Thursday 31 October 2013

මෙන්න මෙහෙමයි එදා මං අනාගතේ ප්ලෑන් කෙරුවේ හෙවත් කිරි ඉහිරී යයි! - When I become the General Manager


මව් කිරෙන් ඇරුණ දා ඉඳලා අපි හැමෝම වගේ බොන්නේ කිරි පිටි නේ.

ඔය අතරේ දෙතුන් පාරක්, එක පාරකට මාස කීපය ගානේ එළකිරිත් බීලා තියෙනවා මං. ඒ අල්ලපු ගෙවල්වල එළදෙන්නු හිටිය වකවානුවලයි. එක පාරක් ලඟපාත ගෙදරක එළු දෙනක් පැටවෙක් දාපු කාලේ එළු කිරිත් බීලා තියෙනවා වගේ මතකයි.

නමුත් ජීවිතේ වැඩිකාලයක් බීලා තියෙන්නේ කිරිපිටි දියකරලායි.

අපි පොඩි කාලේ තිබුණු කිරිපිටි තේ වලට දාලා දිය කරන කොට කැට හැදෙනවා. කොච්චර හැඳි ගෑවත් ඒ සමහර කැට දියවෙන්නේ නෑ. ඒ කාලේ කිරි තේ හදලා ඉවර වෙලා පෙරන්නත් ඕනෑ මේ හින්දා.

මේ කිරිපිටි කැටි ගැගෙන එකට තිබුණු එක විසඳුමක් තමයි, තේ වතුරවලට කිරිපිටි දාන්නේ නැතුව කිරිපිරිවලට තේවතුර දාන එක.

ඕක ප්‍රගුණ කළ යුතු එක්තරා විදියක කලාවක්. මං ඉතා පොඩි කාලේම, ඒ කියන්නේ අවුරුදු දහයේ දී විතර ඔය කලාව ප්‍රගුණ කරන්න පටන් ගත්තා!

ඔන්න ඉස්සෙල්ලා කොප්පෙට සීනි හැඳි තුනක් විතරයි (පොඩි කාලේ එහෙම තමයි, දැන්නම් තේවලට සීනි දාන්නේ ඉතා අඩුවෙන්!), පිටි හැඳි දෙකක් විතරයි දානවා. ඊට පස්සේ ඒවා ඉතා හොඳින් මිශ්‍ර කරනවා.

මුලින්ම තේ වතුර දාන්නේ ඉතාම ස්වල්පයයි. ඒ දාපු ගමන් ඉතා තදින් හැඳිගාලා තලපයක් වගේ හදනවා. දැන් ටික ටික තේ වතුර එකතුකරමින් හැඳි ගාමින් තේ එක හදාගන්න ඕනෑ.

මේ ක්‍රමයෙන් කිරිපිටි දිය නොවී කැට හැදීම ඉතා හොඳින් වළක්වා ගන්න පුළුවනි.

නමුත් ප්‍රශ්නේ මෙන්න මේකයි.

අර කිරිපිටි සහ සීනි එකිනෙක මිශ්‍ර කළායින් පස්සේ මට ඒ මිශ්‍රනයෙන් ටිකක් කන්න හිතෙනවා. මේක මාර රහයි. ඉතිං, තවත් ටිකක් කන්න හිතෙනවා. අන්තිමේදී තේ හදන්න දා ගත්තු සීනි සහ කිරිපිටිවලින් බාගයක්ම කැවෙනවා.

මේ වැඩේට අපේ අම්මා හරි ම විරුද්ධයි!

නමුත් මට නං හිතෙන්නේ මුලින් කැවත් පස්සේ දියකරලා බිව්වත් කොහොම වුණත් බඩටනේ යන්නේ කියලයි.

එක දවසක් අපේ අම්මා ඔය සීනි-කිරිපිටි මිශ්‍රනය මං කනවා දැකලා මට හොඳටෝම බැන්නා.

මං ඇඬුම් අතරින්ම කිව්වේ මෙච්චරයි.

"ඉන්න, මං ලොකු වෙලා රස්සාවකට ගිහිල්ලා ඉස්සෙල්ලාම ගන්න පඩියෙන් සීනි රාත්තලකුයි, කිරිපිටි පැකට් එකකුයි ගෙනැල්ලා හොඳට අනලා කාගෙන කාගෙන යනවා!"

-කතන්දරකාරයා

ප/ලි:
ඒ දවස්වල සමහර කඩවල්වල තේ හදන්නේ ටිංකිරි දාලා. මේ තේ මාර රහයි. අපේ අම්මා ඉඳලා හිටලා කිරිටොෆී හදන්න ටිංකිරි ගෙනාපු දවසක හිස් ටින් එක හෝදාගෙන බිව්වොත් මිසක ගෙදරදී අපිට ටිංකිරි දාපු තේ බොන්න ලැබෙන්නේම නෑ.

මං ඒ දවස්වල කරපු තවත් ප්ලෑන් එකක් තමයි, ලොකු වුණාම ටිංකිරි තේ හදාගෙන බොන එක.

පොඩි කාලේ මේ වගේ ප්ලෑන් කළත් කවදාකවත් හරි නොගිය අනිත් දේවල් එක්ක ගත්තාම මේ කිරිපිටි-ටිංකිරි ප්ලෑන් ක්‍රියාත්මක කරන්න බැරිවීම නම් ඉතිං නතිං තමයි!


