Sunday 2 June 2013

ලෙඩ්ඩු මළත් අපිට මොටද? Soap-opera or Patient in need?


ඩී.බී.එස්. ජෙයරාජ් ගේ වෙබ් අඩවියට සෙලිනා ඩී පිරිස් විසින් එවන ලද ලිපියක් පසුගිය දා එහි "Doctors, Nurses and Attendants at Hospital Accident Ward Watch TV Instead of Treating Emergency Patient in Urgent Need" නමින් යුතුව පල වී තිබේ. එය දුටු වෛද්‍ය ක්‍ෂේත්‍රයේ නියුතු මා හිතමිතුරෙක් එහි පිටපතක් මට ද එවා තිබුණි.

මෙන්න ජෙයරාජ් ගේ වෙබ් අඩවියේ පළවුණු ලිපියට සබැඳියක්.
http://dbsjeyaraj.com/dbsj/archives/21683


මෙහි පහත දැක්වෙන්නේ ඒ ලිපියේ සිංහලානුවාදයකි. අද උදේ මා ඉංගිරිසි ලිපිය පළ කර කළ ඉල්ලීම අනුව මේ සිංහල අනුවාදය සකසා එවීම ගැන සිංහල බ්ලොග්කරුවෙකු වන සයිලන්ට් සහන් ට මගේ ස්තුතියි පිරිනමමි.


නිසි ප්‍රතිකාර අවශ්‍ය ලෙඩෙකුට ප්‍රතිකාර නොකර රෝහල් හදිසි අනතුරු වාට්ටුවේ දොස්තර ලා, නරස් ලා සහ ඇටෙන්ඩන්ට් ලා ටීවී නරඹති

ප්‍රිය මහත්වරුණි/නෝනාවරුණි,

පළමුවෙන්ම මෙවන් ලිපියක් එවීම ගැන සමාව අයදිමි. ඔබේ අවදානය පහත සඳහන් කරුණ සම්බන්දව යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.

පසුගිය 28 වන දින (28.05.2013)රාත්‍රියේ දී නාවලපිටියේ පදිංචි පුහුණුවන හෙදියක දරුණු රිය අනතුරකට මුහුණ පා තිබුණා. අතිශය ජනාකීර්ණ කිරුළපණ මාර්ගයේ ධාවනය වෙමින් පැවති බස් රථයක ගමන් ගනිමින් සිටියදී , හදිසියේම ඇයව ඉන් ඉවතට විසි වී ඇද වැටුණේ ධාවනය වෙමින් පැවති මගේ මෝටර් රථය ඉදිරියටයි.

වැල්ලවත්ත පොලිසියේ නිලධාරියෙකු, බස් රථයේ රියදුරාගෙන් ප්‍රශ්න කරන අතරතුර දී මා මගේ මිතුරෙකුගේද සහය ඇතිව ඇයව ඉතා ඉක්මණින් රෝහල් ගත කිරීමට කටයුතු කලෙමි. ඒ සමස්ථ ශ්‍රී ලංකාවෙහිම ප්‍විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහල වෙතටයි.

කොළඹ ජාතික රෝහල් හදිසි පිවිසුම් දොරටුව වෙත ළඟා වූ පසු එහි සිටි හෙද නිලධාරිනියක අපට රෝගියාව නංවා ලීමට ට්‍රොලියක් රැගෙන ඒමටත්, එය ගෙන ආ පසු රෝගියාව එහි නංවා ලීමටත්, රෝගියා සමග ට්‍රොලිය හදිසි අනතුරු ඒකකය වෙත තල්ලු කරගෙන යෑමටත් නියෝග කළාය. එය රෝහලේ කාර්ය බහුල වේලාවක් නොවිණි. මහත් පරිශ්‍රමයකින් පසු හදිසි අනතුරු වාට්ටුව වෙත අපි ලඟා වීමු. මෙම අවස්ථාව වන විට අනතුරට මුහුණ පෑ තරුණිය ලේ වමනය කරමින් සිටියද සාත්තු සේවකයින්ට හෙදියන්ට සහ වෛද්‍යවරුන් ට නම් වඩාත් වැදගත් වී තිබුණේ ඒ මොහොතේ රූපවාහිනී යේ ප්‍රදර්ශනය වෙමින් තිබුණු ටෙලි නාටකය නැරඹීමයි.

එම සිදුවීම තතවුරු කිරීම පිණිස මා ඔබ වෙත එම අවස්ථාවේදී ගනු ලැබූ චායාරූපයක්ද මේ සමග එවමි.

