Sunday 22 July 2012

පැරණි රසාංගයට නව රිද්මයක් - Golden oldies and cover albums


ගුණදාස කපුගේ තමන් ගේ පැරණි රසාංග ටික සන්ෆවර්ස් ලා එක්ක "නව රිද්ම" කළා මතකයි නේද?

ඔය කාලේ රේඩියෝ ඉන්ටර්වීව් එකක කපුගේගෙන් රේඩියෝ ජොකියා ප්‍රශ්ණයක් ඇහැව්වා ඒ ගැන.

"ඇයි එහෙම සින්දු ටික කෑවේ?" කියලයි ඇහෙව්වේ, ඒ වචනවලින්ම නැති වුණත් වටින් ගොඩින්.

කපුගේ ගේ උත්තරේ දන්නවද?

පොර කිව්වේ මේකයි.

"මගේ පුතා එංගලන්තේ ඉගෙන ගන්නවා. මාස කීපෙකට සැරයක් ලක්‍ෂ පහක් යවන්න ඕනෑ. ඒ සල්ලි හොයා ගන්න තමයි මං එහෙම මගේ සින්දු නව රිද්ම කෙරුවේ!"

එතනින් නතර නොවී කපුගේ මෙහෙමත් ඇහැව්වා, හොඳට ඇදලා පැදලා.

"පැහැදිලිද?"

රේඩියෝ ජොකියා ගේ කට වැහුණා!

මංතුමාත් ඔය වගේම ප්‍රශ්ණයක් රෝහණ බැද්දගේගෙන් ඇහැව්වා. ඒකට දුන්නු උත්තරේ කලින් සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක දැම්මා නේ. මෙන්න ඒ කතන්දරේට පාර.

http://kathandara.blogspot.com.au/2011/06/interview-with-rohana-beddage.html

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන් කියන්නේ ඔය අරූගේ, මූගේ වැඩ ගැන නෙමේ මගේම කවියක් ගැනයි.

මෙන්න පැරණි රසාංගය

කියන් මා හට ඔබේ හදවත මලක් දෝ?
ගිලන් හද සුව කරන ඔසුවක
පහන් එළියක
සඳුන් සිසිලක
අරුම කැටි කොට අරුණ සුපිපුණු
කියන් මා හට ඔබේ හදවත මලක් දෝ?


දැන් මෙන්න නව රිද්ම කවිය

කියන් මා හට ඔබේ හදවත ගලක් දෝ?
දුකින් පිරි සිත පෙළන සුසුමක
නුවන් කඳුලක
සවන් යවුලක
කුරිරු බව ගෙන රුදුරු ලෙස සැදු
කියන් මා හට ඔබේ හදවත ගලක් දෝ?


ඔහේ ලා මේ කවි ගැන මගෙන් ප්‍රශ්න අහන්න කලින් මට අහන්න තියෙන්නේ කපුගේ අහපු ප්‍රශ්ණයමයි.

"පැහැදිලිද?"

-කතන්දරකාරයා

ප/ලි:
මූ අරූ කියන්නේ කවුද කියලා දන්නවාද?

සිංහල චිත්‍රපටි බර ගාණක් හදපු අධ්‍යක්‍ෂවරයෙක්. නම "මු. අරුක්ගොඩ".

"මු" කියන්නේ මුදියන්සේ වෙන්න ඇති.

(image:http://actsofbeauty.co.uk/wordpress/tag/rock/)

119 comments:

  1. කපුගේ/පෝති/මිල්ටන් x 2/ තාමත් සෑමාගේ ලිස්ට් එකේ උඩින්ම හිදිත්..

    නියම උත්තරයක් දීල තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. බලපන්කො කොල්ලෝ එහෙව් ගායකයින්ගේ සින්දු අහලත් තෝ තාම අමු හරකනේ.

      Delete
    2. අනේ යකෝ උඹ රජ කබ්බව තවත් ෆෝම් කරනවා නේද? මොකද ඇනෝ බ්ලොක් කරලා

      Delete
  2. හොඳටම පැහැදිලියි. පිරිමි ලමයින්ගේ හිත් වෙනස්වෙන හැටි අපූරුවට පෙන්නලා තියනවා. :D:D:D

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙන සිත් අර කොහේද මන්දා පලාතක කාලගුණේ වගේ කියනවානේ නේද?

      Delete
  3. මිත්‍ර කපුගේ එංගලන්තේ ඉගෙනගත්තු පොරක් :)

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට කපුගේගේ පුතා ඉගෙන ගන්න ඕන ජපුරෙද?මහත්තයෝ ලංකාවේ ( ඉස්සර)හිටපු ලොකුම ඇමරිකන් විරෝධියෙක් උන වසුදේව සහෝදරයාගේ ළමෝ ඉගෙන ගත්තෙත් ඇමෙරිකාවේ.

