Wednesday 23 October 2013

මේ ඇනෝනිමස් පාඨකයා ගේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න - Any "Ask Aruni's" or "Aunt Agony's" out there?


කාලෙකට ඉස්සර මට මතකයි සන්ඩේ ඔබ්සවර් එකේ "ආස්ක් අරුණී" වගේ නමක් තියෙන කොලමක් ගියා. විවිධ සමාජීය සහ පුද්ගලික ප්‍රශ්න තියෙන අය මේ කොලම් එකට ඒ ප්‍රශ්නය කෙටියෙන් ලියලා යැව්වාම අරුණී ඒකට පිළිතුරක් දෙනවා.

මේ වගේ පාඨක ප්‍රශ්නවලට විසඳුම් දෙන කොලම් පස්සේ තරුණයා, කුමරී වගේ පත්තරවලත් ගියා. ඒ සමහර ඒවා නම් මට හිතුණේ පත්තරේ අයම ලියලා දානවාද මන්දා කියලයි.

මේ අරුණී ලා වගේ අයට සාමාන්‍යයෙන් කියන්නේ "ඇගනි ආන්ටිලා" කියලයි. ඒක මේ ආන්ටිලා කරන්නේ අනිත් අයගේ ප්‍රශ්න, අසහන, ආතතිවලට විසඳුම් හොයන දේ හින්දා පට බැඳුණු නමක්.

දැන් "ඇගනි ආන්ටිලා" පත්තරවල නැති හින්දා ද, පත්තරවලට වඩා බ්ලොග් කියවන හින්දාද මන්දා එක්තරා නිර්නාමික පාඨකයෙක් කතන්දර බ්ලොග් එකට ප්‍රශ්නයක් එවලා තියෙනවා.

මෙන්න ඒ ප්‍රශ්නය.
කකා, මම යාළුවෙලා ඉන්න කාන්තාව මට වඩා අවුරුදු 7 ක් වැඩිමහල්. එයා කලින් කසාද බැඳලා හිටියේ. ඒත් දැන් ඩිවෝස්.

මට නොසැහෙන්න වියදම් කරනවා එයා. අපේ පවුල ව්‍යාපාරික පවුලක්. සල්ලි තිබ්බට තාත්තා තමයි ඒවා පාලනය කරන්නේ. මගේ බිස්නස් තාම පොඩියට යන්නේ.

මම කැමතියි එයාව කසාද බදින්න කකා, ඒත් එයා කැමති නෑ ඒකට. එයා කියනවා මගේ පවුලේ අය කවදා හරි කියායි ලූ එයා මාව අල්ලා ගත්තා කියලා.

මට එයාව අමතක කරන්න බැහැ කකා. මම දන්නවා විද්‍යාත්මකව ගත්තොත් කාන්තාව ඉක්මනට වයසට යනවා කියලා, ඒ කියන්නේ එයා කොහොමත් මට වඩා වයස නිසා පස්සේ කලෙක අපි දෙන්නගේ වයස පරතරය සෑහෙන්න පෙනෙනවා කියන එකත් මම දන්නවා. තමන්ට වඩා තමුන්ගේ පිරිමියා තරුනව හිටියම කාන්තාව නොරිස්සුම් සහගත වෙන එකත් මම දන්නවා කකා.

ඒත් කකා මට දැන් මොකුත් හිතා ගන්න බැහැ. කකා පිළිතුරක් දෙන්න. මම මොකක්ද කරන්න ඕනි කියලා.

මට එයාව අමතක කරන්න බැහැ කකා.

අදාල නැති කොමෙන්ට් දැම්මට සමාවෙන්න. ඒත් ජිවිතයේ යන්තම් දශක දෙකක් ගෙවා ඇති මට මේ ප්‍රශ්න ගැන විවෘතව කතා කරන්න කෙනෙක් නෑ කතන්දර.

මීට කලිනුත් මට මේ වගේ ප්‍රශ්ණයක් ඊ-මේල් එකකින් ඇවිත් තියෙනවා. හරියටම මේ ප්‍රශ්නයේ අනිත් පැත්ත. ඒකට නං මං පුද්ගලිකව උපදෙස් දීලා පිළිතුරක් ඇරියා.

නමුත් මේ ප්‍රශ්නය නිර්නාමික හින්දා මට හිතුනා බ්ලොග් එකේ පලකරලා, මගේ අදහස් වගේම මේක කියවන අනිත් අයගේත් අදහස් සහ අත්දැකීම් එකතුකරලා අපේ ඇනෝනිමස් පාඨකයාට කියවන්න සලස්වන්න.

කරුණාකර සංයමයෙන් ප්‍රතිචාර දක්වන්න.

-කතන්දරකාරයා

පසුව ලියමි.
(මෙය කමෙන්ටුවක් ලෙසින් ද දමා ඇත.)
මෙන්ම මගේ දෙකයි පනහ.

අවුරුදු විස්ස කියන්නේ නං කසාද බඳින්න කල් වැඩියි. මොකද ලව් කරමින් ඉන්නවා වගේ නොවෙයි කසාද බඳිනවා කියන්නේ. ඒක ලොකු වගකීමක් බාර ගැනීමක්.

වයස ප්‍රශ්ණේ ඉස්සර තිබුණාට දැන් ඒක කේස් එකක් නොවෙයි. අන්න සිරාගේ කාමරේත් මේ මාස තුනක කතාවක් නිසා මගුලක් කැබුණු කේස් එකක් දාලා තිබුණා.