ඉතා අසීරුවෙන් රෝගියා ගේ එක්ස්-රේ පරීක්‍ෂණය නිම කර ගත් පසු අපට වාට්ටුව පුරා යමින් මේ රෝගියා පරීක්‍ෂා කිරීමට දොස්තරව කැමති කරවා ගැනීමට සිදුවිය.

කෙසේ හෝ පැය දෙකකට අධික කාලයක් තිස්සේ පොර බැදීමෙන් අනතුරුව ඇයව රෝහල් වාට්ටුව වෙත ඇතුළත් කිරීමට හැකි විය. අපේ එකම ප්‍රාර්ථනය වූයේ ඇයට කිසිදු බරපතල (අභ්‍යන්තර) තුවාල නොතිබේවා යන්නයි.

මේ කාලය තුල ඇතිවූ කෝපය සහ පිළිකුල මට ඇති කලේ දැඩි බලපෑමකි. මෙවැනි තත්වයකට පත්වෙන සාමාන්‍ය මහජනතාව ඔවුන්ට පිළිසරණ අත්‍යවශ්‍ය මොහොතේ දී ලබන සැලකිල්ල අතිශය අශෝබන බව මට පෙනුණි. මා මෙවැනි තත්වයකට මින් පෙර මුහුණ පා නොසිටීම නිසා ඒ ගැණ නොදැන සිටීම ගැනද මට ඇති වුනේ කණගාටුවකි.

ඇත්තෙන්ම මේ "පින් බිමේ" කණගාටුදායක සැබෑ තත්වය මෙයයි.

මනුෂ්‍ය ජීවිතයක වටිනාකම නොසලකන මෙවන් රටක ජීවත් ෙවන්නට වීම ගැන අද මට ඇත්තේ ලැජ්ජාවකි. අපේ සංස්ක්‍යතියේ අන්තර්ගත හරයන් යැයි කියනු ලබන කරුණාව සහ මෛත්‍රිය දැන් හුදෙක් ජනප්‍රාවදයක් පමණි.

රටේ සංවර්ධනයට අවම හානියක් වන පරිදි මේ තත්වය වෙනස් කිරීම සඳහා ඉදිරිපත් වීමට කැමති විශාල තරුණ පිරිසක් සිටිති. මේ පණිවිඩය එවැනි වෙනසක් කිරීමට හැකියාවක් ඇති පරිස අතරේ බෙදාහැර ඒ සඳහා උදව්වෙන්න.

ස්තුතියි

මෙයට

Selyna. D. Peiris
LLB (Hull) LLM (London) MAIS (Vienna)


මගේ මිතුරා ඔහු ජෙයරාජ් ගේ වෙබ් අඩවියෙන් කියවූ පණිවිඩය මට (සහ ඔහුගේ අන් මිතුරන්ට) එව්වේද, මා මෙය මගේ බ්ලොයේ පල කරන්නේද, ඉහත ඉල්ලීමේ ඇති වැදගත්කම නිසාය.

-කතන්දරකාරයා

ප/ලි:
නර්ස් ලා ගැන කෙසේ වෙතත් මං දොස්තරලා සම්බන්ධ කතන්දර කිහිපයක් කලින් ලියා තියෙනවා. මෙන්න ඒවා.

1. පවුලේ දොස්තර
2. දොස්තර හේවා ගැන හෙළිදරව්වක් - Dr Hewa's real identity revealed...!!!
3. මාස හයකට වරක් ඔබේ ජොකා මාරු කරන්න - වෛද්‍ය ප්‍රේමකුමාර ගෙන් උපදෙසක් :: Serious medical advice from Dr Premakumara
4. කේක් ගෙඩි අප්පු ට ටෙටනස් ඉන්ජෙක්ෂන් එකක්!


(image: http://dbsjeyaraj.com/dbsj/archives/21683)

62 comments:

  1. මේවා අපි දැක්කෙ දවස් 2කට කලින්.

    ReplyDelete
    Replies
    1. දැක්කට මදි කේනජි - ඒ ගැණ අන් අයටත් කියන්න ඕනෑ.

      මගේ මිතුරා මට ඊ-මේලයක් එව්වේද, මා මෙය අද පල කරන්නේද එනිසායි.

      Delete
  2. අවුලක් නෑ.... පැට්‍රෝල් දාලා ගිනිතියාගන්න කොට.. ගිනි දවාලේ ගාල්ලේ ටවුන් එකේ කඩුවෙන් කපලා මරණ කොට වීඩියෝ කරන්නෙත් ඕකෙම පෙන්නන්න නේ...

    අනික අපි ඕවා ගැන කතාකරම අපිව පනපිටින් ඔපරේෂන් කරන්න එන්නෙත් මේ ලියුම් ලියන මහතුරුම තමයි. තමන්ටම දෙයක් වෙනකන් මේ රටේ එකෙකුටවත් වැරදි පේන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මාටින් නීමොලර් කිව්වෙත් ඔය අන්තිම කේස් එක ගැන නේ!

