Sunday 1 July 2012

ජිරා මාමා ගේ බෙල්ල - Pain in the Neck!


ඔය උඩින් දාලා තියෙන්නේ කතන්දර දෝණී පොඩි කාලේ එයා ගේ සෙල්ලම් බඩුවක්. ජිරාෆ් සතෙකුගේ අනුරුවක්. රබර් වැනි ප්ලාස්ටික් වර්ගයකිනුයි හදලා තියෙන්නේ.

අපේ දෝණි ඒ කාලේ මේ ටෝයි එකට හරිම ආදරෙයි. කොටින්ම එයා මේ ජිරාෆ් ට කිව්වේ "ජිරා මාමා" කියලයි.

ජිරාෆ් කිව්වාම අපිට මතක්වෙන්නේ බෙල්ල දිග උස ශාකභක්‍ෂක සතෙක්. අනිත් වෙජිටේරියන් සතුන්වෙන හරක්, මුවෝ, අශ්වයෝ වගේ එවුන් බෙල්ල පොළොවට හරෝගෙන බිම තියෙන තණකොල විතරක්නේ කන්නේ සාමාන්‍යයෙන්. හරක් නං පොල් පැළත් කනවා.

ජිරාෆ් ගේ බෙල්ල දිග්වෙලා තියෙන්නේ ගස්වල උඩ තියෙන අතුවල කොල කඩලා කන්නත් පුළුවන් වෙන විදියට ස්වභාවික පරිනාමයේ ප්‍රතිපලයක් විදියට කියලයි කියවෙන්නේ.

ඉතිං ජිරා මාමා කෙනෙක් වෙනවා කියන්නේ හරිම ජොලි ලයිෆ් එකක් නේද?

නිකංම නිකං "ලෝ හැඟින් ෆෲට්ස්" විතරක් නොවෙයි අර "නෙලා ගන්න බෑ, අපේ අත දිග නෑ" ආකාරයේ හොඳ හොඳ කැමවලටත් බැස්ටිය දෙන්න පුළුවනි!

ඔන්න ඔතන තමයි අපිට වැරදෙන තැන.

උස අතු අල්ලන්න ජිරා මාමා ගේ බෙල්ල විතරක් නොවෙයි දික්වෙලා තියෙන්නේ. උගේ කකුල් හතරත් දික්වෙලා. ඉස්සරහා සැට් එක අඩි හයකටත් වඩා උසයි සාමාන්‍යයෙන්.

කොච්චර කකුල් දික්වෙලාද කියනවා නම්, ජිරා මාමාට බෙල්ල නවලා පොළොව මට්ටමේ තියෙන දෙයක් කන්න බෑ.

එක අතකට ඉතිං ඒකට මොකෝ නේද? පොළොවේ තියෙන පයට පෑගෙන දේවල් කන්නේ ඇයි අර ගස්වල උඩ අතුවල තියෙන රහ රහ ජාති ගිලින්න පුළුවන් එකේ?

නමුත් වැඩේ මේකයි. ජිරා මාමා ට බෙල්ල නමලා පොළොවට දිග් කරන්න වෙන්නේ තණකොල කන්න නොවෙයි. වතුර බොන්නයි.

මේ බලන්න ජිරා මාමා වතුර බොන හැටි ෆොටෝ එකක්.



මෙන්න පොඩි වීඩියෝ කෑල්ලක්. (Just 26 seconds)



මෙහෙම කකුල් නවාගෙන ඉන්න වෙලාවට ජිරා මාමාලා හරිම "ගොදුරුබර" වෙනවා.

හිමින් සීරුවේ පස්සෙන් ඇවිල්ලා ගේම දෙන්න බලන් ඉන්න සිංහයින්, ව්‍යාග්‍රයින් අතින් මරණයට පත්වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩිවෙනවා.

බෙල්ල දිග්වෙලා උඩ ගෙඩි කඩාගන්න ඇහැක් වුණාට වැඩක් තියේද, වතුර ටිකක් බොන්නත් මෙහෙම වාත වෙන්න ඕනෑ නං? ඒ එක්කම වතුර බොන එක ජීවිතේ පරදුවට තියෙන වැඩක් නං?

-කතන්දරකාරයා

ප/ලි

අද මේ කතන්දරය සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් ලෙස පලවෙන්නේ කතන්දර දැනුම් සාගරේ කොටසක් ලෙසිනි.

(image: http://slowvelder.wordpress.com/tag/giraffe/)

67 comments:

  1. huuu man 1 man nalani chandima :P :P

    ReplyDelete
    Replies
    1. මේ මෝඩ ජෝක් එඛෙන් ඔබට සතුටක් ලැබෙන්නට ඇතැයි සිතමි. හැබැයි මේක දැන් යල් පැන ගිය ජෝක් එකක් නේද?

      Delete
  2. ශක්තිමත්ම රැධිර නාල පද්ධතිය සහ වැඩීම රැධිර පීඩනය තියෙන්නෙත් ජිරාප්ට නේද, මේ කතන්දරය ඇතූලේ තවත් කතන්දරයක් තියනවා වගේ

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නොවෙයි. අපි එකිනෙක්කෙනා ඒ කතන්දර නිර්වචනය කර ගන්නේත් එක එක විදියටයි!

      Delete
  3. "ගොදුරුබර" අන්න නියම වචනෙ.
    කකාගෙ පෝස්ටුවට මගෙනුත් මෙන්න දැනුම් සම්භාරයක්.

    ජිරාෆ්ගෙ බෙල්ල එච්චර දිග වෙන්න හේතුව උගේ ඔලුව ගොඩක් උඩින් තිබීම බව සත්ව විද්‍යාඥයන් කියනව.
    කකුල් දිගවීමට හේතුව කඳ-ශරීරය ඉහලින් පිහිටීම බවයි කියන්නෙ.
    ජිරාෆ් ධේනුවක් සුරතාන්තයට පත් කරන්න ගිය වඳුරට වෙච්ච දේ මතක ඇති නේද?