      Delete
    2. @ Ano

      ඇනෝ, මට තේරෙන විදියට හසිත ගේ වැකියේ කේන්ද්‍රීය වචනය එලන්තය නොවේ පොරක් යන්නයි.

      හසිත කැලනියේ ඉගෙන ගන්නා පොරක් බව මට කිව හැකියි.

      Delete
    3. @ Anonymous July 22, 2012 3:43 PM

      කතන්දර කිව යුත්ත කියා ඇති නිසා අමුතුවෙන් කියන්නට දෙයක් නැත. මිත්‍ර කපුගේ ගායකයෙක් සහ සංගීතඥයෙක් විනා එංගලන්තයේ උසස් අධ්‍යාපනය හැදෑරූ අයෙක් යැයි මම නොදැන සිටි නිසා එවැන්නක් දැනගැනීමේ සතුට ප්‍රකාශ කළා පමණි. තම දරුවන් කොහේ අධ්‍යාපනය හැදෑරිය යුතුද යන්න දෙමාපියන් හා ඒ දරුවා තීරණය කරගත්තාවේ :)

      Delete
    4. @ කතන්දර Kathandara

      මම කැලණි සරසවියේ උසස් අධ්‍යාපනය ලබන බව හැබෑව. ඒත් පොරක් නම් නෙමේ :D

      Delete
  4. "මගේ පුතා එංගලන්තේ ඉගෙන ගන්නවා. මාස කීපෙකට සැරයක් ලක්‍ෂ පහක් යවන්න ඕනෑ. ඒ සල්ලි හොයා ගන්න තමයි මං එහෙම මගේ සින්දු නව රිද්ම කෙරුවේ!" කතන්දර, ඔබට මෙම ප්‍රකාශයට මුලාශ්‍ර සැපයිය හැකිද?
    සන්ෆවර්ස් ලා එක්ක "නව රිද්ම" කිරීම පිළිබද කපුගේට ඔබ කියනවට වඩා දැක්මක් තිබුණුබව ඒදවස්වල මුද්‍රිත පුවත් පත් හා සගරා පරිශීලනය කල සැමට මතක ඇතැයි සිතමි.
    "නව රිද්ම" කැසට් පටය හුදෙක් නව සංගීතමය "පරීක්ෂණයක්" නොව යම් මුල්‍ය අරමුණුද පෙරදදී කරගත් වියපෘතියක් වුවත් එය අමුඅමුවේ ලක්‍ෂ පහක් සොයා ගන්නා වැඩකට ලගුකිරිම කපුගේට කරන මහා අපරාදයකි.
    මා දන්නා පරිදි කපුගේ බොහෝ පිරිසකට තනු නිර්මාණය කරදුන්නේ නොමිලේය, දන්නා අදුනුම් කම්මත ප්‍රසංගවලට නොමිලේ හෝ ඉතා අඩු මුදලකට සහභාගී වූ ගණන අනන්තය, විශ්ව විද්‍යාල වල සංවිදානය වූ ප්‍රසංගවලට ස්වේච්චාවෙන් සහභාගී වූ වාර ගණන බොහෝය.
    තම කලාවෙන් මුදල් සෙවීමේ මාර්ග බොහොමයක් තිබුනත් ඔහු එසේ නොකළේය. ඔහු ඉහත ප්‍රකාශය කිවා හෝ නොකීවා කපුගේව ලක්‍ෂ පහකට ලගුකිරිම ඔබට තරම් නොවේ එසේම ඉහත රේඩියෝ සංවාදය තවත් "කතන්දරක්" නොවෙයි විස්වාස කරමි.

    ReplyDelete
    Replies
    1. කපුගේ ගෙන් බොහෝ අය තනු නිර්මාණය කරවාගත්තේ නොමිලේය. ඒ නිසා, කපුගේට මුදල් අග හිඟකම් ඇති වූයේ ඔහු පාරම්පරික ධනවතකු නොවුනු බැවිනි. නව රිද්මයට සින්දු කීම කුඩු විකිණීම වැනි අපරාධයක් නොවේ.
      කොහොම වුනත් කපුගේ මේ කතාවෙන් ලක්ෂ පහකට ලඝු වෙන්නේ නැහැ නේද?
      තමන් කළ වැඩේ ගැන බොරු පුරාජේරු කියනවාට වඩා ඇත්ත කීම උසස් දෙයක්.

