Sunday 23 December 2012

සමන් ජයනාත් ජිනදාස ගේ නවතම විරහ ගීතය - Saman Jayanath Jinadasa's latest song


මං ගිය ඉරිදා සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකේ ලිව්වේ පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත්තු සමන් ජයනාත් ජිනදාස කියන ගායකයා ගැනයි.

පොර මේ දවස්වල ඉන්නේ බහරෙන්වල කියලයි ආරංචිය.

"අනුත්තරා" කැසට් එක අනූ ගණංවල කරලා, "සඳ පහන් රැයක" සීඩී එක දෙදාස් ගණංවලදී කළාට පස්සේ පොරගෙන් කිසිම සද්දයක් බද්දයක් තිබුණේ නෑ.

හැබැයි පොර මේ ලඟදීත් අළුත් සින්දුවක් දෙකක් කියලා තියෙනවා.

මෙන්න එයින් එක සින්දුවක්. මේක විරහ ගීයක්. පොඩ්ඩක් විතර දුක හිතෙන එකක්. අහලා අඬන්න හෙම එපා, හරිය?

වරම් නැත මට ඇඟිලි තුඩඟින්
සුමුදු කම්මුල් පිරිමදින්නට
වරම් නැත මට ඔබේ දෙනෙතින්
නැගෙන කඳුළැල් පිස දමන්නට

වරම් නැත මට ඇඟිලි තුඩඟින්
සුමුදු කම්මුල් පිරිමදින්නට
වරම් නැත මට ඔබේ දෙනෙතින්
නැගෙන කඳුළැල් පිස දමන්නට

එදා දෙඩමලු පෙමක නටඹුන්
නොපැතු විලසින් ගොළුවෙලා
සදාකාලික සෙනෙහසක් ගැන
නැගුනු සිහිනය බොඳ වෙලා
ඔබ ඔබේ ලොව මා මගේ ලොව ඇයි
අසම්මතයක සිරවෙලා

වරම් නැත මට ඇඟිලි තුඩඟින්
සුමුදු කම්මුල් පිරිමදින්නට
වරම් නැත මට ඔබේ දෙනෙතින්
නැගෙන කඳුළැල් පිස දමන්නට

හිරු සැඟව ගිය සඳු සැඟව ගිය
පාළු දුක්බර මේ රැයේ
සතුරු ලොව මැද සසල හදවත
පිපුණු පෙම අද පරවී නොයේ
තරු සෙවන යට මෙලෙස කුමකට
සුසුම් හෙලමුද අප ප්‍රියේ

වරම් නැත මට ඇඟිලි තුඩඟින්
සුමුදු කම්මුල් පිරිමදින්නට
වරම් නැත මට ඔබේ දෙනෙතින්
නැගෙන කඳුළැල් පිස දමන්නට


ගායනය: සමන් ජයනාත් ජිනදාස සහ ධම්මිකා දේවසුරේන්ද්‍ර
සංගීතය: සංජීව පරණමාන
පද රචනය: රසික සූරියආරච්චි

මෙන්න යූ ටියුබ් ක්ලිප් එක.



-කතන්දරකාරයා


(http://darshanaonline.webs.com/apps/photos/photo?photoid=69782094)

24 comments:

  1. සමන් ජයනාත් නේද අර 'උතුල නමුනුකුල' කියන සිංදුව කියලා තියෙන්නේ....පිතූරේ දාලා තියෙන පාලම ඩිසයින් කලේ කවුද දන්නේ නෑ...වාහනේකට යන්න බෑ වගේ ;)

    ReplyDelete
    Replies
    1. "තුමුල නමුනුකුල"
      පාලම පුදූම 7න් එකක්. maxxa design එකක්. උබ එකෙ ඇද හොයල පාලම් කොකෙක් වෙන්න හදන්න එපා. bike පමනයි.
      සින්දුවනන් චා.. scale එකෙ වැරැද්දක්ද මන්ද. දෙපාරක් අහන්න හිතෙන්නෙ නැ. lyrics හොදා

      ""තරු සෙවන යට මෙලෙස කුමකට
      සුසුම් හෙලමුද අප ප්‍රියේ""
      එහෙම කියල වීරයෙක් වගෙ තීරනයක් ගත්තනන් මෙ සින්දුව නොලියවෙන්නත් තිබ්බ. පස්සෙ කාලෙක මම සි0හල ස0ගීතයට තවත් සෙවයක් කරා කියන්නත් තිබුන.

