Saturday 8 June 2013

ඇන්ටි ද හරි, මං ද හරි? - Is committing suicide a part of natural selection?


මෙන්න මේකයි කේස් එක.

ගිය සතියේ දවසක මං උදේ කෝච්චියට නගින්න ඉන්න වෙලේ කොල්ලෙක් ආවා ස්ටේෂන් එක ඇතුලටම බයිසිකලේක නැගිලා. මූ ඊලඟට ප්ලැට්ෆෝම් එක දිගේ වේගයෙන් සයිකලය පදින්න ගත්තා එක කොනකට. නිකං නෙමේ ඉස්සරහ රෝදේ උස්සලා තනි රෝදෙන්.

ඊට පස්සේ ඒ කොනේ ඉඳලා ආයෙත් මේ කොනට වේගයෙන් එන්න ගත්තා. ආයෙත් අර විදියටම මුලින් රෝද දෙකෙන් අඩි කීපයක් එනවා. ඊට පස්සේ ඉස්සරහා රෝදේ උස්සල අර සර්ක්සවල වගේ තනි රෝදෙන් එනවා.

ඕක දැකපු හුඟ දෙනෙකුට හිතෙන්න ඇති අනේ මේ වගේ මෝඩයෙක් කියලා.

"අර කොල්ලා හිතන් ඉන්නේ ඌ මහ වීරයෙක් කියලයි. නමුත් ඌ මහා මෝඩයෙක්!" මං මා එක්ක හිටිය අපේ ඇන්ටි එක්ක කිව්වා. (මෙයාට මං ඇන්ටි කිව්වට එහෙම කියන්නේ වයස නිසා නොවෙයි කියන කරන දේවල් ගැන හිතලායි!)

"හැබැයි දැන් කෝච්චියක් ආවොත් මේ ළමයා හැප්පෙන්නත් ඉඩ තියෙනවා නේ!" ඇන්ටි කිව්වා.

"එහෙම වුණොත් ඉතිං කරන්න දෙයක් නෑ. පොඩි ළමයෙක් නොවෙයි නේ. මේ වැඩිහිටි වයසේ කොල්ලෙක්. මූ මැරෙයි. අපිට ගමන යන්න පරක්කුවෙයි. හැබැයි රටේ සාමාන්‍ය බුද්ධි මට්ටම ඉහල යයි!" මං කිව්වා.

මං ඒ කතාව කිව්වේ කරුණු දෙකක් නිසයි.

එකක් පොඩි සරදමක් කරන්න.

අනික කොහොමටත් තමන් ගේ ජීවිතය එක්ක සෙල්ලං කරන අය ගැන මට අනුකම්පාවක් හිතෙන්නේ නෑ. තමන් ගේ දිවි නසාගෙන අනුන්ට කරදරයක් වෙන අය ගැනත් මට කිසි දුකක් හිතේනේ නෑ. ඒ වැඩසවලින් කරදර විඳින්න වෙන අය ගැනයි මට දුක.

මෙන්න බොලේ මගේ කතාවට ඇන්ටි මා එක්ක තරහා වුනේ නැතෑ. කොටින්ම කෝච්චියට නැග්ගෙත් වෙනිං දොරකින්.

"ඒ කතාව හරි වැරදි අමානුෂික කතාවක්!" ඇන්ටි කිව්වා මා එක්ක වාදෙකට ඇවිත් පහුවදා.

මගේ තර්ක වුනේ:

(i) මේ වගේ අනවශ්‍ය අන්තරාකාරී වැඩ කරන්නේ මෝඩයෝ. එහෙම මෝඩයෙක් මැරුණාම සමාජයේ නුවණැති බවේ සාමාන්‍ය අගය ඉහල යනවා. ඒක ගණිතයෙන් ඔප්පු කරන්න පුළුවනි.

(ii) ඒ එක්කම මේ වගේ වැඩ කරන්න හිතෙන්නේ අර පරිනාමවාදයේ එන ස්වභාවික වරණයේ ම කොටසක් විදියට වෙන්න ඕනෑ!

කියලයි.

ඇන්ටි කියන්නේ මේ වගේ අවදානම් අන්තරාකාරී වැඩ කරන්නේ, එහෙම නැතිනම් ඇත්තටම දිවි නසා ගන්නේ විශාදයෙන් හෝ එවැනි මානසික රෝගවලින් පෙළෙන අයයි. ඒ අයව ඒ තත්වයෙන් මුදවා ගැනීමයි අපි කළ යුත්තේ කියලයි.

මං ඒ කතාවට විරුද්ධ නෑ.

නමුත් ඒකෙන් මගේ තර්කයේ කරුණු දෙක බිඳෙන්නේ නැති බවයි මට හිතෙන්නේ.

මං හරිද? ඇන්ටි හරිද? නැත්තං දෙන්නම වැරදිද?

-කතන්දරකාරයා


(image: http://depositphotos.com/5730476/stock-illustration-Happy-clown-riding-on-a-bike..html)

95 comments:

  1. මට මතක් උණේ ලඟදි සිය දිවි නහගත්තු බොලිවුඩ් නිලිය Jiah Khan ව. කවුරු හරි උණත්, වැරදි උණත්, මේ වගේ දේවල් සිද්ධවෙන එක හරිම කණගාටුදායකයි. දිවිනසා ගැනීම ගැන මමත් පුද්ගලිකව විරුද්ධයි. මට හිතෙන්නේ ජීවිතේට මූණදෙන්ට බැරි අය මේ වගේ වැඩ කරනවා කියලයි. ඒත් ඒ අයව ඒ තත්වයට පත් කරන, පත්වෙන හේතු මොනවාද කියලත් පොඩ්ඩක් හිතලා බලන්ට ඕනි.

    ඇන්ටිත් හරි. කතන්දරත් හරි ඒ අනුව බැලුවාම. ඒ එක්කම දෙන්නාම වැරදියි. අපිට අනුන් ගැන ඔය විදියට තීරණ දෙන්ට බැරි නිසා.

    කකා හොඳ බැනුම් ටිකක් අහගන්ටයි යන්නේ මට හිතෙන හැටියට.:D

    ReplyDelete
    Replies
    1. තීරණ දිමක් හෝ ගැනීමක් නොවෙයි තමන් ගේ මතය ඉදිරිපත් කිරීමක්.

      Delete
  2. ඉස්සෙල්ල කියන්න ඇන්ටි ලංකාවෙ කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. මේ දෙබස් පරිවර්තන කියලාද හිතුවේ?

      Delete
  3. ඔබගෙ අදහස මම අනුමත කරනව එකෙන්ම.

    ReplyDelete
    Replies
    1. හැබැයි දිවි නසා ගන්න අය හැමෝම මෝඩයන් නොවෙන්න පුළුවන් කියායි මං දැන් හිතන්නේ ඇන්ටි ගේ තර්ක අනුව හිතලා.

      Delete
  4. සාමාන්‍යයෙන් ඕනාවට වඩා තර්ක කරන අයත් හරි නෑ...ඒ කට අපේ අය කියන්නේ පණ්ඩිතයට ඒ දණ්ඩේ යන්න බෑ කියලා..ඒතකොට අර බයිසිකල් කාරාය වගේ වැඩ පෙන්නන ශක්තිය පෙන්නන අයටත් පැවැත්මක් නෑ...ඩාර්වින් කියන්නේලෝකයේ ඉතුරුවෙන්නේ බුද්ධිමත්ම අයවත්, ශක්තිමත්ම් අයවත් නොව අනුවර්තනය වෙන්න පුලුවන් අයටයි කියලා නේ...මට නං හිතෙන්නේ කතන්දරගේ හැටි දැන ගෙන ඇන්ටි අර වගේ කථාවක් කියන්නේ කියලා....ඒකට තමයි අනුවර්තනය කියන්නේ...ඒක හින්දා අහන්න්න දෙයක් නෑ ඇන්ටි හරි.....:)))

    ReplyDelete
    Replies
    1. මයියා මෝඩයෙක් වගේ හැසිරෙනේ ඒකද....?

      Delete
    2. බෞතිකව අනුවර්තනය වීම විතරක් නොවෙයි, අළුත් දැනමු සමහ පරිනාමනය වෙන්නත් ඕනෑ. අර ඩොග්මැටික් (ආධානග්‍රාහී) කියන තත්වය හරිම භයානකයි.

      Delete
    3. ඕනෙවට වඩා තර්ක දාන කකා, ඒදණ්ඩේ යන්න බැරි පණ්ඩිතයෙක් කිව්වම තද වෙන ඇනෝ කවුද ඈ?

      ඔන්න කකා නම් ඇනෝ එන්නේ නෑ.......!!!

      -කකා සුරුකීමේ ජාතික සංවිධානය-

      Delete
    4. ඒ මයියා ගේ මිතුරු සොඳුරු හතුරෙක් වෙන්න ඕනෑ.

      මට් ඒ වගේ මිතුරු සොඳුරු හතුරෙක් ඉන්ණවා. මෑන්ස් කරන්නේ මං ගිහින් කමෙන්ට් දාන තැනවලට ගිහින් ආඬපාලි කියනවා. මට බණිනවා. එක විකාරයක් කරනවා. පව්!

      Delete
    5. කකා ඒ පව් වලට ගණිත සුත්‍ර නැද්ද.

      Delete
  5. දෙන්නගෙම තුනම හරි.

    ReplyDelete
    Replies
    1. මම කිව්වේ දෙන්නම (ඇන්ටියි , කකායි) කියපු, තුනම (මත තුනම) හරි කියලයි.

      Delete
    2. ඔබේ මුල් ප්‍රතිචාරය කොතරම් සංක්‍ෂිප්තදැයි කිවහොත් මට වැටහුනේ ම නෑ.

      සමාවෙන්න.

      එ නිසායි මල්ලෙ පොල් යැයි සිතා අදා ප්‍රශ්ණය ඇසුවේ.

      Delete
  6. අපේ ෆ්ලැට් එකේ යටම තට්ටුවෙ බොහෝම උගත් ගුරුවරියක් වෙච්ච ඇන්ටි කෙනෙක් හිටියා.
    ඔය පැත්තෙම පිස්සු බල්ලෙක් කාලයක් මිනිස්සුන්ට වදයක් වීගෙන හිටීයා.දවසක් ඇන්ටි වෙන පලාතකට පදිංචියට ගියා.

    අර පිස්සු බල්ලව අල්ලන්න හැදුවත් හරිගියේ නෑ.ඔය පිස්සු බල්ලට දාව පැටව් තුන් දෙනෙක් ලැබුනා.උන් තුන්දෙනාටත් සමහරවිට පිස්සු ඇති.
    අර පිස්සු බැල්ලි හපල සමහර මිනිස්සු මැරුනා සමහරු අබ්බගාතයො වුනා.බැරිම තැන ඌව මැරුවා.ගොඩක් අය සතුටු වුනා කරදරේ ඉවරයි කියල හිතුවා.
    ඔය අතරෙ පැටව්ටත් අර බේතම වැදිල මැරිලා.

    යකෝ මෙන්න අර මෝඩ ඇන්ටි රෙදි උස්සගෙන එනවා පොඩි පැටියව මැරුව කියලා අඬ අඬ.
    එතනින් නවතින්නැතුව තමන්ගෙ මිනිස්සුන්ටම පෙත්සම් ගහනවා මිත්‍රකමෙන් අයින් කරනවා අර පොඩි බල්ල මැරුන නිසා.
    ඔන්න අදකාලෙ ඇන්ටිල.
    හැබැයි ඒ ඇන්ටිගෙ කාවවත් අර බල්ල සපා කාලත් නෑ.

