Sunday 22 December 2013

කෑවායින් කෑවේ නෑ මෙහෙම කෑමක් ("සිය වතු දේ - සුර රස දේ"):: Back to the roots


සාමාන්‍යයෙන් කියන්නේ "සියරට දේ - සුර සැප දේ" කියලා නේ. ඒ කතාවෙන් කියවෙන්නේ දේශීය නිෂ්පාදන තමයි හොඳම දේ කියලායි.

මේ කියන්නේ අර අපි පුංචි කාලේ තිබුණු ඝංඨාර මාක් එකේ සරොං ගැන හෝ දේශීය නිෂ්පාදන වෙන ගල් බමුණා, ගහපං මචං, අලහොදි හෝ කටුකම්බි ගැන විතරක් ය කියා වරදවා වටහාගන්න නම් හොඳ නෑ.

ලංකාවේ මිනිස්සු ලෝකේ කොයි හතර දිබ්බාගේ හිටියත් ලංකාවේ තේ ජාතිම හොයලා බොන්නේත් ඒ හින්දා විය යුතුයි.

"සියරට දේ - සිරි සැප දේ" වෙනුවට "පිටරට දේ - සිරි සැප දේ" වෙච්ච කේස් එකක් ගැන මං කලින් කතන්දරයක් ලියලා තියෙනවා. ඒක කියෝලා නැති අයටත්, මතකය අළුත් කරගන්න ඕනෑ අයටත් මෙන්න ලින්ක් එක.

http://kathandara.blogspot.com/2009/12/blog-post_12.html

"සියරට දේ - සිරි සැප දේ" එකේත් හොඳම එක තමයි, තමන් ගේ ගෙදරම හදාගන්න වවාගන්න දේවල් භවිතයට ගැනීම.

අපි පොඩි කාලේ මට මතකයි අපේ ගෙදර වත්ත පහල අම්මායි, මල්ලිලායි, මායි එකතු වෙලා බතල පාත්ති දානවා. මයියොක්කාත් පැල කීපයක් වැව්වා. ඒත් බතල පාත්ති තමයි නැගලා ගියේ. මොකද ඉක්මනටම වැවෙනවා නේ, මාස තුනෙන් මුල් අල ගලවන්න පුළුවනි.

මගේ තාත්තා ගේ පැත්තෙන් සීයාත් ආච්චීත් ගොවිතැනෙන් ජීවත් වෙච්ච අය වුණාට, ඊලඟ පරම්පරාවෙන් ඒක හැලිලා ගියා. ඒ ගොල්ලෝ සේරම වගේ ගුරුවරු.

මගේ අම්මාගේ පැත්තේන් නං ආච්චියි, සීයයි දෙන්නාමත් ගුරුවරුනේ.

ඒ හින්දා පොඩි කාලේ බතල හිටෙව්වාට, පසු කාලෙක ඒ බතල හිටුවීම කටෙන් විතරයි කෙරුණේ.

කතන්දර හාමිනේලා ගේ ගෙදරත් ඒ විදියට එළවළු වගා කරලා තියෙනවා. ඇත්තටම කියනවා නම් සුළු පරිමානයෙන් නොවෙයි, මහා පරිමානයෙන්. මගේ මාමණ්ඩි ඒ පලාතේ අල ගොවිතැනේ පුරෝගාමිකයෙක්. උසස් පෙළ ලකුණු වැඩිවුනේ නැති නං හාමිනේටත් පේරාදෙනියේ කෘෂි විද්‍යාව ඉගෙන ගන්න යන්න තිබුණා!

ඔය තත්වයේ සිඝ්‍ර වෙනසක් මේ පසුගිය දිනවල සිදුවුණා!

ඒක තමයි අපේ නිවස පිටුපස පොඩි කැල්ලක ආදර්ශ ගොවිපොලක් ඇරඹීම. ඔය උඩින් දාලා තියෙන්නේ ඒ එලවළු කොටුවේ එක් පැත්තක පින්තූරයක් තමයි.

