Monday 6 May 2013

ජර්මනියේ දී මුණ ගැහුණු ඉන්දියානු ටැක්සිකාරයා - Still in Germany


ජර්මනියේ සිට ගෙදර බලා එන දවසේත් අන්තිම මොහොත දක්වා අපි ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ වීදි සංචාරයේ යෙදුණා.

ජර්මානුකාරයෙක්ව කනෙක්ට්-ෆෝ ගේම් එකකින් පරදවන්නට මට ඉඩ ලැබුණේ ඒ අතරතුරේ දී යි.

ආපසු එන ගුවන් යානය පිටත්වෙන්නේ රාත්‍රීයේයි. නමුත් අපි උදේම බෑග් පැක් කරලා, හෝටලයෙන් බිල් ගෙවලා, බෑග් ටික ස්ටෝරු කාමරයක තියලායි නගරය බලන්න පිටත් වුනේ.

ඉතිං අපිට තිබුනේ, නගරයෙන් ටැක්සියක් අරගෙන හෝටලයට ගොස් වහාම බෑග් ටික පටවාගෙන එයාපෝට් එකට යන එක විතරයි.

ජර්මනියේ බෙන්ස් වගේ කාර් තියෙනවා ටැක්සි විදියට. මොන බෙන්ස් වුනත් ඒවා සාමාන්‍ය සෙඩාන් නේ. අපේ බැග් ගෙනියන්න තියෙන නිසා අපි හෙව්වේ ලොකු සයිස් එකේ ටැක්සියක්.

ටැක්සි පේලියෙන් ටැක්සි තුන හතරක් මගහැරලා අපිට හොයාගන්න පුළුවන් වුනා හොඳ ස්ටේෂ් වැගන් එකක්.

මේකේ ටැක්සිකාරයා ඉන්දියන්කාරයෙක්.

නගරයේ සිට හෝටලය හරහා ගුවන්තොටුපොලට යන ගමනේ දී මං මේ ටැක්සිකාර ඉන්දියන්කාරයා එක්ක කතාවට වැටුණා.

පොර කොල්ලා කාලේ ජර්මනියට ඇවිත් මෙහි වාසය කරන කෙනෙක්. වාසගම රායි. ඔව් අර නිලියගේ නම තමයි. ඉන්දියාවේ පන්ජාබ්වලින් තමයි හැත්තෑවේ දශකයේ දී ජර්මනියට පැනලා තියෙන්නේ.

ඒ ආවේ ඉගෙන ගන්න කියලයි පොර මා එක්ක කිව්වේ.

අවුරුදු හතලිහක් ජර්මනියේ ඉඳලත් ඇයි මේ ටැක්සියක් එළවන්නේ කියලා නම් මං පොර ගෙන් ඇහැව්වේ නෑ.

මං නිකමට මෙහෙම ප්‍රාකශයක් කළා.

"දැන් යුරෝපයේ මෙච්චර කල් හිටි ඔබ භාෂා කීපයක්ම දන්නවා ඇති නේද? පංජාබි, හින්දි, ඉංගිරිසි, ජර්මන්..."

එතකොට පොර කිව්ව කතාව ඉතා වැදගත් එකක්.

"මං මෙහෙට එනකොට මට ඉංගිරිසි පුළුවන් හින්දි, පංජාබිවලටත් වඩා හොඳට. ඒ මං ඉගෙන ගත්තේ ඉංගිරිසියෙන් නිසායි. නමුත් දැන් අවුරුදු හතලිහට පස්සේ මට ඉංගිරිසි වැඩිය මතක නෑ. කතා කරන්නේ කළතුරකින්. දැන් ඉංගිරිසි මගේ තුන්වෙනි, හතරවෙනි භාෂාව බවට පත්වෙලා."

අනිවාර්යෙන් ම දශක හතරක් ජර්මනියේ ගෙවපු මේ මනුස්සයා ගේ ජර්මනියේ ඉපදී, හැදී වැඩුණු ළමයින් ගේ මුලික භාෂාව ජර්මානු වෙන්න ඕනෑ. ඉංගිරිසි ඉගෙන ගන්නවා ඇත්තේ දෙවෙනි භාෂාවක් විදියටයි.

සාමාන්‍යයෙන් යුරෝපයේ මිනිස්සු භාෂා තුන හතරක් ම දන්නා බවයි මා අසා තියෙන්නේ. බෙල්ජියමේ සිට පැමිණි ඕලන්ද ජාතිකයෙක් වෙන ආචාර්ය වෑන් ෆ්‍රෝසම් නමැති මගේ ඇදුරෙක් අප සමග කිව්වේ ඔහු ගේ ප්‍රදේශයේ කුඩා දරුවෙකුට පවා ඩච්, ජර්මන්, ෆ්‍රෙන්ච්, ඉංග්ලිෂ් ඇතුළුව භාෂා පහක් කතා කරන්න පුළුවන් ය කියලායි.

-කතන්දරකාරයා

ප/ලි

තුන්වෙනි භාෂාවක් ගැන කියනවා නම්,

මාත් මාස හයක් පමණ ස්ලීඩා ආයතනයෙන් දෙමල ඉගෙන ගෙන තියෙනවා, නමුත් භාවිතයක් නැති නිසා දියුණුවක් ලැබුනේ නෑ.

ප්‍රියන්ත වෙනිවැල් ද මේ ආකාරයෙන් දෙමල ඉගෙන ගෙන ඇති බව ඔහුගේ අළුත්ම කතන්දරයේ කියවෙනවා.

