Wednesday 22 August 2012

එක්සිබිෂන් මාසම්, බුක් ලිස්ට් සාදම් : Help me with my book list for September


සැත්තැම්බරේ ලඟ එනවා. පොත් කාවෝ දඟලනවා!

මට මතකයි මං අටේ පන්තියේ විතර ඉන්න කාලේ අපේ පුංචම්මා එක සැත්තැම්බරේක මාව එක්කා ගෙන ගොහින් ගුණසේනේ පොත් සේල් එකෙන් පොත් අරං දුන්නා.

දැන් කාලේ නං සැත්තැම්බරේට තියෙන පොත් ප්‍රදර්ශනේ හෙවත් බුක් සේල් එකට යන්නනේ කවුරුත් මග බලාගෙන ඉන්නේ.

ඉතිං මටත් හිතුණා මේ පාර බීඇම්අයිසීඇච් එක පැත්තේ ගියොත් ගන්න ඕනෑ පොත් ලයිස්තුවක් හදන්න.

මට ගන්න ඕනෑ අළුත් ඔරිජිනල් සිංහල පොත්. පරිවර්තන ගන්නවා නම් ගන්නේ ඉංගිරිසි නොවන මුල් කෘතිවල ඒවා නම් විතරයි.

බෙංගාලි නවකතා කීපෙක මුල් පරිවර්තන තියෙනවාය කියලාත් ලඟදී ආරංචි වුණා, ඒ පරිවර්තිකාව මිය ගිය වෙලේ. ඒ පොත් ටිකත් හොයාගන්න ඕනෑ.

මගේ ලයිස්තුවේ දැනට තියෙන්නේ පොත් දෙක තුනයි. දන්න කියන අයගේ උදව්වෙන් ලයිස්තුව දික් වේවිය කියා හිතෙනවා.

1. අර මිහිරි සීනු නාදය - ලියනගේ අමරකීර්ති
2. ගුරු ගීතය නම් පරිවර්තනය
3. ඔබ සමග - පරාක්‍රම කොඩිතුවක්කු
4. චුම්බන කන්ද - ජයතිලක කම්මැල්වීර

මේ ලයිස්තුව දික්කර ගන්න පොඩි හෙල්ප් එකක් දෙන මෙන් ඉල්ලමි.

-කතන්දරකාරයා

ප/ලි:
පහුගිය සැත්තැම්බරේ මං මේ කතන්දර බ්ලොග් එකේ කයි-කතන්දර පල කළා සාහිත්ත මාසය වෙනුවෙන්. මෙදා පාරත් ඒක කරන්නයි හිතාගෙන ඉන්නේ.

117 comments:

  1. Dan ithin api monawada mekata dana comment.

    ReplyDelete
    Replies
    1. ආ මේ අපේ මාළබේ මාමා නේද?

      Delete
  2. 5. දකුණු ඉවුර - නම්මුනි කේ දයාරත්න (Sarasavi Bookshop)
    6. පටබැඳි පාලිය - සෝමපාල ගුණධීර (Sarasavi Bookshop)

    ReplyDelete
    Replies
    1. 4. චුම්බන කන්ද - ජයතිලක කම්මැල්වීර
      ගන්න එපා. ගියවර ගතපු පොත දෙන්නම්.

      Delete
    2. රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් අරගෙන කියවන්ඩ !
      මේ කාලෙට ඕවා තමා කියවන්ඩ හොද... :)

      Delete
    3. උන්නාන්සේ නවකතාත් ලියා තිබේද?

      Delete
    4. උන්නාන්සෙ ලියූ තරමක් ලිව්වෙ ප්‍රබන්ධ තමයි, හැබැයි එනමින් හඳුනා නොගත්තට. ඩබ්ලිව්. ඒ. ද සිල්වා පරාදයි අද්භූත රසය මැවීමේ.

      Delete
    5. ඔන්න ඇනොවෙක් දාපු වැඩකට ඇති කොමෙන්ට් එකක්.!!

      Delete
  3. 7. පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන? - චින්තක රණසිංහ - ෆාස්ට් පබ්ලිෂින්
    8. බොර වතුර - මහානාම දුනුමාල - ෆාස්ට් පබ්ලිෂින් ලිමිටඩ්

    ReplyDelete
  4. අද කතන්දරේ ලිව්වේ කතන්දර හාමිනේද නැත්නම් කොහෙන් හරි උස්සපු පෝස්ට් එකක් ද ? නහුතෙට ලින්ක් දාලා නැති නිසයි අහන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔබට මගේ අනුකම්පාව හිමිවේ!