    ReplyDelete
    Replies
    1. කතන්දර දැනුම් සම්බාරයට ඔබෙන් වුණු දායකත්වයට මගේ ප්‍රණාමය!

      Delete
  4. මීවනපලානේ රාජපක්ෂ1 July 2012 at 07:41

    @කතන්ද්‍ර දරුව,

    ඔබ ජිරාපයන්ට මෙතරම් ඇළුම් කරන්නේ මන්දැයි අද උදෑසන චිත්ත සමාපත්තියට වැදුණු මොහොතෙහි මට සක් සුදක් සේ අවබෝධ විය. ආත්ම භවයන් ගණනාවකට මත්තෙන් ඔබද ජිරාප යෝනියෙහි උපත ලබා ඇති බැව් මගේ නුවණට පෙණී ගියේය. (බයි ද වේ, ජිරාෆ් යනුද හෙළ වෙදනෙකි. රාපය යනු බෙල්ලය. දිගු+රාපයා>දිරාපයා>දිරාප්>ජිරාෆ් ලෙස පර සුද්දා හෙළයින්ගෙන් නම් සොරකම් කිරීමෙන් නොනැවත එය තමන්ට රිසි ලෙස ගලපාගෙන තිබේ. පර සුද්දාගේ නැන්දාට හාල් ගැරිය යුතුය.)

    බුදුන් දවස ඔබ අප්‍රිකා මහාද්වීපයේ සවුත් අප්‍රිකාව නැමැති රටේ ජිරාපයකු වී සිටියේය. (බයි ද වේ, සවුත් ඇෆ්‍රිකා යනුද හෙළ යෙදුමක විකෘතියකි. මේ රට අප්‍රිකාවේ ඉතාම සවුත්තු ප්‍රදේශයක් නිසා එය ඔවුහු "සවුත්තු+අප්‍රිකාව" ලෙස නම් කළෝය. පර සුද්දාට "සවුත් ඇෆ්‍රිකා" වූයේ එයයි.) මෙකල්හිම ධර්ම ප්‍රචාරක කටයුතු පිණිස සවුත්තු අප්‍රිකාවට ඍද්ධියෙන් වැඩම කළ මහා කාශ්‍යප මහ රහතුන් වහන්සේ නීග්‍රෝ ජාතිකයින්ට පටිච්ච සමුප්පාදය ඇසුරින් ධර්ම දේශනා කරනු අසා අසළ සවානා වනයක හුන් ඔබත් ඔබේ ජිරාප ධෙනුවත් සිත් පහදවා ගත්තෝය. (බයි ද වේ, එදා ජිරාප ධේනුව අද ජන්ම ජන්මාන්තර වශයෙන් ඔබ සමඟ එන වත්මන් කතන්දර හාමිනේම බව දත යුතුය.) ඔබ දෙපළට මනුෂ්‍ය භාවයක් ලැබීමට හේතු කාරණා වුයේ ඒ පුණ්‍ය සිතිවිල්ලයි.

    ඔබේ දියණියද ජිරාපයන්ට මෙතරම් ඇළුම් කරන්නේ තම දෙමාපියන් පෙර අත් බවයකදී ජිරාපයන්ව සිටි බව ඇය සංසාරිකව දන්නා බැවිනැයි සිතමි.

    - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

    ReplyDelete
    Replies
    1. තුතියි, තුතියි!

      මේ බස් අසා මා සිත පිනා ගියේ යැ!

      ඔය චිත්ත සමාපත්තියෙන් කීමට හැකි අතීතය පමණද? අනාගතය කිව නොහැකිද?

      Delete
    2. මීවනපලානේ රාජපක්ෂ1 July 2012 at 10:26

      @කතන්ද්‍ර දරුව,

      අනෙකුත් බොහෝ ජ්‍යොති ශාස්තරඥයන්ට පැවසිට හැක්කේ අතීතය පමණක් මුත් මේ රාජපක්ෂට තම චිත්ත සමාපත්තියේ බලයෙන් අනාගතයද විනිවිදිය හැකිය.

      ඔබ අකාලයේ මිය නොගොස් පූර්ණ ආයුද, ඊට වැඩිය තව අවුරුදු දහසයක්ද ගෙවා මේ භවයෙන් චුත වී දිව්‍ය වසර කිහිපයක් ගන්ධබ්බයකු සේ ගත කොට, අප රට කරවන පින්වත් රාජපක්ෂ මහ රජතුමන්ගේ මී මුණුපුරකුව, ඊළඟ අත් බවයේදී උප්පත්තිය ලබන බැව් මගේ චිත්ත සමාපත්තිය පෙන්නුම් කරන්නේය. මා කියන PayPal ගිණුමකට Au $ 100 බැරකළොත් තවත් විස්තර කිව හැකිය.

      - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

      Delete
    3. මට දැනගැනීමට අවශ්‍යවන්නේ හෙට (2012 ජූලි 2) සඳු දින කතන්දර බ්ලොගයේ කුමනාකාරයේ කතන්දරයක් පලවේද යන සරල පැනයට පිලිතුර පමණි.

      ඇයි ඔබ විදෙස් මුදල් ඉල්ලන්නේ? ඒවා මේ එළැබෙන රාවණ යුගයේ තවදුරටත් වලංගුවේද?

      අර රතන සාදු ගේ සහ එයාලංකා සර් ගේ මැදුරු තුල තිබි ඔවැනි රට ඩොලරයන්ට වුනු සංතෑසිය ඔබ නොදන්නේද?