112 comments:

  1. ලංකාවෙත් සිංහල/දමිල/මුස්ලිම් දරුවන් ඉංග්‍රීසි භාෂාවට අමතරව වෙනත් භාෂාවක් උගෙනුම දැන් වැඩිවෙලා කියල මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දරුවෝ වෙනත් භාෂවක් ඉගෙන ගන්න එක හොඳා. ඒ උනාට ජපන් ඉගෙන ගන්න කෙන්ජි ගාවට යන එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙමේ. විෂේෂයෙන්ම පිරිමි දරුවෝ. ගියත් කමන් නෑ වැරදිලාවත් පිටිපස්සට හැරෙන්න හොඳ නෑ. පෑනක් වැටුනත් ගන්න නැමෙන්න හොඳ නෑ.

      Delete
    2. කෙනෙජි ලඟම කුමාරිහාමි කොමන්ට් කරලා නිසා මම මැද්දට පැනලා පොඩ්ඩක් ඉඩ වැඩිකළා.

      Delete
    3. මොකද කෙන්ජිත් නයි අරිනවද?

      Delete
    4. අනේ ඇනොල මම කිව්වෙ අද දරුවො නාකි අපි වගේ නෙමේ එයාලම හිතල වෙනත් භාෂා ඉගෙන ගන්න එකේ වටින කම.
      කොහොමත් ඇනෝ ,මම එදා ඉදලම කොල්ලො නැමෙද්දී පේන ලංකාවෙ වට්ටක්කයි,වැටකොලුයි අරහං.
      අද වෙනකන් ආස ස්ත්‍රීන්ගේ පෙනුමට තියෙන සුරු බුහුටි ඩුබායි වට්ටක්ක වගේ පස්ස සහ අර බර ගැට ගැහැව්වම ලස්සනට හැදෙන පතෝල කරල් වගේ තියෙන ලෙග් තිබෙන ස්ත්‍රීන්ට.
      වැටකොලු වගේද පතෝල.

      Delete
    5. @AnonymousMay 6, 2013 at 1:32 PM
      කෙන්ජි නයි අරින් නෑ. එලියට ආපු නයින්ව ගුලට තල්ලු කරනවා.

      Delete
    6. AnonymousMay 6, 2013 at 1:02 PM

      ඉරිසියාව ... ඕකට කියන්නේ ඉරිසියාව ....

      Delete
    7. දෙවරක් වච්චිල් කෙනෙජි අංකල් උඔට දවසක වෙන්නේ දනව දනව කිය කියා පිඔ පිඔ ඉන්න.

      Delete
    8. මෙන්න කෙන්ජි ආයෙත් ෆේප් එකේ කුමාරිහාමි ලඟට පැන්නා. ඔන්න මම මැද්දට පැනලා දෙන්නා සෙපරේට් කළා.

      Delete
    9. කාකා ප්ලීස්. පොඩ්ඩි සහ කෙන්ජි අතර මේ පොඩි භාධකය දාන්න
      ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

      Delete
  2. අහන්ට දෙයක්ද මෙහේ ඉන්න සිංහල ලමයින්ගේ තුන්වෙනි, හතරවෙනි භාෂාව සිංහලවීම.:D

    ReplyDelete
  3. කකා
    ජර්මන් හා ඉංගිලිසි භාෂා අතර ලොකු වෙනසක් නෑයි කියලයි මම හිතන් හිටියෙ.
    සරුපයන් කීප දෙනෙක් ඇදිල ගිය නමුත් මේක හොද කතාවක්.

    ReplyDelete
  4. MEMA TAXI KARAYATA PUKA THIBUNADA KIYALA BALUWE NEDDA? PUKA NATHNAM EKA YAKEK.

    ReplyDelete
    Replies
    1. හෙලෝ කැපිටල් ඇනෝ !!!
      කොහොමද මචං ජීවිතේ ?

      Delete
    2. WARADAK NE KOLLO.
      ME DAWAS WALA JEE PADA SHUKRA GENA DIPLOMA EKAK KARANAWA.
      TIKAK BUSY

      Delete
    3. MACHAN JEEWITHE MAL. KAKKA INNA KAL.

      Delete
    4. ඩිප්ලෝමා එකේ කෝස් නෝට්ස් ටික කකාට මේල් කරහන් කොල්ලෝ. එතකොට කකා ඒ ගැන පෝස්ට් 100ක් විතර ලියයි.

      Delete
  5. මමත් කාලයක් ජර්මනියේ හිටියා.ජර්මන් කාරයන්ට හොඳින් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් උනත්, උන්ගෙන් ඇහුවොත් එහෙම do you speak English කියලා එක පාරටම නයින් කියනවා. අපේ උත එක්ක කතා කරනවානම් බොරු.

    නමුත් "ස්ප්රේසන් ඉන්ග්ලිෂ්" කියලා ඇහුවොත් එහෙම "බිට" (ටිකක්) කියලා කියනවා. උගේ ඒ "ටික" අපි දන්නා ගොඩකට වඩා වැඩියි.

    මෙහෙමයි උන් තමන්ගේ භාෂාවට සලකන්නේ.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකේ නයි මදිවට කොමෙන්ට් අස්සෙත් නයි......

      Delete
    2. මචං කාකට ෆොටෝ ගහන විදිහ කියලා දීපංකෝ. පේන්නැද්ද උඩ දාල තියෙන ෆොටෝ එක. මෙලෝ රහක් නෑ.

