Sunday 23 June 2013

මල්ගෝවා නොහොත් කෝලිෆ්ලවර් -කාලා වරෙං! : I am going to challenge the Iron Chef


ලංකාවේ භාවිතා වෙන භාෂා තුනම [සිංහල, දෙමළ, ඉංගිලිසි] සම්බන්ධ වචනයක් දන්නවද?

ඒක තමයි ගෝවාගෙඩිය.

ගෝ - පලයං
වා - වරෙං
ගෙඩිය - විවිධ තේරුම් ඇත!

ගෝවා කියන්නේ ඉතිං එලෝළුවක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ. මල්ගෝවා කියන්නේත් එලෝළුවක්. නමුත් මේ දෙක අතර අර නෙළුම් අල සහ නෙළුම් මල් අතර වගේ සංජානේය සම්න්ධතාවයක් නෑ.

ගෝවා සහ මල් ගෝවා නිකං බාප්පා මහප්පලා ගේ පුත්තුන් ගේ පුත්තු වගේ ටිකක් දුරින් තමයි නෑ වෙන්නේ.

පහුගිය දවසක මට පොඩි චෑන්ස් එකක් ලැබුණා මල්ගෝවා උයන්න.

චෑන්ස් එකක් කියන්නේ හාමිනේට කලින් මට ගෙදර යන්න ලැබීමයි.

ඒ ගැන විස්තරේ තමයි අද කතන්දරේ.

මෙන්න මං ගත්තු මල්ගෝවා ගෙඩි බාගේ.



පොඩි පොඩි කෑලිවලට කපා ගත්තා. මේවායේ තියෙන මල් වගේ කෑලි විතරයි සාමාන්‍යයෙන් ගන්නේ.



මැද්දේ නටුව අයින් කරනවා. නමුත් ඒකත් නරකම නෑ. මං නං දැම්මේ නෑ.



ඊළඟට කළේ කහ, තුනපහ, මිරිස් කුඩු, කරපිංච, ලුණු, ලොකු ලූණු, සුදු ලූනූ යනාදිය දාලා මිශ්‍ර කරගන්නා එකයි.



ඊට පස්සේ සාස්පානක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙන කොට ඒකට කෙළින්ම දාලා උයන්න ගත්තා.



ටිකක් කවලම් කරන්න අමතක කරන්න එපා වෙලාවෙන් වෙලාවට.



මූඩියකින් වහන එකත් හොඳයි. මීට අමතරව මං වතුර පොඩ්ඩකුත් එකතු කෙරුවා.

ඊළඟට මං ඒකට කිරිපිටි හැඳි දෙකක් විතර දැම්මා. කලින් වතුර ටිකක් දාපු නිසා නිකංමයි දැම්මේ, වතුර හිඳිලා වගේ නම් කිරිපිටි ටික දියකරලා දාන්නත් තිබුණා. කිරිපිටි වෙනුවට පොල්කිරි ටිකක් දාන්නත් පුළුවනි.



මේ තියෙන්නේ ලිපෙන් බාලා භාජනයකට දාපුවාම පේන විධිය.



ඉස්සර ගුවන් විදුලියේ "ඉවුම්-පිහුම්" තීරයේ කියනවා වගේ: දැන් මෙය මේසයට යවන්න. මෙය ඔබේ බිරිඳ ප්‍රියකරන වෑංජනයක් වෙනු ඇත.

-කතන්දරකාරයා


(image: http://www.geocities.ws/oceanaria9/bios.html)

76 comments:

  1. මුළු පවුලටම එකට ඉදන් කන්න පුළුවන් රසවත් කෑමක්.

    ReplyDelete
    Replies
    1. කතන්දරකාරයා නිර්මානයක්, රස සාගරයක්.

      Delete
  2. ඕවා ලුනු,මිරිස්/ගම්මිරිස් කලවම් කල පාන් පිටි ද්‍රාවනයේ තවරල ගැඹුරු තෙලේ බැදල ගත්තත් රසයි.

    ReplyDelete
    Replies
    1. ගැඹුරු තෙලේ බැදිම නං මතක් කරන්න එපා!

