Saturday 16 March 2013

තායි කෑම රස බැලුවෙමි - Delicacies from Thailand


කාලෙකට පස්සේ තායි කෑම ජාති කීපයක රස බලන්න පුළුවන් වුණා.

මේකයි කේස් එක.

අපේ අසල්වැසි අංකල් කෙනෙකුගෙයි ඒ ඇන්ටිගෙයි වෙඩින් ඇනිවසරි එක ගිය සුමානේ තිබිලා තියෙන්නේ. අපි දැන ගෙන හිටියේ නෑ, අංකල්ලා ගේ දුව කියනකම්ම.

ඉතිං ඒ හේතුව පිට දාලා අද සෙනසුරාදා හෝටලයකට ගිහින් කෑම ගනිමු කියලා යෝජනාවක් ආවා.

හාමිනේයි, මායි දෙන්නත් එක පයින් කැමති වුණා වැඩේට. මොකද, උයන්න ඕනැත් නෑනේ!

ඉතිං අපි පිරිසම ගියේ තායි කෑම තියෙන හෝටලේකටයි.

මංතුමා නම් වැඩිපුර මේ තායි කෑම කන්න කැමති නෑ. මොකද අර පස්තාච්චි කුපාඩි කාලේ තායිලන්තේදී ඔරිජිනල් තායි කෑම කාලා තියෙන කෙනෙකුට, මේ හෝටල්වල තියෙන තායි කෑම ටිකක් වෙනස් බවකුයි දැනෙන්නේ.

අද නං හැබැයි කෑම වේල නැගලා ගියා.

මෙන්න අපි කාපු ඒවා.

1. තායි ජැස්මින් බත්


2. තායි ග්‍රීන් කරි (ටෝෆු)


3. චිකන් විත් කැෂු නට්ස් ස්ටර් ෆ්‍රයිඩ්


4. පඩ් තායි (නූඩ්ල්ස්)


5. බීෆ් සැලඩ්


මේ කෑම කන අතරේ හාමිනේ මතක් කළා එයා අර පොඩි චීනේ ගිහින් කාපු කෑම ජාතිවල රස ගුණ ගැන.

මට නම් මතක් වුනේ ඒ වගේ හාමිනේ රට ගිය දවසක දවසක මට රත්නායක මහත්තයාලා ගේ ගෙදරින් ලැබුණු කෑම ජාති ගැනයි.

තායි කැම නං රහයි. ලඟදීම දවසක හදලා බලන්න ඕනෑ. ඊට පස්සේ හදන විදිය ගැන ලියන්නම් කෝ.

එතකං හොඳ ළමයි වගේ කෙල ගිලින්නේ නැතුව මෙන්න මේ කෑම ජාතිවලින් එකක් දෙකක් හදාගෙන කන්න.

1. පරිප්පු
2. බීෆ් කතන්දර ස්ටයිල්
3. බීන්ස් විත් පීනට්ස්
4. බොම්බිලි කරෝල

-කතන්දරකාරයා

ප/ලි:
මෙය සන්ඩේ ඉස්පැෂල් ඇක්ස්ට්‍රාවකි.

(image: http://www.tigerwoods.com/news/article/2010100715480762/news)

47 comments:

  1. තෙල් අධික කෑම නේද කකා? මට නම් ඕවාට ප්‍රියක් නැහැ.

    ReplyDelete
    Replies
    1. නෑ, තෙල් හරිම අඩුයි.

      Delete
    2. අද තරඟයේ දෙවන දිනයයි මේ වනවිට කඩුලු තුනක් දැවී ගොස් හමාරය.

      Delete
  2. තායි ඒවා නම්.. සුපිරි ඇහ් !

    ReplyDelete
    Replies
    1. තායි කෑම වරදක් නෑ. හැබැයි සුපිරිය කියන්න බෑ මට නම්.

      Delete
    2. @ සෑම්,

      ජීවිතේට තායි කෑම කාපු නැති උන් නිකං පච වෙනවා බොරු කියලා. ඕක මානසික ව්‍යාධියක්.

      Delete
    3. සෑම කියන්නෙ තායි කට්ටියගෙ කෑමද තායි කට්ටිය කෑමද?

      Delete
  3. තායි කෑම මාත් කාලා තියෙනවා. හරිම රහයි... හික්ස්... :)

    ReplyDelete
    Replies
    1. කොළඹ තායි රෙස්ටෝරන්ට් තියෙනවානේ!

      Delete
    2. ආ... මාතලන් නුත් මේ කරදිය වලල්ලෙන් පිට ගිහින් තියෙනවා. හරිද? :-)

      Delete
    3. ලංකාවේ සිංහල කෑම, දෙමළ කෑම, මැලේසියානු කෑම, චීන කෑම, සිංගප්පුරු කෑම, ඉන්දියානු කෑම පමණක් නොව යුරෝපීය කෑමද රස වින්ද පුරුදු මුත් තවම තායි කෑම කා නැත්තෙමි. රසය ඇසීමි.

      Delete
    4. මාතලන්, තායි බාත් කීපෙකට ගත හැකි ටර්කිෂ් බාත් එකක් රසවිඳ තිබේද?