      Delete
  5. "Kathandara KarayaAugust 20, 2012 10:08 AM
    /* දිනක් ඒ පැත්තේම සිටින සංගීත ගුරුවරියක පොඩි එකාගෙන් ඇසුවේ අහ් අද පත්තර බිස්නස් වගේ කියාය. ඒ වචන වැලට පොඩි එකා දුන්නේ ඇගේ කට වැහෙන උත්තරයක්ය. “ඔව් ඇන්ටී ඇයි?? අපි ඉස්කෝල ගිහින් ඉගෙන ගත්තේ, අපි ජීවත් වුනේ මේව කරපු සල්ලි වලින්, ඉතින් ගෙදර ඉන්න නිවාඩු දවසෙ ඒවට උදව් කලාට අමාරුවක් වෙන්නෙ නැහැනේද?“ */

    නියම පිළිතුර!
    මගේ පන්තියේ කොල්ලෙක් කොට කලිසමක් ඇඳගෙන ආවාය කියා හිනා වුණු ගුරුවරියෙකුත් ඔහුගෙන් මේ ආකාරයේම කතාවක් අහ ගත්තා!

    Reply
    Replies

    sAm (සෑම්)August 20, 2012 2:18 PM
    // පන්තියේ කොල්ලෙක් කොට කලිසමක් ඇඳගෙන ආවාය කියා හිනා වුණු ගුරුවරියෙකුත් // මේ කතාව කියෙව්වා මතකයි.

    අවාසනාවකට කකෝ මම කතන්දර බ්ලොග් එකේ දැන් කමෙන්ට් කරන්නෙ නැහැ. පිට උන් ඇවිත් අරිනකොට වෙලාවක කකාට ගානක් නැහැ.මම ඇනෝ ඩිසේබල් කෙරුවේ මට හැර පිටස්තරයින්ට බැනලා කමෙන්ට් දාන උන් ඉන්න නිසා.

    ජය !"

    dhAn me gahapu kane paratath post ekak dhanawadha Arunita demma wage?

    ReplyDelete
    Replies
    1. මෙන්න ඔහේට ගන්න පොතක්

      x ඕපාදූප කියන්න උපදෙස් - ඇනෝනිමස් - ගොම්පස් ප්‍රකාශන

      Delete
    2. මේ වැඩේ හරියන්නෙ නෑ කකා... හිට්ස්, කොමෙන්ට්ස් වැඩි කරන් ඊලග මිලියනයට යන්නනම් අටම් ගෙ තරුවක්, සෑමගෙ කොමෙන්ටුවක්, ඇදුරු තුමාගෙ නයෙක් වගේ ආතල් එකක් දෙන්න වෙයි...

      බ්ලොග් එක බලන අපිට කිසි ආතල් එකක් නෑනෙ...

      අනේ අටම්, සෑම්, ඇදුරු... ඔය ගොල්ලො කොහෙද? ඔයගොල්ලො නැතුව මේ බ්ලොග් එක පාලුයි....

      Delete
    3. "මෙන්න ඔහේට ගන්න පොතක්
      "x ඕපාදූප කියන්න උපදෙස් - ඇනෝනිමස් - ගොම්පස් ප්‍රකාශ"

      Author Rasika Sooriarachchi???

      Delete
    4. ඔබටද මගේ අනුකම්පාව හිමිවේ!

      Delete
    5. කකා ඇයි ඔයා මේ සිඟිති බ්ලොග් කරුවන්ට මේ වගේ රිද්දන්න දෙන්නේ.මල් වගේ පොඩි හිත්.ලියන එව්වයින් පේන් නැද්ද .

      Delete
  6. සාමාන්‍යයෙන් විදර්ශන සහ ෆාස්ට් පබ්ලිෂින් වල හොද පරිවර්තන පොත් තියෙනවා.... මම ඔරිජිනල් සිංහල නවකතා කියවන්න වැඩිය ආස නැති නිසා ඒවා ගැන දන්නේ නෑ... ඒත් හොදම නවකතාව කියලා තෝරන පොත නම් ගන්නවා... ඉස්සර නම් ආසාවෙන් ඕකට ගියා.. දැන් අවුරුදු 2ක විතර ඉදලා වැඩක් නෑ කියලා හිතෙනවා....

    ReplyDelete
  7. දම්පාට කතාව - අමාලි බොරලුගොඩ
    බත්තලගුණ්ඩුව - මංජුල වෙඩිවර්ධන
    බිඳුණු බිලින්ඳා -දිලීප ජයකොඩි (පරිවර්තන)
    තුන් තකතීරු ගොන් කම් කරපු කෙනෙක් මං -දිලීප ජයකොඩි (පරිවතන)
    මහරජ ගැමුණු - ජයන්ත චන්ද්‍රසිරි

    ReplyDelete
    Replies
    1. මාතෘකාවක් නැති මාතෘ භූමිය හෙවත් දෙමල කවි - මංජුල වෙඩිවර්ධන

      Delete
    2. හොඳ එකතුවක් වගේ!
      ස්තුතියි.
      බත්තලංගුණ්ඩුව විතරයි කියෝලා තියෙන්නේ.

