Monday 30 December 2013

හාල්පාරුවෝ සහ හාල් කෑලි - Best among the rest


ඒ මට මතක විදියට මා උසස් පෙළ නිමවා ගන්ධබ්බ ජීවියක් ගතකරන කාලයේ විය යුතුය. එක් දිනක් මම අපේ අංකල් ගේ බයිසිකලයේ නැගී රත්මලාන ප්‍රදේශයේ මංමාවත්වල කරක් ගැසුවෙමි.

මට යා යුතු නිශ්විත තැනක්, කළ යුතු වෙනත් කාර්යයක් නොමැති වූ නිසා අංකල් ගේ නිවසේ සිට බෙලෙක් කඩේ දෙසට විත්, එතැනින් ගාළු පාරෙන් අනෙත් පසට ගොස් දුම්රිය පොළ පැත්තේ ඔහේ පැදගෙන ගියෙමි.

සමහර විට මා එකම පාරේ දෙතුන් වරක් මේ ලෙස යන්නට ද ඇත.

එක්වරම මා දුටු කොලුවෙක් "මෙන්න හාල්පාරුවෙක්!" යැයි කෑ ගැසීය.

ඌ ඒ ආකාරයට ඒ නමෙන් හැඳින්වූයේ ගමේ ගොඩේ දී විටක දකින, කිසි වැඩකට නැති සතෙක් සේ සැලකෙන "හාල්පාරුවා" නම් වූ සර්පයෙකු නොව කිසි වැඩකට නැතුව ඔහේ සයිකලයක් පැද යන මා බව මොහොතකින් මට වැටහිණි. (ප/ලි: මා මෙහිදී ඇත්තටම අදහස් කලේ හාල්දණ්ඩා නම් වූ සර්පයා ය. හාල්පාරුවා නම් වූ සර්පයෙක් නැත.)

"හාල්පාරුවා" යන යෙදුමේ නියම තේරුම මට වැටහුණේ එදින ය.

මින් වසර කිහිපයකට පසු කාලයක "හාල් කෑලි" යන යෙදුම මට අසන්නට ලැබුණි.

මෙයින් අදහස් වෙන්නේ, කිසි සුවිශේෂීත්වයක් නැති, පොල් පිත්තකින් වුව කපා ගත හැකි, පඳුරකට ගැසූවිට දහයක් පහලොවක් පමණ විසිවෙන ආකාරයේ සාමාන්‍ය අවශේෂී පුද්ගලයින් ය.

අප මිතුරන් කීප දෙනෙකු අතර මේ යෙදුම තවමත් භාවිතාවෙයි. එසේ වුවත් අප කියන්නේ නිකම්ම නිකං "හාල් කැලි" කියා නොවේ, වැදගත් ආකාරයට "සහල්" කියා ය.

ඔය කතා දෙකම මට සිහිවූයේ මේ ලඟදී දිනක අළුත්ම හාල් වර්ගයක් උයා අනුභව කරන්නට ලැබුණු විටයි.

මෙය ඉන්දියානු සහල් වර්ගයකි.

මේ සහල් වර්ගයේ ඇති එක් සුවිශේෂී වෙනසක් නම් ඒ හාල් ඇට ඉතා දිගු ඒවා වීමයි.

මෙන්න හාල් ගැරීමට පෙර.


සෝදා ගත් සහල් රයිස් කුකරයේ ඉදෙන්නට පෙර.


මෙන්න බත් ඉදුණු පසු.


මෙන්න මේ ඉදුණු බත් ඇටවල දිග කෙතරම්ද වටහා ගැනීමට හැකි ආකාරයේ ඡායාරූපයක්.


කොහොමද දිග? ඉන්දියන් කියලා කියන්නවත් බෑ නේද?

මෙයින් මට තේරුම් ගිය එක් කාරණයක් නම් අවශේෂී හාල් කෑලි අතර ද සමහර හාල් කෑලි සුවිශේෂී ඒවා විය හැකි බවයි.

-කතන්දරකාරයා

ප/ලි
මේ කතන්දරයේ කිසිදු සැඟවුණු අරුතක් නොමැති බව කරුණාවෙන් මතක් කරමි.

(image: http://www.shutterstock.com/pic-2243346/stock-photo-a-rice-barge-on-the-chao-phraya-river-in-thailand.html)

148 comments:

  1. //කොහොමද දිග? ඉන්දියන් කියලා කියන්නවත් බෑ නේද?//
    මෙන්න මේ ටික දැක්කාම පරණ නිවුස් එකක්නම් මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ ගැන දුමී ලියපු කතන්දරේ ලින්ක් කළා!

      Delete
    2. ලංකාවේ හාල් චූටියි. ඉන්දියාවේ හාල් දිගයි.
      ජපානෙත් හාල් තියෙනවානම්?
      එතකොට මැලේ හාල් තියෙනවානම්?
      ඇමරිකාවේ?

      Delete
    3. ඇමරිකාවේ ඒ සහල් හැර තවත් සහල් වර්ගද ඇත.

      Delete
    4. වෙනදා එකට එන නාකි අංකල් අද කෝ?

      Delete
  2. මම මේ තාම හැංගිච්ච තේරුමක් තියෙනවද කියලා හොයනවා...කමෙන්ට් කරන්ට වෙන්නේ හොයලා බලලා තමයි. :)

    ReplyDelete
    Replies
    1. හැංගි හොරා කරන දේ දවසක එළිවෙන්න ඉඩ තියෙනවා කියලා කියනවා නේද?

      Delete
    2. පොඩ්ඩි උදේ පාන්දරම මඩ බාල්දිය කලත්තාගෙන ආවා පොඩ්ඩක් විපරං කරන්න. ම්හ්........
      හැංගි මුත්තෝ හැංගියෝ

      Delete
  3. බ්ලොග් ලියන හැටි ඉගෙන ගන්නවානම් මෙන්න මිනිස්සු. කතන්දර කියන්නේ කවුරු මොනවා කිව්වත් සිංහල බ්ලොග් ලෝකයේ නොම්බර 1.
    කතාට කලින් ගහපු මඩවල හැටියට කතා මැරෙන්න ඕනේ . well done kaka, you are an example to all the other sinhala blog writers.

    ReplyDelete
    Replies
    1. කොටින්ම මං බ්ලොග් ලියන්න ඉගෙන ගන්නෙත් මගෙන්මයි!

      Delete
    2. මේ ඇනෝ කමෙන්ටුවට යටින් (කකාට උඩින්) ආ යුතු කමෙන්ටුව තමයි,

      "ME KAKAMAI" නැත්තං, "මේ කතන්දරකාරයමයි ඇනෝ ඇවිත් තියෙන්නෙ"

      Delete
    3. කකාට පොඩි කාලෙ කවුරුත් අකුරු කියෙව්වෙත් නෑ. නැකතට පොත අතට දුන්නාම කකා පැංචාම "අයන්න" "ආයන්න" කියලා අකුරු කියෙව්වා.

      Delete
    4. කකා ආනන්දෙට ගියේ නෑ. ආනන්දෙ ටීචර්ලා කකා ලගේ ගෙදරට ආවා කකාගෙන් ටියුෂන් ගන්න.

      Delete
    5. @ Anonymous December 30, 2013 at 8:29 AM;

      කකා ජීවිතේට නැකතට වැඩ කරලා නෑ..... ජෝතිශ්‍ය අළුයම ලූ කෙල පිඬක් සේ අහක දාලා තියෙන්නේ....... ඇදහිලි විශ්වාස මුකුත් නෑ... තනිකර භෞතික වාදීයි..... අතිශය පිරිසිඳු... අකලංක..... අචින්‍ය.... සුසමාදර්ශී ජීවිතයක් තියෙන්නේ.....

      වෙන විදිහකින් කියනවනම් කකා සෙරෙප්පු නැතුව පොලවෙ ඇවිදිනකොට අඩිය තියන තියන තැන මල් පිපෙනවා...... කකාත් නිකම් ඇවිදින රෝස මලක් වගේ.....

