Friday 31 August 2012

හැමෝටම ඇහැකියැ වෝල්ටෙයාර්ල වෙන්න? සතියේ පඬි වදන-2 : Voltaire no more!


මැස්ලෝ ගේ, මර්ෆී ගේ සහ පීටර් ගේ තියරි දන්න කියන අය නම් බ්ලොග් අවකාසේ එමටයි.

ඒ වගේම වෝල්ටෙයා කියන නමත් පොත්පත් කියෝලා තියෙනවා නම් අහලා තියෙන්න ඕනෑ. පොර දාහත්වෙනි සියවසේ ප්‍රංශයේ හිටපු දාර්ශනිකයෙක්. නිදහස් චින්තකයෙක්. සමාජ සාධාරණය ගැන කතා කරපු පොරක්.

වැඩි විස්තර ඕනැ නම් මෙතනින් බලන්න. http://en.wikipedia.org/wiki/Voltaire

වෝල්ටෙයාර් මොන දාර්ශනික මතවාද එදා ඉදිරිපත් කළාද කියලා අපි නොදන්නවා වුනාට මෙන්න මේ කතාව නං අහලා තියෙනවා නේද?

       I do not agree with what you have to say, but I will defend to the death your right to say it.

අයි ඩූ නොට් ඇග්‍රී විත් වට් යූ හැව් ටු සේ, බට් අයි විල් ඩිෆෙන්ඩ් ටු ද ඩෙත් යුවර් රයිට් ටු සේ ඉට්.

මම ඔබේ මතය සමහ එකඟ නොවෙතත් ඔබට එම මතය දැරීමට ඇති අයිතිය වෙනුවෙන් දිවි නොතකා සටන් කරමි.

සමහරු නං කියනවා ඔය කතාව වෝලටෙයා ඇත්තටම කියපු එකක් නොවෙයි පොර හිටියා නං මෙන්න මෙහෙම කියයි කියලා පොර ගේ ලේකම් පස්සේ කියපු කතාවත් ය කියලා.

මොකා කීවත් ඒ කතාව හරිම සිරා එකක්.

මාත් පොඩි කාලේ ඉඳලාම අද වෙනතුරුම විශ්වාස කරන එක කාරණයක් තමයි අපේ මතය මොකක් වුනත් අන් අයගේ මතයට ගරු කරන්න ඕනෑ ය, ඒ මතය ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න ඕනෑ ය කියන එක.

අපි විශ්වාස කරන සාධාරණ සමාජයේ එක අඩිතාලමක් තමයි ඒ සංකල්පය.

විවිධ මතවාද ගැටීමෙන් ඇතිවෙන විසංවාදයෙන් තමයි නිවරද මග හෙළි-පෙහෙළි වෙන්නේ.

නමුත් රටේ ලෝකේ වෙන්නෙ ඕක නොවෙයි නේ. මත ගැටුමෙන් කෙසේ වෙතත් අවි ගැටුමෙන් තමයි බලය රඳවා ගන්න පුළුවන්. විකල්ප මත දරන්නන්ට ඉතිං සොරි ඩොට් කොම් තමයි!

සමාජයක් වශයෙනුත් අපි එහෙමයි. පුද්ගලයෝ වශයෙනුත් අපි එහෙමයි. මොකද අපි කවුරුත් ලේ මස් ඇට නහර ලේ තියෙන කාබන් බේස්ඩ් බයිපොඩ්ස් ලා නේ.

අපිට පෙන්නන්නම බැරි දෙයක් තමයි අපේ මතයට විරුද්ධ මත වෙනත් අය දැරීම. ඒ මදිවාට ඒවා තමන්ගේ ම බ්ලොග් එකේ ලිවීම ඊටත් වඩා දරුණු වැඩක්.

මෙන්න මං විසංවාදය ගැන සඳහන් කරමින් ලියපු අළුත් අවුරුදු සුභ පැතුම් කවියක්.

ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
මොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙන
විසංවාදයට නිරතුරු ඉඩ ලැබෙන
වසරක් උදාවේවා සැනසුම පිරුණ


මෙන්න ඒ ගැන මට ලැබුණු අවංක ප්‍රශංසාවක්: මෙන්න පාර

-කතන්තරකාරයා

ප/ලි:
මීලඟ සතියේ පඬිවදන - "ඒදණ්ඩේ යන්න උපදෙස්"

(Image: http://en.wikipedia.org/wiki/Voltaire)

47 comments:

  1. //විවිධ මතවාද ගැටීමෙන් ඇතිවෙන විසංවාදයෙන් තමයි නිවරද මග හෙළි-පෙහෙළි වෙන්නේ//

    පඩ, ගූ, හුජ්ජ සහ ජොක්කු ගැන ලියපු පොස්ට් වලට එන තුට්ටු දෙකේ කොමෙන්ට් අතර ඇතිවෙන විසංවාදයෙන් හෙලිවෙන්නේ කකාගේ බන්කොලොත් භාවය කියන නිවැරදි මගද?