      Delete
  8. http://www.goodreads.com/book/show/1120649.The_Jam_Fruit_Tree
    After reading it I was shocked, surprised and satisfied. You'll find better reviews in the link above.
    (Sorry for commenting in English, in a bit of a hurry)

    ReplyDelete
    Replies
    1. මට මතකයි කාල් මියුලර් ලිපි පෙලක් ලිව්වා ඉස්සර සන්ඩේ ටයිම්ස් එකට.
      ස්තුතියි!

      Delete
    2. The Mysterious Stranger by Mark Twain මේ පොතේ සිංහල පරිවර්තනය තමයි මම කියෙව්වේ. සබැඳියක් හොයනකොට මුල් කෘතියම තිබුනා මෙතන - http://www.gutenberg.org/files/3186/3186-h/3186-h.htm#2HCH0001

      සිංහල පරිවර්තනයේ කොටසක් තිබුනා මෙතන - http://www.chamiladealwis.com/craze/
      සතුට ගැන සහ අපි එකිනෙකා ජීවිතය දකින විවිධ විධි ගැන බොහොම ගැඹුරු, ලස්සන, යමක් හිතන්න පොලඹවන විදිහේ කතාවක් කියලයි මතකයි.

      Delete
    3. Dari the third wife by Sita Kulatunga - http://www.goodreads.com/book/show/10928866-dari-the-third-wife#other_reviews

      Amulet by Punyakante Wijenaike - http://www.gratiaen.com/1994-winners.php

      Delete
  9. ම๟ලක ๧ද๞වප๫๢ය๧ග๞ න๢๧හ๟න๞ ස๠ප ල๠๧໣ව๟

    ReplyDelete
    Replies
    1. ටිකක් දිග වැඩියි වගේ නේද පොතේ ටයිටලේ?

      Delete
  10. කටුවන මළ ගේ - ජූලම්පිටියේ අමරේ
    ඉසෙඩ් ස්කෝර් - බන්දුල ගුණවර්ධන (ආර්ථික විජ්ජා පොතක්)
    තෙල් බාලා - ස්වයං චර්ටිතාපදානය - සුසිල් ප්‍රේමජයන්ත
    කේලම් තොල්ලා - පුලතිසිපුර සිරිසේන
    මැරෙන තුරා මං - වැව්බැද්ඳිපුර බර්ටි පී. දිසා
    පිස්සූ ආචාරියෝ - හඟුරන්කෙත සුදු බන්ඩා
    ඔන්න මෙයා මං පැන්නා - ඇතුගල්පුර දයා සිරි
    මගේ බඩු 400 - අකුරැස්සේ අපචාර
    ධනවතකු වන්නේ කෙසේද - කළුතර රත්තරන්
    අසරණ කප්පම් - සියනෑවේ අසරණ සරණ
    නිවනට පහසු මග - බෙන්තොට අහවල් හිමි
    දෙමළු මරමු - ආර්ය චක්‍රවර්ථි
    මං බය නෑ - හේමකුමාර නානායක්කාර
    වමට වඩා දකුණ හොඳා - විමල් පංචායුධ
    වන්දිබට්ටයෝ - පනා පුත්‍ර කුහුඹු පැණියා

    අනිත් පොත් එක්කම සාහිත්ත මාසේ ලිස්ට් එක දාන්නම්

    ReplyDelete
    Replies
    1. ඔය සේරම අලි බබා සහ හොරු සියදෙනා සීරීස් එකේ ඒවා නේද?

      Delete
    2. ඇයි.. එදා වේල ටුවර්ස් බ්ලොග්ස්පොට්.කොම් - කතන්දර කාරයා...

      හිට්ස්, කොමෙන්ට්ස් වැඩිකර ගැනීමට නොවරදින ක්‍රමවේද සමග අධෝ මාර්ගය (පුක ) ඔස්සේ ධනවාදි චින්තනය කරා - කතන්දර කාරයා...

      Delete
    3. @ Anonymous August 22, 2012 10:20 AM

      මගේ අනුකම්පාව හිමිවන අය අද ගොඩක් සිටිති.

      මං අසනීප වී ඇති බව අසා ඒ සෙම්ප්‍රතිශ්‍යාව නිව්මෝනියාවට හැරේවා කියා ප්‍රාර්ථනා කළේ ඔබද?

      Delete
    4. මං මේ බලාන ඉන්නේ ඕනයාගේ ඉන්ගිරිසි පොත් ටික දානකන්. ගියපාර මගේ එකේ කොමෙන්ට් එකක් දාලා තිබුනා මුළු ප්‍රදර්ශනේම පොතක් හෙව්වලු හම්බ උනේ නෑලූ. පොතේ නම
      "බෙරි ඔන් ද කැඩ් ෂීට්"

      Delete
    5. කියවන්න කකා පරාභව සූත්‍රය... බ්ලොග් අවකාශයේ පරිහානියට ඔබත් වගකිවයුතු නොවේද?

