Thursday 13 June 2013

රෝමයේ සිට කිලෝ මීටර් විසිපහක් දුර ගෙවා පොලොන්නරුවට ගියෙමි! - Photos from Ostia Antica


රෝමයේ මං ගතකරපු සතියක විතර කාලය ඇතුලත ගිය හොඳම ගමණක් තමයි පොලොන්නරුව බලන්න ගිය එක!

උදේ ගියා, හවස් වෙන කොට ආපහුත් ආවා.

මේ බොරු නොවෙයි කියන්නේ. ඇත්තටම කියනවා නම් රෝමයේ ඉදලා පොලොන්නරුවට දුර කිලෝ මීටර් විසිපහක්වත් නැති තරම්.

මං මේ පොලොන්නරුව කියලා කියන්නේ ඊයේ මං කියපු ඉතාලියේ ඉසුරුමුණි පෙම් යුවල මට හමුවුණු ඔස්ටියා ඇන්ටිකා නටඹුන් නගරය ගැනයි.

රෝම රාජධානිය පටන් අරගෙන තියෙනවා කියන්නේ ක්‍රිස්තු පුර්ව අටවෙනි සියවසේ විතර. රෝමයේ ප්‍රධාන නැව් තොටුපොල සහ වෙළද වරාය විදියට තමයි රොමය හරහා මූදට ගලන ටයිබර් ගඟේ මෝය කට ලඟ ඔස්ටියා නගරය දියුණු වෙලා තියෙන්නේ. ඒ අදට සියවස් තිස් දෙකකට කලින්.

ක්‍රිස්තු වර්ෂ නමවෙනි සියවසේ විතර තමයි නගරය අත්හැරලා දාලා තියෙන්නේ. ගඟ පිටාර ගැලීම සහ රොන් මඩ තැන්පත් වීම නිසා ක්‍රිස්තු වර්ශ තුන්වෙනි සියවසේ හදපු ගොඩනැගිලි වල පවා නටඹුන් අද වෙනතුරු තියෙනවා.

මේවායින් හුඟ හරියක් දැන් අවුරුදු පනහ හැටකට විතර කලින් මතුකරගත්තු ඒවා. තාමත් ඒ ආකියෝලොජිකල් වැඩකටයුතු කෙරෙන බවත් පෙනුණා.

කාලයත් එක්ක කොච්චර පරිසරය විනාශ වෙනස් වෙනවාද කියන එකට හොඳම උදාහරණය තමයි, එදා නමවෙනි සියවසේ අතහැරලා දාපු ගඟේ මෝය කටේ තිබුණු වරාය නගරය අද තියෙන්නේ මූදට කිලෝ මීටර් දෙක තුනක් දුරින්. ගඟත් ගලන්නේ ඒ දවස්වල ගලපු පැත්තෙන් නොවෙයි.

මෙන්න ඔස්ටියා ඇන්ටිකා හි නටඹුන් දර්ශන කිහිපයක්.

මට නම් මේවා දැකලා මතක් වුනේ පොලොන්නරුවේ නටබුන් ම තමයි. මං හිතන්නේ ඒ මේ ගඩොල් නිසා වෙන්න ඇති.





මේ තියෙන්නේ එදා තිබුණු විශාලතම ටෙම්පල් එකක (දේවස්ථානයක) නටඹුන්. කොහොමද සයිස් එක? අපේ පොලොන්නරුව සිහිවෙනවා නේද?



ඒ දවස්වල මහා විශාල ගොඩනැගිලි සංඛීර්ණයකින් අද ඉතුරුවෙලා තියෙන්නේ මෙච්චරයි. මේ හරිය ඉතුරු වුනේ ගඟ පිටාර ගලලා රොන්මඩවලින් වැහිලා ශතවර්ෂ ගණනාවක් තිබුණු නිසා වෙන්න ඕනෑ.



මේ නගරයේ පාරවල් දෙකක් සහ ඒ දෙපස තිබුණු ගෙවල්වල නටඹුන්.


මෙන්න ලස්සන කැටයමක්. මේ වගේ ඒවා කීපයක්ම ඔස්ටියා ඇන්ටිකා මියුසියම් එකේ තියෙනවා.



ගොඩනැගිල්වල පොලොවත් සිදීවම්වලින් සරසලායි තිබිලා තියෙන්නේ. මේ සුදු කළු මාබල් චිත්‍රය මං හිතන්නේ තිබිලා තියෙන්නේ බොක්ෂින් ක්‍රීඩකයින් පුහුණු වුණු ජිම් එකකයි.