පියදාස සිරිසේන ගේ පොතක තියෙනවා මිනිහකේ බඳින්න ඕනෑ තමන්ගේ වයස දෙකෙන් බෙදලා ඒකට හතක් එකතු කළාම එන වයස තිේ‍රන ගෑණු කෙනෙක් කියලා. ඒ න්‍රිමයට අනුව මං බඳින්න තිබුණේ වයස දහ අටේ වෙන්ඩ කතන්දර හාමිනේ ට දාසය කාලේ. නමුත් මං බැන්දේ ඔන්න මෙන්න තිහේ දී.

වයස ප්‍රශ්නය වගේම තවත් කේස් එකක් තමයි බඳින්න යන කෙල්ල තමන්ට වඩා උසද මිටිද කියන එක.

ඒ එක්කම කෙල්ල තමන්ට වඩා උගත්ද නැත්ද කියන එකත් සමහරුන්ට ප්‍රශ්න.

මට නං හිතෙන්නේ ප්‍රශ්නයක් කියා තමන්ට හිතෙනවා නං ඒකම ඉතිං ප්‍රශ්නයක් තමයි!

(image: http://www.ekantipur.com/the-kathmandu-post/2010/04/08/Metro/Agony-Aunt/207003/)

95 comments:

  1. එකද මන්දා?

    ReplyDelete
    Replies
    1. දන්න එකෙක් කියපල්ලකො Mr. බක් ෆියට්ගෙ (මාතලන්) බොගට ඇනෝ යන්නෙ කොහොමද කියල
      ඒ ගල් මූසලය ඒක බ්ලොක් කරලද

      Delete
    2. ඌටත් ලඟදීම පාඩමක් උගන්වන්න වෙයි.

      Delete
    3. මම නම් දැනටමත් බලන එක නවත්තලා ඉවරයි..... කකා මහත්තයෝ ඔහෙටත් ඒ සෙතේම තමා වෙන්නෙ අපේ කොමෙන්ට් කැපුවොත්.....

      Delete
  2. බදින්න එපා.... ලිවින් ටුගෙදර් කරන්න.... බිස්නස් හොදට දියුනු උනාම හොද තැනකින් කසාදයක් කරගන්න.....

    ReplyDelete
  3. මල්ලියෝ ඔයාගේ බිස්නස් සහකාරිය 100% ම හරි
    ඔබ ඇය කසාද බැදීමෙන් වලකින්න
    ඔබේ වයසට ගැලපෙන ( අ වු 5 විතර අඩුනම් හොදටම හොදා) කෙනෙක් සොයා ගන්න
    ඔබට අත්තකිම් අඩුනිසා හෙගීම් වලට ඉඩදී වර්තමානයේදී එම හෙගීම් ඔබව පාලනය කිරීමට පටන් අරන්

    කරුණාකර නැවතත් ඔබ ඔබව පාලනය කිරීමට පටන් ගන්න

    ReplyDelete
    Replies
    1. අයියා ඔයා තම්බිද අයියා හරියට ශිංගල බෙරී.

      Delete
  4. හැම දෙකටම කථාවක් දාන කකා ගෙන් මේ වගේ ප්‍රශ්නයකට විසදුමක් අහන උබට පවුල් ජිවිතයක් හරියන්නේ නැත... උබ කාවවත් බදින්නේ නැතුව එක්කෝ මහන වෙයන්.... නැත්නම් ඒජන්ට් කෙනෙක්ට කියක් හරි දීලා මැලේසියාවට වරෙන්

    ReplyDelete
    Replies
    1. මැලේ රාළටත් උනේ ඔය වගේ සීන් එකක්නේ. දැන් මූට මැලේ අවුරුදු 7 යි. තවම මැලේ. මූට අයේ එන්න අදහසකුත් නෑ.

      Delete
  5. premayata wayas seema naha, namuth thama wayasa wisiganan nisa wiwahayata pera thawa jeewithawabodaya labagana............AMILA147

    ReplyDelete
  6. ඔහෙත් පොඩි ආතල් එකක් ගන්නව නේද?

    ReplyDelete
  7. තවම දශක 2ය් නේ ටිකක් ඉවසන්න.

    ReplyDelete
  8. Crux of the matter is "සල්ලි තිබ්බට තාත්තා තමයි ඒවා පාලනය කරන්නේ. මගේ බිස්නස් තාම පොඩියට යන්නේ"
    If the girl friend is rich, a marriage to her might solve one problem your පාඨකයා has.
    Sorry if I sound insensitive to you but nobody can really advise on matters of heart. The best one can do is advise on a matter of wallet!

    ReplyDelete
  9. අනේ එකට වැලේ බදින්න කියන්න.
    පසුවට එන ප්‍රශ්න වලට පසුව මට හැක පිළිතුරු සපයන්න.

    ReplyDelete
    Replies
    1. ආ හොරා............ කබල රත් උනාම රොටියක් බාගන්න නේද හදන්නේ.

      Delete
    2. අන්න උත්තරේ!

      Delete
  10. එයා එයාට කැමතිනම් බඳින්න කියන්න.කැමති නැත්නම් නොබැඳ ඉන්න කියන්න.තමන්ට ගැලපෙන දේ දන්නේ තමන්නෙ.