    ReplyDelete
    Replies
    1. උපමාවක් විදියට කතාවේ පොඩි පැටලවිලි කීපයක්ම තියෙනවා.

      බැල්ලියෙකුට නිකං පැටව් එන්නේ කොහොමද? බල්ලෙක් ඕනෑ නේද?

      ඒඩ්ස් හැදුණු අම්මලාට උපදින ළමයින්ටත් අනිවාර්යෙන් ඒඩ්ස් එන්නේ නෑ. පිස්සු බලු රෝගය සංජානීයයි ද?

      පිස්සු බල්ලෙක් කාපු මිනිහෙක් මැරෙන්න කලින් ඒ පිස්සු බල්ලා මැරෙනවා. පිස්සු බල්ලෝ කාලා ආබාධිත වුණු අය ගන නම් මං අහලා නෑ.

      බැල්ලි මරණ කොට බලු පැටව් මැරෙණ එකයි, බලු පැටියාව අල්ලං ඉඳලා පස්සේ මරා දාන එකයි කේස් දෙකක්.

      ඒ මොනවා වුනත්, මේ වගේ දේවල් වුණාම සීලාචාර මිනිස්සු හැසිරෙන විදියක් තියෙනවා. කේස් යට ගහලා අපි සුදනෝ කියන එකයි, ඇන්ටිගේ වරද හොයන එකයි නොවෙයි කළ යුත්තේ.

      මේ කතාවත් බලන්න.

      වගකීම බාර ගැනීම එක හෙළා ප්‍රතික්‍ෂේප කළත් ඒක පිළි නොගන්නේ ඇයි? - Rejecting denials and denying rejections!

      !

      Delete
    2. පිස්සු බල්ලකුට දාව පැටව් ඉපදී ඇත.
      පිස්සු බල්ලා අහිංසක බැල්ලක සමඟ සංසර්ගයේ යෙදීම නිසා.

      බල්ලා සපාකෑමට ප්‍රතිකාර ගත්නමුත් එම තුවාල වනවී ඇතිනිසා කකුල කපා දමා ඇත.
      පිස්සු බල්ලෙකු විසින් මිනිසෙකු සපා කෑ පමනින් බල්ලා මියයන කතාවක් මානම් අසා නැත.

      පැටව් අල්ලා මරා දැමුවාද වෙනකාරනයක් මත මරා දැමුවාද යන්න තවමත් පැහැදිලි නැත.
      සමහරවිට බල්ලන් සුරැකීමේ සංවිධානයක් පිකට් එකක් කරන්න,ප්‍රසිද්ද වෙන්න පැටව් මරලා මෙහෙම කලා වෙන්නත් පුලුවන්.

      නිෂ්චිතව නොවිසඳුන කාරනයක් සම්බන්ධයෙන් කිසියම් පාර්ශවයකට ඇඟිල්ල දිගු කරන එක වැරදියි නේද ?


      Delete
    3. පිස්සු බල්ලා මිය යන්නේ මිනිසෙකුව සපා කෑ නිසා නොවේ. බල්ලාට වැළඳී ඇති රේබීස් රෝගය නිසාය.

      සපා කෑම මනුශ්‍යයාට රෝගය වැළඳුණ හොත් ඔහු හෝ ඇය ද මිය යා හැක.

      http://kathandara.blogspot.com/2012/05/wesak-thoughts.html

      Delete
  7. මේ බයිසිකල් සිද්දිය ගැන සැලකුවොත් නම් කියන්න තියෙන්නේ මුන්ට් ඕනේ දෙයක් කරගන්න දීලා පැත්තකට වෙන එක හොඳයි ...15 - 21 වයසේ ඉන්න ඕනේ එකෙක්ට සයිකල් වලින් වැඩ දානවා දැක්කම පිස්සුව තද වෙනවා.. අම්ම අප්පා නෙවේ සක්කරයා කිව්වත් අහන්නේ නැහැ පිස්සුව තද වෙලා ඉද්දි..කොටිම්ම හතර හන්දි කැඩිලා ඉස්පිරිතාලේ තුන් මාසයක් බුදියගන්න උනත් පිස්සුව හොඳ වෙන්නැති උන් ඉන්නවා...

    පිස්සුව තද කරගන්න ඕනේ අය මේක බලන්න ..මෙතන ඉන්නේ ප්‍රංශයේ ජීවත් වෙන සොඳුරු පිස්සෙක්



    ===================================
    විශාදය සහ අවදානම් සහගත වැඩ කිරීම අතර නම් සම්බන්ධයක් නැහැ කකා..ගොඩක් දෙනා ඔය දෙක පටල ගන්නේ සිය දිවි නසා ගැනීමකදීත් බිහිසුණු ක්‍රම පාවිච්චි කරන නිසා..(නැතුව රෝස මලක් ඉඹල , රෝස යහනක මැරෙන්නැයි ) මම දැකලා තියෙනවා පිහියකින් තමන්ගෙම උගුරු දණ්ඩ කපා ගත්ත අවස්ථාවක්...

    ===================================

    ඔබේ

    (i) එක එක සර්කස් , ජිල්මාට් , ජිල්ටෝන් , ගැජමැටික්ස් කරන්න ගිහින් නහින අය සහ බේරිලා දුක් විඳින අය දැක්කම නම් බොහෝ දෙනාගේ ඇස් ඇරෙනවා ...

    (ii)ඔබ "මේ වගේ වැඩ" යනුවෙන් අදහස් කලේ කුමක්ද කකා ...?

    ReplyDelete
    Replies
    1. මේ වගේ වැඩ කියන්නේ මේ කතාවේ තියෙන තමන්ගේ ජීවිතය අනතුරට ලක් කරගෙන අනුන්ගේ ඉදිරි ජීවිතවලටත් කරදර ඇති කරන විදියේ වැඩ කරන උන් ගේ වැඩ

      Delete
    2. (ii) මෙවැනි ජිල්මාර්ට් , ජිල්ටෝන් වැනි දේවල් නම් පරිණාමවාදය තුළ එන ස්වයංඝාතනය වෙන්න ඉඩ අඩුයි නේද ...?මට හිතෙන්නේ විහින් ඇති කරගත් හදිසි අනතුරක ප්‍රතිපලයක් විදිහට මෙවැනි මරණ...

      ( මගේ මෙම කමෙන්ටුව ජිල්ටෝන් මරණ සඳහා පමණක් වලංගු කරගන්න )

      ===================================================

      " පරිණාමවාදී ස්වයංඝාතනය " කියන සංසිද්දිය නම් පුද්ගලිකව මම පිළිගන්නවා අඩුයි කකා..ජීවිත ආසාව නැති වෙන්න නම් තද බල පීඩනයක් එන්න ඕනේ..එවැන්නක් පරිණාමයේ දායාදයක් හැටියට එන්න පුළුවන්ද ...?


      ( පීඩනයකට දක්වන ප්‍රතිචාර නම් එන්න පුළුවන් තමයි " පරිණාමය " එක්ක ..ඒ ස්ථාවරයේ ඉඳන් බැලුවොත් ඔන්න ආයේම සම්බන්ධයක් පේනවා ...)

      Delete
  8. Brother,Suicide is stupid? wanna know what is stupid? Hurting someone so much emotionally, that they think suicide is the only answer.

    ReplyDelete
    Replies
    1. රිෂාන්, මේ කතන්දරේ සිද්ධියෙන් කියවෙන්නේ හිතාමතාම අන්තරාකාරී ස්ටන්ට් එකක් කරන කොල්ලෙක් ගැනයි. ඒ ගැන විස්තර කරන්නට ස්ටුපිඩ් කීමේ වරදක් නෑ.

      ඇන්ටි ගේ තර්කය වුනේ මොන ක්‍රමයෙන් හෝ සියදිවි නසා ගන්නා අය ගැනයි. ඔවුන් එලෙස කරන්නේ ඩිප්‍රෙෂන් වැනි මානසික ලෙස නිසා බවයි ඇන්ටි කිව්වේ. ඒ ගැන මගේ විවාදයක් නෑ.

      Delete
  9. Im agree with that aunty, my dear brother..you know teen suiside rates are going up cause of dumb reasons people can prevent..

    ReplyDelete
  10. මේ ඕකට කියන්නේ ස්ටුන්ට් කියල නේද, අපේ පෙට්තෙත් ඉන්නවා පොඩි උන් ටිකක් උන්ට හෙන පුකේ අමාරුවක් තියෙන්නේ . ටනි රෝදෙන් මි යන්නේ , මුන්ට බbicycle අරන් දෙන්න තිබ්බේ එක රෝදයක් තියෙනවා ඒවා ,හෙබෙඉ වෙටිඅල් දෙතින් පාරක් පුක බිම අනුනහම් නම් ඇඳගෙන ගෙදර දුවනවා , any way most of the guys do those stuff cz of the Adrenaline Rush, ( probably they dont know it), i hve hd a cbr for 5 years nw , i hav never tried to do a fnrt wheelie or a back wheel, bt there are small kids who pull of great stunts. if u use proper gear and protection as most of the professional stunt riders do the harm can be less, how ever most of the stunt riders i knw hv hd a fair share of accidents, most hv lst their fingers,,

    ReplyDelete
    Replies
    1. මේ කියන්නේ ඵොඩි ලමයෙක් නොවෙයි. ලොකු එකෙක් දහඅටක විස්සක විතර. පාසල් වයස පසු කරපු. කොහොමටත් එදා පාසල් දවසක්.

      සිංහල ලිවීමට මා පාවිච්චි කරන්නේ මේ පහත සේවාවයි.

