Wednesday 26 February 2014

සබන් කෑල්ලක කතන්දරයක් - Soap Comradery


ඔන්න නොකිව්වැයි කියන්නෙපා, මේ අද මං කියන්න එන කතන්දරේ මහ ලොකු කේස් එකක් නෑ. මේක නිකම්ම නිකං සබන් කෑල්ලක කතන්දරයක් විතරයි.

ඉස්සර අපි පොඩි කාලේ අපේ ගෙදර පාවිච්චියට තිබුනේ එක සබන් කෑල්ලයි. මං කියන්නේ ඇඟේ ගාන සබන්. රෙක්සෝනා, ලක්ස්, සඳුන්, සමන්, කොම්ඹ, ඩෙටෝල්, ලයිෆ්බෝයි වගේ ඒවා. රෙදි හෝදන්න ගත්තු සන්ලයිට්, ස්නෝවයිට් නැත්තං පස්සේ කාලේ වොන්ඩර්ලයිට් වගේ ඒවා නොවෙයි!

අම්මයි, තාත්තයි, මායි, මල්ලිලා දෙන්නයි පාවිච්චි කෙරුවේ ඒ එකම සබන් කෑල්ලයි.

ලොකු මහත්වෙලා පේරාදෙනියේ සිර දඬුවම විදින්නය යනකොට තමයි හා හා පුරා කියලා මට ම කියලා සබන් කෑල්ලක් ගත්තේ. සබන් කෑල්ලක් විතරක් නොවෙයි ප්ලාස්ටික් සබන් පෙට්ටියකුත් ගත්තා!

පේරාදෙනියේ දී මුල දවස්වල අපේ සබන් කෑලි අපිම පාවිච්චි කළත් පස්සේ ඒ වෙනස්කම් නැතුව ගියා. අරූගෙ ද, මුගේ ද කියලා වෙනසක් නැතුව තිබුණු සබන් කෑල්ල පාවිච්චි කළා.

දෙවෙනි අවුරුද්දේ බෝඩිං ජීවිතේ ගත කරන කොට චමරියේ එකවුන්ට් එකට තමයි සබන් ගෙනාවේ මට මතක හැටියට.

මේ අද කතන්දරේ ඔයිට පස්සේ කාලෙක දී සිද්ධ වෙච්ච වැඩක්.

මේක වුනේ එක්තරා චමරියක. මේ චමරියේ හිටියේ එකම බැච් එකේ බැචාලා තුන් දෙනෙක්. නමුත් මේ තුන් දෙනා පස්තාච්චි කුපාඩිවලට සෙට් වෙන්න කලින් ඔවුන් ඉගෙන ගත්තු මං හරිහැටි නොදන්නා ආයතනයේ දී, එච්චර කිට්ටුවෙන් ආශ්‍රය කරපු අය කියලා මට පෙණුනේ නෑ.

කොහොම හරි මේ කතාවට අදාල වෙන්නේ එකම චමරියේ එකම බාත්රූම් එකෙන් නාපු මේ තුන් දෙනාට සබන් කෑලි තුනක් තිබුණු එකයි.

එක දවසක් මෙයින් එක පොරක්, අපි කියමු ප්‍රමෝද් කියලා, නාන්න ගිහින් බලන කොටයි මතක්වෙලා තියෙන්නේ පොරගේ සබන් කෑල්ල කලින් දවසේ හොඳටම ඉවර වෙලා බිම වතුර පාර දිගේ අන්තරස්දාන වෙලා ගිය බව.

දැන් ඉතිං ආයේ කඩේ යන්නයැ?

පොර තුවාය ඇඳගෙන එලියට ඇවිල්ලා ඒ වෙනකොට චමරියේ හිටපු එක මිතුරෙකුගෙන්, අපි කියමු විසල් කියලා, ඔහුගේ සබන් කෑල්ල ඉල්ලා ගත්තා.

එදා හවස තමයි ප්‍රමෝද් ට මතක් වුනේ ඒ සබන් කැල්ල ගැන ආපහු. පොර කෙරුවේ විසල්ට ඒ තමන් ඉල්ලා ගත්තු සබන් කෑල්ල සබන් පෙට්ටිය පිටින්ම ආපහු දුන්නු එකයි.

විසල් ප්ලාස්ටික් සබන් පෙට්ටිය විතරක් අරගෙන සබන් කෑල්ල ආපහු ප්‍රමෝද්ටම දුන්නා.

"මේ ඔයා ගෑව සබන් කෑල්ල ඔයාම තියා ගන්න. මං වෙනිං අය ගාපු සබන් කෑලි ගාන්නේ නෑ!" විසල් ඒ දෙන ගමන් කිව්වා.

ප්‍රමෝද් ට දැනුනේ මේක තමන්ට කරපු එක්තරා ආකාරයක අවමානයක් විදියටයි.

හරියට තමන් වාඩි වෙලා ඉඳලා නැගිට්ටායින් පස්සේ වෙනත් කෙනෙක් ඒ පුටුව පිහදාලා වාඩි වෙනවා දකිනවා වාගේ හිතෙන්න ඇති.

සමහර විට ඊටත් වඩා දරුණු විදියට දැනෙන්න ඇති. නිකං සහෝදරත්වය නැතිවුණා වගේ?