      Delete
  4. මේක භාස්මති වර්ගයක් නේද? කාලා තියනවා වගේ මතකයි එක පාරක්. ඒත් රහක් නම් නෑ. නිකන් රොඩු වගේ

    ReplyDelete
    Replies
    1. ඔබ කා ඇත්තේ "හාල් කෑලි" බව පෙනේ.

      මේ "සහල්" වර්ගය ඉදෙන විට පලාතම සුවඳවත් වේ!

      Delete
    2. සුවඳ හැම දේම රහයැ බැං?

      Delete
    3. අන්න කකා, හාල් කෑලි කියපුවාම මට මතෙකට ඒන්ෙන් හාල් ව ෙග් වැලි, පුල්මුෙඩ් පළාතට කිට්ටුව තිෙයන අරිසි ම ෙල් තිෙයන්ෙන් ඒ් වෙග් වැලි. අරිසි ම ෙල් ෙවර ෙල් තිෙයන්ෙන් හාල් වාෙග් වැලි.

      (අරිසි කියන්ෙන් ෙදමෙළන් හාල් වලට ෙන්ද?)
      අරිසි ම ෙල් = හාල් දූපත
      ( ෙකාම්පුයුතරය අකුරු ෙබානවා!)

      Delete
  5. අවශේෂ හාල් කෑලි අතර සුවිශේෂී හාල් කෑල්ලක් වීමට උත්සාහ කරන්න.
    සිංහයන් අතර බල්ලෙක් නොවී බල්ලන් අතර සිංහයෙක් වන්න.
    ගැලපෙන්නේ කොයිකද කකා????

    ReplyDelete
    Replies
    1. ඔය සිංහ-බලු කතාව රෝල් කරපු මං දන්නා අහවලාට නං වැරදුනේ නෑ, දැන් ලොකු පුටුවක වැජඹෙනවා.

      Delete
    2. දකුණු කුරු දිවයිනේද?

      Delete
    3. නෑ, මට මතක හැටියට සුමන සමන් අඩවියේ!

      Delete
  6. //අවශේෂී හාල් කෑලි අතර ද සමහර හාල් කෑලි සුවිශේෂී ඒවා විය හැකි බවයි//
    අන්න නියම කියමනක්... :)

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තාම ඕනෑම හාල් කෑල්ලක් සුවිශේෂ පොරක් වෙනවා. තුන්වන පාර්ශ්වයන් ගැන කියනවාට කකා විරුද්ධ නිසා උදාහරණ දෙන්න යන්නේ නැහැ.

      Delete
    2. වෙන උදාහරණ කුමටද? මේ කතාවම තියෙන්නේ!

      Delete
    3. එහෙම නෙවයි කකා. උදාහරණ දුන්නම පැහැදිළියි නේ. දැන් ඉන්නවානේ සමාජ පිරමීඩයේ ඉතාම පහළ තැනින් බිහි වෙලා, සමාජ අසාධාරණකම් මැද්දේ බ්ලොග් අවකාශයේ මහාවීරයන් වෙච්චි පොරවල්. අර ඉස්සර නවයුගය පත්තරේ තිබුණා වගේ "දුක දිනා ජයගත් බ්ලොග් හපන්නු" කියලා කොලමක් ලියන්න තිබුණා කකා ඉඩ දෙනවා නම්. කාටද ආඩම්බර?

      Delete
    4. එක බ්ලොග් එකක් අස්සේ තවත් බ්ලොග් ලියන සිරිතක් තියෙනවායැ. ඔහේට ඇහැකිනේ ඔහේගෙම බ්ලොගයක් පටන් ගන්න.

      Delete
  7. //මේ කතන්දරයේ කිසිදු සැඟවුණු අරුතක් නොමැති බව කරුණාවෙන් මතක් කරමි//
    :)
    කතන්දරයක් ලියන්නත් නෑ නිදහසේ. මේ අහිංසකයගෙන් අහනව යටි අරුත්

    ReplyDelete
    Replies
    1. හරියට රෙදි සාප්පුවක තියෙන ඩමියක සාය උස්සලා යට ඇඳුම් හොයනවා වගේ නේද? ගණන් ගන්න එපා ඕක තමයි මනුෂ්‍ය ස්වභාවය පිංවතුනි.

      Delete
    2. අරුත් අහනවා නොවෙයි උපකල්පනය කරනවා!

      Delete
    3. පැහදිළි නෑ. කකා කා ගැනද 'අරූත්' කියලා කිව්වෙ?

      Delete
    4. ඔව් බං මඩ බාල්දිය අතින් ගත්ත අෑෙයා් ෙහායන්ෙනම කුණු රහමයි. ඒ් කයි යටින් අරුත් ගලපන්න යන්ෙන්.

      Delete
  8. ඔය සිංහල බ්ලොග් අස්සෙත් හාල් කෑලි ඕනෙ තරම් තියෙනවා නේද? සමහර හාල් කෑලි අවුරුදු හතර පහ පරණ ඒවා.

    ReplyDelete
    Replies
    1. අපි කවුරුත් එක හැලියේ බත්!

      Delete
    2. එක හැළියේ බත් වුණත් එක සමාන නැහැනෙ කකා.

      Delete
    3. ගින්දරත් සමානව ෙබදුෙන් නැත්නම්, හැදි ගෑෙව් නැත්නම්, ගානට ඉෙදන්ෙන් නෑෙන්.

      Delete
    4. අපි වගේ ඇනෝලා ඉන්නේ ගින්දර සමානව බෙදලා, හැඳි ගාලා දෙන්න තමයි. ඉඳ හිටලා අපි කරපිංචා කෑල්ලක් දෙකක් විසික් කරලත් දෙනවා.

      ඇනෝලා විසින් හැඳි නොගා හදන බ්ලොග්කරුවකු හැඳි නොගා උයන බතකට අන්තය.

      Delete
  9. වියට්නාමේ නම් තියනවා හාල් කෑලි වලින් හදන කෑමකුත්...
    Cơm_tấm

    ReplyDelete
    Replies
    1. ඇයි ලංකාවේ සුනුසාල්වලින් අග්ගල හදන්නේ!

      Delete
    2. සුනුසහල් බත් හෙවත් හූන්සල් බත් තියෙන්නෙ අපිට

      Delete
  10. ලංකාවේ ද මෙවැනි දිගින් වැඩි සහල් වර්ග තිබුණා,විශේෂයෙන්ම හැල් වී වර්ග ,

    ReplyDelete
    Replies
    1. කොයි කඩේද තිබුණේ? සමූපෙද? සතොසෙද?

      Delete
    2. කතන්දර,
      එය සමස්ත ලෝකයා මුලින් ම ගෝලීයකරණයක් අත්දුටු, අන්තර් සංස්කෘතික බෙදා ගැනීම් උත්සවාකාරයෙන් සමරන ලද යුගයයි.....
      බහුතර දෙනෙකුට නැව් මාර්ග සහ දුම්රිය මාර්ග වලින් තම දේශ සීමාවන් වලින් බැහැරට යමින් ලෝකය දැනගැනීමට මුලින්ම ඉඩක් පෑදුන සමයයි.....
      වෙනත් කිසිම යුගයකට පෙර නොතිබුණ ලෙසකින් පාරිභෝගික භාණ්ඩ ද දේශ සීමාවන් හරහා ගිය අතර බහු සංස්කෘතික රසාස්වාදයන් සාහිත්‍ය කලාවන්ට ද එකතු වූ කාලයයි......

      Delete
    3. දිගින් වැඩි එවා තිබුණේ රජ කාලේ සිරිමා අගමැති කාලේත් දිග වැඩි එවා තියෙන්න ඇති ..ඇයි හාල් පොලු තිබුණාලු නේ මම අහලා තිබුණා ..දැන් අපේ රට චින ,ජපන් ක්‍රමයට පොඩි ඇට සහල් පාරිභෝජනය කරන්නෙ .

      Delete
  11. අප්‍රිකන් නෙමේ කියල සුවර්ද ?

