Monday 18 November 2013

කාගෙද පී. නෝනිස්? - What if P Nonis?


නෝනිස් නමැත්තෙක් කළ කතාවක් ගැන ඔපීනියන් රැසක් ෆේස් බුකියේ දකින්නට ලැබුණි.

මේ දිනවල නිවසින් බැහැරව ස්වයං නිවුස්වාරණයකට අසුව සිටින බැවින් ඒ කිසිවක් වටහා ගැනීමට උත්සාහ නොකළද, මේ නෝනිස් නම නිසා පරණ මතකයන් කීපයක් අවදිවිය.

මේ එයින් දෙකකි.

කලකට ඉහත නෝනිස් නමින් ටියුෂන් ව්‍යාපාරික ගුරුවරයෙක් වී ලු.

මෙහි දී මා "ලූ" යැයි කීවේ මේ නෝනිස් ඉගැන්වූයේ සත්ව විද්‍යාව නිසා මැත්ස්කාරයෙක් වූ මට මේ කතාව අහන්නට ලැබුණු එකක් පමණක් වෙන නිසාවෙනි.

මේ කියන දිනවල උසස් පෙළ සත්ව විද්‍යා විෂය නිර්දේශයේ එක් කොටසක් වී ඇත්තේ ගෙම්බා පිළිබඳ ඉගෙනීමයි. අපේ උසස් පෙළ ජීව විද්‍යා සගයො ගෙම්බන් අල්ලා ෆෝමලීන් දා මරා විච්ජේදනය කරන්නටද ඇත.

එක් දිනයක සත්ව විද්‍යාව පන්තියක් කිරීමට ටියුෂන් ශාලාව වෙත ආ නෝනිස් ගුරුවරයා මෙලෙස පවසා ඇත.

"ළමයි! අද අපි ඉගෙන ගන්න යන්නේ ගෙම්බා ගැනයි. දැන් හැමෝම මා දිහා බලන්න!"

ඒ පළමු කතාවයි.

හැමෝටම හිනා යන්නට ඇතැයි සිතමි.

දෙවෙනි කතාව ඇත්තටම කතාවක් නොව ප්‍රශ්ණයකි. සැබෑ ප්‍රශ්නයකි!

-කතන්දරකාරයා

මෙන්න පොඩි ඉඟියක්. මේ කතන්දරයත් බලන්න.

මැදපු කමිස මොකුත් නැත!
http://kathandara.blogspot.com/2010/10/blog-post_29.html


(image: https://soundcloud.com/dj-peter-a/peter-a-id-original-mix)

61 comments:

  1. :DD ඒ මොකද්ද ඊළඟ කතාව?

    ReplyDelete
    Replies
    1. අඩේ අද කෙන්ජිට බඩේ පාර ගහල මෙන්න මේ නගා . ආශ්චර්ය තමා ඉතින්

      Delete
    2. @දිලිනි දීදී,

      ඊට පස්සේ ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි එකතු වෙලා හොරු ඔක්කෝවම අල්ල ගත්තාලු!

      හික්z!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  2. Replies
    1. @ මාමා ජී,

      කහා හේ??

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  3. හි හි කොමෙන්ට් බලන්න පසුව එමි

    ReplyDelete
    Replies
    1. @අපූර්වී දීදී,

      එකෙන්ම! අක්කියා එන වෙලාවටම මමත් එමි!

      හික්z!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  4. ඕක නෝනිස් සර් කිව්ව හින්දා හොඳයි ,

    මිස් කෙනෙක් කීවනං ??



    ReplyDelete
    Replies
    1. @ පත්තර මල්ලී භයියා,

      "මීයා" ගැන පාඩමක් තිබ්බා නම් තවත් ෂෝයි නේ!

      හුකෑz!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  5. ඔවු මුලු පංතියම දැනගන්න ඇති උබ ගෙම්බ කියල..... හිනා නොවී තියේවිය.....