(image: http://www.whatsonyourwall.com/abstract-art-5/black-white-milk-drop-9166.htm)

116 comments:

  1. ඔන්න අද නම් මම එක වාගේ !!!

    ReplyDelete
  2. ශා.. අද පෝස්ට් එක නං මරු කකා. දැනුම සාගරයක්..
    අද පෝස්ට් එකෙන් කිරි වීදුරුවක් හදාගන්න හැටි ලෙසටම කියලා තියෙනවා... මරු කකා !

    ReplyDelete
    Replies
    1. අරේ ජැක්සන් ඇන්තනී ජී,

      මොකෝ මේ එකපාරටම මේ පැත්තේ එන්න හිතුණේ? ඒකත් මේ ඇනෝ විදිහට......??

      Delete
  3. කකා මේක කියන්න පුදුමයි . ඔය කතාව මම ලිව්වත් ලියන්න තියෙන්නේ ඔය විදිහටමයි ,අකුරක්වත් වෙනස් කරන්න දෙයක් නෑ. ටින්කිරි කතාවත් එමමයි. පොඩිවෙනසක් තියෙන්නේ එක දවසක් අපේ අප්පච්චිට මල පැනලා සීනි කිලෝ එකක් විතරයි පිටි පැකට් එකකුයි අනලා දැන් කාපිය කියල කනකන් වෙවැලත් අරං ළඟ හිටියා. එත් අඬ අඬා කන්න බැරුව තවත් ගුටි කකා හිටියා . කකාගේ මම කැමතිම පොස්ටුව මේක

    ReplyDelete
    Replies
    1. //එක දවසක් අපේ අප්පච්චිට මල පැනලා සීනි කිලෝ එකක් විතරයි පිටි පැකට් එකකුයි අනලා දැන් කාපිය කියල කනකන් වෙවැලත් අරං ළඟ හිටියා.//

      හික්z!
      well done uncle!

      Delete
    2. Ane huke kiwwalu

      Delete
    3. මගේ තාත්තා නං එහෙම කෙරුවේ නෑ. මං කිව්වා නං කොහෙම කළත් බඩට නේද කියලා තාත්තා ඒක පිළිගන්නවා සිකුරුයි.

      Delete
  4. මගෙත් ප්‍රියතම කෑමක්. මගෙත් කිව්වට මේකට අකමැති පොඩ්ඩො නෑ. කවුරුත් කැමතියි. ඉස්සර අම්ම කිරි හදන වෙලාවට මම අත්ල දික් කරගෙන ඉන්නව. පිටි හැඳි භාගයක් අත්ලට වැටුන ගමන් සීනි ටිකකුත් දාගෙන කන්නෙ අමෘතය කන්න වගේ.
    හැබැයි පිටි වල දිය නොවුන කෑලි පෙරල ඉවත් කිරීමට මම විරුද්ධයි. "කෑලි තියෙන්න" හදන්න කියලත් ඉල්ලනව.
    පිටි දියකරන්න හොඳම ක්‍රමය තමයි ඕක. හැබැයි දැන් තියන පිටි ඉස්සර තිබුන පිටි වලට වඩා දියවෙනව. මගේ පොඩි එකාට දෙන පිටි බෝතලයට දාල උනුවතුර ටිකකුත් දාල හොලවල බලද්දි ඔක්කෝම දියවෙලා.
    බොහොම ස්තුතියි මතක් කලාට

    ReplyDelete
    Replies
    1. පස්සෙ කාලෙකයි ආවේ ඉන්ස්ටන්ට් කියන කිරි පිටි ජාතිය. ඒවා දාන්න ඕනෑ තේවතුර කෝප්පෙට දාලා ඊට පස්සේ.

      Delete
  5. මමත් ඉස්සර ඔය විදියටම කිරිපිටි කෑවා මතකයි,අපි නෙස්ටමෝල්ට් ටින් එක අරං මේසෙ යටට රිංගල පිටි කෑවා පස්සෙ කාලෙකදී හොඳ සීරුවටම කිරිපිටි කනව කියල අධිෂ්ටාන කරගෙන හිටියත් වයසත් එක්ක කිරිපිටි ලෝලත්වය නැතිවෙලාම ගියා දැන්නං කිරිපිටි බොන්න හරිම අපොරුන්දුයි දියර කිරි බොන්න තියෙන නිසා ගානක් නෑ.

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට මං කෑවේ නෙස්ටජන්.

      Delete
  6. අනේ මට නම් දුකත් හිතුනා පොඩි කශූ ගැන..ආයි ඉතින් කනවා නම් දැන් කිරි පිටි කන්ටේනරයක්ම කන්ඩකො අනාගෙන...වේෆර්ස් වලට..මම හිතන්නේ ඒ වේෆර්ස් හඳුන්වලම දීපු කාලෙ..මාත් හිතන් හිටියා ලොකු වෙලා ජොබ් එකක් කරලා වේෆර්ස් 100ක් විතර අරගෙන කනවා කියලා..ඒත් අද වේෆර්ස් පැකට් එක කන්න සති දෙකක්වත් යනවා...බඳින්න ඉස්සර වෙලා.... එක්කෝ ඕනි නෑ ඒ කතාව !

    ReplyDelete
    Replies
    1. වෙනියලට අනිත් උන්ගෙ ඒවට කමෙන්ට් කරන්න වෙලාවක් නැති උනාට මේ වගේ දෙකයි පනහෙ පෝස්ට් වලට නම් උඩ පැනලා කමෙන්ට් කරන්නෙ...නොදකින් වෙනියා...