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් - මේකේ නම ඉන්දියා ගේට්

      ;-)

      Delete
    2. "India gate" kiyanne brand name ekak needa kako

      Delete
    3. එහෙනම් බොම්බයි ලූණු කියන්නේ බොම්බායෙ වවන ඒවා වෙන්ටැ. මයිසූර් පරිප්පු කියන්නේ මයිසූර් වලින් ගේන ඒවා වෙන්ටැ.

      Delete
  12. "ගමේ ගොඩේ දී විටක දකින, කිසි වැඩකට නැති සතෙක් සේ සැලකෙන "හාල්පාරුවා" නම් වූ සර්පයෙකු "
    සර්පය "හාල්දන්ඩ"නේද?
    KK, can you pl give that English to Sinhala (phonetic) link again? Permission is denied to Raaj's blog where you gave it to me first. Thanks.

    ReplyDelete
    Replies
    1. ඔව් හාල්දණ්ඩා තමයි. අපි ඌට කිව්වේත් හාල්පාරුවා කියලා තමයි!

      Delete
    2. ආයේ අමතක වුනොත් sinhala unicode converter කියා සර්ච් කරන්න.

      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

      Delete
    3. ප/ලි: හාල්පාරුවා නම් වූ සර්පයෙක් නැත.

      Delete
    4. මතක හැටියට 'හාල් පාරු' කියන්නේ' හාල් හෝදා දමන වතුරටයි.

      Delete
    5. ඒ හාල් පානු වතුර ඇනෝ

      Delete
  13. හාල්පාරුවා කියලා සර්පයෙක් ඉන්න බව දන්නේ දැන් තමයි. මටනම් රතු කැකුළු තරම් වෙන කිසිම හාලක් අල්ලන්නේ නැහැ. මම නම් ඉන්දියන් කෑම කන්නේ නැහැ. ඉන්දියාවේ කෝච්චියක ටොයිලට් එකට මුත්‍රා කරන්න කියා විට දැක්ක ගෝවා ගෝනි නිසා. ඒ වා උයන විට ලුණු දාන්න ඕන නැතිව ඇති. ඒ වගේම කුඹුරු අයිනේ මළපහ කරන රටක් නේ ඉන්දියාව.

    ReplyDelete
    Replies
    1. සර්පයා ගේ නිවරද නම හාල්දණ්ඩා බව දැන් ඉහත කමෙන්ටුවක් නිසා වැටහුණා!

      Delete
    2. @මහා කළු සිංහලයා,

      ලුණු කන්නත් එපා. මාළු කක්කා කරන්නෙත් මූදටනෙ. ඇයි කොළඹ වගේ නගර වල අසුචි බට දාල තියෙන්නෙත් මූදට.

      Delete
  14. //මේ කතන්දරයේ කිසිදු සැඟවුණු අරුතක් නොමැති බව කරුණාවෙන් මතක් කරමි.//
    ඒ කියන්නේ කලින් එකේ තිබුනද ?

    ReplyDelete
  15. //මට යා යුතු නිශ්විත තැනක්, කළ යුතු වෙනත් කාර්යයක් නොමැති වූ නිසා අංකල් ගේ නිවසේ සිට බෙලෙක් කඩේ දෙසට විත්, එතැනින් ගාළු පාරෙන් අනෙත් පසට ගොස් දුම්රිය පොළ පැත්තේ ඔහේ පැදගෙන ගියෙමි.

    "හාල්පාරුවා" යන යෙදුමේ නියම තේරුම මට වැටහුණේ එදින ය.//

    මට නම් හිතෙන්නෙ කකා තාම ඔය වචනෙ තේරුම දන්නෙ නෑ...... කකාට බ්ලොග් ලෝකෙදිත් වෙන්නෙ ඕකම නේ.......

    ලිවිය යුතු නිශ්චිත දෙයක් හෝ වෙනත් යමක් නැති නිසා ඔහේ මොකක් හරි මරගාතයක් ලියලා..... මේකෙ ඔබනවා.... ඇති වැඩක් නෑ...... අපි හාල් පාරුවා කියලා කිව්වත් අහන්නෙත් නෑ.....

    අං දිග ගෝණා වගේ බලන් ඉන්නවා.....

    ReplyDelete
    Replies
    1. හාල්පාරුවෝ බ්ලොග් එකට නිතර පැමිණ මේ ආකාරයේ ප්‍රතිචාර තබා යති. නැවත නැවත එති.

      Delete
    2. / නැවත නැවත එති./

      නැවත නැවත එන්නේ බ්ලොග් එක ලියන හාල්පාරුවා ඒකට මොකද්ද දාලා තියෙන ප්‍රතිචාරය කියලා බලන්න.

      Delete
    3. එන්න අපි දෙන්නා හාල්පාරු සංගමයක් හදමු!

      Delete
  16. අර උඩ පින්තූරය හාල් වගේ නෙවෙයි, හාල් මැස්සො වගේ.

    ReplyDelete
    Replies
    1. හාමිනේ ගේ බඩු ලයිස්තුව හෙවත් අපි නොදන්න ස්ප්‍රැට්ස්! - What on earth are Sprats?
      http://kathandara.blogspot.com/2012/01/what-on-earth-are-sprats.html


      Delete
  17. පළමුවෙන්: සුභ නව වසරක් වේවායි පතමි.
    දෙවනුව, කෙන්ජි ගේ බ්ලොගය ට කුමක් වීදැයි කවරෙකු හෝ දන්නවාද? Perhaps Raj?

    ReplyDelete
    Replies
    1. මිනිස්සු පොරවල් වෙන්න.... තමන්ගෙ අසහනේ නැතිකරගන්න.... ලිංගික වාසි ලබා ගන්න.... ලැප්ටොප්, කැමරා, ට්‍රයිපෝඩ් ගෙන්න ගන්න..... ණය ආධාර ලබාගන්න.... කොල්ලොන්ව රවට්ටලා ගාන කඩාගන්න....බිස්නස් ගොඩ දාගන්න..... මිත්‍යාව වපුරන්න..... තමන්ට නැති සමාජ පරිසරයක් වර්චුවල් ලෝකෙ ගොඩ නගාගන්න බ්ලොග් ලියනවා....

      මේ පරමාර්ථ මුදුන් පත් කරගන්න සමහරු තමන් දුක දිනා ජයගත් හැටි ලියනවා.... බඩු ගහපු හැටි ලියනවා.... තමන් දන් පින් කරන හැටි ගැන ලියනවා..... තමන්ගෙ ලොකු ලොකු සම්භන්ධකම් ගැන ලියනවා.... කොහෙන් හරි කරකවලා බොරු ලියනවා.....

      හැබැයි රැවුල අස්සෙන් දත් පේන්න ගන්නෙ ටික දවසක් ගියාම..... එතකොට මේකෙ ඉන්න අනිත් ගොන්නු කිහිප දෙනෙක්ම අහුවෙලා ඉවරයි....

      Delete
    2. @ prabath
      සුභ නව වසරක් වේවා!

      කෙන්ජි යලිත් ජනවාරි පළමුවෙනිදා බ්ලොග් එක පටන් ගන්නා බව කීයා ඇත.
      http://kathandara.blogspot.com/2013/12/know-your-limits-people.html?showComment=1388269224954#c4224832902706508554

      Delete
    3. /මිනිස්සු පොරවල් වෙන්න.... තමන්ගෙ අසහනේ නැතිකරගන්න.... ලිංගික වාසි ලබා ගන්න.... ලැප්ටොප්, කැමරා, ට්‍රයිපෝඩ් ගෙන්න ගන්න..... ණය ආධාර ලබාගන්න.... කොල්ලොන්ව රවට්ටලා ගාන කඩාගන්න....බිස්නස් ගොඩ දාගන්න..... මිත්‍යාව වපුරන්න..... තමන්ට නැති සමාජ පරිසරයක් වර්චුවල් ලෝකෙ ගොඩ නගාගන්න බ්ලොග් ලියනවා..../

      ඉතින් උඹට පාන්ද? අනෙක ට්‍රයිපොඩ් එකක් ගෙන්න ගන්න බ්ලොග් ලියන්නම ඕනෙද? ෆේක් බුක් එකේ ස්ටේටස් එකක් දැම්මම දෙන කෙනෙක් දෙයිනෙ.