      Delete
  3. //දැන් මෙය මේසයට යවන්න. මෙය ඔබේ බිරිඳ ප්‍රියකරන වෑංජනයක් වෙනු ඇත.//

    මෙසේ කරන සැමියන් සිටී නම්, මෙය අනිවාර්යෙන් ජනප්‍රිය කෑම දීසියක් වෙනු ඇත. :)

    ReplyDelete
    Replies
    1. කම්මැලිච්චි..

      Delete
    2. උයන්නට දන්නා වෙන්ඩ-සැමියෙක් පොඩි කුමාරිහාමිට ලැබිලා නේද ඉන්නේ?
      දැන් කවදද වෙඩිම?

      Delete
  4. මේක හොඳ රසවත් ව්‍යංජනයක්. හැබැයි අපේ රටේ දී නම් ඔය කැබලි කරගත් ගෝවා මල් ලුණු වතුරේ දමා විනාඩි 5ක් පමණ තියලයි ගන්නේ. මොකද මේ මල් අතරේ සියුම් පණු විශේෂයක් ඉන්න නිසා. ලුණු වතුරේ දාපුවාම ඒ පණුවන් සියල්ල උඩට මතු වෙනවා. ඒත් ඕස්ටේලියාවේ ගෝවා මල්වලට රසායන දමන නිසා පණුවන් නැතිව ඇති.
    එලොලුවක් නොව එළවළුවක් නේද නිවැරැදි
    මෙසේ පෙන්වා දෙන්නේ අහිතකට නොවේ. දවසට එක වදනක් හෝ අප නිවැරැදි කරගත යුතු නිසයි.
    ඔබ මෙන්ම මමත් විද්‍යාවිෂයයන් ඉගනගත් කෙනෙක්. දැන් තමයි සිංහල හරියට ඉගනගන්න වෙර දරන්නේ. මගේද වරදක් දුටු විට පෙන්වා දෙන්න. එය සැමට කරන මෙහෙවරකි.
    බොහෝ දෙනකු ඉංගිලිසි බසේ අක්ෂර වරද්දන්නේ නැත. එහෙත් සිංහලයේ වැඩිම වරද කරන්නේ අකුරු ලිවීමේ දී ය.

    ReplyDelete
    Replies
    1. කෝලිෆ්ලවර්,බ්රෝකලි,කොල,පලා වර්ග විනාඩි කීපයක් ලුනු වතුරෙ ගිල්වා තබා සෝදා ගැනීම කල යුතුමයි.

      Delete
    2. මං මතක් වුනොත් අක්‍ෂර වින්‍යාසය බලන්නේ සුබස සේවාවෙන්. ඔන්න දැන් හරිගැස්සුවා.

      http://subasa.ambitiouslemon.com/spellerweb.py

      තව වැදගත් වචනයක් වැරදියි කියාල ආවා - ඒඛ තමයි දෙමල යැයි මා ලියා ලියා තිබුණ නිවරුදි දෙමළ යන්න.

      Delete
    3. ඔච්චර ඉගෙන ගත්තා නම් මොකද බං උඹ ලේක් හවුස් එකේ කඹුරන්නෙ?

      Delete
    4. නලින්,
      ඉංගිලිසි අකුරු වැරදුණා අපිට පොඩි කාලේ. ඩික්ටේෂන් මතකද? දැන් ඉතිං බිල් ගේට්ස් ට පින්සිද්ද වෙන්න අපි ගොඩ.
      සිංහල බිල් ගේට්ස් එනතුරු ඔය ප්‍රශ්නය තියේවි!

      Delete
    5. "බොහෝ දෙනකු ඉංගිලිසි බසේ අක්ෂර වරද්දන්නේ නැත. එහෙත් සිංහලයේ වැඩිම වරද කරන්නේ අකුරු ලිවීමේ දී ය"

      මෙහෙම වෙන්නෙ ඉංග්‍රීසියට අක්ෂර වින්‍යාස සහ ව්‍යාකරණ පරීක්ෂක මෘදුකාංග තියන නිසයි. නැතුව මිනිස්සු වැඩියෙන් ඉංග්‍රීසි ගැනම හිතන නිසා නෙමේ. සිද්ධියකට අදාල නියම හේතුව විග්‍රහ නොකර ජනප්‍රිය මතය ගෙඩි පිටින් ඇද බාන ඔබේ විද්‍යා අධ්‍යාපන තේරුමක් තිබේදැයි මට සැකයි.