      Delete
    2. නෑ ඇනෝ.මට නම් කාගෙවත් බ්ලොග් එකක එක ලිපියක්වත් දෙකයි පනහේ ඒවා නෙවෙයි..ලියන්න වෙන මහන්සිය මම දන්න නිසා. අද තියෙන බහුතරයක් බ්ලොග් මම කියවන ඒවා කියවද්දි එතකොටත් කමෙන්ට් 100 පැනලා..මම ලියන්න යන අදහස වෙන කවුරු හරි ලියලා..එතකොට ලියන්න දෙයක් නැතත් කමෙන්ට් ටික කියවලා සතුටින් එතනින් පිටත් වෙනවා..ඒකයි මේ දවස් වල මගේ කමෙන්ට් ගොඩක් බ්ලොග් වල දකින්න නැත්තෙ...සතුටුයි කමෙන්ට් 100 පනිනවා කියන්නෙ ඕනිම බ්ලොග් පෝස්ට් එකක් ලියන කෙනෙකුට ලොකු හයීයක් නෙ !හැබැයි බ්ලොග් පෝස්ට් එක මුලින්ම කියවන්නවෙලාවක් ලැබුනොත්..යමක් සටහන් කරලා එනවා..

      Delete
    3. @Weni
      මං මෙතන කියන්නේ පොඩි කාලේ හිතපු ඒවා දැන් කරන්න පුළුවන් වුණාට කරලා වැඩක් නෑ කියලයි. තවත් සැඟවුණු කතාවකුත් තියෙනවා.

      Delete
  7. පොඩි කොට නොකෑ කොට ලොකු කොට කන්ට බැරි කොට

    ReplyDelete
    Replies
    1. ඒ කිරි නොකෑ කට අනේ කුමකට පලද මා හට!

      Delete
  8. නමුත් ජීවිතේ වැඩිකාලයක් බීලා තියෙන්නේ කිරිපිටි දියකරලා eka aththa

    ReplyDelete
    Replies
    1. එළකිරි බීපු කාලෙකුත් තිබුණා!

      Delete
  9. මේ කතාව මට සෑහෙන්න හිතට ඇල්ලුවා. ඉවාන් කිව්වා වගේම මට ලියන්න තියෙන අත් දැකීමත් ඕකමයි. වතාවක් අපිව අඹේවෙල කිරි පැක්ටරිය බලන්න එක්ක ගියා ඉස්කෝලෙන්. ඒ ගමනේදී අත්වල මුණු වල ගාගෙන කිරිපිටි කාපු හැටි ඒ රහත් එක්කම මතක් උනා

    ReplyDelete
    Replies
    1. මං අඹේවෙල බලන්න ගියේ මීදුම මැද්දෙන්. යනකොට ඒක කෑමට වහලා. ඉතිං පරක්කු නොවී අපි ආපහු ආවා!

      කොහෙමටත් හයිලන්ඩ් කැටි ගැහෙනවා 1990 කාලෙත්

      Delete
  10. බලද්දී අපි හැමෝම ඔය වැඩේ කරලනේ අල්ලට පිටියි සිනීයි දාලා කලවම් කරන් කාලා තල්ලේ තලියක් අලෝගෙන දිවෙන් මේම මේම කරද්දී මාර රසයි ..ඒවා ඉතින් ලංකාවේදී තමයි මෙහෙදී කිරි දියරනේ තියෙන්නේ ..

    ReplyDelete
    Replies
    1. කොහොමද ඔය "මේම මේම" කරන්නේ?

      Delete
  11. //ඉන්න, මං ලොකු වෙලා රස්සාවකට ගිහිල්ලා ඉස්සෙල්ලාම ගන්න පඩියෙන් සීනි රාත්තලකුයි, කිරිපිටි පැකට් එකකුයි ගෙනැල්ලා හොඳට අනලා කාගෙන කාගෙන යනවා! //

    කකා මේ වැඩ් කරාද ? කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද ?
    ඔය වැඩේ මමත් පොඩිකාලෙ කරා.. බලාගෙන යනකොට මේක නොකරපු එකෙක් නැහැ...

    ReplyDelete
    Replies
    1. කතන්දරේ සමහර තැන් ඔයාට මග හැරිලා!

      Delete
  12. සීනි-කිරිපිටි මිශ්‍රණයට චොකලට් කුඩු හැන්දක් දැම්මම තවත් ගති!

    ReplyDelete
  13. අරේ ක්ෂීර පෝස්ට් හුවා?

    බොහොත් අච්චා බයියා බොහොත් අච්චා!

    මමත් පොඩි දවස්වල කිරිපිටි කන්න ආසයි!

    එක දවසක් අපේ මහගෙදරදි (එතකොට මගේ වයස අවුරුදු 4ක් විතර ඇතී ගෙදර කට්ටියම ටී.වෙ බලද්දි මම ශේප් එකේ කුස්සියට රිංගලා කට පිරෙන්න කිරිපිටි අහුරක් කටේ දාගත්තා! ඒ වෙලාවෙම වගේ අර කහපාට ඉරි තියෙන කැරපොත්තෙක් බිත්තිය දිගේ දුවගෙන ආවා!
    මට ඌව දැක්ක ගමන් අප්පිරියාව හින්දා කිරිපිටි ගිලින්න බෑ. නමුත්, කිරිපිටි වලට කට ඇලිලා හින්දා කිරිපිටි ටික එලියට දාන්න පුලුවන් කමකුත් නෑ....!