      Delete
    4. ඇයි කතන්ද්‍ර දරුව ‍හෙට පලවන බ්ලොග් පෝස්ටයක් වැනි සිල්ලර කරුණු එතුමාගෙන් විමසන්නේ. එය එතුමාට කරන අවමනක් බව නොහැඟේද?
      ඔස්ට්‍රේලියන් ඩොලර් යනු විදෙස් මුදල් නෙවේ. එය හෙළ වදනකි. "ඔස්ටේ" නැමති හෙළ "ලියන්" භාවිත කල මුදල් වි‍ශේෂයකි පර සුද්දන් නම්කොටගෙන ඇත්තේ.

      Delete
    5. //අප රට කරවන පින්වත් රාජපක්ෂ මහ රජතුමන්ගේ මී මුණුපුරකුව//

      කකාත් මැදමුලනෙ පොරක් වෙන්නයි යන්නේ!

      Delete
    6. මීවනපලානේ රාජපක්ෂ1 July 2012 at 15:57

      /මට දැනගැනීමට අවශ්‍යවන්නේ හෙට (2012 ජූලි 2) සඳු දින කතන්දර බ්ලොගයේ කුමනාකාරයේ කතන්දරයක් පලවේද යන සරල පැනයට පිලිතුර පමණි./

      චිකේ කතන්ද්‍ර දරුව, අර රාජ් දරුවා කියන්නා වාගේ මෙවැනි සුළු කාරණාත් මා වැනි අන්තරාභව ජ්‍යොතිශවේදියකුගෙන් ඇසිය යුතුද? මෙය අර බම්බලපිටියේ නාඬි වාක්‍ය බලන මගේ ගෝල පිරිසට පවා ලෙහෙසියෙන් උත්තර හැකි ප්‍රශ්නයකි. ඊටත් ඉක්මණින් උත්තරයක් ඕනෑ නම් අර ජ්‍යෝතිශ ලංකා දරුවාගෙන් අහන්නකෝ. නැත්නම් හෙට වෙනකල් ඉවසන්න. අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නයට හෙට පිළිතුරු දෙමි. අද පොඩ්ඩක් බිසි.

      - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

      Delete
  5. කසුගේ පෝස්ට් එකට වඩා කමෙන්ට් එක මරැ රාජපස්සගේ

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත...:D

      Delete
    2. සිරාවටම... :) :)

      Delete
    3. //(බයි ද වේ, එදා ජිරාප ධේනුව අද ජන්ම ජන්මාන්තර වශයෙන් ඔබ සමඟ එන වත්මන් කතන්දර හාමිනේම බව දත යුතුය.)//

      අම්මපා....ඒකනම් එහෙමම වෙන්න ඕන.....!!

      Delete
    4. මේ මොනා කියනවද?

      ඔය චිත්ත සමාපත්තිය කියන එක හැමදෙනාටම නෑ.

      අපි හැමෝගේම වාසනාවක් එතුමා මෙලෙස අපි වැනි පුඟුලන් ගේ බ්ලොග් කඩමාලු වලට ගොඩ වදින එකම.

      Delete
    5. මීවනපලානේ රාජපක්ෂ1 July 2012 at 10:33

      @කතන්ද්‍ර දරුව,

      සිත දියුණු කරගත්තෝ මේ ලෝකයේ ඕනැ තරම් වෙති.මේ එවැන්නකු වෙනත් බ්ලොග් එකක ලියූ ඇනෝනිමස් සටහනකි. හුදී ජන පහන් සංවේගය උදෙසා උපුටා දක්වමි.

      - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)
      *************

      සිත දියුණු කරගත් මිනිසකුට කළ හැකි දේවල් ගැන මෙහි කමෙන්ට් කරන ඇනෝලාට ඇති අවබෝධය ඉතා අඩුයි.

      මා භාවනා කිරීමෙන් සිත දියුණු කරගෙන අනුන්ගේ සිත් කියැවීම බලයක් ලබා ගත්තු හැටියි කලින් කිව්වේ. (අවාසනාවකට ඒ බලය දැන් නෑ. නිතර භාවනා නොකිරීම නිසා ඒක අහෝසි වෙලා.) මේ වගේම අනෙක් අයත් මගේ හිත කියවනව කියල මට තේරුණා. අනෙක් අය කිව්වෙ මනුෂ්‍යයින් විතරක් නෙවෙයි. මට තේරුණු හැටියට දෙවියන් පවා මගේ හිත කියවලා තියෙනවා.

      දැන් යාළුවනේ ඔය ගොල්ල අහයි දෙවියන් සිත කියවන්නේ සිත දියුණු කරගත් අයගේ පමණක්මද කියලා. එහෙම දෙයක් නෑ. ඒ ගොල්ල හැමෝගෙම හිත් කියවනවා. (ඒක තමයි බුදු හාමුදුරුවෝ සිතින් වත් පව් නොකරන්න කිව්වේ. මොකද එහෙම කළොත් සිත කියෙව්වාම දෙවියන්ට ඒ ගැන දැන ගන්න ලැබෙනවා.) නමුත් සිත දියුණු කරගත් කෙනෙකුට වෙනත් කෙනකු තමන්ගේ සිත කියවනවා දැනෙනවා.