නමුත් මට නං හිතුනේ විසල් කරපු වැඩේ වරදක් නෑ ය කියලයි.

ඇත්තටම එදා ප්‍රමෝද් අළුත් සබන් කෑල්ලක් කඩෙන් ගේන්න නියමිතයි නේ. පොරට තිබුනේ ඒ අළුත් සබන් කෑල්ල විසල්ට දීලා, තමන් විසල්ගෙන් ණයට ගත්තු සබන් කෑල්ල දිගටම පාවිච්චි කරන එකයි!

මේ සබන් කේස් එක ගැන මොකද හිතෙන්නේ? සැඟවුණු අරුත් හොයන්න නම් එපා. නිෂ්ඵලයි!

-කතන්දරකාරයා

(image: http://blogs.babycenter.com/products_and_prizes/who-knew-11-crazy-shaped-soaps-for-kids/)

109 comments:

  1. BOLA SABAN GALA NALA NEDDA ?

    ReplyDelete
    Replies
    1. හලෝ කැපිටල් අංකල්... දැක්ක කල්... මොකද උනේ?

      Delete
    2. I DO NOT COME TO THIS BLOG NOW BECAUSE IT IS USELESS.

      Delete
    3. අ@CAPITAL
      පේ ගෙදර සිටි බූලා නම් බල්ලාට ගෑවේ බෝල සබන්ය.

      Delete
  2. හැබැයි කරන්න තිබුනෙ අලුත් සබන් කෑල්ල දෙන්න.
    මම නම් කරන්නෙ එහෙම.

    ReplyDelete
    Replies
    1. කතන්දරයේ මා ද කියා ඇත්තේ එයයි!

      Delete
  3. මටත් තව කෙනෙක් එක්ක සබන් කෑල්ලක් share කරන්න අමාරුයි. (ගෙදර අය ඇරෙන්න)

    ReplyDelete
    Replies
    1. ඔයා 'ගෙදර අය' ශෙයා කරන්නෙ කවුරු එක්කද?

      Delete
    2. මං නං හිතන්නේ සබන් තමයි ෂෙයා කරන්න ලේසිම ජාතිය කියලායි.

      ඇයි සේරම කුණු සබන්වලින් යනවානේ!

      Delete
  4. කොහොමත් අපි නම් පේරාදෙණියේ සිර දඬුවම විඳින කාලේ පලවෙනි සතියෙන් පස්සේ පුද්ගලික සබන් පෙට්ටි, සබන් කාලි තිබ්බේ නෑ . හැබැයි මිනිහට තිබ්බා අලුත් සබන් කෑල්ලක් දෙන්න. අපිනම් ඕවා කොහොමත් ආපහු දෙන්නෙ නෑ .. ඉල්ලා ගන්නෙත් නෑ ,අහුවෙන් එකක් අරන් යනවා මිසක්

    ReplyDelete
    Replies
    1. අහුවෙන මොකකින් හරි දත් ටික මැදගනින්. කලින් වතාවකුත් මේක කිව්වා.

      Delete
    2. අපෝ අහුවෙන හැම දෙයක්ම ඇඟේ ගාන්න එපා!

      Delete
  5. අපේ එවුන් එක්කනම් ඉතින් සබන් කෑල්ල නෙවේ සමහර වෙලාවට තුවායත් ශෙයාර් කරලා නොවැ පාවිච්චි කොරන්නෙ.. වෙන එකක් තියා අපි අපේ එකෙක්ගෙ බෝඩිමට ගිහාම කලිසමේ ඉදලා සබන් කෑල්ලට යනකන් ශෙයර් වෙනවා ඒකත් එක්තරා සුන්දර අද්දෙකීමක්. දැනටත් අපේ ගෙදරත් එකම සබන් කෑල්ල නොවැ ඔක්කොම පාවිච්චි කොරන්නෙ..

    ReplyDelete
    Replies
    1. Le misérable

      Delete
    2. තුවාය කිව්වේ සනීප ආරක්ෂක තුවාද?

      Delete
    3. ගජේ ගැසීම සහෝදරත්වයේ සංකේතයක් තමයි!

      Delete
  6. සබන් ඒ මොනවද? :D :D :D

    අපි නම් මූණට cleansing lotion
    ඇඟට body wash
    අත් හෝදෙන්නේ hand wash... :)

    ReplyDelete
    Replies
    1. කොන්ඩේට මොනවද දාන්නේ ..?

      Delete
    2. you need a brain wash

      Delete
    3. සබන් කියන්නෙ පොඩ්ඩි අර බොලා ජංගිය ඇඳගෙන දූවිලි නාන කාලෙ බොලාගෙ ආච්චි අම්මා ඇදගෙන ගිහින් වතුර බාල්දි 2-3 ක් ඔලුවෙ වත්කරලා කහපාට හතරැස් කැටයක් ඔලුවෙයි ඇගෙයි ඉලුවෙ. මුල කාලෙ බොලා ඇඩුවත් පස්සෙ නාන වෙලාවට බෝල පුම්බලා යැව්වෙ අන්න එව්ව තමයි සබන් !
      ප.සු.- කශූ පොඩ්ඩිව මම දන්නෙ අ.පේ. ගෲප් එකේ මුල කාලෙ ඉඳන්ම හින්දා මේ කමෙන්ට් එක තියෙන්න හරින්න! :-D

      Delete
    4. @ඉවාන්,

      කොන්ඩෙට shampoo ......:D

      Delete
    5. @Weni,

      I love this comment Weni. thanks :D :D

      Delete
    6. PUKA HODANNATH LOTION JATHI THIYANAWADA?