    එදා ඉඳන් තාමත් මට කිරිපිටි කන්න බෑ.
    කිරිපිටි රහ දැනෙනකොටම කැරපොත්තෝ මතක් වෙනවා!

    ReplyDelete
    Replies
    1. මල්ලි, උඹ ලගදි ඉන්දියන් කාරයෙක් එක්කද බුදිය ගත්තෙ ?

      Delete
    2. කිරි බත් වලට දෙමලෙන් කියන්නේ මොකක්ද කියලා දන්නවාද බං බොලන් පිල්ලිය.

      Delete
    3. කිරි වර්ග කොච්චර තියෙනවද

      මව් කිරි, පිටි කිරි,
      තං කිරි, මී කිරි,
      පොල් කිරි, උකු කිරි,
      සූ කිරි, ටිං කිරි,
      අඹ කිරි, ලබු කිරි,
      දිය කිරි, කැ කිරි, කජු කිරි,
      .................

      Delete
    4. අරේ..

      චී....... බලන්නකෝ අනේ මෙයා කියන කථා!

      නෝටි ඇනෝ ජී!

      Delete
    5. @ කාවා ජී,

      මචෝ, කිරිබත් වලට දෙමලෙන් කියන්නේ "පාල් සෝරු"!

      Delete
    6. කිරි = පාල්
      බත් = ෂෝරු

      කිරි බත් = පාල්+ෂෝරු = පාට්ෂෝරු

      Delete
    7. කිරිබත් වලට දෙමලෙන් කියන්නෙ පුක්කැයි කියලා..ඕක ටිකක් අප්සට් වගේ නිසයි මෙහෙ පාල් සෝරු කියලා කියන්නෙ !

      Delete
    8. he dish is prepared by cooking rice with coconut milk, whence this name.[1] In Tamil, the dish is called paalchoru.

      http://en.wikipedia.org/wiki/Kiribath

      !

      Delete
    9. @ කාකා ජී,

      කටේ හුරුවට නම් කියැවෙන්නේ "පාට්ෂෝරු" කියලා තමයි!

      හුඟක් වෙලාවට "පොංගල්" කියලාත් කියනවා!

      @ වෙනි ජී,

      ම්ම්ම්ම්ම්ම්හ්!

      මේ නම නම් ඇහුවේ අදමද කොහෙද!

      Delete
  14. ඔය තේ හදද්දි මුලින්ම තලපෙ වගේ හදන එක මුලින්ම දැක්කෙ ඉස්කෝලෙ ජීවන කුසලතා වලටදද කොහෙද කියල දෙද්දි... මට ඒක දැකලා කොච්චර අප්පිරියා හිතුනද කිව්වොත් ඊට පස්‌සෙ මාස ගානක් යනකං බිව්වෙ කහට තේ.. පස්සෙ නොනවතින ඔලුවෙ කැක්කුමක් හැදිලා ඩොක්ට ගාවට ගියාම කිව්වෙ ඔච්චර කහට බොන එක නවත්තන්න කියල.. ඊට පස්සෙ තමයි ආයිත් පිටි දාලා තේ බොන්න ගත්තෙ... පිටියි සීනීයි කන එක නොකරපු කෙනෙක් නෑ වගේ නේ.. හි හි...

    ටිංකිරි තේ නං මට හරියන්නේ නෑ.. මෝල්ට් ජාති වලට වඩා මං ආස මයිලෝ වගේ චොක්ලට් රස එන ඒවට.. කොහොමත් ගෙදරදි මං හදන තේ කහටත් දාලා, පිටි වලට මයිලෝ ටිකකුත් දාලා හදන තේක හරි ජනප්‍රියයි.. ඒත් මේ බැන්ඳට පස්සේ මෙහෙ කට්ටිය ඕක හදන හදන ගානට “ මයිලෝ බොන්න හොඳ නෑ ” ගාන්න ගත්ත නිසා ඒ වැඩේ අතෑරලා දැම්ම.. ඒත් තාමත් මට හිතුනම මං පිටි වලට කොකෝ පවුඩර් ටිකක් කලවම් කරලා තේ හදං බොනව...

    මට තිබ්බ ඔය වගේ ආසාවක් තමයි ඇති වෙන්න චොක්ලටුයි ජම්බො පීනටුයි කන්න... හැබැයි ඒ ආසාව නං ඉටු කරගත්ත බැන්ඳට පස්සෙ... හි හි

    ReplyDelete
    Replies
    1. ආ මේ අපේ කුස්සියේ රැජිණි හිරුනේ. කිරි ටොෆි, කේක්, පුඩින්, අරවද මේවද මලවලා තෙල් දාන ගන්නේ නැද්ද මම අහන්නේ.

      Delete
    2. @ කාවා ජී,

      අනිවා!!!!!!

      Delete
    3. @හිරු
      ටිංකිරි තේ රස සීනි වැඩි හින්දයි. ඒවා රෝගකාරක!

      Delete
  15. දැන් කාලේ පොඩි උනුත් ඔහොමමද?

    ReplyDelete
    Replies
    1. මතක් කරන්න එපා, දැන් කාලේ හැදෙන එවුන්!

      Delete
  16. පිටි සීනි මිශ්‍ර කර කෑම - වයසට යද්දී දියවැඩියාවට අත වැනීමක්ද කකා?

    ReplyDelete
    Replies
    1. ඇයි පත්තරේ දාන්නද අහන්නෙ?