      Delete
    6. 2500කින් මාසයක් කමු - බන්දුල ගුණවර්ධන
      පිටි කිලෝවකින් ඉඳිආප්ප තුන්සියපනහක්- සූප ශ්‍රාස්ත්‍ර අත්පොත- බන්දුල ගුණවර්ධන
      මහල්ලා හා මහමුහුද - ගී ද මෝපසාං පරිවර්තනය විමල් වීරවංශ
      සුද්ධෝදන රාජපක්ෂගේ පුත් මිහිඳු - ජැක්සන් ඇන්තනි
      ඇදුරුගේ නයා- කතෘ මතක නැත
      තරු ලකුණ - කතෘ මතක නැත

      Delete
    7. මාර මෙමරියක්නේ බන් තියෙන්නේ....

      Delete
    8. මේ එක නෙමෙයි අර නොනගේ හවුස් කෝට් එකත් ඇඳන් ඉන්නේ ඔහේද...?

      Delete
    9. "බාස්න් මේස්ද හෑස්න් මෙන්දෙ"

      ඕක ඉටැලියන් පොතක්. පුළුවන් නම් ගනින්.

      Delete
    10. මාතලන්

      හවුස් කෝට් එකට උඩින් චන්දිරික්කා නෝනා එදා මට මාලෙකුත් දැම්මා!

      Delete
    11. //ඇදුරුගේ නයා- කතෘ මතක නැත
      තරු ලකුණ - කතෘ මතක නැත//

      ඇදුරුගේ නයා - පැත්ත පලාතේ එන්නේ නැත...
      තරු ලකුණ - ලොවෙත් නැත..

      අනේ අපි ආසයි සැවොම එක්ව බ්ලොග් කියවන්න... ඔය ගොල්ලොත් මේ පාරෙන් හරි එන්න....

      Delete
    12. @ඉන්දික,

      බබට් රෝස් ඇන්ඩ් හෑසන් මෙන්ද

      Delete
    13. අපේ පුංචි බ්ලොග් සිඟිත්තෝ කියල පොතක් ගහල තියෙනව රැවටෙන්න එපා ඒක ළමා පොතක් නෙමෙයි හොඳේ !
      ජය ! සුබ වේවා රජ සම්පත් ලැබේවා!

      Delete
    14. ඒක පොතක්ද නැත්නම් ලමා සමාජයක්ද? මම දැකපු විදියට සමාජයේ සාමාජිකයෙක් කුණුහර්පයක් ලිවුවම "හිකිස් මරු" පිට කෙනෙක් කුණුහර්පයක් ලිවුවම "ඉකේයියා මෙන්න කුණුඅඹ ලියනව"

      Delete
  11. ඔය වයසට කාම සූත්‍රයත් හොදයි කියලා තාත්තා කිව්වා !

    ReplyDelete
    Replies
    1. තාත්තලා ඕවා හොඳින් දන්නවා නොවැ?

      Delete
    2. කියවන්න කකා පරාභව සූත්‍රය... බ්ලොග් අවකාශයේ පරිහානියට ඔබත් වගකිවයුතු නොවේද?

      Delete
    3. @ Anonymous August 22, 2012 10:38 AM

      සම්පුර්ණ වරද මා අතේ.

      ඔබ වැනි ඇනෝලා නැත්තං මේක සුනේ සුන්. දිගටම කරන උදව්වලට ස්තුතියි.

      Delete
    4. පුත්තුන්ගෙ කන් ඇහෙනව හොරයිනෙ. තාත්ත කියන්නැත්තෙ "කාළාම සූත්‍රය" වෙන්ටැ!

      Delete
    5. මුන් නිකං පුත්තු නොවෙයි නිඝන්ඨ නාථ පුත්තු. ඒකයි කාම සූත්‍රය මතක්වෙන්නේ.

      Delete
    6. කියවන්න කකා වසල සුත්‍රය... ඔබත් වසලයෙක් නොවේද?

      Delete
    7. Anonymous August 22, 2012 4:27 PM

      ඔබටද මගේ අනුකම්පාව හිමිවේ!

      Delete
    8. කොලුවො මම කිව්වා නේද ලොකු උන්ගේ කතා වලට හොට දාන්න එපා කියලා.. හොද වැඩේ

      Delete
  12. වන මැද තරුවක් - කතෘ මතක නැත
    ද බෙරි ඔන් ද කැඩ් ශීට් (The Berry on the Cad sheet) - පවුල් කොයියෝ
    කෙකටපුලිය හන්දිය
    පාලම් කොක් අඩවියේ අභිරහස හා තවත් කතා - කෙටි කතා සංග්‍රහයකි

    ReplyDelete
    Replies
    1. ඔය සේරම පොත් ගැන ඕනයා ඇතුළු පිරිස මෙන්න මෙතන කමෙන්ට් ලෙසින් ලියා තිබේ!

      http://kathandara.blogspot.com.au/2011/11/martin-wicks-dumb-heart.html

      Delete
    2. ඇති යාන්තං . . නැත්තං මගේ වෙරි මටම තලනව

      Delete
  13. පොත් ප්‍රදර්ශනය දවසක BMICH එකේ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාව ඉදිරිපසදීය.