      Delete
    2. මේක මහ දියාරු සින්දුවක්නෙ! කිසිම විරහ හැගීමක් එන්නෙ නැහැ නිදිමතක් මිස. පුදුම වෙන්න දෙයක් නැහැ, පේරා සෙට් එකක් කරපු වැඩක්නෙ!

      Delete
    3. @ AnonymousDecember 23, 2012 10:31 PM
      පොට්ටයෙක් අලියෙක්ගෙ නැට්ට අල්ලල කිව්වලු අලිය නිකන් බට ලීයක් වගෙ කියල.
      hiks!

      Delete
    4. @AnonymousDecember 24, 2012 3:15 AM,

      ඇත්තද? ඒ පොට්ටය ඔයත් එක්ක පේරා හිටිය කෙනෙක්ද? මොන year එකද?

      Delete
  2. සමන් බොහොම හෙමින් හොඳ දෙයක් කරන ගායකයෙක් මගේ සුබ පැතුම් ඔහුට.

    ReplyDelete
  3. මේ ගීතයේ රචකයා වැනි අද පරපුරේ අය පැරණි සිංහල යෙදුම් දැන නොසිටීම පුදුමයක් නොවෙයි. භාෂාව කොතරම් විකෘතිවී තිබේද යත් සුමුදු කම්මුල් යන වචනය වෛශ්‍යා යන වචනයටම බද්ධවී ගිහින්. ඒ ගැන ඇතිවන්නේ අනුකම්පාවක්. පෙළපොත් වලටම සීමාවී කටපාඩම් කර විභාග සමත්වන, අයට තම භාෂාවේ ඇති යෙදුම් පිලිබඳ ඇති දැනුම ඉතා අඩුයි.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම ඔබ සමඟ එකඟ වෙමි ...... නුතන පරපුරේ අභාග්‍ය වන්නේ ගායකයින්ගේ අවුලක් නොව හොඳ ගීත රචකයන් නොමැති වීමයි . නමුත් මේ ගීතය කලකට පසු ඇසුන යම් මට්ටමක ඇති ගීතයක් බව මගේ හැඟීමයි .

      Delete
    2. මට නම් ඔබේ කොමෙන්ටුව කියවන විට දැනුනේ, එයත් ඔබම කියන පෙළපොත් වලින් දැනුම ලබා ගත්ත කෙනෙකුගේ අදහසක් පමණයි කියා. මේ පද රචනයේ මහා නිර්මානාත්මක බවක් මට නොපෙනුනත්, අද කියවෙන (ගයන නොවේ) සිංහල ගීත අතරේ අහන්න පුළුවන් අන්දමේ එකක්. ගොඩක් වෙලාවට වෙන්නේ ලියා තියන දේ විවේචනය කිරීමට වඩා, ලියන කෙනාව අනියමින් විවේචනය කිරීමයි. එයත් පෙළපොත් අධ්‍යාපනයේ එක අංගයක් කියා මා හිතනවා.

      Delete
  4. ලස්සන පද රචනයක්!

    ReplyDelete
  5. පද රචනය නම් ටිකක් හොඳයි.... කිසිම ප්‍රාණවත් ගතියක් නෑ..... ඒ කියලා මම පොරක් නෙමෙයි... ඒත් මේ මගේ අවංක හැඟීමයි....

    ReplyDelete
    Replies
    1. උණු වතුර කෑකෑරෙන හැළියකට දමන ලද ගෙම්බා එයින් පිටතට පැන්නේ ක්ෂණිකවය. ඌ‍ට වතුර පිච්චෙන තරමට උණු බව ක්ෂණිකවම දැනුනු නිසාය. එහෙත් යාන්තම් රස්නය ඇති වතුරට දමන ලද ගෙම්බා එහි නිසංසලව සිටියේය. වතුර පිරුණු හැළිය යටින් බුර බුරා දැල්වෙන ගින්දර ගැන දැනීමක් නොමැති ගෙම්බා යාන්තම් රස්නෙ ඇති වතුරේ ගිලී සංසුන්ව සිටියි. අන්තිමේ දී වතුර රත් වූ කළ ගෙම්බා තැම්බී මැරී යයි.

      පිච්චෙන විට පැන දුවන්නට ඕනෑම කෙනෙකුට අමුතුවෙන් කියා දෙන්නට උවමනා නැත. එහෙත් ඇල් මැරුණු වතුරේ බැස ඉන්නා අය තැම්බී මැරෙන තෙක් එහි නිශ්චලව සිට යටින් වතුර පැහෙන කළ ඒ ගැන නොසොයා සිටීම මෝඩකමකි.

