Wednesday 25 July 2012

ලෝකේ වෙනස් වෙලා ද? - Has the world really changed for good?


ලෝකේ එන්න එන්න වෙනස් වෙනවා. අළුත් වෙනවා. සමහරු වෙනස් වෙන ලෝකේ එක්ක වෙනස් වෙනවා, අළුත් වෙනවා. තවත් සමහරු අර පරණ ලෝකවලම ඉන්නවා.

ඒ මොනවා වුනත් තමන් ඉන්නේ අළුත් ලෝකේ ද, පරණ ලෝකේද කියලා සැකහැර හොයා ගන්න සරලම ක්‍රමය මෙන්න.

තමන් කරන ජොබ් එක හෝ ඉගෙන ගන්න විෂය කරුණු හෝ ආච්චී එක්ක කියන්න.

ආච්චීට ඒවා ගැන මෙලෝ සංසාරෙක අයිඩියා එකක් නැත්තං, තමන් ඉන්නේ අළුත් ලෝකේ!

ආච්චීට කතාව මීටර් වෙනවා නං ඉතිං තමන් ඉන්නේ තාම පරණ ලෝකේ!

ඔය කතාව මට අහන්න ලැබුණේ 2001 දී විතර. අළුත් මිලනියම් එකේ දී. ඒ වෙනකොට මගේ ආච්චී ලා දෙන්නම මිය පරලොව ගිහින් ඉවරයි.

හිටියා නං එක්කෙනෙක් කියාවි "අනේ පුතේ, මාත් කෙරුවේ ඔය ජොබ් එකම නේ!" කියලා. අනිත් ආච්චී කියාවි "අනේ කොළුවෝ, උඹලා ගේ තාත්තාත් පැන්ෂොන් යනකම්ම කෙරුවේ ඔය ඉගැන්නිල්ලම නේද?" කියලා. (හැබැයි මං උගන්නපු විෂයයන් ගැන කිව්වා නං ආච්චිලා අනිවා ඩෙෆා සරෙන්ඩර්.)

ඒ තමයි අද පිවිසුම කතන්දරේ. දැන් මෙන්න අද ප්‍රධාන කතන්දරේ. ඇත්තටම කියනවා නං කතන්දර සැට් එකක්.

1. මෙන්න පළමුවෙනි කතන්දරේ

මීට අවුරුදු කීපෙකට කලින් මා ගාව තිබුණු ඩෙනිම් ජැකට් එකක අත කොටට හදා ගන්න මට ඕනෑ වුණා.

මං ඕක අරගෙන මගේ කලිසම් මහන පිලියන්දල රතන ටේලර්ස් එකට යන්නේ නැතුව ගමේ හන්දියේ කඩ මණ්ඩියේ තිබුණු අළුතින් දාපු ටේලර් ෂොප් එකට ගියා. කොල්ලෝ දෙන්නෙක් සෙට් වෙලා එතන කඩ කෑල්ල දාලා ඒ වෙනකොට මාස කීපයයි. පරණ මැසිං කබල් දෙකකුයි, රෙදි කෑලි කිපයක් දාපු වීදුරු අල්මාරියකුයි විතරයි කඩේ තිබුණේ.

"මට මේ ජැකට් එකේ අත කොට කරලා දෙන්න."

"හොඳයි සර්."

කැපුම් දෙකයි, මැහුම් දෙකයි, විනාඩි දහයයි, රුපියල් විස්සයි. මං වැඩේ කරගෙන ෂුටුස් ගාලා ගෙදර ගියේ හරි ආඩම්බරයෙන්.

ගමේ ජොබ්, ගමේ කඩේට!

ඔය සිද්ධියෙන් අවුරුදු දෙකකට විතර පස්සේ මගේ හොඳම කලිසමක් පස්සෙන් පැලුනා. මට ඕනෑ වුණා මේකට මැහුමක් දාගන්න. මං මේ මැහුම දාගන්න ගියේ ආයෙත් ගමේ තැනටමයි.

"මේ කලිසමට මැහුමක් දාලා දෙන්න."

"අයියෝ අයියා, අපි ඔය වගේ වැඩ කරන්නේ නෑ."

"පුහ්!"

මං ආපහු හැරිලා ගෙදර එන්න හැරිලා කඩේ දිහා බැලුවාම තමයි තේරුණේ මේ වෙනසට හේතුව.

අළුත්ම කිරි කිරි මහණ මැෂින්. ඕවලොක් කරන එකකුත් තිබුණද කොහෙද? වීදුරු ෂෝ කේස්වල රෙදි බේල් පිටින් පුරෝලා. කොට් බෝට් අන්දපු ඩමී දෙකක්. ඕඩර්ස්වලට මහපු කලිසම් පුරෝලා.

වෙන එකක් තියා අර සිංගිං ස්ටාර් රියලිටි ෂෝ කොලිටියේ සික්වීන් අල්ලපු කෝට් පවා තියෙනවා කුලියට දෙන්න.

මෙහෙව් ඩොලර්, පවුං අස්සේ නේ මං මේ සූටි සුපියලක් ගහන්න ඇවිත් තියෙන්නේ!

ලෝකේ වෙනස් වෙලා!

2. මෙන්න දෙවෙනි කතන්දරේ

මගේ සපත්තු කුට්ටමක එක කකුලක අඩිය ගැලවුණා. මේක අරගෙන වැඩි කාලයක් නෑ. විසිකරන එක අපරාදයක්.

ඉතිං මං කෙරුවේ කොළඹ යන දවසක සපත්තුව සිලි-සිලි බෑග් එකක දාගෙන අරං යන එකයි. මොකද මට මතකයි පිළියන්දල හන්දයේ හිටියා සපත්තු හදන මනුස්සයෙක්.

මං යනකොට පොර ලස්සන නෝනා කෙනෙකුගේ මල් මෝස්තර සෙරෙප්පුවක කැඩුණු පටියට ටින්ටස් ඇණයක් ගහමිනුනයි හිටියේ. ඒ වැඩේ ඉවර වුණාම මං පොරට කැඩිච්ච සපත්තුව පෙන්නුවා.

"මහත්තයා, ගෙදර යන ගමන් අර හාඩ්වෙයා එකෙන් සුපර් ග්ලූ එකක් අරගෙන ගිහින් ඕක අලාව ගන්න, මා ගාව ග්ලූ ඉවරයි."

ලෝකේ ඇත්තටම වෙනස් වෙලා!!

3. මෙන්න තුන්වෙනි කතන්දරය

මං මේ ලඟදී දවසක ගියා දේශපාලන රැස්වීමකට. රැස්වීමක් කිව්වාට මේක රැලියක් නෙමේ එක්තරා විදියක සම්මන්ත්‍රණයක්.

දියවන්නා මන්ත්‍රියෙකුගෙයි, පක්‍ෂ නායකයෙකුගෙයි කතා දෙකක් අහගෙන ඉඳලා ඊට පස්සේ එලැඹුණු ප්‍රශ්න අහන වෙලාවේ මාත් සුට්ටං ප්‍රශ්නයක් ඇහැව්වා.

මතකනේ මං අර අනුර කුමාර දිසානායකගෙන්, අර්ජුන රණතුංගගෙන් අහපු ප්‍රශ්න? අන්න ඒ ආකාරයේ එකක්.

පුදුමයි.

පුදුමෙනුත් පුදුමයි.

කැමති නං විශ්වාස කරන්න, එපා නං ඒත් විශ්වාස කරන්න, මට ලැබුණානේ අවුලක් නැතුව පිළිගන්න පුළුවන් වගේ කියලා හිතෙන උත්තරයක්!

-කතන්දරකාරයා

ප/ලි:
ඔය තුන්වෙනි කතන්දරයෙන් පේන්නේ ලෝකේ වෙනස් වෙලාය කියන එකද, මං නාකි වෙලාය කියන එකද මන්දා?

(image: http://canadianabroad.com/?m=200806)

182 comments:

  1. GOOD MORNING MR KATHANDARA. I AM THE FIRST TODAY. WILL SEE YOU LATER. (YOUR FRIEND UNCLE ANO)

    ReplyDelete
    Replies
    1. තොප දැකුමෙන් අප පින් කළ බව හැඟුනී
      බල සුභ නිමිති පෙරමග නැකතටත් වැඩි!

      Delete
  2. පිළියන්දල :D
    අදත් සපත්තු මහන කෙනෙක්ගෙන් ඇහුවොත් එයා ගාව අවශ්‍ය දේවල් නැත්නම් හරි කාර්යබහුල නම් හරි අපිට ඒ වැඩේ කරගන්න පුළුවන් ළඟ තියෙන වෙන තැනක් ගැන කියනවා (එයාගෙ තරඟකාරයෙක් වුණත්!)

    ReplyDelete
    Replies
    1. මෙතන මං කියන්න හදන්නේ - මේ මිනිස්සුන්ට බිස්නස් ඕනෑ නෑ, පාරිභෝගික සේවය අමතක වෙලා, වගේ දේවල්.

      Delete
  3. කාලෙකට කලිං හම්බුවෙන විදියෙ උත්තරයක්මයි ඒ කියන්නේ ලඟදී ගිය මෙව්වේ එකෙදි අහපු ප්‍රශ්නෙටත් හම්බුනේ...

    ReplyDelete
    Replies
    1. නෑ, නෑ, කලින් උං වගේ මූ මාව ගොනාට අන්දන්න හැදුවේ නෑ, ඒකයි වෙනස!

      Delete
  4. ටේලර් සාප්පුව අවුරුදු 2කට ඔච්චර දියුණු උනාද?

    අපේ පැත්තෙත් ඉස්සර පොඩියට පටන්ගත්තු සපත්තු, බෑග් මහන තැන ඕනවෙලාවක ගිහින් ටක්ගාලා රෙපෙයාර් කරන එන්න පුලුවන්..තියලා ගියොත් හදලා තියෙනවා.. ඒත් පස්සෙ නැගලා යනකොට සල්ලි මුලින් නොදුන්නොත් හදන්න බෑ.. අලුත් කෑලි දාන්න ඕනෙ.. වගේ නොයෙකුත් ප්‍රශන.. කොහොමහරි ඔය කඩේ නැගලා නැගලා අන්තිමට අයිතිකාරයා රේස් බයි රේස් ගියා.. කඩේ ආයෙ පටන්ගත්තු තැනට ආවා.. ආයෙ පුලුවන් පරණ විදිහටම සපත්තු සෙරෙප්පු මහගන්න..

    ReplyDelete
    Replies
    1. දියුණුවට හේතුව ගමේ අය ගමේ බිස්නස් ගමට දීම වෙන්න ඕනෑ.

      ඔයා ගේ ගමේ කේස් තමයි මේ අයටත් වෙන්නේ මිනිස්සුන්ව හරෝලා යවන්න ගියාම!

      Delete
    2. කතාව ඇත්ත. අපිට ඔය වගේ කළාම අපි ආයෙ යන්නෙ නෑනෙ එතනට ලොකු වැඩක් භාරදෙන්න.

      කකා මාමාට අලුතින් කලිසමක් මහන්න වුනාම ආයෙ ඒ තැනට ගියේ නෑ නේද?

      Delete
  5. ලෝකේ වෙනස් වෙලා නේන්නම්. අපේ අත්තම්මා ඊමේල් එවනවා. ලෝකේ පුරා ඉන්න හැමෝටම ස්කයිප් කරනවා....:D:D:D

    ReplyDelete
    Replies
    1. @ Podi Kumari
      අර කාලෙකට ඉස්සර දාලා තිබුණා නේද අත්තම්මා ගේ ඊ-මේල් ලිපිනය?

      Delete
    2. @ Beetle
      අත්තම්මා අයිටී දන්නවා වුණාට අයියාට නං මෙලෝ සංසාරක් තේරෙන්නේ නෑ වගේ!
      ඒකනේ මල්ලී ආත්තම්මාට වැඩේ බාර දුන්නේ!

      Delete
    3. @ Beetle,

      මම ඒ පෝස්ට් එකට ගිහින් බැලුවා. මාර ලස්සන පෝස්ට් එකක්නේ. අපේ අත්තම්මටත් ඕක උගන්නන්ට ඕනි. මටත් ඉන්නවා පාඩමක් උගන්නන්ට කෙනෙක්.:D

      Delete
    4. @කතන්දර,

      ඔව් අනේ. ඒත්, ඒක දැන් අත්තම්මා පාවිච්චි කරන්නේ නෑ ලෝකේ පුරා ඉන්න කොල්ලෝ එයාට මේල් එවනවා කියලා. :D:D:D

      Delete
  6. කාලය වෙනස් වී ඇති බවට හොඳම උදාහරනය බ්ලොග් ලියන මුනු-නොදැකපු කට්ටිය අහවල් උත්සවේට, අරකට, මේකට කියා ගෙන්වාගෙන, මුනු පෙන්වා තම ආර්තික ප්‍රතිලාභ උදෙසා මේ දැන-හැඳුනුම්කම් පාවිච්චි කිරීමය. එතැනින් නොනැවති, පිටරට වල ඉන්නා එවුන් ඉලක්ක කර, දැන හඳුනා ගෙන, ගන්නා ණය මුදල් මාටියා ගැසීමය.