    ReplyDelete
  6. //ළමයි! අද අපි ඉගෙන ගන්න යන්නේ ගෙම්බා ගැනයි. දැන් හැමෝම මා දිහා බලන්න!"//
    ඒ නෝනිස් වගේ නෙමෙයි මේ නෝනිස්,මේ නෝනිස් ක්‍රිස් නෝනිස්,

    ReplyDelete
  7. KAKKAIYA ADATH SHOAK HINA KATHAWAK LIYALA, HINAWA NAWATHWAGANNA BEHE. KON DEKEN MA HINA YANAWA. SHOAK IYA. THAWA OWWAGE KATHA LIYANNA.

    ReplyDelete
    Replies
    1. @ කැපිටල් ජී,

      අම්මෝ බඩ.........! උඹ නම් ෆට්ට බං!!!!!!!!

      හුකෑz!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  8. කකා ...කැමරන් නමෙන් කාගේ හරි නැද්ද අපහාස.....සමාවෙන්න උපහාස කථාවක්.....

    ReplyDelete
  9. //මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.//
    මේ වගේ පෝස්ට් එකකට ඉතින් දාන්න වෙන්නෙ මේ වගේ කොමෙන්ට් තමයි....

    අඩේ 1 උනාමද කොහෙද....
    ලිපිය එළ කිරි කකා !
    උබට කියන්න ඕන පනිවිඩය ලස්සනට ඇඟට නොදැනී කියලා තියෙනවා.
    වෙනදා වගේම ආසාවෙන් කියෙව්වා.
    ඔවැනි කථාත් සිහිවුනා.
    නැවත එන්නම්..
    ඔයාගේ ලිපි ටික ගොඩක් වැදගත්....
    තාම කියෙව්වේ නැ ඔක්කොම ටික.. .හි හි හි...
    කකාගෙ කතා කියවන්න ඔන්න මාත් ආවා..
    ඊලග පෝස්ටුව නම් අපිට වටී වගේ...
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
    කදිම ඔවදන් සහිත ලිපියක නිමාව.....
    නුඹට බොහොමෙ ස්තුතියි කකා....
    නුඹට ජය සතුට....
    නැවත උබේ ලිපි කියවීමට එන්නම්.
    උඹට ජය!!!
    දැන් ඔය මගුල් ගැන ලිව්වා ඇති.
    එල කිරි මචෝ ...
    හ්හ්හ්හ්හ්...
    ඔයාගේ ලිපියේ අන්තර්ගතය කෙසේ වුවත් ඔබගේ සයිලියට මං කැමති.
    අම්මටහුඩු....
    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!
    ලිවිල්ල නම් එල.. ඕන් ඔහොම හිතේ හැටියට ලියහන්.. ඒක තමයි රහ...
    කකාගෙ හිත හොඳ වැඩියි...
    හිත හොඳ එවුන්ට හරියනවා...
    කලාතුරකින් කෙනෙක්ගෙ දකින්න තියෙන ගුණයක් තමයි කකා උබට තියෙන්නෙ...ඒක රැකගනින්.
    හි...හි.... ;-)
    දැන් තමයි දවස් 2 කට පස්සේ බොග පැත්තේ ආවේ.පසුව කියවනවා.
    මේ පැත්තෙ ඇවිත් මොන පෝස්ටුව කියෙව්වත් බඩ කට පිරෙන්නට දැනුම ලැබෙනවා....
    ශික් විතලක්...
    බෙදා ගැනීමට ස්තුතියි!
    එක හුස්මටම කියවගෙන ගියා
    එල එල..
    සුපිරි මචන් කතා කරල වැඩක් නෑ.. ඇඩෙනව.....


    කකා ට්‍රිප් එක ගොස් නැවත පැමිණීමෙන් පසු ට්‍රිප් එක ගැන දමන පෝස්ට් එකට කලින්ම කොමෙන්ටු කිහිපයක් එක් කරමි....