      Delete
    3. භාෂා කීපයක් කතා කිරීම , විදෙස් සංචාරයක යෙදීම වගේ සුළු කරුණු නයෙක් , පුරාජේරුවක් ලෙස සලකන ඔබ වැනි ගං කබර කබ්බන් ගැන දුකයි. හෝ ගාන පොකුණ , පිට්ටු බම්බුව , යකඩ යකා එහෙම දැකල තියෙනවද ඔයා ??

      Delete
    4. යක්කු පෙරේතයො ගැන කතා කරන එක නයි නෙවෙයිද බන් එතකොට.... උඹත් බ්ලොග් අවකාශෙ මිත්‍යාව වපුරන එකෙක් විතරයි....

      Delete
    5. පෝස්ට් එකේ නයි ඇතුලෙත් නයි....

      බලන්න "බෙල්ජියමේ සිට පැමිණි ඕලන්ද ජාතිකයෙක් වෙන ආචාර්ය වෑන් ෆ්‍රෝසම්" ඇරලා තියන නයාගෙ සයිස් එක...

      Delete
    6. @ AnonymousMay 6, 2013 at 3:26 PM
      ඒ ගැන ඇදල ගත්ත එක හොඳයි බං. මගේ නිරීක්ෂණ වලින් පෙනී ගිහිල්ල තියෙන විදියට ලංකාවේ 95 % පමණ කොටසක් , සිංහල , දෙමල පමණක් නොවේ ඉස්ලාම් භාක්තිකයනුත් ඔබ කියන මිත්‍යාව භාවිතා කරනවා. හැබැයි කරන්නේ එකිනෙකාට හොරෙන්. මිත්‍යාවට උපහාස කරමින් පස්ස දොරෙන් ගොස් පේන අහනවා. නැකත් හදනවා.
      පොරොන්දම් බලනවා.

      ඔබද සරම උස්සගෙන මිත්‍යාවට විරුද්දව ආවත් ඔබටද කේන්දරයක් තියෙනවා. වෙඩිම දවසේ ඔක්කොම වැඩ මිත්‍යා කරුවන් හදා දුන්න වේලාවන්ට. ගෙපැල කපද්දී , මුල්ගල තබද්දීත් එහෙමයි. සුරයකුත් බෙල්ලේ ඇති.
      හැබැයි එහෙම කර කරත් කන පතේ පහරන සුනකයෙක් වගේ එයටම බනින්නේ කුමන හේතුවක් නිසාද ? මේක නම් යකෙක් ට වත් තේරෙන උලව්වක් නෙවෙයි.!

      කොහොම උනත් මේක මාතෘකාවට අදාළ නැහැ නෙව. අපි කතා කරමු රට යන එකෙක් දැක්ම , භාෂා කීපයක් කතා කරනවා දැක්කම මයිල් කෙලින් වෙලා රෙද්දේ රෙවෙන මහා මේර තරම් උසැති ඔබගේ හීන මානය පිළිබඳව. :D

      Delete
    7. මගේ කේන්ද්‍රය හදල තියෙන්නෙ මගේ දෙමව්පියන් මම සුර බෙල්ලෙ එල්ලන් ඇත්තෙත් නෑ... ඔය කියන කිසිම මගුලක් වෙලාවල් බලලා කරලත් නෑ..... මගුලට මුලින් දින දාලා වෙලාවල් හැදුවා කියලා බොරු වෙලාවල් දීලා... හිතුන දවසක ගෙට ගෙවදිච්ච එකෙක් මම.... මගේ ලමයට නම් දාන්න කොන්ඩෙ කපන්න වෙලාවල් බැලුවෙ නෑ... ඌට කේන්දරයක් වත් නෑ....

      උඹලා කුඩු කෑවට හිතන්න එපා රටේ ඉන්න අනිත් ඔක්කොම හරක් කියලා...

      උඹ ජෝක් එකක ආතල් එකක් රහ කරන්න දන්නෙ නැති මෝඩයෙක්

      Delete
    8. @මහසොහොන් පිල්ලිය :
      ඇද්ද අහගත්තා ? ඉදලා ඉදලා ගොං පාට් දානකොට ටිකක් ප්‍රවේශම් වෙන්න කියලා කවුරුත් කියලා දීලා නැද්ද....
      හුක්කි හුක්කි හූඌඌඌඌඌඌඌඌඋ

      -කැලාවේ නරියා-

      Delete
    9. ඉතාම හොඳින් ඔබ විග්‍රහ කරා ඔබගේ ඒ මිත්‍යාවන ගැන ඇති නොකැමැත්ත සහ පිළිකුල. ඉතාම සතුටුයි ඔබ ඒ කිසිවක් පිළිනොගෙන තමන්ට රුචි විදියට ජිවත් වීම පිළිබඳව. එය ඔබගේ මුලික ප්‍රජාතන්ත්‍රවාදී මනුෂ්‍ය අයිතිය.