    ReplyDelete
    Replies
    1. එතකොට ඒ මනුස්සයා අවුරුදු උත්සවේ කරන්න දාස්ගානක් හොයාදුන්නා කියන එක, ඉතුරු සල්ලි අකවුන්ට් එකකට දැම්මා කියන එක බොරුද?

      Delete
    2. ලෝකය වෙනස් වෙලා? කතන්දර කාරයෝ, හොඳටම ෂුවර්ද?

      කියවන්න මේ ටික. මේ 1904දී පළ වූ ජයතිස්ස නම් රොසලින් නවකතාවේ ජයතිස්ස කරන ප්‍රකාශයකි. උපුටනය පියදාස සිරිසේන නවකථා එකතුවෙනි. තාක්ෂණික දෝෂ නිසා ඇති වී තිබෙන අක්ෂර වින්‍යාස වැරදි නිවැරදි කිරීමට කාලය නැති වීම ගැන සමාවන්න.

      එදා සිට වසර සියයක කාලයක් තුළ අපේ "චින්තනය" වෙනස් වී තිබේද, නැද්ද?

      -------------------

      "ලෝකයේ ඇති තරම් උසස් ගුණධර්ම සිංහලයන් විසින් පිළිගෙන ක්රිදයා කර තිබෙන අයුරු අපට ආඩම්බරයකි. තරුණයෙක් තරුණියෙකු සමග කථා බස් කිරීමාදියෙන් මිත්ර ව හැසිරෙන්නේ ඒ දෙදෙනාගේ තත්වය හොඳින් දැනගන්නා පිණිස යයි යුරෝපීය සිරිත් ගත් මන්ද බුද්ධික සිංහලයා ද කියයි. ඔව් සත්තකින් ම අන්ධයාට ඇත් නැති හෙයින් යමක් යම්තමකට වත් දැන ගැනීමට නම් එය අත ගාලා වත් බලන්ට ඕනෑය. නමුත් ඇස් ඇති තැනැත්තාට අත නොගෑ‍වාට ඇසින් බලා දැන ගත හැක්කේය. අප ජාතියේ තරුණයෙක් යම් තරුණියක් සමඟ විවාහ වී සමගියෙන් සහ සැපෙන් කල් යවන්ට හැකි වේ ද නොහැකිවේ දැයි සොයා ගන්නේ ඒ තරුණිය සමඟ හැසිරීමෙන් නොවේ. අප සියල්ලන්ටම ජන්ම පත්රව තිබේ. ඒ අපගේ කේන්ද්ර යෙන් ශරීරයේ ධාතු ආදීන්ගේ ද ගුණධර්මයේ ද මනුෂ්යඒයා සම්බන්ධ සියලු ම දේවල ද විශේෂ විභාග දක්වන ජ්යොේතිඃශාස්ත්රයය අප රටේ තිබේ. මේ උතුම් ශාස්ත්රා නුසාරයෙන් ඥාන නමැති ඇසින් උනුන්ගේ තත්වය හොඳින් දැන ගත් ආය්ය්මේධ සිංහලයන්ට “එක්ව නෑවිද්දාට” ස්ත්රිහයෙකුගේ තාරාතිරම දැන ගත හැක්කේය. අනික් අතට තරුණියන්ගේ “මාන්නය” සම්පූර්ණයෙන් රැකදෙන මහානර්ඝ සිරිත නම් විවාහ වූ දිනට පසු දින මනමාලියගේ නැන්දා ආදී පිරිසක් විසින් ඈ පරීක්ෂා කිරීමට යෑමයි. මේ නිසා සිංහල කුලවත් තරුණියෝ කෙතරම් ප්රසවේශම් වන්නියෝද කියතොත් ඔවුන්ගේ දිවි යතත් විවාහ වන තුරු අනාචාරයක් නොසිතති. සැබැවින්ම තරුණියන් ගුණධර්මතයට යොමු කිරීමට “බලන්ට යෑමටත්” කලින් ඔවුනොවුන්ගේ ආග්ර‍යට ඉඩ නොදී විවාහ වන විට තිබෙන “දස පොරොම්දම් බැලීම” යන සිරිත් ගැන කල්පනා කළා ම සිංහලයන්ගේ සිරිත් තරම් උතුම් ඒවා අන්යම කිසිම ජාතියක් අතරේ නැති බැව් ඒකාන්තය. ඉතින් මහත්වරුනි, යුරෝපීය තරුණියන් කලින් කර ගත් දුසිරිත් සඟවා ගැනීමට යන “හොනිමුන්” ආය්ය්නිට සිංහලයන්ට පිළිකුල් විය යුතු නොවේ ද? දැන් සිංහලයන් කොයි දෙය දුටු වත් ඒ ගැන කිසි වග විභාගයක් නැතුව භාර ගැනීම මුළු ජාතියට ම නින්දා ඵලවන කරුණකි. ‍විවාහ සම්බන්ධව සිංහලයන් අතර පැවතුන උතුම් සිරිත් අත් හැර මේ පර සිරිත් ගැනීම ගජ මුතු අහක දමා ඔලිඳ ඇට එකතු කිරීමක් වැනිය.

      තව ද මහත්වරුනි, අපේ සිංහල ලොක්කන්ගෙන් සමහරෙක් හපන්කමක් කරගත්තාක් මෙන් සිතා මේ පරසිරිත් වලට බැස ඇත. ඔව්හු පරසිරිතුත් අප සිරිතුත් සසඳ බලා සුදුස්සක් භාර ගන්නෝ නොවෙති. යුරෝපීයයා පල්ලි යන පළියට ඔව්හු පල්ලි යති. “හොනිමුන්” යන පළියට එසේ යති. යුරෝපීයෝ පැහැරුවාට පසු,පසු පාර්ශ්වය නොසෝදා ඉන්නා නිසා කඩදාසි කෑලි භාවිතා කරති. සැබවින් මේවා හිනාවට කරුණුය. යුරෝපීයයාගේ හෝ යකාගේ හෝ යහපතක් තිබේ නම් එය ගත්තාට වැරදි නැහැ. නමුත් පෙරාපු රත්රන් වැනි අපේ උතුම් සිරිත් අත් හැර මළ බැඳි යකඩ වැනි යුරෝපීන්ගේ වල් සිරිත් සියල්ලක් ම ගැනීමට අප ජාතිය සැරසී සිටිම නින්දාවකි. අපේ ඉතිහාසය බැලීම අපේ බලවත් යුතුකමකි.

      සත්තකින් ම සිංහල ජාතිය ගැන තොරතුරු නොදත් සිංහලයා ජීවත් වීම සිංහල ජාතියට සාපයකි. ඒ නිසා අපේ පෙර සිරිත් දැන ගැනීම‍ට අපේ ඉතිහාසය කියවන මෙන් ඉල්ලමි. මගේ කථාව සන්සුන් ලීලාවෙන් අසා ගෙන උන් තමුන්නාන්සේලාට ස්තුති කරමි.

      Delete
    3. වැරදි ත්‍රෙඩ් එකට එක් විය. එසේම නවකථාවේ නමද "ජයතිස්ස හා රොසලින්" විය යුතුය.

      Delete
    4. මේ ටිකත් බලන්න. භාෂාවේ වෙනස්කම් හැරුණු විට අන්තර්ගතය "පෙරමුණේ රාළගේ" බ්ලොග් පෝස්ට් එකක්මයි නේද? ඉතින් කොහොමද ලෝකය වෙනස් වෙලා කියන්නේ?
      ------------------------------------------

      ලෝකයේ දොයාකාරයෙක මිථ්යාය ආගම් තිබේ. එයින් ප්රොේතැස්තන් ක්රිේස්තියානි සභාවත්. මහමත් ආගමත්, හින්දු ආගමත් පරලොව දී පමණක් දුක සලසා දෙන මෙලොව දි බොහෝ දුර යහපත ගෙන දෙන ආගමය. ඒ මෙසේ සිතිය යුතුය. ප්‍ෙහපාතැස්තන් සභාවෙත් මහමත් ආගමෙත් හින්දු ආගමෙත් මත්පැන් බීම තදින් ම තහනම් කිරීමත් අන්යන ආගම් සම්බන්ධ වූ ද නොයෙක් ශාස්ත්රාබදිය සම්බන්ධ වූ ද පොත්පත් කියවීම‍ට ඇති නිදහසත්ය. කොටින් ම මනුෂ්යරයාට ඇති උතුම් නිදහස් භා‍වයෙන් අර්ධයක් ඉහත කී මිථ්යාශදෘෂ්ටි ආගම් තුනෙන් ම ඇත්තේය. ඒ නිදහස නිසා මෙලොව වශයෙන් ලැබිය හැකි දියුණුවත් සහෝදර බන්ධුමිත්රාඇදීන් සමඟ ඥාතිත්වය පැවැත්වීමට අවකාශත් ලැබී තිබේ. නමුත් මෙලොව පරලොව යන දෙකට ම එකාකාර භයානක විපත් ගෙන දෙන එකම දෘෂ්ටිය නම් රෝමානු කතෝලික දෘෂ්ටියයි. මෙය මෙපමණ නපුරු වුනේ පූජකයන්ගේ කපටිකම රෝමානු ධර්මයට එකතු වීමෙනුයි. ප්රේවමිය, මම රෝමානුකාරයන් මෙලහකට නිදහස් කළෙමි.

      සිංහලයෝ රෝමානු දෘෂ්ටිය ඇදහීමෙන් ඔවුන්ට පරලොව වශයෙන් ලැබෙන නිරා දුක අත්වනු පමණක් නොව මෙලොව වශයෙන් වහල් භාවයේ ගැලී සිටිති. සුරා බීමට විරුද්ධ වූ ඇතැම් සිංහල රෝමානුකාරයන්ට දඬුවම් විඳින්ට සිද්ධ වීම මීට එක සාක්ෂියකි. ගොනෙකු දිගේලි කර තිබෙන විට ඌ එහා මෙහා ඇවිදිමින් තණ කොළ කන අතර කඹය බැඳි කනුවේ ක්රෙමයෙන් කඹය එතී ගොස් අන්තිමට කනුවට ම කඹය තද වන්නේය. මේ කාලකන්නි තිරිසනා කනුවේ අනිත් අතට කැරකී තමා පැටලි සිටින කඹය බේරා ගන්ට බැරිව කකුලත් තද කරගෙන නිරාහාරව අව්වේ වියලි වියලී සිටින්නේය. මෙසේම සුදු පූජක නමැති ගෝපලයන් විසින් රෝමානුකාරයන් නමැති හරකුන් ඔවුන්ගේ අණපණත් නමැති කඹවලින් බඳිනු ලැබ සිටිති. ක්රේමයෙන් මෙ කඹ පැටලී රෝමානුකාරයන්ට නෑයෙක් මිත්රුයෙක් බලන්ටවත් ගුණධර්මයක් රක්ෂාකරන්ටවත් ධර්ම ශාස්ත්රානදියක් අවබෝධකරගන්ටවත් නැතුව අන්තිම නීචභාවයට පත් වෙති.

      Delete
    5. අයියෝ ඔයා මොකද්ද මේ කලේ. දැන් "ජයතිස්ස සහ රොසලින්" අපේ දේශප්‍රේමී කට්ටියගෙ බයිබලය වෙන එක නවත්තන්න රාවණ රාජෝත්තමයාටවත් බෑ

      Delete
    6. අනේ මන්ද ලෝකේ වෙනස් වෙන වෙන හැටි.... කොමෙන්ට් එක දිගයි පෝස්ට් එකට වැඩිය.... !
      -Gamaya-

      Delete
    7. නොදෝකින් වැරදි ත්‍රෙඩ් එකට දාලා ත්‍රෙඩ් එක ගූ කරා.

      AnonymousJuly 25, 2012 8:35 AM තෝ අභියා නේද?

      Delete
    8. අබියාට කකා අහුවුනේ නැද්ද?

      Delete
    9. @ Ano July 25, 2012 8:35 AM

      මට මේ පෙරමුණේ රාල යන බ්ලොගය ගැන වැඩි මතකයක් නැත. මං බලන එකක් නොවේ!

      Delete
  7. ලෝකේ වෙනස්වෙලාලු, මට තවම පඩිය 20000යි

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මාසෙට රු. 17500ක්ම ඉතුරුයි..

      Delete
    2. ලෝකෙ වෙනස් වුණාය නෑය කියල නෑ. හැම කෙනෙකුටම ආදායමක් ලැබෙන්නේ හැකියාව අනුව. මේ ඔබේ හැකියාවට සරිලන වැටුප වෙන්න ඇති. ඒ ගැන අනුන්ට බැන බැන ඉන්නෙ නැතුව හැකියාවන් වර්ධනය කර ගන්නෙ කොහොමද කියන එක ගැන හිතන්න.

      Delete
    3. //හැම කෙනෙකුටම ආදායමක් ලැබෙන්නේ හැකියාව අනුව//

      මංතිරි තුමාලටයි ආචාර්ය වරුන්ටයි ගෙවන්නෙත් ඔය ක්‍රමයටද?