    අඩෝ පට්ට ට්‍රිප් එකේ 4තො ටිකත් ඉක්මනින් දාපන්...
    කකාගෙ වැඩේ ඉතින් ඇවිදින එකයි කන බොන එක යි!
    කොහොමත් කකාගෙ ෆොටෝ ඇල්ලීමේ හැකියාව නම් උපරිමයි...
    මරු ට්‍රිප් එක... !
    මේකත් සුපිරි ගමනක්
    අඩේ කකා ට්‍රිප් එක මරු බං
    පට්ට පොටෝ ටිකක් අරං ..
    ආපහු යාපහු යන්නෝනි ^_^
    මරු මරු.මේ කාලේ යන්නේ නැති ට්‍රිප් ආයේ කවදා යන්නද.
    මාත් ඊයේ ගියා වක පුටේ හෙට අනිද්දා ලියනන්ම් ,,
    මරු මරු මගේ ට්‍රිප් ලිස්ට් එකට තව පොට් එකක් එකතු උනා..
    හොදයි හොදයි තව පලයන්.ඔයකාලෙ නොගිහින් ආයෙ කොයි කාලෙ යන්නද නෙද
    හා හා......ඔය ගිහින් තියෙන්නෙ මරු ට්‍රිප් එකක් :-D

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ලිපියේ අන්තර්ගතය කෙසේ වුවත් ඔබගේ සයිලියට මං කැමති.

      මේක ගන්නම්.. ස්තූතියි

      Delete
    2. ඕක මගේ :) කෙන්ජිගේ අන්තිම පෝස්ට් එකට මං දාපු එකක්

      Delete
    3. " කකාගෙ හිත හොඳ වැඩියි "

      මං ඕඩර් කරල තියෙන්නේ !!

      Delete
    4. අනේ ෂෝයි මාත් සංචාරයක් ගැන ලියන්න ඉන්නේ අද ,, තාම පෝස්ට් එක කියවුවේ නැහැ කියෝලා කොමෙන්ට් එකක් දෙන්නම් හොදේ

      Delete
    5. ඕනෑවට වැඩියෙන් දැමීම නිසා මේ කමෙන්ටුවේ රසය නැති වෙනව

      Delete
    6. ///ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!///

      @ ඇනෝ ජී,

      අරේවා බේටේ........!!!!!!!!!!!!!!!!!

      මං ජීට ෂතුට දරා ගත් නොහැක!

      මේ ප්‍රෞඩ් ටු බී අ ප්‍රොෆයිල් ජී!!!!!!

      උඹට "අරේවා!!!!!!!!" එක මිස් වෙලා වගේ!!!!

      හික්z!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    7. @අපූර්වී දීදී,

      කෝන් හේ තුම්හාරා??

      සමී භයියා ද???

      එල එල ඔහොම යං අක්කණ්ඩි!!!!!!!

      හික්z!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    8. @ පත්තර මල්ලී භයියා,

      අඩේයප්පා!!!!!

      මේ නාමයෙන් පෙනී සිටින්නේ "ජැක්සන් ඇන්තනී සහබ්" ද??

      හික්z!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    9. "ඊලඟ එකත් ඉක්මනට දාන්ඩ අයියා"
      "හී.. හී.. "
      මේකත් එකතු කර ගනිං බං ඇනෝ. ඔය කොමන්ට් කෙන්ජිගේ පොස්ටුවේ තිබුණා.

      Delete
    10. ආ මෙන්න මේකත් එකතු කර ගනියෝ.
      "ඕනෑවට වැඩියෙන් දැමීම නිසා මේ කමෙන්ටුවේ රසය නැති වෙනව"

      Delete
    11. පිල්ලි මුන්නා what did you සේ? i Couldn't get that

      Delete
    12. පිල්ලි ජී

      මට ජැක්සන් ඇන්තනි කියල අපහාස කරන්ඩෙපා බං..

      මං දුප්පතා තමයි .. ඒක එහෙම‍යි

      හැබැයි මං කාටවත් කඩේ යන් නෑ බං . !!

      මං දුප්පත් පත්තර බෙදන්නා !

      Delete
    13. "ආපහු යාපහු යන්න ඕන" එක මට දියන්

      Delete
  10. අපේ කොමෙන්ට් කනවද කකා..... දොලහට දාපු කොමෙන්ට් හතර වෙනකල්ම නෑ.... ආනන්දෙටත් අපහාසයක්....

    ReplyDelete
  11. No penis? පරණ කතාවක්නෙ කකා?