පසුගිය සති අන්තයේ ඒ පාත්තිවල මුල්ම පලදාව කඩාගෙන රස විඳින්න අපිට අවස්ථාව ලැබුණා.

මෙන්න ඒ ජාති.


මේ එළවළු උයලා එදා කාපු මොහොතේ තමයි තේරුණේ කෘමි නාශක, වල් නාශක නැතුව වැවුණු අළුත්ම එළවළු කොච්චර රහයි ද කියලා.

මෙන්න ඒ වෑංජන්වල ඡායාරූප.


මෙතනින් බෝංචි සහ වම්බටු ඉව්වේ මායි. බ්ලොග් කියවන පිරිමි පක්‍ෂයෙන් ඉල්ලීමක් ආවොත් ඒ රෙසිපි දෙකත් ලියන්නට පුළුවනි.

ඒ එළවළු වෑංජන්වල රස නිසා මං අර මුලින් කියපු පරණ කියමන මෙන්න මේ ආකාරයට වෙනස් කළා!

සිය වතු දේ - සුර රස දේ!

මෙන්න මගේ බත් පිඟාන. ගෙදර එළවළුවලට අමතරව, සෝයා, පරිප්පු සහ චිකන් ද තිබේ.


බත නං රතු හාලේ වගේ පෙනුනාට ඕක සුදු සහ රතු හාල් වල 3:1 පමණ මිශ්‍රණයක්. තනිකර රතු හාල් කන්න බැරි තරම් තිත්ත ඇයි?

අවසානයේ ඉතිරි වුයේ මෙපමණයි.


-කතන්දරකාරයා

103 comments:

  1. අවසානයෙන් සියල්ල පැහැදිළි වෙනවා

    ReplyDelete
    Replies
    1. සේරම කාලා අර ඇනකොණ්ඩිය වගේ සෑහෙන වෙලාවක් පැත්තක් ගහලා හිටියා.

      Delete
    2. පෙත්තා බත් කෑවද?

      Delete
  2. කියමන නම් අපුරුයි.
    බෝංචි ටික සේරම වක් ගැහිලා.වල ටිකක් උඩට යවල එල්ලෙන්න සැලස්සුවනම් කරල් කෙලින් කර ගන්න තිබ්බ.
    උයන හැටි නම් මම හොදට දන්නවා.

    ReplyDelete
    Replies
    1. මැස්ස ගහපු අතට වැල යන්නේ නෑ. ඒ නිසා අනිත් පැත්තට වැඩේ කොළා!

      Delete
    2. කෙනජි පෙත්තා බත් කෑවද?

      Delete
    3. කෙන්ජි අන්කල් රෑට ඇඳට යන්න ඉස්සෙල්ල සිලිං ෆෑන් එකේ එල්ලිලා ඉන්න එකේ රහස ඒකද ?
      :)

      Delete
    4. අද ඉරිදා නිසා තාම POOL එකේ...

      Delete
    5. කෙන්ජි අන්කල් නා කියාගෙනම ෆෑන් එකේ එල්ලෙන්න යන්නේ.

      Delete
    6. ෆෑන් නම් නැහැ මගේ කාමරේ පුතේ...
      මොකක්දෝ සුදු පාට දිගැටි පෙට්ටියකින් නම් එනවා සිසිලස/උණුසුම.

      Delete
  3. අද පෝස්ට් එක නම් මාර රසයි. දැක්ක හැටියේ බඩගිනිවෙනවා...:)

    ඇයි පිරිමි ලමයින්ට විතරක් රෙසිපි දෙන්නේ? උයන්නේ ඒගොල්ලන් විතරලුද?:D

    ReplyDelete
    Replies
    1. හොඳයි ගෑල්ළමයින් ගේ ඉල්ලීම්වලටත් ඉඩ දෙන්නම්.රෙසිපිය දැනගන්න ඕනෑද, එපාද?
      ගෙඹි කුමාරයාගෙන් අහාල බලලා කියන්න කෝ!