      Delete
    4. මංතිරි තුමාලටයි ආචාර්ය වරුන්ටයි ගෙවන්නෙත් ඔය ක්‍රමයටද?

      ඔව් නැන්දේ, පැහැදිළිවම! හැම දෙනාගේම වැටුප් තීරණය වන්නේ ඔවුන්ට ඇති ඉල්ලුම හා සැපයුම අනුවයී. ඔය තමන්ට අර සුදුසුකම මේ සුදුසුකම තියෙනවය කියන ඇදුරන් වැඩි හරියක් පිටරටක විශ්වවිද්‍යාලයක් අතු ගාන්නවත් ගන්නේ නෑ. ඔච්චර වැටුප් මදි නම් යන එකනෙ තියෙන්නෙ බයිලා කියන්නෙ නැතුව.

      ගිය ඉරිදා දිවයිනට මෙහෙම කියන්නෙ මා නෙවෙයි, තමනුත් ආචාර්යවරයෙක් වෙච්චි නලින් ද සිල්වා මහාචාර්ය තුමා.

      "විශ්වවිද්‍යාලයීය ඇදුරන්ට තරම් මුළු වැටුප් වැඩිවීමක්‌ රාජ්‍ය අංශයේ කිසිම ක්‍ෂේත්‍රයක සිදු වී නැත. ඔවුන්ට සත පහක වැටුප් හෝ දීමනා වැඩිවීමක්‌ නොකළ යුතු ය. ආණ්‌ඩුවට වැඩිපුර මුදල් ඇත්නම් කළ යුත්තේ රණවිරුවන්ගේ සුබ සාධනයට ප්‍රතිපාදන වෙන් කිරීම මිස දළ ජාතික නිෂ්පාදිතය ගැන හෝ දළ ගෘහස්‌ථ (දේශීය) නිෂ්පාදිතය ගැන හෝ හයක්‌ හතරක්‌ නොදත් කිසිම නිර්මාණශීලීත්වයක්‌ නොමැති අනුකාරක සරසවි ඇදුරන්ට තව තවත් දීමනා ගෙවීම නො වේ. ඔළුව ඉදිමී ඇති මොවුන්ට මොවුන් විසින් එතරම් උගතකු ලෙස නොසැලකෙන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පසුගිය දා දළ ගෘහස්‌ථ නිෂ්පාදනය ගැන මූලික පාඩමක්‌ ඉගැන්වී ය."

      Delete
    5. @ අටම්පහුර
      එකතැන ඉන්න හිතන්න එපා. හොඳ උනන්දුවෙන් වැඩ කරන්න. අමතර දේ ඉගෙන ගන්න. වැඩපොලේ වලි දාගන්න එපා.

      උත්සාහය සහ බලාපොරොත්තු අත්හරින්නත් එපා.

      Delete
    6. @ Anonymous July 25, 2012 3:26 PM
      නලින්ද සිල්වා ෆූටාවේ (FUTA) සභාපති කාලේ එයා මොනවාද කලේ කියා අහලා බලන්න!

      Delete
    7. @AnonymousJuly 25, 2012 3:26 PM

      ඊයෙ තිබුන වාද පිටිය බැලුවද? ඒකට කෝල් කලා මොරටුවෙන් අවුට් වෙච්ච කොල්ලෙක්. නියමෙට කිව්වා කියන්ට ඕනැටික. මගේ ඇදුර නං කීපවතාවක් පවුල පිටිංම සප්ත වාර්ෂිකය රට රට වල ගෙවල ඇවිත් ඉන්නෙ. අන්තිමට හිටියෙ ජපානෙ අවුරුදු 2ක්. හම්බකල පඩිය ගැන කියන්නෙ නැහැමම. නමුත් ඒක ඇතිඋනා අපේ පුතාව එංගලන්තෙට ඇරල උගන්නන්ඩ. එයා එහෙදි රැකියා කලේ නැහැ. බැච් ටොප් වෙලා ආවෙ ගෙදර. පිටරටවල ඉල්ලුම තියෙනව. සිංහල සාහිත්‍ය වගේ ඒවට නොවෙයි, අපිට අදාලව නං ඉංජිනේරු විද්‍යාව සම්බන්දව

      Delete
    8. /පිටරටවල ඉල්ලුම තියෙනව. සිංහල සාහිත්‍ය වගේ ඒවට නොවෙයි, අපිට අදාලව නං ඉංජිනේරු විද්‍යාව සම්බන්දව/

      ඉතින් යන්නකො නැන්දේ, අපට වද නොදී.

      Delete
    9. කිසිම ප්‍රශ්නයක් නෑ, යන්න. ඔය ඇඬියාව දැන් අපට මළ වදයක් වෙලා තියෙන්නෙ. ඔය ගොල්ල ගියාය කියල අහස කඩාගෙන වැටෙන්නෙ නෑ. එතකොට අඩුගාණෙ අපට කණක් ඇහිලා ඉන්න පුළුවන්.

      Delete
    10. //ඔය ඇඬියාව දැන් අපට මළ වදයක් වෙලා තියෙන්නෙ// මේ කියන්නෙ මගෙ අන්තිමට දාපු පෝස්ට් එකට නං ඇනෝ නුඹ තිරිසනෙක්.

      කොහොම උනත් කාටවත් බලෙන් කියවන්න කියලා මම කියල නැහැ. කවදත් මාගේ ලිවීමට කැමති අය එනවා. ඇනෝ දන්නවද කකා ලියන්නෙත් පිටරටක ඉඳල නොවැ?

      මම පිට රට යනකොට ලැප්ටොප් එක ගෙනියන හැම විට දීම ලිව්වා. පිටරට ගියා කියා ලිවීම නවතිනවාද??

      Delete
    11. අනේ නැන්දේ, ඔයාගෙ පෝස්ට් කියව කියව ඉන්න අපට වෙන වැඩ නෑ කියල හිතුවද? මෙතැන ඔයාගේ පෝස්ට් ගැන මොකුත් කියල නෑනෙ. වල්ගෙ පාගගන්න ඕනැ නෑ. මෙතැන කතා කරන්නෙ ඔයා මෙතැන දාපු කමෙන්ට් ගැන විතරයි. අනෙක් ඒව අදාළ නෑ. 'ඇඬියාව' කිව්වෙ ඔයාගෙ පෞද්ගලික ඇඬියාවකට නෙවෙයි. "අනේ අපට පඩි නෑ, මංතිරිලටත් අපට වැඩියෙන් හම්බවෙනවා" කියන නතර නොවෙන කරච්චලේට. පඩි මදිනං යන එකනෙ ඇත්තෙ. අපි අල්ලගෙනය ඉන්නෙ?

      මීට පස්සෙ වත් කෙනෙකුට කතා කරන්න ඉගෙන ගන්න. පුරුෂයා විශ්ව විද්‍යාල ඇදුරෙක් වුණාට කෙනෙක්ට කතා කරන හැටිවත් උගන්නලා නැති හැඩයි.

      Delete
    12. මම මෙතැන කුනුහරුපයක් ලියා නැහැ. වලිග ඇත්තේ නුඹ වැනි අයටයි. අපට නොවෙයි......ඇනෝ හැටියට එන්නෙත් ඒකයි....ඇනෝ මැරවින්ගෙ පුතා නොවෙයි නේද මෙච්චර කහින්නෙ???

      ඇනෝ මම කීවෙ නැහැ අපට පඩි මදි කියා... මොකද ආයතන තුනකින්ම අපේ ගෙදරට පඩි ලැබෙනවා. විශ්ව විද්‍යාලයෙන්, ඇදුරු සම්භන්ද කොමිසමෙන් හා අපිටම අයිති ආයතනයෙන්. ආ තව අමතක උනා කියන්ට ඉන්ධන වලටත් දීමනා....තව මගෙ ඇදුරට විශ්ව විද්‍යාලයෙං කිරිකිරි කාර් එකක් රියැදුරෙක් එක්ක දීල තියෙනවා. ඒ නිසා ගෙදර තියෙන වාහන දෙක පුතාටයි මටයි පාවිච්චියට .ඔක්කොම එකතු උනාම නරකම නැහැ. තව NRFC ඩොලර් වලින් ලැබෙන පොලී... මම මුලිනුත් කිව්වානේ මම කතාකලේ අතිරේක වැඩ කරන්ට අවස්තාවක් නැති අනෙක් ඇදුරන් ගැන මිසක් ඉංජිනේරු විද්‍යාව උගන්නන අය ගැන නොවෙයි...

      Delete
    13. මේ ඇනෝ නං කොමෙන්ට් එක දැක්ක පමණින් මට මුලින්ම නැන්දේ කිව්වේ මොකද? දිව්‍යඥානය තියෙනවා වගෙ..... සැල කිය යුතු කෙනෙක් .....රාවනා වත්ද?

      Delete
    14. ඔන්න නයෙක්

      Delete
    15. මේක ඔයාලවගේ අයට නයෙක් උනාට අපේ සමාජෙ ජීවත්වෙන, මගෙ පුතාගෙ වයසෙ දරුවන්ගෙ ජීවිත වල යතාර්තය. සැප සම්පත් ලබන්ට වාසනාවත් පෙර පින් බලයත් තියෙන්ට ඕනැ මම විස්වාස කරන හැටියට. ඒවගෙම හොඳ දෙමාපියන් ලබන්ටත් පින් බලය ඕනෑ.

      Delete
    16. මොනා කරන්නද අපි හිඟන්නො තමයි. නැන්දගෙ පුතාලට වගේ පිනා චාන්ස් වදින්න අපිට වාසනාව හා පෙර පින් බලය නැතිව ඇති. ඒත් අඬ අඬ ඉන්නෙ නැතිව උත්සාහ කරනවා. ලබන ආත්මෙදිවත් එහෙම වෙයිද මන්දා මොකෝ මේ ආත්මෙදි පින් කරන්නත් සල්ලි ඕනනෙ. එදාවේල කන්න නැතිව කොහොමද පින් කරන්නෙ. නැන්දලා කාර් බාර් වලින් ගිහින් ලක්ෂ ගණන් පන්සල්වලට දේවාලවලට දෙන නිසා ලබන ආත්මෙත් ගොඩ.

      Delete
    17. /ඇනෝ මම කීවෙ නැහැ අපට පඩි මදි කියා... මොකද ආයතන තුනකින්ම අපේ ගෙදරට පඩි ලැබෙනවා. විශ්ව විද්‍යාලයෙන්, ඇදුරු සම්භන්ද කොමිසමෙන් හා අපිටම අයිති ආයතනයෙන්. ආ තව අමතක උනා කියන්ට ඉන්ධන වලටත් දීමනා....තව මගෙ ඇදුරට විශ්ව විද්‍යාලයෙං කිරිකිරි කාර් එකක් රියැදුරෙක් එක්ක දීල තියෙනවා. ඒ නිසා ගෙදර තියෙන වාහන දෙක පුතාටයි මටයි පාවිච්චියට .ඔක්කොම එකතු උනාම නරකම නැහැ. තව NRFC ඩොලර් වලින් ලැබෙන පොලී.../

      ඉතින් නලින් ද සිල්වා කියන්නෙ සම්පූර්ණ ඇත්තනෙ මේ රටේ විශ්ව විද්‍යාල ඇදුරන්ට පඩි ගෙවනවා වැඩියි කියලා. මේ ඔප්පු කරල තියෙන්නෙ. අනේ නැන්දෙ බොහොම ස්තූතියි මේ කියමනට. Screenshot එකකුත් ගත්තා. දැන් ඒක යායුතු තැන් වලට යාවි, අහවල් විශ්වවිද්‍යාලෙ, අහවල් තනතුර දරණ තැනැත්තාගෙ බිරිඳ මෙහෙමයි ආචාර්ය වැටුප් ගැන කියන්නෙ කියලා. ඔන්න නිර්මාල් හෙම ඇදුරාට කතා කරල බැන්නොත් අපට කියන්න එපා.

      නැන්දෙ ඔය නයා අරින කොට අර NSF එකෙන් මොකද්ද වැඩකට හම්බවෙනවය කියපු සුපියල් හත් ලක්ෂ ගාන අමතක වුනැයි?

      Delete
    18. එදාවේල කන්න නැතිවද මේ මංතිරි ලට කඩේ ගියෙ? මෙව්වට අඬන්නද හිනාවෙන්නද මංදා

      //ඉතින් නලින් ද සිල්වා කියන්නෙ සම්පූර්ණ ඇත්තනෙ මේ රටේ විශ්ව විද්‍යාල ඇදුරන්ට පඩි ගෙවනවා වැඩියි කියලා.//මතක තියාගන්න හැම ඇදුරටම ඔය ගාන ලැබෙන්නෙ නැහැ.

      විශ්ව විද්‍යාල ඇදුරු පඩි Basic 55,155/ අනික් ඒවා වැඩිපුර වැඩ කරලා ගන්න ඒවා.
      NSF ගැන කියන්ට දන්නෙ නැහැ නෙව.