      Delete
  3. මං හිතුවෙ කකා ඊයෙ IESL night එකේ නටපු නැටිල්ලට අද කතාව මිස් වෙයි කියලා... :D

    ReplyDelete
    Replies
    1. අහවලා ත් අර නැටුවේ හොඳට ට්විස්ට්, බයිලා සහ රෙගේ!

      Delete
  4. දැන් වේලාව සවස 2-45 යි. මාර රැග් එක කොමන්ට් කරපු පාඨකයන්ට. කොමන්ට් පල උනාද බලන්න හත් අට පාරක් ඇවිත් යන්න. එතකොට කකාගේ හිට්ස් තව තව වැඩි වෙනවා. කොහොමද ටිකිරි (ටින්කිරි) මොළේ.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් බලන්න ආයේ එන්න ඕනෑ නෑ. කමෙන්ට් ඊ-මේල් මගින් ගෙන්වා ගන්න පුළුවනි.

      ඒ සඳහා කමෙන්ට් කොටුවට පහතින් ඇති "Subscribe by email" පාවිච්චි කරන්න.

      මෙවැනි ප්‍රතිචාරවලින් ඔබ අදහස් කරන්නේ කුමක්දැයි මට නම් ප්‍රශ්නයකි. එක්කෝ මේ කතන්දරයේ අන්තර්ගතය ගැන අදහසක් දෙන්න. නැතිනම් ලොවට විහිලුවක් නොවී ඇඳට ගිහින් නිදාගන්න.

      Delete
    2. moo hama dama ehema thami.

      Delete
  5. දෙවි වරු වගේ හොඳ මිනිස්සු ඉඳපු රටක් දෙන බලු නොවටින තරමට වෙටිලා .
    අනේ කාලේ වනේ වාසේ

    ReplyDelete
  6. මේ කතාව ඇත්ත උනත් නැතත් මෙවැනි සිදුවීම් රෝහල් වල අනන්තවත් වෙන බව කණගාටුවෙන් වුවත් කියන්ඩ වෙනවා. දකුණු අත වෙනුවට වම් අත කපන්නේත්, වෙළුම්පටි හිරවෙලා අත සම්පූර්ණයෙන්ම කපා දමන්ඩ වෙන්නෙත් මේ වගේ සිදුවීම් නිසා. ඇත්ත අපේ වෛද්‍ය වරු හා හෙදියන්ගේ අතේ හුරුව ඉතාම ඉහල මට්ටමක තියනවා. නමුත් ආකල්ප අතින් ඉතාම පහල තත්වයක තමයි ඔවුන් ඉන්නේ. මම දකින විදියට පුහුණු වීම් කරන අවධියේ තමන්ට දකින්ඩ වෙන දේවල් වලින් ලැබෙන අභාෂය මේකට හේතුවක් වෙන්ඩ පුළුවන්. සමහර විශේෂඥ වරු තමන්ගේ ශිෂ්‍යන් ඉස්සරහ රෝගීන්ට කතා කරන්නේ ඉතාම පහත් විදිහට නොසැලකිල්ලෙන්. රෝගීන්ගේ ආත්ම ගරුත්වය කෙසේ වෙතත් හරි හැටියට ප්‍රශ්නය අසා ගන්ඩ වත් වුනන්දුවක් නැ.

    ReplyDelete
    Replies
    1. බයෝ කරලා වෙදකම කරන්නේ ප්‍රධාන වශයෙන් ම එක්කෝ ගණං හොර අය, නැත්තං පාඩම්කරන්න කැමති අය. එහෙම නැතුව මා වෙදෙක් වී රෝගීන් සුව කරමි! කියන ප්‍රාර්ථනය ඇතුව යන්නේ අතලොස්සයි.

      සාමාන්‍යයෙණ් නර්සින් යන්නේ ටීචින් හෝ ක්ලැරිකල් හෝ යන්න බැරි වුණාමයි. එහෙම ණැතුව අතරණ රෝගීන් ට සාත්තු රකමි! කියලා යන්නේ කීප දෙනයි.

      ඇටෙන්ඩන්ට් ලා ගැන නොදනිමි. වෙනසක් ඇතියැයි නොසිතමි. ඒවා මන්ත්‍රී ඇමති පත්වීම් නේද?

      Delete
    2. ඔබ කියන ඔය දේ ට එකග විය නොහැක.
      1) ගනන් හොර නිසා බයො තොරගත් අය උසස් පෙලින් ඉහලට එන්නේ නැත. ඒ සන්දහා බුද්ධිය, (තර්කණය, මතකය විශ්ලශ්ණය....)අවශ්ය වේ.