      Delete
    2. රෙසිපි දෙන්ටලු. අද රෑට බඩගින්නේ ඉන්ට වෙයිද දන්නේ නෑ...:( :D:D

      Delete
    3. //අද පෝස්ට් එක නම් මාර රසයි//
      පොඩ්ඩි පෙත්ති බත් කෑවද?

      Delete
  4. නිවුඩ්ඩ වැඩි හාල් තිත්තයි. ඒක අයින් කරන එකේ ගෙම තියෙන්නේ මෝළේ මැෂින් බාස්ගේ අතේ. ඌට පුළුවන් කැකුළුත් සම්බා කරන්න..

    ReplyDelete
    Replies
    1. අපෝ අර සම්බා කියන හාලට නං මං කැමතිම නෑ. මහ ජරා ගඳක් එනවා උයන කොට.

      කැකුළු සම්බාත් වැඩිපුර කාලා නෑ.

      Delete
    2. නිපුන කාරයා, අරලිය කාරයා ඔය හාල් වලට පාට දෙන්න, හාල් පොලිෂ් කරන්න, කුයිල හදන්න, කීයක් ජාති කොරනවද කකා. පිළිවෙලකට මංතුමා දන්නේ නෑ. නැත්නම් ලියලවා.

      Delete
    3. බත් උයද්දී රම්පෙ කෑල්ලක් දාන්න.එතකොට බඩගිනි එන සුවදක් දැනේ...

      Delete
    4. උයද්දී හාල් බදුනට දාන්න කලින් ඉගුරුයි ,පොතු පිටින්ම සුදු ලුණු ටිකකුයි තලලා ඕනේ නම් එනසාල් ඇටයකුයි බටර් කෑල්ලක් එක්ක චුට්ටක් තෙම්පරාදු කරලා හාල් වතුර එකතු කරන්න එතකොට ආස හිතෙයි කාකා තුමණි ,

      Delete
    5. දෙයියෝ සාක්කි නිකම්ම තම්බලා ගන්න බත් එකට ඔච්චර වදයක් දෙන්න ඕනෙද?

      Delete
    6. අපොයි, ඔයිට මෙයිට වැඩිය හොඳයි දැන් පුරුදු වෙලා තියෙන හීනටි හාලේ බත් කනවා.

      Delete
    7. රම්පෙ වැඩේ නම් මාත් කරනවා පට්ට සුවඳයි එතකොට.

      Delete
    8. දෙයියනේ හීනටී ඔහේ තියනවද ...................මෙහේ හොයාගන්න හෙනට අමාරුයි , වැව් ඉස්මත්තලගේ වෙල්පෙයා කඩේට එන එව්වා සුටුස් ගාලා ඉවර වෙනවා , ... හේ හේ .. බල්ලෙක්වත් නොගන්න පච්ච පෙරුමාල් ඕන වෙලාවක තියනවා

      Delete
    9. ඇත්තටම යස්සයෝ ‍නිකම්ම බත් උයනවට වඩා මොනවාහරි දැම්මහම ගතියක් තියනවා

      අටං දාන්නේ

      රම්පේ කෑල්ලයි
      සුදුරු ඇට දහයයි
      එනසාල් දෙකයි
      කරාබු නැටි දෙකයි
      ලුණු හැන්දයි
      පොල්තෙල් බින්දු පහයි

      (හාල් කප් හතරකට)

      ඔහොම උයන බත නිකනුත් කතහැකි

      Delete
  5. ඒ බෝන්චිද මං හිතුවේ මෑ කරල් කියලා

    ReplyDelete
    Replies
    1. මේක හොඳ රට එක අටම්!