      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

      Delete
  11. මේ කතාව මං දෙපාරක්ම විමසිලලෙන් කියෙව්වා. එයින් මට හැඟෙන්නේ කතන්දර ලේසියෙන් පරාජයක් බාර ගන්න අකමැති බවයි.
    කතන්දරට තාම හාමුදුරුවන්ගේ කේස් එක අතාරින්න හිත දෙන්නේ නෑ වගේ ගතියක් පේන්නේ. හාමුදුරුවන්ගේ ජීවිත පූජාව වෙලාවේ කතන්දර බුකියට දැම්ම ස්ටේටස් එකක් එක්ක කතන්දරට දොස් මුරයක් එල්ල වුණා. එහිදී කතන්දර පුන පුනා කිව්වේ ඒක දැම්මේ හාමුදුරුවන් අපවත් වන්නට පෙර බවයි. අපවත් වූ බවක් දන්නේ නම් එවැන්නක් නොදාන බව ඒත්තු ගන්නන්න කතන්දර සෑහෙන උත්සාහයක් ගත්තා. ඒත් ඒ බවක් කවුරුවත් පිළිගත්තේ නෑ.මං වගේම කතන්දරත් උපදින්නේ බෞද්ධ මා පියන්ට දාවයි. මං ප්‍රතිපත්තියක් ලෙස, හාමුදුරු නමක් මොන වරදක් කළත් ඒ වරද වි‍වේචනය කරනවා විනා හාමුදුරුනමකට නොව කිසිම කෙනකුට පරිභව කරන්න යන්නේ නෑ. ඒ මගේ ප්‍රතිපත්තිය. ඒත් කතන්දර තම මතයට එකඟ නොවන අන් අයට පරිභව කිරීමට මැලි නොවන බව ඔහුගේ සටහන් වලින් පේන්න තියනවා.
    ඒ එක්කම හාමුදුරුවන්ගේ ජීවිත පුජාව ගැන කතන්දර නොදුටු දසුන් ටිකකුත් තියනවා ඒක බලන්න මෙන්න මෙතැන වීඩියෝ කෑල්ලක් ඇති. http://www.ellamixcom.tk/2013/06/blog-post.html
    මේ සිද්ධියත් එක්කම මේ වන විට බොදු ජන සංයුතිය වැඩි ප්‍රෙද්ශයන්හි ගව මස් අලවිය අහෝසිවෙමින් යනවා. දැනට අනුරාධපුර හා නුවරඑළිය නගර සීමා තුළ මේ දේ ක්‍රියාත්මක වන්නට පියවර ගෙන තිබෙනවා. ඉදිරියේ තවත් මෙය ව්‍යාප්ත වෙයි.
    ඒ හාමුදුරුවන්ගේ ක්‍රියාවේ ඉදිරි ප්‍රතිඵලයන්.
    දැන් අද කතාවට එමු... මෙතැන ඇන්ටි උත්ප්‍රාස පදයෙන් කතන්දර හදුන්වන්නේ සමාජයේ කිනම් ස්ථරයද? ඒ නිසයි මා ඉහත සටහන එක් කළේ.
    දෙවැන්න මේ පෝස්ටුව මතුපිටින් ගෙන කියන්නේ නම් වේදිකාවේ වැඩ දාන සයිකල් කාරයෙක් දුම්රියට හැපෙන්නේ කෙස්ද?
    තෙවැනුව ඒ තරුණයා එවන් ක්‍රියා කරන්නේ තම ජීවනෝපාය වෙනුවෙන් කීයක් හෝ කතන්දර වැනි මගින්ගෙන් ලබාගැන්මට වෙන්න හැකියි නේද? තම හැකියාව පෙන්වා මුදල් ඉපැයිම අද අමුතු දෙයක් නොවේනේ.
    අනෙක් කරුණ තමයි වේදිකාව අවදානම් ක්‍රියාකරන අර තරුණයාට ඇන්ටිලාට වගේම කතන්දරලාටත් පොදු තැනක්. මේ හැමෝම වේදිකාවේ ඉනනවා. අපට බෑ ඒ කිසිවෙක් අප අකමැති නිසා ඉවත් කරන්න.( මෙතැනදී පොදු දේපළක හැසිරිම යන සාධකය ඉවත්කොට කියැවීමට ලක් කරන්න)

    ReplyDelete
    Replies
    1. 1.
      මම ඩොග්මැටික් නෑ. මගේ අදහස් නිවරදි කරගන්නයි මං හැමදාම උත්සාහ කරන්නේ. කලින් දවසක කතන්දරයක ලිව්වා වගේ මං හොඳ වෙන්න උත්සාහ කරන කෙනෙක්.
      http://kathandara.blogspot.com/2010/05/blog-post_27.html

      2.
      මේ කතාව මං හදපු එකක් නොවෙයි. ඇත්තටම දැන් සති දෙකකට විතර කලින් සිදුවුණු දෙයක්. සතියේ දිනක උදෑසනක මා වැඩපොළට යාම සඳහා දුම්රිය එනතුරු සිටින වෙලේ. මේ කතාව අස්සෙන් ඔබට හාමුදුරුවන් ගේ සියදිවි නසා ගැනීම ගැණ පේනවා නම්, ඒ මේ සිදුවීම් දෙකම එකම කාලයක සිදුවුණු නිසා මිස අන් කිසි දෙයක් නිසා නොවේ.

      3.
      ෆේස් බුකියේ මා නොයෙකුත් කෑලි ලිව්වේ සහ ඒවා සහිතව පෝස්ටුවක් පළවෙන්නට සෙට් කර නින්දට ගියේ ඔය කියන හාමුදුරුවෝ මැරෙන්නට පෙරයි. එය නැවත කීමේ ඇති වැදගත්කම තමයි ඕනෑම මිනිසෙකු මෙන් මා තුලද අයෙකු මිය ගියාය කියා ඇසූ පසු ඇතිවන හැඟීම් වෙනස් නිසයි.

      4.
      මා මේ ෆේස් බුකියේ මා නොයෙකුත් කෑලි ගැන පැහැදිලි කරමින් ලිව්වේ මෙලෙසයි.

      ====================================
      අද මා මෙහි පල කළ මගේ අදහස් පිළිබඳව ඇතමුන් අවලාද නගා ඇත.

      මගේ ස්ථාවරය මෙයයි.

      අණුවනයෙක් තම පණ නසා ගන්ණට තැත් කර තිබේ. මොකෙක් වුනත් ඒ මිනිසෙකි.

      මගේ උත්සාහය මෙවැනි අපරාද ඉදිරියේදීවත් වැලැක්වීමටයි. මට නම් හරකෙකුට වඩා මෝඩයෙකු වුණත් මිනිසෙකු ගේ ජීවිතය වටි. නීතිය අනුවද එසේමය.

      මේ බව නොතේරෙන අය ගැන මම අනුකම්පා කරමි.
      =====================================


      මිය යාමක් ගැන එහි සඳහනක් නැති බව ඔබට පේනවා ඇති.


      Delete
    2. 5.
      මහසෝන් පිල්ලිය නැගු චෝදනාව වැනි දෙයක් ඔබත් කරන බව පේනවා. මා කිසි විටක කිසිවෙකුට පරිභව කර නෑ. මා සරදම් වැකි ලිව්වේ ඒ පුද්ගලයාට සුවිශේෂීව එල්ල කර නොවේ.

      මා ලියූ දේ ගැණ ඔබ වටහා ගෙන ඇත්තේ ඔබට අවශ්‍ය දෙය මිස මා ලියූ දේ නොවේ. මෙන්න නැවත ගොස් බලන්න එක්කෝ මෙතනින් නැති නම් මගේ FaceBook Wall එකේ.

      6.
      6.
      ඇන්ටි කියා හැඳින්වෙන්නේ සමාජ ස්ථරයක් නොවේ. ඇත්තම පුද්ගලයෙකි. මා කලිනුත් කී පරිදි මෙය සත්‍ය සිදුවීමකි. එසේ නොවේ යැයි සිතන්නේ ඇයි? කතන්දරයේ මුලින් මා කියා ඇති පරිදි ඇයව මා ඇන්ටි නමින් හැඳින්වූයේ වයස සිතා නොවේ, අදහස් අතින් පැහුණු කම ගැන සිතාය. ඉන් මා අදහස් කලේ ඇගේ අදහස් මා අගේ කොට සලකන බව කීමටයි.

      7.
      මේ තරුණයා ගේ හැසිරීම තරුණකම නිසා ඇතිවුණු දෙයක් මිස ජීවිකාව උපයා ගැනීම හා සම්බන්ධ දෙයක් නොවේ.

      නලීන් ඔබේ ප්‍රතිචාරය නිසා මට දැන් සතියකට කලින් ලියු මේ කතාවට ඊයේ රාත්‍රීයේ එකතු කරන්නට නොලැබුණු අදහස් එක් කරන්නට ලැබුණා. එයට තුති.

      Delete
    3. ///එයින් මට හැඟෙන්නේ කතන්දර ලේසියෙන් පරාජයක් බාර ගන්න අකමැති බවයි. //

      මචං නලීන්..... කතන්දර ලේසියෙන් පරාජය බාර ගන්න අකමැති එකෙක්ම නෙවෙයි....අපවත් වෙච්චි හාමුදුරු කෙනෙක්ට අපහාස කර එක ගැන මිනිහගේ හෘදසාක්ශිය කෑ ගහනවා......එයාගේ හෘදසාක්ශියට දෙන උත්තර තමයි තාමත් බ්ලොග් එකේ යන්නේ....පොඩ්ඩක් අනුකම්පා කරන්න...අපි ඔක්කොම මිනිස්සු....

      Delete
    4. මේ අන්තිම ඇනෝ එක නම් කතන්දරයම දා ගත්ත එකක් වගේ...පොඩ්ඩක් වෙලාව බලන්න....

      Delete
    5. කකා , මේ ඔබට පොරොන්දු වූ පිළිතුරු.

      /* අද මෙතන කකා ස්වාමින් වහන්සේ නමකට හරකා , බුරුවා , ගොනා කියයි.*/
      මෙය වැරදි වැටහීමක් මත කෙරෙන වැරදි චෝදනාවකි.

      මෙය හරි වැටහීමක් මත කෙරෙන හරි චෝදනාවකි. මම මේක දානකොට එය මැරිලා හිටියේ නෑ කියා බබා පාට් දැමීම කවුරුවත් පිලි නොගත් බව ඔබම දනී. මක්නිසාද යත් එය තමන්ගේ සදාචාරාත්මක නොවන වචන භාවිතය ට සුදු හුණු ගෑමට ඔබ ගෙන ආ දෙකේ පන්තියේ එක්ස්කියුස් එකක් බව ඕන හරකෙක් ට තේරෙන බැවිනි.

      ------------------------------

      මෙන්න මං ලියපු බුද්ධාගම, පන්සල්වලට සහ පැවිදි අයට සම්බන්ධ කතන්දර.
      හාමුදුරුනමකට මා ගොනා බූරුවා හරකා කියා හෝ වෙනත් නරක වචනයකින් අපහාස කළ තැනක් පෙන්වන්න.

      ෆේස් බුකියේ ජෝක් - Facebook Jokes
      1. ගව ඝාතනය වැරදි නං ගොනෙක් තමන්ව ම ඝාතනය කර ගැනීමට තැත් කිරීම හරි වෙන්නේ කොහොමද?

      2. තමන්ගේ ඥාතිවර්ගයා ඝාතනයට එරෙහිව, සහෝදර ප්‍රේමයෙන් යුක්තව සිරුරට ගිනි තබා ගත් ජාතික හෙළ උරුමයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බෝවත්තේ ඉන්ද්‍රසාර හිමියන්ට අපේ උපහාරය.

      ඉහත ලිපි බොහොමයක ඇත්තේ උපහාසය සහ අපහාසයයි. බොදුනුවන් සම්බන්ධයෙන් ඔබගේ ඇති දෙපිටකාට්ටු , නිහින , ඒකපාර්ශවීය නොසතුට ඒවායින් හොඳින් පෙනුනත් ඔබගේ ද්වේශය නිර්ලජිත්ත ලෙස දොරේ ගලා ගියේ නොහොත් ඔබ ට්‍රැක් පැන්නේ ෆේස් බුකියේ ජෝක් - Facebook Jokes පොස්ටුවෙනි. මගේ විරෝධය එය සම්බන්ධයෙන් පමණි. එම නිසා මහත්මයෙක් ලෙස දැන්වත් වරද පිළිගැනීමට තරම් නිහතමානි වෙන්න.

      ------------------------------

      මේ සේරම කතා - කතන්දර, යාන් හෑලි.
      මේවා යේ සරල වින්දනයක් නොලබා රණ්ඩුවට එන්නේ අණුවනයෝ.

      තමන්ගේ වචන භාවිතයේ වගකීම තමන්ට බාරගැනීමට තරම් පිට කොන්දක් සහ පෞරුෂයක් නොමැති වූ කල හීන් නුලෙන් " ශ්‍රෙක් පූසා" වීමට යත්න දැරීම.

      ------------------------------


      ඔබගේ ඒ ජඩ ක්‍රියාව සාධාරණිකරණය කලේ ජාතකය සම්බන්ධ ප්‍රශ්න ඇති එකෙකු දෙන්නෙකු පමණි. අන් සියලුම ඔබගේ පාඨකයන් ඔබට ඒ සදාචාරාත්මක නොවන ක්‍රියාව සම්බන්ධයෙන් නොසතුට පලකල බව ඔබගේ හදවත දනී.