ඒ කාලේ මැරුණු මිනිස්සුන්ව වල දාලා තියෙන්නේ හොඳ කල්පවතින ගල් පෙට්ටිවල දාලා. මෙතනින් දුප්පත් මිනිහාගේ මීනී පෙට්ටියයි පෝසත් මිනිහා ගේ මීනී පෙට්ටියයි වෙන් කරලා අඳුණා ගන්න පුළුවනි ද?


පැරණි නගරයේ මහා විශාල රඟහලක් තිබිලා තියෙනවා. මේ ඒකේ නටඹුන්වල පින්තූර. ඉදිරිපස ඵෙනුම, ආසන සහ වේදිකාව, රඟහලේ උද්‍යානය.



මේ පිලිම ඒ දවස්වල රජකම් කරපු ගැමුණු ලා, පැරකුම් ලා, දේවදත්තලා කෂ්ටිය ගේ වෙන්න ඇති.



මේ නං සාමාන්‍ය ඔහේලා අපි වගේ අය. මං හිතන්නේ අර බූරුවා විකුණාගෙන එන්න ගිය තාත්තයි පුතයි.



මීලඟ පෝස්ට් එකෙන් කියවෙන්නේ පුරාණ රෝමයේ තිබුණු මහා බරපතල ගැටළුවක් ගැනයි.

-කතන්දරකාරයා


(image: http://commons.wikimedia.org/wiki/File:Polonnaruwa_02.jpg)

59 comments:

  1. හොද විස්තරයක්.ලංකාව මතක් වෙනව තමා.
    ඒ කාලේ ඉදන්ම තියෙන එකා කැටයම් දාල තියෙනව එහෙනම්.

    ReplyDelete
    Replies
    1. නෙද්දකින් මූ අද එක වෙලා නේ !!

      Delete
    2. වෙලාව කියන්නෙ වෙලාව පුතා.

      Delete
    3. මේ පෝස්ට් එක දාපු දවසේ කෙන්ජි හිටියේ කකාත් එක්ක ද ?

      Delete
  2. කකා මේ දවස්වල සංචාරක සටහන්මයි ලියන්නේ.. එල එල
    ඔන්න අද මම එක වෙන්නම කියලාඑලාම් තියලා ඇහැරුනේ. අද මම එක නූනොත් ආයෙත් මේ ගූ හැත්තෑවේ බ්ලොග් එක කියවන්න එන්නේ නෑ.

    අද මම 1 ද මන්දා ?

    ReplyDelete
    Replies
    1. පව් බන් උඹ... කෙන්ජිය උඹට කලින් ඇහැරුනා කියල දන්නෙ නැද්ද.... ඇදෙන් බහින්න කලින් ඇද එහා පැත්ත අත ගාල හරි බැලුවනම් කෙන්ජිය නෑ කියල දැන ගන්න තිබ්බනෙ...

      Delete
    2. විනාඩි 7ක් ප්‍රමාදයි.
      පව් අප්පා!.

      Delete
    3. ඇනෝ ‘අයියා පව්‘

      Delete
    4. උබ අදත් 1 නෙවේ. ආයේ මේ ගූ 70 පොස්ට් පස්සේ එන්න එපා.

      Delete
    5. කතන්දර දාන්නේ උදේ හයට. හෙට එන්න.

      Delete
    6. කකා මේක ප්ලෑන් කරලා කරපු වැඩක්. කකා බල්ලෙක් ! හිවලෙක් ! හිපාටුවෙක් ! හොට කපපු පැස්බරෙක් !
      රිලවෙක් ! ඌරෙක් !

      Delete
  3. අද පෝස්ට් එක නම් නියමයි කකා. අපි කවදාවත් නොදැක්ක තැන් ගොඩක් දැක ගත්තා. බොහොම ස්තුතියි කකා මේ දේවල් පෝස්ට් කලාට..

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ගොන් මෙන්ඩිස්... මොකද ඇනෝ එන්නෙ?

      Delete
  4. මට හිතෙන විදිහට අන්තිම පින්තූරේ ඉන්නේ කතන්දරයි ඇනෝයි බූරුවෙකුයි. ඇනෝලා සහා කතන්දර අතර තියෙන්නෙත් බූරුවා විකුණාගෙන එන්න ගිය තාත්තයි පුතයි අතර තිබ්බ කතාව වගේ එකක්.
    වෙලාවකට කකා ඇනෝලව බූරුවා පිටේ තියාගෙන යනවා. බූරුවා පිට උඩ යන ඇනෝලා දැක්කහම කට්ටිය එක එක කතා කියනවා. ඊට පස්සේ කකා ඇනෝලව බිමට තල්ලු කරලා බූරුවා පිටේ නගිනවා (හරි ගොං නේ ?). ආයෙම ටික කාලයක් ගියාට පස්සේ බූරුවා පිටේ යන කකාට හිතෙනවා ඇනෝලා පවු කියලා. එතකොට කකා බූරුවාගේ පිටින් බැහැලා ඇනෝලව බූරු පිටේ තියනවා.