      හැබැයි අර දාර බෝංචි වල වගේ බෝංචි ඇට නෑ.
      http://kathandara.blogspot.com/2012/02/how-not-to-cook-beans.html

      Delete
    2. බෝචිවල මෑ වල ඇට තමයි රසම

      Delete
    3. මෑ ඇට කන්න මාත් ආසයි

      Delete
    4. හ්ම්ම්...මෑ ඇට හරි රසයි.
      ගුණයක් නැහැ කොච්චර කෑවත් .

      Delete
    5. අටම්තුමා@දවල් වෙලාවක ආයෙමත් පෝස්ට් එක කියවන්න :( ඊයේ ටිකක් වැඩිවෙලා තිබ්බේ මං හිතන්නේ :)

      Delete
  6. ඒ රහ වැඩි උනේ තමන් අතින් වගාවක පලදාව ගැන ඇති උන සතුටකුත් එක්ක කන නිසා.මටත් මම කොටු කරන පොඩි කාලෙ ඔහොම හිතුන

    ReplyDelete
  7. තෙල් දාල උයන එකට කතන්දර හාමිනේ එපා කියන්නෙ නැත්ද?මොකද ඩොක්ටර් කෙනෙක් නිසා

    ReplyDelete
    Replies
    1. බත් කැම අඩු කරන්නයි උපදෙස් ලැබෙන්නේ!

      Delete
  8. අම්මෝ බටු ගෙඩි ටිකේ ලස්සණ!!!

    පොලිෂ් කරලා වගේ දිලිහෙනවා...:)

    ReplyDelete
    Replies
    1. ශෝ සෝ ෂෝ..................... මළ කෙළියයි කකා. වම් බටු ගහට ඇස් වහ කට වහ නොවදීවා.

      Delete
    2. මගේ ඩිෂ් එකත් හොඳට ආවා. රෙසිපිය පසුව දිනයක දාන්නම්!

      Delete
  9. කකාගේ පිඟාන දකිද්දි මට හිතෙන්නේ කකා ව්‍යාන්ජන සමඟ බත් ටිකක් කනවා කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ක්‍ර‍මේ. නමුත් අපි නොකරන්‍නෙත් ඒක තමයි.

      Delete
    2. Raj...+++++++++++++++

      Delete
    3. එල කියමන රාජ්....

      Delete
    4. පටන් ගන්නේ ඔහොම බත් අඩුවෙන් කන්න කියලා තමයි.

      ඒත් මට නිතරම හොඳි ඬැඩි වෙනවා, ඉතිං බත් බෙදා ගන්නවා. ඊට පස්සේ බත් වැඩි වෙනවා, ඉතිං හොදි ගන්න වෙනවා.....

      ;-)

      Delete
  10. අවසාන photo එකෙන් තේරෙනවා ආදර්ශ ගොවිපොළ කොඉතරම් ආදර්ශමත් විදියට කරන්න ඇතිද කියලා......

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උස්මුරුත්තාවට එන කල්ම කෑවා!

      Delete
  11. හීනියට කොරටුව අයිනෙන් නයි හාමිනේ කෙනෙක් ගියාදත් වගේ හිතුන...

    To be frank කොහොමිං කොහොම හරි සෑහෙන්න කෙල තොගයකුත් ගිලුන. කෝකටත් හෙට සිකී එකක් දාල ගෙදර ඉන්න කකා ....

    ReplyDelete
    Replies
    1. මහසෝන් පිල්ලියට ඕවත් නයිද?

      හෙට වැඩ, ගිය සිකුරාදා නං චක්ඩ් එ සීකී!

      Delete
  12. මේ කත‍ාව හරියට ජීවිතේ වගේ. අන්තිමේට කටුටික විතරක් ඉතුරු කරල. වෙලාවට එතැනින් නතර වුනේ

    ReplyDelete
    Replies
    1. මොකෝ වැව ඔබ පට්ට බිසී ද...? පෝස්ට් එකක් අපිට දෙන්න බැරි තරම්.