      2)ඔබ කියන පරිදි රොගීන්ට උවටැන් කිරීමට පමනක් මිනිසුන් රැකියා කරනු ඇතැයි සිතීම සිහිනයක් පමණි.

      3)හෙද, වෙද, සුලු සේවක සියලු දෙනා මේ සමාජයේම ජීවත් වන අය වෙති. ඔවුන් මේ සමාජයේ ඇති, ජීවන වියදම, සමාජ පරිහානිය, සාරධර්ම පරිහාණිය වැනි විනාශයන්ටද ලක් වේ.එම නිසා ඔවුන් ගෙන් පමනක් ග්වුරවණීය සේවයක් බලා පොරොත්තු විය නොහැක.

      4)මේ මිනිසුන් දිගු සේවා මුර, අඩු වේතනය අධික රාජකාරි වගකීම යනාඅදි පීඩනයන් ගෙන් හෙම්බත් වෙන පිරිසකි.ඒනිස ඔවුන්ටද සානුකම්පික බව හිමි විය යුතුය.එසේම රොගී ප්‍රථිකාර අතර තුරම ආහාර ගැනීම ශරීරික අවශ්යතා ඉටුකර ගැනීම වැනි දේද කරගත යුතුය.මෙම මිනිසුන් පැය 12-18-24 වැනි දීර්ග සේවා මුර කරන අය බවද සැලකිය යුතුය.

      5)දින පතාම බරපතල අනතුරු දැකීමෙන් ඇතිවන නිර්විණ්දනීය බවද මෙයට එක් හේතුවකි.රොගියාගේ බාර කරුවන් බොහො සේ කලබල වුවද මොවුනට එම රොගියා තවත් එක් රොගියකු පමනි.

      කෙසේ වුවද මෙහිදී සිදුවූ දෙය අනුමත කල නොහැක.

      Delete
  7. මේකෙ දොස්තරලා නෑ නේ. ඉන්නෙ ඇටෙන්ඩන්ට්ලයි නර්ස් ලයි.මේ නෝනා දන්නවා නම් මේකෙ මිනිස්සු තියෙන සීමිත සම්පත් වලින් කරන වැඩ කන්දරාව. ඔය ලෙඩා වගේ දවසකට මේකට ගෙනහල්ලා බේරන ජීවිත ගාන ගැනත් කතා කරලා ඉමු. ලංකාවෙ හැදිච්ච කෙනෙක් නෙවෙයි වගේ

    ReplyDelete
    Replies
    1. සමස්තය හෝ සාමාන්‍යය ගැන පමණක් කතා කරන්නේ ඇයි?

      හැම ලෙඩෙකුටම හොඳින් නිසි ප්‍රතිකාර ලැබුණු විට සමස්තය සහ සාමාන්‍යයද ඉහල යනු ඇත.

      ලෙඩුන් සිටියද නොසිටියද රාජකාරී ඇදුමින් සැරසී රාජාකාරී වෙලාවේ ටීවී බැලීම ඔබ සාධාරණිකරණය කන්නේ කෙසේද?

      දොස්තරලාට මෙතන සිටින්ට අවශ්‍ය නෑ. ඔවුන්ට වෙනම කමරයක් තියෙනවා.

      මේ ලිපියේ අග සඳහන් පරිදි දොස්තරව කන්වින්ස් කරන්න යන කොට ඔහු/ඇය ඉන්ණ ඇත්තේ එතැනයි.

      Delete
    2. සම්ස්තය නොසලකා හැර අතිශය දුලබ කුලක සැලකීම කුහකකමක් නේද ?

      ලෙඩාගේ තත්වය දවසට හදිසි අනතුරු වලට පත් ලෙඩ්ඩුන් සිය ගාණකට ප්‍රතිකාර කරන දොස්තරට, ලෝ කරපු මේ නෝනා ඒත්තු ගැන්නුවා කියන විහිළුවට සිනා සෙන්නද අඩන්නද යැයි මට නොහැගේ

      සාමාන්යයෙන් හදිසි අනතුරු සේවයේ වෛද්‍ය නිලධාරීන් කාමරවල නොගැවසේ.දවසේ පැය 24 පුරාම රාජකාරී මුරවලට අනුව වෛද්‍ය නිලාධාරීන් එහි සේවය කරති. වෛද්‍ය නිලධාරීන් රූපවාහිනිය නරඹමින් කෙළිදෙලෙන් පසුවනවා මම කිසි දිනක දැක නැත. වෛද්‍ය විශේෂඥවරුන්ට පමණක් කාමරයක් ස්නායු ශල්‍ය ගොඩනැගිල්ලට යාබදව ඇත. එහිද රූපවාහිනියක් නැත