    ReplyDelete
  12. අනේ මන්දා. එක්කො මුට පිස්සු නැත්තම් මට පිස්සු නෑ.

    ReplyDelete
  13. පී. නෝනිස් කියන්නෙ ක්‍රිස් නෝනිස්ගෙ තාත්තද?

    ReplyDelete
  14. ක්‍රිස් නෝනිස් සිංඤෝ
    සත පනහක් දුංඤෝ
    මේ පින් අර ගංඤෝ
    ඔබ - නිවන් පුරට යංඤෝ

    ReplyDelete
    Replies
    1. ක්‍රිස් නොනිස් තෙම
      දුන් පහරට සැර
      මුක පූට්ටු වී
      කකාට සොරි විය

      Delete
  15. කාගෙද පී. නෝනිස්?

    ක්‍රිස් නෝනිස්ගෙ පී. නෝනිස්.

    ReplyDelete
  16. P.Nonis=NO Penis= Gonji@Pajan

    ReplyDelete
  17. @කකා, තවත් කොපමණ කාලයක් අදක්ෂතන්ත්‍රවාදයේ ඒකාධිපති පී. නෝනිස්ලා පෝෂණය කරන්නට ඔබ කැමති ද?!!!!!

    ReplyDelete
  18. ප්‍රොක්සි ප්‍රොපගැන්ඩ වෝ කියන්නෙ මොකද්ද ? :D

    ReplyDelete
  19. P. නෝනිස් කව්ද දන්නේ නැත. ඔහු කියපු කතාව දන්නෙත් නැත. පින්තුරය සහ කතා දෙක දැක්කම හිතෙන්නේ හඳ පෙන්නු විට ඇගිල්ල බලනවා වගේ සීන් එකක්ය . මට හිතෙන එක හරිනම් කට්ටිය පින්තුරේ විදියට වැඩේ කරනවාය.

    සමීර

    ReplyDelete
  20. මැදපු කමිස මොකුත් නැත!
    අනික් වර්ශන් එක "මැදපු කමිස තුන නැත"!

    ReplyDelete
    Replies
    1. #කැනඩි,
      ගහපිය දණ

      කකා කිසිදු කමිසයක් ඇද නැත.
      ----------
      කරුණාකර කකා මගේ කලින් කොමන්ටුව පළ කරනු.
      අපහාස නෑ, පොස්ටුව ගැලපේ, මොකක්ද ප්‍රශ්නය?

      Delete
  21. ක්‍රිස් නෝනිස් මහතාගෙන් ඔබේ ඉංග්‍රීසි වචන මාලාවට:

    1. vitriolic: විශේෂණ පදයකි. "vitriol" යනු ඉතා ප්‍රබල අම්ලයක් වන සල්ෆියුරික් අම්ලයට කියන නමකි. vitriolic යනු ඉතා දරුණු, කර්කශ, ද්වේශසහගත සහ කටුක යන අර්ථය දෙයි.

    2. diatribe: නාම පදයකි. යම් කෙනෙකුට හෝ පිරිසකට එරෙහිව කරනු ලබන ඉතා දරුණු මට්ටමේ වාග්-ප්‍රහාරයක්, diatribe ලෙස හැඳින්වේ. වචනය හැදෙන්නේ "diatriba" යන ලතින් වචනයෙනි. "diatriba" යනු කෙළවරක් නැතිව කරන දැඩි විවේචනාත්මක සංවාදයකි.

    3. punitive: විශේෂණ පදයකි. "දඬුවම් කරන සුළු" යන අර්ථය දෙයි. ප්‍රංශ "punitif" (දඬුවම් කරනවා / පළිගන්නවා) සහ ලතින් pūniō ("දඬුවම් කරනවා") යන්නෙන් සාදා ගත් වචනයකි.

    4. dichotomy: නාමපදයකි. එකිනෙකින් සම්පූර්ණයෙන්ම වෙනස්, වෙන්ව පවතින කණ්ඩායක දෙකකට බෙදීම යන අර්ථය දෙයි. මූලාශ්‍රය ග්‍රීක dich- (ද්වි) + temnein (ඛණ්ඩනය / විභේදනය).