      Delete
    7. මටත් ෂැම්පූ කරන්න සෑහෙන වෙලාවක් යනවා!

      Delete
    8. කකා ගේ තට්ටේ ෂැම්පු කරන්න මාර දුකක් විඳිනවා ඇති නේද

      කොන්ඩේ ගාන්නේ කොන්ඩෙ පුස් නේද පොඩ්ඩි

      Delete
  7. සබන් ගාලා යවන්ඩ බෑ ඔය පුරුදු ..යට ඇඳුම් හැර අනිත් සියල්ලම බෙදා හදා ගන්නයි මට නම් පූරුදු. සබන් කෑල්ලට එහෙම කිව්වා නම් ඉතින් මම කරන්නෙ නම් තෑන්ක්ස් මචන් කියලා සබන් කෑල්ල තියා ගන්නවා ආයි අලුත්ඒවා අරන් දෙන්න යන්නෙ නෑ. ඊලඟ සැරේ අනිකගෙන් සබන් කෑල්ල ඉල්ලලා බලනවා ඌත් ඒ ජාතියෙද කියලා..

    ReplyDelete
    Replies
    1. යට ඇඳුමත් බෙදා ගන්න කමක් නෑ.

      Delete
    2. ගජේ ගැහැව්වාට කමක් නෑ ආපහු දෙනවානම්!

      Delete
  8. පිස්සෙක්නෙ. මේ වගේ ඩයල් වලට මානසික අසහනකාරය කියනව මිසක් වෙන කියන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. හලෝ රාජ්, හෙට නිවාඩු දවසේ මොකෝ කරන්නේ? කලින් යොදා ගත්තු වැඩක් එහෙම තියෙනවද? නැත්තං හීනියට මොනාහරි කරමුද?...

      Delete
    2. අනේ නෑ බං..... කාලෙකිං කරන්න බැරිවුනා....දුක තමයි.

      අද ඇනෝ කමෙන්ට් ටික මාරයි. සෑහෙන්න ලේ පිරිසිදු වුනා.

      Delete
    3. මචං රාජ්, හැන්දෑවට අතපය වෙවුලනවට අරක්කු ඩිංගක්(සෙන්ටිමීටරයක් විතර) බිව්වට මොකවත් වෙන්නේ නෑ නේද?

      Delete
    4. මචං රාජ් , මාත් එක්ක එක බෝඩිමේ හිටපු එකෙක්ගේ ඇඟ පැත්තක සැරව ගලන ලොකු වනයක් තිබ්බ. කඩුවේගන් ද මොකද්ද නේද කියන්නේ. ඕකේ විස්තරේ දන්නා කීප දෙනෙක් මිනිහත් එක්ක සබන් වගේ දේවල් ශෙයා කරන්න ගියේ නැහැ. බලං ගියාම උං ඔක්කොම පිස්සු මානසික අසහන කාරයෝ නේද. ?

      Regular soap does not kill germs


      දිගට ඇඹරිලා තියෙන මයිල් සබන් කෑල්ලෙන් ගලවල දාල , කඩුවේගන් සැරව මුණ පුරා උලාගන්නකොට හරි ආතල් නේද ?? මන් නං පිස්සු මානසික අසහන කාරයෙක් වෙන්න හරි කැමතියි ඒ වගේ වෙලාවට.

      Delete
    5. ඔයි, මේකේ ලින්ක් දාන්න එපා.මෙතන ලින්ක් දාන්න පුළුවන් කකාට විතරයි. කලින් වතාවලදීත් මේක කියලා තියෙනවා.

      Delete
    6. මහසොහොන් පිල්ලිය
      මම, මම කිව්වට බොහෝ දෙනෙක්, එදිනෙදා කතා කරන්නෙ "සාමාන්‍ය" දේ ගැන හිතල. සුවි‍ශේෂී දේවල් ගැන කතා කරන්නේ ඒ ඒ මාතෘකා යටතේ.
      "ඇඟ පැත්තක සැරව ගලන ලොකු වනයක් ...... " තියන කෙනෙක් විශේෂයි. එයාල එක්ක සබන් බෙදාලැනීම වෙනම කතා කල යුත්තක්. මම කියන්නෙ සාමාන්‍ය දේවල් ගැන. සාමාන්‍ය කෙනෙක් එක්ක සබන් කෑල්ලක් ෂෙයා කරගැනීම මට නං අවුලක් නෑ.

      Delete
    7. AnonymousFebruary 26, 2014 at 11:00 AM
      අවුලක් නෑ මචෝ. සෙන්ටිමීටරයට දෙකක් බීපං. අපේ ගෙදරට අල්ලපු ගෙදර පදිංචියට ආව අංකල් කෙනෙක්. මෑන්ට දියවැඩියාව තියනව. අරක්කු බෝතලයක් අල්මාරියෙ දාගෙන දවසට සෙන්ටිමීටරයක් විතර බොනව. අපේ කකා ‍වගේ.

