේත් නොමැතිනම් සමාජ ආර්ථික බලපෑම වල අවසන් ප්‍රතිඵලයක්ද යන්න සොයාබැලීම වැදගත් වේ.

    ReplyDelete
    Replies
    1. සමානාත්මතාවය තහවුරු කරන්නට දන්නවා යැයි කියන බලලෝභීන් ඊ ළඟට සාධාරණත්වය තහවුරු කරන්නට ද තමන් දන්නවා යැයි කියති. සාධාරණත්වයේ නාමයෙන් ඔවුන් අසාධාරණයේ නියැළෙති. තමන් විසින් මංකොල්ලකන්නට පසුබට වෙන පුරවැසියන් ලවා අනුන් මංකොල්ලයට බලය ඔවුන් ආණ්ඩුවට පවරති. සිය වෙහෙසෙන් ධනය උපයාගන්නට සමත් වූවාගෙන් කොටසක් මංකොල්ලකෑම සාධාරණ යැයි ආණ්ඩුව ලවා නීතියෙන් නියමයක් නිකුත් කරන ලද පමණින් එය සාධාරණ වූවා යැයි සලකති.

      සියල්ලන්ටම එකම තලයක දී උපයන්නට ඉඩ ලැබෙන වාතාවරණයක් වෙනුවට මේ මේ අය වරප්‍රසාද ලැබිය යුත්තන්, සහනාධාර ලැබිය යුත්තන්, බදු සහන ලැබිය යුත්තන් යැයි හඳුනාගන්නට දන්නවා යැයි මුලාවෙන් බලලෝභීන් අනෙක් සියල්ලන්වම රවටති. හිඟාකන්නට හුරු කර ඇති ජනතාව ඒ ඒ වරප්‍රසාද, ඒ ඒ සහනාධාර, ඒ ඒ බදු සහන මේ මේ ප්‍රමාණයෙන් තමනට ලැබිය යුතු අයිතීන් යැයි සලකා ඒවා ඉල්ලා හඬ නඟති. හිඟන්නාට ලැබෙන සොච්චම මඳ නිසා හැමදාම උද්ඝෝෂණයෙන් ඒවා යදින්නට පාරට බසිති.

      Delete
    2. හෙට දෙන බියර් පොරොන්දු වෙන අය හැමදා මේ කියන ප්‍රභූ පවුල් වල බහුලව දකින්නට ලැබුණි. විශේෂයෙන්ම මැතිවරණ කාලයන් හි දී.
      නමුත් ඒ පොරොන්දු ඉෂ්ඨ කරනුයේ කෙසේදැයි පහදන අය ඉතා අඩුයි. ඒවා ඉටු නොවෙන බව දකිද්දී ඒ පාලකයන්ව පළවා හැරීම අසීරු බවත් දැනගන්නට ලැබේ.

      අන්තිමේ දී තමනට ජීවිතය බේරාගෙන වෙනතකට පළා යන්නට හැකි මාර්ග ද වැසී ඇති බව දැනගනිද්දී ඉපිද, ජීවත් වී, මිය යන්නේ ක්‍රියාවට නංවත නොහැකි ගජබින්නයක බව වැටහේ.

      Delete
    3. @AnonymousFebruary 24, 2014 at 10:15 AM and 10:41 AM,

      මචන් උඹ අරුණි ශාපිරෝගේ නම්බර් වන් ෆෑන් ද ? (බාගදා වන් ඇන්ඩ් ඔන්ලි). මං හිතන්නේ උඹ අරුණිගේ පොස්ට් අරුණිට වඩා කියවල ඇති. මොනවා වෙතත් එකම ගොන් පාර්ට් එක දිගින් දිගටම දැම්මාම ගොන් පාර්ට් එකත් කුජිත වෙනව බන්. බැයිද පොඩ්ඩක් නිර්මාණ ශීලි වෙන්න. සිරාවටම උඹ කරන වැඩෙන් මෙතැන
      අල වෙනවා කොල්ලෝ.

      P.S
      අරුණි ශපිරෝ ඇනෝ ඇවිත් කොමෙන්ට් කරලා, පොඩි මාර්කටින් පාරක් දානවද මන්ද??