      මම මුලිනුත් කිව්වානේ මම කතාකලේ අතිරේක වැඩ කරන්ට අවස්තාවක් නැති අනෙක් ඇදුරන් ගැන මිසක් ඉංජිනේරු විද්‍යාව උගන්නන අය ගැන නොවෙයි...

      ඇනෝ කවුද කියා පොඩි ඉඟියක් ආවා. ආදායම් බදු කාර්යාලයටත් අමතක නොකර කොපියක් යවන්න

      Delete
    19. //මෙව්වට අඬන්නද හිනාවෙන්නද මංදා//

      මෙච්චරකල් නැන්දා ඇඬුවනෙ. දැන් හිනාවුනෑකි. /මොකද ආයතන තුනකින්ම අපේ ගෙදරට පඩි ලැබෙනවා. විශ්ව විද්‍යාලයෙන්, ඇදුරු සම්භන්ද කොමිසමෙන් හා අපිටම අයිති ආයතනයෙන්. ආ තව අමතක උනා කියන්ට ඉන්ධන වලටත් දීමනා....තව මගෙ ඇදුරට විශ්ව විද්‍යාලයෙං කිරිකිරි කාර් එකක් රියැදුරෙක් එක්ක දීල තියෙනවා. ඒ නිසා ගෙදර තියෙන වාහන දෙක පුතාටයි මටයි පාවිච්චියට .ඔක්කොම එකතු උනාම නරකම නැහැ. තව NRFC ඩොලර් වලින් ලැබෙන පොලී.../ තියෙද්දිත් එදාවේල නැතිවුන් ඉන්නවනෙ. අපිට කොච්චර වාසනාව හා පින්බලය තියෙනවද කියලා හිනාවුනෑකි.
      දුප්පතුන්ට ගරහන්න එපා. මතක තියාගන්න ලෝකය කැරකෙනවා.

      Delete
    20. //මෙච්චරකල් නැන්දා ඇඬුවනෙ// අදටත් මං අඬනව මගෙ අක්කගෙ මැරිච්ච පුතා වෙනුවෙං.

      සල්ලි වලට මට අඬන්න වෙලා නැහැ වෙන්නෙත් නැහැ. මගෙ මුලු අනාගතයත් මාගේ දරුවන්ගේ අනාගතයත් සුරක්ශිත කරන්ට සමත් සැමියෙකු ලද නිසා.

      මේවා පෙර පිං.

      Delete
    21. ඔය පෞද්ගලික දෙවල් පැත්තකින් තියමුද?

      Delete
    22. ඇනෝට කියන්න දෙයක් ඉතිරිවෙලාම නැහැවගේ.........

      Bye Ano!!!

      Delete
    23. අනේ නැහැ නැන්දේ, මෙතැන ඔයා එක්ක පෞද්ගලික දේවල් ඇදගන්න මට ඕනැකමත් තිබුණේත් නෑ. ඇත්තේත් නෑ. වෙන කතාවකට මැද්දෙන් පැනලා අහපු දේකට උත්තර දුන්නා එච්චරයි. තව කියනවා නම් බොහෝ දේ කියත හැකි. ඒත් ඔයාට වගේ අපට ඔය සම්ප්‍රපලාපා වැදගත් නැහැ.

      Delete
    24. මට උඩ කමෙන්ට් එකෙන් දෙයක් උපුටලා අරන් මෙව්වාත් පෙර පින්ද අහන්න පුලුවන්. එක්කො ඕනෙ නෑ. එහෙනම් නැන්දට තෙරුවන් සරණයි.

      Delete
    25. ඒ එක්කම නැන්දේ, ඔයාගේ මෝඩ මොළේට නොවැටහුණාට මෙතැන ඇනෝලා දෙන්නෙක් හිටියා. ටිකක් පරිස්සමෙන් කමෙන්ට් කියවන කෙනෙක්ට නම් වැටහෙයි.

      Delete
    26. ඒවා පෙර පව්!! පින් වගේම මිනිසුන්ගේ පස්සෙන් එන දේවල්. කොහොමත් ඉපැදුනොත් මැරෙනවානේ. ඉන්න ටික කාලෙ ඉන්න විදිය තමා වැදගත්'

      ඇනෝලා ලක්සයක් හිටියත් මට මොකෝ? කොන්ද නැති නිසානෙ ඔහොම ඇනෝ එන්නෙ. එහෙනං මේ කතාව සෙට් වෙලා දෙන්නෙක් කවිකාරි එක්ක කරපු කොමෙන්ට් කිරිල්ලක්. මට ඇනෝ වැඩ පුරුදු නැත. කවිකාරිට ඇනෝලා වැදගත් නොවන බව කිවයුතුයි. කොන්ද නැති දෙන්නටම එහෙනං Bye කිව්වා!!

      Delete
    27. දැන් ඔයා එන්නෙ ඇනෝ නෙවෙයිද නැන්දේ? ඔයාට නම් ලොකු මොළේ අමාරුවක් තියෙන බව පේනවා. ඔයාමේ එකතුවෙලා උත්තර දෙන්න තරම් ලොකු කෙනෙක් කියලද හිතාගෙන ඉන්නේ?

      Delete
    28. ඊ මේල් කවිකාරි කියන්නෙ ඔයාගෙ උප්පැන්නෙ නමද නැන්දෙ? ඔයා හිතනවානම් ඇනෝ නෑවිත් එකවුන්ට් එකකින් ආවොත් කොන්ද පණ එනවා කියලා මට විනාඩි පහක් දෙනවද එකවුන්ට් එකක් හදාගන්න. ලේසියි පහසුයි.
      තව ඇනෝවෙක් එක්ක සෙට්වෙලා නෙමෙයි කළේ. ඒ කවුද කියලා මම දන්නෙත් නෑ. ඒත් මම මට දුන්න උත්තර විතරයි ගත්තෙ. මම ඔච්චර දුර එන්නෙත් නෑ ඔයා දිගින් දිගටම ඔයාගෙ වත්පොහොසත්කම් කිය කිය දැඟලුවෙ නැත්නම්. ඔයාගෙ පෙර පිං ගැන උදම් ඇනුවෙ නැත්නම්. ඔයාට බුදු සරණයි.

      Delete
    29. නියම කුණු ගොඩක් නොවැ මේ ඇදගෙන තියෙන්නේ!

      Delete
    30. සිංහල බ්ලොග් කරුවා සහ බ්ලොග් කරණය පිළිබද ක්ලැසික් උදාහරණයක් ඉහත සංවාදය.

      Delete
    31. ලෝකය වෙනස් වෙලාද? ඒ ප්‍රශ්නයට උත්තරේ නම් මේ බ්ලොග් සටහනෙන් හරියට ලැබුනේ නැහැ. නමුත් ලංකාවත්, එහි මිනිසුන්ගේත් වෙනසක් වී නැති බව නම් පෙන්වා දුන් ඉහත සංවාදයට එක් වූ සියලුම දෙනාට සකල ලෝක වාසින් වෙනුවෙන් මාගේ ඉස්තුති පුර්ව අවංක ආදරය මෙයින් පිරිනැමේ!

      Delete
    32. This is indeed bloody hilarious! and tragic too.
      The mind set of so called learned, upper middle class Sri Lankans

      Delete
    33. ලෝකෙ වෙනස් වුණාය නෑය කියල නෑ. හැම කෙනෙකුටම ආදායමක් ලැබෙන්නේ හැකියාව අනුව. මේ ඔබේ හැකියාවට සරිලන වැටුප වෙන්න ඇති. ඒ ගැන අනුන්ට බැන බැන ඉන්නෙ නැතුව හැකියාවන් වර්ධනය කර ගන්නෙ කොහොමද කියන එක ගැන හිතන්න.

      මෙන්න මේක කියපු ඇනෝටයි මම මේ කියන්නේ

      මාසයකට කෙලින්ම 200000 වඩා ( අමතරව ලැබෙනාවු ලාභය නැතූව )හොයලා දෙන එකාට 20000 දෙන එක සාධාරණද

      මගේ රස්සාවෙදි මගේ හැකියාවන් පිලිබදව ගැටලුවක් නොමැත

      අනිත් උන්ට අවවාද දෙන්න කලින් උඹේ මූණ පෙන්නලා හිටපං

      උඹ මූණ පෙන්නන්ඩවත් හැකියාවක් නැති උඹ කොහොමද අනිත් උන්ගේ හැකියාව ගැන කතා කරන්නේ

      උඹත් ශ්‍රමය හූරාගන කන පොන්නයෙක්ද කොහෙද

      Delete
    34. I'm not the Anonymous who advice you. But I think it is correct. In this comment you mentioned that you earn Rs. 200,000 for your employer and you get only Rs. 20,000. If you think you have enough capability in your field you can easily move to other employer or discuss your problem with your employer. He may enhance your salary if you prove your abilities. And make sure to strategically prove your abilities without fighting. If he refuses then find the person who offers better remuneration package. Problem Solved!
      Good Luck!

      Ruwan

      Delete
    35. මාත් ඉහත ඇනොලා දෙන්නම නොවේ. නමුත් ඔබට කේන්ති ගන්න දෙයක් පළමු ඇනොත් කියල නැහැ. කතන්දර කාරයත් කියල තියෙන්නේ ඒකමයි. දැන් මේ දෙවෙනි ඇනොත් මව් භාෂාවෙන් කියන්නේ එකම දෙය. මේක ඔබට පමණක් නොවේ අනික් අයටත් ප්‍රයෝජන වෙනවා. අප ගොඩක් දෙනා වැඩ කරන තරමට පඩියක් නොලැබෙන බව සිතනවා. ඒ කරන "අමතර දෙය" තමයි ලාභය ලෙස සමාගමට ඉතුරු වන්නේ. නමුත් ගොඩක් වෙලාවට "වැඩේට සරිලන" වැටුප් කියල දෙයක් තියනවා. ඔබට ඒක නොලැබෙනවා නම්, ඒ ගැන අර කතන්දර හා ඉහත ඇනෝ කියන පරිදි ඔබගේ හාම්පුතා සමග කතා කරන්න සුහදව. හැබැයි, ඔහු වැඩි වැටුපකට එකඟ නොවෙනවා කියන්නේ, ඔහුට ඔබ වාගේම කෙනෙක් හොයා ගන්න පුළුවන් කියා හිතන නිසා. එතකොට ඔබට විකල්පයක් නැහැ. වෙන යන්න තැනක් නැති නම් නවතින්න වෙනවා. අනික් එක තමා, ඔබ කියුවට ඔය හොයලා දෙන ගාණ ඉහලයි කියලා, ඒ සඳහා ඔහුටත් ලොකු ආයෝජනයක් කරන්න වෙලා ඇති. ඒකට සරිලන ලාභයක් ඔහු බලාපොරොත්තු වෙනවා. අප අනුන් යටතේ වැඩ කරන්නේ ඒ කියන මූලික ප්‍රාග්ධනය හා වියාපාරික ඥානය අප ගාව නැති නිසා. නැත්නම් අපත් සමහරවිට සමාගමක් පටන් ගන්නවා. අප සේවක අයිතිවාසිකම් ගැන සටන් කරන්න ඕනේ තමයි. නමුත් අපේ ආකල්පත් හැම විටම හරි නැහැ. කඩයක් දමලා කෙනෙක් සේවයට ගන්න කෙනා තව කෙනෙකුට රස්සාවක් ලබා දෙනවා. අර රස්සාව ලැබුන කෙනා හිතනවා, අනේ මූ මාව හුරාගෙන කනවා කියල. හැබැයි, ඔහු හෝ ඇය උනන්දුවෙන් හා සැලකිල්ලෙන් වැඩ කලොත් තමා කඩේ දියුණු වෙන්නේ. එතකොට හිමිකරුට සමහරවිට වැඩි පඩියක් දෙන්නත් පුළුවන් වේවි. සමහරවිට ඔහු/ඇය වැඩ කරන ආකාරය ගැන තැකීමක් කරන්නේ නැතිව පඩිය වැඩි නොකර ඉඳීවි. එතකොට අර වැඩ කරන්න පුළුවන් සේවකයා/සේවිකාව වැඩි කල ඉන්නේ නැහැ. එයා යන්න ගියහම කඩේට ගන්න දෙවෙනි කෙනා කම්මැලියෙක් නම් කඩේ වැහිලා යනවා. කොහොම උනත් කාර්ය ශුර කෙනෙක්ව පෞද්ගලික අංශය හැමවිටම පාහේ අගය කරනවා (හැමවිටම කියුවේ කාර්ය ශුර වියාපරිකයන් නම් හැම විටම). ඒ හින්දා තමා ඔවුන් දියුණු වෙලා තියෙන්නේ. අනික තමා කාර්ය ශුර කෙනෙකුට වෙනතැනක උනත් වැඩ හොයාගන්නත් අමාරු නැහැ (රස්සා අඩු තත්වයකදී පවා). කම්කරු රාජ්‍යයක් ගැන නම් සිහින මවමින් ඉන්න එකත් හොඳ දෙයක් නොවේ.මේකත් ලියුවේ උපදේශයක් වශයෙන් නම් නොවේ.