      ඉතින් ඇයි ඔබ ඒ අයිතිය අනිත් අයට නොදෙන්නේ ? ඔබට යම්කිසිවක් ප්‍රතික්ෂේප කිරීමේ මුලික අයිතිය අනෙකෙකුට එය වැළඳගැනීම සඳහා ඇති බව පිළි නොගැනීමට තරම් ඔබ තුච්ච ද ? (රෙදි ගැලවුනා නේද ? )

      ජෝක් දන්නවා බන්. නමුත් නයි ගැන කතා කරන උන්ට තියෙන්නේ පැහැදිලි ඉර්ශ්යාව , හීනමානය .. low self esteem . දඹදිවට වත් වීස අරගෙන යන්න බලපන්. ඕක සනීප වෙයි. ඕකෙම දිගුවක් වශයෙන් එන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන එකට ඇති විරෝධය. විදේශ ආයෝජන වලට තියෙන විරෝධය. වෙන එකෙක් කාල , ඇඳලා , ඉගෙන ගෙන සතුටින් ඉන්නවට තියෙන පැහැදිලි ඉරිසියාව. මේ ඉර්ශයාව සැබෑ ජීවිතයේදී පෙන්නුම් කරනකොට ඒවා ජෝක් නෙමෙයි. අහිංසක මිනිස්සුන්ට කෙල වෙන ඒවා

      @-කැලාවේ නරියා- ,
      මට උඹට තේරෙන තිරිසන් භාෂාවෙන් හූ කියන්න තේරෙන්නේ නැහැ බන්. ඒ හින්ද නිකා ඉන්නං. මනුස්ස ආත්මයක් අරන් වරෙන් එන සැරේ.

      Delete
    10. //ඔබට යම්කිසිවක් ප්‍රතික්ෂේප කිරීමේ මුලික අයිතිය අනෙකෙකුට එය වැළඳගැනීම සඳහා ඇති බව පිළි නොගැනීමට තරම් ඔබ තුච්ච ද ? (රෙදි ගැලවුනා නේද ? )//
      දැන් ඌ කාටවත් ඒවා පිළිගන්ඩ එපා කියලා තියනවද.ඌ ඒවා කරන්නෑ කියලනේ තියෙන්නේ.
      //රෙදි ගැලවුනා නේද ?// :P බලපන් රෙදි ඇදගෙනද කතා කරන්නේ කියලා.
      //මට උඹට තේරෙන තිරිසන් භාෂාවෙන් හූ කියන්න තේරෙන්නේ නැහැ බන්. ඒ හින්ද නිකා ඉන්නං. මනුස්ස ආත්මයක් අරන් වරෙන් එන සැරේ.//
      උබ දැන් ඉන්නේ මනුස්ස නමකින්ද කියපන්කො.ඕක උබටම කියගනින්.

      Delete
  6. ජර්මනියේදී නයෙක් හෙම දැක්කෙ නැද්ද?

    ReplyDelete
  7. අප් හිතන් උන්නේ කකා ගෙදර ඇවිදිල්ලා කියලා. බැලින්නම් කකා තාම ජර්මනියේ නේ !

    ජර්මනිය කිව්වහම මට පොඩි කාලේ කියපු කවියක් මතක් උනා.

    ඔළුව ජපන්
    කඳ ජර්මන්
    කකුල ඉතාලි
    උබේ දත් සෙට් එක රට අඹ ලෑලි !!

    අද මම 1 ද ?

    ReplyDelete
    Replies
    1. එතකොට පුක? (පුක කියන එක කුණුහරුපයක් නොවේ - කාකා)

      Delete
    2. ඇනෝ,

      ඔය කවිය රයිම් වෙන්න කියන්නෙ මෙහෙමයි.

      ඔළුව ජපන්
      කඳ ජර්මන්
      කකුල ඉතාලි
      දත් සෙට් එක නිඅක්ං නෙමෙයි රට අඹ ලෑලී

      Delete
    3. යකෝ පුක කොයි රටෙන්ද?

      Delete
  8. භාෂා කීපයක් ඉගෙන ගන්න එක හරිම හොඳයි නෙ කාකා.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ, අර අරුණි නෝනා සුදු අප්පුහාමි කෙනෙක් සරණ පාවා ගෙනත් තාම ජර්මන් දන්නෙ නෑනෙ.

      Delete
    2. ඒ උණාට බලන්නකෝ ඒ වෘත්තීය බොගකාරිගේ ලංකාව ගැන තියෙන කැක්කුම. එන්ජියෝ සල්ලි තමා.

      Delete
  9. කකා... අදවත් අර ඩොස් වලින් හදපු ගේම් එක ලැබුනද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද ඒක තාම ලැබුනේ නෑ. තාම ඒකේ රැන්ඩම් ෆන්ක්ශන් එක ඉවර නෑ ලූ. කාටහරි පුලුවන්ද රැන්ඩම් ෆන්ක්ශන් එක එවන්න ? දවස් දෙකෙන් ගේම් එක දෙන්න පුලුවන්

      Delete
    2. කාකා ඩොස් ගේමත් නෑ සූදීකයත් පැත්ත පලාතක නෑ. පව් අසරණයා. නයි අරිනනවා කියන එකෙත් සීමාවක් තියෙන්න එපායෑ.

      Delete
    3. මට විරුද්ධව කොමෙන්ට් කරන හැම එකෙක්ටම මම දැන් එවනවා ගණ පිහිටුවීම “සූර්ය“ නම්වූ අයහපත් ගණය සමඟ “බූමි“ නම්වූ යහපත් ගණය මුසුකොට ගුරුළු හා නාග ප්‍රතිවිරුද්ධ යෝනි අතර ඝට්ටනය සිදුකොට විනාශය ඇති කරන පරිදි ලියූ දරුණුම ආකාරයේ වස් කවියක් එක්ක ඩොස් වලින් හදාපු පිල්ලියක්.....

      ඊට පස්සෙ බොලා ඉවරයි....

      Delete
    4. අනේ මචං ඊට කලින් සුදීකට C, C+, Pascal, Basic ගැනත් DOS ගැනත් ටිකක් කියලා දීපංකෝ. පොර මේ දවස්වල බිට් බයිට් මැද හිරවෙලා විතරක් නෙවේ, රැන්ඩම් ෆන්ක්ශන් එකකත් අතරමං වෙලා.