      Delete
    2. ජීවදතේ සමහර දාට දුකයි නේ. මෙහෙම කන නං සදාකාලික සැපක්!

      Delete
    3. නෑ කෙන්ජී අයියා ඉස්සරහට අඩවියේ සැරිසරනවා තෑන්ක්ස් මාව මතක් වුණාට

      Delete
  13. කතන්දර මහත්තයා,
    ඔබතුමාගෙ එළවළු වල කෘමි නාශක, වල් නාශක නැති වුනාට පරිප්පු වලයි,සෝයාවලයි,හාල්වලයි ඒවා සුපිරියටම තියෙනවා.
    ඒ වගේම හෝමෝන සාත්තුවෙන් හදපු කුකුළගෙ තියෙන්නේත් විසම තමයි!!!

    දුලාගේ අඩවියේ™ දුලා

    ReplyDelete
    Replies
    1. දුලා...ඒ උඹ ඉන්න රටේ...

      Delete
    2. කුකුල්ලුන්ට නං හෝමෝන හිටගෙන තියෙනවා නේන්නං මොකද කිකිළියෝ රොත්තකටම ඉන්නේ එක කඛඔකුලා නේ.

      Delete
  14. අපි වවමු - රට හදමු කකා

    ReplyDelete
    Replies
    1. ඇයි වගා සංග්‍රාමය කියලා එකක් අහලා නැද්ද? ඒක සැබෑ මානුෂික මෙහෙයුමක්.

      Delete
  15. ඒ බත් පිගාන දැක්කම බඩගිනි එනවා ,, කොච්චර ශෝක්ද..රතුහාල් එහෙම මිශ්‍ර කරලා අපේ අත්තම්මත් උයන්ව අපි රතු හාල් වලට අකමැති නිසා

    ReplyDelete
    Replies
    1. ඔයා මට හොඳට උයලා දෙනවා නේද?

      Delete
    2. කෝ මේ පත්තරේ. අපූර්වී තමයි වග කියන්න ඕන පොරට මොනවාහරි උනෝත්.

      කකා අර පඹයාද එළවළු වත්ත බලා කියා ගන්නේ.

      Delete
    3. ඒ මොකෝ මුන්නා ,,

      Delete
    4. පත්තරේගේ කනේ සිනි වැඩි වෙලා.

      Delete
    5. ඔමායා මාතලන් කියලා තියෙනවා වගේ නිවුඩ්ඩ ටිකක් අඩු කරලා කෙටුවා නං රතුහාල් කන්න ලේසියි!

      Delete
    6. සනීප නෑ මචංලා !!

      ඉන්ෆ්ලුවන්ස් එකක් බෝ කරගත්තා !!

      Delete
    7. මගේ පත්තර මල්ලට ඉක්මන් සුවය පතමි...!

      Delete
    8. තැන්කියු කෙන්ජි මාමේ
      ගෑනිගෙ සාත්තුව හින්දා තමා ඇඟිලි වත් වැඩ කොරන්නේ !!

      Delete
    9. ස්තූතියි කෙන්ජි මාමේ

      Delete
  16. මොනවත් කියන්න ඕන නෑ අන්තිම ෆොටෝවෙන් සියල්ල පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. Praසන්ன ගේ ගෙදරත් නිතරම මේ වගේ නේද?

      Delete
  17. නියමයි කකා...මමත් පෝච්චිවල කැරට්,බීට්,ස්ප්‍රින්ග් අනියන්, තක්කලි සහ බෝංචි වැල් දෙකක් හැදුවා. රසේ කොච්චර වෙනසක් තියෙනවාද කියලා හොඳට තේරෙනවා. ශීත කාලේ නිසා දැන් ඔක්කොම කපූට් වෙලා.