      එම නිසා දැන් මේ වෙන්නේ ඔබට හර්දය සාක්ෂියෙන් කෙරෙන අපවාදය නිසා තම ක්‍රියාව තමන්ට සාධාරණීකරණය කර ගැනීමේ දුප්පත් උත්සාහයකි. එම නිසා මේ ලිපිය වැනි තවත් සාධාරණිකරණ උත්සාහයන් ඉදිරියටත් අපට දැක ගත හැකි වනු ඇත. කාට ගොනා, බුරුවා , හරකා කිව්වත් යකෙක් වන මට ඇති රුදාවක් නැත. නමුත් මා මගේ අප්‍රසාදය පල කිරීම මගින් ඉටු කලේ වගකීමක් ඇති පුරවැසියෙක් වශයෙන් මගෙන් විය යුතු සමාජීය වගකීමකි. මිනිස් අයිතීන් , සමාජ සාධාරණත්වය සහ යහ පැවැත්ම බන්දේසියක දමා පිලි ගන්වන දෙයක් නොව වගකිවයුතු , හර්දය සාක්ෂියක් ඇති මිනිසුන් සටන් කොට දිනා ගන්නකි. අසාධාරණයේදී තම හඬ අවදි නොකොට ආත්මාර්තකාමිව නිර්වින්දනය වී නපුන්සක සෙයියාවෙන් නිදි වැද සිටින බහුතරයක් ලාංකියයන් නිසා ම රට වල පල්ලට යන බව හොඳින් පෙනේ.

      කෙසේ වුවත් අවසාන විග්‍රහයේදී කාට කාටත් අවසාන සටන ඇත්තේ තමන්ගේ හර්දය සාක්ෂිය සමග පමණක් බව ඔබ මේ සටහනින් මැනවින් පෙන්වා දී ඇත.

      Delete
    6. /* ෆේස් බුකියේ ජෝක් - Facebook Jokes
      1. ගව ඝාතනය වැරදි නං ගොනෙක් තමන්ව ම ඝාතනය කර ගැනීමට තැත් කිරීම හරි වෙන්නේ කොහොමද?

      2. තමන්ගේ ඥාතිවර්ගයා ඝාතනයට එරෙහිව, සහෝදර ප්‍රේමයෙන් යුක්තව සිරුරට ගිනි තබා ගත් ජාතික හෙළ උරුමයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බෝවත්තේ ඉන්ද්‍රසාර හිමියන්ට අපේ උපහාරය.
      */

      මෙහි මුල් වැකිය මා ෆේස් බුකියේ දමා පසුව බ්ලොගයේ පල කළ එකකි. එය ඔබ ඔබට අවැසි පරිදි ආදේශ කරගෙන අර්ථනිරුපනය කළද හාමුදුරුනමක් ගැන සඳහනක් නැත. එය මුළුමනින්ම ගොන්නු ගැන කතාවකි.

      දෙවෙනි වැකිය මා ලියූ එකක් නොවේ, එය මා ෆේස් බුක් එකෙන් උපුටා දැක්වුවක් බව නොපෙනේද? ඉහත ලිපියට ලැබී ඇති මුල් ප්‍රතිචාර දෙක මෙසේය.

      ==================
      තහනම් වචන May 25, 2013 at 9:49 PM
      Subhaga Herath බුකියේ සිටින මහා කළු සිංහලයින්ද චම්පක රණවකගෙන් තාවකාලික පැවිද්ද හෝ ලබා මෙයට සම්මාදම් වීම යහපති. ඔවුන් පැවිද්ද ලැබීමේදී මාගේ වියදමෙන්, පිරිකර වශයෙන් හෙළ උරුමයේ වෑගපිටියගේ සාංගික කල ලාෆ්ස් පෙට්රෝල් බෝතලයක්ද, අනගාරික ධර්මපාල පරපුරෙන් එන අලියා ගිනිපෙට්ටියක්ද, හිතට ශක්තිය අවශ්‍ය නම් රාජ්‍ය වෙසක් කලාප සංවිදායක සෂින්ද්‍ර රාජපක්ෂ මැතිදුන්ගේ බිරිය නිෂ්පාදනය කරන ගල් අරක්කු භාගයක්ද පුජා කරමි.


      තහනම් වචන May 25, 2013 at 9:50 PM
      Ruvani Gunathilaka පිරිකරට භූමිතෙල් ගැලුමක් පෙට්‍රල් ගැලුමක් ගිණිපෙට්ටියක් මහා සංගරත්නයට පූජා කිරීම කැපය..
      =========================================

      ඒවා තහනම් වචන නමැති බ්ලොගයේ රචකයා ගේ ඒවා නොව ඔහු ෆේස් බුක් එකෙන් උපුටා දැක්වූ ඒවාය.

      ඔබ මට විරුද්ධව කළ චෝදනාව ඔප්පු වී නොමැති නිසා එය ඉල්ලා අස් කර ගන්න.

      Delete
    7. මා ලියු දේ ගැන වගකීම මගේය. ඔබේ හෝ වෙනකෙක් ගේ නොවේ. නමුත් මා ඔබේ අර්ථදැක්වීම් සහ දිගු කිරීම්වලට වහ නොකියමි. ඒවා ඔබේ සිතෙන් සාදා ගත් විකාරය. ප්‍රලාපය.

      Delete
    8. අවසාන වශයෙන් තවත් කරුණු දෙකක්.

      1. මා නලීන්ට දුන් පිළිතුරේ ද සඳහන් පරිදි අද කතන්දරය, සියදිවිනසා ගැනීමේ සිද්ධිය හෝ ඔබේ සිතේ ඇති ප්‍රශ්නය අතර ඇති සම්බන්ධයක් නැත.

      2. ඔබ පිළි නොගන්නේ වුවද, සත්‍යය නම් මා ඒ ෆේස් බුක් කෑලි දැම්මේද, ඒ සියල්ල එකතඔ කර කතන්දර පිටුවේ පෝස්ට් එකක් විදියට පළ කලේ ද සියදිවි නසා ගැනීමට තැත් කළ පුද්ගලයෙක් ගැන මිස මිය ගිය පුද්ගලයෙකු ගැන වොවේ.

      ඔබ මා කළා යැයි උපුටා දක්වා ඇති ඉහත අංක 2 වැකියේ ද කියවෙන්නේ සිරුරට ගිනි තබාගත් කියා මිස මියගිය කියා නොවේ.

      මා ඔබ සිතන ආකාරයේ ඉතාමත්ම නරක පුද්ගලෙකු වුයේ වුවද, ජීවත් වෙන අයෙකු සහ මියගිය අයෙකු ගැන කතා කිරීමේදී අනිවාරයෙන්ම වෙනසක් සිදුවෙනු ඇත.

      මේ සංවාදය ගැන ඔබට ස්තුතියි. ඔබ මෙන්ම අණුවන කම නිසා මා ගැන වැරදි අදහසක් ඇති කරගෙන එනමුත් මුවින් නොබැන සිටි අයටද කතා කිරීමට මට ඉඩ ලැබුණා!

      ස්තුතියි.

      Delete
    9. //මෙහි මුල් වැකිය මා ෆේස් බුකියේ දමා පසුව බ්ලොගයේ පල කළ එකකි. එය ඔබ ඔබට අවැසි පරිදි ආදේශ කරගෙන අර්ථනිරුපනය කළද හාමුදුරුනමක් ගැන සඳහනක් නැත. එය මුළුමනින්ම ගොන්නු ගැන කතාවකි.//
      මට කියනවද කතාන්දර ඔබ බබෙක් ද ? මේවගේ ගොන් කතා කියන්ඩ කියන්ඩ ඔබේ සබැ ගතිය ගතිය පේනවා.සිංහලයා ජාතිවාදී සංවේදී සිංහල කෙනෙක් මළොත් විතරයි.බාලචන්ද්‍රන් මළාම උන්ට ගානක්,දුකක් නැ.උබල වගේ ඒඋන්ට දුකයි.සංවේදීයි.හැබැයි හාමුදුරුවෝ කෙනෙක් දිවිනසාගත්තහම උබලට ජෝකේ එකක්.උබලා ඔක්කොම එකයි බලන් ගියාම.බොරු සංවේදී කාරයෝ.මාතලන් උබටත් එක්ක මේ කිව්වේ.

      Delete
    10. Anonymous - June 8, 2013 at 7:04 PM
      මෙවැනි විමසිල්ලෙන් තොරව අසන මෝඩ ප්‍රශ්නවලට උත්තර නැවත නැවත ලිවිය නොහැක. මේ අවසන් වාරයයි.

      මෙන්න කෙටියෙන්.

      1. මා ෆේස් බුක් ස්ටේටස් සහ ෆේස්බුක් ජෝක් පෝස්ටුව දැම්මේ- මෝඩ හේතුවක් මත ගෙන දිවි නසා ගැනීමට තැත් කළ අයෙකු ගැන මිස මිය ගිය අයෙකු ගැන නොවේ.

      2. මගේ ප්‍රතිචාරවල අරමුණ වූයේ "කලකිනි මිනිසත් බව ලැබගන්නේ" යනාදී වශයෙන් පැවසෙන වටිනා මිනිස් ජීවිත මෙවැනි අමන මරණයන්ගෙන් ගැලවීමට උදව් වීමයි.

      3. ඔහු මිය ගොස් ඇත්තේ ඉන් පසුවය. මා එය දැන ගත්තේ පසුවදාය.

      4. බාලචන්ද්‍රන් දිවි නසා ගැනීමට තැත් කළ අයෙකු හෝ දිවි නසා ගෙන මිය ගිය අයෙකු නොවේ.

      5. ඔහු කුඩා ළමයෙකි. ඔහු ගේ දිවි තොර කළ බවට හැඟවෙන ඡායාරූප ඔහු ගේ මරණයෙන් වසර තුනහමාරකට පසු ප්‍රචාරය වුණි. එය දුටු විට ඇතිවෙන හැඟීම දිවි නසා ගන්නා අයෙකු දුටු විට ඇතිවෙන හැමීමට වෙනස්ය. ඒ අනුව ප්‍රතිචාර ද වෙනස්ය.

      !

      Delete
    11. හා.අර මොකාද කියලා තියනවා වගෙ "ඔබ සැම විටම නිවැරදි බව අප සියල්ලන්ම දොහොත් මුදුනේ තබා පිළිගනිමු" :D

      Delete
    12. Anonymous - June 8, 2013 at 7:32 PM

      එහෙනං ඒ මොකාද එකාට මං කියල තියෙන ටික ඔහේටත් කියන්නම්.

      මා සැමවිටම නිවරදි හෝ සැමවිටම පුද්ගලයෙකු නොවේ. මම ඩොග්මැටික් ද නොවෙමි. මගේ අදහස් නිවරදි කරගන්නයි මං හැමදාම උත්සාහ කරන්නේ. කලින් කතන්දරයක කියා ඇති පරිදි හොඳ වෙන්න උත්සාහ කරන අයෙක්මි.

      http://kathandara.blogspot.com/2010/05/blog-post_27.html

      !

      Delete
    13. හැමදාම කතන්දරට පු* දෙන උඹ අද මෙහෙම එක්ක් ලිවුව එක ගැන සතුටුයි. ඒත් උඹ මේකාට රැවටිලා කියලා තමයි අපි හිතන්නේ.

      Delete
    14. මන්ත්‍රී බෝවත්තේ ඉන්ද්‍රසාර හිමියන්ට අපේ උපහාරය.
      අනේ කකා, අපේ උපහාරය කියන්න එපා. කකාගේ උපහාරය කියහං.