      Delete
    36. /මාසයකට කෙලින්ම 200000 වඩා ( අමතරව ලැබෙනාවු ලාභය නැතූව )හොයලා දෙන එකාට 20000 දෙන එක සාධාරණද/

      මේ මැට්ටාට දෙදෙනෙක්ම දීර්ඝ ලෙස පිළිතුරු දී ඇති නිසා මගේ මැදිහත්වීම අනවශ්‍යයි. එනිසා කෙටියෙන්.

      අනේ මැට්ටෝ, 200,000ක් හොයලා දීලා 20,000ක් ගන්නවා කියන්නේ උඹ අමුම් අමු මැට්ටෙක් කියන එකනේ. ඇයි තවත් ඔතැන ඉන්නේ? පලයංකො වෙන තැනකට. වෙන තැනකට යන්න බෑ කියන්නේ උඹේ වටිනාකම 20,000 කියන එකම තමයි. උඹ වගේ මැට්ටෙකුට 20,000ක් ගෙවන මනුස්සයගෙ දෙපතුල් අල්ලලා වැඳපං. මටනම් උඹ ඔච්චරවත් වටින බවක් පේන්නෙ නෑ.

      Delete
    37. මේ කමෙන්ට් ටික නිසා ලෝකය කොච්චර වෙනස් වුනත් ලංකාවෙ ජන සමාජය තාමත් එහෙමමයි කියලා පෙනුනා.

      තමුන් උසස් යයි සළකාගෙන ලැබී ඇති සම්පත් වලින් උදම් වෙමින් අන්‍යයන් පහත් කොට සළකන ධනපති පන්තිය (උදා: ඊමේල් කවිකාරී)

      තමුන්ට සමාජයෙන් ලැබෙන සැලකීම අඩුයයි පවසමින් අනුන්ට බනිමින් එම නරාවලේම පැසෙන නිර්ධන පන්තිය (උදා: අටම්පහුර )

      Delete
    38. මට ලැජ්ජා හිතූනා ඇ

      Delete
    39. / මගේ ඇදුර නං කීපවතාවක් පවුල පිටිංම සප්ත වාර්ෂිකය රට රට වල ගෙවල ඇවිත් ඉන්නෙ. අන්තිමට හිටියෙ ජපානෙ අවුරුදු 2ක්. හම්බකල පඩිය ගැන කියන්නෙ නැහැමම. නමුත් ඒක ඇතිඋනා අපේ පුතාව එංගලන්තෙට ඇරල උගන්නන්ඩ. /

      මුන්ට සප්ත වාර්ෂික නිවාඩුත් දීලා තවත් ඉල්ලන්න එනව සක්කිලි. මුන් ඉගෙන ගත්තෙත් අපි වගේම නිකන් තමා.... රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්. ඒත් මුන් කැම්පස් වල මොකද කරන්නේ.... හිතට අල්ලන්නේ නැති කොල්ලෙක් හිටියොත් සබ්ජෙක්ට් එකට I දීලා අවුරුදු 8ම තියාගන්නවා. කැම්පස් එක ඇතුලේ පැය තුනක්වත් ඉන්නෙ නැතුව ඇති එක දවසකට, ලෙක්චර් එක කරපු ගමන් කාර් එකත් අරන් පියාඹනවා SLIIT එකට SAITM එකට. මුන් මොරටුවේ ඉන්නේ "මොරටුවේ ලෙච්චැර්" කෙනෙක් කියන නම විකුණන්න විතරයි. ප්‍රයිවට් කැම්පස්වල උන්ටනම් හරි ආදරෙන් සලකනවා. ඒ. ලෙවල් පාස් වෙලා එන දුප්පත් කොල්ලන්ට මහන්තතකම් පෙන්නන් ඉන්නේ.

      Delete
    40. ඇදුර මොරටුවෙද?

      Delete
    41. අටම්පහුර මල්ලි ලැජ්ජෙ බිකර් ගගා ඉඳලා හරියන්නේ නෑ. මොනාහරි කරපන්. උඹ හැමදාම ඔතන ලගින්නද හදන්නෙ. මම ඉන්නෙ අන්ධකාරෙ කිය කිය හිටියට එළිය හම්බෙන්නෙ නෑ. එක ඉටිපන්දමක් හරි පත්තු කරන්න ඕනෙ. චූටි දෙයකින් පටන් ගනින් වැඩ.

      Delete
    42. මට අවශ්‍යදේ මට ලැබුනා

      මට කමෙන්ට් කල දෙන්නෙක් ඇරෙන්න අනිත් ඇනෝලා ඔක්කොම එකෙක්

      වැදගත් උගත් සමාජයට වැඩදායි ගොඩක් වැඩකරා ගොඩක් පඩි ගන්න මහත්තූරැ මොකද මේ හෙවනැලිවලට වැහිලා

      ඇයි කතන්දරකාරයා වගේ මූණ පෙන්නලා අදහස කියන්න බැරි

      Delete
    43. අඩුගානෙ අවවාදයක් දුන්නම හැදියං. ඒක දෙන එකාගෙ ජාතකේ හොයන්න යන්නෙ නැතුව. නැත්නම් උඹට හැමදාම 20,000 තමයි.

      Delete
    44. මේ වගේ සංවාද පහත මට්ටමකට ගෙන යන්න උත්සහ කරන සියලුම දෙනාට. මේ අත්න්තර්ජාලය නිසා වෙලා තියන අනික් ජං ජාල වලට අමතරව, හොඳ දෙයක් තමයි අදහස් හුවමාරු කර ගන්න ලැබීම. අර යාහු එකේ ප්‍රශ්නයක් අහල අනික් කට්ටියගෙන් උත්තර බලාපොරොත්තු වීම වැනි දේවල් ටිකක් ප්‍රයෝජන වත්. මේවයින් සරල ඉංගිරිසි වදනක තේරුම වගේම සංකීර්ණ ගණිත ගැටළු වලට පවා උත්තර දීල තියනවා (පිළිතුරු හැම විටම 100% නිවැරදි නොවුනත්). මේවගේ බ්ලොග්ද ඒවගේ තමයි. දැන් මේ ඇනෝ, වගේ අටම්පහුරට නිග්‍රහ කරන දෙපිට කැපෙන වචන නොකියා මේ සංවාද ඉදිරියට ගෙන යන්න පුළුවන්. කතන්දර කාරයා බ්ලොග් සටහනෙන් මතු කරපු දේට කෙලින්ම අදාළ වන දෙයක් තමා අටම්පහුරත් මතු කරන්නේ. එය අර ඇදුරාගේ ඉහල පන්ති බිරිඳගේ කතාවලට සම කරන එක වැරදියි. ලංකාව වැනි රටක රැකියාවක් සොයා ගන්න එක වගේම, වෙනස් කරන එකත් අසීරු කාර්යයක්. ලෝකේ වෙනස් උනාට මේ තත්වයේ බරපතල වෙනසක් පසුගිය දශක තුන හතර තුල සිදුවෙලා නැහැ. අපේ ජනගහන වර්ධනයේ හැටියල රැකියා අවස්ථාවල් පුළුල් වෙලා නැත්තේ, දේශපාලකයන්ගේ වැරදි නිසා. අද පවා කෙරෙන්නේ ණය අරගෙන පාරවල්, ගුවන් තොටුපළවල් හා වරායවල් හදනවා විතරයි. මේවා ගෙන් ප්‍රයෝජන ගන්න නම් අනික් නිෂ්පාදන හා සේවාත් වැඩි දියුණු වෙන්න ඕනේ. නිතිය කඩාවැටීම හා දුෂණය ඉහල යන රටක ආයෝජනය කරන්න වෙන රටවලින් එයි කියලා හිතන්න බැහැ. අපව "සූරා" නොකෑවට, තව සූරා කන්න ඕනේ තරම් රටවල් තියනවා, එම ආයෝජකයන්ට. "සමාජවාදී" චීන ජනතාව තමා එහෙම සූරා කන්න පුළුවන් හොඳම රට. අනික් අතට අපේ රටේ එවැනි මහාපරිමාණ ආයෝජන කරන්න දේශීය කට්ටියද නැහැ. එවැනි අවස්තාවක, වෙන කෙනෙකුට (එකම වර්ගයේ රැකියාව කරන) වඩා වැඩියෙන් වැඩ කරන කෙනෙකුට උනත් වෙන යන්න තැනක් නැහැ. සේවායෝජකයා මේ තත්වය තේරුම් අරන් වැඩියෙන් වැඩ කරන කෙනා තියා ගන්න වැඩිපුර ගානක් දෙන්න එකඟ වන්න පුළුවන්. හැම විටම එසේ වන්නේත් නැහැ. රජයේ සේවාවන් වල කොහොම වැඩ කලත් එක නිසා තමා ඒවායේ කාර්යක්ෂමතාවය පහල (ඒත් හැම විටම නොවේ). දැන් අටම්පහුරත්, එම ආයතනයේ අනික් අයට වඩා හොඳින් වැඩ කරනවා නම්, ඔහුට වැඩිපුර චේතනයක් ඉල්ලන්න පුළුවන්. නමුත් ලොක්කා බලන්නේ, පුළුවන් තරම් මිරිකා ලාබ ගන්න නිසා, පඩි වැඩි නොකර ඉන්නත් පුළුවන්. මෙහෙම වෙලාවට තියෙන්නේ, වෙන හෙමිහිට රස්සාවක් හොයාගෙන මාරු වෙන එකයි. මා ඉහත කියපු කරුණු වලට අනුව මෙහෙ ඒක කරන්න ලෙහෙසි නැහැ. මෙහෙම වෙන රස්සාවක් හොයාගෙන ලොක්කට කියපුවහම, මිනිහා ඔබගේ වැඩකරන හැටි දන්නවා නම්, එතකොට වැඩි පඩියකට නවතින්න කැමතිදැයි, අහන්න පුළුවන්. කොහොමටත්, අද අටම්පහුරගේ පඩියෙන් මොනවාද කරන්න පුළුවන්. ඒ අතරේ අර කියන්නා වගේ සප්ත වාර්ෂික අරගෙන පවුල් පිටින් රටරටවල සවාරි ගහන අයත් කෑ ගහන කොට, එම පඩි ගෙවන මහා ජනතාව එම සටන් වලට සහයෝගයක් නොදැක්වීම පුදුමයක් නොවේ!

      Delete
    45. කිව්වා නහන ගුරු ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි කියලා කතාවක් අහලා නැද්ද? මේ දීලා තියෙන කරුණු ඇති අටම්පහුරට හැදෙන්න. කැමතිනම් හැදියන්. මීට වඩා මම මොකුත් කියන්නෙ නෑ.

      උදව්වක් ඕනෙනම් කියපන්.

      Anonymous July 28, 2012 11:35 PM මමයි.

      Delete
    46. ඔබ කව්ද කියලා මට හිතාගන්න පුළුවන් මහත්තයෝ.
      ස්තූතියි ඔබට.

      Delete
    47. මෙච්චර බනින්ඩ තරං මම කොරපු අපරාදේ මොකක්ද

      හවසට ගෙදර එන ගමන් පිට වැඩ දෙක තූනක් කරගත්තහම ලැබෙන මුදල එකතූ කරහම ගෙදර එන කොට මා ලග තියන මුදල ඔය මහත්තූරැ හම්බ කරන් නැ මයේ හිතේ දවසකට

      මම මතූකරන්ඩ හදපුදේ එක්කෙනෙක් හරි තේරැම් ගත්ත එක පිලිබදව සතූටුයි

      මට තිබුනු සැකයක් දුරැකරගන්ඩයි මම ඔය පඩිය ගැන කෙටුවේ

      ඊට අමතරව සමහරක් බ්ලොග්කාරය අනිත් මිනිස්සු දිහා බලන විදිහ, සමාජය ගැන හිතන විදිහ ගැනත් දැන ගත්තා.

      දැන් ඔය කට්ටිය පතූරැ ගහපු සමාජමට්ටම් ( කදවුරැ )දෙකම නියෝජනය කරන්නෙක් නෙමෙයි.

      සමාජ මට්ටම , රැකියාව , උගත්කම , මොකක් උනත් මේ රටේ මිනිස්සු හාල් පොල් ගන්නේ එකම මීළට

      මම මෙතනින් එහාට මේ ගැනකතා කරන් නැ

      Delete
    48. @අටම්පහුර & කවී - මුහුනු වහගෙන ඇනෝ විදිහට රගන දන්න හදුනන බ්ලොග් කාරයන් එක්ක තර්ක කරන්න යන එක අපරාදයක් බං. කමෙන්ට් වල හැටියෙන් පේනවා කවුද පුද්ගලයා කියල. මම දන්නව ඒ කවුද කියල උඹලත් දන්නවා.

      @කතන්දර - මට මතක විදිහට බ්ලොග්කරුවෙක් මේ ලගදි මට කමෙන්ට් එකින් කිව්වා, තමන්ගෙ බ්ලොග් එකේ ඇනෝ විදිහට කවුරු හරි ඇවිත් වෙන බ්ලොග්කරුවෙක්ට අපහාස කරනව නම් ඒ ඇනෝගෙ කමෙන්ට් වල වගකීම බ්ලොග් එකේ හිමිකරු භාර ගත යුතු බවක්. එදා ඉදන් මම ඇනෝ කමෙන්ට් ඩිසේබල් කලා.