      Delete
    6. දෙමළ මේ විදියටයි හරි. අනිවා සිංහලට මේ දේ නුදුරේදීම ඒවි කියන බලාපොරොත්තුවෙන් ඉම්මු.

      @ ඇනෝ... මේ මං කැමතිම රැකියාව. රැකියාව වෙනුවෙන් කෙතරම් කැඹුරුවත් මට එය සතුටක්.

      Delete
    7. අන්න හරි. උඹ නම් ගැළපෙන්නෙ ලේක් හවුස් එකටම තමයි. මහරජා පින් කරල තියෙනව උඹ වගේ එවුන් දකින්න.

      Delete
  5. මට එපා !
    මම Lactose intolerant

    ReplyDelete
    Replies
    1. එසේ නම් පොල් කිරි දාන්න. නැත්තං ලැක්ටෝස් ෆ්‍රී කිරි දාන්න.

      Delete
  6. මල් ගෝව හොඳයි නෙගටිව් කෑමක් විදිහට තමයි සලකන්නේ හැබැයි ඒ ඔය විදිහට උයපුවම නෙවෙයි යන්තම් තම්බලා ලුණු ටිකක් ඉහල ගත්තම .....පොඩි අවුලකට තියන්නේ මෙන්න මේකයි......මම නෙවෙයි කියන්නේ සබ්ජෙක්ට් මැටර් දන්නා ඇත්තෝ According to the American Gastroenterology Association, the most common gas producing foods include: cauliflower, brussels sprouts, dried beans, broccoli, cabbage and bran.
    එත් ඉතින් අසුචි වලේ ඉන්න එකා ට පඩ ගඳ මොකද්ද නේද ?

    අද මම එක නේ !

    ReplyDelete
    Replies
    1. මම ඉන්න තුරා???????????????????????

      Delete
    2. ඔහේලා ම ඕවා බේරා ගන්න.

      Delete
  7. දැන් ඉතින් තවත් බ්ලොග් කාරයෝ පෝලිමක්ම ඉවුම් පිහුම් දාන්න පටං ගනී.

    ReplyDelete
    Replies
    1. සිංහල බ්ලොග්වල වැංජන් කතන්දර ආවේ අද ඊයේ නොවේ. මාත් විශාල සංඛ්‍යාවක් ලියා තියෙනවා.

      කමු-බොමු කියා සාමූහික බ්ලොග් එකකුත් තිබුණා.

      Delete
    2. 1.
      ගෑල්ළමයින් ට පොඩි කුකිං පාඩමක් : හස්බන්ඩලාටත් ලකුණු ලබා ගත හැකි ක්‍රමයකි - Roti making for dummies : A reference for the rest of us
      http://kathandara.blogspot.com/2013/03/roti-making-for-dummies-reference-for.html

      2.
      කළේ පැන් නැවුම් රහ නැති කාලේ, ස්ටර් ෆ්‍රයි හදමු රාලේ : Beef stir-fry
      http://kathandara.blogspot.com/2012/12/beef-stir-fry.html

      3. පරිප්පු වස්තුව
      http://kathandara.blogspot.com/2011/10/being-single-parent-for-two-weeks.html

      Delete
    3. 4. බීන්ස් විත් පීනට්ස්
      http://kathandara.blogspot.com/2011/10/beans-with-peanuts-and-soy-souce.html

      5. බීෆ් - කතන්දර ස්ටයිල්
      http://kathandara.blogspot.com/2011/10/are-men-better-cooks-beef-kk-style.html

      6. බොම්බිලි කරෝල නොඉවිය යුතු ක්‍රමය
      http://kathandara.blogspot.com/2011/10/bombay-duck-what.html