      Delete
    15. 1 පළමු පිළිතුරට ස්තුතියි කකා.
      2 මා මේ කතාව කියැවීමට ලක් කළේ කතන්දරගේ වෙනත් කතා හා සසඳමිනුයි. එනිසායි මා එවන් නිගමනයකට ආවේ. මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියූවක් වුවත් මෙන්න මේ වදන් නිසා මා මෙය කියැවීමට ලක්කලේ වෙනත් මානයකින් //(මෙයාට මං ඇන්ටි කිව්වට එහෙම කියන්නේ වයස නිසා නොවෙයි කියන කරන දේවල් ගැන හිතලායි!) // ඒ වගේම මේ සිද්ධි දෙක එකම කාලයක සිදුවිමත් මගේ නිගමනයන්ට බලපෑවා.
      3 මෙතැනදී තර්කයෙන් ඔබ දිනුම් ඒත් ඔබ හාමුදුරුවන්ට අපහාස කොට නෑ. ඒත් එම ගොනෙක් යන කමෙන්ටුවෙන් එදින ගම්‍ය වන්නේ හාමුදුරුවන් ම සිද්ධිය නොවෙද.

      Delete
  12. මෝටර් බයික් එකේ හයියෙන් යන එකත් ඔය වගේ එකක් තමා...පදින එකාට ත්‍රාසය...බලන් ඉන්න එකාට භීතිය.....බලන් ඉන්න කට්ටිය මොනතරම් වර්ණනා කරනවද....මමත් කාලයක් High Speed ගියා , හැබැයි යාලුවෙක් බලන්න Accident ward ගියාට පස්සෙ Speed අඩු උනේ Hospital යනකොට 90-110 එනකොට 40 විදියට ......

    ReplyDelete
    Replies
    1. මා කුඩා කාලයේ ඔය ඇක්සිඩන්ට් වෝඩ් හැඳින්වුනේ හොන්ඩා වාට්ටුව කියා බව මතකයි.

      Delete
  13. කට්ටිය හැමෝම කතා කරන දේම මම කතා කරන්න හොද නැනේ මම වෙන් දෙයක් කතා කරනවා. ගණිතයට අනුව කතන්දරගේ අර සාමාන්‍ය බුද්ධි මට්ටම ඉහළ යනවා කියන කතාව හරි උණාට ප්‍රායෝගිකව ගත්තම ඒක නොසලකා හරින්න බැරි තරම් කුඩා වෙනසක්. ඒ හින්දා ඒකා මැරුණා කියලා එහෙම දෙයක් වෙනවා කියන එක හරි නෑ.
    ඊටත් වඩා ගොන්පාට් වෙන්න ගියොත් මෙහෙම කියන්න පුළුවන්. කතන්දර ඒ උප්කල්පනේ කෙරුවේ සමාජයේ බහුතරය ඒ කොල්ලාට වඩා බුද්ධියෙන් උසස් කියලා හිතාගෙන. ඒත් එහෙම කියන්න තියන සාධක මොනවාද? කවුද දන්නේ ඒකා IQ එක වැඩි ද කියලා සාමාන්‍ය අගයට වඩා. ඒ කියන්නේ ඌ මැරුණම රටේ සාමාන්‍ය බුද්ධි මට්ටම අඩු වෙන්නත් පුළුවන්නේ.

    ReplyDelete
    Replies
    1. සිහි බුද්ධියක් තියෙන එකෙක් ඒ වගේ මෝඩ වැඩක් කරයදද කියලා හිතාගන්න නම් බෑ.

      Delete
  14. මගේ කොල්ලත් ගිය සුමානේ ඔය වගේ වැඩ දාන්න ගිහිල්ලා. අතපය හතරම කඩාගෙන යාලුවන්ගේ කරපිටින් ගෙදර ආවේ.

    තමන්ට අනතුරක් වෙන බව දැනගෙන ජීවිතය අනතුරේ හෙලන අය ගැන මමත් ක.කා එක්ක එකඟයි. හැබයි ඩෙප්ප්‍රෙස්සිඔන් වගෙ තත්ත්වයකදී ඒක වෙනස්. එහෙම අයට අපේ උදව් අත්‍යාවශ්‍යයි. එතනදි ඇන්ට් හරියටම හරි. ඔය දෙන්නට තරහ වෙනව වෙනුවට තිබ්බේ එකඟ වෙන්න. එහෙම උනානම් එකම දොරකින් කොච්ච්යට නගින්න තිබ්බා :)

    ReplyDelete
    Replies
    1. ඩිප්‍රෙෂන් හැදෙන්නේ ඇයි කියාත් හොයන්න ඕනෑ!

      Delete
  15. දෙන්නම වැරදියි. ඉස්ටේසන් මාස්ටර් සීන් එක දැක්ක නම් ඌත් වැරදියි. දෙන්නගෙන කාට හරි ඉස්ටේසන් මාස්ටර්ට කියන්න තිබුනා. පිස්සෙක් බයිසිකලේකින් ඉස්ටේසම ඇතුලට ඇවිත් කියලා. එහෙම නැත්නම් ඌට ඕන මළදානයක් කර ගන්න කියලා. අනුන් එක්කත් කතාවට නොගිහින් පාඩුවේ ඉන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. මා ඇසුවේ තර්ක දෙකෙන් කුමක් නිවරැදිද කියායි.

      Delete
  16. බස් එකේ ෆුට් බෝඩ් එකේ එල්ලිලා යන එක... බයිසිකලයකින් වැඩ දාන එක... උස තැන්වලින් වතුරට පනින එක වගේ දේවල් මෝඩ අනතුරුදායක දේවල් වුණාට... කොල්ලො ඒව කරන්නෙ අසහනයට නැත්නම් මානසික රෝගයකට කියල හිතන එක ජෙනරල් වැඩී...ඒව කොලු කමට කරන වැඩ නෙමෙයිද...? අපි ඉකමනින් වයසට ගිහින්වත්ද.. ?

    ReplyDelete
    Replies
    1. නෑ, ඒක මෙහෙමයි.

      හැම දේකටම හිත නේ මුල.

      ඉතිං අපි කරන කියන හැඟ දේකටම මනසේ තත්වය බලපානවා.

      අනතුරුදායක දේ කරන මොහොතේ මනස අනිත් වෙලාවට තියෙන සාමාන්‍ය තත්වයට වඩා වෙනස්. ඒකයි මානසික රෝගයක් කියා අර්ථ දැක්වෙන්නේ.

      කොහොමටත් කොලු කම කියන්නේ ඇඩ්‍රනලීන් නිසා මනස අතිධාවනකාරී තත්වයට පත්වීම නේ.

      Delete
  17. මෙයිට අවුරුදු විස්සකට , විසි පහකට කලින් කතන්දරකාරයා මිට වඩා දස ගුණයක් , සිය ගුණයක් අවදානම් වැඩ වල ආතල් ගැනීමේ නාමයෙන් යෙදෙන්නට ඇත. ගහෙන් පතබැවී අබ්බගාත වීමේ අවදානම නොතකා හොර කුරුම්බා කැඩීම , දියේ ගිලීමේ අවදානම නොතකා යහළුවන් සමග නෑමට යෑම පමණක් නොව තායිලන්තයේ පස්තාච්චි අදින කාලයේ H.I.V අවදානමද නොතකා පතායා වලට කුපාඩි ගමන් යන්නටද ඇත.

    එකල එවැනි අවදානම් වැඩ පට්ට ආතල් වැඩ වුවද මෙකල අවුරුදු හැට පැන අල්ෂ්මයර් හැදී තම ළමා කාලය අමතක වූ මහල්ලන්ට පමණක් ප්‍රශ්නයක් වූ කොල්ලෙක් කොලු කමට බයිසිකලයකින් වැඩ දැමීම කතන්දරකාරයා ප්‍රශ්නයක් කරගත්තේ බුදුන්ට , සංඝයාට අපහාස කොට සිහි විකලව ගිය නිසාද එසේත් නැතිනම් මේ ශිත ඉර්තුවේදී දී නිරාවරණය වූ තට්ටයට පිනි බෑම නිසා දැයි නොදනිමු.

    කෙසේ වුවත් , කවර කාරණයකදී වුවත් , කවදා වුවත් ඔබ සැම විටම නිවැරදි බව අප සියල්ලන්ම දොහොත් මුදුනේ තබා පිළිගනිමු. කළු කපුටා සුදු වුවත් , මෝල් ගහේ දළු ලැවත් , ඔබට වැරැද්දක් සිදුවීම නම් විය නොහැකිය

    :)

    Good night Kaka.

    ReplyDelete
    Replies
    1. හා, හා!

      කතන්දර කීපයකටම නිමිති මතක් වුණා.

      ඔය කිසිම අන්තරාදායක වැඩක් මා කර නෑ. පොල් වත්තක් මැද සිටි මා හොරෙන් කුරුම්බා කඩන්නට ගස් බඩ ගාන්නේ ඇයි? අපි බ්ව්වේ රන් තැඹිලි, වලු පිටින් බාලා. අනිත් දේවලුත් එසේමය.

      ඇත්තටම මා රිස්ක් ඇවරස් මිනිසෙකැයි කියන්න පුළුවන්. මා පශ්චාත් උපාධිය සඳහා එකට ශිෂ්‍යත්වය දිනා ගියේ ඇමරිකාවේ ගොස් ස්ටුඩන්ට්ෂිප් මත යැපෙමින් දුක් විදින්නට තිබූ බිය නිසයි.

      මේ බයිසිකල් කතාව කතාව සත්‍ය සිදුවීමකි. එහි ඇති අවදානම එතන සිටි ඔබ නොදනී.

      මා සැමවිටම නිවරදි හෝ සැමවිටම පුද්ගලයෙකු නොවේ. මම ඩොග්මැටික් ද නොවෙමි. මගේ අදහස් නිවරදි කරගන්නයි මං හැමදාම උත්සාහ කරන්නේ. කලින් කතන්දරයක කියා ඇති පරිදි හොඳ වෙන්න උත්සාහ කරන අයෙක්මි.

      http://kathandara.blogspot.com/2010/05/blog-post_27.html

      Good night to you, for me, I have got a few more hours before I hit the bed.

      Delete
    2. එහෙත් කිසිදා හොඳවන කතන්දරකාරයෙක් නොවේ.
      කළු කපුටා සුදු වුවත් , මෝල් ගහේ දළු ලැවත් , ඔබට වැරැද්දක් සිදුවීම නම් විය නොහැකිය.
      ඔබගේ වැරැදි සිතුවිලි සහ අදහස් කවදා නිවැරදි වේද?
      (බයිසිකලයේ කතාවට අදාලව කියුවක් නොවේ. මීට පෙර කියූ බලු නොවටින කතන්දර කීපයක් හේතුවෙනි.)

      Delete
    3. තට්ටේ ගැන කියන්න ගිහිල්ල අහපු ප්‍රශ්නෙට උත්තරෙ දෙන්න අමතක උනා ... :P

      ලොජික් දාන එකාට මනුස්ස කම නැත (ඇති බව ලොජික් දමා පෙන්වීමට කැමතියි )
      මනුස්ස කම ඇති එකාට ලොජික් දමා තම හර්දය සාක්ෂිය උත්තර බැඳිය නොහැක
      මේ දෙකම ඇති එකා ට ප්‍රායෝගිකව කිසිම දෙයක් කර ගත නොහැක
      දෙකම නැත්තා තිරිසනෙකි.