      කතන්දර ඔබේ බ්ලොගේ අනිත් පුද්ගලයන්ට එදිරිව වැටෙන කමෙන්ට් ගැන වගකීමක් භාරගන්න ඔබ බැදිලා නැහැ. ඒත් මීට පස්සෙ මම වුනත් ඔබ තුමාගෙ කතන්දර කියවලා කමෙන්ට් නොකර ඉන්නයි කල්පනාව. මොකද පහුගිය කමෙන්ට් එකේදිත් මට ඇරල තිබ්බා ඇනෝ කෙනෙක්.. (ඇනෝ ඩිසේබල් නැති තැන අවජාතකයින්ට රජ මගුල්...)

      ජය !

      Delete
    49. anola ekka waada kirima moda wadak.email kawikaari nandaa ekka patalunu anoth ganiyek wage.e gana nam lajjai atampahurath ane manda apahu awith illan kaala.mewa aththatama moda wihilu wage

      Delete
    50. අටම්පහුරයා කීයක්‌ හෙව්වත් උඹලට මොකද?.උඹලා අනිත් එවුන් හොයන ගාන ගැන හිතන්නේ නැතුව උඹලාගේ වැඩක් බලාගනිල්ලා!

      Delete
    51. අටම්පහුර වැරදියි. තමන්ගෙ වැරද්දක් පෙන්නලා දීලා දියුණුවෙන්න උපදේසයක් දෙන මිනිහෙකුට සංවරව කතා කරන්න පුළුවන් වෙන්න ඕනැ කෙනෙකුට. මෙයා එහෙම නෙවෙයි තමන්ට කරුණාවෙන් උපදේසයක් දෙන මනුස්සයටත් "පොන්නයා" කියලයි කතාව. එයාට ඒ ශික්ෂණය නෑ. ඉතින් කවදා හැදෙයිද?

      Delete
    52. 1. දැන් මෙතැන "තිරිසනා", "පොන්නයා" වගේ වචන භාවිතා කරල තියෙන්නේ ඇනෝලද නැද්ද?

      2. මේ පෝස්ට් එකට කිසිම අදාළත්වයක් නැතිව, තමන්ගෙ පෞද්ගලික ගැටළු ගැන කියල අනෙකුන්ගෙ අනුකම්පාව දිනා ගන්න උත්සාහ කරල තියෙන්නෙ ඇනෝලද, නැද්ද?

      3. සංවරව වාදයක් කරන්න උත්සාහ දරල තියෙන්නෙ ඇනෝලද නැද්ද?

      4. කෝපවී අනුන්ට දිගට හරහට බැනල තියෙන්නෙ ඇනෝලද නැද්ද?

      5. "අටම්පහුර", "ඊ-මේල් කවිකාරි", "සෑම්" කියන්නෙ මේ ගොල්ලන්ගෙ උප්පැන්නේ නම්ද නැද්ද? එසේ නම් මේ අය ඇනෝලද නැද්ද?

      Delete
    53. ඔබ ඇනෝ හරියට හරි. තමන්ට පිළිතුරු දරා ගන්න බැරි නම් මේ වගේ බ්ලොගයන්ට ඇවිත් ප්‍රතිචාර දමන්න එපා. අප කව්රුත් ඇනොලා තමයි. මගේ නියම නමින් ආවත් ඔය කව්රුවත් මාව දන්නේ නැහැ. තමන්ගේ පෞද්ගලික දේවල් කියන කොට අනික් අය ඒවාට ප්‍රතිචාර නොදා ඉඳියි කියල බලාපොරොත්තු වෙන්නවත්, එහෙම නොදාන්න කියල නියෝග දෙන්නවත් "ඔබලාට" බැහැ. තමන්ගේ බ්ලොගයේ ඕනා දෙයක් කර ගන්න.

      Delete
    54. කියන්න දෙයක් නෑ. ///හවසට ගෙදර එන ගමන් පිට වැඩ දෙක තූනක් කරගත්තහම ලැබෙන මුදල එකතූ කරහම ගෙදර එන කොට මා ලග තියන මුදල ඔය මහත්තූරැ හම්බ කරන් නැ මයේ හිතේ දවසකට/// මේ කෑල්ලෙන්ම පේනවනෙ ශික්ෂණය. මේ තනිකරම අර පොඩි ගානක් හම්බකරගත්තම තමුන්ට වඩා ලොක්කො නෑ කියලා හිතන් ඉන්න මේසන් බාස්ලා, ත්‍රීවීල් කාරයෝ ඉන්නෙ අන්න ඒ ටයිප් එකමයි. නැතුව මොළේ ඇති මිනිහෙක් (විභාග පාස් කියන එක නෙමෙයි) මේ වගේ කතාවක් කියන්නෙ නෑ. ඒත් ඒ වගේ එවුන් අතරෙත් අතළොස්සක් ඉන්නවා අනුන් කියන දේට කන්දෙන. /// මෙච්චර බනින්ඩ තරං මම කොරපු අපරාදේ මොකක්ද /// මෙතන කිසිම ඇනෝ කෙනෙක් බැනලා තියෙනවා මට නම් පේන්නෙ නෑ. මැට්ටා කියන්නෙත් තමුන් හොඳ හිතින් උපදෙස් දීපුවම පොන්නයා කියන නිසා. ///සමාජ මට්ටම , රැකියාව , උගත්කම , මොකක් උනත් මේ රටේ මිනිස්සු හාල් පොල් ගන්නේ එකම මීළට /// මේකත් බොරුවක්නෙ. රටේම මිනිස්සු බඩු ගන්නෙ එකම ගානටද? අනික මේක මෙතනට අදාළ වෙන්නෙ කොහොමද? ///ඒත් මීට පස්සෙ මම වුනත් ඔබ තුමාගෙ කතන්දර කියවලා කමෙන්ට් නොකර ඉන්නයි කල්පනාව./// මල්ලි කතන්දර බ්ලොගේ නවත්තයි උඹ කමෙන්ට් කරන්නේ නෑ කියලා දැනගත්තාම. ///එදා ඉදන් මම ඇනෝ කමෙන්ට් ඩිසේබල් කලා./// අනේ මල්ලි ඔයා ඇනෝ ඩිසේබල් කළේ ඔයාට ගල්කාරයා කොලුකාරයා කියලා මගේ බ්ලොගේ කියපු අය ඔයාගේ බ්ලොගයෙත් කීම නවත්තන්න නෙමෙයිද? අන්තිමට කියන්න තියෙන්නෙ වෙනදා වෙන දේ අනිත්පැත්ත මෙතනවෙලා තියෙන්නෙ. ඇනෝලා සංවරව කතා කරද්දි ප්‍රොෆයිල්කාරයො තමයි මෙතන ගූ කළේ.

      Delete
    55. /උඹ මූණ පෙන්නන්ඩවත් හැකියාවක් නැති උඹ කොහොමද අනිත් උන්ගේ හැකියාව ගැන කතා කරන්නේ?/

      අටම්පහුර මේ අහන ප්‍රශ්නය ඔහුට ඔහුගේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ (පාස් නම්) විභාග ප්‍රශ්න පත්‍ර මාක් කරපු අයගෙනුත් අහන්න පුළුවන්. මොකද ප්‍රශ්න පත්තරයක් මාක් කරන කෙනෙක් නමින් පෙනී හිටින්නෙ නැහැනෙ. නමුත් ඔවුන්ට පුළුවන් කෙනෙකුගේ හැකියාව මනින්න. ඉතින් අටම්පහුර හිතනවා නම් ඔහුගේ හැකියාවන් මනින්න පුළුවන් නමින් පෙනී සිටින අයට පමණක් කියල ඒක බරපතළ වැරදීමක්.

      Delete
    56. මේ සංවාදය, සිංහල බ්ලොග් හා එහි ඇතිවන සංවාද පිළිබඳවත් නැවත කල්පනා කිරීමට අවස්තාවක්. ගොඩක් වෙලාවට මේ වගේ සංවාදයක් වත් ඇති වන්නේ මේ ඇනොලාට ඉඩ දෙන බ්ලොග් වල තමා. "නම්" වලින් ලියන හා ප්‍රතිචාර දමන අය ගොඩක් වෙලාවට මේවා ලාමක ටින් ටින් තලයකට අරන් යනවා. කාටවත් වැඩක් නැති පෞද්ගලික අදෝනා ලියල, ඉන් පස්සේ එයාලම අඬනවා.

      Delete
    57. ANOLA MATHETA GAHANAKOTA NONANOLA UNGE JATHAKE HOYANAWA MISAK MATHE GANA NEMEYI BALANNE

      Delete
  8. කතන්දර ගැන කියන්න කතා තියනව. ඒත් මගේ කුතුහලේ ඇවිස්සුනා අන්තිම කතාවෙ පිලිගන්න පුළුවන් උත්තරේ ගැන හිතල. දැං ඒක දාන්නෙ කවදද?

    ReplyDelete
    Replies
    1. අපේ බුද්ධියට නිගා කරන තොත්ත බබා උත්තර නොදී සිටීමම කොච්චර වෙනසක්ද? අමතක නං බලන්න අනුර සහ අර්ජුන සමග ප්‍රශ්ණ උත්තර නැවතත්.

      කොහොමටත් මේ බූවා දන්නවා මාව තම්බන්න බෑ කියලා!

      Delete
  9. මම දන්න කියන මේවගේ සිද්ධි ඕනතරම් තියනව. අපේ පැත්තෙ තියනව කම්මලක්. කැති පොරව පිහි.... වගේ ආයුධ හැදීම මුවහත් තැබීම වගේ දේවල් අපි කලේ එතනින්. ඊට පස්සෙ මෑන් ගොයම්කොළ මඬින යන්ත්‍ර හදන්න ගත්ත. දැං අර දේවල් වලට කෙනෙක් නෑ.
    මෝටර්සයිකල් වල පොඩි පොඩි රෙපෙයාර් කරන තැනක් තිබුන. එතෙන්ට උනෙත් ඒටික. දැං ලොකුවැඩ විතරයි.
    මං හිතන්නෙ දියුණුව කියන්නෙ ඕක වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. DIY - DO IT YOURSELF !

      Delete
    2. එතන වුනේ ව්‍යාපාරික වෙනසක් නේද? මං කියන්නේ from Balcksmith to Mechanical repairs.

      මුං කලේ ලොකු ජොබ් නිසා පොඩි ජොබ් පයිසෙට දාපු එකයි.

      Delete
  10. නැතුව නැතුව අපේ ආච්ච්ලා අම්මලා ගෙදර වැඩ තියෙද්දී මේ බ්ලොග් කියව කියව හිටියද . ලෝකේ වෙනස් වෙලා !!!

    ReplyDelete
    Replies
    1. ආච්චි අම්මලා කෙසේ වෙතත්, අපේ සීයලා නම් බ්ලොග් කියවලා කමෙන්ට් කරලත් තියෙනවා. ඇනෝනිමස් කමෙන්ට් කරලත් තියෙනෙවා! බලන්න http://vargapurnikava.blogspot.com/2012/07/blog-google.html

      Delete
    2. අමතක වුනානේ . සීයලා කියෙව්වා නම් ආච්චිලත් කියවන්න ඇති

      Delete
    3. අපේ අම්මා නං කැමති සොලිටෙයා වලට විතරයි!

      Delete
  11. කලිසම පස්සෙන් පැලුනේ ඇයි ?

    කතන්දරට වාත අමාරුවක් තිබ්බද ?

    ReplyDelete
    Replies
    1. ඔන්න ප්‍රශ්න. මේ අනික් එවුන් මොනව අහනව ද මන්දා!

      Delete
    2. හප්පුච්චියේ .... මේ දෙන්නටත් තියෙන ප්‍රශ්න.

      Delete
    3. මිගාර නං ඇහුවත් කමක් නැහැ. සෑමට තියෙන අමාරුව. කකාට වාත අමාරුවනං හාමිනේ වෙදකං කරයි

      Delete
    4. අනේ මේ සෑමලා අඩවියලා වැනි ගූ බ්ලොග් කරුවෝ බ්ලොග් අවකාසය හැර යන්නේ කවදාද?

      Delete
    5. කලිසම පැලුනේ බාල නූල් හින්දා වෙන්න ඕනෑ. නැත්තං මගේ පස්ස පැත්ත ලොකු වෙලාද මන්දා?

      Delete
    6. මුන් වගේ ටෝය්යන් බ්ලොග්කාරයෝ නිසා මේක අල වෙලා කියල කියන්න මෙන්න උදාහරණ.

      Delete
    7. AnonymousJuly 26, 2012 12:08 AM,

      කට කට යකෝ. ටොයියො කියන්නෙ හොඳ එවුන්. කබ්බොයි චාටර්.