      මට හොඳින්ම මතක ඇති සිද්ධියක් කියන්නම්. දවසක් මා රාත්‍රියේ භාවනා කොට සියළු සතුන්ට මෙත් වඩා නින්දට ගිය අවස්ථාවක රෑ දෙකට විතර අවදි වුණා. ඒ අවස්ථාවේ මගේ හිතට දැනුනා අමුතුම ආකාරයේ ප්‍රසන්න හැඟීමක්. ඒක වචනයෙන් විස්තර කරන්න බෑ. හරියට ශරීරය හොඳට කිළුටු වෙලා තියෙද්දි නානකොට දැනෙන පහසුව කෙතරම්ද? අන්න ඒ වගේ පහසුවක් තමයි මගේ සිතට දැනුනේ. එතකොට මට වැටහුණා කවුරුන් හෝ මගේ සිත පිරිසිදු කරනවා. මට තේරුණා කවුරුන් හෝ මගේ මනස තුළ සිටිනවා කියලා. මං ඇහුවා ඔබ මේ මොකද්ද කරන්නේ කියලා.

      ඒ අවස්ථාවේ මගේ සිතේ ක්ලේශයන් ඉවත් කරමින් සිටියේ සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක්. (යාළුවනේ වරදවා තේරුම් ගන්න එපා. හැම ක්ලේශයක්ම මෙහෙම ඉවත් කරන්න බැහැ. අපේ ක්ලේශයන් උත්සාහයෙන් නැතිකළ යුතේ අපමයි. වෙන කෙනෙකුට එහෙම කරන්න බැහැ. නමුත් අප ඒ සඳහා උත්සාහ දරණ බව දුටුවාම සම්‍යක් දෘෂ්ටික දේවතාවන් මේ වගේ පොඩි තල්ලුවක් දෙනවා, සුළු ක්ලේශයන් ටිකක් ඉවත් කරලා.) මේ දේවතාවා පෙර අත්භවයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඈත ගමක වැඩ සිටි ඉතාම සිල්වත් හිමිනමක්. උන්වහන්සේගේ සමන් දෙවියන් ගැන වූ භක්තිය නිසාම අපවත්වීමෙන් පසු සමන් දෙවියන්ගේ අතවැස්සකු ලෙස ප්‍රතිසන්ධිය ලැබිලා. දැන් සිත දියුණු කරගැනීම උත්සාහ දරණ අයට උදව් කරනවා.

      යාළුවනේ මේ කියන්නේ බොරු කියලා හිතනවා නම් අද රෑට සැදැහැ සිතින් පන්සිල් අරගෙන මෙත් වඩලා හොඳින් නිදා ගන්න. උදෑසන ඔයගොල්ලන්ට අමුතුම ප්‍රබෝධයක් දැනේවි. ඒ ඇයි? නින්දේදීම සම්‍යක් දෘෂ්ටික දෙවියන් ඔබේ සිතට පිවිස එහි ක්ලේශය්න් යම් පමණක් ඉවත් කළ නිසා. ඉතින් උදේ පාන්දර ඔබේ සිත එක්තරා පමණකට ක්ලේශයන්ගෙන් නිදහස්. නමුත් සැබෑ ප්‍රසන්න හැඟීමක් විඳින්නට නම් ඔබ සිත දියුණු කර ගත යුතුයි.

      http://aagiyakatha.blogspot.com/2012/06/blog-post_27.html?showComment=1340783126097#c8286859944232189410

      Delete
  6. කතන්දර ජීව විද්‍යා පාඩම් පෙළ :D

    ReplyDelete
    Replies
    1. අවංකවම මේ කතාව මං දැනගත්තේ ගිය සුමානේ!

      Delete
  7. අනී...අලි සෝයි....ජිලා මාමිලා ජෝ බොනෝ.... :)

    ReplyDelete
    Replies
    1. අයිය කිව්වට මෙයා නේ මල්ලී!

      Delete
  8. සත්ව ලෝකයේ ගොළුවත් ජිරාෆ්ලුනේ :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි සත්ව ලෝකයේ ටයි හතක් දාන එකම පොර තමයි ජිරා මාමා!

      Delete
    2. ටයි හතක්... ?

      Delete
  9. ජිරාෆ්ට හදවත් දෙකක් තියෙන බව දන්නව ද?
    මේ හේතුව නිසා ජිරාෆ්ට නීත්‍යානුකූල ප්‍රේම සම්බන්ධතා දෙකක් තියාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අපිට අදාල නෑ.

      අපි ලව් කරන්නේ බොක්කෙන් නේ. "හාඩ්" එකෙන් නෙමෙයි.

      Delete
    2. 'හාඩ්' කිව්වම මතක් උනා ලඟදි වෙච්ච දෙයක්...මගේ අප්පච්චිගේ මරණ සහතිකේ මරණයට හේතුව "හාඩ් ඇටෑක්" කියලයි ලියලා තිබුනේ. ඒක හදගන්න ගියාම පරීක්ෂක උතුමා කියපි "එහෙම ලියන්න තමයි උපදෙස් ලැබිලා තියෙන්නේ." කියලා. පොරගේ පොතත් පෙන්නුවා කළින් ඒවත් එහෙම තමයි ලියලා තිබුනේ....පැය භාගයකටත් වැඩිය ගියා තේරුම් කරලා දෙන්න. අන්තිමේදි 'මම ඉල්ලන නිසා' හාඩ් කපලා හාට් කියල ලියලා දුන්නා.... බලාගෙන ගියාම 'හාට්' එකට 'හාඩ්' කියන් එක ආණ්ඩුවෙන්ම අනුමත කරලා තියනවා :-)

      Delete
    3. මීවනපලානේ රාජපක්ෂ1 July 2012 at 16:10

      @Kandyan දරුව,

      සුද්දා "වෝටර්" හදා ගත්තේ "වතුර" කියන හෙළ වදනින් වගේම "හාට්" හදා ගත්තේ "හද" කියන හෙළ වදනින්. "හාඩ්" හැදුණේ තද>තඩ්>තාඩ්>හාඩ් විදියටයි. "හාඩ් ඇටෑක්" කියන්නේ තදටම හැදෙන හෘදය රෝගයටයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මරණ පරීක්ෂකවරුන්ට තදටම හැදෙන හදවත් රෝග පිණිස "හාඩ් ඇටෑක්" යන වචනය භාවිතා කරන ලෙස උපදෙස් දී තිබෙන්නේ එනිසාය. නැතුව "හාඩ්", හාට්" දෙක පටළවා ගැනීමෙන් නොවේ.