      Delete
  18. රිදෙන තැනටම වදින්නට සත්‍ය - ගින්නේ ඇත්ත කතාව

    බෝවත්තේ හාමුදුරුවෝ ගිනි තියාගත්තම මේකේ ඉන්න උගත් සම-හරක් ටික සෑහෙන්න මෙතන බණ කිව්වා . මම හිතන්නෙ උන් බුදු හාමුදුරුවන්ටත් වඩා බණ දන්නවා. බෝතලේ මේසෙ උඩ තියන් මස් කෑල්ල ආතල් එකේ හපනකොට තියන ආතල් එක ගිනි තියාගත්තම දැනෙනවද. නැද්ද බං?
    අන්න ඒ හරක් ටික ( ඇයි හරක් තමයි ඊට වඩා හොඳ නමක් තියනවද ) උන් දන්නෙ එක දෙයයි ලොකු ලොකු චින්තන දාන්න තමුන්ගේ බහුශ්‍රැත පණ්ඩිතකම පෙන්වන්ඩ වගේ මෝඩ චූන්. දැන් කට්ටිය බණ පොත් පෙරළගෙන, පුස්කොල පොත් ෆොටෝ කොපි ගහලා, මෙතන ඔප්පු කරන්න හදනවා සියදිවි නසා ගන්න එක හාමුදුරුවන්ට් අකැපය අරකය මේකය කියලා.
    අනේ පොන්න හැතිකරේ තොපි ජීවත්වුන කාලෙදි රටේ ආගම වෙනුවෙන් මොනවද කලේ?
    තොපි කරපු එකම දේ කී බෝඩ් එකක් උඩ නැගගෙන ධර්ම ටෝක් දෙන එකයි, කක්කුස්සියට යන්න ඉටිපන්දම් ගහපු එකයි, ඇත්තටම දෙයක් කරන එකාට ගරහන එකයි විතරයි.

    යකෝ ඔක්කොටම කලින් ඒ හමුදුරුවෝ කවුද කියලා හොයලා බලපියව්

    * හර්ක් මරන එකට, හොරෙන් හරක් අරන් යන එකට, විරුද්ධව නඩු කීයක් දාල තියනවද, කොයි තරම් දේවල් කරලා තියනවද කියලා දන්නවද?

    * අවුරුදු කීයක් ඒ වෙනුවෙන් කැප වුනාද කියලා දන්නවද?

    * රටේ බෞද්ධ මිනිස්සු වෙනුවෙන් කොයි තරම් දේවල් කලාද කියලා දන්නවද?

    * ගුබෑබෑයම් අටවගෙන බෞද්ධ මිනිස්සු විනාශ කරපු උන් කීයක් අල්ලගෙන උන් පොලිසියට දැක්කුවද කියලා තොපි දන්නවද?

    * හොර හරක් පටවන් උන් කී පාරක් මේ හාමුදුරුවෝ මරන්න ගියා කියලා බණ ටෝක් දෙන පොන්න හැතිකරේ දන්නවද?

    යකෝ අපිට මිනිහෙක් මැරෙනවා බලන්න බෑ නේද?
    ඒ වගේම සත්තු මැරෙනවා බලන්න ඉන්න බැරි තරම් සංවේදි හදවත් තියන මිනිස්සු ඉන්නවා. උන්ට මිනිහෙක් තරමටම සතෙක් ගේ ජීවිතයත් වටිනවා අවුරුදු ගානක් තේරෙන හැම බාසාවකින්ම කියලත් එකෙක්වත් කනකට ගන් නැත්තං. තමුන්ගේ කැපකීරිම් ගැන මිනිහෙක් කලකිරෙන්නේ නැද්ද? ජීවිතය දීලා හරි මේක සාර්ථක කරගන්න අධිෂ්ඨානයක් ඇති වෙන්නේ නැද්ද?

    බොරු උගත්කම් පෙන්නගෙන පොන්න කතා ලියන්න කලින් මිනිහෙක් විදියට බලපියව් කාලකන්නි. මම කිසිම දාක අනුමත කරන්නේ නෑ හාමුදුරුවෝ ගිනි තියාගත්ත එක.
    මොකද උන් වහන්සේ ජීවත් වෙලා ඉන්න ඕන මනුස්සයෙක් , ඔක්කොටම වඩා දුක උන් වහන්සේ මේ රට රකින්න හැදුවෙ තොපි වෙනුවෙන්. අද මේ පොන්න කාලකන්නි කතා කියන තොපි වෙනුවෙන්.

    කාලකන්නි ටික ආයෙම පාරක් මේ ටික මතක තියාගනියව්!!!
    ඒ රත්තරං හාමුදුරුවෝ ගිනි තියාගත්තෙ ගෑනියි ළමයි ගැන ආරංචි වෙලාවත්,
    තාන්න මාන්න ඉල්ලලාවත්,
    සැප පහසු අසපු ඉල්ලලාවත් නෙවෙයි.
    තවත් පණක් රකින්න කියලා තමන්ගේ ජාතිය රකින්න කියලා. තොපිට කවදාවත් ඒ වගේ දෙයක් කරගන්න බෑ.
    තමුන්ගේ අම්මා වෙනුවෙන් ලේ ටිකක් දෙන්න බැරි, වකුගඩුවක් දෙන්න බැරි තොපි වගේ අවලං හැත්තකට හාමුදුරුවෝ ගිනි තියාගත්ත එක ගොන් ජෝක් එකක් වෙන්න පුලුවන්. හැබෙයි උන් වහන්සේ බේරගනියව් කිව්ව හරක් ගොඩට තොපිත් අයිති වෙනවා.

    හොඳට ඇස් කන් ඇරලා බලපියව් අහපියව්.
    ඇ‍ඟෙන් 90% ගිනි අරගෙන මැරෙන්ඩ යන වෙලාවෙත් වේදනාවෙන් විලාප නොදී ඒ හාමුදුරුවෝ කිව්වෙ මොකක්ද කියලා. වාහනේට දාගන්නකොට අමාරුවෙන් කිව්වෙ මොකක්ද කියලා හොදට අහපියව්

    " මේ බිමේ හරක් මරන එක නවත්තන්න දළදා හමුදුරුවනේ " කියලා

    තොපිට ලැජ්ජාවත් තියනවනම් හිතින් හරි සමාව ඉල්ලපියව් මේ හාමුදුරුවන්ට කරපු අපහාස වලට.

    එකෙක් කියලා තිබ්බා සිවුරක් දා ගත්ත මෝඩයෙක් කියලා. උන් වගේ කාලකන්නි උන්ට කියන්න පුළුවන් දේවල් මෙතන ලියන්න බෑ.

    යකෝ ජාතිය වෙනුවෙන් , අහිංසක සතෙක් වෙනුවෙන් ගිනි තියාගෙන ජිවිතේ දෙන්න පුළුවන් වුන රත්තරං හාමුදුරුවෝ වෙනුවෙන් මේ ටික මට කියාගන්න බැරිනම් මින් පස්සෙ ඉදලා වැඩක් නෑ.
    දැන් මහ ලොකු පිංවතුන් ටික සෙට් වෙලා මට චරිත සහතික දියල්ලා කරන්න පුළුවන්.

    අන්තිමට කියන්නෙ මෙච්ච්රයි දෙයක් හරියට නොදැන බොරු සෝබන පණ්ඩිතකම් දාන්න යන්න එපා.
    මේකෙ ඉන්න බහුතර පොන්නයො ආගම ගැන නොදන්න දෙයක් නෑ.
    බුදු හාමුදුරුවන්ටත් වඩා උන් බණ දන්නවා, රහත් වෙලා ඉන්නෙ, හැබැයි රටට හෙන ගැහුවත් කමක් නෑ.
    ඉටිපන්දමෙන් කක්කුස්සියට යන්න පුළුවන් අධෝ මුඛයේ ඔබාගෙන පන්දම.

    යකෝ ගිනි තියාගත්තෙ බුදු හාමුදුරුවෝ නෙවෙයි.
    හාමුදුරු නමක් ,මනුස්සයෙක් බුදු හාමුදුරුවෝ ගිනි තියාගත්ත නම් ධර්ම කාරණා එලියට අරන් කියපියව්, බුද්ධාගම වැරදි මේකට අනුව මේ ක්‍රියාව වැරදි කියලා.
    හැම එකාම බුදු වෙලා නෑ උන්ටත් හිතක් පපුවක් තියනවා.
    "ගිනි තබා ගත් හිමිනම ජීවිතය පුජා කලේ හරකෙක්ටද ?" - එල්ලාවල මේධානන්ද
    එල්ලාවලලා වගේ වසවර්තියෝ නොදන්නවා උනාට ඉන්ද්‍රරතන හාමුදුරුවෝ කරපු වැඩ කොටස මේ පොටෝ දිහා බැලුවම ඕනෑ ම වක්‍ර වර්ති කුට වුනත් පේනවා කොටි වහපු හොරොව්ව අරින්න රණවිරුවෝ සමග පෙරමුණේ හිටියේ කවුද කියලා . යාපනෙන් එලවල දාපු සිංහලයෝ නැවත එහි පදිංචි කරලා නාවක්කුලියේ පන්සලක් හදන්නත් මේ හාමුදුරුවෝ විශාල කාර්ය භාරයක් කළා කියල හැමෝම දන්නවා

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධියේ දී මා ද ඉන්නේ ඔබේම තැන තමයි. එත් ඇනෝ සහෝ ප්‍රතිචාර දැක්වීමේදී ආවේගය වුවත් සංවර බසකින් කියන්න වෙර දරන්න. එයින් ඔබෙ ප්‍රතිරුපය නැංවෙනවා. ආවේගය ආවේගශීලිව එළියට නොදමන්න.

      Delete
    2. //රටේ ආගම වෙනුවෙන් මොනවද කලේ?//
      උඹ මොනවද කලේ කියහන්?
      මම නං ආගමානුකූලව ජීවත් වෙනවා..ඒ මදෑ!

      Delete
    3. @ Anonymous June 8, 2013 at 7:42 PM
      ඒ දවස්වල දේවදත්ත නිකායේ අය බණ කියන්න ඇත්තේ මෙන්න මේ විදියටයි.

      සාදු, සාදු, සාදු!

      මේ ඇනෝ සහ ඒ වගේ අයගේ තියෙන ලොකුම දුර්වලකම තමයි සංයමයක් නැතුව තුච්ච විදියට ඔවුන් ගේ අදහස් බලෙන් බේත් පොවනවා වාගේ අනිත් අයට පොවන්නට යෑම.

      තමන් ගේ සංයමයක් නැති අය අනුන් තමන් ගේ මතයට කොයි ලෙසකින් නම් නම්මා ගන්නද?

      Delete
  19. මාතෘකාව අර කොල්ල ගැනවත් ඇන්ටි ගැනවත් නොවුනත් මේ ටික කියන්නම්.
    ස්ටන්ට් එකක රහ දන්නෙ ඒක කරන එකා මිසක් හොම්බෙන් යන නාකි වාහෙල නෙමෙයි.
    එහෙනං ස්කුබා ඩයිවින්,වෝටර් ක්‍රාෆ්ටින්,බේස් ජම්පින්ග්,සුපර් බයිකින් කරද අයත් මෝඩයො වෙන්න එපාය.

