Saturday 27 July 2013

"සොමියට වරෙන් පුතා - ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ" සින්දුව ප්‍රබුද්ධ ගීතයක් කරමුද? - From pop to classical


මේ ලඟදී අපේ මිතුරන් කණ්ඩායමක් අතරේ අර දශක ගණනාවකට කලින් දිවයින පත්තරේ ගිය ආකාරයේ ප්‍රබුද්ධ ගීතය සහ පීචං ගීතය අතර වෙනස ගැන ඊ-මේල්වලින් පොඩි විවාදයක් ගියා.

ඔය කියන "ප්‍රබුද්ධ - පීචං" විවාදයෙන් මට මතක කෑලි දෙකයි.

ජෝතිපාල කිව්වා පත්තරෙන් ඉන්ටර්වීව් කරන්න ආපු පොරට මෙහෙම.

"මල්ලී, ඒ මාස්ටර් ලා කියන්නේ ප්‍රබුද්ධ ගී. අපි කියන්නේ පීචං සින්දු!"

ඊලඟ සුමානේ සම්මුඛ සාකච්ඡාවක් දුන්නු නිහාල් නෙල්සන් කිව්වා මෙහෙම.

"මල්ලී ඔවුන් ගේ ගී ප්‍රබුද්ධ නම්, අපේ සින්දු සුප්‍රබුද්ධයි!"

ඉතිං මේ ගැන මතක් වෙලාද කොහෙද අපේ ඊ-මේල් වාදයට සහභාගී වුණු මගේ මිතුරෙක් වෙන දීපාල් ද සිල්වා මෙහෙම ලියා එව්වා.

"නිහාල් නෙල්සන් ගේ මේ සින්දුව බලන්න.

සොමියට වරෙන් පුතා
අගුල දාල නෑ දොරේ
අහපන් රියල් කතා
ගුණෙ අයියගෙ කාමරේ


ඒ ගීතයම මේ ලෙස ලිවුවොත් එය ප්‍රබුද්ධ ගණයට වැටේද?

සතුටු වන්නට එන්න මා පුත
ගුණේ අයියන්ඩියගෙ කුටියට
අගුලු ලා නැත දොර පියන් පත
නිර්ව්‍යාජයට දෙන්න සවනත
"

කොහොමද වැඩේ?

දැක්ක නේද පීචං සින්දුවක් ප්‍රබුද්ධ ගීයක් වෙන හැටි!

මෙන්න නිහාල් නේල්සන් ගේ ඔරිජිනල් සින්දුවේ පද මාලාව. දැන් ලියමු බලන්න සම්පූර්ණ සින්දුවම ප්‍රබුද්ධ ස්ටැයිල් එකෙන්!

සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
(ඒ) මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

පච්ච සිරා ලා එතකොට කොච්චි ඇලා ලා
ගුෂ්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා
සැප විඳලා මෂා වෙලා පීචං වීලා
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා

නළුමන්ට්ස් ලා නිලිමන්ට්ස් ලා කැමර කටා ලා
අලි වංශෙං වැඩ පෙන්නන සුපර් මෑන්ස් ලා
බර පොරවල් ෆොරීන් කකුල් එකට වැටීලා
ටූ තව්සන්ඩ් ත්‍රී තව්සන්ඩ් යයි විසිකරලා

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
(ඒ) මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්
ඔය සෙවල කිවල වැක් කෙරුවොත් තෙල් වීදාගමින්
ගල් වැලි කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්

කොත නං කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත
ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත

සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
(ඒ) මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
(ඒ) මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ




-කතන්දරකාරයා

(image: http://www.divaina.com)

69 comments:

  1. අසන්නාගෙ රසය අනුව තමයි දෙක වෙනස් වෙන්නෙ.

    ReplyDelete
  2. මම ආසම ගායකයෙක් තමා මේ
    අද මම 1ද මන්දා ?

    මම එක ඇනෝ

    ReplyDelete
  3. කකා අපේ පොඩි කොළු ගැටවු කෙලි පැංචියන් මේ සිංදුව අහලත් නැතුව ඇති. උන්ට තේරුම් ගන්නත් එක්ක යු ටියුබ් ලින්ක් එකක් හරි ඕඩියෝ ලින්ක් එකක් හරි දාමු ද ?