      ඔබේ ඔලමොට්ටල කම් වලට කරුණාකර අපේ ඥාතිවර රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවට බැනීමෙන් වළකින්න.

      - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

      ප/ලි

      ඔබට ඔබේ නම හෙළ වදනින් ලියන්නට බැරි ඇයි? ඔබේ පියා සුද්දෙක්ද?

      Delete
    4. @ මීවනපලානේ රාජපක්ෂ
      අහෝ එසේ කියන්නේ ඇයි?
      ඔබම හෙලි කළ පරිදි එංගලන්තයේ මුල් භාෂාව සිංග්‍රීසි නොවැ.

      Delete
    5. මං මේ කල්පනා කලේ මෙව්වට කොහොම උත්තර දෙන්නද කියලා... නෑ එක්කෝ ඕන නෑ....

      Delete
  10. ජිරාෆ් නිදාගන්න හැටිත් දැම්මනම්

    ReplyDelete
  11. Nice Article

    ReplyDelete
  12. ෂා.. ෂෝයි නේ... මමත් කැමතිම සතෙක් ජිරාෆ්.

    ReplyDelete
    Replies
    1. ඇයි මොකද බෙල්ල නිසාද? කකුල් දිග නිසාද? දිව නිසාද?

      Delete
  13. මේ ස්වභාව ධර්මයේ "පරිනාමික උපක්‍රම" ලෙස හුවාදක්වන දේවල් ගොඩක් myths කියලයි මටනම් හිතෙන්නෙ. එකම සත්ත්වයාට ස්වභාව ධර්මය විසින් පරිනාමික උපක්‍රමයකුත් (බෙල්ල දිගුවීම / ආහාර සොයා ගැනීම ), පරිනාමික අතපසු වීමකටත් (බෙල්ල දිගු වීම / ජීවිත් අවධානමකට ලක්වීම ) ලක් වන්නෙ කොහොමද? මේ වගේ පරස්පරතා වලට උදාහරන ඕනතරම් ජෛව ලෝකයෙන් දෙන්න පුලුවන්.

    මගේ ෆන්ඩමෙන්ටල් ප්‍රශ්නය වෙන්නෙ ඇත්තටම "පරිනාමික උපක්‍රම" කියන දේවල් තියෙනවනම්, "පරිනාමික අතපසුවීම්" වෙන්නෙ කොහොමද? මේකට ජීව විද්‍යාත්මකව උත්තරයක් දෙන්න කෙනෙක් මෙතන ඉන්නවද? (ඇත්තම බයොලොජි එක්ස්පර්ට්ලා කතන්දරගෙ සහෘදයො අතර ඉන්නවා ඇතැයි සිතමි )

    - සනාත

    ReplyDelete
    Replies
    1. @AnonymousJuly 1, 2012 12:15 PM,

      ඔබට මේ ගැටළුව ඇතිවී තිබෙන්නේ ඔබ පරිණාමය යනු සියළු උචිතයන් ඉතිරි කොට සියළු අනුචිතයන් ඉවත්කරන සර්ව සම්පූර්ණ ක්‍රියාවලියක්ය සිතා සිටින නිසාය. මුලින්ම ඒ අනවබෝධය දුරු කර ගන්න. පරිණාමය යනු සර්ව සම්පූර්ණ ක්‍රියාවලියක් හෝ යම් නිශ්චිත පිළිවෙලකට "ප්ලෑන් කර" සිදුවන එකක් හෝ තවම අවසන් වූ එකක් හෝ නොවේ. අද දවස යනු evolutionary balance sheet එකකි. එහි අසම්පූර්ණ ගණුදෙනු, සිදුවෙමින් පවතින ගණුදෙනු, වැරදියට සිදුවූ ගණු දෙනු එමට තිබේ.

      මෙය තේරුම් ගැනීමට සත්ත්ව පරිණාමය අමතක කොට පරිගණක පරිණාමය ගැන සිතන්න.

      අද ඩෙස්ක්ටොප් පරිගණක ලැප්ටොප් බවට පරිනාමය වී තිබේ. ඒ ඩෙස්ක්ටොප් වල තිබුණු යම් යම් හොඳ දේවල් අතහැර දමමිනි. ලැප්ටොප් එකක තිරය කුඩාය. හානි වීමට වැඩි ඉඩක් තිබේ. ඩෙස්ක්ටොප් එකකට සාපේක්ෂව මිළ වැඩිය. නමුත් මේ සියළු "අතපසුවීම්" සමඟ අපි ලැප්ටොප් භාවිතා කරමු. ඇයි? ඒ "අතපසුවීම්" සමඟ වුවද එය ඩෙස්ක්ටොප් එකකට වඩා හොඳ නිසාය. වැඩි වාසි-අඩු අවාසි නිසා ඩෙස්ක්ටොප් වෙනුවට ලැප්ටොප් ප්‍රචලිත වේ. නිෂ්පාදකයෝ වැඩියෙන් ලැප්ටොප්ද අඩුවෙන් ඩෙස්ක්ටොප්ද තනති.

      එසේ හෙයින් සත්ත්ව පරිනාමයේ "අතපසුවීම්" ගැන පුදුම නොවන්න. ඒවා තියෙන්නේ එක්කෝ අනාගතයේ නිවැරදි වනතුරුය. (පරිණාමය සෙමෙන් සිදුවන ක්‍රියාවලියකි.) නැතිනම් ඒවා නිවැරදි වීමට තරම් පෙළඹවීමක් නැති නිසාය. (එසේම තිබීම නිසා සමස්තයක් ලෙස වාසි වැඩි හෙයින්)

      Delete
    2. Evolution - Its a 'working in progress'!