      Delete
    8. //AnonymousJuly 25, 2012 5:03 PM
      අනේ මේ සෑමලා අඩවියලා වැනි ගූ බ්ලොග් කරුවෝ බ්ලොග් අවකාසය හැර යන්නේ කවදාද?//

      සෑම් සහ නවක බ්ලොග්කරුවන්නේ සාර්ථක ලිවිල්ල දැක දැවෙන ප්‍රවීණ/පැරණි යැයි හිත උදුම්මවා ගත් බ්ලොග් කරුවෙක් වගේ..

      ඇයි මෙච්චර කුහක??? උන් ලියන ඒවා සිරා, උඹල ලියන ඒවට වඩා..

      Delete
  12. ප.ලි. ය තවත් කතාවක් වගේ! :P

    ReplyDelete
    Replies
    1. ප/ලි ය නොවෙයි තුන්වෙනි කතාවයි කතාව!

      Delete
  13. සපතේරුවා ලඟ ග්ලු ඉවරනම් මිනිහා සපත්තුව කෙල වලින් අලවන්නද? ස්පෙයා(ර්) ග්ලු එකක් තියාගෙන නැතුව ඇති. කතන්දරට තිබ්බේ ග්ලු එකක් අරගෙන මිනිහ ලව්වා අලවගෙන එන්න.

    සපතේරුවගේ දැනීමේ හැටියට සපත්තුව කතන්දරට උනත් අලවගන්න පුළුවන් තත්වෙක තියෙන්න ඇත්තෙ. කතන්දරගෙ ප්‍රායෝගික හැකියාවන් අඩුයි වගේ...

    ReplyDelete
    Replies
    1. රටක් දියුණු වෙන්න නං සේවා ආර්ථිකය දියුණු වෙන්න ඕනෑ.

      අපි හැමෝම ගෙදරින් කෑවොත් ආප්ප, කොත්තු කඩවලට මොකද වෙන්නේ?

      Delete
  14. මාත් එක්කම ලෝකෙ වෙනස් වෙනවා.. මම කියන එකා ඕක පිලිගන්නෙ හරි අමාරුවෙන් තමයි..

    ReplyDelete
    Replies
    1. අප පමණද එකතැන කැරකෙන්නේ?
      අප පසුකර ලෝකය දිවයන්නේ!

      Delete
  15. ලෝකේ වෙනස් නොවී කොහොමද..‍එහෙමනං මේක ලොකේ නෙවෙයිනේ... අනික මේ ලෝකේ නොවෙනස් වන එකම දෙය වෙනස්වීම කියලාත් කවුද මංදා කිව්වා කියනවනේ...

    අර ටේලර් ෂොප් එකේ කතාව වගේම පහල කමෙන්ටුවල තියෙන ඒ වාගේම තැන් පිළිබඳවත් වරදක් කියන්න බැහැ. මොකද මුලින් මුලින් එහෙම කලාට කාලයත් එක්ක එහෙම කරලා ලබා ගත්ත අත්දැකීම් එක්ක මිනිස්සු තමන්ගේ වියාපාර වෙනස් කර ගන්නවා. මොකද එහෙම නොවුනොත් මිනිස්සුත් එක්ක වැඩ කරන එක පහසු නැති හින්දා...

    ReplyDelete
    Replies
    1. මිනිස්සු තමන්ගෙ අත්දැකීම් අනුව වෙනස් වෙනවා කියන එකට නම් මම මාරයත් සමඟ සම්පූර්ණයෙන් එකඟයි.

      මෙන්න උදාහරණයක්.

      මීට අවුරුදු විස්සකට විතර කලියෙන් කවුරු හරි ජ්‍යෝතිශකාරයෙක් "සුබසෙත" පත්තරේට හරි "ඉරණම" පත්තරේට හරි සෙනසුරු ඔන්න අහවල් දවසෙ අහවල් වෙලාවට කන්‍යාවෙන් තුලාවට මාරු වෙනවා කියල ලිව්වම හැම දෙනෙක්ම ඒක විශ්වාස කරනවා. මොකද ගුරාගෙ පොත ඇරෙන්න වෙන මූලාශ්‍ර නැහැනෙ.

      හැබැයි අද ඒ සෙල්ලම් බැහැ. මොකද අභ්‍යවකාශ විද්‍යාව ගැන අන්දෝ සංසාරයක් නොදන්නා කෙනෙකුට වුණත් සෙනසුරු ඉන්නෙ කොහේද සෙනසුරු එක් රාශියක ඉඳලා තව එකකට යන්නෙ කවද්ද කියලා ලේසියෙන්ම හොයා ගත්තෑකි.

      ඒ අනුව අද ජ්‍යෝතිශකාරයෙක් කියනව නම් අගෝස්තු පළවෙනි සුමානෙ සෙනසුරු කන්‍යා රාශියේ ඉඳන් තුලාවට යනවා කියල ඕනැම කෙනෙකුට අහන්නට පුළුවන්. "මොන බොරුද අයිසෙ මෙන්න සෙනසුරුගේ ගමන් මාර්ගය (http://www.nakedeyeplanets.com/saturn.htm) සෙනසුරු තුලාවට යන්නෙ අගෝස්තුවල නෙවෙයි දෙසැම්බර් මුල කියල"

      Saturn crossed the celestial equator (declination = 0°), heading Southwards, in late September 2010. It will be positioned in Virgo for a little over three years before it enters Libra, the Scales (or the Balance) in early December 2012.

      තව දුර යන කෙනෙකුට ඕනැනම් මේකට හේතුවත් පැහැදිළි කරන්න පුළුවන්. අද ජ්‍යෝතිශයේ භාවිතා වන ගණිත ක්‍රම ගොඩ නැඟෙන්නෙ අඩුම තරමින් අවුරුදු පන්සීයකට එහා පැත්තෙ සියළු ග්‍රහයන් පෘථිවිය වටේ යනවා කියල විශ්වාස කරපු කාලෙ. ග්‍රහයො හැමදාම ඒ විදියටම යන්නෙ නෑ. කාලයත් සමඟ ඔවුන්ගේ ගමන වෙනස් වෙනවා. මේ නිසා අර පැරණි ජ්‍යෝතිශ සිද්ධාන්ත වලට අනුව කරපු ගණනය කිරීම් අද වෙන කොට වැරදියි. ඒ ක්‍රමයෙන් තීරණය කරනු ලබන ග්‍රහයකුගේ පිහිටීම හා සැබෑ පිහිටීම අතර කාල පරතරයක් තියෙනවා. හිරු වටා යන්න වසර 29½ක් පමණ ගතවන සෙනසුරු සම්බන්ධයෙන් මෙය සැලකිය යුතු මාස කිහිපයක වෙනසක්.

      අනෙක් අතර ජ්‍යෝතිශකරුවන්ම අතරත් මේ සම්බන්ධයෙන් පරස්පර අදහස් තියෙනවා කියල ලෙහෙසියෙන්ම හොයා ගත්තෑකි. උදාහරණයක් හැටියට මේ ගොල්ල කියන්නේ සෙනසුරු තුලාවට ගියේ 2009 ඔක්තෝබර් මාසයේ (හා වක්‍ර වීමෙන් පසුව 2012 ජූලි) කියලා.

      Saturn will occupy the sign of Libra from October 29, 2009 to April 7, 2010; and then from July 21, 2010 to October 5, 2012. Saturn retrogrades at 4-5 degrees Libra mid-January 2010, re-entering Virgo on April 7, 2010. Saturn then turns direct near the end of May, 2010, and returns to Libra on July 21, 2010. (http://cafeastrology.com/saturninlibra.html)

      වැරදි ගණිත ක්‍රම භාවිතා කරල කියන "නොවරදින අනාවැකි" ගැන නම් මා කියන්නෙ නැහැ. ඔයගොල්ලන්ම හිතා ගන්න.

      මෙන්න සෙනසුරුගේ ගමන වැඩිය හොඳින් පෙන්නන තැනක්. පුළුවන්නම් ඔය අගෝස්තු මාසෙ මුල් සතියෙ වෙනවයි කියන ග්‍රහ මාරුව මේකෙන්ම පෙන්නල දෙන්නකො. http://www.fourmilab.ch/cgi-bin/Solar

      මෙන්න අගෝස්තු මාසයෙ 4 වැනිදා උදේ 8.40ට සෙනසුරුගේ පිහිටීම.

      Saturn
      Right Ascension: 13h 32m 37s
      Declination: -7° 5.2'
      Distance from Earth (AU): 10.022
      Altitude and Azimuth: -42.913 -138.584

      13h 32m 37s කියන්නේ කන්‍යා හා තුලා රාශීන්ගේ සීමාවද?

      මේ කිව්වෙ වෙනස් වන ලෝකය ගැන උදාහරණයක්. කොයි තරම් පෙන්නල දුන්නත් තමන්ගෙ දැනුම වෙනස් නොකර ගන්න මෝඩ මිනිසුන් කොට්ඨාශයක් ඉන්නව කියලත් මා නොදන්නවා නෙවෙයි.

      Delete
    2. නිවැරදි විය යුතුයි.

      /මේ ගොල්ල කියන්නේ සෙනසුරු තුලාවට ගියේ 2009 ඔක්තෝබර් මාසයේ (හා වක්‍ර වීමෙන් පසුව 2012 ජූලි) කියලා./

      2012 ජූලි නොව 2010 ජූලි

      Delete
    3. @ මාරයා
      මෙතන තියෙන්නේ ව්‍යාපරය වෙනස් වුණු එකක් නොවෙයි. පාරිභෝගික අවශ්‍යතා ගැන නොසලකා හැරීමයි.

      යකෝ - ගමේ හන්දියේ කඩෙන් අපේ වැඩේ කරගන්නේ නැතුව අපි හර්කියුලීස්, ගේලෝඩ්ස් යන්නද?

      Delete
    4. @ඉහත ඇනෝ;

      පල්හෑලි, නයි, හිස් වචන, සම්ප්‍රප්පලාප කොමෙන්ටු අතර ඉතාම වටිනා සහ ඉගෙනීමට යමක් ඇති කොමෙන්ටුවක්

      - සනාත

      Delete
  16. තුන් වෙනි කතන්දරේ සිද්දිය නං වෙලා තියෙන්නේ කකා දැන් චුට්ටක් මහළු වයසේ නිසා තමා..හික්..

    ReplyDelete
    Replies
    1. හික්, හික්!
      පක්‍ෂ නායකයෝත් අපිට සරෙන්ඩර්!

      Delete
    2. ඒක නේන්නං..අනේ වාසනාවන්..
      :D :D

      Delete
  17. හ්ම්ම් හ්ම්ම්..දවසින් දවස ලෝකෙ වෙනස් වෙනවා..

    ReplyDelete
  18. තේ කහට එක, පොල් තෙල් ටික උනත් දැං බෑග් වලනේ ගෙනියන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඉස්සර ගෙනිච්චේ දංකොටුව විතරයි නේද?

      Delete
    2. එහෙනං එහෙනං, පරිගණක තාක්ෂණය වාහන වලට ආවා වගේ තමා....!

      Delete
  19. "සූටි සුපියලක්" - ආ හරි ආ!

    ReplyDelete
    Replies
    1. නෑ ඉතිං මගේ පස්ස පැලිච්ච කලිසම වගේද අර රියලිටි ස්ටාර් වර්ගයේ සික්වීන්ස් අල්ලපු ෂර්ට් මැසීම?

      Delete
    2. ඒකත් එහෙමද?

      Delete
  20. නැස්තම් නැස්තම්.... ලෝකෙ කැරකෙනවනේ

    ReplyDelete
    Replies
    1. ලෝකේ කැරකුන පලියට අපි වෙනස් වෙන්නේ නෑ, විද්‍යාඥයෝ?
      කැරකිලා බලන්න දහ දොලෙස් පාරක්!

      Delete
  21. ඉතින් ලෝකේ විතරද? කතන්දරත් වෙනස් වෙලා නැද්ද? දැන් ඔය කලිසමක් ඉරුනොත් එක්කෝ එක විසි කරනවා, නැත්නම් හාමිනේට කියල මහගන්නවා. නේද? :D :D

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නාම දන්නේ අර-පිරි-මැස්ම විතරයි.

      Delete
  22. අභියට වාගෙ ඔබතුමාටත් සල්ලි ටිකක් ඕනෙ උනොත් කියන්න.

    ReplyDelete
  23. ලෝකෙ රවුම් කියලා කිව්වේ ආදි කාලෙනේ..
    හතරැස් බව දන්නේ කී දෙනාද අද ලොවේ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  24. ලෝකේ කොහොමත් හැමදාම එක වගේ තියෙයි ඈ තව ටික දවසකින් රාවණා රජුත් නැවත වැඩියාම මේ ලෝකේ තවත් බොහෝ වෙනස් කම් වලට ලක්වේවි අපි එයට මුහුණ දෙන්න සුදානම් වෙලා ඉමු.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ රාවණාධිරාජයා එන ගමන ඉක්මන් වුනොත් හොඳයි වගේ.

      Delete
  25. ඉර නෑ වෙනස් වෙලා
    හඳ නෑ වෙනස් වෙලා
    කීවත්
    අද ඉර හද පවා වෙනස් වෙලා
    හැමදේම වෙනස් වෙන ලෝකෙක වෙනස් විමත් වෙනස් වෙලා

    ReplyDelete
    Replies
    1. වෙනස්වීම වෙනස්වීම කියන්නේ නිකං ත්වරණය වගේ එකක්ද?