      Delete
  4. කෑවට පස්සේ අනිත් අයටත් ඇසෙන්න තළු මරනවා.

    ReplyDelete
    Replies
    1. සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා!

      Delete
    2. ඔව්, බඩගින්නේ ඉන්න අයට එතකොට ඉරිසියාවයි තමයි.

      Delete
  5. ඇයි නූඩ්ල්ස් වලට 'පඩ තායි' කියන්නෙ? සද්දෙද, ගඳද?

    ReplyDelete
    Replies
    1. මේවා කොස් ඇට පිටිවලින් හදලා තියෙන්නේ.

      Delete
  6. endenawa ban..:( mata aye jiwitha kaalema gewanta thiyenne gluten free kema ekka..ubawath hondata kaapan..:(

    ReplyDelete
    Replies
    1. මස් මාළු ජාති ග්ලුටන් ෆ්‍රී නේද?

      Delete
  7. තායි කෑමවලට මාත් ආසයි. ඒ අර පොල් කිරි රහ දැනෙන හන්දා වෙන්ටැති.
    එයාලගේ ඔය බීෆ් සැලඩ් එක බොහොම ප්‍රසිද්ධයි.

    මට මේ කල්පනා උනේ දැන්, දැන් එලියට ගිහින් කනකොට, කන කෑමවල ෆොටෝ ගන්න අය ගොඩයි. ඒ හැමෝම බ්ලොග් ලියනවාවත්ද? :)

    ReplyDelete
    Replies
    1. ෆේස් බුකේට දාන්ට වෙන්ටැ!

      Delete
    2. කෑම පිගාන ෆොටෝ ගහලා බුකියේ දාන ප්‍රසිද්ධම පුද්ගලයා බ්ලොග්කරුවෙකු බව ඔබ දන්නෙහි ද ?

      Delete
    3. එයා දැන් කන්නේ කොළඹ හතේ කෑම.

      Delete
    4. වටේ නොගිහින් කෙළින්ම කියමුකෝ මේ මාරයා ගැන කිව්වේ කියලා..

      Delete
    5. බ්ලොග්කරුවගේ නමත් කියලා දැම්ම එකේ ලැජ්ජ වෙන්නේ නැතුව උම්බෑ උම්බෑ කියලත් කියමු.

      Delete
    6. @Naleen Dilruksha

      වටේ යන්න එන්න කියන්නේ මම ද ඔයාද නලීන් මහත්තයෝ ???

      Delete
  8. කකා,
    ඔබතුමා දැන් සුළුඇඳුරෙක්ද නැත්නම් මහැඳුරෙක් ද ?
    මගේ මතකය නිවැරදි නම් ඔබ තුමා ආචාර්ය උපාධි ගත්තෑඉ සෑහෙන කාලයකට උඩ දි.

    ReplyDelete
    Replies
    1. කතාව කියෙව්වා කකා.
      කතාව කියවගෙන යනකොට පොඩි දුකක් නොහිතුනාම නෙමෙයි.
      ඔබතුමා තිසීස් එක සම්පූර්ණ කලේ නැද්ද ඊට පස්සේ ? (කැමති නම් විතරක් උත්තර දෙන්න.)

      Delete
  9. HA HA BADUMA THAMI, THAI KEMA KAWANAM . DAN THIN JOKA GALAWANA EKA HONDAI, JEE YAI, CHOO YAI, PADA YAI, PUKA ELIYE THIYAGANA INTA WEI, PAKA HAKILEI, KAI PADA AMATHAKA WEI,

    ReplyDelete
    Replies
    1. ඔබේ මෝඩකමට නම් සීමාවක් නැති බව පෙනේ.

      මගේ කණගාටුව පිලිගන්න.

      Delete
    2. ඔහු මා ලියා ඇති මෙම ලිපිය කියවිය යුතුමය.ඔහු මා ලියා ඇති මෙම ලිපිය කියවිය යුතුමය.
      http://nihalw.wordpress.com/2013/03/16

      Delete
  10. තායි කැම නං හරිම රහයි තමා කකා...ඒත් ඒවා හදනකොට එන පුසුඹ තමා අල්ලන්නේ නැත්තේ..පතායාවල හිටිදවස් දෙක තුනේ අමාරුවෙං වගේ ගිලලා දැම්මා තායි වේලක්...අම්මෝ රස..පොඩ්ඩක් බය මොනවා දානවද කියන එක ගැනයි..

    ReplyDelete
    Replies
    1. මා දන්නා තරමින් තායි කෑමවලට මෙන්න මේ සුවිශේෂී ජාති (අපේ කෑමවලට නොදමන) දානවා.
      1. කෆීර් නමැති දෙහි කොල - නිකං කරපිංචා වගේ ජාතියක් රසය සෑහෙන්න වෙනස්.
      2. කොත්තමල්ලී කොල/මුල්
      3. මා නම නොදන්නා අල වර්ගයක් තීරු කපලා. ගලන්ගාල් ද කොහෙද.
      4.ෆීෂ් සෝස්

      Delete
  11. මමත් හරි ආසයි තායි කෑම කන්න. ඒවයේ චයිනීස් කෑම වල තරම් තෙල් නෑ.