    ReplyDelete
    Replies
    1. මෙන්න නියම නිර්මාණාත්මක ඇනෝල! මෙහෙව් ඇනෝල පිටේ තියං ගියත් මොකද :)

      Delete
    2. ගණින් මචං මාවා කරට. හැබැයි උබ අංකල් කෙනජි ගොලෙයෙක් නෙවේ නේද?

      Delete
  5. මම කිව්වේ උන් අපෙන් කෝප්ප ගහලා තමයි

    ReplyDelete
  6. අනේ මම රෝමෙට ගිහින් නෑනේ. ඊලඟ ට්‍රිප් එක ඒ පැත්තේ යන්ට හිතුනා පින්තූරු ටික දැක්කාම. මම හිතන්නේ ලංකාවෙන් බාස්ලා ගෙනියට ඇති කියලා මේවා හදන්ට. 'පොලොන්නරුව' වගේමයි.:)

    ReplyDelete
    Replies
    1. Rometa yanna issella tampita viharayakata giyanam.

      Delete
    2. පොඩ්ඩි දීග ගිහිල්ල ලෝකෙ වටේ සහකරු සමග යද්දී පින්තූර සමග හොද කතාවල් කියවන්න/බලන්න ආශාවෙන් ඉන්නෙ.

      Delete
    3. කොහේ ගියත් ජපානයට යන්න කෙන්ජි ලන්කාවට යනකල් ඉදලා.... කෙන්ජිය මනමාලයා... නාකි ඉලන්දාරියා.....

      Delete
  7. දැන් තේරෙනවා නේද අපිට වඩා කොච්චර ඉස්සරහයින්ද ඉඳලා තියෙන්නේ කියලා. ඔය දොරමඩළාවේ බයිලා ගහන උගත්තු....

    එක්කෝ මේ රටින් පිටට ගිහින් නෑ...
    එක්කෝ දැන දැන් බොරු කියන්නේ...

    මගේ රස්සාව අනුව අපිටත් ලෙක්චර්ස් කරන්නේ මේ පිළිබඳ ආචාර්ය මහාචාර්යවරු.. මම ඔය පිළිබඳව ආගිව් කරපු වෙලාවක ඇහුවා.. අපි මේ බොරු සුද්දන්ට කියන කොට උන් පුකෙන් හිනාවෙනවා.. ඒක නිසා ඇත්ත කියන්න කියලා... පිලිගන්න උන් බොහොම අඩුයි..... මම නම් පච ගහන්නේ නෑ. මොකෝ රට නෙමෙයි නෝන්ඩි වෙන්නේ.... මම...

    ReplyDelete
    Replies
    1. මේ ඔවදන ඔබ වෙත ගෙන ආවේ... රට රාජ්‍ය වල කරක් ගසා මහා දැනුම සම්භාරයක් ඇත්තා වූද, රාජ්‍ය පාලනය පිළිඹද මනා දැනුමක් ඇත්තා වූද, ඇමරිකාවේ පවා ඇවිද ඇති සර්ව ලෝක බංග වෙද මහතා සහ ජපානය අතැඹුලක් සේ දත් කෙන්ජි බාවා සමග එක රජ තුන් කට්ටුවේ සිටින්නාවූ ර. වි. පු. දෙ. මාතලන්.....

      Delete
    2. ඔය ගැන කතා කරල වැඩක් නැහැ මාතලන්.

      Delete
    3. අනේ වෙද මහත්තයත් කොහේ හරි ඉදන් මෙතනට එන්න.... පිට කසන්න...

      Delete
  8. enjoyed the pics.And the title. thanks for sharing ;-)

    ReplyDelete
    Replies
    1. Go and come again another day !

      Delete
  9. මිනිසා වෙහෙස වුනේ, ඉතිරි කළේ, වගා කළේ, උපකරණ හදාගත්තෙ, ගෙවල් හැදුවේ, යම් යම් දේවල් වලට අයිතිය කියන්නට පටන් ගත්තේ හා තමන්ට අයිති වූ දේවල් වලින් ගණුදෙනු කළේ, මිල දී ගැනීම හා විකිණීම කළේ, මුදල් බිහිවුනේ, අර්ථ ශාස්ත්‍රය ගැන පැහැදිලි න්‍යායයන් හදා ගන්න ඉතා දීර්ඝ කාලයකට පෙර....