    ReplyDelete
  11. අර ඇන්ටිගෙ නම ඇහැව්වම නම් මගෙ සංයමය කියන එක ටිකක් බිදෙනව.
    ඒක බිදගෙන ආන්සර් එකක් දුන්නොත් කමක් නැතෙයි...?

    ReplyDelete
    Replies
    1. මතකද කෙනජියේ මිහිර පත්තරේ තිබුණා සුරංගි අක්කාගෙන් අහන්න.
      නඩියත් පිස්සු කෝලමක් කරන්නේ නාඩියාගෙන් අහන්න කියලා.

      Delete
  12. මොකද මේ යක්කු ගස් නගින්න හදන,අවෙලාවේ ලිපි දාන්නෙ...?

    ReplyDelete
    Replies
    1. ජපානේ යක්කු දැන් ගස් නැංගාට, ලංකාවේ යක්කු ගස් නඟින්නේ දැන් නෙවේ බං. තව මුං අබුඩේ ගහලවත් නෑ.

      Delete
  13. Kawuruwath ne ada? Eka deka thuna...!

    ReplyDelete
  14. ඔහේ පලයන් අද එකෙක්වත් මෙතරම් වෙලා ගිහිනුත් මං එක කියන්න ඇවිත් නැනේ. අඩේ .......................... මමයි අද එක . කෙන්ජියයි , එක අනොවයි දෙන්නම බිලා බුදිද?

    ReplyDelete
  15. උත්තරේ මේකයි. ඔවැනි හැගීම් වනාහි තාවකාලිකයි.වෙනස් වන සුළුයි. ඔයා කිව්වට ඔය ගොයියට මගුල කරගත්තොත් තවත් ගැනු පරානයකට ආකර්ෂණය වුණාම (ආදරය නොවේ ) ටික කාලෙකින් හිතේවී මේ මොන එකක්ද මං කර ගහගත්තේ කියල. එපාර මුල් ගෑනිත් පෙන්නේ නවදැලි හේනේ වදිරි වගේ දැන් ඔය කොහොම කිව්වත්.

    ReplyDelete
    Replies
    1. ඒ ඉස්සර.
      දැන් ඇන්ටිල ඉන්නව එක එක ජිල්මාට් දාගෙන "ගැට"පරාදයි.
      දැනට සති තුනකට ඉස්සෙල්ල මට කෑල්ලක් සෙට් උනා.
      වැඩ සියල්ල අවසන් වූ පසු ඇය ඇසුවා පුලුවන්නම් මගෙ වයස කියන්න කියල.
      මම කිව්ව මොන්වද ඔයාට 32 ක් විතර ඇති කියල.
      නෝටි කොල්ල...කියල මගෙ නහය මිරිකල මෙකි මට කිව්ව....
      මට දැන් 69 ක් වෙනව කියල..
      මට හිතා ගන්නත් බැරුව ගියා...

      Delete
    2. එතකොටම කෙනජිගේ සිගරට්ටුව නිකන්ම මැලවුනා.

      Delete
    3. කරුණාකර ඔබේ ලිංගික කටයුතු විශ්වාසවන්ත එක් අයෙකුට පමණක් සීමා කරන්න.
      විශ්වාසවන්ත එක් අයෙකු යන්නෙන් වරකට එක් අයෙකු බව නොකියවේ.

      Delete
    4. චිහ්....වයසක මනුස්සයෙක්ට වත් ඉන්න දෙන්නෙ නැති ජරා යක්කු..... ඩෝස් හැදිලා තමා මැරෙන්නෙ.... තුක් විතරක්......

      Delete
    5. කෙන්ජි, කාපු බීපු වෙලාවට තරමක් සද්ද නැතුව ඉන්න තරමට ඇඟට ගුණයි කියල උඹෙ ඔය යාලුවො කවුරුත් කියල දීලම නැද්ද?

      Delete
    6. ඇයි ඉලව්වේ මිනිහෙක්ගේ ඔලු ගෙඩිය ඇතුලේ මොළ ගෙඩියක් තියෙන්නේ ඒකට නේ. ඇන්ටිලට වැටෙන්නේ උන්ගේම කැහිල්ල නිසා නෙවෙයිද ? බැලුවම කෙන්ජියත් හොද හොද අඩව් අල්ලනවා නේද බොල ?? මුත් එසේමෙසේ dial එකක් නෙවෙයිනේ

      Delete
  16. @ kakaa & ka kalaya,
    ɐʞɐʞ ɐʍʍıʞ ɥʇnuǝʞǝ uɐʍnlnd ˙ɯɐuɐɯɐɯ ǝʍnʇǝʞ uǝʞǝɯ
    http://www.revfad.com/flip.html

    ReplyDelete
  17. මේ වගේ පෝස්ට් දාපුවාම අපේ සංයමය බිඳෙනවා. ඊට පස්සේ කියන්න එපා අපි අසංවර පෝස්ට් දම්මයි කියලා.
    හරිද හොට කපපු පැස්බරෝ !!!!

    ReplyDelete
    Replies
    1. කාටද හොට කපපු බැස්බරා කීවේ............