      Delete
  9. Il ya une limite au partage.

    ReplyDelete
  10. මම නං බාගයක් පාවිච්චි කරනවා. ඉතුරු බාගේ පස්සේ.. ආයේ මොකක්ද වතුර ගාලා හෝදන සබන් කෑල්ලේ මොනව හිටින්නද?

    ඒ දවස් වල අපේ අම්ම සබන් කැටේ යටින් ඊයං කොල කෑල්ලක් අලවනවා. එතකොට නාස්තිය අඩුයි කියන්නේ

    ReplyDelete
    Replies
    1. සුප් බොන්න ගියේ නැද්ද?

      Delete
    2. ඊයම් කොලේ පැත්ත දියවෙන්නේ නෑනේ, ඒකයි!

      Delete
  11. මොකාගේ එක ගාගෙන හරි නාන එක ළොකු දෙයක්... අපේ රටේ ජනතාවට ජලභීතීකාව හෝ ගාලා තියෙන නිසා..

    සබන් කෑල්ල නම් ඉතින් ෂෙයා කර ගත්තට අවුලක් නෑ..

    ReplyDelete
    Replies
    1. හලෝ මාතලන්, තාම අපේ යෝජනාව ගැන හිතලා නැද්ද?
      මාතලන්ගේ සින්ඩිය අපිට භාර දෙන්න. අපි එකට ඩොමේන් එකකුත් අරං,මිට වඩා ලස්සනට පිළිවෙලකට කරන්නං.

      Delete
    2. හෙලෝ ඇනෝට හරියන්නේ පැම්පස් සින්ඩිය ඒක දෙන්නද

      Delete
    3. ගානක් කතා කරගන්න කොලෝනියල් එකට වරෙල්ලා.. "ගුඩ්විල්" එකක් එහෙම ලේසියෙන් දෙන්න බෑ...

      Delete
    4. එහෙම කියන්න බෑ මාතලං. බලන්න ට්‍රිප් එකක් ගියාම, වතුර පොදක් දකින දකින තැන නාන්න ඕනෑ බොහෝ දෙනාට!

      Delete
    5. කකා......ට්‍රිප් ගියාම පැන පැන නාන බුවාලා ගෙදරදි මාසෙකට සැරයක් වත් නාන්නේ නැහැලු.

      Delete
  12. අනේ මංද අපේ සමහර උං අනික් එකාගෙ ජොකා ඇර අනික් හැම දෙයක්ම වගේ යූස් කරනෙකේ ඕ වගේ ආකල්පෙකින් වැඩක් වෙයිද කියල

    ReplyDelete
  13. හිතේ තියෙන කුණු කොච්චර සබං ගෑවත් යවන්න බෑනෙ.

    ReplyDelete
    Replies
    1. මේ පින්තුරේ ඉන්නේ ඔහේද? නිකං දඩයමක් එනකං බලං ඉන්න කොලුකරයෙක් වගේ ඔන් පෙන්නේ.
      වෙන පින්තුරයක් දාගනින් මාමේ.

      Delete
    2. මිනිහෙකුගේ පෙනුමට ඔච්චං කොරන්න එපා මිනිහෝ

      Delete
    3. ප්‍රසාට ඔහොම කියන්න එපා , රූපය කියන්නේ අපේ තේරීමක් නෙමේ

      Delete
    4. ප්‍රසන්නට ප්‍රසන්නගේ මුණ ප්‍රශ්නයක් නැති නිසා,ප්‍රසන්න එයාගේ මුණ දානවා.
      ඇනෝට මුණයි අනන්‍යතාවයි ඔක්කොම ප්‍රශ්න.
      (මටත් මුණ ප්‍රශ්නයක් නිසා,පිටිපස්ස පැත්ත දාලා තියෙනවා)

      Delete
    5. ඔය දේශපාලකයො වගේ බොරුවට හිනා මූණු දාගෙන ඉන්නවට වැඩිය තියෙන එකම දාන එක හොඳයිනෙ.

      Delete


    6. කාටවත් කරදරයක් නැති වැදගත් මිනිහෙකුගෙ පෙනුම ගැන කියල අපහාස කරන්න උත්සාහ කරන්නෙ අන්තිම පහත් කාළකන්නි.

      Delete
    7. එතකොට අභීත එදිරිසිංහට කැහැටු රිලවා කිව්වට පව් නැද්ද?

      Delete
    8. අභීත එදිරිසිංහ කියන්නෙ කැහැටු හෝ රිළා පෙනුම ඇති එකෙක් වීම ( ඒක එහම නං ) උගේ තෝරා ගැනීමක් නෙමෙයි. ඒ හින්ද අපි අභීතට එහෙම කියන එක වැරදි දෙයක්.

      ඒත් අභීත කියන්නෙ අභීත විදියට මිනිස්සුන්ට වංචා කරන, පොළු තියන සහ බොරු කියන එකෙක් වීම ඌ විසින් ප්‍රගුණ කරන, මිනිහගෙම තෝර ගැනීමක් සහ ඔප්පු උන සාධකයක්.