    ඊගාව ලිපිය අර්ථ ශාස්ත්‍රය ගැන නේද?

    ReplyDelete
    Replies
    1. මිනිසා ආණ්ඩු හදාගත්තෙ, නීතීන් හදාගත්තෙ, විනිසුරුවන් හා උසාවි පිහිටුවා ගත්තෙ, දේශපාලන න්‍යායන් හෝ නීතිමිමංසාවන් හදාගන්න බොහෝ කලකට පෙර.

      මිනිසා හැමදාම යම් ආකාරයක සදාචාරමය ධර්මයක් අනුව කටයුතු කළා. තමන් හා ජීවත්වෙන සෙසු ජනතාවගේ ක්‍රියාවන් අනුමත කළා. ප්‍රතික්ෂේප කළා. හොඳ යැයි සැලකූ දේවල් වලට තෑගි දුන්නා. වැරදි යැයි සැලකූ දේවල් වලට දඬුවම් කළා. ඒ ඔක්කොම කළේ ද එහෙම මෙහෙම කරන්න යම් තර්කාන්විත යුක්ති සහගත වූ පිළිවෙතක් තිබිය යුතු යැයි කල්පනා කරන්නට බොහොම කාලයකට කළින්.

      Delete
    2. ලජ්ජා විරහිත ඉතිහාසයට දේශපාලන බලය හා උන්නතිකාමය එක් වූ විට මේ පාදඩයෝ වැඩි දෙනෙක් තමන් කරන දේ නො දනිති. පළාත් පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු ඔවුන්ට ග්‍රීක් වැනි වේ.

      Delete
  10. MEMA PHOTOS BALANNA = " AUSTIA ANTICA IN ROME ITALY " WEBSITE EKA GATHTHAMA HONDAHATI BALAGANNA PULUWA.

    ReplyDelete
  11. මාත් කාලයක් තිස්සේ අර වගේ මාළු ටැංකියක් හොය හොයා හිටියේ. ශික්.. මෙහේ නෙමේ රෝමේ ඉන්ඩ තිබ්බේ.

    ReplyDelete
  12. මේක නම් වටින පෝස්ට් එකක් කකා..ඇත්තටම නගරයක් පිටින්ම වැලලෙනවා කියද්දී හරි පුදුමයි..අක්කර දාහක් විතර එකපාරට වැහෙන්නේ කොහෙමද ..? ගිණි කන්දක් පුපුරලා වැහිලා ගියානම් කමක් නැහැ කියතැකී..

    ReplyDelete
    Replies
    1. හනේ උඹ වගේ මෝඩයෙක්... එකපාර වැලලුනා කියලා කොහෙද බන් කියලා තියෙන්නෙ? තණකොල ද මේන් මීල් එක?

      අනේ ඇයි බන් සහන් උඹ නැට්ට පාග ගන්නේ?

      Delete
    2. ඇති ඇති මාගල දිග අරින්නේ නැතිව ඊලඟ පෝස්ට් එක දාපුවාම වැරෙන්.

      Delete
    3. ඇනෝ ඩබලට හිතෙන දේවල්..හපොයි හපොයි...

      Delete
    4. මචන් මේ ඇනෝ ඇවිත් ඉන්නේ රාජ්.... ඕකගේ ටින්කිරි වැඩ ගැන අපි දන්නවා....

      Delete
    5. LK [220.247.225.20] is viewing http://maathalan.blogspot.com/2013/06/white-elephent-party.html?showComment=1371109162708#c1888601176197217538

      A User From [220.247.225.20] is viewing http://maathalan.blogspot.com/2013/06/white-elephent-party.html?showComment=1371109162708
      Source: www.blogger.com Browser and Os: Chrome, WinXP Active Since: 10 Min

      same source ...

      Delete
    6. LK [220.247.225.20] is viewing http://maathalan.blogspot.com/2013/06/white-elephent-party.html?showComment=1371109162708#c1888601176197217538

      A User From [220.247.225.20] is viewing http://maathalan.blogspot.com/2013/06/white-elephent-party.html?showComment=1371109162708
      Source: www.blogger.com Browser and Os: Chrome, WinXP Active Since: 10 Min

      same source ...