      Delete
  8. කතන්දර කීම යනු කලාවකි. සිංහල සංස්කෘතිය තුල කතන්දර කීම, කතන්දර ඇසීම, එය විඳීම ආදී කතන්දර ආශ්‍රිත දියුණු උපසංස්කෘතියක් තිබේ. ජාතක කතාවේ පටන් දේශපාලන ඔපාදූප දක්වා පුලුල් පරාසයක කතන්දර කීමේ, ඇසීමේ (හෝ කියවීමේ) පුරුදු පුහුණුවක් සිරිලාංකිකයාට ලැබෙන්නේ කුඩා කල පටන්ය. මල් ගෝවා ගෙඩියක් තුන පහ දමා පිසගැනීම කතන්දරයක් වන්නේ කෙසේදැයි මට නොතේරේ.

    ReplyDelete
    Replies
    1. උඹ අදයැ මේ පැත්තෙ ආවෙ?

      Delete
    2. මු වෙනද ලියන චු කතා වලට වැඩිය මේක දාහෙන් සම්පතයි

      Delete
    3. @ Anonymous June 23, 2013 at 8:13 AM
      ඔබේ ඉච්ඡාභංගත්වය පිළිබඳ මගේ බලවත් කණගාටුව පිළිගන්න.

      කතන්දර නම් වචනයේ අයිතිකරුවා ඔබදැයි දෝ කියා මට මොහොතකට සිතුණි.

      මා සමස්ත ජීවන අත්දැකීම් කතන්දර යනුවෙන් අර්ථදක්වා ඇත්තේ ඔබේ අවසරයකින් තොරව හැඩයි?

      Delete
  9. ස්තූතියි. එළවලු ගෙන්න කඩේ ගියාම කවදාවත් මල්ගෝවා ගත්තෙ නෑ, උයන්න දන්නෙ නැති හින්ඳ දැන් ඒකත් හරි . රසට ඇති නේද ?

    ReplyDelete
  10. ස්තූතියි. එළවලු ගෙන්න කඩේ ගියාම කවදාවත් මල්ගෝවා ගත්තෙ නෑ, උයන්න දන්නෙ නැති හින්ඳ දැන් ඒකත් හරි . රසට ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. ඔය කෙන්ජි ඇතුළු අනෙකුත් අය කියා ඇති පරිදි කට්ලට් වගේ බැද ගත්තාමත් හොඳයි. හැබැයි මේ උයන ක්‍රමය මට නම් වඩා හොඳයි.

      Delete
  11. සුළු විරාමයකට හෝ පාළක මැදිරියට නම් යන්න එපා.. අඩිය අල්ලන්න පුළුවන්..

    - අපි නොදන්න ලයිව් -

    ReplyDelete
    Replies
    1. මට මතක් වුනේ රත්නායක මහත්තයා ගේ කීප්-අ-සයිඩ් කුකින් ඇඩ්වෙන්චර් එක!
      http://kathandara.blogspot.com/2010/02/keep-aside.html

      !

      Delete
  12. දන්නවද ගෙඩ් ගෝවා වල (මල් ගෝවා නෙවෙයි) හැඩය ගන්නේ කොහොමද කියල?
    ඒක කරන්නේ මුට්ටි හයි කරලා!

    ReplyDelete
    Replies
    1. උඹ වගේ මුට්ටි අල්ලලා නෙවෙයිද?

      Delete
    2. කාටද මචෝ මම මුට්ටි ඇල්ලුවේ?

      Delete
    3. මුට්ටිබැඳිවිල කියලා ගමක් තියෙනවා නේද? වෙන්නප්පුවේ?

      Delete
    4. වෙන්නප්පුවෙ එහෙම නමක් නැහැ.ලුනුවිල පහු කරල ගියාම කිරිමැටියාන කියල ගමක් තියෙනව.
      හැබැයි මේක දැන ගන්න හිටපු දරුව තමයි "ලිහිණිගේ ජීවිතය"ද මොකක්ද ලිව්ව දැන් නික්ම ගිහිල්ල ඉන්න දරුව.

      Delete
    5. මගේ මතකය තරමක් හෝ නිවැරදියි. වෙන්නප්පුවේ නොවේ නාත්තන්ඩියේ.
      http://www.divaina.com/2013/04/22/news11.html

      Delete
    6. මෙන්න මෙහෙමයි අදහස් හුවමාරු විය යුත්තෙ.
      Thank's කකා.