      Delete
  18. //මට නොසැහෙන්න වියදම් කරනවා එයා. අපේ පවුල ව්‍යාපාරික පවුලක්. සල්ලි තිබ්බට තාත්තා තමයි ඒවා පාලනය කරන්නේ. මගේ බිස්නස් තාම පොඩියට යන්නේ.//// එයා බදින්නත් අකමැතිනම් බිස්නස් එක තාම පොඩියටනම් තියෙන්නෙත් ,,ඔයා තාම විසිගාණක කෙනෙක් නම් ඔහොම ඇදගෙන යන්න තියෙන්නේ බිස්නස් එක හොදට දියුණු වෙලා අක්කා ටිකක් වයසට යාගෙන එද්දී ඔයාට මැදිවියට ආවට පස්සේ හොද ලස්සන කෙල්ලෙක් බැදගත්තහැකි සල්ලි තියෙනවනේ :)

    ReplyDelete
    Replies
    1. දැක්කද, “ගැණු මොලේ හැදි මිටේ තරමට කියන්නේ" බොරු. කවුරුවත් ඔමායාට අහු වෙන්නනම් එපා. සොරි ටොට් කොම්.

      Delete
    2. ඔමායාගේ හීන...............................
      http://omageheena.blogspot.com/

      Delete
  19. අර ගෑනි ඩිවෝස් උනේ මේ ජිල්බුවා නිසා නම් ඉතින් බදින එක තමා යුතුකම....

    ආයෙ දෙකක් නෑ, නැත්තම් ඒ ගෑනි අනාථ කරපු එකේ පව පස්සෙන් පන්නවා.... ඒක ගැන ජීවිත කාලෙම හිත හිත දුක් වෙන්න වෙයි......

    ReplyDelete
  20. මචෝ ඇනෝ, දවසක් අපේ කවදත් පචම හලන දේශකතුමා මීට සමාන අක්කා කසාදේ!!! ගැන පොස්ට් කටුවක් දැම්මා. පොඩ්ඩක් බලකෝ එතතන තියෙන පංපෝරි ටිකත්.
    http://deshakaya.blogspot.com/2013/08/blog-post_15.html

    මෙන්න එතන කසාදෙට ගැලපෙන සමීකරණයක්.
    Girls Age = Your Age / 2 + 10
    හැබැයි උබට තියෙන්නේ ස්පෙසෙල් කාරනයක්. ඒ නිසා මේ සමිකරණය දානවද නැද්ද කියන එක උබේ වැඩක්.

    හැබැයි උඹ මමනම්, මම එකිගෙන් උදවු ගන්නෙත් නෑ. බදින්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. හැබැයි උඹ මමනම්, මම එකිගෙන් උදවු ගන්නෙත් නෑ, බදින්නෙත් නෑ, කකාට කියන්නෙත් නෑ.

      Delete
    2. බදින්න නම් එපා කරවල නෙවෙයිනේ. ඒ නිසා බඳින්න.

      Delete
    3. මගෙ යාළුවෙක් මේ ළඟදි බැන්දා.. ඌට මේ සමීකරණයේ අගම තියෙන බිංදුව පෙනිලා නෑ.. ඌ අමාරුවෙ වැටෙයි ද?

      Delete
    4. නෑ බං බැන්ද එකී අමාරුවේ වැටෙයි ද දන්නේ නෑ.?

      Delete
  21. mema prasneta kakagen upades pathana modaya kawada.

    ReplyDelete
  22. අපේ බොග අරුණීගෙන් ඇහුවෝත් මෙහෙම කියයි.
    එකීය මිනිසා ................. වස්තු විශයකරගත් ශ්‍රමය .......................... බැට්‍රිස්ටාගේ නීතියට අනුව......................

    ReplyDelete
  23. මම උඹ උනා නම් ඇනෝ මලයා, අනිවාර්‍යෙන්ම අක්කා කෑල්ලව බදිනවා. උඹ කියන විදියට උඹ ඒකිට ආදරෙයි. ඒත් "ආදරය වෙන දේවල් වලින් මනින්න එපා. විශේසයෙන්ම මුදලින්"

    ReplyDelete
  24. මම උඹ උනා නම් ඇනෝ මලයා, අනිවාර්‍යෙන්ම අක්කා කෑල්ලව බදිනවා. උඹ කියන විදියට උඹ ඒකිට ආදරෙයි. ඒත් "ආදරය වෙන දේවල් වලින් මනින්න එපා. විශේසයෙන්ම මුදලින්"

    ReplyDelete
    Replies
    1. ඉතින් ඕක එක පාරක් කියහන්. මූට තියෙන හදිසිය.

      Delete
  25. තව වසර දහයකින් විතර කල් ඉකුත්වූ කිරි පානය කරලා කොල්ලා ලෙඩ වෙන්න පුලුවන් නිසා මම නම් මේ විවාහය අනුමත කරන් නැහැ.

    ReplyDelete
  26. විවාහය යනු විශ්වයේ අරමුණ, ස්වභාවය ඒ තුල මිනිසාගේ භූමිකාව ගැන වූ යම් විශ්වාස වලින් සකස් කරන ලද මිනිසාගේ ජීවිතය ගෙන යෑමට සදාචාර සංග්‍රහයක් බැතිමත් බවකින් යුතුව දෙදෙනෙක් එකතුව පිළිපදින චාරිත්‍ර වාරිත්‍ර පද්ධතියකි.

    එම පිළිවෙත් පිළිපදින අයට උපදෙස් දෙන කාය පද්ධතියක් ඇත. එම පද්ධතියේ දිගුකල් පැවැත්ම සඳහා කැපවීමෙන් කටයුතු කරන ඒකීය පුද්ගල පිරිසක් සිටිති.