      දැං පැහැදිලිය්නෙ කියන්න ඕන මොකා කියලද කියල?

      Delete
    9. හැමතැනම "නානත්ථ කායා, නානත්ත සඥ්ඥා" කියලා බණ පද ලියන ඉන්දිකට කියන්න බණ පදයක් මට මතක් වුනා.

      මේක ණය කේස් එක ගැනයි.

      "තතෝ නං දුක්ඛමන්වේති
      චක්කංව වහතෝ පදං"

      Delete
  14. කකා.... මේ දවස් වල කකාගෙ කොමෙන්ට්/හිට්ස් අඩු ගතියක් පේනවා.... ඔහොම ගියොත් මිලියන දෙකේ කප් එක උස්සන්න මේ අවුරුද්දෙත් අමාරු වෙයි.......

    කකාගෙ බ්ලොග් එකේ යාවජීව ඇනෝවෙක් විදිහට මම කැමතියි යෝජනාවක් කරන්න.....

    කකාට පුළුවන් අර FM චැනල් කරනවා වගේ...... කකාත් තරඟයක් පටන් ගන්න "කතන්දර බැළුවොත් සල්ලිම තමයි" කියලා....

    සල්ලි වෙනුවට ලැප්ටොප්..... කැමරා.... බෝතල්.... ට්‍රයිපෝඩ්... සුරුට්ටු වගේ දේවල් දෙන්නත් පුළුවන්.....

    නැත්නම් කකාට හොඳ කන්ටෑක්ස් එහෙම මෙහෙ තියෙයි නම් "කතන්දර ඇහුවොත් බඩුම තමයි" වගේ එකක් කරන්නත් පුළුවන්........

    මේකට සමගාමීව... කකාගෙ ෆෑන්ස්ලට කියන්න ඒගොල්ලන්ගෙ බ්ලොග් එකේ බැනර් එකක් එල්ලගන්න "අපි බලන්නෙ කතන්දර බ්ලොග්ස්පොට්" කියලා ...... ඒගොල්ලන්ට තෑගි දෙන්නත් මොකක් හරි සිස්ටම් එකක් හදන්න....

    වැඩේ නැගලා යයි....

    ReplyDelete
    Replies
    1. එස්.එම්. මරික්කාර් ඇනෝ ඇවිල්ලද කොහෙද?

      Delete
    2. මං හිතන්නෙ සුසාර දිනාල්

      Delete
  15. අර මනුස්සයා එහෙම වෙන කෙනෙක් ගාපු සබන් කෑල්ලක් පාවිච්චි කරන්න අකමැති නම් ඉතිං කරන්න තිබ්බ්බෙ අළුත් එකක් අරන් දෙන එක...

    හැබයි එහෙම දෙන්නෙක් සබන් කෑල්ලක් පාවිච්චි කලා කියල අවුලක් නැහැ නේ? ඕකෙන් ලෙඩ රෝග මොකුත් බෝවෙනවා වගෙ එකක් වෙන්නේ නැහැ නේ?

    ReplyDelete
    Replies
    1. සමහර සබන්වලින් තියෙන ලොඩත් සනීප වෙනවාලු නේ!

      Delete
  16. මම නං වෙන කෙනෙක්ගේ සබන් කැටයක් භාවිතා කරන්නේ නෑ. හේතු කිහිපයක් තියෙනවා. එකක් නම් අප්‍රසන්නයි. සමහරු සබන් කෑල්ලක් පාවිච්චි කරාම පස්සේ එකේ හැම තැනම මයිල් කෑලි, කොන්ඩ කෑලි ඇලිලා තියෙනවා.
    අනික නම් මම භාවිතා කරන්නේ තෝරා ගත්තු සබන් වර්ගයක් විතරයි. ඒ වර්ගේ සබන් වලට ගොඩක් අය අසා නෑ. ඉතින් ඒ ඒ හින්දා මම කොහේ හරි නතර වෙන්න යනවා නං මම සබන් කැටයක් අරං යනවා.
    අනික නම් පොඩි කාලේ උගන්නපු මිස් කෙනක් කියලා දුන්නා කක්කා කරලා පස්ස පැත්ත හොදද්දී සබන් දාලා හෝදන්න කියලා. ඒ වෙලේ කිව්වා හැබැයි සබන් කටේ පස්සේ උලාගන්නේ නැතිව ඒ වැඩේ කරන්න කියල. ඔය කතාව හිතට කැවිලා තියෙන හින්දා අනුන් පාවිච්චි කරන සබන් භාවිතා කරන්න හිතෙන්නේ නෑ.
    දැන් නං ගොඩක් අය සබන් වෙනුවට බොඩි වොෂ් වර්ග භාවිතා කරනවා නේ. එතකොට නං මේ ගැටළු මතු වෙන්නේ නෑ.
    සමහර අය ඉන්නවා යට ලංකට් එකත් අනික් අය එක්ක මාරු කරගෙන අඳින. කකා එහෙම කරලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. 'යට ලංකට්' කියන්නෙ 'උඩ ලංකට්' කියලා ජාතියකුත් තියෙනවද?

      Delete
    2. ඔව් උඩ ලංකට් කියල ජාතියකුත් තියෙනව. ඇයි සුපිරි මෑන් අඳින්නෙ. අපෝ මෙයා දන්නෙත් නෑ... හෙහ්..හෙහ්...