      Delete
    7. අන්න මම කිව්වා හරිනේ.ඔය විදියට ගෝවා වවල හැඩේ ගන්න මුට්ටි ගහපු වෙලට “මුට්ටිවෙල“ කියල තියෙනවා.පස්සේ කාලෙක මේක “මුට්ටිවිල“ වෙලා තියෙනවා.

      :-)

      Delete
    8. සාර්ථක පිළිතුරක්

      Delete
  13. මොන මගුලටද කිරි පිටි හැඳි දෙකක් දැම්මේ කියලා අහන්න කටට ආවත් , පස්සේ තමයි වැඩේ තේරුණේ..සමාවෙන්න කකා.

    ReplyDelete
    Replies
    1. අපිට හිතුන දේවල්වලටත් සමාව ගන්න ඕනෑද? ඔයා නං අදහන්ණ ඕනෑ කෙනෙක් සහන්!

      Delete

    2. සහන්ගෙ කොමෙන්ටුවට ලැයික් ... කකාගෙ ප්‍රතිචාරෙට උපරිම ලැයික්..

      Delete
  14. Replies
    1. මේ උතුම් පුන් පොහෝ දිනයේ හෝ ඔබේ තෘෂ්ණාව දුරු වේවා...!

      Delete
    2. මම ඉන්න තුරා???????????????????????

      Delete
    3. ඔහේ ලා ම බේරාගන්න.

      Delete
  15. එළ්වලු කඩේට ගිය කවදාවත් 'මල්ගෝවා' ගත්තේ නෑ, හදන්න දන්නෙ නැති නිසා. දැන්නං ඒකත් හරි. ස්තුතියි !!

    ReplyDelete
    Replies
    1. තවත් මේ වගේ එලවළුවක් තමයි බ්‍රොකොලි!

      Delete
  16. දැන් මේක නුග සෙවණ වගේ වෙලා නේ!

    ReplyDelete
    Replies
    1. හැබැයි අර අහවලාගේ හෝරාවට වැඩිය නම් තාම හොඳයි.

      Delete
    2. ඌ අඩුගානේ චු කතා කක්කි කතා ලියන්නේ නැතුව මුරකරයාගේ වුර්තිය ගවුරවය වත් තියාගෙන ඉන්නවා ... මුට එහෙම එකක් වත් නෑ

      Delete
    3. මේ ඇනෝනිමසයා ලියූ හැටි.
      ====================
      https://docs.google.com/document/d/1wIdEgU59n9w6Lby-S2g2yXDf4--4mGC1pQh5PmouY-s/edit

      කතන්දරකාරයාගේ සුවිශේෂී බ්ලොග් එක ගැන කියන විට අපට නිරායාසයෙන්ම මතක් වන්නේ හිස් සැවානා තණ බිමක් මැද අතුපතර විහිදා නැඟුණු විශාල ගසකි. ඉතා ඈතක සිට බැලුවත් පෙනෙන, මේ දැවැන්ත ගස තවත් කුඩා පැළ රැසකට සෙවන සදයි. එසේම සත්තු, කුරුල්ලෝද එහි ගැවසෙති. ඔවුහු ගසෙහි ඵල ආහාරයට ගනිති. ගස ඔවුන්ට සිහිල සදයි. ඉඳහිට (නරක?) මිනිසෙක් පමණක් මේ දැවැන්ත ගසට පොරෝ පහරක් දී අත්තක් දෙකක් කපාගෙන යයි. මේ පහරදීම් වලදීත් "නොහිම් සුවඳ විහිදෙන සොඳ සඳුන් හර - සිඳිත මඬිත එක ලෙස පැතිරෙයි සුවඳ" යන සුභාෂිත කතුවරයාගේ කියමන සිහි ගන්වමින් ගස තවත් සුවඳ විහිදුවාලයි. නමුත් එතෙක් මෙතෙක් ඒ කිසිවකුට මේ ගස හෙළීමට නොහැකි විය. මේ සුළු හානි වලින් පසුව ගස යළිත් වැඩෙයි. පෙරටත් වඩා පැළ, සතුන් සමූහයකට සෙවන සලසයි.