      Delete
    4. ගණන් ගන්න එපා බං. වැලේ ගෙඩි වැලට බර නෑ වගේ මෙතැන මොන කමෙන්ට් දැම්මත් කකාට බරක් නෑ. හිට්ස් කවුන්ටරේ කැරකෙනවනං එච්චරයි. කකා හැපි. (කකා ගිය ආත්මෙ ටැක්සි ඩ්‍රැයිවර් කෙනෙක්ද කොහෙද. ඒකයි ඔය හිට්ස් කවුන්ටරේ කැරකෙවෙනවට ඔය තරම් ආසා)

      Delete
    5. @ Anonymous February 24, 2014 at 3:24 PM
      ඇනෝ වරුන්ගේ නිදහස මේ මේ කාර්යයන්හි නියැළීම සඳහා පමණක් තහවුරු කරනවා යැයි කියමින් නීති දමන්න හැකි යැයි කියන බ්ලොග් කරුවෙක්/ කොමෙන්ට් කරුවෙක් වහල් ක්‍රමයක නියැළෙන්නකි. (නවතම උදා: මාලන් සමරවික්‍රම.......)

      අදාල නැති කොමෙන්ට් වාරණයක්.. බ්ලොග් කරුවන් හාස‍ය්‍යට ලක් කිරීමක්.... බුද්ධියෙන් අදහස් පල කිරීමක් ... යනාදිය තහවුරු කරනවා කීම යනු නිදහසට (freedom) ඉඩදීමක් නොවේ. ඒ බෙදන්නට හැකියාව ඇති බ්ලොග් අයිතිකරු වෙතින් අයිතිවාසිකම් දිනාගත යුතු යැයි සිතන දාස චින්තනයට හුරුවීමයි.

      බ්ලොග් කියවන්නෙක් වූ නිසාම සෑම මිනිසෙකුටම ලැබෙන්නේ කොමෙන්ට් දැමීමට අයිතියකි. ඔහුගේ කොමෙන්ට් දැමීමට ඇති අයිතිය උදුරා ගන්නට වෙනකෙකුට අයිතියක් නැතැයි පිළිගැනීම සහ එලෙස කරන අයට දඬුවම් දීම බ්ලොග් රචකයාගේ/ ලේඛකතුමාගේ කාර්ය භාරයයි.

      එහෙත් ඔබ කරන්නේ සාධාරණ හා යුක්ති සහගත ලෙසින් ඇනෝ කොමෙන්ට් වාරණයට තමන් දන්නවා යැයි සිතීමයි.

      ඇනෝ කොමෙන්ට් නිසා මිනිසාට ලැබෙන්නේ කිසිවෙකුට බලහත්කාරකමක් නොකර සිය වෙහෙසෙන් හාස්‍යය උපයා ගන්නට නිදහසකි. අනුන්ගේ වෙහෙසේ ඵලදාව උදුරා ගන්නා මංකොල්ලකරුවන්ට දඬුවම් දීම බ්ලොග් රචකයාගේ කාර්ය භාරය වෙද්දී බ්ලොග් රචකයා (කකා හැර ) කරන්නේ සියල්ලන්ගේම වෙහෙසේ ඵලදාව උදුරා ගන්නා මාර්ගයක ගමනයි!
      එසේම ඇනෝ කොමෙන්ට් නිසා මිනිසාට ලැබෙන්නේ සිය වෙහෙසෙන් උපයා ගත් හාස්‍යය තමන් කැමති අයෙකුට පවරන්නට/තෑගි කරන්නට නිදහසයි.

      නමුත් බ්ලොග් කියවන්නන් රවටා ඇත්තේ ඇනෝ කොමෙන්ට් වාරණයට බ්ලොග් රචකයා දන්නවා කියායි!!!

      Delete
    6. +++++++++++++++++++++

      Delete
    7. EVEN KAKA DOES THE SAME THING.

      Delete

  25. SWRDB ජනප්‍රියවෙලා චන්ද ගන්න හදා ගත්ත ප්‍රතිපත්ති සමහර වෙලාවට වෙනස් කරන්න හෝ අඩු හානියක් වෙන විදිහට කරන්න තිබුන ජීවත්ව හිටියනම්.
    ඒවුනාට මිනිහව අවුරුදු 2න් මෑරුවට පස්සෙ වෑන්දඹුව සහ පාක්ශිකයන් උන්ට බලේ තියගන්න මිනිහව දෙවියෙක් වගෙ කරල අර චන්දෙට හදපු කපටි හානිකර ප්‍රතිපත්ති දේව වචනෙ වගෙ ගෙනියන්න පටන් ගත්ත. මෑන් හිටියනම් වෙනස් වෙන්න තිබුන. මොකද මිනිහ ඔක්කොම කලේ බලය ගන්න
    ( වෙන බ්ලොග් එකකට මා ලිවූ එකකි. සුදුසු යයි සිතූ නිසාත් ටයිප් කිරීමට කම්මෑලිකම නිසාත් copied and pasted)