    නැත්නම් උන් හිතාවි කකා ලියපු කවියක් කියලා. ඊට පස්සේ බලයි හැමදාම අජූත කවි ලියපු කකා, අද මොකෝ එලටම හිට් වෙන කවි ටිකක් ලියලා තියෙන්නේ කියලා. ඒ වැරදි වැටහීම නැති වෙන්ඩත් එක්ක යූ ටියුබ් ලින්ක් එකක් දාමු කකා.

    ReplyDelete
    Replies
    1. මෙන්න ප්‍රබුද්ධ ඇනෝ කමෙන්ටුවක්. එත් කකාට හීනියට ඇරලනේ.

      Delete
  4. නිහාල් නෙල්සන් කියන්නේ රියල් පොරක් කකා !

    නිහාල් නෙල්සන්ගේ සිංදු ටිකක් කිය කිය ගහක් යට හුලන් වැදි වැදි පොඩි කොටයක් අදිමුද කකා ? වෙලාවක සෙට් වෙමු ද කකා. කෙන්ජි, නලින්, මාතලන් එහෙම එයි. මොකද කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. එකෙන්ම මචෝ... හැබයි ඉතින් අමරදේවගේ, සෝමතිලක ජයමහගේ ඒවත් තියෙන්න ඕන..

      Delete
    2. කකා කෙන්ජි ලංකාවට ආ ගමන්ම වැඩේ ට දිනයක් දාගම්මු.

      Delete
    3. අළුතෙන් ඇවිත් තියෙන සිංදු ඇරෙන්න ඕන එකක් කියමු. අළුත් එවුන්ගේ සින්දු කියලා බීපු ටිකත් කබරයා දාන්න ඕන නෑනෙ. ඩොල්කියකුත් සෙට් කර ගම්මු.

      කකා ගල්පැන් වලට අකමැති නම් හැඳල කෙරවලපිටි (ඇලකන්දේ හරි කමන් නෑ ) පැත්තේ වැල්ලකට සෙට් වෙලා උම්බලකඩ දාපු වඩේ එක්ක රා කට්ටක් අදිමු.

      හැමදාම සෙන්ටිමීටරේට ගහනවා වගේ ඈ ආතල් එක. ඉන්න ටිකේ ෆන් එකේ ගත කරලා මැරිලා යං කකා. ආයේ ඉතින් අපි උබලා කවදා ෆන් ගන්න කියලද කකා.

      Delete
    4. අනිවා ඇනෝ.හැබැයි කලවමේ.
      මේක නම් අපිටම සෙට් වෙන බුවෙක්.
      එලද බ්‍රා.

      Delete
    5. හැබැයි මචෝ ඔය ආතල් එක ගන්න නම් දවස් දෙහෙක විතර සෆාරි පාරක්ම තමා එල.
      ඔය UK වගේ වෙරළවල් වල ආතල් ගන්න ගියාම ආර පාරුවො සෙට් වෙලා කනව සොමිය.
      බයිට් නම් මොනවාද සේරම හොද චෙෆ්ල නොවැ.

      Delete
    6. කතාව ඇත්ත කෙනිජි.. මේ ඇනෝ නම් අපටම කැපෙන එකෙක්.. දැන් බොන්නේ නැතත් මාරයාවත් දාගත්තනං බයිට් වැඩේ ගොඩ. මේ වැඩේට හරියන්නේ ට්‍රිපක් තමා.

      Delete
  5. මේ ඇනෝ කමෙන්ට් ප්‍රබුද්ධ කරන්න විදියක් හිතන ගමන් නේද කකා මේ සටහන ලියන්නේ.. බලන්න මේ ඇනෝ කමෙන්ට් එකක් ප්‍රබුද්ධ කරලා ලියන්න බලන්න උදාහරණයකට..

    ReplyDelete
    Replies
    1. MOKADA API KALUDA?

      Delete
    2. කැප්. ඇනෝ :

      කොහොමද මචං ? පරණ කමෙන්ට් එක නැතුව පාලුයි පාලුයි වගේ.