      Delete
    7. සංසාරේ සංසාරේ ...ඇනෝ එකක් වත් දාගන්න බැරි එකෙක්ද මේ රාජ්...? සංසාරේ සංසාරේ ....

      Delete
    8. නිවරදිව ඇනෝ කමෙන්ටුවක් ඩමන ආකාරය පිලිබඳ මූලික සහතික පත්‍ර පාඨමාලාව සඩහා විමසන්න...

      අනොපිලිස්@ගූමෙල්.කොම්

      Delete
    9. නිවරදිව ඇනෝ කමෙන්ටුවක් ඩමන ආකාරය පිලිබඳ මූලික සහතික පත්‍ර පාඨමාලාව සඩහා විමසන්න...

      අනොපිලිස්@ගූමෙල්.කොම්

      Delete
    10. (AnonymousJune 13, 2013 at 1:12 PM)
      මේ මැටි හරක හිතාගෙන ඉන්නෙ ඇනෝ ඇවිල්ල ඉන්නෙ මම කියල. හේතුව සරළයි උදිතගෙ අඩවියේ මම සහන් එක්ක වාද කරගැනීම.
      කොහොම උනත් මම, කියන්න තියන දේ කියනව නමින්ම. ඇනෝ එන්න ඕන නෑ.ඉඳහිට හරක් මස් කෑල්ලක් කනව නං මේ ඇනෝගෙ මොලේට හොඳයි.තණකොල කෑවම ඔහොම වෙනව.

      Delete
    11. සංසාරේ සංසාරේ ....

      Delete
    12. සාක්කි පිට දාල තියෙද්දිත් නැහැ කියන හැටි....

      Delete
  13. බොහොම වැදගත් සංචාරක සටහනක් කකා. පත්තර වල දකින්න තියෙන සම්භාව්‍ය පොරවල් ගොහිං කොරන සටහන් වලට වඩා, මේ සරළ සුගම සටහන කියවන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. පත්තර වල විතරද බන්? ඇයි බ්ලොග් වලත් එහෙම ඒවා තියෙන්නෙ... සම්භාව්‍ය කස්ටිය ට්‍රිප් ගියාම විතරක් නෙවෙයි ටොයිලට් ගියත් දාන පෝස්ට් හරි ගාම්බීරයි.

      Delete
  14. Did you see the ruins of public latrinas? Supposed to indicate that the function may have been a social moment. BTW I've not been there. Just remember reading about it.

    ReplyDelete
  15. කකා හොයන්නෙම නටබුන් .ඇයි දන්නේ නැහැ පරන ඒවාටම මෙච්චර ආස , ඔහේ ඕනෙතරම් අලුත් ඒවා තියෙද්දිත් .

    ____හුරතල් ඇන්ටන් ____

    ReplyDelete
    Replies
    1. කකාගෙ ආශාවල් වෙනස්.... හැබැයි කකා පරණ අලුත් කියලා වෙනසක් කරන්නෙ නෑ...

      Delete
    2. ඇන්ටන් තෝ හුරතල් වෙන්නේ අහවල් එකටද. උබ හුරතල් වෙයන් කෙනජි ගාවට ගිහින්.

      Delete
  16. කකා පොලොන්නරුවට ආවයි කියන්නේ රෝමයෙත් පරාක්‍රමබාහු රජ මාලිගය වගේ මාලිගයක නටබුන් තිබ්බ නිසා ද ?

    -හුරතල් ඇනී-

    ReplyDelete
  17. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 50
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 6
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 26
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 1
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 17

    ReplyDelete
  18. හා හා මොනාද කකා මේ කියන්නේ? අපේ මුතුන් මිත්තෝ දාගැබ් මහා විහාර වැව් හදද්දි සුද්දා හිටියෙ කොල අතු ඇඳන් කියල දන්නෙ නැද්ද? ඕන්නං සූරියප්පෙරුම ලොක්කගෙන් අහල බලන්නකො.

    අපි තමයි පොරවල්. අපිම තමයි. අපි විතරමයි.

    ReplyDelete
    Replies
    1. කකාට හරි යන බුවෙක්... තෝවත් බෝට්ටුවක පටෝලා යවන්න ඕන ක්‍රිස්මස් දූපත පැත්තටවත් !

      Delete
  19. රාජසිංහ රජු මියගියේ කෙසේද?

    ලගදීම බලාපොරොත්තු වන්න වෙද නයා......

    ReplyDelete
  20. I am finding a sucker from sydney. please help me
    if you know any sucker in sydney. please reply to this comment

    thanks

    ReplyDelete
  21. sucker kenek hambaunada?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.