Tuesday 13 November 2012

නළුවා ගේ රහස එළිවේ - Upatissa Who? You may well ask!


ඊයේ පින්තූර තේරවිල්ලේ විසඳුමයි මේ.

ඔය උඩින් තියෙන්නේ පොර ගේ සති කීපෙකට කලින් ගත්තු ෆොටෝ එකක්. දැන් මතකයි නේද මේ නළුවා කවුද කියලා.

මේ තමයි උපතිස්ස බාලසූරිය.

අර ඇන් කොම්පැනි කියන දේශපාලන විශේෂාංගී රූපවාහිනී නාටකයේ යූඇම්පී නායක රනිල්ට රඟපාන නළුවා.

මං දන්න තරමට පොර හොඳ හැකියාවක් තියෙන නළුවෙක්. නමුත් ලේසියෙන් මතක හිටින විදියේ චරිතයක් ලැබුණේ නෑ, චිත්‍රපටියක හෝ ටෙලියක හෝ.

අන්තිමේදී පොර ජනප්‍රිය වුනේ කොමඩි චරිතයක් තුලිනුයි.

උපතිස්ස බාලසූරිය මං දන්න තරමින් ජැක්සන් ඇන්තනි ගේ ක්ලාස් මේට් කෙනෙක්. පාසල් කාලේ ඉඳලාම වේදිකා නාට්‍යවල රඟපෑවා.

ඉගෙන ගත්තේ ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ. එතනින් කැලණිය විවියට ගියා. ඒ අස්සේම දැව සංස්ථාවේ සේවයට ගියා. තාමත් එතන ජොබ් එකක් තමයි පොර කරන්නේ.

පහුගිය දවසක යක්කල දී මට අහම්බෙන් වගේ පොරව මුණ ගැසුණා. ජැක්සන් ඇන්තනිව ඉන්ටර්වීව් කෙරුවා වගේ උපතිස්ස බාලසූරියව නිසි ලෙස ඉන්ටර්වීව් කරන්න නං මට කාලයක් තිබුණේ නෑ.

දන්න කියන කරුණු ටික තමයි ඔය උඩින් ලිව්වේ.

ඇන් කොම්පැනි ආශ්‍රයෙන් වේදිකා නාට්‍යයක් කරන්න යනවාය වගේ කතාවකුත් පොර කිව්වා.

-කතන්දරකාරයා

ප/ලි:
නැවත කතන්දරයකින් හමුවෙමු.

25 comments:

  1. අනේ මන්දා අදමද කොහෙද දැක්කේ...:D

    ReplyDelete
    Replies
    1. අනේ බබා උක්කුං. ඔය කෑල්ල ටිකක් පරනයි හැබැයි

      - සනාත

      Delete
  2. Uptissa Balasuriya thami mehi inne. Eya Gampaha. Eheth oba kalin dala hitiye minee maruwek. Photo vikurthi karala boru karanna epa. Kalin photo eka dala hitapu ekage character eka dammama lajja hithunada.

    ReplyDelete
  3. "Guerrilla Marketing" Film eketh hitiya Minister kenekuta.Dialogue ekak thama
    mathkai

    "punchi lamai inna punchi rata. punchi pele gasa wena - ganja pele mal ena"

    ReplyDelete
  4. ඇත්ත මේ නළුවාට හරි හමන් චරිතයක් නම් තාම ලැබිලා නැහැ තමා. පරණ කාලේ කතා තිබුණු නාට්‍ය කීපයකම ගැමියෙක්ට රඟපෑවා වගේ මතකයි

    ReplyDelete
  5. හප්පා මේ අපේ යක්කල ෆාමසියේ අයියා නෙව... දන්න කියන හාදයා... හොඳ මනුස්සයා...

    ReplyDelete
    Replies
    1. නෑදෑයෙක්ද දන්නෙ නෑ. උඹේ මූණුවරමයි බං.

      Delete
    2. ෆාමසිය අක්කගේ. එයා තමයි ෆාමසිස්ට්.

      Delete
  6. එහෙම බැලුවොත් කොච්චර නළුවෝ ඉන්නවද කකා.. නමුත් මොහු නම් දක්ෂ නළුවෙක්...

    ReplyDelete
  7. මේකනම් කවුරුවත් තෝරන්න නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. ඇයි,ඇල්කෙමි සහෝදරයා කියල තිබුන නේද නම නොකිව්වට ටක්කෙටම?

      Delete
  8. ස්තූතියි! උත්තරේට කාකා.

    ReplyDelete
  9. එතකොට ඔය මූන වහපු ගොයිය කවුද හැබෑට...ඔබ තුමාද?
    ඒක ඇරල නොතිබ්බෙ?

    ReplyDelete
    Replies
    1. වහපු මූණ ටෙලිවිෂන් මූණක් නොවෙයි, ඒක රේඩියෝ මූණක්!

      Delete
  10. අපේ කතන්දරතුමාත් එහෙනම් උපතිස්ස බාලසූරියත් එක්ක එකට ඉඳලා ෆොටෝ කෑල්ලක් ගත්තා....
    නියමයි ඈ.

    ReplyDelete
  11. මා දුටු පලමු රඟපෑම නම් වෙද හාමිනේ ටෙලි නාට්‍යයේ නේවාසික රෝගියකු ලෙසයි. නිතරම ඔලුව අතගාමින් "රජතුමාගෙ වංගෙඩිය!" කියමින් යන උමතු රෝගියාගේ චරිතය රඟ පෑ නලුවා ඔහුයි.

    - සනාත

    ReplyDelete
  12. එතකොට කවුදෑ අර මූණ වහපු නළුවා.

    ReplyDelete
  13. ඔය සුදර්ශියේ එළියේ කොනක පේපර් එකේ ඔතපු සූස්ති උගුරක් එකට උරෝපු කෙනෙක් හරි,පිටි පස්සේ තිබුන හොර පොට් එකෙන් එකට ෂොට් එකක් දාපු කෙනෙක් හරි නැත්නම් ෂූටින් ගියහම ඔය හැම මගුලම කරුපු අයගෙම ඩයල් මතකයි.මෙයා මිස් උනේ කොහොමද?මෙයා බොන්නේ කොරෙක්ස් D විතරමද?

    ReplyDelete
  14. අන්න නම මට කලින් මතක් වුනේ නැහැනේ.

    ReplyDelete
  15. hutaa mokak hari ekaka.. meya innawa neda රනිල් ට

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. මම කිවුවෙ... නම මතක නෑ ඉතිං.... අපියි කියලා ලංකාවෙ ටීවී බලන්නෙ නෑ නෙවැ... ඉස්සර බලපු දේවලවල මතකෙ තමයි...

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. සිකුරු හතේ ෆිල්ම් එකේ පොඩි පාර්ට් එකකට ඉන්නෙ.. ඒත් එතන රඟ පානවා සුපිරියටම .... සුපිරි නළුවෙක්.....

    ReplyDelete
  20. උපතිස්ස මහත්තය....මට මතකයි.නයිනමඩම දැව සංස්තාවෙ බොසා වෙලා හිටිය....අපේ තාත්තත් එතකොට නයිනමඩමෙ වැඩ කලේ..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.