    ReplyDelete
  26. ප්‍රභූත්වය හොද සන්කල්පයක් නොවන නමුත් ඒසේ සිටි අයගෙන් බහුතරය පුද්ගලයන් වශයෙන් දෑන් ඉන්න දේශපාලක මල පෙරේතයන්ට වඩා හොදය යන්න නොසිතාසිටිය නොහෑක

    ReplyDelete
    Replies
    1. මල පෙරේතයෝ විතරද ? .. ඇයි මංකොල්ල කාරයෝ ??
      කෝටි 2 කොල්ලකෑවේ ඡන්දයේ වියදමට' මීගමුවේ කෝටි 2 කොල්ලය මෙහෙයවා ඇති මීගමුවේ එජාප ප්‍රධාන සංවිධායක මන්ත්‍රී කියයි

      මහින්දය ගෙදර යවල මුංව බලේට ගේන්න නේද මේ සිංහල බොග ලෝකේ ගොඩක් උන්දැල වලි කන්නේ !!
      හිකිස් !!
      තට්ටු මාරු .. මට්ටු තාරු .. මරෙනකන්ම තට්ටු මාරු ...

      Delete
  27. මම කියවපු 'කූඹි' කියලා පොතක තිබ්බා මේ සූරියප්පෙරුම අනුරාධපුරේ, පොළොන්නරු පැත්තේ දුප්පත් ගම් වලට ගිහින් කරපු කතා වගයක්. පොර හමුදා කඳවුරු වලදිලු දැක්කේ 'මෙන්න සයිස්' මාළු කෑලි බත් වලට බෙදලා දෙනවා. උයන මනුස්සයන්ගෙන් ඇහුවහම කිව්වලු රට වෙනුවෙන් ජීවිත පූජාවෙන් සටන් වදින වීරයන්ට කන්න දෙන්නේ එහෙම තමයි කියලා. පොරටම අමතක වෙලා තැනකදී කියනවා "මගේ ළමයි ඉන්නෙ පිටරට" කියලා.

    ReplyDelete
    Replies
    1. එතකොට ඒ වීරයන්ට දිවි පුදන මාළුත් වීරයො නේද?

      Delete
  28. 56 පෙරළිය කියල සංඝයොයි, වෙද්දුයි, ගුරොයි එකතු වෙලා ගොයියන්වයි, කංකරුවන්වයි ගානට අන්දල අමුම අමු සිංහල ජාතිවාදයක් වපුරපු එකේ ඵලවිපාක අවුරුදු ගණනක් යනකල්ම විඳෙව්වනෙ ආයිබං.....තමන්ගෙ පියා රටට කළ හදිය දන්න නිසා වෙන්න ඇති පුත්‍රය මෙහෙම උත්තර දෙන්න ඇත්තෙ.

    ReplyDelete
  29. කකා........මට අමරබන්ධු රූපසිංහ මහත්තයාත් එක්ක ඔය සූරිගේ ගෙදර යන්න ලැබුනා. ඒ අමරේ අයියාගේ මාධ්‍ය වැඩකට. මම ඒ සාකච්ඡාව පැත්තකට වෙලා වාඩිවෙලා අහගෙන හිටියා. මට දැන් ඩීටේල්ස් මතක නැහැ. ගම්සභා හන්දියේ සුභද්‍රාරාම පන්සල ගාව හිටියේ.

    එන ගමන් අමරේ අයියා කිව්වා...ඒ වගේ දේශපාලන නූල් සූත්තර කාරයෙක් ජීවිතේට දැකලා නැහැ කියලා.

    ReplyDelete
    Replies
    1. 1980 ගණන්වල මම කියන්නේ.

      Delete
  30. බණ්ඩාරනායනක මහත්තයා නොහිටින්න අපි වගේ අයට මේව කොටන්න හම්බවෙන්නෙ නෑ.අනුන්ගෙ කුඹුරු තමයි කොටන්න වෙන්නෙ!!!!

    ReplyDelete
  31. බණ්ඩාරනායක දේශපාලන දෘෂ්ඨිය වගේම විජයගේ දේශපාලන දෘෂ්ඨියත් උණ්ඩයකින් සිදුරු කළානෙ. ඒක කවදාමත්ම මකන්න බැරි වේවි.

    ReplyDelete
  32. බණ්ඩාරනායක මහතා සිංහල රාජ්‍ය භාෂාව කිරීම ගැන සිතපු හැටි බලන්න මෙතනින්

    https://www.youtube.com/watch?v=NP13RWkd4vM

    ReplyDelete
  33. නියම උත්තරේ :)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.