      Delete
    4. අනේ අපිට නම් එහෙම ගෙනල්ලා දෙන අය නෑ බං..... අපිටත් ෆේස් බුක් තියෙනවනෙ.....

      බ්ලොග් එකක් මුලින් පටන් අරගෙන...

      තමන් සමාජ අසාධාරණයට ලක්වෙලා.....
      සැමන් මාළුවෙක් වගේ උඩුගං බලා පීනලා......
      ජීවිතේ අමාරුවෙන් අමාරුවෙන් ජයගත්ත.....
      අත්දැකීම් බහුල.....
      අරක්කු බොන....
      සිගරට් බීම කාලෙකට කලින් නවත්තපු....
      බඩු ගහන...
      හැඩකාර...
      මනමාල...
      කෑම උයන්න පුළුවන්....
      සමාජ සත්කාර වලට අනුන්ගෙ සල්ලි වලින් ක්‍රියාකාරීව දායකවෙන......
      නවකයන්ට අත දීලා උස්සලා ගන්න.....
      ඕල් රවුන්ඩ් දැනුමක් තියෙන....
      බස් රේඩියෝ එකේ ප්‍රෝග්‍රෑම් එකක් කරපු..... පොරක් වුනාම තමයි ඕවා ලැබෙන්නේ...

      අඩු තරමෙ ඔයින් 80% වත් කම්ප්ලීට් කලාම තමයි බොක්කෙ පින පෑදෙන්නෙ....

      Delete
    5. අනේ අපිට නම් එහෙම ගෙනල්ලා දෙන අය නෑ බං..... අපිටත් ෆේස් බුක් තියෙනවනෙ..... බ්ලොග් එකක් මුලින් පටන් අරගෙන... තමන් සමාජ අසාධාරණයට ලක්වෙලා..... සැමන් මාළුවෙක් වගේ උඩුගං බලා පීනලා...... ජීවිතේ අමාරුවෙන් අමාරුවෙන් ජයගත්ත..... අත්දැකීම් බහුල..... අරක්කු බොන.... සිගරට් බීම කාලෙකට කලින් නවත්තපු.... බඩු ගහන... හැඩකාර... මනමාල... කෑම උයන්න පුළුවන්.... සමාජ සත්කාර වලට අනුන්ගෙ සල්ලි වලින් ක්‍රියාකාරීව දායකවෙන...... නවකයන්ට අත දීලා උස්සලා ගන්න..... ඕල් රවුන්ඩ් දැනුමක් තියෙන.... බස් රේඩියෝ එකේ ප්‍රෝග්‍රෑම් එකක් කරපු..... පොරක් වුනාම තමයි ඕවා ලැබෙන්නේ...

      අඩු තරමෙ ඔයින් 80% වත් කම්ප්ලීට් කලාම තමයි බොක්කෙ පින පෑදෙන්නෙ....

      Delete
  18. හාල් ෙපාල්ල,
    හාල් ෙපාත,
    හ ෙදන් හාල් ෙගන ඒ්ම,
    ෙදයියන්ෙග් හාල් කැවිලා,
    හාල් වල අාසනික්!
    උත්ෙර් සහල් නැලිය,
    ෙම්වා පහුගිය කාෙලය පුරා ෙද්ශපාලන ෙව්දිකාෙව් හාල් කතා.

    ReplyDelete
    Replies
    1. හාල් කෑලි දේශපාලනය!

      Delete
    2. කාවෝ....උඹත් කොම්පියුටරේට විස්කි පෙව්වද?? :D

      Delete
    3. නෑ බං. මෙක වෙලාවකට අකුරු ෙබානවා. විස්කිනම් යූස් කරන්ෙන් නෑ. විස්කි ෙපාවුවන්ෙන් අරූ ෙන්.

      Delete

  19. තීන්ත වේලී නැත කියල බෝඩ් එක ගැහුවම හැම එකාම වේලිලාද කියල අල්ලල බලනව වගේ මේකෙත් යටි අරුතක් ඇති කියලම හිතන්නෙ ඇයි ... ?

    අපි මැරෙනකම් ඉගෙනගන්නව කියන්නෙ සහතික ඇත්ත .. හාල් පාරුවා කියන වචනෙ කොච්චර පාවිච්චි කරල තියෙද ... ඒත් හාල් පාරුවා කියන්නෙ සර්පයෙක් විත්තිය දන්නෙ අදයි .. අපේ පලාත් වල හාල් දණ්ඩා කියන සතා වෙන්න ඕනෙ.. මෙච්චර දවසක් මම හිතුවෙ හාල් පාරුවා කියන්නෙ නිකං හදාගත්තු ස්ලෑං එකක් කියලයි ...

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. හාල්පාරුවා නම් වූ සර්පයෙක් නැත.

      මෙහි ඇත්තේ වැරදි යෙදුමකි.

      Delete
    2. මම හිතුවෙ ඇත්තටම සමහර පැතිවල එහෙම කියනවා ඇති කියලායි... එහෙනම් ඒක ස්ලෑං එකක්ම තමා ..

      Delete
  20. මට යා යුතු නිශ්විත තැනක්, කළ යුතු වෙනත් කාර්යයක් නොමැති වූ නිසා අංකල් ගේ නිවසේ සිට බෙලෙක් කඩේ දෙසට විත්, එතැනින් ගාළු පාරෙන් අනෙත් පසට ගොස් දුම්රිය පොළ පැත්තේ ඔහේ පැදගෙන ගියෙමි.
    "හාල්පාරුවා" යන යෙදුමේ නියම තේරුම මට වැටහුණේ එදින ය.

    තමන්ට යා යුතු නිශ්විත තැනක්, කළ යුතු වෙනත් කාර්යයක් නොමැති වූ නිසා බ්ලොග් ලිවීමෙන් හාල් පාරු බ්ලොග් කරුවෙකු විය හැක.

    ReplyDelete
    Replies
    1. යම් කිසි නිශ්විත කාර්යක් සඳහා හෝ අරමුණක් සඳහා බ්ලොග් ලියන්නෝ විරලය.

      මා බ්ලොග් ලියන්නේ විනෝදාංශයක් ලෙසිනි. එදා සයිකලෙන් රස්තියාදුවක ගියේ ද විනෝදයටය. වැඩි වෙනසක් නැත.

      Delete
    2. /යම් කිසි නිශ්විත කාර්යක් සඳහා හෝ අරමුණක් සඳහා බ්ලොග් ලියන්නෝ විරලය./

      අර උඩ කෙනෙක් මෙහෙම කියනවා.

      /මිනිස්සු පොරවල් වෙන්න.... තමන්ගෙ අසහනේ නැතිකරගන්න.... ලිංගික වාසි ලබා ගන්න.... ලැප්ටොප්, කැමරා, ට්‍රයිපෝඩ් ගෙන්න ගන්න..... ණය ආධාර ලබාගන්න.... කොල්ලොන්ව රවට්ටලා ගාන කඩාගන්න....බිස්නස් ගොඩ දාගන්න..... මිත්‍යාව වපුරන්න..... තමන්ට නැති සමාජ පරිසරයක් වර්චුවල් ලෝකෙ ගොඩ නගාගන්න බ්ලොග් ලියනවා..../

      මේවා නිශ්චිත කාර්යයන් නෙවෙයිද?

      Delete
    3. මා විනෝදය සඳහා අංකල් ගේ නිවසේ සිට බෙලෙක් කඩේ දෙසට විත්, එතැනින් ගාළු පාරෙන් අනෙත් පසට ගොස් දුම්රිය පොළ පැත්තේ ඔහේ පැදගෙන ගියෙමි.

      මේක මෙහෙම තිබුනානම් මම උඩ කමෙන්ට් එක දාන්නේ නෑ .

      "මට යා යුතු නිශ්විත තැනක්, කළ යුතු වෙනත් කාර්යයක් නොමැති වූ නිසා = විනෝදය සඳහා " කියල කකා අදහස් කර කියල තේරුම් ගන්න බැරි උනා. සමාවෙන්න.