      Delete
    3. පළමු අනෝ අමතක කරන කරුණක් තමා, ජිරාෆ්ලා අවුරුදු මිලියන අටක පමණ සිට මිහිපිට ජිවත් වෙනවා. මේ කාලය ඇතුලත, කොපමණ ජීවී විශේෂ ගානක් වඳවී ගොස් තියනවාද. ඒ අතර ශාක භක්ෂක මෙන්ම මාංශ භක්ෂකයන්ද සිටිනවා. ජිරාෆ්ලා තවමත් යහතින් ඉන්නේ උන්ට තවමත් අනික් සතුන් අතර තරඟකාරී වාසියක් හිමිව තියන නිසා. මෙය නිරපේක්ෂ දෙයක් ලෙස ගන්න බැහැ. වතුර බොන්න එන සතුන්ගෙන්, ගොදුරු බවට පත්වන සතුන්ගේ සන්ක්‍යා ලේඛන අරන්, ඒ අතරින් ජිරාෆ්ලගේ ප්‍රතිශතය හොයා ගත්තොත්, උන්ට විශේෂ අවාසියක් ඇතිදැයි හොයා ගන්න පුළුවනි. එහෙම තියනවා කියල මා දන්නා තරමට සන්කයා ලේඛන වලින් ඔප්පු කර නැහැ. ස්වභාවික වරණය අහඹු ක්‍රියාවලියක් නොවේ. එහිදී හැමෝටම එක හා සමානව අහඹු අවස්ථා ලැබෙන්නේ නැහැ. එය පෙරීමේ ක්‍රියාවලියක්. එහිදී තෝරා ගැනෙන්නේ, පරිසරයට හෝ තත්ත්ව වලට හොඳින්ම ඔරොත්තු දෙන අයව. මේකට හේතු වන විකෘර්ති ජාන ඇති සතුන් බිහි වීම අහඹු ක්‍රියාවලියක්. මේකම තමා මිනිසා, සතුන් හා ශාක දෙමුහුන් කිරීම මගින් කරන්නෙත්. එතැනදී තමන්ට ඕනේ මොන විශේෂ අවශ්‍ය තාවයද/ලක්ෂණයද කියලා කලින් තීරණය කෙරෙනවා. උදා වලිගෙ නැති බල්ලන් හෝ කකුල් දිග අශ්වයන් වැනි ලක්ෂණ සහිත සතුන්. නමුත් ස්වභාව ධර්මයට එවැනි කලින් තීරණය කල අවශ්‍ය තාවයක් නැහැ. අපි පෙනිසිලින් ගත්තම, ඉතුරු වන්නේ එයට ඔරොත්තු දෙන බැක්ටීරියා පමණයි. අනික් අය මැරෙනවා. ඉදිරි පරම්පරාව බිහි වන්නේ අර ඉතුරුවන බැක්ටීරියා වලින්. මේ බැක්ටීරියා ස්වභාව ධර්මයා විසින් කිසි යම් අරමුණකින් බිහි කරපු එවයි කියල කියන්න බැහැනේ.

      Delete
    4. very interesting topic

      Delete
    5. ස්තුති වේවා.... මගේ මූලික ප්‍රශ්නය වුනේ "පරිනාමික උපක්‍රම" කියලා යොදන එකත් වැරදියි කියන එකයි.. "උපක්‍රම" වෙන්න නම් කලින් දැනගෙන වෙන්න ඕනනේ.

      "ස්වභාවික වරණය අහඹු ක්‍රියාවලියක් නොවේ.." ඒ කියන්න ප්‍රී මෙඩිටේටඩ් කියන එකද? පහදන්න ඇහැකිද?