    පද්ධතියේ ආඥාවන්ට මිස බුද්ධියේ ඇමතීමට රජය ලවා නීති පමුණුවා මිනිස් ස්වභාවය වෙනස් කරත හැකිය යන චින්තනයට ඇබ්බැහි වී සිටිනා මෙම මිනිසුන් පවුල් සංස්ථාවේ මූලික හරයන් වත් ග්‍රහනය නොකල අයයි..

    ඉතින් වැඩියෙන්ම ඔවුන් ජනප්‍රිය වෙන්නේ විශ්ව විද්‍යාල සිසුවන් අතරයි!!!

    ReplyDelete
  27. කතන්දර,

    අමතක කරන්න බැරි, නොලැබුනොත් මම මැරෙන කේස් කීයක් තිබ්බද තමුන්ට කියල මතකද? මටනම් එච්චරම නෑ, ඕනනම් හතරක් හරි පහක් හරි ව්නෙනැති.

    ඒත් අද ඒ අතරින් තියෙන්නෙ එකයි හරි ගිහින්. ඒ මම බැඳපු කෙනා. අනික් නොලැබුනොත් ජීව්තේ පලක් නැතිවෙයි කියල හිතපු අය අද කොහෙද කියලවත් දන්නෙ නැති තරම්.

    ඒ නිසා මට කියන්න තියෙන්නෙ ඔය පොඩි එකාට බඳින්න කරදර නොවී තව කලක් ඔහොම යන්න කියලයි. මිනිස්සු පරිණත වෙනකොට වයස තිහ විතර වෙනකොට ඔය දේ ගැන ඔයිට ටිකක් වෙනස්ව හිතන්න ගන්නව. එතකොටත් හිතුනොත් මේ කාන්තාව තරන් වෙන කෙනෙක් මට ආදරය කරන එකක් නෑ, එයාගෙ මම දකින අඩුපාඩු මට අවුලක් නෑ කියල, එයාවම බැඳල සතුටින් ඉන්න පුලුවන්. නැත්තන් වෙන කෙනෙක් හොයා ගන්න පුලුවන්.

    හැබැයි හදිසියේ විවාහ වෙන්නා නිවී සැනසිල්ලේ පසු තැවෙයි කියන නිසා කොලුවට කසාදයක් ගැන හිතන්න තව කල් තියෙනව.

    අනික මගේ පුද්ගලික අත්දැකීම සහ අදහස තමයි "තමන් කසද බඳින්න ඕන තමන්ට වඩාත්ම ආදරේ කරන කෙනෙක් මිස තමන් වඩාත්ම ආදරේ කරන කෙනාවම නෙවෙයි වග"

    ReplyDelete
    Replies
    1. //"තමන් කසද බඳින්න ඕන තමන්ට වඩාත්ම ආදරේ කරන කෙනෙක් මිස තමන් වඩාත්ම ආදරේ කරන කෙනාවම නෙවෙයි වග"//

      එතකොට එක පැත්තකට අසාධාරණයක් වෙනවනේ..

      Delete
  28. මේක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි.
    අද වෙනකොට කාන්තාව වයසින් පහල වෙන්න ඕනේ කියලා දෙයක් නෑ. අද ඉන්න ප්‍රසිද්ධ කාන්තාවෝ බොහොමයක් අවුරුදු දහයෙන් පහලොවෙන් විස්සෙන් පහල පිරිමි එක්ක යස අගේට පවුල් ජීවිත ගෙවන්නේ. අනික වයසින් වැඩි පිරිමි‍යා එක්ක විවාහ වෙන්න කාන්තාවට සුදුසුයි නම් ඒකේ අනිත් පැත්ත වෙන්න බැරි ඇයි?
    සමාජයට ඕනේ විදියට උත්තරයක් ඔයාට ඕනේ නම් ලංකාව වගේ රටක වෙන්නෙත් වැඩි පුර ඒක හින්දා ඔබට ඇය ලබාගන්න ඉඩක් නෑ.
    ඒත් ඔබට ඕනේ ආදරය නම් සතුට නම් ඇය ඔබට නොගැලපෙන්නේ නෑ. එක පාරක් විවාහ වීම හෝ ඇය යහමින් මුදල් ගැවසෙන කාන්තාවක් වීම විවාහයකට බාධාවක් වෙන්නෙ නෑ. ඒවා වැඩි හොඳ දේවල්.
    මේ කතාවේ කියන විදියට ඇය හොඳ කාන්තාවක්. ඇය ඔබට ආසාධාරණයක් වෙයි කියලා ඔබව විවාහ කරගන්න කැමති නෑ. ඇය ඔබගෙ දෙමාපියන්ගේ කැමැත්ත ගැන පවා හිතනවා. ඒ කියන්නේ ඇය බුද්ධිමත් කාන්තාවක්.
    මොනවා වුනත් ඔබගේ වයස දශක දෙකක් නම් දැන්ම විවාහය වගේ දේකට යොමුවෙන එක සුදුසු නෑ. ඒ කියන්නේ ඔබ තව ජීවිතය ගැන ඉගෙන ගන්න ඕනේ මට අනුව නම්. ඒත් විවාහයකට කාන්තාවකගේ වයස බාධා කරගන්න එපා. ඇය තරුණ සැමියෙක් ලැබුනම දැනටත් වඩා උනන්දුවෙන් ඇයගේ ශරීර සෞඛ්‍යය ගැන හිතාවි. තරුණ වේවි.