      "මට යා යුතු නිශ්විත තැනක්, කළ යුතු වෙනත් කාර්යයක් නොමැති" කියල ඇත්තටම මට අදහස් කරන්න ඕනෙනම් ලියන්න ඕනේ කොහොමද (සිංහලෙන්)?

      මා කමෙන්ට් කරන්නේද විනෝදයටය.

      කකාට අනුව මට යා යුතු නිශ්විත තැනක්, කළ යුතු වෙනත් කාර්යයක් නොමැති නිසාය.
      AnonymousDecember 30, 2013 at 11:41 AM

      Delete
    4. ඔබේ තර්කයට ස්තුතියි.

      Delete
  21. මේ ආකාරයේ දිග පකිස්තාන් සහල් වර්ගයක් තියෙනවා. නමුත් කකා කියන ආකාරයේ සුවඳක් නෑ, එසේම ශ්‍රීලාංකීය පාරම්පරික සහල් වර්ග ගණනාවක් තියෙනවා මීට වඩා තරමක අඩු දිගින් යුතු. උවමනා කෙනෙකුට නාරාහේන්පිට ආර්ථික මද්‍යස්ථානය ඉදිරිපිට (කිරිමණ්ඩල මාවතේ) පාරම් පාරික සහල් අලෙවි සලෙන් මිලදී ගැනීමට හෝ දැකගැනීමට හැක.

    ReplyDelete
    Replies
    1. ඔත්තුවට ස්තුතියි.

      මං පාකිස්ථාන් හාල් වර්ගත් කාලා තියෙනවා. නමුත් මේ තරම් හොඳ නැත.

      Delete
    2. කකා බලාෙගන පකිස්තාෙන් හාල් කෑවා කියන්ෙන්. බල ෙස්නාෙව් හාල් පාළුෙවක් හිටිෙයා්ත් ෙදයි ෙදයි ෙකාරෙවන්න.

      Delete
    3. කිරිමංඩල මාවත කියන්නේ ඕවසීස් හොස්පිටල් එක හරියේ නේද? හරියට තැන කියන්න පුළුවන්ද?
      මමත් මේ ළඟදි දවසක ස්පයිස් මාකට් ගියා. ඒකේ තිබ්බ බත් වර්ග ඇට වර්ග තුනපහ දැකලා මාත් පුදුම උනා. මම දන්නේඣ් කොච්චර ටිකයිද කියලා. ඒත් එක්කම කොල්ලු වලට කියන නම හොයලා දෙන්න පුළුවන්ද? මම ඒක තවම දන්නේ නෑ නේ. කියන විදියට මෙහේ තියෙන්න ඕනේ.
      මේක ලෝන් ග්‍රේන් ද? මම හාල් ගරනවා කියලා ඇහුවමයි මේ ළඟ කාලෙක. අපි නම් කරන්නේ පැකට් එක කඩලා එහෙමම උතුරන වතුර භාජනෙට දාන එකනේ.

      Delete
    4. ඔය කියන කඩේ තියෙන්නේ ඔඑසීස් එකට වඩා නයින් වෙල්ස් එකට කිට්ටුවෙන් පාරේ ඒ පැත්තේම. හොයා ගන්න අමාරු නෑ.

      Delete
    5. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට තියෙනවා රංගි. තව ඕනනං බොරැල්ල වයිඑම්බී එක පිටුපස කැන්ටින් එකෙන් විමසන්න එතනත් දේශිය හාල් වර්ග විකුණන්න වගේම දේශීය සහලින් පිසූ බත් වර්ගත් තිබෙනවා.

      Delete
    6. බොහොම ස්තුතියි ඔත්තුවට.

      Delete
    7. @ රංගි හරියටම නයින්වෙල්ස් හොස්පිටල් එකේ ගේට්ටුව ලඟින්ම ආසිරි සර්ජිකල් එක පැත්තට වෙන්න තියෙන්නේ මේ කියන සහල් අලෙවිසල

      Delete
  22. කකා
    හාල් මැස්සා !!!
    ඔය ඉන්නෙ හාල් සත්‍තු ඕනතරං !!

    ReplyDelete
    Replies
    1. ෙබාලා අනුරාධපුෙර්නම් ඉන්ෙන්, ගිහින් නැද්ද පුල්මුෙඩ් අරිසි ම ලේ පැත්ෙත්. පහුගිය සුනාමිෙයන් පස්ෙස් ඒෙක් හාල් වගෙ වැලි අඩු උනා කියලා කියනවා. ඒත් ඒතන දැනුත් හුණුසල් වගෙ වැලි තිෙයනවා.

      Delete
    2. මං නිලාවැලියෙන් එහාට ගිහිං නෑ බං කාවො !!

      කියන්නත් ලැජ්ජයි

      Delete
    3. හාල් සත්‍තු - Harlequin Great Dane.
      @පත්තර මල්ලි බලපිටියට ගිහිල්ල තියනවද? වෑඩිය ඒ joke කිව්වොත් ගුටි කන්න වෙයි මට

      Delete
    4. ගිහිං තියනවා ප්‍රා ජේ :-)

      ඇයි හාලි ඩේවිඩසන් ????

      Delete
  23. අද පෝස්ට් එක දැනුම සාගරයක් කකා... දිගටම මේවම ලියන්න... අපි ඉන්නවා කියවන්න...

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක කෙසේ වෙතත් කමෙන්ට් ටික (වෙනදා වගේම) දැනුම සාගරයක්.

      Delete
  24. කකා කන කෑම දැක්කාම අපිට ආස හිතෙනවා.

    ඒක නෙවෙයි කකා... මම දන්න කපල් එකක් ලඟදී ඔසී ගියා පදිංචියට.... අවුරුදු දෙකකට පස්සේ ලංකාවට ආවා.... අවුරුදු දෙකටම ඒ අය බත් කෑවෙ කීප වතාවයිලු.... එහෙ කෑම තමයිලු වැඩිපුර කෑවෙ....

    ආපු දවසෙ ඉඳන් මෙහෙ ට්‍රැෆික් ගැන... රස්නෙ ගැන..... ඉන්ටර්නෙට් ස්ලෝ එක ගැන... පාරවල් සවුත්තු එක ගැන තමා යනකල්ම ඇහුනෙ....

    කකාත් එහෙමද? යන හැමෝටම ඔහොම හිතෙන්වද?

    ReplyDelete
    Replies
    1. අපේ බැච් එකේ කපල් දෙකක් ම ඔසී රටට ගියා. දැන් ටිකක් කල්.

      උන් නං ඔහොම කතා කියනවා ඇහිලා නෑ.

      එක් කපල් එකක් දැන් අවුරුදු පහකින් විතර මුණ ගැසිලා නෑ. අනීත් ජොඩුව හමුවුනේ මීට අවුරුදු දහයකට විතර කලින්.

      Delete
    2. ගොඩක් වෙලාවට ඔහොම තමා. මෙහෙට ආව ගොඩක් අය කරන්නේ ලංකාවේ පම්පෝරිය ගහන එක. ලොකු ගෙවල්, වාහන, ඉඩකඩම් තිබිච්ච ඒවා තමා කියවන්නේ . බලපුවහම ඔක්කොම ලොකු සල්ලිකාරයෝ. මුන් මොකට මෙහෙ ඇවිල්ල දුක් විදිනවද මන්දා . හැබැයි ලංකාවට ගියහම අයිත් රට හිටපු හැටි ගැන ලොකු ටෝක් තමා. හිනොන්මාදයද කොහෙද.

      Delete
    3. කකා, මේ කතාවත් හාල්පාරු නයෙක්නෙ එක අතකට. මොකද ඉන්දියන් ගේට් කියන්නෙ සමාන්‍ය බාස්මතීවලට වඩා එකහමාරක් විතර ගනන් වැඩි ලක්ෂරි හාලක්නෙ.

      Delete
    4. @ ඉන්දික
      එක්සෑක්ට්ලි මයි පොයින්ට්!