    මේක ලියුවේ ඇදුරු නයාගෙ ඇඩියාව බ්ලොග් එකට ලියපු පසු කොමෙන්ටුව පබ්ලිශ් නොකරපු එකේ දුක නිවා ගන්නද?

    ReplyDelete
  2. Replies
    1. Sorry -දැන් කමෙන්ටස් මොඩරේට් කරනවානේ!

      Delete
  3. mama me podi testing parak dala baluwe..

    ReplyDelete
  4. ඇත්තට කකා මෙහෙනං නිදහස් කෙසේ වෙතත් මොකක් හෝ මතයක් දැරීමේ නිදහස නෑ නෙව.ඔහෙත් එහෙමද???

    ReplyDelete
  5. man 1 ka wemi kaka

    ReplyDelete
    Replies
    1. දැන් කමෙන්ටස් මොඩරේට් කරනවානේ!

      Delete
  6. මමත් ඉතාමත් කැමති සහ ගරු කරන සංකල්පයක් තමයි ඒක... එහෙම හිතල වාද වලට ගිහින්, අනික් එකාට/එකීට මුලින් කතා කරන්න දීලා, උන් කියපු දේ අහං ඉඳල, ඒකට උත්තර දෙන්න හදද්දි, ඒ එකා/එකී මාරු වෙලා ගියපු වෙලාවට නම් ඉතින් මරං කන්න හිතෙනවා... :D

    ReplyDelete
    Replies
    1. කෝප වෙන්න එපා!
      ඒක පරිහානියට මුල්වෙනවා.

      Delete
  7. Good Good gude good adath onna awa.

    ReplyDelete
  8. "මම ඔබේ මතය සමහ එකඟ නොවෙතත් ඔබට එම මතය දැරීමට ඇති අයිතිය වෙනුවෙන් දිවි නොතකා සටන් කරමි." කවදාවත් ඇනෝ බ්ලොක් නොකරමි..කමෙන්ට් මොඩරේට් නොකරමි..

    ReplyDelete
    Replies
    1. // .කමෙන්ට් මොඩරේට් නොකරමි..//

      සයිබර් ඇටෑක් එකක් වගේ තේරුමක් නැති අකුරු සහිත කමෙන්ට් පනහක් පැයක් ඇතුලත ආවාම මොකද කරන්නේ?

      Delete
  9. This story published at 6.a.m. on 31.08.2012. but comments started @ 30th 8.27 p,m. /9.04 p.m. / 11.21 p.m. ?& 3.16 a.m. on 31st ( monday before sunday.? )all these comments are from kaka. what is this testing para.? In kaka's stories,50% comments too are from kaka, that is how he is trying to reach next 1 million, now he will say this is the testing para. If this went un noticed, then those 4 comments R from 4 readers. Otherwise testing para. Surely he will not publish this comment.If so I will have to seek assistance of few other bloggers, to tell this to the readers.

    ReplyDelete
    Replies
    1. I simply cannot understand the issue you have with blog.

      I was setting up this post to auto-publish at 6am on 31st Aug but instead set the date to 30th. That was later corrected. However only time stamp of the post change not the comments.

      Don't be silly, mate!

      මේ පෝස්ටුව 31 උදේ 6 ට කියා මා දිනය සෙට් කර ඇත්තේ 30 දාටයි. පසුව දිනය නිවරද කළත් කමෙන්ට්ස් වලට එයින් වෙනසක් නොවේ!

      මේකත් බලන්න.

      http://kathandara.blogspot.com.au/2012/06/misfired.html

      .

      Delete
  10. //දාර්ශනිකයෙක්. නිදහස් චින්තකයෙක්. සමාජ සාධාරණය ගැන කතා කරපු පොරක්//
    ඔය කියන්නේ අපේ කකා මහත්තය ගැන නේද ?

    ReplyDelete
    Replies
    1. අහවල් ඇනෝ දැන් කියයි මේ ඇනෝ මංය කියලා!

      Delete
  11. Kathandara, check time zone and other time settings of ur blog. I think changing it to Sri Ja'pura will be suitable!

    ReplyDelete
    Replies
    1. There is nothing wrong with my system time settings. This mess up was due to selecting incorrect date to setup auto-publishing.

      Delete
  12. Kathandara, check time zone and other time settings of ur blog. I think changing it to Sri Ja'pura will be suitable!

    ReplyDelete
    Replies
    1. I was setting up this post to auto-publish at 6am on 31st Aug but instead set the date to 30th. That was later corrected. However only time stamp of the post change not the comments.