    "...ඉන්න මං කොත්තු හරිද කියලා බලන්න..." ඔහු නැඟිට්ටේය.

    "...ආ, මගේ එකත් ගේන්න" මා මගේ බිලද ඔහුට දුනිමි. ඒ ඇය තනි කර ගැනීමේ අවශ්‍යතාවයක් මට තිබුණු නිසාය.

    ඔහු විනාඩි කිහිපයකට මෑත් විය. මා මේ විනාඩි කිහිපයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුය.

    "දැන් නියම සිංහල බ්ලොග් ටිකක් තියෙනවනෙ. ඇටමැස්සා කියල බ්ලොග් එකක් තියෙනව, බලනවද?"

    'නෑ..." ඇය එක් වරම කීවාය. මා බලා සිටියේ ඇගේ කට දෙස නොව ඇස් දෙසය. ඇය නොදැනුවත්වම ඇගේ ඇස් දුන්නේ ඊට වෙනස් පිළිතුරකි.

    "නිකමට කියවන්න. ඒකෙ තිබුණ සරච්චන්ද්‍ර ගැන මරු පෝස්ට් එකක්..."

    ඈ කතා නොකළාය. නමුත් ඇගේ ඇස් කතා කළේය.

    ඇත්තටම 'ඇට මැස්සා' බ්ලොග් එක කළේ කවුද නොදනිමි. (සමූහ නිර්මාණයකැයි සැක කරමි.) නමුත් මා සඳන් කළ පෝස්ට් එක ලිවිය හැක්කේ එකම එක පුද්ගලයකුට පමණක් බව මම දැන සිටියෙමි. මා ඉදිරියේ සිටියේ ඇයයි. මා කළේ එය 'ඩබල් චෙක්' කර ගැනීමකි.

    ඇටමැස්සා තුළ ඇටමැස්සියකද වූ බව මා සැක හැර දැන ගත්තේ පොත් ප්‍රදර්ශනයට පින් සිද්ද වෙන්ටය!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඇනෝ!

      මං නං ඇනෝලාව හමුවුණත් ඔය වගේ ටැස් කොරන්න නං යන්නේ නෑ. ආගිය කතාවක් කියලා නිකං ඉන්නවා.

      ඇත්තටම ඇට මැස්සාට (හෝ මැස්සීට) මොකද වුනේ?

      Delete
    2. /ඇත්තටම ඇට මැස්සාට (හෝ මැස්සීට) මොකද වුනේ?/

      නොදනිමි. මුලින් මා උපකල්පනය කරේ අර කොත්තු ගේන්නට ගිය එකා 'ඇටමැස්සා' හෝ අඩුතරමින් ඔහුගේ සගයකු බවත් ඇටමැස්සිය හුදෙක් ඉඳහිට සම්මාදමක් කළ කෙනෙකු බවත්ය.

      ඉහත කී එකාද මේ විදියටම කිහිප වතාවක්ම ටෙස්ට් කළත් ඒ කිසිම වතාවක කිසිම ප්‍රතිචාරයක් නැත. එක්කෝ මා වැරදිය. නැතිනම් ඌ මාවත් තම්බන්න පුළුවන් කෛරාටිකයෙකි. ඌත් ගියේ මා ගිය ඉස්කෝලෙටම නිසා දෙවැනි පොසිබිලිටි එක තවම නිෂේධ කොට නැත්තෙමි.

      Delete
    3. කොච්චර හොඳ වුනත් මේ අයගේ ලොකුම වරද පැදුරටත් නොකියාම කඩේ වසාදමා නික්ම යාමයි.

      එයින් නොනැවතී බ්ලොගයද, කේෂ් කොපි ද මකා දමති!

      Delete
    4. ඔය කොත්තු ගේන්න ගිය පොර තමන්ගේ පාඩුවේ වෙනම බ්ලොගක් ද කරනවා විය හැකියි!

      Delete
  14. කකා එතකොට ලංකාවේද දැන් ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. මා මෙවෙලේ ඉන්නේ ලෙඩ ඇඳේය. පොඩි හෙම්බිරිස්සාවකින් පටන් ගත්තද ඇනෝවෙක් නිව්මෝනියාව හැදේවා යැයි පැතූ නිසාදෝ මේ හයවෙනි දිනයයි.

      http://kathandara.blogspot.com/2012/08/once-upon-time.html?showComment=1345435864915#c1086208376798215616

      !

      Delete
    2. http://kathandara.blogspot.com/2012/08/help-me-with-my-book-list-for-september.html?showComment=1345611310706#c1824138664556815927

      කකා මම එවැනි ක්‍රියාවක් කිරීමට තරම් පහත් යයි ඔබ සිතුවේ කෙසේද?... මා එසේ නොකලෙමි... නමුත් ඔබ මා සැක කල නිසා මා හට සාධාරණ කේන්තියක් ඇතිවිය.....