      Delete
  10. ජර්මනියේ ගිහිං කාණුවේ දාගෙන ඉන්න ගොනාට විනෝදයක් දෙන්න එහෙම ගියේ නැතෙයි?
    ඈ කක්කා මහත්තයෝ, කක්කා,පාඩ,චු,ජෝක්කු කතන්දර වගේ ජර්මන් ගිහිං ඇසුරු කරපු කාන්තාවෝ ගැනත් දාන්ටකෝ පොස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. කාන්තාවො, ඔයාට පිස්සුද? කකාගෙ අභිරුචිය වෙනස් විදිහෙ එකක්......

      Delete
    2. කකාගේ රුචිකත්වය ඉහත පෝස්ටුවෙන් මොනවට පැහැදිලි වේ.

      Delete
  11. කකා ඩ්‍රයිවර්ගෙ පැත්තෙන් එහෙම නගින්න හදලා නැද්ද එක පාරක් වත්? මම නම් ගියපු මුල්ම වතාවෙ වැරදිලා ඩ්‍රයිවර්ගෙ පැත්තෙන් නගින්න හැදුවා... මගේ බෑග් එක ඩිකියට දාන ගමන් ඒ දිහා බලන් හිටපු ඩ්‍රයිවර් හිනා වෙවී මගෙන් ඇහුව මට ඩ්‍රයිව් කරන්න ඕනෙද කියලා... උන් "වැරදි" පැත්තෙන් ඩ්‍රයිව් කරාට මං මොනව කරන්නද... :D

    ඉතින් කකා ලංකාවෙ මිනිස්සුන්ටත් භාශා කිහිපයක් පුලුවන් නෙ... සිංහල හෝ(හා) දෙමළ + ඉංග්‍රීසි... සමහරුන්ට හින්දිත් පුලුවන්... ;)

    ReplyDelete
    Replies
    1. ඔයා අහවල් එක වටේ යන අහවලා නෙවෙයි නේද.....

      පොර අව්වෙන් කරවල වේලන පෝස්ට් එකක් දාලා "අමාවක" ඒක නෝන්ඩි කරාට පස්සෙ පේන්න නෑ.....

      Delete
    2. නෑ නෑ... මේ අහවලා බ්ලොග් කියවන්නෙක් විතරයි... :)

      Delete
  12. දැන්වත් ගෙදර ඇවිත් බ්ලොග් එක පටන් ගත්තනං සුපුරුදු විදිහට.

    ReplyDelete
    Replies
    1. කාකාට සෙනසුරු මහ දශාව තව ගෙවිලා අවසන් නෑ. ඒ නිසා තවටිකක් හිටපුවාවේ.

      Delete
    2. අර කිව්වත් වගේ කකාට හෙනහුරා ලබලා. කකාව ඉබාගාතේ ඇවිද්දවනවා.
      අපලේ ගෙවෙනකන් ඔහොමයි.
      කකා කාක නිලක් පැලඳුවා නම් හරි.

      Delete
  13. 6:00 a.m. to 10:00 a.m.
    No comments yet !
    oh... poor thing !!

    ReplyDelete
  14. කවුද අර නිල් පාට ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න ගෝරිල්ලා ?

    ReplyDelete
  15. වෙන කතා කරන්න බාසාවක් නැත්නම් මැන්දරින් වුනත් ලේසියෙන් කතා කරන්න පුළුවන් වෙන කරන්න දෙයක් නැහැනේ

    ReplyDelete
  16. මටත් භාෂා හතරක් පුළුවන් ,
    සුද්ද සිංහල , මිශ්‍ර සිංහල ,නිකන් සිංහල , සිංගිරිසි ,

    මම අද 1 ද ?

    ReplyDelete
    Replies
    1. ඔවු.. අද ඔබ එක !
      මගේ සුබ පැතුම් පිලිගන්න....

      Delete
  17. ඒරොප්පෙදි "ඉන්දියන් ටැක්සි කරුවන්" ටිකක් stereotype figure එකක් නේද?

    ReplyDelete
  18. ඉන්දියන් ටැක්සි කාරයෝ නැති රටක් හොයලා කියන්න පුළුවන්ද කතෝ. මම කියන්නේ මයිග්‍රේට් කරන්න දෙන රටවලින්..

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් ටැක්සි කාරයොත් හොර වෙද්දු හොර කේන්දරකාරයො වගේ තමයි මෙයා. නැති තැනක් නෑ.

      Delete
    2. හොර වෙද්දු කියන්න එපා මාතයාට මල පනිනවා... අනෙක අරයගෙ හිත මලක් වගේ පොඩ්ඩ ඇත්තම් තැලෙනවා.....

      Delete
  19. ටැක්සි රස්සාව ගැන කියනවනම්, මමත් මාස කීපයක් බොහොම ආසාවෙන් කරපු රස්සාවක්, උදේ වැඩ පටන් ගත්තහම, තමන් යන එන තැන්, හමුවන මිනිස්සු ගැන කිසිම දෙයක් නොදැන දිනපතාම අලුත්ම අද්දැකීමක් ලැබෙනවා. නමුත් මා වැඩකලේ වෙන අයෙකුට අයිති ටැක්සියක නිසා, ගතමනාව නම් අඩුයි.

    භාෂා ගැන කියනවා නම් මගේ පුත්‍රයාට තරමකට සිංහල, තරමකට ඉංගිරිසි පුළුවන්, හැබැයි මීට අවුරුද්දකට විතර කලින් පුතා අපිට නොතේරෙන එයාගෙම භාෂාවක් බොහොම චතුර විදිහට කතාකලා.