      Delete
    2. සෑම්,
      මෙහෙමයි, හදන්න යන තේ එකේ සීනී+කිරිපිටි වලින් කොටස්ක කෑම නං ප්‍රශ්ණයක් නෑ කොහොමටත් බඩටනේ.

      පොඩි කාලේ සීනි කෑම නිසාම දියවැඩියාව හැදෙනවාද මං දන්නේ නෑ. මහත් වෙන්න නං ඉඩ තියෙනවා. ඒ මොක වුනත් වෙන්න ජානවල බලපෑමකුත් ඇති.

      Delete
  17. Replies
    1. එහෙනං පරිප්පු හදන්නෙ අස්සයින්ට දෙන්න. කොල්ලු දෙන්නෙත් අස්සයින්ට!

      ඌරෝ කවද බීපු එළකිරිද?

      Delete
  18. /////////////මං ඇඬුම් අතරින්ම කිව්වේ මෙච්චරයි.

    "ඉන්න, මං ලොකු වෙලා රස්සාවකට ගිහිල්ලා ඉස්සෙල්ලාම ගන්න පඩියෙන් සීනි රාත්තලකුයි, කිරිපිටි පැකට් එකකුයි ගෙනැල්ලා හොඳට අනලා කාගෙන කාගෙන යනවා!"///////
    ıpod ǝƃɐɐʞɐʞ ǝɯ ɯɐuɐʌɐɥʇɐʞ ıɹɐɥ lɐɥʇɐɹnɥ

    ReplyDelete
    Replies
    1. දැනුත් හුරතල් කතා කියනවා හාමිනේ එක්ක!

      Delete
  19. පිටි සීනී කන්න මාත් මළ පෙරේතයා..

    මෙන්න ටිං කිරි කතන්දරේ...

    http://maathalan.blogspot.com/2013/06/tea-with-condensed-milk.html

    ReplyDelete
    Replies
    1. මෙම දැන්වීම මුදල් ගෙවීමෙන් තොරව ප්‍රචාරය කරන ලද්දකි.

      Delete
    2. බක් ෆියට් එකේ යද්දි නේද කන්නෙ....

      Delete
    3. මාතලන් අයියා ඇනෝ වහපු හින්දා අපේ ඇනෝ උන්දැලාට අම්බානක තද වෙලා වගේ!

      Delete
    4. කාගෙ කාගේ කිල්ලෝටවලත් හුණු ඇත!

      Delete
    5. ඇනෝ වහගෙන මිතුරන් අතරේ පමණයි බ්ලොග් කෙරුවාව ඉතින් පාළු ගෙයි වලන් බිදිල්ලක් තමයි.....
      පිට කසන එවුන්ගෙ විතරක් කොමෙන්ට් දාගෙන මහා ලොකු පුරාජේරු හරබර සංවාද විදිහට යනවා.....

      Delete
  20. සීනීයි කිරි පිටියි මගෙත් ආසම කෑමක්... ටිංකිරි දාලා තේ බොන්නත් හරි ආසයි. මතක් වෙනකොටත් රස දැනෙනව වගේ..

    ReplyDelete
    Replies
    1. ඒ රස නම් කියල වැඩක් නෑ!

      ඒත් දැන් ඒව කරල වැඩකුත් නෑ!!

      Delete
  21. APE KAKKAIYA ADATH SHOAK KATHAWAK LIYALA. HARIMA AASAI

    ReplyDelete
    Replies
    1. අරේ කැපිටල් ජී,

      මොකෝ මචන් උඹ පහුගිය දවස්වල වැඩිය පේන්න හිටියේ නැත්තේ.....?

      Delete
  22. හිහ් හිහ් හිහ්
    මගේනම් තිබ්බ ලොකුම ආසාව තමා අලියෙක් ගන්න එක .
    මම ඉතින් ඉස්සර වත්තේ කිතුල් ගස් කපන්න දෙන්නේ නෑ . මොකද අලියට කන්න තියෙන්න එපාය . අම්මලා එක්ක කොක්ක දාගත්තම අඬන්නේ අලියෙක් ගෙනාවම මම මගේ කාමරේට ගන්නේ අලියා විතරයි කිය කිය .
    හැහැ හහ් හඃ

    ReplyDelete
    Replies
    1. ඉතින් දැන් කාමරේ අලියෙක් ඉන්නවද? :D

      ගෙම්බෙක් කුමාරයෙක් උණු කතාව ඇහුවට පස්සේ, පොඩ්ඩිට ඕනි කරලා තිබ්බේ, ගෙම්බෙක් ගෙනත් කාමරේ තියාගන්ට. :)

      Delete
    2. @වයලිනෝ
      මේ කෑල්ල මට අල්ලලා ගියා. හොඳ කතාවකට නිමිත්තක්.

      Delete
    3. @පොඩිකුමාරි
      ඒ උවමනාව නම් දැන් ඉතිං ඉටු වෙලා නේ!

      Delete
  23. මගෙ ආසාව තිනබ්බෙ CBR එකකට . අම්මට අඩල අඩල ගත්තා . හැබැයි ඒකෙන් මම නැත්තටම නැති උනා.හැබැයි පාඩමක් ඉගනගත්තා. ආයෙ කවදාවත් කික් පැඩ්ල් නැති බයික් නොගන්න.අම්මත් පාඩමක් ඉගනගත්තා. මට රත්තරන් බඩු හැදල නොදෙන්නයි බැන්කු පොත හන්ගන්නයි .
    -පත්තර මල්ලි -

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලි ජී,

      ආප්කෝ CBR කි ක්යා හෝගයා?