      ඇයි ඔහේ හිතුවේ මං මේ නිකං දෙකයි පනහේ හාල් කෑලිවල ෆොටෝ අරං බ්ලොග් කතන්දර ලියයි කියලද? මේව රජ බඩු!

      Delete
  25. ඇත්තටම හාල් කෑලි කියන එකේ එහෙම තේරුමක් තියෙන්නේ කියලා දැනගත්තේ අද //මෙයින් අදහස් වෙන්නේ, කිසි සුවිශේෂීත්වයක් නැති, පොල් පිත්තකින් වුව කපා ගත හැකි, පඳුරකට ගැසූවිට දහයක් පහලොවක් පමණ විසිවෙන ආකාරයේ සාමාන්‍ය අවශේෂී පුද්ගලයින් ය.///

    ස්තුති ඔයාට.. දැන් දිගටම සූප සාස්තර පාඩම් දානව වගේ ,මාත් මෙහෙ උයන්නේ ඔය වගේ දිගටි බාස්මති වර්ගයක් හාල් එක කප් එකට වතුර කප් 2 අනුපාතයට උයන්නේ ,, හරිම සුවදයි රසයි ,

    ReplyDelete
    Replies
    1. ඇයි අර සම්බා උයන කොට වගේ රම්පේ, ලුනු, බටර් දාන්නේ නැතෙයි?

      Delete
    2. හාල් කැලි බ්ලොග් ලියනකොට විකිපීඩියා වලින් කොපි පේස්ට් කරලා ඕනේ තරම් නඩු බලවන බුවාලා ඉන්නවා රම්පේ, ලුනු, බටර් වගේ දේවල් දාලා හාල් බ්ලෝග නග්ගල ගන්න. අනේ මන්ද සරත්.

      Delete
  26. මම නැ වැඩිය ඔය එක එක හාල් ගැන දන්නේ නෑ. මේ ඉන්දියන් හාල් ජාතිය ගැන තව ටිකක් විස්තර තිබ්බනම් ගොඩක් හොඳයි කියල යි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙය ඉන්දියානු බාස්මතී වර්ගයකි. මේ දැන් කළ ගූගල් සෙවුමකින් මේ පිටුව හමුවිය.
      http://www.krblrice.com/classic.html

      Delete
    2. කතන්දර විසින් පෙන්වා දී ඇති සහල් ද දීප්තිමත් සුදු දිගැටි පෙණුමක් ගනී. මා ද දිනක් රට ගිය ඇත්තෝ විසින් ලබා දුන් සහල් උයා ආහාරයට ගෙන ඇත. ඒම සහල්ද ඉහත පරිදිය.

      ශ්‍රී ලංකාවේදී සහල් නිෂ්පාදනයේදී සුදු පැහැ ගන්වන්නේ පහත ආකාරයට ය‍

      තම්බා හෝ කුකුළුවට හෝ කොටා ගත් සහල් N70 හෝ N120 යාන්ත්‍රීක ක්‍රම මඟින් සහල් ඇටයේ දුර්වර්ණ ස්වභාවය ඉවත් කරනු ලැබේ. එය තව දුරටත්, ජෙට් පොලිස් නැමැති යාන්ත්‍රික ක්‍රියාවලියකින් ද, අනතුරුව වෝටර් පොලිස් නැමැති යාන්ත්‍රික ක්‍රියාවලිය මඟින්ද සුදු පැහැ තවදුරටත් ඔපවත් කර ගනු ලැබේ. අනතුරුව සුදු හාල් වඩා සුදු ලෙසත්, දුඹුරු සහල් ඔපවත් වූ දුඹුරු සහල් ලෙසත් කළු ඇට, පොලිස් වූ කළු සහල් ඇට ලෙසත් පවතී. එම සහල් කලර් ෂෝට් නැමැති වර්ණ සඳහා සංවේදී යන්ත්‍රයක් උපකාරයෙන් කළු සහ දුඹුරු සහල් සුදු සහලෙන් ඉවත්කර ගනී.

      මෙම ක්‍රියාවලියේදී අතුරුඵල වන සහල් කොටස් සහ හුණුසල්, දුරුවර්ණ සහල් සත්ව නිෂ්පාදන සඳහා බැහැර කරයි.
      සමාන්‍යෙයන් ඉවත්කරන සහල් කුඩු කි. ග්‍රෑ. 1 ක් රු 25 කට පමණ විකුණන බව දැන ගත හැකිවිය.
      සහල්වල සුවඳ රැදී ඇත්තේ එම සහල් විශේෂයට ආවේණික පරිදිය.

      (උපුටා ගැනීමක් නොව. අසා දැනගෙන ඇති පරිදිය. ලින්ක් දිය නොහැක. මෙම ක්‍රියාවලිය මට හැකි පරිදි පමණක් සංෂිප්ත කළේමි)

      කතන්දරටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
      විදුලි බිල වැඩි නොවන‍,
      සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
      ඉන්ධන මිල වැඩි නොවන,
      වංචාව සහ දූෂණය අඩු වූ,
      නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
      සාධාරණ වැටුපක් හිමි වූ,
      ....
      සුබ නව වසරක් වේවා!

      Delete
    3. @Nirmala Madushani

      ඔබේ විස්තරාත්ම කමෙන්ටුව පිළිබඳ මගේ ස්තුතිය.
      සුබ නව වසරක් වේවා.

      Delete
  27. කකාගේ මේ හාල් පාරු කතන්දරය අද උදෑසනම කියෙව්වෙමි. මේ වදන පිළිබඳ මසිත ද කුකුසක් ඇති විය. ඉදින් තව දුරටත් හාල් කෑලි කවුරුන්ද යන්න අරුත් ගන්වන්නට නොවෙහෙසී හාල් පාරු නම් වදනෙහි නිරුක්ති සොයො වෙහෙසෙන්නට වීමි. සිංහල ශබ්ද කෝෂ පීර පීරා සෙව්වෙමි. සෑහිමකට පත් පිළිතුරක් නොවී ය. යන්තම් හෝ දල අදහසක් ගන්නට හැකි වදන වූයේ “හාල් පානූ “ නම් වදනයි.

    එ වදන නිරුක්ති සහිත සිංහල ශබ්දකෝෂය - සිරි ලියනගේ - පිටුව 1210 මෙසේ අර්ත ගන්වයි. හාල් හේදූ වතුර, පානු දිය.

    මෙයම ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂය - අධීනීතිඥ හරිස්චන්ද්‍ර විජේතුංග පිටුව 1877 දෙවන කාණ්ඩය අරුත් ගන්වා ඇත්තේද සහල් සේදූ දිය ලෙසයි.

    හාල් හේදු දිය කිසිම වැඩකට නොගන්නා හෙයින් කිසිම වැඩකට නැති තැනැත්තන් හදුන්වන්නට මේ වදන ‘හාල් පානුවා‘ පසු කලෙක හාල් පාරුවා වන්න ඇතැයි ද අනුමාන කළ හැක.

    හාල් දණ්ඩා නම් සර්ප විශෙෂයක් බව ඉහත ශබ්ද කෝෂ දෙකම පෙන්වා දෙයි. තවද කුඩා මාළු වර්ගයක් ද මේ නමින් ඇත. කුකුස තවත් සංසිදවා ගන්නට මම මුලින්ම මේ ගැන මහැදුරු ජේ.බි. දිසානායකයන් ඇමතුවෙමි.

    හාල් පාරුවා නම් වදන පැරණි පත පොතක අත්තර් ගතව නොමැති බව හෙතෙම පවස යි. එහෙත් මේ වදන පැරැණි රජ සමයෙන් මෙපිට අප බස් වහරට ඇතුළුවන්නට ඇතැයි කීය. සහල් බුද්ධ භෝගයක් සේ සැළැකූ ඒ යුගයේ නිකමෙක් හදුන්වන්නට මේ වදන යොදාගන්නට කිසිසේත්ම ඉඩක් නැති බව ඔහුගේ මතය යි.