      Delete
  13. Kathandara, check time zone and other time settings of ur blog. I think changing it to Sri Ja'pura will be suitable!

    ReplyDelete
    Replies
    1. ඇයි හලෝ එකපාරක් කිව්වාම මදිද?

      ;-)

      Delete
  14. Wikipedia wa balala panditha katha liyanna oone modayekuta puluwan.

    ReplyDelete
    Replies
    1. මං නං කරන්නේ පරණ පත්තර කොළ කෑලි කියෝලා ඒවා ගැන ලියන එකයි. මේ බලන්න.

      කතන්දර දැනුම් සාගරය ලිපි පෙළ

      Delete
  15. hikis - sakala bujan

    ReplyDelete
  16. Hamatama behe Voltaire la wenna - Wikipidea balagana liyana pussantanam kohomath behe.

    ReplyDelete
    Replies
    1. මං නං කරන්නේ පරණ පත්තර කොළ කෑලි කියෝලා ඒවා ගැන ලියන එකයි. මේ බලන්න.

      කතන්දර දැනුම් සාගරය ලිපි පෙළ: http://kathandara.blogspot.com.au/search/label/%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%20%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%20%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA

      .

      Delete
  17. LOKE METHEK PAHA WELA INNE PANDIWARU THUN DENAI :- 1. VOLTAIRE. 2. MAHADENAMUTHTHA 3. KAKA

    ReplyDelete
    Replies
    1. from 4 to infinity:

      Ano1, Ano2, Ano3, Ano4,.........., AnoInfinity

      Delete
  18. hamatama behe Voltaire wenna, Eka modayekuta nam puluwan.

    ReplyDelete
    Replies
    1. ඇනෝ ආවම ඒ වැඩේ හරිම ලේසියි නේද?

      Delete
  19. "හික් හික් හික් කුරුක් කුරුක්!"

    ReplyDelete
    Replies
    1. අපි පොඩි කාලේ උපහාසයට හිනාවුනේ ඔන්න ඔහොමයි.

      http://kathandara.blogspot.com.au/2012/08/sundae-ispashal-axetra.html

      .

      Delete
  20. මේක නම් කවුරු කිව්වද දන්නේ නෑ...නමුත් වටින කියමනක්!

    Don’t state your opinions unless you can back them up with evidence. And be sure you fully understand the situation before you comment on it.

    ReplyDelete
  21. kandyan = ethakota hik hik, kuruk,kuruk, wage ewa opinions da, ewatath evidence thiyanawada

    ReplyDelete
    Replies
    1. ඒක නිසා වෙන්න ඇති කතන්දර කාරයා අර මෝඩ මහ රජා පස්සේ නකුට වනා වනා කඩේ ගියේ.ඒ මෝඩ හරකා දන්න ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ.ලියපු දේ නම් හොඳයි.නමුත් අර අන්තිමට දාල තියෙන නපුන්සක මට්ටමට වැටීමනම් අභාග්‍යයක්.ගොන් රජාගේ පස්සෙන්ම පලයන්.එතකොට කටු ටිකවත් ලැබෙයිනේ.

      Delete
  22. 7.28 , a.m. comment by ano - This comment does not arise, if correct times were appeared, and comments were appeared,in order 1st come 1st diaplayed.

    ReplyDelete
  23. කමෙන්ට් මොඩරේට් කිරීම සම්බන්ධයෙන් මගේ විරෝධය !!!

    කමෙන්ට් මොඩරේට් කිරීම මගින් බලාපොරොත්තු වන්නේ තමන්ට හොඳ පමණක් කියා ගන්නා කමෙන්ට් පමණක් දිස් වීමට සැලැස්වීමද එසේත් නැත්නම් කුණුහරුප කමෙන්ට් බ්ලොගය තුල දිස් වීම වැලැක්වීමද ?
    එසේත් නැත්නම් වෙන අර්බුදයකට කතන්දර මහත්තයා මුහුන දී සිටී ද ?

    උත්තර අවශ්‍යයි !!!

    ReplyDelete
  24. කතන්දර බ්ලොග් එක ඇනෝලගේ රජ දහනක් වෙන්නෙ විසංවාදයට කතන්දර ඉඩ දෙන නිසා වෙන්නැති..
    කොහොම වුනත් විසංවාදය ඉවසන්නැති මිනිසුන් හා පාලකයන් ඉන්නා සමාජයක මෙවන් අදහසක් හෝ මුණ ගැසීම සතුටක්..

    විසංවාදය තුලින් බුද්ධිමත් කතිකාවතක් ඇති කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කලත් මේ දවස්වල යන කතිකාවත් වලින් පේන්නේ නම් අර කියන වල් බූරු නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීමයි..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.