      රාජකාරී වෙලාවේදී තම වගකීම් පැහැරහැර රූපවාහිනී නැරබීම වැරදිය. නමුත් එය එල්ලා මැරීමට තරම් වරදක්ද කියා මට නොතේරේ. ඇතැම්විට මේ හෙදියන් හෝ උපස්ථායකවරුන්ගේ රාජකාරී මුරය අවසන්ව තිබිය හැක නැතිනම් ඔවුන් යාබද වෙන ඒකකයක සේවය කරනවා විමටද හැක.

      අවසාන වශයෙන් මගේ කවරකු හෝ අනතුරට පත් විටදී, මගේ ලෙඩාට වඩා බරපතල ලෙඩ්ඩුන් සිය ගණනක් එක මොහොතේ ඇතුලත් කළද මට මගේ ලෙඩා ලොකුය. සමහරවිට මගේ ලෙඩාට කලින් අනිත් ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කඩිනමින් ලැබිය යුතු වුවද මගේ පෘතක්ජන සිත මගේ ලෙඩාට ඉක්මණින් ප්‍රතිකාර ලැබේවායි පතනවා යැයි සිතීමට ඉඩ ඇත





      Delete
    3. ඔබේ පිළිතුර අගය කරමි.

      මෙතන ලෙඩා රෝහලට ගෙනවිත් ඇත්තේ "මගේ ලෙඩා" පිරිසක් නොවේ. good samaritan දෙදෙනෙකි.

      ඔවුන්ටම රෝගියා ට්‍රොලියක නංවා ගෙන වාට්ටුවට රැගෙන යාමට අණ ලැබීමෙන්ම රෝහලේ ඇති තත්වයේ බරපතල බව පෙනේ.

      අන් දේ ගැන කවර කතා ද?

      Delete
    4. [ඔවුන්ටම රෝගියා ට්‍රොලියක නංවා ගෙන වාට්ටුවට රැගෙන යාමට අණ ලැබීමෙන්ම රෝහලේ ඇති තත්වයේ බරපතල බව පෙනේ. ]

      ඇටෙන්ඩන්ට්ල නැත්තං කුණු කර කර ඉන්නද? ඊ ලගට කියයි ලෙඩාව ගෙනිච්චෙ නෑ ඊලග දවස වෙනකං කියල

      Delete
    5. දුලබ දේ හරි හුදෙකලා සිදුවීම් හරි, මොකක් හරි, ටෙලි නාට්‍ය කියන්නෙ මිස් නොකර බැලිය යුතුම දෙයක්ද? ඒකද ලොකු ලෙඩාගෙ ජීවිතයද?
      පරණ දොස්තර වරු මේ තත්ත්වය ගැන ඉන්නෙ හරිම කළකිරීමෙන්. ඒ අය කියන්නෙ (මගෙ ස්කෝප් එක නෙවේ) නිදහස් අධ්‍යාපනයෙන් ඇතුළට යන අය මේ වගේ තත්ත්වෙකට වැටෙනවා, ඒ අය සළකන්නෙ සල්ලි වලට මිසක් මිනිස් ජීවිත වලට නෙවේ කියන එක.

      Delete
  8. පුහ්............. හවස පරිවර්තනය නොවේ, අපි යන්තම් හරි කියවලා දාපු කොමන්ට් ටික පලකරහං කකා. දැන් වෙලාව සවස 5.37 යි.
    මට මැවිලා පෙනෙනවා කෙනජි අංකල් දාපු කොමන්ට් බලන්න පොර දැන් කී පාරක් ලොග් වෙන්න ඇති ද. අනේ පවු. වෙරළුමල් සුවඳ වැහෙනවා.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් බලන්න ආයේ එන්න ඕනෑ නෑ. කමෙන්ට් ඊ-මේල් මගින් ගෙන්වා ගන්න පුළුවනි.

      ඒ සඳහා කමෙන්ට් කොටුවට පහතින් ඇති "Subscribe by email" පාවිච්චි කරන්න.

      Delete
    2. @ඇනෝ at 5:39; හෙහ්..හෙහ්..ඇත්ත බං..
      මේ වෙලාවෙ නිකන්ද ඉන්නෙ?