    කෙනෙක්ට බ්ලොග් ලිවීම විනෝදාංශයක් වගේම තව කෙනෙක්ට ස්ටන්ට් කරන එකත් විනෝදාංශයක් එකක්.
    people are awesome කියල පොඩ්ඩක් u tube සර්ච් කරල බලන්නකො ඩෙත් ස්ටන්ට් කරන අයගෙ කොච්චර වීඩියෝස් තියේද කියල.
    අතක් පයක් කැඩුනත් කරන එකා කරනවම තමයි ඒ උණ හොද වෙන්නෑ.

    මට මතක හැටියට කකාගෙ එක කතාවක තිබුනා කකා ජීවිතේටම ෆේස් කරල තියෙන්නෙ එක වලියකට කියල,ඒකෙදි එකෙක් ටෝක් කරපු වෙලාවෙ කකාගෙ තොලකට වෙව්ලල ඇඟ වෙව්ලන්න ගත්තලු.
    ඉතිං එහෙම මනුස්සයෙක් කොහොමද ස්ටන්ට් එකක තියෙන ෆීලින්ග් එක දන්නෙ.

    ;-)

    ReplyDelete
    Replies
    1. ඔබ ඔය කියන ස්ටන්ට් ගැන ඩොකියුමන්ටරි හෙම දැකලා තිේ‍රනවා නම් දන්නවා ඇති ඒවා සඳහා කොපමණ සංඛීර්ණ රිස්ක් මැනේජ්මන්ට් තියෙනවාද කියා. බන්ජි ජම්පින්, පැරා ග්ලයිඩින්, පැරෂුටින්, බේස් ජමථපින් තියා වයිට් වෝටර් කැනුයින් වල දී පවා ඒ ආකාරයට අන්තරාය විශ්ලේෂණය කර ඒවා වැලැක්වීමට ක්‍රියා මාර්ග ගන්නවා.

      පොඩ්ඩක් බලන්න මිත්ස්බස්ටර්ස් වැනි ෂෝ එකකත් පොඩි දෙයක් කරන්න පෙර කොපමණ දේ කරනවාද කියා.

      ඩෝන්ට් ට්‍රයි දීස් ඇට් හෝම් යැයි ඔවුන් කියන්නේ එනිසයි.

      මා රිස්ක් ඇවර්ස් බව ගැන විවාදයක් නෑ.

      වීරකම යනු ජීවිත නැති කිරීම නොවේ, බේරා ගැනීමයි. වලියට යෑම වීරකමක් නොවේ. සමාය රැකීමයි වීරකම. රටට ලොවට අවශ්‍ය ඒ වගේ වීරයෝයි.

      Delete
  20. දිවි නහගැනීම් ගැන නම් මොකට කියනවද? මේ දවස් දෙකකට කලිනුත් මම ඒ වගේ උත්සාහයක් දැක්ක. නමුත් දුම්රිය පදවපු රියදුරු මහත්තයාගේ හොඳට ඒ හිපාටුව බේරුනා. මමත් කතන්දර කාරයාගේ කතාවට එකඟයි..

    ReplyDelete
    Replies
    1. මා උසස් පෙල කරන කාලේ එක් දවසක උදේ මා ගියන දුම්රිය කැළණ්‍රි පාලම පසුකර මද දුරක් ගිය පසු මාලිගාවත්ත හරියේදී නැවැත්තුවා.

      දුම්රියේ අයෙකු හැපී මැරී සිටියා.

      ඒ දිවිනසා ගැනීමක් දැයි අපට තේරුණේ නෑ. නමුත් ඒ දර්ශනය මගේ සිතෙන් කිසි දිනක මැකී යන එකක් නෑ.

      Delete
    2. අප පාසල් යන කාලයේ ආනන්දයට ගිය අපේ යාලුවෙක් තම ආදරය බිඳ වැටීමේ දුකින් එක් වරම යන කෝච්ච්යෙන් කැළණි ගඟට පැන්නා. ඒ දිවි නහගන්න. ඒත් එදින උණ බට පාරුවක වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයෙක් ඔහුව බේරා ගත්තා. නමුත් කකුළ පාළමේ වැදිමෙන් බරපතල හානි සිදුව තිබුණා. පසුව අමෙරිකාවේ ගෙන ගොස් ප්‍රතිතාරවලින් පසු දැන් යථා තත්ත්තවයෙන් ඉන්නවා. ඔහුගේ නම කීවොත් අද ලෝකයේ බොහෝ දෙනෙක් දන්නවා.
      මේ සිද්ධිය තාමත් මගේ හිතේ රැව් දෙනවා
      කතන්දර මෙයාව දන්නවා ඇති.

      Delete
  21. මේක හෙන මෝඩ අදහසක් වෙන්න ඇති... ඒත් අවදානමක් ගන්න ඕනේ එකෙක් මටනම් වීරයෙක් විදියට පේන්නේ... කොටුවට යන ස්ලෝ ට්‍රේන් වල කකුල්දෙකෙන් ගල් උස්සන බුවාගේ ඉඳන් අභ්‍යාවකාශෙන් පොළවට පැන්න Felix Baumgartner වෙනකල්ම...

    ඇත්තම කිව්වොත් අර ගිනිතියාගත්ත හාමුදුරුවොත් කකාට මෝඩයෙක් වගේ පෙනෙද්දී මටනම් වීරයෙක් වගේ පේන්නේ... හරක් මස් සීන් එකකට නෙමෙයි හැබැයි...

    ReplyDelete
    Replies
    1. දිවි නසා ගැනීමට එක්තරා මානසික තත්වයක් අවශ්‍ය තමයි. එය ඇඩ්‍රනලීන් රෂ් එකක් විය හැකියි. ඩිප්‍රෙෂන් නිසා ඇති වුණු මානසික වේගයක් විය හැකියි.

      නමුත් ඔබ ඔය කියන ස්ටන්ට් ගැන ඩොකියුමන්ටරි හෙම දැකලා තිේ‍රනවා නම් දන්නවා ඇති ඒවා සඳහා කොපමණ සංඛීර්ණ රිස්ක් මැනේජ්මන්ට් තියෙනවාද කියා. බන්ජි ජම්පින්, පැරා ග්ලයිඩින්, පැරෂුටින්, බේස් ජමථපින් තියා වයිට් වෝටර් කැනුයින් වල දී පවා ඒ ආකාරයට අන්තරාය විශ්ලේෂණය කර ඒවා වැලැක්වීමට ක්‍රියා මාර්ග ගන්නවා.

      ඩෝන්ට් ට්‍රයි දීස් ඇට් හෝම් යැයි ඔවුන ්කියන්නේ එනිසයි.

      වීරකම යනු ජීවිත නැති කිරීම නොවේ, බේරා ගැනීමයි.

      Delete
    2. සංකීර්ණ රිස්ක් මැනේජ්මන්ට් තියෙන ඔයවගේ ඒවා තියේ ඇඩ්වෙන්චර් පාර්ක් වල එහෙම... ඒවා මේ අපිට කකාලාට උනත් සටන්ට් දාන්න පුළුවන් සිඟිති ආතල්නේ...

      මම කියන්නේ මේ වගේ ස්ටන්ට් http://youtu.be/QNfgu-bYEvc

      ප.ලි. පොලෝසියෙන් අල්ලන ඒවා... :)

      Delete
    3. @Beetle
      උබලා වගේ මිනිස්සු තමයි ලෝකේ වැඩිපුර ඉන්ඩ ඕනේ. මට මතකයි බාලචන්ද්‍රන්ගේ සිදුවීම උන වෙලාවේ ඒගැන අකුරු බ්ලොග් එකේ ලියපු කතාව.බොරුවට සංවේදීකම පෙන්නන්ඩ වාද වලට යන්නැතුව.මේ කතාවේ සිද්දිය වගේ ම හාමුදුරුවන්ගේ සිදුවීම ගැනත් ඔබේ අදහස ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.සිදුවීම අපත් අනුමත නොකලත් ඒ දිහා මනුස්සකමෙන් බැලීම පිලිබඳ.බොරුවට සංවේදී මිනිස්සු අතරේ මට ඔබ සබැ මිනිසෙක්.මා වැරදි වීමට ද ඉඩ ඇත.ඒ මේ සයිබර් අවකාසය නිසා.

      Delete
  22. නියමයි............

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක හොඳයි නිතර ලැබෙන එක්තරා ඇනෝ කමෙන්ට් එකකට පිළිතුරුක් දෙන වෙලාවකට ලින්ක් කරන්න.

      Delete
  23. Why are you giving the chance to the muslims to comment you? Don't you know that they are our enemies?

    ReplyDelete
  24. Whats the difference between you and the swarnawahini cameraman?

    ReplyDelete
    Replies
    1. ඔබ කියනවා.."එහෙම වුණොත් ඉතිං කරන්න දෙයක් නෑ. පොඩි ළමයෙක් නොවෙයි නේ. මේ වැඩිහිටි වයසේ කොල්ලෙක්. මූ මැරෙයි. අපිට ගමන යන්න පරක්කුවෙයි. හැබැයි රටේ සාමාන්‍ය බුද්ධි මට්ටම ඉහල යයි!" මං කිව්වා.

      ස්වර්නවාහිනි කැමරාකාරයා ප්‍රසිද්ධියේ නොකිව්වත්, මෙහෙම හිතන්න ඇති. "මූ පොඩි ලමයෙක් නොවෙයි. වැඩිහිටියෙක්. මූ මැරෙයිද නොමැරෙයිද අපිට වැඩක් නැහැ. අපි ඉක්මනට නිවුස් එක යවමු. රටේ සාමාන්‍ය බුද්ධි මට්ටම ඉහල යයි!"

      ඔබ දෙදෙනාගේ (අරමුනු වෙනස් වුවත් ) සිතීම් රටාව සහ අදාල සිද්ධි වලදී ඔබ දෙදෙනාම ක්‍රියාකල / ක්‍රියාකිරීමට සිතා සිටි - අන්දම ඒ තරම් වෙනස් නැහැ කියලා හිතුනේ අන්න ඒ නිසයි.

      රටේ ජනතාවගේ බුද්ධි මට්ටම මේ සිද්ධි හරහා ඉහල යනවාද කියන එකනම් පැහැදිලි ප්‍රශ්නයක්. රට තුල වන දිවිනසාගැනීම් රැල්ල නිසා රටේ ජනතාවගේ බුද්ධිමට්ටම ඉහල ගියා කියලා සිහි බුද්ධිය තියෙන කෙනෙකුට කිව හැකිද? (ගිනිතියාගත් සාදුගෙ සිද්ධියෙන් ජනතාවගෙ -තලේබාන් වර්ගයේ- බුද්ධි මට්ටම ඉහල ගිහින් තියෙන අන්දම දැනටමත් හොඳටම පැහැදිලියි නේද?)

      ඔබේ සහ ස්.වා. කැමරාකරුගේ සිද්ධි වලට අදාල සංදර්භ පැහැදිලිවම වෙනස් උනත් - මේ නෙක කෙස්පැලෙන තර්ක වලින් ඔබ පෙන්නුම් කරන්නේත් වියැකී යන මනුෂ්‍යත්වය නේද?

      ඔබ ඉතා වටිනා දැක්මක් සහිත බ්ලොග්කරුවෙක්....ඉතා මෘදු සහ ජනප්‍රිය වර්ගයේ පෝස්ටු සිය ගනන් අතර... බාලචන්ද්‍රගේ සිද්ධියෙදි, මුස්ලිම් විරෝධයේදී, ගවමස් විරෝධයේදී, සාදු දිවිනසාගැනීම සිද්ධියේදී ඔබ දැක්වූ පරිනත අදහස් එකහෙලා අනුමත කරමි.