      Delete
    2. Honda CBR කියන්නෙ රේසින් මොඩ්ලෙ බයික්කෙයක් මචන්.දෙපැත්තෙ ෆයිබර් කව්ලින් එක්ක .මතකනම් අර ඩූම් එකේ පදින්නෙ බ්‍රයන්.. 250 /400/600/1000 cc එනව. මන් ගත්තෙ 250 cc fireblade එකක් නාවල කොස්වත්තෙන්.ලෙඩක් ආවොත්ාව තමා බන් .වහ කන්න වෙන්නෙ. පොටෝ එකක් දාන්න හරි ලින්ක් දාන්න හරි මන් දන් නෑ බන්. දන්න එකෙක් දාපල්ල
      -පත්තර මල්ලි -

      Delete
    3. කතන්දර පිල්ලි මචෝ
      මේ විදියට වෙනස් විදියකට හිතල හින්දුස්තානි අනන්‍යතාවයක් හදාගන්න එකට ප්‍රශංසා කරන්න ඕනේ. එත් උඹේ වැරදි හින්දි වලට ඔලුවේ කැක්කුම හැදෙනවා බං

      මෙන්න මෙහෙම හදා ගනින්.
      ආප් කෝ - ඔබට
      ආප් කා - ඔබගේ

      තුම්හාරා - නුඹේ
      තෙරා - උඹේ

      CBR කි - CBR ගේ
      CBR කෝ - CBR එකට

      හරි විදිය : ආප්කා CBR කෝ ක්‍යා හුවා ?

      Delete
    4. අදත් කතන්දර පිල්ලියා හොඳවයින් ඇනගෙන... නොදන්න දේවල් කියලා වඉගේ නහගන්නේ නැතුව හිටු..
      හුක්කි හුක්කි හූඌඌඌඌ

      - කැලෑවේ නරියා -

      Delete
    5. බුදු අම්මෝ! අම්මල අරන් දෙනවද මොටෝ බයික්?

      මං හිතුවේ ඒවා ගන්නේ ජොබ් කරලා පඩි අරංය කියලායි!

      Delete
    6. වරදවා හිතන්න එපා මා ගැන කතන්දර..පුරසාරම් දොඩවනවා කියා. මගේ මව ඒ දිනවල ඉතාලියේ ගෘහ සේවිකාවක්
      -පත්තර මල්ලි-

      Delete
    7. @ පත්තර මල්ලි ජී,

      @ මහසෝන් පිල්ලි ජී,

      @නලාවේ xරියා ජී,

      තුන්දෙනාටම පිලිතුරු අද දින (දීපාවලි දින.) පෝස්ටුවේ දමා ඇත!

      ජයි හෝ!!!!!!!!!!

      Delete
  24. බලං ගියාම හැමෝම කරපු වැඩක්... සමහර වෙලාවට කන්න ගියාම ඕක උඩු තල්ලෙ ඇලවෙන වෙලාවලුත් තියනවා... ඒ වෙලාවට කරන්න පුළුවන් හොඳම දේ අර මිශ්‍ර කරන්න හිටිය කහට තේ ටික බොන එක...

    ReplyDelete
    Replies
    1. උඩු තල්ල හම ගියාමත් මාර සැප නේද?

      Delete
  25. //"ඉන්න, මං ලොකු වෙලා රස්සාවකට ගිහිල්ලා ඉස්සෙල්ලාම ගන්න පඩියෙන් සීනි රාත්තලකුයි, කිරිපිටි පැකට් එකකුයි ගෙනැල්ලා හොඳට අනලා කාගෙන කාගෙන යනවා!"//

    මේ ටික දැක්කාම පුංචි කකා ගැන දුක හිතුණා...

    අර කැට තේ එකක තිබ්බොත් එහෙම මට නම් හරි අප්පිරියයි. පොඩ්ඩිට දුන්නේ කිරි රත් කරලා, සීනි ගොඩකුයි, මයිලෝයි දාපු තේ. :(

    ReplyDelete
    Replies
    1. සීනි කැම ගුණ නැත ළමයෝ!

      Delete
  26. ඊයේ ඉදලම කල්පනා කොරා මට මතක නැහැනේ....
    අද උදේ අම්මට කතා කොරල ඇහැව්ව මම පිටියි සීනියි කෑවද කියල.
    මොකද නැත්තෙ නෙස්ටමෝල්ට් මෝල්ට් තල්ලෙ අලෝගන ඕන තරම් කෑවෙ කිව්ව.
    මට මතක උදේ සවස බිව්වෙ ගෙදරම දොවන එල කිරි.
    ලොකු කාලේදී නම් කඩවලින් බොන ටින්කිරි ටි එකට හරි කැමැත්තක් දැක්වුව.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්,
      ගෙදර දොවන කිරි.

      Delete
    2. කෙන්ජි මාමි,

      දෙනුන් කීයකගේ විතර දැනට කිරි දොවලා තියෙනවා ද?