    ReplyDelete
    Replies
    1. මා තායිලන්තයේ සිටි මාස විස්සේ කඩෙන් කෑ වැඩි දවසක් කෑවේ කව්-පඩ්-කායි නම් චිකන් ෆ්‍රයිඩ් රයිස් විශේෂයයි. එය නම් තරමක තෙල් සහිතයි.
      නමුත් බොයිල්ඩ් රයසිස් සමග මස්, එලෝළු කන්න හැකියි.
      මා සිටි සරසවියේ තිබුණු මුස්ලිම් කඩේ බුරියානි, පරිප්පු පවා තිබුණා!

      Delete
  12. මගේ නම් මනාපයක් නැහැ කකා ..
    බඩගින්නේ මැරෙන්නම ගියොත් මිසක
    කන්නේ නැහැ..මහ අපිරිසිදු මිනිස්සු ජාතියක්..
    කොයි වෙලේ හූනෙක් , කැරපොත්තෙක්
    මතු වේවිද කියල බයෙන් කන්නේ කෑවත් ..:(

    ReplyDelete
    Replies
    1. කෑමවල හුනන්, කැරපොත්තන් ඉන්නවා නම් එය අදාල හොටලය පිහිටා ඇති ප්‍රාදේශීය බල ප්‍රදේශයේ නගර සභාවට පැමිණිලි කරන්න.

      ගොලුබෙල්ලන් කනවා නම් හූනෙක් කජ්ජක්ද?

      Delete
    2. \\\ගොලුබෙල්ලන් කනවා නම් හූනෙක් කජ්ජක්ද?\\\


      කජු වගේද මෙයා හූනු බෙටි :(

      Delete
  13. චයිනිස් රෝල් කියන හැම සිංහල කඩේකම තියෙන කෑම මිසක වෙනත් රට වල කෑම කන්න හම්බෙලා නැහැ. ලංකාවේ තියෙන චයිනිස් වලත් තියෙන්නෙ සිංහල කෑම ද නැතිනම් චයිනිස් තියෙන තරමට ඒ කෑම ලාංකීය ඉවට පත් වෙලා ද මන්දා.

    ReplyDelete
    Replies
    1. එක රටක කෑම තවත් රටක හදන කොට පොඩි ඉම්ප්‍රොවසින් කරන්න වෙනවා. පස්සේ රස වෙනස් වෙනවා.

      කොළඹ නම් විවිධ ඉන්දියානු කෑම, බංගලාදේශ කෑම, ඔතෙන්ටික් චීන කෑම කන්න තියෙනවා නේද? මාතර අහ නැද්ද එහෙම තැන්?

      Delete
    2. ලංකාවේ තරම් චයිනීස් රෙස්ටොරන්ට් චීනෙවත් නෑ. මොනව හරි තෙල් දාල සෝස් ටිකක් එක්ක , මකරෙක් ඉන්න බෝඩ් ලෑල්ලක් ඉස්සරහින් එල්ලුවාම නිකම්ම චයිනීස්. :)

      Delete
  14. MAGE MOODA KAMATA BORDERLESS, ACCEPTED YOUR APOLOGY. THAI LANTHE BANGKOK WALA PAVEMENT EKE KUDA YATA THIYA GENA HADANA KEMA KEWOTH BADUMA THAMA. I HAD BEEN TO THAILAND AND STAYED IN CENTARA GRAND HOTEL 28TH FLOOR. ROOM EKATAMA AWITH MASSAGE KARANAWA.BADUMA THAMA.

    ReplyDelete
    Replies
    1. පුදුමයි ඔබේ කී-වර්ඩ්ස් ටික නැතුව කමෙන්ටුවක් දැම්මා!

      මේ කතාවේ තියෙන්නේ තායිලන්තේ ගොස් කෑ කෑමක් ගැන නොවේ. ආපන ශාලාවකට ගොස් ගත් ආහාර වේලක් ගැනයි. ඔබට තායිලන්තේදී සිදු වූ කරදර ගැන මට කණගාටුයි.

      Delete
    2. අපේ ආදරනීය ඇනෝ සහෝදරයට එක එක දේවල් කියලා ආතල් කමෙන්ට් එකක් නැති කරන්න එපා කකා මහත්තයෝ.
      මේ කමෙන්ට් එක අපි ගොඩක් හොඳට රසවිඳිනවා.

      කීපිටප් ඇනෝ මචං කීප් ඉට් අප් !!

      Delete
  15. පිටරට කෑම එතරම් දිරවන්නේ නැත

    ReplyDelete
  16. MATA THAILANTHA YE DI KISIMA KARADARAYAK WUNE NEHE. COMFORTABLY, HITIYA, RATE AVIDDA. MEALS GATHTHE HOTEL RESTAURENT EKEN. BUFFET TABLE EKE KEMA WARGA 50K WITHARA THIYENNA ATHI, PORK THAMI WEDI. WARAKA GEDIYAK GEDIYA PITIN THIBBA, KESEL KENA PITIN THIBBA.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.