    ReplyDelete
  29. ඔන්න ඔහේ නොබැඳ ලිවින් ටුගෙදර් හිටහන් බං...

    ReplyDelete
  30. මල්ලි.. මට අර කාන්තවගේ ළිපිණය එවන්න..

    ReplyDelete
    Replies
    1. බක් ෆියක් ලොක්ක ඔහේගෙ බොගට ඇනෝ එන්න බැරිද? ඒ මොකද?

      Delete
    2. Sorry බක් ෆියට් වෙන්න ඕනෑ

      Delete
    3. මල්ලී මාතලන් ට ළිපිණය යවලා මට ලිපිනය එවන්න....මං කාන්තාවත් එක්ක කථා කරලා හොද විදිහක් කරන්නං

      Delete
  31. දැන් කාටද අනෙ මේක මම උනානම් කියල හිතෙන්නෙ

    ReplyDelete
  32. ආනන්දෙ තමයි ඉස්කෝලෙ..... පව්.... වෙලාවට වැඩක් කරන්නෙත් නෑ... කවුරු හරි ඒක භාර ගන්න ඇහුවාම දෙන්නෙත් නෑ.......අං දිග ගෝණා වගේ ඔළු ගෙඩිය මානගෙන ඉන්නවා.....

    ReplyDelete
  33. කොළුවෝ ..... අක්ක කියනදේ අහලා වෙනිං අතක් බලාගං....

    ReplyDelete
  34. උඹ දැන්ම බඳින්න ඕනි වයසක නෙමෙයි ඉන්නේ... එක්කෝ කාලයට ඉඩ දියන්... නැත්තන් උඹට ඒකිත් එක්ක මූදු 7ක් තරණය කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් බැඳපන්..

    මුදල්, ලිංගික ආශාවන්, යාන වාහන ටික කාලෙකට විතරයි මචෝ වලංගු... බැඳලා ටික දවසක් යද්දි අනිත් හැම පිරිමියට වගේ උඔටත් ඕනි වෙන්නේ උඹ කියල දේ අහලා ජීවත් වෙන ගෑණියෙක්... උඹ වැඩට ඇරිලා එද්දි කෑම ටික හදලා තියෙන් ගෑණියෙක්... Typical Sri Lankan thinking නේ...

    Think twice before you jump :)

    ReplyDelete
  35. කකා ලින්කටු දෙකක් දෙන්නං.. ඇනෝ මිත්තරයට බලල ගන්න තියෙන දෙයක් ගන්න කියන්න..

    පිරිමි කියන්නේ දුර්වල ජාතියක්
    අක්කා කසාදේ

    ReplyDelete
    Replies
    1. උබේ හෑල්ල ගැන මම උඩ කියලා තියෙනවා බොල. පෝස්ටුවයි, කොමන්ට් ටිකයි කියවලා ආයේ කොමන්ට් කොට.

      Delete
    2. පස්සේ තමා බං ඒක දැක්කේ. මොකද මේ කකා මගුල් මොඩරේෂන් එකක් දාපුවම අපි හිතන්නේ ඉස්සෙල්ලම කොටන්නේ මමය කියල නෙව.. හැක් තැන්කුයි හොදේ...

      Delete
  36. Replies
    1. kakkada / nathnam ballekda?

      Delete
  37. ඉතිං ඒ මනුස්සයාට බඳින්න බා කියනවනම් නොබැඳ හිටහන්. ඔන්න ඕක අමාරුවෙන් හරි අමතක් කරලා තමුන්ගේ වැඩක් බලාගෙන් හිටහන්. මෙහෙම තියෙද්දී උඹ වෙන කෙනෙක් බැන්දොත් වෙන්නේ ඒ මනුස්සයත් අමාරුවේ වැටෙන එකනේ.

    ReplyDelete
  38. කකාගේ බ්ලොගය නිකං පත්තරේ යන "නීතියයි ඔබයි" තීරු අතිරේකේ වගේ...

    තව ටික දවසකින් "වෛද්‍යවරයාගෙන් අහන්න" වගේ තීරය වගේ ලෙඩ රෝග වලට ප්‍රතිකාරත් ඉල්ලලා පෝස්ට් දායි.

    හික් හික් හික් :)

    ReplyDelete
  39. ඉස්කෝලෙ ආනන්දෙ උනාට වැඩ නිකන් ඉබ්බාගමුව සෙන්ට්‍රල් එකේ ....

    කොමෙන්ට් එකක් දැම්මාම ඒක තැම්බෙනකන් ඉදලා තමයි පබ්ලිශ් කරන්නෙ....

    මෙහෙම වෙලා අරන් කොමෙන්ට් පබ්ලිශ් කරන කොට ඉතින් සංවාද නෙවෙයි සංවාස තමයි කරන්න වෙන්නෙ.....

    හොට කපපු පැස්බරා..... අං දිග ගෝණා......

    ReplyDelete
  40. KK some Anonymous Uncles seem to be better than Agony Aunts!

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් කියවල කඩ්ඩෙන් ප්‍රතිචාර දැක්වීම ගැන නම් ටිකක් අපුලයි බුවා.