      ඔබේ හෙම්බිරිස්සාව තව වසර 2ක් වත් පවතීවායි මම ප්‍රාර්ථනා කරමි....

      Delete
    3. මරු!

      අවුරුදු දෙකක හෙම්බාව එක නිව්මෝනියාවකට වඩා හොඳයි නොවැ.

      මේ පැතුමට ස්තුතියි. ඔබට සදා නිරෝගී සුව පතමි! කිවිසුමක් හෝ නොඒවා.

      Delete
  15. කුමක් හෝ හේතුවක් නිසා මා ගුරුගීතයට ආසා නැහැ...පොත් සිලෙක්ට් කරගෙන පොත් ප්‍රදර්ශනේ බලන්න යනවා කියන්නෙ මට නිකං කිසි ආතල් නැති වැඩක්....
    හරියට කැමති මනමාලියෙගෙන් සුදු ඔයා මට ආදරේද අහනවාවගේ වැඩක්....

    මං නං ගන්නෙ ලාබ පොත්...විතරයි....

    ReplyDelete
    Replies
    1. අපි සමහරු කැමති කැමති බඩු ලකුණු කරගෙන ඉඳලා මිල අඩු කරපු දවසක ගන්න. මිල අඩු ඕනෑම බඩුවක් ගන්නවාට වඩා ඒක හොඳ "ඔප්සන්" එකක්.

      Delete
    2. /අපි සමහරු කැමති කැමති බඩු ලකුණු කරගෙන ඉඳලා මිල අඩු කරපු දවසක ගන්න./

      හොඳ උපදේසයක් විශේෂයෙන්ම පොත්, DVD වගේ දේවල් වලට. මා The Economist සඟරා ගන්නේ මේ විදියටයි. විජිත යාපා එකෙන් ඉතුරුවෙන පිටපත් සේල් වල (පොත් ප්‍රදර්ශනයේද ස්ටෝල් එකක් තියේ.) රුපියල් දහයට හා පහට විකුණයි. ප්‍රවෘත්ති පොඩ්ඩක් පිළුණු තමයි. නමුත් නරකම නෑ. රුපියල් අටසීයක සඟරාව දහයට ගන්නවා කියන්නේ නිකංයැ?

      Delete
    3. මේ ක්‍රමයටම අනුව විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙන ගන්නා ගෑල්ළමයෙකු හා සෙම් සබඳතාවයක් ඇති කර ගැනීමද ලේසි වේ!

      Delete
  16. අර ෆොටෝ එකේ රතු ලෝගුවක් පොරෝගෙන ගෝරිල්ලෙක් වගේ ඉන්න ගොබිලා කවුද හැබෑට?

    ඒක නිකං සමාන්තර විශ්වයක ෆොටෝ එකක් වගේ. මොකද දැන් BMICH එකේ ඔහොම තැනක් නෑ.

    ReplyDelete
    Replies
    1. සමාන්තර විශ්වය, පසුගිය මිලෙනියම.

      Delete
  17. මාවතේ ගීතය,
    අපරාජිත ජීවිතයක්,
    අපූගේ ලෝකය
    අරණකට පෙම් බැඳ
    ගමනක මුල නවකතා පෙළ- ගුණදාස අමරසේකර

    http://redsolitaryworld.blogspot.com/search/label/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%20%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F

    තව පොත් තියෙනවා ලින්ක් එක දිගේ ආවොත්..

    ReplyDelete
    Replies
    1. ගමනක මුල සීරීස් එක 2010 දී විසිදුණු එකෙන් ගත්තා.

      අපි දන්න කාලේ කතා මේ හාදයා තමන්ගේ පොලිටිකල් ඇජෙන්ඩාවට අනුව වෙනස් කරලා තියෙන හැටි දැක්කාම අපි නොදන්න කාලේ ගැන ලියලා තියෙන්නේත් ප්‍රචාරකවාදී ටොං පචය කියා හිතෙන එක වලක්වන්න බෑ.

      දැන් පොත් සැට් එකම බුලත්විට ඔතන්න දෙන්නයි ඉන්නේ.

      Delete
  18. මාවතේ ගීතය,අපූගේ ලෝකය,අපරාජිත ජීවිතයක්, ගෝ දානය -චින්තාලක්ශ්මි සිහාරච්චි
    මේව ගැනද මේ කියන්නේ...
    "බෙංගාලි නවකතා කීපෙක මුල් පරිවර්තන තියෙනවාය කියලාත් ලඟදී ආරංචි වුණා, ඒ පරිවර්තිකාව මිය ගිය වෙලේ. ඒ පොත් ටිකත් හොයාගන්න ඕනෑ."

    ReplyDelete
    Replies
    1. අන්න හරි බෝ පැලේ, තෑන්කියු, තැන්කියු!