      Delete
    3. @ Kenji
      මං නං කෑවේ නොස්ටජන් ෆුල් ක්‍රීම් මිල්ක්

      Delete
  27. මට තිබ්බේ අයිස් ක්‍රීම් කන ආසාවක්. ඒ මොකද මට පොඩි කාලේ නිතරම ඇදුම හැදෙන නිසා අයිස් ක්‍රීම් වගේ සීතල කෑම තහනම්. මම පහේ ශිෂ්‍යත්වේ පාස් වුනු එකට ඉල්ලුවෙත් අයිස් චොක්ස් එකක් :D

    ටින් කිරි තේ! ම්ම් ඒකට නම් මාත් මාර ආසයි... ඉතින් කතන්දරට දැනුත් පුළුවන්නේ ඔය නෙස්ලේ ටින්කිරි පැක් එකක් තියන් තේ කට දදා බොන්න?
    නිකම් තේ වලට කිරි දානවට වඩා හොඳයි මසාල තේ වලට කිරි දැම්මාම.

    හැබැයි මට නම් කිරි සහ තේ සංකලනයට වලට වඩා රස නැවුම් කිරි ශීත කරලා බොන එක!

    ReplyDelete
    Replies
    1. නිරෝට කියන්න ඉස්සර අපේ ගෙදරට නිතර මේ ටින් කිරි හම්බ වෙනවා. දවසක් දෙකක් කල්පැනපුවා තමයි. ඒත් ඒවා නරක් වෙලා නෑ. ඒ කාලේ මම හැමදාම වගේ කිරි ටොෆී කනවා. වෙන කරන්න දෙයකුත් නෑ නේ.
      මසාලා තේ වලට කිරි දැම්මාම නම් කියලා වැඩක් නෑ. දිව්‍යලෝකේ රහ..... !!!!

      Delete
    2. //ඉතින් කතන්දරට දැනුත් පුළුවන්නේ ඔය නෙස්ලේ ටින්කිරි පැක් එකක් තියන් තේ කට දදා බොන්න?//

      නිරෝෂිනී දීදී,

      ඔතන මේකයි සීන් එක අක්කියේ,

      කරුමෙට හරි අපේ කාකාතුමා කිරිපිටි පැකට් එකක් කටට හලා ගත්තයි කියමුකෝ..!

      පොඩිකාලේ වගේ දත්වල ඇලුණ කිරිපිටි දිවෙන් අයින් කොරන්න ගිහින් බැරි වෙලාවත් එතුමගේ දත් කුට්ටම ගිලුනොත්!!!!!!!!!
      ක්යා කරෝ දීදී????

      හමාරා කාකා ජී මර්ගයා වෙයි!

      Delete
    3. කකා ජී මර්ගයා සාලා !

      Delete
    4. @ නිරෝෂිනී
      @ රංගි

      මේ මසාලා තේ කියන්නේ චායි ටී වලට නේද? අර ස්පයිසි එක?

      Delete
    5. ඒක නම් දන්නේ නෑ මම චායි තේ බීලා නැත. ස්පයිස් ටී එකක්.

      Delete
  28. @ Kenji
    oʞ ǝqn ʞuıl ɐʞǝ uɐʎıp ǝ ǝɥʇɥʇɐd ɐuuǝ

    ReplyDelete
  29. මගෙත් කටට කෙළ ඉනුවා. සීනියී පිටියි.....
    :-!

    ReplyDelete
    Replies
    1. කෙල ගිලින්න නං එපා පුතෝ!

      Delete
  30. //මව් කිරෙන් ඇරුණ දා ඉඳලා අපි හැමෝම වගේ බොන්නේ කිරි පිටි නේ. //

    වැරදියි.... කකා නම් බොන්නෙ පුන්නක්කුනේ...

    ReplyDelete
    Replies
    1. ඔයා උපන්න දවසේ ඉඳලා බොන්නේ පුන්නක්කු ද?

      හරක් පැටව් නං පොඩි කාලේ බොන්නේ මව්කිරි=එළකිරි!

      Delete
  31. මම පොඩි කාලේ අම්මගෙන් කිරි බීවා. පිටි කිරි නම් පොඩි කාලේ කීයටවත් බීවෙ නෑ. මෙහෙදි පැකට් කිරි බීල හුරු වෙලා පස්සේ කාලෙක ගෙදර ගියාම වදෙන් පොරෙන් ඇන්කර් බීවා. ගොඩාක් වෙලාවට ලංකාවට යන ගමන් ඩුබායි වලින් බැහැලා ඇන්කර් එකක් අරන් ගියා ලංකාවෙදි බොන්නම. ඒත් අන්තිම කාලේ ආයෙත් කිරි බොන්නෙ නෑ. මේ පාර ගෙනිච්ච එක එනකනුත් කඩලාවත් තිබ්බෙ නෑ ඒ කාලෙම මොකක්ද කිරි ප්‍රශ්නයක් ආව හින්දා ඒ ඇන්කර් පැකට් කාටවත් දෙන්නවත් විදිහක් තිබුනෙ නෑ. දැන් නම් මගෙ කිරි භාවිතය කෝපි වලට ක්‍රීම් විතරයි. ඇයි උයන්නත් ගන්නවා. බලාගෙන ගියාම මම විතරනේ කිරි පිටි කාලා නැත්තේ මේ කට්ටියගෙන්ම.

    ReplyDelete
    Replies
    1. ප්ශ්... ප්ශ්...ප්ශ්...
      සද්ද කරන්න එපා..

      Delete
    2. පව් අනේ මේ ළමයා ගැන මට හරීම දුකයි!

      Delete
    3. ෂ්..... ෂ්.....
      බුදු අම්මෝ.... කිරි සුවදට ඉව අල්ලගෙන නයෙක් නේද........ දුවමු දුවමු.....