      Delete
  41. මන්නා ඩේ ...පිය තුමනි ...
    ඔබට නිවන් සුව...!!
    බුද්ධං සරණං කියන විට ..
    ඔබවත් මතක් වේ..
    හෙට දින මා බැන්ගලෝරයට පැමිණ අවසන් බුහුමන් දක්වමි..!!
    (ප.ලි.දින තුනකට පමණ මාගේ රසික/රසිකාවියන්ට පාලු ගතියක් දැනේවි.එයට කමන්න...කමන්න බැරි නම් ඉතිං H ............................කියල කියනව දෙනෙතින් බේ රෙන කදුළු තුලින්....

    ReplyDelete
  42. කකා ඔබ්සවර් එකෑ තිබ්බෙ අනිටාගෙන අහන්න නේද...?

    කකත් කොහෙන් හරි අරුනි ඇස්. පටලව ගන්නව....:D:D

    ReplyDelete
  43. අපේ කොමෙන්ට් කෝ යකෝ.....

    ReplyDelete
  44. කකා පාස්වර්ඩ් එක දෙන්න කාලෙ හරි.... තමුසෙට මේක ඇදන් යන්න බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි.... සංගණන ඇනෝත් මේක දාලා ගියේ තමුන්ගෙ අවකල් ක්‍රියා නිසා තමයි...

    ReplyDelete
  45. පැය ගානකින් කකා කොමෙන්ට් පබ්ලිශ් කරල නෑ..... හත් දෙයියනේ අපේ කකා මළාවත්ද?.... අනේ අපේ කකා...... මොකද මේ උනේ......

    ReplyDelete
  46. අපොයි ෂුවර් එකට කකා මැරිලා....

    වෙනදා මෙච්චර වෙලා කොමෙන්ට් පබ්ලිශ් නොකර ඉන්නෙ නෑ..... පව්.... අපිට පාස්වර්ඩ් දුන්නනම් කකා මළත් බ්ලොග් එක අමරණීය කරන්න තිබුනා....

    දැන් ඉතින් බ්ලොග් එකත් කකා එක්කම වලපල්ලට තමා.....

    අයියෝ.....

    ReplyDelete
  47. මේක ඇත්තටම ලියපු එකක් නම්, මට කියන්න තියෙන්නේ, මේ මල්ලි ට තවම බඳින්න කල් මදි කියල තමයි.
    හැබැයි වයස බලල නෙවෙයි කිව්වේ. කසාද බඳින එක ඔහොම විචිකිච්චාවෙන් කරන්න ඕනේ දෙයක් නෙවෙයි. අනිත් එක තමන් ස්වාධීන වෙන්න කලින් බඳින එකත් සුදුසු නැහැ. ස්වාධීන වෙන්න කිව්වේ, තනියම හිතල මතල තීරණ ගැනීමේ හැකියාව වගේම, තනියම දෙපයින් නැගී සිටීමේ හැකියාව (මුල්‍යමය අතින්). ගෑණු පිරිමි කාටත් ඒක පොදුයි කියල මම හිතනවා.

    බැන්දට පස්සේ ඇතිවෙන ප්‍රශ්න වල ටත් කකා ගෙන් විසඳුම් ඉල්ලුවොත් තමයි වැඩේ :)

    ReplyDelete
  48. ඩිවෝස් වෙලා ඉන්න එකයි.....වයසින් ටිකක් වැඩි එකයි....කසාදයට බාධාවක් නෙමෙයිනේ. ප්‍රශ්ණේ ආරම්භය කෑල්ලට සල්ලි තියෙන එකනේ.

    ReplyDelete
  49. අදත් කොමෙන්ට් වලට රිප්ලයි නෑ..... කොහොමද ගෝණ ආඩම්බරේ.... අං තට්ටුව නිසානෙ මේ ඔක්කොම......

    ReplyDelete
  50. තව ඉවසපන් රත්තරනේ.......!

    අඩුම 25 වෙනකම්වත් හිටපන්. ජීවත් උනා ඇති'යි කියලා හිතුණ දාට කසාද බැඳපන්!

    ජය වේවා!!

    (මමත් යන්තම් දෙවෙනි දශකය පැන්න විතරයි.......!!)

    ReplyDelete
  51. මෙන්ම මගේ දෙකයි පනහ.

    අවුරුදු විස්ස කියන්නේ නං කසාද බඳින්න කල් වැඩියි. මොකද ලව් කරමින් ඉන්නවා වගේ නොවෙයි කසාද බඳිනවා කියන්නේ. ඒක ලොකු වගකීමක් බාර ගැනීමක්.

    වයස ප්‍රශ්ණේ ඉස්සර තිබුණාට දැන් ඒක කේස් එකක් නොවෙයි. අන්න සිරාගේ කාමරේත් මේ මාස තුනක කතාවක් නිසා මගුලක් කැබුණු කේස් එකක් දාලා තිබුණා.

    පියදාස සිරිසේන ගේ පොතක තියෙනවා මිනිහකේ බඳින්න ඕනෑ තමන්ගේ වයස දෙකෙන් බෙදලා ඒකට හතක් එකතු කළාම එන වයස තිේ‍රන ගෑණු කෙනෙක් කියලා. ඒ න්‍රිමයට අනුව මං බඳින්න තිබුණේ වයස දහ අටේ වෙන්ඩ කතන්දර හාමිනේ ට දාසය කාලේ. නමුත් මං බැන්දේ ඔන්න මෙන්න තිහේ දී.