      Delete
  19. බඔර විලේ හොල්මන් - භද්‍රජි මහින්ද ජයතිලක

    රන්දෙනිගල වලව්ව - සමන් උඩුකුබුර

    ReplyDelete
    Replies
    1. රන්දෙනිගල වලව්ව සමන් මහානාම දිසානායක ගේ නේද?

      Delete
    2. හැ ........ මට වැරදුනාවත් ද ..... පුස්ථකාලෙට ගියහම බලන්ට ඕනේ !!!!

      Delete
  20. බුද්ධදාසි - සුනේත්‍රා රාජකරුණානායක

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ පොත ගෙදර තියෙනවා. කන්දක් සේමා ත් හාමිනේ ගෙනත් දුන්නා තමා බැලුවේ නෑ.

      Delete
  21. පොත් සහ ඇඳුම් ගනිද්දි හිතාගෙන ගිහිං ගන්න එපා.මහන්සිය විතරයි.එතෙන්දි හිතට අල්ලන එක ගන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඇදුම් ගන්නේ මතුපිට ලස්සනට නේ බොහෝවිට. ඇඳලා බලලා, ෆීටෝන් කරලා.

      පොත් ගන්න කොට අනුන් ගේ අදහස් වැදගත්.

      Delete
  22. ඒ කාලේ සාහිත්‍ය මාසයේ නුවර ගුණසේන එකෙන් පොත් ගත්තේ සත 50ට රුපියලට, දෙකට වගේ ගණන් වලට. දැන් සමහර වෙලාවට අලි මුඩුක්කුවේ තියන පරණ පොත් පත්තර එකතු කරන අයගෙනුත් පරණ පොත් හොයාගන්න පුළුවන් සොච්චම් ගානකට.

    කාල් මුලර් ගේ පොත් වලට කැමති නම් 'යකඩ යකා' ලිස්ට් එකට දාගන්න.

    ලෙඩ ඇඳෙන් ඉක්මනට බහින්න ලැබේවා!

    ReplyDelete
    Replies
    1. කාල් මුලර් Kandyan කෙනෙක් නේද? මට මතකයි වරක් මුල්ගම්පොල තොරණක් ගැණ ලියලා තිබුණා!

      Delete
    2. ෆ්ලූ එක නං තවමත් තිබේ. දැන් දවස් හයකි!

      Delete
  23. මගේ නඩුව ඉවරයි -සරත් විජේසූරිය
    පද්‍ය රසය මේ පොත් සැට් එකම පොඩි කලේ මා ගාව තිබුණා (විමල් මල්ලි, වැල කැ පබිලා, නිදිමත කිරා වගේ ලස්සන කවි තිබුණා) එත් මගේ කොල්ලෝ දෙන්නට බලන්න ඒ පොත හැමතැනම හෙව්වා ගුණසේන එකෙත් නෑ

    ReplyDelete
    Replies
    1. මගේ නඩුව නං බැලුවේ දැන් දශකයකට විතර කලින්.


      පද්‍යා රසය නම් තාමත් රසයි නේද?

      Delete
    2. නඩුව බැලෙව්වෙනං ඊටත් කලින් වෙන්න ඕන!

      Delete
  24. මාස්ටර් සහ මාර්ගරීටා- මීහයිල් බුල්ගාකොව් (පසන් කොඩිකාර)
    "හොඳ" සහ "නරක" ගැටුම. එක හුස්මට කියවන්න පුළුවන්.

    මතිගාරි- න්ගුගි වා තිඔන්ගෝ.
    විප්ලවය ගැන.

    අරණකට පෙම්බැඳ- විභූති භූෂන බන්ධොපාද්‍ය
    අල්පේච්ඡතාවය, ස්වභාවික පරිසරය,..... ගැන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පොත් ගැන කිව්වාට.

      Delete
    2. පිටස්තරයාගේ මරණය - පසන් කොඩිකාර - ගොඩගේ

      Delete
  25. 1 නයි ගලින් උපන් පුත්‍රයෝ
    බටුවන්ගල රාහුල හිමි
    සදීපා ප්‍රකාශන

    2 හේලංකඩ
    කරුණාරත්න මාකඩුවාව
    ෆාස්ට් පබ්ලිෂින්

    3 පරඬැල් - අවසාන 5ට තේරී ඇත
    ශාන්ති දිසානායක
    සරසවි ප්‍රකාශන

    4 සුදම් සභාව
    සරත් විජේසූරිය
    විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

    5 සර්පයාගේ දියණිය
    උපේක්ෂා නුවන්ශ්‍රීනි
    ගොඩගේ ප්‍රකාශන

    6 සිටුවර පුවත - අවසාන 5ට තේරී ඇත
    රූපා ශ්‍රියානි ඒකනායක
    සූරිය ප්‍රකාශන

    7 ඇහැළමලී
    මනෝහාරී හේවාවසම්
    සංහිඳ

    8 රතු ඉද්ද - අවසාන 5ට තේරී ඇත
    කරුණාදාස සූරිය ආරච්චි
    දයාවංශ ජයකොඩි

    9 දඩයක්කාරයාගේ නිම්නය
    අනුර වික්‍රමසිංහ
    නැණිල පබ්ලිකේෂන්

    10 පියැසි කවුළුව - අවසාන 5ට තේරී ඇත
    කපිල කුමාර කාලිංග
    කිංකිණි ක්‍රියේෂන්ස්