      Delete
    2. වර්ගය නිසා ද? ඒවගේ තමා.

      Delete
    3. x විශයෙහි පලමු අවකලන සංගුනකය

      Delete
    4. වැරදියි, x විෂයේ දෙවන අවකලන සංගුණකය!

      Delete
    5. ස්ස්ස් ඔව් මයි, මං කියල තියෙන්නේ ප්‍රවේගය ගැන නේ. සමාවෙන්න!

      Delete
    6. ඇනෝ / ජයශ්‍රි;

      x විශයෙද t විශයෙද?

      - සනාත

      Delete
  26. චැඃ. මමත් චෙක් කරල බලන්න ඕන මම ඉන්නෙ අතීතෙද වර්තමානෙ ද කියල.

    ReplyDelete
    Replies
    1. චැක් කොරලා අපිට ප්‍රතිපල කියන්නකෝ

      Delete
  27. ‌ගොඩක් තැන් එහෙම තමයි දැං. මං මේ කියන එක හැම දෙනාම පිළිගනියිද මන් දන්නෑ. කට්ටිය එකතු වෙලා මට ගහන්න හදන්නත් එපා. අපේ ගෙවල් පැත්තේ තිබුන පරණම සැලුන් එක අයිතිකාරයා අපේ ආතා මැරෙනකම්ම කොණ්ඩෙ කැපුවේ රු. 5.00ට. ආතා මැරැණේ අවුරැදු 105ක් හෝ 106 ක් ආයු වලදලා. මම දන්න විදියට ඒ සැලුන් එක අයිති මුස්ලිම් මනුස්සයෙකුට.

    දියුණුව කියන්නේ පරණ හැමදේම අතෑරලා අලුත් දේ බදා ගන්න එකනම් නෙවෙයි කියලයි මම හිතන්නේ. පරණ නරක දේ අයින් කරලා දාන එක වැරැද්දක් නෙවෙයි. හැබැයි අලුත් හැමදේම හොද දේවලුත් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ අවුරුදු සීයකට කලිනුත් කොණ්ඩේ කපන්න රුපියල් පහක් ගත්තාද?

      එකදාස් නමසිය හතලිහේ විතර ගුරුවරයෙකු ගේ ආරම්බක පඩියත් රුපයික් තිස් ගානයි ලු. ලිපිකරුවෙකුගේත් ඒ වගේ. ඉලංගරත්න ගේ තිලක කියන නවකතා පොත බලන්න.

      Delete
    2. ගාන ටික ටික වැඩි වෙලා... ඒත් රැ 5.00ට වඩා ඉහල ගියේ නෑ.... ආතා මැරැනේ 2009 දි......සමහරවිට ආතාගේ කටට බය වෙලා ද දන්නේ නෑ.....

      Delete
    3. ඔය වයසෙදි ආතාගේ කොන්ද ගස් කීයක් තිබුනද............

      Delete
  28. ගුණ්ඩයි අජිත් කුමාරයි මොනවද බං උඹට කිව්වේ?

    ReplyDelete
    Replies
    1. කුමාර් ගුණරත්නම් විය යුතුයි.

      Delete
  29. ඉතිං ඇත්තටම නාකියා වෙලාද ? ඒ උනාට බස් එකේ ගිය හඩ නම් තරැණයි...

    ReplyDelete
    Replies
    1. දාර්ශනික දේවල් හිතෙන්නේ වයසට යන කොට කියනවා නේ!

      Delete
  30. කතන්දර සීයා වෙලා

    ReplyDelete
  31. කකා නාකි වෙලාද ලෝකේ වෙනස් වෙලාද කියලා කියන්න බෑ..
    ඒත් පරිණතභාවය පිළිබඳ ප්‍රශ්ණයක් තියන බව නම් පේනවා ;-)

    ReplyDelete
    Replies
    1. හින්ට් එක තේරුණා. නමුත් මට ඇත්තටම හිතුණු දේ තමයි ලිව්වේ.

      Delete
  32. ඔය අත්දිග ඩෙනිම් ජැකට් එක අඳින්න ඇත්තේ රතුපාට කාර්එක ගන්න ඉස්සර මෝටර් සයිකලයක් පැද්ද නිසාද ?

    ReplyDelete
    Replies
    1. මේක ඕනෑ වුනේ හීතලට අඳින්න. මං බයිසිමොටෝ පාවිච්චියක් නෑ. නමුත් නුවර එලියේදී ගත්තු තව "ජැකට්" එකක් අවුරුදු ගාණක් ම මා ලඟ තිබුණා.

      Delete
  33. කකා ඇහුව ප්‍රශ්නෙයි හම්බුණු උත්තරෙයි කිව්වා නම් හරියටම හිතාගන්න තිබුණා කකා නාකිද කියලා :D

    ReplyDelete
    Replies
    1. ඇහැව්වේ කලින් අහපු වගේම ප්‍රශ්නයක්.

      අපි කොහොමද උඹලා මේ පාර කොරයි කියලා විශ්වාස කරන්නේ, කලින් පාරවල්වල අනා ගත්තු හැටියට?

      උත්තරෙන් මාව ගොනාට අන්දන්න නොගිය එකයි වෙනස.

      පොර කිව්වේ මේක අපේ ජීවිත කාලේදී කරන්න බැරිවෙන්නත් ඉඩ තියෙනවා කියලායි.

      Delete
  34. ලෝකේ වෙනස් වෙනවා උනාට අපි වෙනස පිළිගන්න කැමති නෑනෙව.

    ReplyDelete
  35. මගේ හිතවතෙක්ගෙ සීය හවසට දුම් අල්ලන්න පාවිච්චි කරලා තියෙන්නෙ කුඹුරෙන් ඇහිදලා කුඩුකරලා හදාගත්ත දුම්මල කුඩු, එතකොට එයාගෙ තාත්තා පාවිච්චිකරලා තියෙන්නෙ "කට්ටකුමංජල්" තුන්වෙනි පරම්පරාවෙ ඉන්න,X කණ්ඩායමේ දේශපාලනෙත් කරපු අපේ යාළුවා පාවිච්චිකරන්නෙ ඉන්දියාවෙන් ගෙන්වන විශේෂ කුඩු වර්ගයක්....හැබැයි තුන්දෙනාම පාවිච්චි කළ කබල එකමයි,

    ඇත්තටම ලෝකෙ වෙනස්වෙලා තමයි.....

    ReplyDelete
    Replies
    1. සිංහල බ්ලොග් ලෝකේ එදා මෙදා තුර නිර්මාණාත්මකම කමෙන්ට් පහක් තේරුවොත් මේකත් තිබිය යුතුයි... පට්ට කමෙන්ට් එක... :)

      Delete
    2. සිරාවටම සුමිත් එක කමෙන්ටුවකින් ලංකා ඉතිහාසයම ලියා ඇත.පට්ටය...!

      Delete
    3. කබල විතරද වෙනස් වෙලා නැත්තේ?

      දුම්මල ගහලාවත් එලවන්න බැරි පිසාචයෝ, පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ? ඔය ඉන්නේ යස අපූරුවට එදා වගේම අදත්!

      අනික ආතුරයාත් එදත් මෝඩයා අදත් මෝඩයා නේද?

      Delete
    4. //මගේ හිතවතෙක්ගෙ සීය හවසට දුම් අල්ලන්න පාවිච්චි කරලා තියෙන්නෙ කුඹුරෙන් ඇහිදලා කුඩුකරලා හදාගත්ත දුම්මල කුඩු, එතකොට එයාගෙ තාත්තා පාවිච්චිකරලා තියෙන්නෙ "කට්ටකුමංජල්" තුන්වෙනි පරම්පරාවෙ ඉන්න,X කණ්ඩායමේ දේශපාලනෙත් කරපු අපේ යාළුවා පාවිච්චිකරන්නෙ ඉන්දියාවෙන් ගෙන්වන විශේෂ කුඩු වර්ගයක්....හැබැයි තුන්දෙනාම පාවිච්චි කළ කබල එකමයි,

      ඇත්තටම ලෝකෙ වෙනස්වෙලා තමයි.....//

      Beetle කියපු දේ නම් හරි...

      Delete
  36. ලෝකෙනම් වෙනස් වෙලා.. ඒක ඇත්ත.. අර අන්තිමේ කතාවේ ඉතුරු කෑල්ල දානකන් උත්තරේ හිතා ගන්න බෑ.. ඒකත් දාවි කියලා හිතනවා..

    ReplyDelete
    Replies
    1. මෙන්න නැවතත්!

      ඇහැව්වේ කලින් අහපු වගේම ප්‍රශ්නයක්.

      අපි කොහොමද උඹලා මේ පාර කොරයි කියලා විශ්වාස කරන්නේ, කලින් පාරවල්වල අනා ගත්තු හැටියට?

      උත්තරෙන් මාව ගොනාට අන්දන්න නොගිය එකයි වෙනස.

      පොර කිව්වේ මේක අපේ ජීවිත කාලේදී කරන්න බැරිවෙන්නත් ඉඩ තියෙනවා කියලායි.

      Delete
  37. කතන්දරත් දැන් වෙනස් වෙලා.

    ඉස්සර කතා දාගෙන දුවනවා. අපි පස්සෙන් පන්නනවා. දැන් කකා කතන්දරයක් කියලා ඒකට දෙන අපේ උත්තර වලට කෝච්චියෙ ඉඳගෙන උත්තර බඳිනවා. මේ වෙනස හොඳයි! කමලා ළමා සමාජයක් හැඳුනත් මො‍කෝ අහපු දේට උත්තර ලැබෙනවා නම්!!

    ReplyDelete
    Replies
    1. මොකද දැන් කතන්දර අඩුයි නේ, වෙලාව ටිකක් ඉතුරුයි!

      Delete
  38. මගෙ තාත්ත ‍කුරුනෑගල ඉදං කොළඹ රස්සාවට ගියේ හොන්ඩා සී. ඩී. ෆිෆ්ටියක. මම කොළඹ ඉදල කුරුනෑගල රස්සාවට එන්නෙ බජාජ් කැලිබර් එකක. ඔවු ලෝකෙ වෙනස් වෙලා !

    ReplyDelete
    Replies
    1. කොළඹ ඉදන් කුරුනෑගලට තියෙන දුරද, කුරුනෑගල ඉදන් කොළඹට තියෙන දුර ද වැඩි ?

      Delete
    2. මං නං දන්නේ හොණ්ඩා ජුලෝලා විතරයි!

      Delete
    3. සොමි ඇති නේද?

      Delete
  39. Thamange loku kama kiyaganna dangalana, game linda langa sitiya uthu aya mewan than walath dakeemata siduweema gana mage balawath kanagatuwa.

    ReplyDelete
  40. මෙන්න මාත් කක්කා කතාවක් ලිව්වා.
    ඇත්තටම ලෝකෙ වෙනස්වෙලා. මෙන්න මම ලෝකෙ වෙනස්වීම ගැන ලියපු කතාව කතන්දරගෙ පොඩි කාලෙට වඩා අපේ පොඩිකාලේ වෙනස්. ඒ වෙනස් දේවල් හරි අමුතුයි. මෙන්න මේ වගේ

    ReplyDelete
  41. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  42. Peratugaminta kade yanowoo................

    ReplyDelete
  43. ඔයාගේ මේ කතාව්ට අදාළ මම දන්නා ඒවා
    සැලුන් එකේ ඉස්සර කහුරෙන් හා අත්ට්‍රැක්ටර් වගේ එකෙන් කොන්ඩේ කැපුවේ. දැන් කපන්නේ මැෂින් එකකින්, ට්‍රිමර් වලින්.
    අපේ තාත්තා රැවුල කැපවෙ බ්ලේඩ් තල දාන රේසර් එකකින්, දැන් තියෙනවා තල පහක් එකට් තියෙන ඒවාත්.
    අපි තේ බිව්වේ තේ ගොට්ටෙන් පෙරලා. දැන් ටී බෑග්.
    මම යුනික්ස් ඉගෙන ගත්තා රාම් කියල වතු දෙමළ විදියට ඉපදිලා ඉන්දියානු ශිෂ්‍යත්වයකින් ඉගෙන ගත්ත තරුණයකුගෙන්. එයාලගේ දෙමව්පියන් දළු කඩන රස්සාව කරන්න ඇත්තේ.

    තව ඕනෑතරම් උදාහරණ තියෙනවා.

    ReplyDelete
  44. කමෙන්ට්ස් ටිකයි පොස්ට් එකයි කියෙව්වාම හිතුනේ ලෝකේ ගොඩක් වෙනස් වෙලා කියලා...

    ReplyDelete
  45. මේ වෙනස් වන ලෝකේ නොවෙනස් වන එකම දෙයයි තියෙන්නේ! ඒ මොකක්ද දන්නවද? ලංකාවේ විපක්ෂ නායක කම. තව අව්රුදු විස්සක් ගියත් විපක්ෂනායක රනිල්ම තමයි! හෙක්! හෙක්!! (අනාත)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.