    වයස ප්‍රශ්නය වගේම තවත් කේස් එකක් තමයි බඳින්න යන කෙල්ල තමන්ට වඩා උසද මිටිද කියන එක.

    ඒ එක්කම කෙල්ල තමන්ට වඩා උගත්ද නැත්ද කියන එකත් සමහරුන්ට ප්‍රශ්න.

    මට නං හිතෙන්නේ ප්‍රශ්නයක් කියා තමන්ට හිතෙනවා නං ඒකම ඉතිං ප්‍රශ්නයක් තමයි!

    ReplyDelete
    Replies
    1. මේ මාස තුනක කතාවක් නිසා මගුලක් කැබුණු කේස් එක - සිරාගේ කාමරේ:
      http://siragekamare.blogspot.com/2013/10/2.html

      Delete
  52. ඇනෝ කොලුවට උත්තරේ....

    උඹ කලින් බැදලා ගෑණි මැරිච්ච එකෙක් වගේ නම් මේක බැන්දට කමක් නෑ...එහෙම නැතුව කුළුදුලේම තමන්ට ඔරොත්තු නොදෙන ඒවට ඔබන්න ගිහිල්ලා ජීවිතේම අදුරු කොරගන්න එපා...ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානයක් මුදල් මතින් මනින්න එපා...උත්සාහ කරලා මුදල් උපයන්න කෙටි ක්‍රම හොයන්නෙ නැතුව...

    ReplyDelete
  53. බොහෝ කාලයක් ඇනෝ ලෙස සැඟව සිටි, පසුව කා(Ka) ඇනෝ ලෙස පෙනී සිටි, සහ මීට සුළු මොහොතකට පෙර ka Kalaya යන ප්‍රෝෆයිල් කටුවෙන් පෙනී සිටි බමුණු කුලේ උපන් මා මින් ඉදිරියට "කා වා" යන සරල නාමයෙන් පෙනී සිටින බවට, ප්‍රජාතන්ත්‍රවාදී නොවන පප්පා රාජ්‍යයටත්, කසුජාස ටත්, කකාටත්, බොග කරුවන්ටත්, ඇනෝලාටත් මෙයින් දන්වා සිටිමි.
    තවද, අලුගෝසුවා විසින් ද තව තවත් ප්‍රොෆයිල් නිර්මාණය කරමින් සිටින බවටත්, උන් සියල්ල අලුගෝසු කුළයේ බවත්, මාගේ ප්‍රෝෆයිල් නාමය වෙනස් කිරීම ඌට බිය වීමක් නිසා නොවන බවත්,
    මේ මා බොගක් ආරම්භය සඳහා පසුබිම සකසා ගැනීම සඳහා වූ මූලික පියවරක් බවත් වැඩි දුරටත් දන්නවා සිටිමි.

    ReplyDelete
  54. හි හි , කකාගේ බ්ලොග නිකං ගැසෙට් එක වගේ නේ. :D

    ReplyDelete
  55. මේ වගේ සම්පත් අපරාදෙ නාස්ති වෙන්න ඇරල තියෙන්නෙ. . . ;)

    ReplyDelete
  56. ඔය කවුරැ ෙමනවා කීවත් එ් ෙකාල්ලා එ් ගැණුෙකනාව බදිනවාමයි. සීයට සීයක්ම ෂුවර්.
    අපිෙකාච්චර කිව්වත් බදින්න එපා කියලා මිනිහා කරන්ෙන් එයාට ඔනෙෙද්. මම දන්න ෙගාඩක් එවුන්ට උෙන් ඔකතමයි.

    ReplyDelete
  57. // විද්‍යාත්මකව ගත්තොත් කාන්තාව ඉක්මනට වයසට යනවා කියලා, ඒ කියන්නේ එයා කොහොමත් මට වඩා වයස නිසා පස්සේ කලෙක අපි දෙන්නගේ වයස පරතරය සෑහෙන්න පෙනෙනවා කියන එකත් මම දන්නවා. තමන්ට වඩා තමුන්ගේ පිරිමියා තරුනව හිටියම කාන්තාව නොරිස්සුම් සහගත වෙන එකත් මම දන්නවා කකා.//

    මේ පොඩිඑකා ප්‍රශ්නෙ තේරුම් අරගෙන තියෙන්නෙ බාගෙට. ළදරුකම තමයි හේතුව. කාන්තාව ඉක්මනට වයසට යන එකේ එකම ප්‍රතිපලය පරතරය පේන එකවත් නොරිස්සුම් සහගත වෙන එක වත් නෙවෙයි. කාන්තාව වයසට ගියාම තමන්ගෙ ඕනැ එපාකම් ගැන බලාගන්න අල්ලපු ගෙවල් වල ගෑනුන්ව හොයාගන්න වෙන එකයි ප්‍රශ්නෙ වෙන්නෙ. ඒක ගැටළුවක් නෙවෙයිනම්, ඔන්න ඔහෙ බැඳපු දෙන්.
    කසාදය වගේම දික්කසාදය කියල එකකුත් තියනවනෙ. ඒත් ඒ ක‍ාලෙ වෙනකොට කකාල අපි ඉඳයිද දන්නෑ උපදෙස් දෙන්න.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.