      සහෝදරත්වයෙන්...
      -Anonymous June 9, 2013 at 9:20 AM

      Delete
  25. කතන්දරගේ තර්ක:
    (i) මේ වගේ අනවශ්‍ය අන්තරාකාරී වැඩ කරන්නේ මෝඩයෝ. එහෙම මෝඩයෙක් මැරුණාම සමාජයේ නුවණැති බවේ සාමාන්‍ය අගය ඉහල යනවා. ඒක ගණිතයෙන් ඔප්පු කරන්න පුළුවනි.
    පළමුවැනි කොටසට එකඟයි. සමාජයේ පවතින සාමාන්‍ය බුද්ධි මට්ටම අනුව ඉහළ-පහළ යාම වෙනස් විය හැකියි. හැබැයි මීට‍ත් වඩා පහළ බුද්ධි මට්ටමක් සමාජයට තියනව කියල හිතන්න අමාරුයි.

    (ii) ඒ එක්කම මේ වගේ වැඩ කරන්න හිතෙන්නේ අර පරිනාමවාදයේ එන ස්වභාවික වරණයේ ම කොටසක් විදියට වෙන්න ඕනෑ!
    මේකනම් වෙන්න බෑ. එහෙමනම් මෝඩයෝ ඔක්කොම මෙහෙම වැඩ කරන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. ඇන්ටි ගේ මතය පොදුවේ සිය දිවිනසා ගැනීම් ගැනයි. ඇය කියන්නේ එයට විශාදය බලපානවා කියායි. ඒ නිසා ඒ ගැන අනුකම්පාවෙන ්බැලිය යුතු අතර අවමාන කිරීම අමානුෂික කියායි.

      මා ඇය සමග එකඟ වෙමින් සිටිමි.

      Delete
  26. කකා හරියී කීවත් වැරදියි
    ඇන්ටි හරියී කීවත් වැරදියි
    එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි දෙන්නම් හරියි කියා.........
    :-)

    ReplyDelete
    Replies
    1. අර හී. හූ කැලි අඩුයි නේද?
      මෙන්න නිවරදි කළා.
      =====================
      කකා හරියී කීවත් වැරදියි - හී
      ඇන්ටි හරියී කීවත් වැරදියි - හූ
      එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි දෙන්නම් හරියි කියා

      Delete
  27. අද නම් ඇඟට දැනෙන්නම ලිය.ආ තාමත් දැනෙනවා දැනෙනවා වගේ... ආහ්....

    ReplyDelete
    Replies
    1. උබෙ කොයි හරියටද දැනෙන්නේ බං........

      Delete
  28. කතන්දරගේ තර්ක දෙකම නිවැරදියි කියලයි මම හිතන්නේ.ඇන්ටිගේ මතයට කතන්දර එකඟ උනත් තර්කයම නැවතත් පාවිච්චි කළොත් ඇන්ටිගේ මතය වැරදියි කියන්ඩ පුළුවං.ඉහත දැක්වෙන ආකාරයේ වීරක්‍රියා මෙන් පෙනෙන ඉතාමත් අනතුරුදායක ක්‍රියා කරන්න මිනිසෙක් පෙළඹෙන්න හේතුවෙන්නේ ඩිප්‍රෙෂන් නෙමෙයි.මේනියා කියන තත්වයයි.නමුත් මේනියා වේවා ඩිප්‍රෙෂන් වේවා මේ මානසික රෝගී තත්ත්ව ඇතිවීමට ජානමය ලක්ෂණත් බලපානවා.ඒ නිසා එකී මානසික දුර්වලතාවයන් ඇති පුද්ගලයන් සියදිවි නසා ගැනීමෙන් සිදුවන්නේ මානව ජාන කිටුව පිරිසිඳු වීමයි.

    ඒ තර්කයට අනුවය.නමුත් මිනිසෙක් දිවි නසාගන්නා විට පැත්තකට වී බලා සිටීම යුක්තියුක්ත නොවේ.හාමුදුරුවන් කළ ක්‍රියාවෙන් ඇතිවූ ප්‍රතික්‍රියාවක් නැත.රටේ සැළකිය යුතු ජනරැල්ලක් ඇතිවූයේද නැත.එමෙන්ම රටේ ඇති හැම ප්‍රශ්නයකටම අයෙක් බැගින් ගිනිතබාගත්තොත් රටේ ජනගහනය සැළකිය යුතු ලෙස අඩුවෙනු ඇත.

    ReplyDelete
  29. මොකක්ද සූත්තරයක් තියෙනවා රහතන් වහන්සේලා රහත් මෙහෙනින් වහන්සේලා පරණිර්වාණය වෙන අවස්ථා ගැන දක්වලා තියෙන. එතනදි බුදුන් වහන්සේ බැහැදැකලා හැම මහරහත් උතුමෙක්ම උත්තමාවක්ම අවසර ගන්නවා පරණිර්වාණයට පත්වෙන්න. එහෙම බැරි වුනේ කිහිප දෙනාටයි..මම හිතන්නෙ මහා කස්සප හිමිට බැරිවුනා..ඒ හිමි පිරිණිවන් පෑවෙ බුදුන් වහන්සේ පිරිණිවන් පාලා තවත් කාලෙකට පස්සෙ..

    ඉතින් එතනදි ඒ ශ්‍රාවකයාගේ ගුණ කියලා බුදුන් වහන්සේ ඔහුට කලර්ස් පෙන්වන්න අවස්ථාවක් දෙනවා..ඒ කිව්වෙ ඒ මහරහත් හිමිගේ තියෙන සෘද්ධි ප්‍රාතිහාර්ය පෙන්වන්න අවස්ථාවක් දෙනවා... එතනදි අර රහත් හිමි තමුන්ගේ සෘද්ධි පාතිහාර්ය පෙන්වනවා..

    සැබැවින්ම අර හිමිනමට සෘද්ධි බලය තිබුන නම් ගිනිතියාගෙන ගිනි දැනෙන්න නුතුව ඉන්න තිබුනා..ඒත් ඒ කතාන්දර ඇත්තද කියාල දන්නෙ නැහැ..

    මට ඔය කියන සිද්දිය සෙන්ස් වෙන්නෙම නැහැ. අපි ඔය කොල්ලා මැෙරන්න ගියොත් පිහිට වෙන්න ඕනි..මොකද අපි ඒ කොල්ල දිහා බලන්නෙ නැතුව ගමනක් යනවා නේ..ඒ ගමන අපි යන්නෙ සියලු ලෝසත්වයින්ට කරුණාව දක්වන්න සියලු කස්ටියට ආතල් එකක් දෙන්න නෙමෙයි...

    තියොරිටිකලි සියදිවි නසාගැනීම් උඩදාන්න වත් ඒ විදියට නසාගන්න අයගේ චරිත උඩදාන්න වත් ඕනි නැහැ. නමුත් සියදිවි නසාගන්න යන කෙනෙක් මොනම විදියකින් හරි ගලවගන්න යනවා නම් ඒ කෙනා සැබැවින්ම මනුෂ්‍යයෙක්... මනුස්සයෝ කියන්නෙ අර ටර්මිනේටර් වගේ වැඩි වාසිය වැඩි හොද දේම බලලා ගණනය කරලා රියක්ෂන් ගන්න රොබෝ නෙමෙයි..

    ReplyDelete
  30. //මේ වගේ අනවශ්‍ය අන්තරාකාරී වැඩ කරන්නේ මෝඩයෝ. //

    “අන්තරාකාරී“ වැඩ කරන සියළු දෙනාම මෝඩයෝ නොවුනත් කකා කියනව වගේ “අනවශ්‍ය අන්තරාකාරී“ වැඩ කරන්නන් මෝඩයෝම තමයි.
    තව කෙනෙකුගේ හරි පිරිසකගේ හරි ජීවිතය බේරා ගන්න ධෛර්යෙන් හා බුද්ධියෙන් යුක්තව අන්තරාකාරී වැඩක් කීරීම මෝඩකමක් නොව්නත් තමන් කරන වැඩේ ඵල රහිත නම් ඒක මෝඩ කමක්ම තමයි.හාමුදුරුවො ගිනි තියා ගත්ත කියල එක හරකෙග්ගෙවත් ජීවිතය බේරුනාද එක මස් කඩයක් වත් වැහුනද?ගිනි තියා ගත්තු හාමුදුරුවෝ කරපු දේ අසුභ ඵල මිසක් සුභඵල රහිතයි.
    ඉන්දියාව වගේ චිත්‍රපටි කර්මාන්තය දියුණු රටක කලා නම් කොල්ල කරපු දේ ඌට වැඩදායක වෙන්නත් ඉඩ තිබුන නේද?අර යූටියුබ් වීඩියෝ වල තියෙන අවධානම් වැඩ කරන කොල්ලො ඒ වැඩ කරන්නේ චිත්‍රපටි වල සටන් හා අවධානම් ජවනිකා වලට සම්බන්ධ වෙන්න තියෙන ඕනකමට කියල ඒ අයම කියල තියෙන්නේ...

    // (ii) ඒ එක්කම මේ වගේ වැඩ කරන්න හිතෙන්නේ අර පරිනාමවාදයේ එන ස්වභාවික වරණයේ ම කොටසක් විදියට වෙන්න ඕනෑ! //
    මෙන්න මේක මට තේරෙන්නේ නෑ..කෙටියෙන් විස්තර කරන්න පුළුවන් දෙයක් නම් කියල දෙන්න ?...

    ReplyDelete
    Replies
    1. ///// (ii) ඒ එක්කම මේ වගේ වැඩ කරන්න හිතෙන්නේ අර පරිනාමවාදයේ එන ස්වභාවික වරණයේ ම කොටසක් විදියට වෙන්න ඕනෑ! //
      මෙන්න මේක මට තේරෙන්නේ නෑ..කෙටියෙන් විස්තර කරන්න පුළුවන් දෙයක් නම් කියල දෙන්න ?.../////

      මචං උඹට ඕවා තේරෙන්නේ නෑ...ඕවාට කියන්නේ පරිණාම විද්‍යාව කියලා...ඒක මචං ඔය ග්‍රහචාරයට වඩා පොඩ්ඩක් ‍රැශනල්....උඹ ඕවා ගැන හිත වද කර ගන්න එපා...කේන්දරයක් බලා ගෙන කීයක් හරි හම්බු කරගෙන ඉදින් මගේ දෙයීයෝ.....

      -කකා වෙනුවෙන් කකා සු‍රැකීමේ ජාතික සංවිධානය-

      @ කකා: ඔන්න මචං උඹට මුගේ මූනට කියන්න බැරි දේ මම ම කියලා දැම්මා...අපි ඉතින් ඉන්නේ ඕවාටනේ....

      Delete
  31. කකෝ,
    නොදන්නා දේ නොගැලපෙන විදිහට ඔයාගේ කතාවට මාට්ටු කරල යමක් දන්න අයට ජෝක් එකක් නොවෙන්න හිතාගන්න. පරිණාමයේ විස්තර කරන ස්වාභාවික වරණය ඉස්ටේසමේ ගොන්පාට් දාන කොල්ලට ආදේශ වෙන්නෙ කොහොමෙයි??

    ReplyDelete
  32. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 91
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 2
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 22
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 34
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 19

    ReplyDelete
    Replies
    1. නිවැරදිකිරීමක්....

      අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 91
      මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 2
      වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 22
      කකා විසින් දමපු කමෙන්ට් ගණන 34
      වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 33


      සංගණන ඉදිරිපත් කිරීමේදි සිදුවූ දෝශය පිළිබඳ මගේ කණගාටුව.
      සංගණන ඇනෝ

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.