      Delete
    3. ටීවී බලනවා කියුවාට මෙයාලා බලන්නේ ටෙලි සිත්තම්. අභීත දියණිද දන්නේ නෑ.
      බලන්න මේවන විට අදහස් පල කරලා තියෙන්නේ කවදත් එක කෙනජි, මාතලන්, අහවලා විතරයි. අනිත් සියලු දෙනා ඇනෝ. අපිට කොහෙද g-mail. මේල් නැති ඇනොවරු ඉන්නවා කකා.
      කොහොම උනත් ඇනො සංඛ්‍යාවත් අඩුයි වගේ. කකා අතහැරලා ගිහින්ද?
      to Kenaji
      රැ නිසා දැන් නිදියනවා මේ පැත්ත පලාතක එනවා නොවේ.මාතලං වාගේ තලත්තෑනි පොරක් අල්ල ගන්න.

      Delete
  9. මේ සිද්ධිය නම් විශ්වාස කරන්ටත් බැරි තරම්. අර කට්ටිය බලා ඉන්නේ ටෙලි ඩ්‍රාමා එකක් දිහාද? වැඩ කරන ගමන් ඔය විදියට දොස්තරලා රූපවාහිනිය නරඹයි කියලා හිතන්ට හරි අමාරුයි. ඔන්න ලංකාව දිනන ක්‍රිකට් මැච් එකක් තව හිතුව හැකි. ෆොටෝ එක්ක ගන්ට තිබුනේ රූපවාහිනියේ විකාශනය වෙන වැඩ සටහනත් අල්ලලා.

    ReplyDelete
    Replies
    1. ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

      Delete
    2. ඇයි, නරඹපු වැඩසටහන අනුව වරද ස්කේල් වෙනවාද?

      Delete
    3. කෝ අර වමනෙ දනෙ ලෙඩා මේකෙ නෑ නෙ

      Delete
  10. කකා ,

    තමන්ට වෙනකම් කාගේවත් ඇස් ඇරෙන්නේ නැහැ . තමන්ට උන දාට වෙන කෙනෙක් එන්නෙත් නැහැ..

    ReplyDelete
    Replies
    1. අත්තාහි අත්තනෝ නාතෝ
      කෝහි නාතෝ පරෝසියා?

      Delete
    2. දේවදත්ත ත් බන කිව්වත් ගියේ අපායේ.
      කකා ටත් වෙන්නේ ඒ සන්තෑසියම තමා

      Delete
  11. ඕක මහා ලොකු නෙව්ස් එකක් නම් නෙමෙඉ ඔය හොස්පිටල් වල කොහොමට් මිනිස්සුන්ට බල්ල්ලන්ට වගේ ටමි සලකන්නේ මට මෙදිචාල් ඉන්සුරන්චේ තියෙන නිසා ජීවිතේ ට යන්න හිටන්නේ නෙහෙ එත් මම දන්නා විදිහට ප්රිවැටේ හොස්පිටල් අපිව තුරන් කනවා ඒ වගෙමේ අමාරු ලෙඩ නම් එයාල හොඳ කරන්න ටිකක් දුර්වලි, ආණ්ඩුවේ හොස්ප්ටිඅල් එකේ ගේට්ටුවේ ඉඳල ජරාව ඕන වෙලාවක ඔය අතුඅලට යන්න පුලුවන්න් සික්කට 100ක් දුන්න නම්, හෙදියොත් හරිම නපුරුඉ ,අපේ එහා ගෙදර ගෙනි හෙදියක් එය මිනිහට ලමින්ට කතා කරන්නේ බලු නමෙන් විතරි , ලෙඩ්ඩු ගෙන මොන කතාද, ආණ්ඩුවේ හොස්පිටල් ලොකු සේවයක් කරනවා එත් ඔය වගේ උප්සෙට් ඉතින් තියෙනව , ඒවා හදන්න ඕවගේ ඉන්න මිනිස්සු ඉඩ දෙන්නේ නෙහෙ, කොච්චාර සේවයක් කරත වෛය්දයවරු සහ හෙදියෝ වගේ මිනිස්සුනව් පරණ එපයට ගන්න වෙන වුර්තියක් මම දෙකලත් නෙහෙ

    ReplyDelete
    Replies
    1. මෙහෙවූ කොමෙන්ටු රටක් වටී.
      බොන්න ඕනේ නැහැ .
      මේක කියෙව්වහම ඔලුව මාන්ඥමික වෙලා සුර් වෙලා යනවා !
      මට දැන් වෙරි !