      ලෝකයේ වැඩියෙන් ඉන්නේ වෙන්නේ මොකක්ද කියා නොදැන බැහැගෙන සිටින ඇල් මැරුණු වතුරේ නිකම්ම නිකම් ඉන්නා ගෙම්බෝ බව පෙනේ.

      Delete
    2. මාගේ කොමෙන්ටුවට අදාල නොවන කොමෙන්ටුවක් දමා තිබෙන්නේත් එවන් ගෙම්බකුම බව පෙනේ....

      Delete
    3. මේ දිනවල කරනලද නව පරීක්ෂනයකින් සොයා ගෙන තියනවා ක්වොන්ටම් තාක්ෂණය හා මද සරු බව අතර ඉතා ලග සබදතාවක් පවතින බව.... ආයුර්වේද වෙදෙක් සොයාගෙන තියෙනවා... තවද ඩිම්බ මේරීම සිදුවන්නේ ශක්ති සන්ස්තති නියමයට අනුකූලවයි...

      Delete
    4. Mathalan +++

      Delete
  6. ලස්සනයි ගීතය. තුති කකා.

    ReplyDelete
  7. "පොර මේ දවස්වල ඉන්නේ බහරෙන්වල කියලයි ආරංචිය."

    පහුගිය අවුරුදු හත අටක් තිස්සෙ මෙහෙ ඉන්න බොහොම හොඳ සරල මනුස්සයෙක් කියලයි අපි හඳුනගෙන තියෙන්නෙ ( මොකද සින්දු දෙක කියපු සමහර ලංකාවෙ ගායකයො මිනිහෙක්ගෙ මුණ බලන්නෙ නෑනෙ )

    ReplyDelete
  8. පද රචනය කකාගෙන්
    ඒක වෙන්න ඇති සින්දුව ගැන කකා පෝස්ට් එකක් දැම්මේ.

    ජය වේවා කකා.

    ReplyDelete
  9. කාක අපිට න0ගි පෙන්නල අක්ක දුන්න එහෙනන්. ම0 හිතුව දවස් 7කට කලින් බ්ලොගක් දාල අමතක වෙල හිටපු ගායකයෙක් සහ අමතක නොවුනු ගීතයක් මතක් කරල දුන්නෙ අපිට අදරෙට කියල. බලද්දි මෙ හීන් නූල් පබ්ලිසිටි පාරක් නෙ දාගෙන තියෙන්නෙ. අනෙ කකො අපි අහුවෙයි ඔව්වට.

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට කට්ටියම අහුවෙල ඉන්නෙ! මූ එදා සිට කරන්නෙ තමන්ව මාකට් කරන එක තම්යි. ඉදල හිටල පේර වලට මාකටින් පාරක්දානව, තව කුරුටුගාමීන්ට කඩේ යනව.

      Delete
  10. ඔයාට පුළුවන් සිංදු ලිය ලියා ඉන්න විතරයිනෙ කකා. දැන් බලන්නකෝ අනෙක් බ්ලොග්කරුවෝ ඔයා වගේද? හරි දියුණුයිනේ. මහින්ද රාජපක්ෂව ගෙදර යවන්න පුළුවන් පියවර පහකින්. ඔව්. පියවර පහයි. මේක කළාම මහින්ද රාජපක්ෂ අර බල්ලෙකුට 'දුහ් බල්ලා' කියලා කිව්වාම ඌ යනවා වගේ දුවනවා ආපහු නො එන්ඩම. පියවර පහයි. පියවර පහයි. කකාම කියවලා බලන්නකෝ.

    http://udithame.blogspot.com/2012/12/defeating-dictators-in-three-principles.html

    ReplyDelete
  11. KAKKA PORA GE POST ANTHIMATA BAALAI.

    ReplyDelete
  12. හෙට සිට දවස් 21න් ඇනෝලාට පෝස්ට් පළ කරන්නටත් කවි සිංදු ලියන්නටත් ඉඩ දී සියළුම බ්ලොග් කරුවන් නිහඬ වීම සුදුසුයැයි යෝජනා කරමි.

    ReplyDelete
  13. Samange katahada hodai...Dhammikage kisima gathiyak nehe gaayikawak widiyata

    Kisima dukak denene nethi kammelima kammeli sinduwak. You will delete this comment if you can't handle the truth.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.