    5. proxy propaganda: proxy යනු පෙරකලාසිකරුවා ය. එනම් වෙනත් කෙනෙක් වෙනුවට පෙනී සිටින්නා ය. ගණිතයේ දී නම්, යම් සැඟවුණු දත්තයක් වෙනුවට පෙනී සිටින, එළිපිට පෙනෙන දත්තයකි. නෛතිකව නම් වෙනත් අයෙකු වෙනුවෙන් පෙනී සිටීමට අවසර ලත්, බලයලත් කෙනා ය. propaganda යනු ප්‍රචාරය ය. නිකම්ම ප්‍රචාරය නොව, යම් වාසියක් බලාපොරොත්තුවෙන් කරනු ලබන පක්ෂග්‍රාහී, තරමක අතිශයෝක්තියෙන් යුතු ප්‍රචාරයකි. "අනුන්ගේ සීනි කිරන්න / අනුන්ට කුලියට කහින්න කඩේ යනවා" කියා හොඳ වික්ටෝරියානු ඉංගිරිසියෙන් කියන්නේ proxy propaganda කියා ය.

    ReplyDelete
  22. //දෙවෙනි කතාව ඇත්තටම කතාවක් නොව ප්‍රශ්ණයකි. සැබෑ ප්‍රශ්නයකි!//

    ප්‍රශ්නයක් තමයි. මොකද්ද කතාව කියන ප්‍රශ්නෙ!

    ReplyDelete
  23. අරේවා!!!

    මට නම් මෙලෝ දෙයක් තේරුනේ නහී හේ!

    (හේතුව මම ජීට සම්බාව්ය මෙව්වා නොතේරීම විය හැකි ය!)

    දෙවෙනි කතාව කහා හේ?!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. පිල්ලි ජී.
      මට තියන ප්‍රශ්නේ මේකයි..

      අන්තිමට කොල්ලයි කෙල්ලයි
      ගෙවල් වලින් කැමති වෙලා බැන්දලු.. !!

      දුශ්ට‍යා ඔන්ද ස්පොට් !!

      මී පිරුනු සුවඳ මල් වනේ , ඩිස්ති ඩි ඩිං !!!!!


      Delete
    2. @ පත්තර මල්ලී භයියා,

      එකෙන්ම!!!

      "අයුක්තිය අසාධාරණය රජකරන මේ ලෝකේ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් කමෙන්ට් කොටන පිල්ලියක් මං!"

      හික්z!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!

      Delete
    3. හෙක් හෙක්,
      තුන් සරණේ මේ කාවත් ඉන්නවා.

      Delete
  24. "ළමයි! අද අපි ඉගෙන ගන්න යන්නේ ගෙම්බා ගැනයි. දැන් හැමෝම මා දිහා බලන්න!"

    ටියුෂන් ගරුවරු මායාකාරයි. ළමයින් හසු කර ගනුයේ මෙවැනි සරල ආකාරයට වන අතර, එහි තුච්ඡ අවස්වලට ගිය කතාද ඇත. කුරුණෑගල ප්‍රදේශයේ රසායන විද්‍යා ගරුවරයෙකු මෙවැනි පහත් තත්ත්වයේ ඇත. ඔහු, පොහෝ දිනවලට ළමුන චිත්‍රපටි ශාලාවලට ගෙන ගොස් භාවනා කරවයි. මහමෙවුනාවේ යයි. පිරිත් කියයි. බණද කියයි.“ එබැවින් ඔහුගේ එම ක්‍රියාකලාපය සිත් ගත් ගැහැණු ළමුන් තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න ගුරුවරයා සමඟ බෙදා හදා ගනී. එවැනි ළමුන්ගෙන් කිහිපදෙනෙක්, වරදට පොළඹවා ගැනීම ඔහු විසින් කර ඇත. සමාවෙන්න,
    අපහාසයක් නොව.... මෙවන් සිදුවීම්, සිද්ධී.... ගැන අන් අය දැන ගත යුතුය.
    මේ, මගේ අඩවියක් නොවන බැවින් නම නොලීවෙමි. නමුත්, ඔහුගේ නම අවශ්‍යනම් කියමි....