      - සනාත

      Delete
    6. සනාත, පරිනාමික උපක්‍රම කියන එකම වැරදියි. පරිනාමය ගැන පාසල් වල උගන්වන කොට එහෙම වදනක් භාවිතා කලාට, ටිකක් දැනුම් තේරුම් යන විට එහෙම භාවිතා කරන එක වැරදියි. මොකද, මෙය කව්රුවත්, හිතලා හෝ උපක්‍රම සකසලා හෝ කලින් සැලසුම් කරලා හෝ අවසාන ඉලක්කයක් බලාගෙන ඒ සඳහා අරමුණු කරගෙන දිගට යන ක්‍රියාවලියක් නොවේ. එය වෙන්නේ ඉබේටම. එහෙම කියුවේ දෙවියෙකු ගැන මා නොසිතන නිසා. නමුත් ස්වභාවික වරණය අහඹු ක්‍රියාවලියක් නොවේ කියන්නේ, ගහනයක සියලු දෙනාටම අහඹු අවස්ථා ලැබෙන්නේ නැති නිසා. ජිරාෆ්ලගේ කතන්දරේ ගනිමු. මෙහි පළමු පරම්පරාවේ හිටිය බෙල්ල ටිකක් දිග (පරිනාමය සිදු උනේ පරම්පරා දෙක තුනකින් යයි ලෙහෙසියට හිතමු) එවුන්ට වැඩි කල් ජිවත් වෙන්න ලැබුනා. දීර්ග කාලින නියඟය (උදා හරණයක් පමණයි) තණකොළ මැරුණ නිසා අනික් එවුන් කන්න නැතුව කලින් මලා. දැන් දෙවෙනි පරම්පරාව හදන්න ඉන්නේ බෙල්ල ටිකක් දිග (මේ ජානය සහිත එවුන් හා එය ප්‍රමුඛ). උන්ගෙන් බිහිවන දෙවන පරම්පරාවේ බෙල්ල ටිකක් දිග එවුනුත් ඉන්නවා, කොට එවුනුත් ඉන්නවා. නමුත් අර ජානය වැඩිපුර ප්‍රමුඛ නිසා බෙල්ල දිග එවුන් වැඩියි. තාමත් කන්න තණකොළ නැහැ. බෙල්ල දිග එවුන් වැඩි කල් ජිවත් වෙනවා. තුන්වන පරම්පරාවත් බිහිවන්නේ උන්ගෙන්. දැන් උන් අතර බෙල්ල දිග එවුන් වැඩියි. මේක දීර්ග කාලයක් තිස්සේ වෙන මන්දගාමී ක්‍රියාවලියක්. ඒ සඳහා උත්තේජය සපයන්නේ පරිසරයයි. පරිසරයේ නැවත වෙනස් කම් ඇතිවන විට මේ ක්‍රියාවලිය වෙනතක යන්න පුළුවනි. දෙවෙනි පරම්පරාවට තේරෙන්න, එහි හිටිය පළමු පරම්පරාවේ සේරටම සමාන අවස්ථා නැහැ. සතුන්ගේ(ජිරාෆ්ලගේ) නම් කොලයක ලියලා උඩ දාලා, එයින් 10 දෙනෙක් තේරුවොත් (දෙවෙනි පරම්පරාව ගෙනියන්න) එතන තියෙන්නේ අහඹු තේරීමක් (බෙලි කොට දිග සේරම කලවමේ ඉන්න පුළුවන්).පරිසරය විසින් තෝරා ගනු ලබන්නේ එක ලක්ෂණයක් සහිත එවුන් විතරයි මෙතන එහෙම තෝරන්න කව්රුවත් නියෝග දෙන්නේ නැහැනේ.ඒ නිසා එය කලින් තීරණය කළ ක්‍රියාවලියකුත් නොවේ. බෙල්ල දිග වීම ලක්ෂණයක් නොවී, පොලවේ පස් වලින් යැපෙන්න පුළුවන් ජානයක් ඉස්මතු උනා නම්, උගෙන් බිහි වන දෙවෙනි තුන්වෙනි පරම්පරාව වඩාත් ඉස්මතු වෙන්න තිබුනා.

      අනික තමා සනාත, පරිනාමයේ වර්තමාන පියවරට (පරම්පරාවට), කලින් තිබුන පියවර (පරම්පරාව) බල පානවා. මෙය එකක් මත එකක් රඳා පවතින ක්‍රියාවලියක් (cumulative). ඒ කියන්නේ එක ලක්ෂණයක් හෝ අංගයක් (පරිසරයේ අවශ්‍යතාවය මත) රැස් වෙනවා. අහම්බෙන් (ඉබේ නොවේ) වන ක්‍රියාවලියක එහෙම ලක්ෂණයක් හෝ අංගයක් එකතු වීමට ඉඩක් නැහැ.

      ජිරාෆ්ලාට හදවත් දෙකකුත් නැහැ (ඔබට නොවේ -මා හිතන්නේ විහිළුවට කලින් සඳහන් උනා).

      Delete
    7. ස්තුතියි බොහොමත්ම..ඉතාම පහැදිලියි..

      රසවත් ආකාරයකට කියනවානම්, ජිරාෆ්ගේ බෙල්ල දිගු වීමේ වේගය cm /10,000years වගේ ආකාරයකට දිය හැකියි! (මම හැමතිස්සෙම හිතන්නේ ගනිතමය හා යාන්ත්‍රික ආකාරයටයි!)

      ඔබගේ පිලිතුර දුටුවේ අදයි. අවාසනාවකට මගේ මෙම රිප්ලයි එක ඔබ නොදකිනු ඇති.

      කතන්දර:
      යෝජනාවක්...නරකද "ලේටස්ට් කොමෙන්ට්ස්" කියල පොඩි පෙට්ටියක් දැම්මොත් හෝම් පේජ් එකේ? නවතම කොමෙන්ට්ස් 10ක් විතර එක්ක.

      Delete
  14. බෙල්ල විතරක් නෙවේ...ජීවිතේ ගහලා ගියත් වතුර නොබී හරියනවද?

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ!
      සමහරු බෙල්ල ගහලා ගියත් කරන තව තව වැඩත් තියෙනවා!

      Delete
  15. මටත් ඉස්සහ හිතුණා ජිරාෆ් ට නම් කිසි අවුලක් නැතුව ඇති කියලා. ඒත් පස්සේ නැෂනල් ජ්යෝග්රෝෆි එකේ සමහර වැඩසටහන් දැක්කම හිතුණා ඒක අපි හිතන තරම් ආතල් නෑ කියලා..
    බෙදා ගැනීමට ස්තුතියි!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඕනෑ අවයවයක් දිග වැඩි වුනාම හොඳ දේවල් වගේම කරදරත් වෙන්න ඉඩ තියෙනවා.

      Delete
  16. උන්ගෙ බෙල්ල දිග නිසාමයි මන් නම් ජිරා ලට කැමති !

    ReplyDelete
    Replies
    1. බෙල්ල දිග නැත්තං ඔවුන්ට කියන්නේ එක්කෝ කහ පුල්ලි අස්සයෝ, නැත්තං කහ පුල්ලි සීබ්‍රා!

      Delete
  17. ඇත්ත තමා නේද.....!!!
    ජිරා මාමා නිදාගන්නනෙත් මහ අමුතු විදියටකටනේ....

    ReplyDelete
    Replies
    1. ජිරා ලා නිදා ගන්ණ විදි දෙකයි. තනිවම නං බෙල්ල අටපට්ටමට වකුටු කොරං. කණ්ඩායමක් නං බෙලි හේත්තු කරගෙන.