      Delete
    2. සිංහල ලිවීමට මා භාවිතා කරන්නේ පහතින් ඇති සේවාවයි.
      http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

      Delete
  12. මේ වගේ ඒවා දැකලා මම නම් ලංකාවේදි කට වහගෙන හිටියේ නෑ. මට මතක විදියට ලංකාවේ සෞඛ්‍යය සේවකයෝ දොස්තර වරු හෙම ඉන්නේ හරියට පොලවේ බිම නොපෑගෙන ගාණට. මට හිතාගන්න බැරි උන් මොකට ඒ වගේ රස්සාවක් තෝරගත්තද කියලා? ( සල්ලි හොයන්න විතරක්) නැතිව රැකියාවේ ගරුත්වය විතරක් නෙමෙයි ඒ ර්‍රැකියාවේ වගකීම භාර ගන්න කැමති දොස්තරලා ලංකාවේ නැති තරම්. සුළු සේවකයෝ ගැන මොන කතාද?
    මේවා ශෙයා වෙන්න ඕනේ වුනාට ඒකෙන් විතරක් වෙනසක් වෙන්නේ නෑ කකා. ඊට වඩා යමක් කරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. මතකයි නේද අපේ තාත්තා බලන්න ඔයා ඉස්පිරිතාලේට ආවා. එතන දී තාත්තා බලන්න ආපු විශේෂඥයෙක් එක්ක වචනයක් කතාකරන්නත් පුදුම ආමරුවක්. කවුරුවත් කිසිම තොරතුරක් අපිව දැනුවත් කරන්න හිතලා කියන්නේ නෑ. පස්සෙන් ගිහින් අහගන්න ඕනෑ.

      ඔය ලිපියේ අග ඒ අවශ්‍ය වෙනස ගැන කියවෙනවා.

      Delete
  13. සමහරවිට ඒ වෙලාවෙ අර නුවර මාලිගාව ඉස්සරහ රූ ගත කරපු ටෙලිඩ්‍රාමා එක පෙන්නුවාද දන්නෙ නෑ, ඔය තරමට ඇටෙන්ෂන් එකක් දෙන්නෙ.
    මගේ අදහස අනුව නම්, රෝහලක වේවා වෙනත් සේවා සපයන තැනක වේවා රාජකාරි වෙලාවෙ ටී වී බලන්න ඉඩ දෙන්න බෑ. (හැබැයි මුන් බලන්නෙ රෝගීන්ට සහ අමුත්තන්ට බලන්න දාල තියන ටී වී එක වෙන්න ඕනැ.) මගේ රාජකාරි ස්ථානයේ ටී වී බලන්න කට්ටියක් සෙට් වුනා දවසක්. මං ඒකට ඉඩ දුන්නෙ නෑ. මම කිව්වෙ ඕනැ තරම් රේඩියෝ ගෙනත් දා ගනිල්ලා. ටී වී බලන්න නම් දෙන්න බැහැයි කියල. ටී වී බලද්දි කොහොමද වෙන වැඩක් කරන්නෙ. වාහන වල රියැදුරුට පෙනෙන්න ටී වී හයි කරන එකත් පොලෝසියෙන්වත් නවත්තන්න වෙයි. කොහෙද පොලිස් කාරයොත් හදිස්සියට කෝල් එකක් ගත්ත එකෙක් පස්සෙ පන්නනව මිසක් ඔය වගේ තේරුමක් ඇති දෙයක් කරන්නෙ නෑ.

    ඒ වගේම මගේ අත්දැකීම තමයි, මේ වගේ තැන් වල සීයට අසූවක් විතර දෙනෙක් ඔය විදිහට වැඩ කරද්දි සීයට විස්සක් විතර තමන්ගෙ සේවය ගැන හොඳ තේරුමක් ඇතිව අවධානයෙන් ඉන්නවයි කියන එක. ඇක්සිඩන්ට් වුනු දරුවගෙ අවාසනාවට එදා ඒ සීයට විස්ස ඇවිත් නැතිව ඉන්න ඇති. (ඒ මදිවට ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙ ට්‍රේනින් වෙන නර්ස් කෙනෙක්ලු. මුන්ට ඒ ගැනවත් කැක්කුමක් නැති හැටි.)

    ReplyDelete
    Replies
    1. සියයට විස්ස අසුව කෙසේ වෙතත් රෝහල් පරිපාලනය කියලා එකක් තියෙනවා නේ.

      අර ලඟදී ළමයෙකුගේ අත කපලා කිව්වා නේද ඒක එයා ගේ නරක වෙලාව කියලා?

      Delete
  14. ඕස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා නෑ.
    හොරෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වන්න එපා !!!

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකාවෙ ඕස්ට්‍රේලියානු තානාපති කාර්‍යාලය මගින් මුදල් ගෙවා NETH FM නාලිකාවෙන් ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
      නිහාල් සෙනවිරත්න ඈප ට ඕස්ට්‍රේලියානු පුරවැසි භාවයට අමතර හොද්ද බොර කරලම දීල.