      Delete
    3. අපෝ අප්පිරියාව

      Delete
    4. @ Anonymous February 26, 2014 at 9:46 AM

      මොනවද අනේ ඔයා ගාන සබන් ජාතිය? රෙක්සෝනා ද?

      Delete
  17. අනිත් කෙනෙක් ගාපු සබන් ගන්න කැමති නැති එක ඉතිං පෞද්ගලික දෙයක්නේ. ඒත් අර විදිහට කිව්වා නම් වැරදියි. ඒක හරියට නිකං කෙනෙකුට කන්න දීලා, "හරි නං කන්න නොදී ඉන්නයි තිබ්බේ" කියනවා වගේ. කාපුවා එළියට දාන්න හිතෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ඒකතමයි, පව් නේද?

      Delete
  18. සබන් නේ ,කවුද අෆ්ෆා නම් බල බලා ඉන්නෙ තිබුණ එක ගැවා නැවා ...වැඩේ හරි අයේ මුකට වෙන දෙවල් හොයන්න යනවා ද ????සැගවුණු අරුත් නැතිය :)

    ReplyDelete
  19. අපිත් බෝඩිමේ මුල් කාලේ එකම සබන් කෑල්ල පාවිච්චි කළා.ඒත් හැමදාම නාන්ඩ යද්දි සබන් කෑල්ලෙ ඇලිලා තියෙන හොඳට ඇඹරිච්ච දිග රෝම අයින් කරන්ඩ උනාම මට හිතුනා මගේම සබන් කෑල්ලක් තිබ්බොත් හොඳයි කියලා.

    ReplyDelete
    Replies
    1. බෝඩිමේ ඉන්න කොට සෙට් වෙන්නේ එහෙම නැද්ද හවසට?

      Delete
    2. මොනවටද සුදෝ....???

      Delete
  20. අනුන් පාවිච්චි කරපු දෙයක් පාවිච්චි කරන්න අකමැති එක එක එක්කෙනාගෙ පෞද්ගලික කැමැත්ත. ඒත් ඔය විසල් කියන කෙනාට තිබ්බෙ සද්ද නැතුව සබන් කෑල්ල අරගෙන ඒක පාවිච්චි නොකර ඉන්න. එතකොට අනිත් කෙනාට අවමානයක් වෙන්නෙත් නෑ. ඒත් අපි මිනිස්සු විදිහට මේ වගේ දේවල් වලදි පොඩ්ඩක් මීට වඩා හිතන්න ඕනෙයි කියලයි මට හිතෙන්නෙ. අනිත් මිනිස්සුන්ගෙ වගේම අපේ ඇඟෙත් තියෙන්නෙ එකම දේවල්. ඇඟ අපේ උනා කියල ඒක රත්තරන් වලින් හැදිල නෑනෙ. ඔය විසල් කියන කෙනාට ලෙඩක් වෙලා බෙහෙත් ගන්න හරි හොස්පිට්ල් එකේ නවතින්න හරි උනාම එයාව අල්ලන්න දොස්තරට හරි නර්ස්ට හරි අප්පිරිය හිතිල 'මේ මට ඔයාව අල්ලන්න බෑ. ඔයාගෙ ඇඟේ ජරාව' කියල කිව්වොත් මොකද වෙන්නෙ. අනේ මන්ද දැන් මිනිස්සුන්ගෙ ඕනෙවට වඩා මාන්නය වැඩියි....

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රොෆයිල් වලින් එන්නෙත් මාන්නය නිසා නේද? මාන්නය දුරු කළා නම් අපි වගේ ඇනෝ එන්න පුළුවනිනෙ.

      Delete
  21. එතකොට කෙනෙක් ප්‍රොෆයිල් එකක් හදාගන්නෙ මාන්නය හින්දද???? ඔව් ඉතින් මාන්නය පෘත:ජන අපි හැමෝටම අඩු වැඩි වශයෙන් තියනවා. ඒත් ඕනෙවට වඩා තියෙන එක තමා හොඳ නැත්තෙ.එහෙම බැලුවොත් ඉතින් ඇනෝ එන එකත් මාන්නය තමයි.

    ReplyDelete
    Replies
    1. අනිත් මිනිස්සුන්ට මාන්නය තිබුනා කියලා ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද? ඒ අය කවුරුත් ඔයාගෙන කාලා ඇඳලා ඉන්නේ නැහැනේ. ඒ මනුස්සයා සබන් කැටේකට නහින කෙනෙක් නෙමෙයි. ඒක තේරුම ගන්න. රට්ටු හදන්න එන්න එපා හලෝ. මට පෙන්නේ ඔයාට තියෙන්නේ හීන මානය වගේ.