      Delete
    3. දැන් නලීන් කකාටත් කඩේ යනවද?

      Delete
  6. එහෙම ලියන්න අවශ්‍ය නෑ. ප්‍රබුද්ධ අයත් සෙට් වෙන්නේ මෙහමම තමයි. මේවා මේ ඇස් දෙකෙන් දැකලා කියන කතන්දර. ඔය ප්‍රබුද්ධ ඔක්කෝම ගහන්නේ ගල් අරක්කු. සුප්‍රබුද්ධ අය ගහන්නේ විස්කි. ඒක විතරයි වෙනස..

    ReplyDelete
  7. මස්කට් පැනි බූන්දි කියනඒෙක් ෙලාකු අර්ථයක් තිෙයනවා
    ලංකාෙව් බයිලා කලාව ට උගත් ගී පද රචකයන් ෙයාමුවිය යුතුයි

    ReplyDelete
    Replies
    1. ගංජ පාරක් අදින්න වරෙන් කියන එක තමා

      Delete
  8. මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

    ReplyDelete
    Replies
    1. එහෙම නෙමේ පුතේ.

      මේක ගුණේ අයියගේ කංසා උරන කාමරේ.

      Delete
    2. ඇඹිලිපිටියේ උපන් එකාට මේව උගන්නන් යනවා ඇනෝ.. අයියෝ සල්ලි..

      Delete
  9. පච්ච සිරා ලා එතකොට කොච්චි ඇලා ලා
    ගුෂ්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා
    සැප විඳලා මෂා වෙලා පීචං වීලා
    කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා

    මහ කවියන් මහ උගතුන් නිතර රැස් වෙලා
    සිතැඟියාව තළුමරමින් කියයි රස කතා
    මධු විතයද තොල ගමින් බඹර සුව පතා
    ( අන්තිම එක මට බැරියෝ )


    ReplyDelete
    Replies
    1. මෂා වෙලා කියන්නෙ මොකද්ද?

      Delete
    2. චේදනය වී යති මෙහෙන් සැප ලබා

      Delete
    3. හේ.. උඹ කොහෙද චුත වෙලා හිටියෙ ඩ්‍රැකිය?

      Delete
    4. ඇත්තටම ගුණේ අයියගේ කාමරේ ගැන දන්න අය ඉන්නවද.හැලපේ කෙන්ජි එහෙමනං දන්නවා ඇති.. මම නං දන්නවා ඒත් මට ඒවා කියන්න බෑ. තහංචි.. දන්න එකෙක් කියහල්ලා..බොහොම රසවත් කතාවක්... ඉතිහාස කතාවක් වගේ වේවි/

      Delete
    5. මෙන්න ඩ්‍රැකිය ඇවිල්ලා, උඹට මොකද වුනේ?

      Delete
    6. මම දන්න "ගුනේ අයියා"නම් මරිය කඩේ.

      Delete
    7. සහන් ගේ උද්සාහයට මගේ ස්තුතිය.

      Delete
  10. නිහාල් නෙල්සන් ගේ මා දකින වටිනාකම තමයි නිර්ව්‍යාජත්වය සහ කොපි නොකිරීම. ඔහුගේ සෑම නිර්මාණයක්ම ස්වනිර්මාන. ඒ නිසා ඔහු ප්‍රබුද්ධයි. වරක් වික්ටර් රත්නායකත් ඔහුගේ මේ ස්වනිර්මාන පමණක් ඉදිරිපත් කිරීම බොහොම අගය කළා.

    හොඳ කාලීන ලිපියක්. තවත් සංවාදයට ලක්විය යුතුයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. සමහර පැන්ශොන් ගිය ආමිකාර්යෝත් බ්ලොග් අටවන් "මගේ කතාව අරූ හොරෙන් අරන් උගේ සයිට් එකේ දැම්මා" කියලා අඬනකොට ඉතාම නිර්ව්‍යාජයි යකෝ!