    ReplyDelete
    Replies
    1. \\\හැබැයි මීට අවුරුද්දකට විතර කලින් පුතා අපිට නොතේරෙන එයාගෙම භාෂාවක් බොහොම චතුර විදිහට කතාකලා.\\

      තිසර මේ කියන්නේ සීරියස් දෙයක්ද ? නැතිනම් තම බිලිඳු පුතුගේ බහ තේරීමේ අවදිය ගැන පියෙකුගේ කෝණයෙන්ද..?

      Delete
    2. සීරියස් දෙයක්... ඒක ඒලියන් ලැන්වේජ් එකක්...

      ප. ලි: මචන් ඇයි උඹ හැම වෙලාවෙම නැට්ට පාගන් දගලන්නේ....

      Delete
    3. සහන්, භාෂා දෙකක් කතාකරන පරිසරයක වැඩෙන දරුවන්ගේ සාමාන්‍ය දෙයක් ඕක මං හිතන්නේ. මම ළමයින් කීප දෙනෙක්ගෙම ඔය දේ දැකලා තියනවා. සමහර විට තනි භාෂාවක් කතා කරන පරිසරයකත් ඕක වෙන්න පුළුවන්. ළමයට ඇහෙන වචන ළමයා උච්චාරණය කරන්න උත්සාහ කරන විදිහ තමයි ඒ. ඒ කාලෙදි මම හිතන්නේ ළමයට අවශ්‍ය තමන්ට දැනෙන දේ කියලා දාන්න මිසක් අපිත් එක්ක සංවාදයක් ගෙනියන්න නෙමෙයි, ඒ නිසා අපි ඒකට දෙන උත්තරය, අපිට තේරෙනවද නැද්ද කියන එක එයාට අදාල නැහැ, ඔහේ කියවගෙන යනවා.

      Delete
    4. @ ඇනෝ

      නොතේරෙන දේවල් ගැන අහලා දැනගන්න එක වටිනවනේ.

      @ තිසර

      ඒක මිසක්.තිසර ඒක කියපු විදිහට මම හිතුවේ ඇත්තටම වෙන භාෂාවක් වගේ දෙයක් කතා කරනවා වත්ද කියලා.ඔය TV වල එහෙම ළමයි පෙන්නන්නේ.ඒකයි සැක හැර දැනගැනීම සඳහා ඇහුවේ.ඒත් මට තේරුණා තිසර මේ කියන්නේ බහ තේරීමේ අවදිය ගැන වෙන්නත් පුළුවන් කියලා.

      Delete
  20. භාෂාව කියන්නේ සන්නිවේදන මාධ්‍යක් විතරයි. එකේ ඕනවට වඩා එල්බගෙන හිටියොත් අපි භාෂාවේ වහලුන් වෙනවා.අපිට උනත් ඔය දේ වෙන්න පුළුවන් සැහෙන කාලයක් වෙනත් පරිසරයක හිටියොත් හැබැයි විවිධ භාෂාවන් ඉගෙනීම තුලින් මිනිසුන් අතර සංහිදියාවේ පාලම හදන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. දැන් ඔය පාලම හැදුව කියමු... ඒකටත් ගෙවන්න ඕනි මේ අහින්සක අපි හම්බකරන තුට්ටු දෙකට කෙලින බදු වලින් නේද.....

      අනෙක මොකාද ඔය පාලමෙන් එහා මෙහා යන්නෙ?

      Delete
    2. දැන් එතකොට එකම භාෂාව කතා කරන ඊජිප්තුවේ මොකද්ද මුස්ලිම් කාරයෝ කතෝලිකයෝ පෙති ගහන්නේ ? ...

      Delete
    3. අර හයිවේ එකේ වගේ ඔය පාලමෙන් යන්න ටිකට් එහෙකුත් කඩනවා

      Delete
    4. මචන් ඇනෝ May 6, 2013 at 3:10 PM මම කිවේ නැහැ ඔක්කොම ප්‍රශ්න භාෂාවෙන් විසදන්න පුළුවන් කියල

      Delete
  21. කතන්දර හාමිනේ ද ෆොටෝ එක ගත්තේ ??
    කිසිවක් පැහැදිලි නෑ නේ කකා

    ReplyDelete
  22. 6.30 a.m. TO 9.30 A.M. NO COMMENTS. OSAP PRAMADA MOKADA?

    ReplyDelete
    Replies
    1. බඩු හිටලා...

      Delete
  23. මටත් සිංහල භාෂවට අමතරව සීනි භාෂාව කතාකරන්ට පුලුවනි,
    ඇයි කකා දන්නෙ නැද්ද?......
    අද මම 1ද?

    ReplyDelete
    Replies
    1. නෑ උඔ අදත් පුක.

      Delete
  24. අපෙ දෙශපාලුවො හිතන්නෙ ඉන්ග්‍රිසි දන්නවනම් ඔක්කොම හරි කියලා

    ReplyDelete
    Replies
    1. කී දෙනෙකුට ඉංගීසි පුළුවන්ද සමනෝ. අපි නොදන්න පාර්ලිමෙන්ට් ජෝක්.

      Delete
  25. from 6:00 a.m. to 12:00 noon
    No Comments yet !
    oh.... Nobody wants to comment this poor blog...??