    ගෙම්බා සහ කැරපොත්තා විච්ඡේදනය 95 වසරේදී සිලබස් එකෙන් ඉවත් විය. එතෙක් පැවතියේ 78 විෂය නිර්දේශය වේ. දැන් තත්ත්වය නොදනිමි. මේ අනුව මෙම කතාන්දරය, ඊට පෙර වූ සිද්ධියකි. සමහරු විද්‍යාව නොහදාරා මැත්ස් වැළඳගනුයේ සත්ව විද්‍යාව සහ උද්භිද විද්‍යාවේ පාඩම් කිරීමට තිබූ අසීමිත බිය නිසාවෙනි. එසේම, ජීව විද්‍යාව හදාරන බොහෝ දෙනෙක් භෞතික විද්‍යාවට බියක්ද දක්වයි.

    ReplyDelete
    Replies
    1. පින්නපොල

      Delete
    2. ඒ සෑර්ෙග් නම පින්න ෙපාල

      Delete
  25. කකාත් දැන් පැන්ෂන් යන වයසේද ඉන්නේ

    ReplyDelete
  26. මම එතරම් ඉංග්‍රීසි දන්නේ නැත..අපේ දුව මම තරම් දේශපාලනය දන්නේ නැත. ක්‍රිස් නෝනිස් ඉගෙනගත්ත රටේම ඉගෙනගත් අපේ දුව ඇහුවේ....ඉංග්‍රීසි දැන ගත් පමණින්ම සාර්ථක රාජ්‍ය තන්ත්‍රිකයෙකු විය හැකිද යන්නය. ඇය සිනාසුනාය. දුරකථනය විසන්ධි විය..මම හඬනගා සිනාසුනෙමි. වෙන කියන්න දෙයක් නැත.

    හිසේ ගිනි ඇවිලෙතේ
    පසේ බුදුවරු ඇතේ
    ඇසේ තෙත ඇත හිතේ
    කියන්නේ කාටදෝ......

    ReplyDelete
  27. කකා......සත්වවිද්‍යාව ටියුෂන් දීපු HR නෝනිස් මහත්මයාගේ ඔය කතාව ඇත්ත. අපිට ඉස්කෝලේ උද්භිද විද්‍යාව ඉගෙන්නුවේ එයාගේ මල්ලි PH නෝනිස්. ඔය නම ඉස්කෝලෙදී කිව්වා. හොඳ මනුස්සයා..පංතියට ආපු ගමන් මාව එලියට දාලා තමයි පංතිය පටන් ගත්තේ. බඩ මිරිකනවා වෘශන කෝෂ ගල්වෙන්න.

    ReplyDelete
    Replies
    1. අරුගේ කොමෙන්ට් දැක්කම මට එක එක ඒවා කියන්න හිතෙනවා අරුත් එක්ක කොක්කට,ආතල් කොක්කකට , එත් අරුට මල පනියිදා කියලා හිතෙන නිසා නොකියා ඉන්නවා

      Delete
    2. අරූගේ අඩවිය කියන පී.එච්.නෝනිස් ඒ කිව්වේ සත්ත්ව විද්‍යාව උගන්නපු එච්. ආර්. නෝනිස් ගේ මල්ලි තමයි මගෙත් උද්භිද විද්‍යා ගුරුතුමා. කොල්ලො මේ පී. නෝනිස් නම දුන්නේ එතුමට ඒ කාලේ. මේ නෝනිස් සහෝදරයින්ගේ අපූරු කතා ගොන්නක් තියෙනවා. ක.කා.ගේ කතාවට බාධා නොවෙන්න එකක් කියන්නම් අපේ පී. නෝනිස් සර් කිව්ව විදිහටම. " අපේ අය්යා හොඳ ස්විමර්. ඒ කාලේ දැදුරු ඔයේ මේ ඉවුරේ ඉඳන් අනික් ඉවුරට පීනනවා. මට අය්යට වගේ පීනන්න බැරි නිසා ඔය මැදට පීනලා ආයෙත් හැරිලා මේ ඉවුරටම පීනනවා."

      Delete
  28. poor blogger !
    2 comments for today !

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.