    ReplyDelete
    Replies
    1. කකාගේ මේ පොස්ට් එක දැක්කම අරූ අපි පොඩි කාලේ ඉඩමෙ ඉබේ වැවුන,තිබ්බටු තලන බටු තමයි කෑවෙ රසට කඩාගන්න කලවම් මැල්ලුම් සමග.

      Delete
    2. පෝච්චිවල කැරට් වගේ අල ජාති හදන්නත් පුළුවනිද? ලොකු ඒවා වෙන්න ඕනෑ!

      Delete
    3. කකා මම කැරට් වලටයි අර්තාපල් වලටයි ගත්තේ කොම්පෝස්ට් ගෝනියෙන් බාගයක් විතර වැටෙන ලොකු ප්ලාස්ටික් පෝච්චි. වත්තක් නැති නිසා ජනෙල් අයිනේ පෝච්චි තියාගත්තා. බීට්වලටනම් සාමාන්‍ය පොඩි ඒවා. බෝන්චි වලට අර ගාඩ්නින් සෙන්ටර් වල තියෙන උස බම්බු කූරු ගහන්න වැල යන්න.

      Delete
    4. කාකා දන්නවද ඔය මෙගා බෝතල් කැරට් . සහ රාබු වලට නියමයි. බීට් නං හිටවලා නැ

      Delete
    5. ඒත් ඔයාලගේ ගෙදර තියෙන්නේ ගිනිවතුර බෝතල් විතරනේ කිසිම වැඩකට නැති ... :D

      Delete
  18. හරිම ශෝක්... ගෙදර හිටවපු දෙයක් උයලා කනකොට දැනෙන රස වගේම හිතට දැනෙන සතුට වචන වලින් විස්තර කරන්න බැරි තරම් නේද ...

    ReplyDelete
  19. කඩා ගත්තා ගමන් කිරි රහට බෝංචි කරලක්, මෑ කරලක් චව් චව් ගාලා කද්දී දිව්‍ය ලෝක රහයි. නියමයි කකා වැඩේ නම්

    ReplyDelete
    Replies
    1. පාත්තියේ හිටවපු බීට්රූට් ගහේ කොළත් අපි මලවලා කෑවා පස්සේ දවසක. ඒවාත් මාර රහයි.

      බලාගෙන ගියාම තණකොළත් නරක නැතුව ඇති නේද?

      Delete
    2. කාටවත් ඇහෙන්න කියන්න එපා අවසාන ටික

      Delete
    3. කකා තණකොළ මැල්ලුම් කන විත්තිය කවුරුත් දන්න රහසක් බං

      Delete
  20. ඔය බත් පිඟානෙ බෙදලා තියෙන පරිමාන වලිනුත් සෑහෙන ආදර්ශයක් ගන්ට පුලුවනි.

    ReplyDelete
    Replies
    1. ඊටත් වඩා හොඳ ආදර්ශේ දෙවෙනි පිඟාන.

      තුන්වෙනි එකේ බත් තිබුණේම නෑ. එලෝළුයි, මසුයි විතරයි!

      Delete
    2. බත් අඩු කරලා වැංජං වැඩි කොරන්ඩ තරං ආර්ථිකයක්වත් වෙලාවක්වත් අපිට නැ කතා . ( මෙහේ ඉන්න ගොඩක් උන් එකක් දෙකක් තම්බන්නෙත් අමාරුවෙන් )

      Delete
  21. මෙහෙම කොටුවක් වවාගෙන කන එක කොච්චර වටිනවාද . බඩයි හිතයි දෙකම පිරෙනවා

    ReplyDelete
    Replies
    1. සමහර විට අල්ලපු ගෙදර කොරයුවෙන් හොරෙන් කඩාගෙන කෑවොත් මේච්තර රස නැතිවෙයි!