    ReplyDelete
  26. ශා... නියම ලිපියක්... මාර රසයි බං කකා

    ReplyDelete
    Replies
    1. උඹ මේක කෑවෙ ප්‍රින්ට් අවුට් එකක් අරගෙනද, නැත්තම් මොනිටර් එක කෑවද?

      Delete
    2. ශා පුදුම විදිහට වටිනා කරුණු හොයලා ලියපු මාර ආතල් කොමන්ට් එකක්!
      - දේශකයා

      Delete
    3. මගේ උඩ කොමන්ට් එක AnonymousMay 6, 2013 at 12:00 PM ට විය යුතුයි.
      - දේශකයා

      Delete
  27. Replies
    1. සංජීව උඔ කෙනජිට අහුවුනේ නෑ නේද?

      Delete
    2. naha..Ano..mokda Kenji ta kawawat alagana uwmanawak nati nisa.
      Jayawewa.

      Delete
    3. හරි එහෙනම් හාල් සේරුවක බත්, එක බෙට්ටට දාපන්කෝ !
      ජය වේවා

      Delete
  28. කාකා කොමන්ට් කරන උන්ට මාර රැග් එකක් දෙන්නේ
    ලියා ප්‍රසිද්ධ කළේ: කතන්දර කාරයා වෙලාව: 6:00 AM
    දැන් වේලාව සවස 12:22
    තවම එක කොමන්ට් එකක් පලකරවලා නෑ...............
    ඒ උණාට කාකා අනිත් තැන්වල කියන්නේ
    වෛරයක් ද? ක්‍රෝධයක් ද? ඊර්ෂ්‍යාවක් ද? ද්වේෂයක් ද?
    නැත්තම් අහවල් එකක් ද?
    හැක්... හැක්...
    අපිට මෙහෙම කොරනකොට ඔය වෛරය, ක්‍රෝධය,... හැම එකක්ම එනවා.
    කාකා කොමන්ට්වලට කොමා තියනවද කාකා...

    ReplyDelete
  29. වෙන කවුරුහරි ගෑනියෙක් රට ගිහින් පෝස්ට් එකක් දැම්මොත් තමයි ඇනෝලා එන්නෙ පොලු උස්සන් නයි මරන්න.....

    මේකෙනෙ නයි.... සුදීකගෙ ඩොස් නයාට වඩා පොඩ්ඩයි දිගෙන් අඩු කකාගෙ ජර්මන් නයා.....

    ReplyDelete
    Replies
    1. හපෝයි දැන් කකාට බේරිලා ඉන්න හැටියක් වෙන්නෙ නෑ අරුණි නෝනා කකා පස්සෙ එන්න පට ගත්තාම. එයා නයින්ට හරි ආසයි කියලා පෝස්ට් එකක් දාලා තිබුණෙ.

      Delete
    2. අපිත් මේ බලන් ඉන්නේ ඇමරිකන් වෙඩික්කාරී මේ පැත්තේ එනකන්.

      Delete
  30. තව දෙයක් ගොඩක් යුරෝපීය ජාතිකයින් උපතින් මිශ්‍රයි.මව අයිරිෂ් , පියා චෙච්.එවිට ජාතීන් දෙකේම උරුව දරුවට යනවා සහ දෙමව්පියන් තව තවත් එවැන්නකට ඉඩ කඩ සළසනවා .අවසාන ඵලය භාෂා කීපයක නිපුණත්වය ඇති දරුවෙක්.ඒ දරුවා ලොකු වෙලා තවත් ඒ වගේම දියණියක් හා විවාහ උනොත් ඔවුන්ගේ දරුවන් ඔවුන්ටත් වඩා ප්‍රවීනයන් වීමේ ඉඩ වැඩියි.මේ දේ කාලාන්තරයක් තිස්සේ සිදු වෙමින් පවතින්නක් කකා..

    ReplyDelete
    Replies
    1. මේක බොරුවක් කියලා විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙන්නෙ...

      Delete
    2. ජානමය සිද්ධියක් ගැන එහෙම නෙවේ මචන් මන් කිව්වේ.මේක වෙන්නේ සමාජීය බලපෑම මත.ජානමය වශයෙන් භාෂාව පරිණාමය වෙන්න ඉඩක් නැහැ නෙව.

      Delete
  31. මේකනෙ කකා වැඩේ... කිසිම බාධකයක් නැතුව දේශ සීමාවකින් එහා තව රටකට යන්න පුළුවන් රටවල් වැඩි ප්‍රමාණයක් තියෙන්නෙ මුළු ලෝකෙන්ම යුරෝපෙ. අපි උදාහරණෙකට ඉතාලිය ගත්තොත් ඔස්ට්‍රියාවෙ බෝඩරේට කිට්ටු ඉතාලි අය හොඳට ජර්මන් කතා කරනවා, ඉතාලිත් කතා කරනවා. ප්‍රංශ බෝඩරේට කිට්ටු අය හොඳට ප්‍රංශ යි ඉතාලීයී දෙකම කතා කරනවා.... ඒ වගේම ජර්මන් අය ළඟ තියෙන රටවල් වල ඒ කියන්නෙ ඩච්, ෆ්‍රෙන්ච් වගේ කතා කරනවා හොඳට.....අපි ට්‍රයි පොයින්ට් එකක් කියලා හඳුන්වන ස්ථාන ( රටවල් තුනක දේශ සීමා එකට මුණ ගැසෙන ස්ථාන ) වැඩි ප්‍රමාණයක් තියෙන්නෙත් යුරෝපයෙ. ඉතින් භාශා හැකියාව ඉහළයි. ඒ වගේම තමා භාශා වල ස්වරූපය ගොඩාක් සමානයි.. ඉතාලියී, ස්පාඤ්ඤයි එක වගේ. ඔය දෙක දන්නව නම් , ඔන්ගිරීසි ටිකකුත් දන්නව නම් ප්‍රංශ පුළුවන්. ප්‍රංශ පුළුවන් කියන්නෙ පෘතුගීසී පුළුවන්. බෙල්ගියමෙ කතා කරන්නෙ ප්‍රංශ නැත්නම් ඩච්. ඩච් කියන්නෙ ගර්මන් වලට ගොඩාක් ළඟින් යන්නෙ... බෙල්ගියමෙ තව භාශාවක් තියෙනවා ෆ්ලෙමිශ් කියලා. ප්‍රංශයි ඩච් එකතු වෙලා හැද්දි.... ඉතින් බලාගෙන ගියහම ඔක්කොම එක එක ළඟින් තමා යන්නෙ .....