      Delete
    2. ඉතිං බං ඇනෝ කතාව ඇත්තනං වෙන මොනව කරන්නද. හමුදාවට අගෞරව කරන්න එපා. අද මේ අපි විදින නිදහස ඒ හමුදා විරුවන් නිසසි. විචාරකට ගහන්න ඔන්නම් ඒයාට ගහන්න.

      Delete
    3. නලීන් සමග එකගයි.... නිකන් අසහන කොමෙන්ට් දාන්න එපා බන්..... තෝ ඇනෝ නම්බුව කනවා.... විචාරකගේ දැන ගැනීමට කියන්නෙ.... මුන් රියල් ඇනෝලා නෙවෙයි.... ප්‍රොෆයිල් තියන එවුන්....

      මම කකාගෙ පාස්වර්ඩ් ඉල්ලපු, කකා එක්ක හැමදාම එකට ඉන්න ඇනෝ

      Delete
    4. අනේ ඔව්, නලින් අපේ හමුදා විරුවො ප්‍රභාකරන්ගෙ පුතාටත් දුන්න නිදහස ඇති වෙන්නම...

      අනෙක් අතට ලේක් හවුස් එකේ කුලියට කහින වන්දි භට්ටයකුගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?

      Delete
    5. දයාබර ගොන්පාට් ඇනෝ ;
      සමහරක් හමුදා නිලධාරින් ඉන්නව ඔබ කියන විදිහෙ.
      අපේ විචාරක තුමා කියන්නෙ නියම කොන්ද තියෙන රණ විරුවෙක්.
      එම නිසා ඔය ඇනෝ ට මම කියනව මගේ කොමන්ටුවට පහලින් වහාම එතුමාගෙන් සමාව අයැද සිටින ලෙස.
      ප.ලි.
      මෙය ඉල්ලීමක් නොව අණ කිරීමක් බව සලකන්න.

      Delete
    6. මෙන්න බොලේ මෙතන යුද්ධයක්!

      Delete
  11. සතුටු වන්නට එන්න මා පුත අගුලු ලා නැත දොර පියන් පත
    නිර්ව්‍යාජයට දෙන්න සවනත එන්න ගුණේ අයියාගෙ කුටියට
    ලැගුම් ගනු මැන පසෙක සුමිතුර
    මිහිරි පැණිකොමු පුදමි ඔබ වෙත

    මේ..ගුණේ අයියන්ඩි ගී ගයන කුටියයි //

    ලියකමින් වැසි සිරා සමගින රොබා හා තව ඇලා ආදී
    සොමි ගුණැති මහ රසවතුන් මෙහි මුළු වදී නිති වන්න ප්‍රීතී
    දෙවු ලොවෙහි වන් රසෝඝේ පීනා...
    සුව ලබා උන් නික්ම යන්නේ විලස සක්විත්තන්

    මේ..ගුණේ අයියන්ඩි ගී ගයන කුටියයි //



    වෙලා නැහැ අප්ප ඔක්කොම ලියන්න
    මුල් පද කීපය ලිපියේ තිබූ ඒවායේ ආභාෂය ලබා ඇත.

    මීට උන්නැහේ(පිලේ පැදුර)
    http://pilepadura.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔන්න පැදුර පාගලා යන්න මාත් එනවා මේ ලිංකුව නිසා. ඒත් බං ලිංකුව දාන්න කෝඩ් එකක් තියනවා. ඒ විදියට දාපං.

      Delete
    2. ස්තුතියි උන්නැහේ!

      Delete
  12. //සතුටු වන්නට එන්න මා පුත
    ගුණේ අයියන්ඩියගෙ කුටියට
    අගුලු ලා නැත දොර පියන් පත
    නිර්ව්‍යාජයට දෙන්න සවනත"//

    මේකනම් මරු කකා ....

    ReplyDelete
    Replies
    1. //මේකනම් මරු කකා ....

      කමෙන්ට් එකත් මරු.කකා ආස කරන්නෙත් මේ වගේ කමෙන්ට් වලට තමා. වෙලාවකට අපිත් මේ ජාතියේ නැවු ගණන් ගෙනත් පෝස්ට් එක පුරෝනවා.