    ඉන් පසු මා ඇමතුවේ හෙල හවුලේ නයු ශ්‍රීනාත් ගනේවත්තයන්ට ය. හෙතෙම පවසන්නේ කැළෑව පාලුකරන්නා කළෑ පාළුවා වූවාසේ නිකරුනේ බත් (හාල්) ගිලින්නන් හදුන්වන්නට හාල් පාළුවා යන්න යොදාගන ඇති බව යි. පසු කලෙක වහරින් බඳි විත් එය ‘හාල් පාරුවා ‘වන්නට ඇතැයි යන්න ය.

    සිංහල බස ගැන ලැදි මා මිත්‍ර රන්ජන් අමරරත්නයෝ පැවසු යේ එකල ප්‍රවාහන සේවාවක් ලෙස පාරුව භාවිත වූ යුගයේ පාරුවේ පාරු පද්න්නන්ට බත් උයමින් ආ තැනැත්තා හැදින්වූයේ හාල්පාරුවා නමින් බවය. මේ බත් උයන්නාට ඇත්තේ ඉවිම පමණි. ශ්‍රමය වෙහෙසන පාරු ගැසීම වැනි කිසිම දේකට මේ තැනැත්තා උදව් කරගන නැත. කැළනි ගගේ එන පාරු මොරටුවෙන් දැව බවට පත් වු පසු සෙස්සෝ ගම් බිම් බලා ගිය අතර බත් උයමින් ආ මේ තැනැත්තා ලී අයිතිකරුගේ මන දොල සපයන්නෙකු සේ ගත කරන බවයි.( ගල් කොල්ලා) මේ නිසා වැඩකට නැති උන් හදුන්වන්නට මේ හාල්පාරු නම යොදාගන්නා බව යි.

    ඩී. එෆ් . කාරියකරවන සූරීන්ගෙන් ද මේ ගැන විමසුව අතර බොහෝ සේ ගිලන්ව සිටි බැවින් නිසි පිළිතුර සොයා දෙන බව පැවසුවත් මේ වන තෙක් ඒ ඇමතුම නොලදිමි.

    එසේම සිංහල ගුරුවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාගෙන්ද මේ ගැන විමසුවෙමි. ඔහුගේ පිළිතුර වූයේ දන්නැ මචං හොයල බලන්නං යන්න යි.

    ReplyDelete
    Replies
    1. පිස්සු තද වෙලා වගේ..... මේ දිනවල තරමක් දවල් වී අවදිවන්න.... ඔබට සුවය ලැබේවි...

      Delete
    2. කකෝ...උගේ දිග..... ඇදුරු බිරිඳ ගියායින් පස්සෙ මේ වගේ එකෙක් දැක්කමයි.

      Delete
    3. @ නලීන්- ඉතාමත් ස්තුතියි.

      මේ ලිපිය නිසා මාත් බොහෝ දේ ඉගෙන ගත්තා. එකක් තමයි හාල්දණ්ඩා නම් සර්පයාට හාල්පාරුවා යැයි අප එදා කළ ඇමතීම නිවරදි නොවන බව.

      කතන්දර පිටුවේ මා කලින් දිනය ලියු "හෙළුවෙන් බනිමු - මෙන්න හොඳ සුද්ද සිංහල වචන කීපයක්" නම් ලිපියට ප්‍රතිචාරක් දැක්වූ මේඝය ලියන ජයශ්‍රී මේ හාල්පාරුවා වචනය ගැණ විමසූ විට මා අද මේ කතන්දරයේ කියන පිළිතුරම දුන්නා.

      එදා සුසන්ත වෙදනා කියූවේ මෙයයි.

      --------------------------------------------
      වෙද ගෙදර මහ වෙදනාApril 25, 2012 at 10:53 AM
      හාල්පාරුවා ගැන නම් දන්නවා. පුරාණ ගම්වල හිටියා මුලාදෑනීන් කීපදෙනෙක්.
      1. ගම්මුලාදෑනි.
      2. වෙල්විදානේ
      3. හාල්පාරුවා

      වෙල්විදානේ කරන්නේ කුඹුරට ජලය බෙදාදෙන එක. හාල්පාරුවා කරන්නේ. කුඹුරුවල අස්වැන්න නිසිලෙස බෙදාදෙන එක. හාල් පාරු කරන්නා. පාරු කියන්නේ බෙදන්නා කියන එක.
      --------------------------------------------

      මුළු සංවාදය මෙතනින් බලන්න.
      http://kathandara.blogspot.com/2012/04/few-rarely-heard-sinhala-words.html?showComment=1335330131433#c8945956975082785030

      Delete
    4. සුසන්තගේ වදනත් හිතන්න යමක් තියේ.. අනිත් කතාව ත් බලන්නම්. ස්තුතියි කකා ඇතැම්විට කාරියකරවන මේ ගැන ලිපියක් ලියාවි සිළුමිණට ඉදිරියේදී.

      Delete
    5. ඉහත කැළනි ගඟ කළු ගඟ විය යුතු ය.

      Delete
    6. ඩී එෆ් කාරියකරවන පුන්කලසට ලියු ලිපි මා නිතර කියවා තියෙනවා. ඔහුගේ ලිපිවල තිබුණු ඊලියන් නානායක්කාර සෑදු වචන සහිත කතන්දරයක් මං කලින් පලකර තියෙනවා.
      http://kathandara.blogspot.com.au/2011/03/blog-post_17.html

      ඒ වචනවලින් මා නිතරම භාවිතාකරන වචනයක් තමයි මැවිසුරුවා කියන වචනය.

      කාරියකරවන ගේ මතක සීරීස් එකේ පොත් හතරක් පමණ මා සතුව තියෙනවා.

      ඔහු මේ ගැන ඉදිරියේ දී ලියන බව දැනගන්නට ලැබීම සතුටක්.

      Delete
    7. පුන්කලසට කෙලියා නේද මානි යා?

      Delete
    8. වදන් රැසක් සිංහල බසට එක් කළේ ඉංජිනේරුවරයකු වු ඊලියන්ද සිල්වා මහතා යි. නානායක්කාර නොවේ. ඔබේ පෝස්ටුවේ නම හරි මෙතැන වැරදිලා

      Delete
    9. කකාටත් නලින්ටත් බොහොම ස්තූතියි.! නොදන්න දේ බොහොමයක් ඉගෙන ගත්ත.

      Delete
    10. කතන්දරගේ කථාවත්, නලීන් සොයාගත් තොරතුරුත් නිසා මෙය *සහල්* ගැන ලියැවුනු අගනා පුස්ථකයක් වෙයි. ජය වේවා!!

      Delete
    11. අම්මෝ ලේක් හවුස් නයාගෙ දිග........ පිස්සු හැදෙනවා......

      Delete
    12. බොහොම ස්තූතියි නලින් උත්සාහයට. හැබැ‍යි එක පිළිතුරක්වත් 100% හිතට හරි ගියේ නැහැ. වෙදනා කියලා තියන පරිදි එහෙම තනතුරක් තිබුණා නම්, මේ කිසිවෙක් ඒ ගැන නොදැන සිටීමට ඇති ඉඩ කඩ හරිම අඩුයි නේද? මෙතරම් බහුලව භාවිතා වෙන වචනයක සුලමුල හොයාගන්න අපහසු වීමත් හරිම පුදුමයි නේද?

      Delete
  28. අප්පටහුඩු !!!!

    නලින් බොස් කාපු කට්ටක් මේක හොයන්න !!

    පොඩ්ඩක් ඇහුවනං එකපාරිමන්ම කියනවනේ !!

    මොකද අපිත් කියල සුලුපටු මිනිස්සුයැ !!

    ReplyDelete
    Replies
    1. කවුද බං ඒ බව දන්නේ... මට ඕන වුණේ නැවැරදි තේරුම දැනගන්නයි.

      Delete
  29. කකා ඔය ගිහින් තියෙන්නෙ හතරෙ ගේට්ටුව පාස් කරල සී බීච් පාර පැත්තට වෙන්න ඕන.