      එකට නං මුලිකව බලපාන හේතු කිහිපයක් තියෙනවා. ශාරීරික අඩුපාඩු, අඩු කුලයක ඉපදීම, සල්ලි නැතිකම,පිළිගත් රස්සාවක් නැතිකම වගේ එව්වා,

      දැන් උදාහරණයක්‌ විදියට මාරයා සහ කකා බලන්න. මාරයා කියන්නේ බ්ලොග් එක නැත්තං කවුරුත් ගණන් ගන්න නැති අති අසාර්ථක මිනිහෙක්. පොර ඒක වහගන්න බ්ලොග් ඒක පාවිච්චි කරනවා. ඒත් කකා කියන්නේ බ්ලොග් එක නිසා බැබලුනු කෙනෙක් නෙමෙයි. හොද ඉස්කෝලෙක ඉගෙන ගත්තු,රට රාජ්ජ වල ඇවිදලා තියෙන, පිළිගත් රස්සවක් කරනවා හොද පවුල් ජිවිතයක් ගත කරනා අයෙක්. ඒ වගේ අයට ඉර්ශියා කරන මාරයා වගේ උදවිය ඉන්නවා. තවත් අයත් ඉන්නවා.

      එයාලා තමයි කියන්නේ දැන් ඉන්න අයගේ මාන්නය වැඩියි කියලා.

      Delete
    2. ඉගෙන ගත්තා නැතා. බුද්ධිමතා නැතා කියලා නැහැ. ඔය ඔක්කෝම මාර පොරවල් වෙන්නෙ බ්ලොග් හන්දා. බ්ලොග් නැත්තං ඔය අපේ ගමේ සිරිදාස උන්නැහෙ වගේ සාමාන්‍ය මිනිස්සු.

      Delete
    3. අනේ අම්මේ පෝස්ට් එකකට කමෙන්ට් කරල මම අහගන්න දේවල්. මම කමෙන්ට් කරේ මේ පෝස්ට් එකට. ඒක එච්චරයි. මම මෙතන කිසිම කෙනෙකුට අපහාසයක් කරේ නෑනේ. මම කිව්වෙ මේ කතාවට අදාල විසල් කියන කෙනාගෙ මාන්නය ටිකක් වැඩියි කියල. ඒක මට හිතෙන විදිහ. බ්ලොග් නිසා මිනිස්සු පොරවල් වෙනවද නැද්ද කියන එක මම දන්නෙ නෑ. බ්ලොග් ලියන අය ලියන දේවල් රසවත් නම් අපි කියවනවා. එච්චරයි. ඔව් මට ශාරිරික අඩුපාඩු ගොඩක් තියනවා, අඩු කුලයක ඉපදිලා ඉන්නෙ, මට සල්ලිත් නෑ, හරි හමන් රස්සවකුත් නෑ, හරියට ඉගෙන ගෙනත් නෑ. කොටින්ම මට හීනමානය තියෙනවා. හරි මම ඒක පිලිගත්ත. ඒ නිසා ආයේ මේ ගැන දිගට මේක ඇදගෙන් යන්නෙ නැතුව ඉන්නවද? මොකද මේ බ්ලොග් එකටයි පෝස්ට් එකටයි ඒක හොඳ නෑනෙ...

      Delete
    4. /මොකද මේ බ්ලොග් එකටයි පෝස්ට් එකටයි ඒක හොඳ නෑනෙ.../

      අන්න ඔයාට වැරදිච්චි තැන. කාට හරි මඩක් යනවා නම් ඒක බ්ලොග් එකටයි පෝස්ට් එකටයි අනිවාර්යයෙන්ම හොඳයි. එතකොට තමයි කකාගේ හිට් කවුන්ටරේ පට පට ගාලා කැරකෙන්න පටන් ගන්නෙ. කකා ගිය ආත්මේ ටැක්සි ඩ්‍රැයිවර් කෙනෙක් නිසා ඒකට පට්ට ආසයි.

      Delete
    5. සඳා,
      ඔබේ ප්‍රතිචාරවලට ස්තුතියි.
      විසල්ව පුද්ගලිකව දන්නා නිසා ඔහුට තිබුනේ මානයකට වඩා සමාජය ගැන හරි අවබෝධයක් නැතිකම යැයි සිතමි.
      ආත්මාර්තකාමී කියා කි‍යන්නම බෑ, සබන් කෑල්ල ගන්න දුන්නු හින්දා

      Delete
  22. පුද්ගල සනීපාරක්ෂාවේදී නම් කියන්නේ ඇඳුම්,තුවාය,දත් බුරුසු.....වෙන වෙනම පාවිච්චි කරන්න කියලනේ..
    ඒත් ඉතිං බෝඩිමක් හෝ රෙදි වේලෙනකම් ඒවා මුර කරන්න වෙන හොස්ටල් එකක් වගේ තැනකදී ඕව විහිලු විතරයි....

    කතාව අනුව මුන් තුන් දෙනාම ඔයතරම් කාලයක් වෙන වෙනම සබන් පාවිච්චි කරන්න ඇත්තේ මොකක් හරි හේතුවක් අතුවනේ...එහෙම බැලුවහම විසල් සාධාරණයි.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? ඔයාගේ විචාර බුද්ධිය නම් මාරයි. ඒක කන්දෙකෙන් බේරෙනවා. පිහදාගනින් මාමේ.

      Delete
  23. අපිටනම් ඉතිං ඔය වෙන වෙන සබන් නෑ. හොස්ටල් එකේ කාමර හතර පහකටම තියෙන්නේ එක සබන් කෑල්ලයි! සමහර දවස් වලට ඒකත් නෑ!