      Delete
    4. උඹටත් පිස්සු ඌටත් පිස්සු.

      Delete
  17. "සල්මල් ද මල් ගෝවා"

    ෆ්‍රයි කොරල ගත්තම එල බයිට් එක

    X-Porter

    ReplyDelete
    Replies
    1. තෙල් ඇත්නම් රස කුඩාද?

      Delete
  18. Iron Chef වැඩ සටහන බලන අයට නොකන කෑම කන්න හිතෙන්නෙ නැද්ද ?

    ReplyDelete
  19. ඔය ගෝව මල් වලින් හදන ජනප්‍රියම කෑම තමයි ගෝබි මැංcඌරියන් කියන්නෙ. මෙන්න රෙසිපිය.

    අනික ගොව මල් කියන්නෙ විටමින් K බහුල කෑමක්. ඒ නිසා පොඩ් ඉන්ට හොඳයි විශේෂයෙන්ම ඔය දුවන පනින නිතර තුවාල කර ගන්න ඈයින්ට.

    ReplyDelete
    Replies
    1. මේක නං ඩීෆ් ෆ්‍රයිම නොවෙයි නේද?

      Delete
    2. නැතුව ලපටි ෆ්රයිද?
      මම ඔහොම ෆ්‍රයි කරල හර්බල් ස්පයිසි සෝස් ටිකක් ඉස්සම පට්ට රසය.

      Delete
  20. Replies
    1. මොකද්ද යකෝ මේ ??

      Delete
  21. කකා කව්ද මේ අතුල සහ සහන් කියන්නේ.

    ReplyDelete
  22. ඉන්ගිරීසියෙන් ඕකට කියන්නෙ කෝලි ෆ්ලවර් ..ඉතලියෙන් කියන්නෙ කවෝල් ෆියෝරි.... අපි නම් ඕක තෙල් දානවා කකා..... හරිම රසයි තමා..

    ReplyDelete
  23. මෙච්චරකල් නම් කාලා තියෙන්නේ තම්බලා බටර් ටිකක් දාලා තමයි. මෙහෙම උයලා නම් කාලා නැත.... පොලොස් කරියක් වගේ පෙනුමක් නම් තියනවා...

    ReplyDelete
    Replies
    1. සුසමාදර්ශෙ කන විදිහත් දැනගත්ත ඕන් එහෙනම්........

      Delete
  24. මල්ගෝවා කිව්වහම මතක් උනේ දොස්තර මූනමලී පෙන්නපු මල් ගෝවා ෆොටෝස් ටික..
    ඒ ෆොටෝ ටික දැකපු එකෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් ක‍රන්න..
    මම අද 1 ද මන්දා.

    මම එක ඇනෝ.

    ReplyDelete
    Replies
    1. මම දැකලා තියෙනවා මචං. ඒවා දැක්කම අහවල් වැඩේත් එක්ක එපා වෙනවා.

      Delete
  25. මගෙත් ප්‍රියතම කෑමක්. ඒ වගේම වගාකරලක් තියනව.

    ReplyDelete
  26. WHERE IS MY COMMENT? NOW IT IS TIME TO GO TO ANOTHER BLOG TO PUBLISH THAT, IF KAKKA IS REFUSING.

    ReplyDelete
    Replies
    1. ඇයි කකා මෙහෙම අපරාධ කරන්නෙ ? කක්කා ජී පඩ චූ ගැන නොලිව්වත් කැපිටල් ඇනෝගේ කමෙන්ට් වාරණය කරන්නේ මොකෝ ?

      Delete
  27. අපට බැරිද සපත්තු මල් (වද මල්) මේ ක්‍රමේට උයන්න?

    ReplyDelete
  28. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 74
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 4
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 19
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 21
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 30

    විශේෂ සටහන - සංගණනය පමා උනේ මා උන රෝගයෙන් පෙලී සිටි නිසා බව කරුනාවෙන් සලකන්න.
    සංගණන ඇනෝ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.