    ReplyDelete
  32. "හෙලෝ.... හෙලෝ...... ආ.... පුතා මම දැන් ගේ ලඟටම ඇවිල්ලා ඉන්නේ අම්මිට කියන්න ගේට්ටුව අරින්න කියලා"
    පුතා - "හා තාත්තී..."
    "හෙලෝ.... හෙලෝ.... පුතා කෝ ඔයා අම්මිට කිව්වේ නැද්ද ගේට්ටුව අරින්න කියලා. ‍මම මේ ගේට්ටුව ලඟ ඉන්නේ"
    පුතා - "මම කිව්වා"
    "ඉතිං"
    පුතා - "මම යනකොට අම්මි ගේ කාමරේ දොර වහලා. මම දොරට තට්ටු කරහම අම්මී ඇහුවා "මොකද කියලා" එතකොට මම කිව්වා "තාත්තී ලඟම එනව කිව්වා ගේට්ටුව ඇරල තියන්න කිව්වා කියලා"
    "ඉතිං.."
    පුතා - "කාබරේ ඇතුලේ ලොකු කලබලයක් වගේ ඇහුනා... ඊට පස්සේ දඩීං.... ගාලා කව්ද බිම වැටුනා... ඊට පස්සේ ජනේලේ අරින සද්දේ ඇහුනා..."
    "ඊට පස්සේ"
    පුතා - "මම කාමරේ දොර ඇරල බලනකොට අම්මී බිම වැටිලා හිටියා. එයාගේ ඔලුව හොඳටම තුවාල වෙලා එයාට සිහි නැහැ. මම ඇරල තිබුන ජනේලෙන් පහල බැලුවා. කව්ද පිස්සෙක් වතුර අස්කරපු පූල් එකට උඩ තට්ටුවේ ඉඳල පැනලා"

    "ඔහ්! මොන පූල් එකද? මොන උඩ තට්ටුව ද? අපේ ගෙදර පූල් එකක් නැහැනේ. වෙරි සොරි පුතා රෝන්ග් නම්බර් "

    ReplyDelete
    Replies
    1. කවුද මේ මෝඩ ජෝක් මේකෙ ගෙනැල්ල ඔබන්නෙ? ඔය පරණ ගොන් ජෝක් රී මික්ස් කරලා දාන බ්ලොග් කාරයෙක් ඉන්නවා... ඌට මේවා මේල් කරන්න...

      Delete
    2. කකාගේ නීරස පෝස්ටුව රසවත් කලාට ස්තූතියි
      නැවත එන්න !

      Delete
    3. කීප තැනකින්ම කියෙව්වා . ටියුබ් ලයිට් වගේ... සින් එක හරියටම ඇගට ගියේ නැහැද මන්ද :p

      Delete
  33. හාපෝ මෙහෙමත් නයි ඇරිල්ලක් උපන්තේකට දැකල නෑ
    පෝස්ට් එකෙත් නයි කමෙන්ට්වලත් නයි
    කෝ මේ සංගනන ඇනෝ,
    නයි අරින ප්‍රොෆයිල්කාරයො ගැන සංගනනයක් කරන්න කියාපු දවස !

    ReplyDelete
    Replies
    1. එයා නැහැ .... හවසට එන්නම් කිව්වා......

      Delete
  34. germaniye lassana kello innawada ban

    ReplyDelete
  35. මාත් මෙහෙම හිටියට මටත් සිංහලට අමතරව භාෂා දෙක තුනක් පුළුවන් ටික ටික
    ඒවා නම් ඉංග්‍රීසි,හින්දි,දෙමළ :)

    ReplyDelete
  36. සිංහල අපෙත් සිංහල අවුල් කොට තව මොන කතාද .. .අධ්‍යාපන ක්‍රමයේ වැරදි තමා :/

    ReplyDelete
  37. onna yaluwane balapalla me post ekata kopamana comments dammath, boga ekama reply ekakwath dalada kiyala. ithin mehema bogalage post walata comments daanna umbalata pissuda?

    ReplyDelete
  38. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 90
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 17
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 49
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 0
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 24

    ReplyDelete
    Replies
    1. මගේ කොමන්ට් ගානන 7 යි
      ඉතිරි 42 වෙනත් ඇනෝවරුන්ගේ

      Delete
  39. කමෙන්ට් 100ට මගෙන් සුබ පැතුම්

    ReplyDelete
  40. umba kaka da ban

    ReplyDelete
  41. නොදොකින් අසහන කමෙන්ට් කාරයෝ...

    ReplyDelete
    Replies
    1. දැන් උබට සහනයක් ලැබුණද?

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.