      Delete
  32. අපේ හොස්ටල් එකේ එකෙක් ඉන්නවා මේ සෙතේ කරන! ඌ ට දැන් තේ හැදිල්ල තහනම් කරලා තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. අනුන්ගෙන් කන එක නං නරක වැඩක්!

      Delete
  33. අද අපිට අවුරුදු වගේ.... කකාගෙන් හැමෝටම කොමෙන්ට්ස්.... ජයවේවා....

    ReplyDelete
  34. KK, Sorry this isn't relevant to the post but do you know what happened to වර්ගපූර්ණිකාව ?

    ReplyDelete
    Replies
    1. අපේ ජයරත්නයෝ දැන් බුකියේ කෙළිති!

      https://www.facebook.com/vargapurnikava

      .

      Delete
  35. //අර කිරිපිටි සහ සීනි එකිනෙක මිශ්‍ර කළායින් පස්සේ මට ඒ මිශ්‍රනයෙන් ටිකක් කන්න හිතෙනවා. මේක මාර රහයි.// පොඩි කාලේ මතක් වෙනවා.

    අපේ අම්මාත් කිරිටොෆී හදන්න (ගොඩාක් වෙලාවට, අප්‍රේල් කිට්ටුව තමා) ටිංකිරි ගෙනව. හැබැයි එහෙම ගෙනාවම, අපිට අඩුම ගානේ හැඳක්වත් ඕකෙන් දෙනවා. ;)

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අවුරුද්දට කිරි හැන්දයි!

      Delete
  36. පොඩි කාලේ ඕක කරපු නැති කෙනෙක් ඉන්නවද මන්දා.. මමනම් මේ ලගදිත් ඕක කලා..

    ReplyDelete
    Replies
    1. මෙන්න පොඩි ළමයෙක් මේ වැඩිහිටියන්ගේ කතා අස්සට පැනලා!

      Delete
  37. මටනම් පොඩිකාලේ ලොකුම උවමනාව තිබ්බේ ඉස්සරහ ගෙදර මට වඩා අවුරුදු 5ක් විතර බාල කොලුවා ඉක්මනට මගේ වයසට ලොකුකරගන්න එක (එතකොට ඌට 5යි මට 10ක් විතර) මොකද ඌ කරන ඔලමොට්ටල වැඩ වලට හිතේ හැටියට දෙකක් තුනක් අනින්න නැත්නම් මම පොරට සත්තම දැන්මම අපේ ගෙදර අය මට බනිනවා පොඩි එකාට ඉන්න දෙන්නේ නැ කියලා

    ReplyDelete
    Replies
    1. තාමත් ඒ වයස පරතරය වෙනස් වුනේ නෑ නේද?

      Delete
  38. අපෝ...මටනම් පිටිකිරි කන්න තියා බොන්නත් අප්පිරියයි...

    ReplyDelete
    Replies
    1. අර නූඩ්ල්ස් කිරි කෑලි තව රස වෙනවා කිරිපිටිත් දැම්මා නං.

      Delete
  39. මේ පෝස්ට් එක හිතට දැනුනේ මටත් මේ වගේම කාලයක් තිබුණ නිසා වෙන්ඩැති .. කිරි පිටි සීනි කෑවොත් කිරිපනුගාය හැදිලා පුක (කුනුහබ්බයක් නොවේයිනේ) කහන බව ඩිස්පෙන්සරියේ දොස්තර මහත්තයා අපි පුංචි දවස් වලදී අපේ ඉස්කෝලේට අවුදිල්ලා කියල දුන්නා මතකයි පුක කහ කහ ඉන්ඩ බැරි නිසා මම ආසාව හංඟාගෙන කිරිපිටි සීනි නොකා හිටියා ..

    ඉතින් මම ආසා කලේ උම්බලකඩයි රතුළූණුයි එකට කන්න .. ගෙදර පොල්සම්බෝලෙ හදන්න යනකොට ඉතින් උම්බලකඩ සහ ළූණු වලින් සෑහෙන ගානකට වගකියන්නේ මම . ඒත් දෙයියනේ දැන් .. උම්බලකඩ කෑල්ලක් දැකපු කාලයක් මතකත් නෑ .. එවුවා රත්තරන් වගේ ගනන්ලු දැන් ..

    ReplyDelete
    Replies
    1. හිස් අහසේ කියවපු කතාවලින් නම් තේරුනේ කිරිපිටි නොකෑවත් කිරිපනුගාය නම් ලෙසටම තිබුනා කියලයි.

      අපිට කිව්වේ පොල් කන්න එපා කියලයි.

      Delete
  40. http://kenjij1.blogspot.co.il/ ඔන්න බොගක් අටෝගත්තා මාත් දැන් ඇවිත් කොමෙන්ට් කරලා ෆලෝ කරලා බැනලා යන්න පුළුවන් හිතේ හැටියට

    ReplyDelete
  41. කිරිපිටි සීනි කතන්දරේ නම් මගෙත් ප්‍රියතම එකක්... හැබැයි ලොකු වෙලා රස්සාවක් කරලා මම කන්න බලාපොරොත්තු වුනේ උම්බලකඩ.... අම්ම උම්බලකඩ ලියන කොට හත් අට වතාවක් දීලත් බේරෙන්න බැරි වුනාම එලව ගන්න කොටයි මම ඔය කතාව කිව්වෙ.. ඒත් රස්සාවක් කරල උම්බලකඩ කිලෝ එකක් ගන්න ගියාම දැනුත් ඒක කන්න ටිකක් අමාරු වග තේරුනා...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.