      Delete
  18. මටත් හිටියා ඔය ජාතිම බිරාෆ් බිග දෙල්ලෙක්.....

    ඒත් දැන් නම් වූ කොහේ ද දන්නෑ ( රට වටේ ගෙවල් මාරු කර කර අවුරුද්දෙන් අවුරුද්ද විතරක් නෙමෙයි සමහර විට මාස ගනින් එහාට මෙහාට යන රස්සාවක් කරපු තාත්තා නිසා මතක සටහන් ඒ ගිය ගිය තැන් වල දාලා ඇවිත් )

    ඔය ජිරාෆ් ගෙ බෙල්ල ,උස ගස් වල දළු කන්න ඕනි නිසා දික් වුනා ද?
    නැති නම් දිග බෙල්ල නිසා උස ගස් වල දළු කන්න ඇහැක් වුනා ද ?
    කියල ගැටලුවක් තියේ.

    මෙහෙම වෙන්නත් ඇහැකි ලුනෙ. මිටි ගස් වල දලු නැති වෙද්දි.මිටි බෙල්ල තිබබා ජිරාෆ්ල මිය යන්න ඇති.එතකොට ඉතිරි වෙන්නෙ උස බෙල්ල ඇති අය. ඉතින් උස බෙල්ල දිගින් දිගටම පරම්පරාවෙන් පරම්පරාවට දිගටම යන්න ඇති.

    අනිත් කාරණේ තමා. උස බෙල්ල තියෙන ජිරාෆ් ලාට මිටි ගස් වල කොල දළු කන්න බැරි නිසා එයාල උස ගස් තියෙන තැන් හොයාන යන්න ඇති............

    අනේ මන්දා......... ඇත්තටම කකා හරියටම මොකක් ද මෙයින් සිද්ධ වුනේ.

    ReplyDelete
    Replies
    1. මේ ගොල්ලෝ අර ඩයිනෝසර්ලා ගෙන් පැවතෙන නෑයෝ වෙන්න ඕනෑ!

      Delete
  19. Replies
    1. ඔබ මේ බ්ලොගයේ නවසිය බර ගාණක ෆ්‍රෙන්ඩෙක් වී ඇත. සතුටුයි.

      මගේ බ්ලොගය හා මයික්‍රොසොෆ්ට් Internet Expoler යහලු නැත. එනිසා එය භාවිතා කරන්නන්ට ප්‍රශ්ණ රාශියකි.

      Delete
    2. කතන්දර දරුව.... මට තිබුනේ ජිරාෆයෙකුගේ තරම් බෙල්ල දිග ප්‍රශ්නයකි..ඔබගේ බ්ලොගයේ ඔබට කිසිම ෆ්‍රෙන්ඩ් කෙනෙක් සිටින බව වත්..ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන විදිය වත් පෙනුනේ නැත...තවද මෙම බ්ලොගය මගේ බ්ලොග් අප්ඩේට්ස් ලිස්ට් එකට දමා ගැනීමට කීප විටක් උත්සහ කලත් හරිගියේද නැත...අද ඔබගේ යහලුවන් පෙනේ.. කෙසේ හෝ අද මම ඔබගේ ෆ්‍රෙන්ඩ් උනෙමි..(මාස ගානකට පසු.)ඒත් මාව මට පේන්නේ නැත...බයිද වේ...මමත් ජිරාෆයන්ට කැමතිය..

      Delete
  20. අනිත් අයට තියෙන දේවල් වලට අපි ඉර්ශ්‍යා කරාට එකේ තියෙන අවාසිදායක පැත්ත අපිට පේන්නේ පස්සෙයි.

    ReplyDelete
  21. කතන්ද්‍ර මිත්‍රය,
    සිංහල බ්ලොග් ලොවේ නවතම විප්ලවය/සොයාගැනීම මීවනපලානේ රාජපක්ෂ (මීරා) නොවේද? ඔහුගේ ප්‍රකාශයන් සෘජු ප්‍රකාශයන් ද වක්‍රෝත්තීන් ද උත්ප්‍රාස ජනක ප්‍රබන්ධයන් ද කියාවත් මට නම් සිතාගත නොහැක.
    විටෙක මීවනපලානේ රාජපක්ෂ යනු කතන්දර ගේ ම නිමැවුමක් දැයි ද සිතේ !
    (ජය)ශ්‍රී ස්වස්ථි සිද්ධම්!

    ReplyDelete
  22. හැබෑවටම , ජිරාෆ් මාමලා වතුර බොන එක ගැන අදනෙව දැනගත්තේ.... ඒක එච්චර හිතුවේ නැති මාතෘකාවක් ... දැනුමට යමක්... [මට විතරද මංදා!!! :))) අනිත් ඈයෝ පොර ටෝක් ගොඩාක් දීල නෙවැ!! කමක් නෑ!!! :))]

    ReplyDelete
  23. ජිරාෆ්ගේ බෙල්ල දිග වෙලා ඔච්චර කරදර නං වෙන වෙන ඒවා දිග උනාම කෝම කරදර ඇද්ද?
    හි හි

    ReplyDelete
  24. යමක් ලැබෙන්න නං ,තවත් යමක් කැප කරන්න ඕන කියන්නේ ඕකට වෙන්න ඇති නේහ්..

    ReplyDelete
  25. ඔය ගිරාපයෝ වෙලා උපදින්නෙ ගිය ආත්මෙ බෙල්ල දික් කර කර ජනෙල් වලින් යතුරු හිල් වලින් අනුන්ගෙ අව කෙලි බලපු උදවියයි කියල මම අහල තියනව.

    ReplyDelete
  26. මාර බිසි සමයකි!

    සියළු දෙනාටම මගේ ස්තුතිය!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.