    ReplyDelete
    Replies
    1. රජරට අයට නම් පොලීසියෙනුත් දෙනවා නේද සබන්?

      Delete
  24. අනේ අපිනම් ගාන්නෑ සබන් අර පොඩ්ඩි කිවුව වගේ :D

    ReplyDelete
  25. අපෝ ගෑනු ළමයිට නම් ඔය වගේ ගතිගුණ තිබ්බට කාරී නැහැ,පිරිමි අය ඔය වගේ ගෑනු ගති පෙන්නපුවම කැතයි උනුත් ගෑනු වගේ

    ReplyDelete
  26. හරි දේ නෙමේ තමයි මෙතන උනේ .. ඒත් අපි එහෙම හිතුවට විශ්‍යවිදයාල ශිෂ්‍යයෙක් වෙච්ච එයාට එහෙම නොහිතුන එක පුදුම වෙන්න දෙයක් නැහැ.. හැම මනුස්සයම එක වගේ නෙමේනේ .

    ReplyDelete
  27. දැන් ගෙවල්වලදිවත්,පාසලේදිවත් ළමයින්ට සිරිත් විරිත් ,ආකල්ප සංවර්ධනය කවන්නැහැ.
    විනයක්,නැති රටක..මේවාගේ දේවල් ගැන කථා කරලා වැඩක් නැහැ.

    එක එක අය එක එක විධියයි.සම්බන්ධතා පවත්වද්දි ඒ ගැන අවබොධයෙන් ඉන්න ඕනි.
    සබන් කෑල්ල ඉවරනම් ගේන්න මතක නැහැ කියන්නේ නොසැලකිල්ල.
    ඉන් එහා කවර නම් කථාද?

    ReplyDelete
  28. විනය තකා ඉන්න ඕන එතකොට හරි.

    ReplyDelete
  29. බෝල සබන් ඇඟ ගාලා හායි හායි...

    ReplyDelete
  30. අනේ මන්ද. මට නම් ගානක් නෑ කවුරු ගෑවත්.

    ReplyDelete
  31. විසල් ට සමහර විට අප්පිරිය ඇති අනුන් ගාපු සබන් ගාන්න. ඒ උනාට ඉතින් යාලුවාගේ හිත නොරිද්දා ඕක ඔයිට වඩා හොඳට කියන්න තිබුණා කියල හිතෙනවා. "මට තව සබන් කෑලි තියෙනවා. ඕක මං ගානේ ඔයා තියාගන්න" කිව්ව නම් හරිනේ.

    ReplyDelete
  32. නානත්ථ කායා, නානත්ත සඥ්ඥා..

    ReplyDelete
  33. සබන් කෑල්ල නම් වතුර පාරක් අල්ලලා හෝදලා ගත්තාම හරිනේ..එහෙම බැරිනම් විසල්ට තිබුනා ‘‘මා ගාව වැඩිපුර එකක් තියෙනවා උඹ තියාගනිං මචං‘‘ වගේ කියන්න...

    ReplyDelete
  34. me satha pahaka wedak nathi katha walata modayo comments danawa,
    kakka budi.

    ReplyDelete
  35. නිකංම නිකං සබන් කෑල්ලක් ගිහින් තියන දුර!

    මමනම් හිතන්නෙ සබන් කෑලි සහ අයිස් කැට අපිරිසිදු වෙන්නෙ නෑ කවදාවත්.
    සබන් කෑලි වල ඔය තරම් මයිල් ගස් කොණ්ඩ ගස් ඇලිල තියනවනං ඒව ගාන්න ඇත්තෙ මයිල් හැලෙන වයසෙ එවුන් වෙන්න ඇති.

    ReplyDelete
  36. Replies
    1. හලෝ ජෝති..... දැක්ක කල්... කොහොමද බිස්නස්.... ආයෙ නග්ගල ගන්න කරමුද හොරු සමග හෙළුවෙන් වැඩ සටහනක්.....

      Delete
  37. මමත් හිතන්නේ අළුත් සබන් කෑල්ල විසල්ට දීලා, විසල්ගෙන් ණයට ගත්තු සබන් කෑල්ල දිගටම පාවිච්චි කරනම් හරි කියලා ..

    ReplyDelete
  38. //නමුත් මට නං හිතුනේ විසල් කරපු වැඩේ වරදක් නෑ ය කියලයි.//....?
    මටනම් සිතෙන්නේ දෙදෙනාම කරපු වැඩේ වැරදියි.
    ඉල්ලාගත්තු සබන් කෑල්ල තමන්ම ලඟම තියාගෙන මොකුත් උදාන වාක්‍ය නොකියා අළුත් සබන් කෑල්ලක් දුන්නානම් හොඳය කියා සිතේ.

    ReplyDelete
  39. මට නම් සබන් කෑල්ල එච්චර අවුලක් නැහැ. විසල්ගේ වචණ සෙට් එක නම් පිහියෙන් අණිනවා වගේ දැණුනේ. සමහරුන්ට තව කෙනෙක් රිදවන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. මොනවා වුනත් කකා මට වෙන කෙනෙකුගේ පනාවකින් නම් කොන්ඩේ පීරන්න හිත දෙන්නේම නැහැ. එක එක පුරුදුනේ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.