      Delete
  22. රතු හාල් තිත්තයි කිව්ව????
    අපේ ගෙදරත් එළවලු වගා කරනව පොඩියට. අපේ තාත්තත් ලිපිකාර වෘත්තියක් කළාට තාත්තගෙ පරම්පරාව ගොවිතැන කළේ. තාමත් කුඹුරු කරනව. දැන් තාත්ත පොඩි එළවළු කොටුවකුත් කරනව, ගෙදර, ගෝව, බටු, මිරිස් වගා කරල තියෙනව.

    ReplyDelete
    Replies
    1. රතු කීවට මේවා දුඹුරුයි නේ. මිශ්‍ර නොකර ඉව්වාම තිත්තක් එනවා.

      පුතාත් කැම්පස් එකේ පොඩි මල්පාත්තියක් කරනවා නේද?

      Delete
  23. කකා, ගෙදරින්මයි වාගේ කෑම. මං කියනවාට ඉඳලා හිටලා හොඳ හොටලයකිනුත් කාල බලන්න. එව්වා බොගේ නොදැම්මාට කාරි නෑ.

    ReplyDelete
    Replies
    1. KK monogamous by compulsion!

      Delete
    2. ගෙදර හෝටලයේ රස මසවුල් තියෙද්දී වෙන හෝටල් හොයන්නේ කුමටද?

      monogamous බයි වොයිස්

      Delete
    3. "බයි වොයිස්" ?? Wife's voice right? not by choice?
      දිව බොරු කිව්වත් යුනිකොඩ් බොරු කියන්නෙ නෑ

      Delete
    4. කවුද මේ C අකුරයි, V අකුරයි එක ලඟ දාලා keyboard එක ඩිසයින් කරපු එකා?

      Delete
    5. එකද කතන්දර හාමිනෙට දෙන excuse එක? Good luck KK. Hope you'll survive this disaster in one piece.

      Delete
    6. කෑවායින් කෑවේ නෑ මෙහෙම කෑමක්

      Delete
  24. සියල්ල නැසෙනසුලු යි :-D

    ReplyDelete
    Replies
    1. තාම නං සියල්ල වැවෙන සුලුයි. නැසුනොත් ඊලඟ කන්නෙට ආහු වපුරනවා!

      Delete
  25. "වවන්නෝම දිනන්නෝය ටීචැර් කිවුවා.....එදා ඉඳන් මමත් මගේ කොඩය වැවුවා....."

    ReplyDelete
    Replies
    1. අල්ප දයන්නටයි මං ඬැඩියෙනා ආස හෝඩියෙන්
      කොන්ද වකටු අපෙ ටීචර් සිහිවෙයි ඒකෙන්

      Delete
  26. ගමටම කරපිංචා බෙදිය හැකි ගහක් තියනවා අපේ ගෙදර.. පොඩි පොඩි ජාති ටිකක් අපේ මමණ්ඩි වගා කරලා තියනවා, බලන්න ඕනේ අද ගෙදර ගියාම....

    පඹයෙකුත් ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. පඹයෙක් ? චීයා!

      ඒ පඹයෙක් නෙමේ - ස්කෙයාක්‍රෝවෙක්

      Delete
  27. මේක නම් පංකාදුයි කකා... මට නම් පට්ටෙට ඊරිසියයි.... (ලංකාවේ කෑමක් කෑවේ අන්තිමට සැප්තැම්බර්... අනික විවිධ කෑම ජාති 5-6ක් එකට මට නම් දැන් බත් කන්න හම්බවෙන්නෙම නෑ.... )

    ReplyDelete
  28. ගොඩක් වටින වැඩක්, මමත් පුන්චිකලේ ඉදන්ම ගෝඩක් අසාකලා ගහකොල එකක් ජීවත් වෙන්න, දැන්නම් ඉතින් ලෙඩ්ඩු එක්ක තමයි.. :-)

    ReplyDelete
  29. කටට කෙළ උනනවා බං....වවන්නෝ දිනන්නෝ කියලා පැරණි කියමනකුත් තියෙනවනෙ.චිකන් රයිස් පාරක් වගේද මේවල රස නේද??

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.