    ඔය පැත්තෙ තමයි රාජල පතිනායකල ඒ කාලෙ මරා ගත්තෙ. කකා ගියෙ හැත්ත ගනන්වල මුල නම් කොහොමද කියන්න දන්නෙ නෑ හරිටම ඒත් අග නම් කකා ගියෙ, මට කියන්න තීන්නෙ ඔහේ වාසනාවන්තයි බයිසිකලෙත් බේරන් හාල්පාරුවා කියල විතරක් අහගෙන බේරිල එන්න.

    ReplyDelete
  30. මැද පෙරදිග එන්න ලැබුණු එකෙන් ඔය හාල් වර්ගය කන්න ලැබුන. මෙහෙ අරාබි කාරයන්ට ලැබෙන්නේ ඔය හාල් ජාතිය තමයි. අපි නම් කියන්නේ 'ආණ්ඩුවේ හාල්" නොහොත් "හුකුමත් හාල්" කියල. නිකන් කුනුහරුපයක් වගේද මන්ද. එත් අරාබි බාසාවෙන් ආණ්ඩුවට කියන්නේ එහෙමලු.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඒ නම හරියන්නේ අපේ ආණ්ඩුවට

      Delete
    2. ඉස්සර ආණ්ඩුවලට කිව්වා පාණ්ඩුව කියලා!

      Delete
  31. අපිනම් රස්තියාදු ගහනවට කියනවා "හාල් වෙනවා" කියල.

    ReplyDelete
    Replies
    1. මං නං කියන්නේ රස්ටිෆයි වෙනවා කියලයි!
      http://kathandara.blogspot.com/2012/04/rastifying-wtf.html

      !!!

      Delete
  32. අපරාදේ තව ටිකක් දිග උණා නම් නුඩ්ල්ස් වගේම තමයි

    ReplyDelete
    Replies
    1. මං ක්‍ෂණික නුඩ්ල්ස් උයන්නේ පැකට් එක ඇතුලේදීම හොඳට තලලා කුඩු කරලා. එතකොට මේ වගේ සයිස් එකට හදා ගන්න පුළුවනි!

      Delete
  33. නොදන්න දෙයක් ඉගෙන ගත්තා.
    හැමටම ශුභ 2014ක් වේවා

    ReplyDelete
    Replies
    1. අර වැල්ලම්පිටියේ සිට කොළඹ හතට බයිසිකලේ එනවිට මේ වගේ හාල්-පාරුවා කියා කවුරුත් කියනවා ඇහිලා නැද්ද?

      ඔහේටත් සුබ මෙව්වා එකක් වේවා!

      Delete
  34. 2013 වසරේ කවිය

    බ්ලොග් කරුවෙකුට......
    කකා මෙන් හුජ්ජ, පඩ, ජී, හාල් පාරු බ්ලොග් ලිවිය හැක.....
    මාරයා මෙන් කැමරා, ට්‍රයි පෝඩ්, ගෑනු ලබා ගත හැක.....
    පැරා මෙන් ඩොලර් මිටි වලට ආත්මය උගස් කල හැක....
    අභීත මෙන් පොළු තැබිය හැක....
    කෙන්ජි මෙන් මෝල් කලන්තය අන්තර්ජාලයේ පා කල හැක....
    ඇදුරු බිරිඳ මෙන් නයි ඇරිය හැක......
    ටැබූ මෙන් අතුරුදහන් විය හැක.....
    ඔබා මෙන් මිය යා හැක.....
    ව්‍යතිරේකයක් ලෙස මාලන් මෙන් ලයිට් නිවාගෙන සිටිය හැක.....

    (කතෘ අඥාතයි.)

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කියවන්නෙකුට....

      කකා මෙන් විජාතික ටෝක් දැමිය හැක......
      පැරා මෙන් කලාතුරකින් කොමෙන්ට් කල හැක....
      පිස්සු සහන් මෙන් නොතේරෙන මාගල් ඇද බෑ හැකිය....
      මාතලන් සහ හොර වෙදා මෙන් පිට කසා ගත හැකිය....
      හිරු එකී මෙන් හි..හී.... හි..හී..හි...හී ගෑ හැකිය......
      මෝඩ ඔමායා මෙන් පස්සෙ එන්නම් කිව හැකිය.....
      අටමා මෙන් තරු දැමිය හැකිය......
      විචාරක මෙන් ලොරි ටෝක් දැමිය හැකිය.....
      ගොන් රජා මෙන් සුභ වේවා... රාජ සම්පත් ලැබේවා... කිව හැකිය......
      මම මෙන් ඇනෝ දැමිය හැකිය.....
      ව්‍යතිරේකයක් ලෙස කොමෙන්ට් නොකර සිටිය හැකිය......

      Delete
    2. W3Lanka හි මා කළ ඇරයුම අනුව මේ "කවි" ලියූ ඇනෝලාට ස්තුතියි.

      මෙන්න සේරව විස්තරේ එතැනින් කියවන්න.
      http://www.w3lanka.com/2013/12/blog-post_5205.html?showComment=1388458962113#c4704770428095125712


      !!!

      Delete
  35. වෙරි happy නව වසරක්!

    ReplyDelete
  36. Replies
    1. සුවඳැල් කියන්නේ කෙසෙල් ජාතියක් නේද?

      මේවාත් සුවදයි, සුවඳ+හාල් = සුවඳාල්

      Delete
  37. හාල්දණ්ඩා කියන්නෙ අහරකුක්කා කියන සර්පයාමද?
    හාල්පාරුවා කියන නම අතීතයේ භාවිතා වන්නට ඇත්තේ අර වෙදනා කියන තේරුමෙන් වෙන්න පුළුවනි. වර්තමාන අදහස නම් කිසිම වැඩකට නැති මනුස්සයා කියන එකයි මගේ වැටහීම. හාල් කෑලි කියල සමහර වෙලාවට කියන්නෙත් ඒ තේරුමෙන්මයි. අර රත්මලානෙ හිටිය කොලුවා නියමෙට තේරුම දැනගෙන කියල තියෙන්නෙ.

    ඒ වුනත් මේ දිගටි හාල් වර්ගය ගැන කතා කරන්න වටිනවා. බාස්මතී ඉඳල හීනටි දක්වා හාල් වර්ග කොච්චර තියනවද කියල මං දන්නෑ. ඇල් හාල්, සුවඳ ඇල් හාල්, කුරුළු තුඩු කිය කියා හාල් වර්ග ගැන මං අහල තියනව. දැන්නම් හාල් අභිජනනය කරනවනෙ. ඒ විතරක් නෙවෙයි, ජාන නවීකරණයෙන් හදන හාල් වර්ගත් ඇති. සම්ප්‍රදායික හාල් වර්ග නැති වෙල යාවි ළඟදිම. දැනටමත් ඔරිජිනල් වට්ටක්ක ගෙඩියක්, ගස්ලබු ගෙඩියක් හොයා ගන්න සෑහෙන්න අමාරුයි. කෙසෙල් වර්ගත් හිඟ වේගෙන යනව වගේ ලංකාවෙ. මැලේසියන් වට්ටක්කා සහ පැණි කොමඩු හැම තැනම.
    හාල් වර්ග ගැන කියැවෙන මෙන්න මේකත් පොඩ්ඩක් බලන්න (ලිපිය අවසානයේ ඇති පින්තූරය බලන්න).
    http://historyofsl.weebly.com/3484354835203538350135363505-35233524-3523350135303520-35083535351735053514.html

    ReplyDelete
  38. HERE ARE SOME OF THE " HAAL PAARUVOS " :-
    Kenji,
    My life as gajini,
    Kawa,
    Podikumarihamy.
    Yakshaya,
    Raj,
    Prajay.
    Halapa kade,
    Maha kalu Sinhalaya.
    Maha sohon pilliya,
    Prabath'
    Ivan Pawlusha.
    Paththara malli,
    Apoorvi,
    Naleen Dilruksha,
    C J Vidane,
    Indika Upashantha,
    Nadiya nadirathna.

    ReplyDelete
    Replies
    1. හි හි කොමෙන්ත් කලපු හාල් පාලුවගේ නමත් තියෙනවා බොලේ :)

      Delete
    2. HI HI, E KAWDA BOLE?

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.