      Delete
  13. කකා..මට ප්‍රබුද්ධ සිංහල බැහැ.මම ඉංග්‍රීසියෙන් ලිව්වා පලවෙනි ටික.පරන තනුවටම කිව්වැහැකි.
    කම් ඉන් සනි-ටේකින්ග් ෆන්-ඩෝර් ඊස් නෝ ලොකින්ග්
    ලිස්න් ටෝක්-ගුනේ බ්‍රදර්-ගිවින්ග් වෙරි ෆනි
    සයිඩ් සිටින්ග්-නෝ ප්‍රොබ්ලම්-වට් ඉස් දිස් සනි
    අයිස් ක්‍රීම්-බොම්බේ ස්වීට්-බූන්දි හනි හනි.....

    ReplyDelete
    Replies
    1. හයියෝ අරූ දැන්නම් මං හිතන කෙනාම තමා ඔයා..

      Delete
  14. (කකා පොඩ්ඩක් ස්පෑම් එකේ බලන්න..)

    ReplyDelete
    Replies
    1. spam wenne meyita issella anonymous comment dala chatar wela spam karapu ewa.. e kiyanne oyath anonymous..hikiz

      Delete
    2. කට කට මිනිස්සු බලන් ඉන්නවා..

      Delete
  15. සෙට් උනාම අනිවා කියවෙන සින්දුවක් මේක!

    ReplyDelete
  16. මේ ගීතයේ කියැවෙන “ගුණෙ අයියා“ 70 දශකයේ ඇත්තටම කොළඹ ජීවත් වූ කෙනෙක් කියනව නේද? චන්ඩියෙක් ලු.එයාගේ විස්තරේ තමයිලු ගීතයේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මාත් මේ ගැන ඉහත තැනක ඇහුවා ජයා... තරමක් දේවල් දන්නවා...

      Delete
    2. @නලීන්, “ මම නං දන්නවා ඒත් මට ඒවා කියන්න බෑ. තහංචි.“ ඇයි ඒ තහංචි? උඹ දන්නදේ කියපංකෝ බං අනික් අයටත් දැනගන්න.

      Delete
  17. ප්‍රබුද්ධ සින්දු වලට වැඩියෙන් ගුණේ අයියාගේ කාමරේ වැනි සින්දු අහිතකර යැයි දුර්මතයක් ලොව පවතී. ජමනාරං හා පැණිදොඩම් යනාදී පැඟිරි පළතුරු වලින් ලැබෙන විටමින් සී -ඇස්කෝබික් අම්ලය- සහ මිනිසා විසින් හදන විටමින් සී හි කිසිදු රසායනික වෙනසක් නැතිවාක් මෙන්ය. එහෙත් පැඟිරි පළතුරක් අනුභවයේ දී ලැබෙන ලොඬිය (pulp) විටමින් පෙත්තකින් නොලැබේ.

    ප්‍රබුද්ධ සින්දු හැම විටම “හොඳ” යැයි ද ගුණේ අයියගේ කාමරේ වැනි සින්දු හැම විටම “නරක” යැයි ද සිතීම දුර්මතයකි.

    ප්‍රබුද්ධ සින්දු බොහොමයකින් මිනිසාට මරණය ළඟා විය හැකියි. වසවිෂ ගැන කතාබහේ දී මාත්‍රය (dose) යන්න ඉතා වැදගත්. ඒ නිසා කෝපි බීලා කැෆීන් විෂවෙලා මරණය සිද්ධ විය හැකියි කියද්දී, ඒක අසත්‍යයක් නෙමෙයි. හැබැයි මැරෙන්න හැකි තරම් ගණනාවක් ගෙදර හදන කෝපි කෝප්ප පානය කරන්න හැකියාවක් අයෙකුට නැතැයි කීමත් අසත්‍යයක් නෙමෙයි.

    මිගාර, ඔයා “රසායන” යන්න කුමක් දැයි තේරැම් බේරැම් කරගත්තාම ආයේ මේ පැත්තෙ එන්න.

    ReplyDelete
    Replies
    1. කවුද ඇනෝ මිගාර. .....මිගාර කවුරු වුණත්
      මේ සටහනට කැමතියි.