    11 අභිරහස් ජීවිත තරණය - අවසාන 5ට තේරී ඇත
    ටෙනිසන් පෙරේරා
    සරසවි

    12 ගැහැණු ළමයාගේ මරණය
    ශමෙල් ජයකොඩි
    සරසවි

    ReplyDelete
    Replies
    1. ඔත්තුවට ස්තුතියි මරණේ!

      Delete
  26. මන් කලින් කමෙන්ට් එකේ දැම්මේ මේ පොත් 12

    "2011 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා අවසාන වටයට තේරුන පොත් 12"

    ReplyDelete
  27. පඩයක් යද්දී චු පිටවිය - කතන්දර කාරයා- නිව් සවුත් වේල්සය

    ReplyDelete
    Replies
    1. අළුත් ප්‍රකාශන සමාගමක්, අදමයි ඇහැව්වේ!

      Delete
  28. කාටත් අමතක උනාද යුගයේ පොත ගොටාස් වෝර් ලිව්වේ මහා කවි සී ඒ ප්‍රේමචන්ද්‍ර .

    ReplyDelete
  29. ඇයි නයන කුමාරියේ දුම්රිය ගමනක් - කොටු වල්ගම ශුරීන් .
    කන්ගරුවකුසේ බැල්කනියෙන් - ලොන්ඩරි සෙවලවැල්ල .
    මට මතක නෑ - සිහින නවකතාකරු දුඩු කුමින්ද
    මෙව්වත් හොඳ පොත් තමයි කෙනෙකුට කියවන්න.

    ReplyDelete
    Replies
    1. අනේ ඔන්න ඔය අස්සට යව්වනයේ නවකතාකරු සුජීව ප්‍රසන්න අරච්චිත් ගහල උඩුතොලේ හොටු අලුත්ම කඳුළු නවකතාව ලේන්සු ඉවර වෙලා ටිෂු එකක් දෙනවලු තිළිණයක් විදිහට.

      Delete
    2. නෑ ඒක 'කම්මුලේ හොටු'

      Delete
  30. ඔක්කොටම කලින් කවදද අප්පා මේ පාර ප්‍රදර්ශනේ තියෙන්නේ??
    පොත් ලිස්ට් දාපු හැමෝටම ස්තුතී. මාත් ටිකක් ලියා ගත්තා.

    ReplyDelete
    Replies
    1. 2012 සැප්.18 වෙනිදා සිට - සැප්. 26 වෙනිදා දක්වා..

      Delete
  31. සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ පොත්.. ඔක්කොම වගේ හොඳයි .. ඒ ඇරෙන්න මම පරිවර්තන නොවෙන පොත් දන්නේ නෑ

    ReplyDelete
  32. රහස් පරීක්ෂක නව කථෘ කියවන්න කැමති නම් දෙන්නම් ලිස්ට් එකක් ඇට්ටි හැලෙන්න !!!!

    ReplyDelete
  33. මොමෝ කියල පරිවර්තනයක් තියෙනවා. ගොඩක් පරණ එකක්. මමත් හොයනවා තවම බැරි උනා. හරිම ලස්සනයි. දන්නා කෙනෙක් ඉන්නවනම් ගන්න විදියක් කියන්න.

    ReplyDelete
    Replies
    1. මමත් මොමෝ සිංහල පරිවර්තනය හොයනවා. German fantasy novel එකක්. publisher හරි දන්නවා නම් කියන්න.

      Delete
  34. අලුත් පොත් ගොඩක නම් ගොඩක් ඇති කියලා මේ පැත්තට ආවට වැඩි හරියක් තියෙන්නේ විකාර කමෙන්ට්ස් නේ :/

    ReplyDelete
  35. The god of small things - Arundathi Roy. The most beautiful novel I have ever read.
    සුළු දෙය ඇසුරු කළ දෙවියා නමින් සිංහලයට පරිවර්තනය වී ඇත. කකා මෙය කියවා තිබේද?

    ReplyDelete
  36. Bringing tony Home by thissa abesekara

    ReplyDelete
  37. Kapila Kumara Kalinga has written a new novel set in 19th century (I think). Sorry, I can't remember the title.

    ReplyDelete
  38. KK, have you read any of the famous books by Gerald Durrell? There's a book by a SL author which is as good as any of Durrell's - in fact better, for a SL reader! "It Was The Babblers Nest" by Conrad Felsinger. Childhood memoir by a Burgher of early last century. His descendants must be living in Aussie. If it was written in a big country it would have been a best seller in most lists!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.