      Delete
  15. කක්කා බුවාට හිට්ස් නෑ... කොමෙන්ට් නෑ... පව්... අනේ පව්.... ඒ මදිවට මූට කැලෑ පත්තරත් ගහලා.... පව්.... ප්‍රොෆයිල් කොමෙන්ට්ටුත් ඇනෝලත් නෑ...නෑ....

    ReplyDelete
    Replies
    1. කකා බංකොලොත් වෙලා...

      Delete
    2. this is a typical example for bankrupted blogger !!!
      oh... poor you !!

      Delete
    3. ලෙඩ්ඩු මළත් අපිට මොටද?" නේද?

      මෝඩ චූන් දදා ඉඳපල්ලා.

      මේ වගේම අය තමයි අර ටෙලිවිෂන් "බලන්නේත්!

      Delete
    4. moota kela paththara nev gahanna oone, Goo.

      Delete
  16. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 26
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 0
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 9
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 9
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 8

    ReplyDelete
  17. දැන් ඇත්තට පොස්ටු දාන්න වෙන්නේ මෙහෙම නොවුනොත්ය.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත.

      අර කකුල්, අත පය නැති වුණු ඒවායේ හැටියට මේක නිකං රටකජු කේස් එකක් නේ.

      Delete
  18. Replies
    1. ඔන්න මගෙනුත් දොස්තර කතාවක්...

      දත් දත් දොස්තර

      Delete
  19. ගූ සෙවන්ටි පෝස්ට් !!

    ReplyDelete
    Replies
    1. ලෙඩ්ඩු මළත් අපිට මොටද?" නේද?

      මෝඩ චූන් දදා ඉඳපල්ලා.

      මේ වගේම අය තමයි අර ටෙලිවිෂන් "බලන්නේත්!

      Delete
    2. @කකා
      ඔච්චර දුක නං ලංකාවට ඇවිල්ල සේවය කරපංකෝ අහිංසක මිනිස්සුන්ට.

      තමන්ගේ පහසුව , ලාබය හදා ගෙන පිට රටකට වෙලා ආතල් එකේ ඉඳගෙන ලංකාවේ සේවය කිච කරන එක මෝඩ චූන් නෙවෙයිද ?

      ඕවට තමයි කියන්නේ "ඉස්සෙක් කතා කරයි " කියල

      Delete
  20. කකා, බණක් භාවනාවක් කරගෙන හිටියොත් හොඳ නැද්ද ? මේ නහින දෙහින කාලෙ නෙව

    ReplyDelete
  21. හිරි වැටී තිබෙන ලාංකික සමාජයට මේවා සාමාන්‍ය බව වැටී ඇති කමෙන්ටු වලින්ම පෙනෙනවා නේද? කාර්‍යක්ෂම සෞක්‍ය සේවයක සහ රාජ්‍ය සේවයක අත්දැකීම් ඇත්තන් මේවා ගැන කම්පා උනාට රටෙ පිරිච්චි ළිං මැඩියන්ට ගානක් නැත්තෙ උනුත් මේ අපරාධ්යෙ කොටසක් නිසයි. ඉතින් කාට පේන්න මේ පෝස්ට් දැම්මද කකා? මේව කියන්න ඕන බිත්ති වලට මිසක් ලාංකිකයන්ට නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙම උකටලී වෙලත් බෑ නේ, බලමු බලමු මොනවා හරි වෙනසක් කවදා හරි වේවි.

      දැන් අර පාස්පෝට් වැඩ හෙම පහුගිය අවුරුදු 25 වගේ කාලය ඇතුලත කොච්චට වෙනසක් වුණාද?

      Delete
    2. balan hitapan

      Delete
  22. බ්ලොග් එකෙන්, පොස්ට් වලින් කියවෙන්නෙ මොකද්ද කියල හොයනවට වඩා වැදගත් වෙන්නෙ, කතන්දර කාරයට කමෙන්ට් කීයක් වැටෙනවද, පේජ් වීව් කොච්චර එනවද කියන එක නම්, ඉතිං මේක ඇනෝලටම ගිය ලෝකයක් කියලා හිත හදාගන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔයා ගිහින් කාගේ හරි ලේ උරාගෙන බීලා ජීවත් වෙන්න.

      Delete
  23. Two weeks ago, my wife's brother in law waited nearly 6 hours for his dialysis treatment and when asked what the delay was "Ane ada dostara mahattayage upan dine, cake kapanawa, kattiya enawa. Poddak inna'

    ReplyDelete
  24. Gon katha kiyanna epa modayo. Dialysis walata appointment ekak dhenawaa. needle karannea nursela. doctor enne mokak hari awulak thibunoth admit karanna. nikam moda joke noda indahan.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.