      Delete
    2. බලන්න කකා.... ආශ්චර්ය‍ය කියන්නෙ මේක ( ආසියාවෙ නෙවෙයි ).... වන් ටු වන් ට්‍රාන්ස්ලේට් කරන අය දොස්තරලට වෛද්‍ය විද්‍යාව උගන්නනවා.... පව් නේද කකා.... වයසට යනකොට මොලේ අවුල් යන හැටි....

      මාළු ඔලු ටිකක් කුරියර් කරමුද කකා?

      Delete
  18. මේක ප්‍රබුද්ධ කරලා රසය මරාගන්නේ මොකටද? මෙහෙමම අහමු.

    ReplyDelete
  19. මේ සටහනට ලියන්න ඔබට සිතුනේ ඇයි කකා? මා නම් ඔබගේ කතන්දර කියවන්න එන්නේ මස්කට්.පැණි බූන්දි හින්ද විතරක් නොවේ කොත නං කොත කුරුස වලට ඉඩත් නැති හින්දා. මොනවා ලියුවත් තමන්ගේ මූලික මනුෂ්‍යත්වය අමතක කරන්න අවශ්‍ය නැහැ. ඔබගේ කතන්දර අජුවයි කියන මහතුන් විසින් කළ යුත්තේ, එයාල විශ්වාස කරන "හරි කතන්දර"වලින් පිරුණු බ්ලොගයක් ආරම්භ කිරීමයි.

    ReplyDelete
  20. :D
    සන්නස්ගලගේ වචන අහන්න!. "සොමියට වරෙන් පුතා" ගැන !...
    http://www.youtube.com/watch?v=gt6ck4LJ1Bs

    ReplyDelete
  21. මේ බ්ලොග් එක කතන්දරගෙද නැත්තං Naleen Dilruksha කියන කෙනාගෙද ? ඇයි ඒ එයා හැම කෙනාටම පැන පැන කමෙන්ට් දාන්නෙ ? මට පෝස්ට් එකට වඩා ඒ ප්‍රශ්නෙ තමයි මතු උනේ...

    ReplyDelete
  22. මමත් ආසාවෙන් අහපු ඒ වගේම යාලුවෝ සෙට් වුණාම කියන ගිතයක් මේක.

    ReplyDelete
  23. @ All
    ප්‍රතිචාරවලට ස්තුතියි.

    අධික ලෙස කාර්ය බහුල කාලයක්. පසුව හමුවෙමු!

    ReplyDelete
    Replies
    1. හරිම බිසී කාලයක් !

      වැඩ ! වැඩ ! වැඩ !

      Delete
  24. 2013 jUNE 10 SIRAGE KAMARE MEKA EHEMA PITINMA DALA THIYENNE.

    ReplyDelete
  25. හපොයි . දැන් එන සින්දු ප්‍බුද්ධ කරන්න ගියොත් නම් සිංහල භාෂාවේ පද නැති වෙයි. මොනව උනත් ඒ කාලේ ගීත අමුතුවේන ප්‍රබුද්ධ කරන්න ඕන නෑ. ඒවා කොහොමත් නියම ගීත. ඒකනේ අපි තාමත් අහන්නේ. මේ ගිතය මගේ ලිස්ටුවට අයෙත් දාගත්තා ඔන්න.

    ReplyDelete
  26. //පච්ච සිරා ලා එතකොට කොච්චි ඇලා ලා
    ගුෂ්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා
    සැප විඳලා මෂා වෙලා පීචං වීලා
    කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා//

    රටා ඇඟ ඇඳි සිරා සමගින - වහා කිපෙනා ඇලා හිතවත
    සටන් අගතැන් රොබා සකිසඳ - සොයා පැමිණෙයි මියුරු රසවිත
    නෙලා රස ඵල, නිවා සරතැස, පපා රැඟුමන්, මවා හස-රළ
    යතී සමුගෙන සොඳුරු කුටියෙන - ලබා සක්විති සුවය අමරස

    ReplyDelete
  27. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 66
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 9
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 11
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 1
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 50

    ReplyDelete
  28. මේ සින්දුව කී සැරයක් නම් අහල ඇද්ද? super.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.