      මට මතකයි දවසක් ඔය වගේම රේඩියෝ ජොකි‍යෙක් මොහිදින් බෙග් ගෙන් ඇහුවා ඇයි බොදු ගී කිව්වෙ කියල. උත්තරය වුනේ "ඒව තමයි ඒ කාලෙ නැගල ගියෙ" කියන එක. නැතුව, මං බුද්ධාගමට පැහැදුනා කියල එහෙම නෙවෙයි.

      මොකා වුනත් අවංකව උත්තර දෙන එකාට අපි ගරු කළ යුතුයි.

      Delete
    2. @ Vimukthi
      මෙය රේඩියෝ ඉන්ටර්වීව් එකක ගිය ප්‍රශ්ණයක් සහ පිළිතුරකි.

      ආසන්න කාලය, ගුවන් විදුලි චැනලය ආදිය දන්නා නිසා කවුරුන් හෝ මට අපහාස නඩුවක් හෙම දැම්මොත් හඬපටිය ද සොයා ගැනීමට හැකිවෙනු ඇත.

      Delete
    3. ඔය කතාව නම් ඇත්තක් බව නම් දන්නවා. ඔය ඉන්ටෙර්විව් එක ගැන මාත් අහලා තියෙනවා.

      Delete
  5. මා කියවපු ආකාරයට කපුගේ මේ සින්දු කියුවේ ඒ දවස්වල ලෙඩ ඇඳේ හිටපු තවත් පරසිදු නමුත් මුදල් අතින් නොපොහොසත් කළා කරුවෙකුට මුදල් දෙන්න යයි එම කළා කරුවා කියුවා. මේක ප්‍රසිද්ධ කතාවක්. කපුගේ එම කතාව ප්‍රතික්ෂේප කලේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ කතාව කිව්වෙ ඒ කලාකරුවා නෙවෙයි කපුගේමයි. ඔව්, ඒක ප්‍රතික්ෂේප වුණේ නැහැ. ලක්ෂ තිහ හතළිහක් හොයාගෙන ලක්ෂයක් දෙන්න ඇති. ඉතින් දුන්නෙ නෑ කියන්න බැහැනෙ.

      Delete
    2. ඉතින් මචන් ලක්ෂයක් නොවේ දාහක් දෙදාහක් දුන්නත් කොච්චර දෙයක්ද, ඒ ගානට මිනිස්සුත් මරණ රටේ?

      Delete
    3. කපුගේ කියන මනුස්සය ලක්ෂ තිහ හතළිහක් හොයා ගත්තේ තමන්ගේ හැකියාවෙන් සන්ෆලවර් එක්ක කියපු සින්දු ටිකක් සමාජයට දුන්න කියල සමාජයට උන අහිතක් නැහැනේ.දැන් අපි අමාරුවෙන් හම්බු කරන සල්ලි වලින් යැපෙමින් අපේම සල්ලි වලින් බල නටන කට්ටිය කොටි ගණන් මාලිගා ගහනකොට කුඩු පැකට් සමාජයට දෙනකොට ඒවා දිහා ඇති කෙහෙල් කාපු රිලවු වගේ බලන් ඉන්න උන් ලසිත් මාලිංග තමන්ගේ හැකියාවෙන් හම්බ කරන එක දැක්කම කපුගේ තමන්ගේ හැකියාවෙන් හම්බු කරපු එක දැක්කම රෙද්ද උස්සන් එනවා.

      Delete
    4. ලසිත් මාලිංග වගේ ගොරකයෙක්ව මෙත්න්ට ඇදල කපුගේ වගේ මිනිහෙක් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. දැක්කනේ ඊයේ මැච් එකේදි අපේ අනිත් කොල්ලෝ 10 දෙනා එකා වගේ සෙල්ලං කරද්දි මාලිංග සෙල්ලම් කලේ ඉන්දියාව පැත්තට.

      Delete
  6. ඉතිං ස්වභාවය පැහැදිලිද... :D

    ReplyDelete
    Replies
    1. මේක බූට් කවියක්! පැහැදිලිද කියලා ඇහැව්වේ ඒ ගැනයි.

      Delete
  7. අපට නිර්මාණකරුවා හා නිර්මාණය වෙන් කර හඳුනා ගැනීමට හැකිවිය යුතුයි. නිර්මාණය උසස් වුණු පළියට නිර්මාණකරුවා උසස් විය යුතු නැහැ.

    කාලයක් මාත් ගුණදාස කපුගේ, නන්දා මාලිනී, සුනිල් ආරියරත්න වගේ පිරිස් මාර පරමාදර්ශී චරිත ලෙස හඳුනාගෙන හිටියා. පසුව තමයි වැටහුණේ සමාජය ඉදිරියේ වෙස් මුහුණක් දාගෙන මේ ඉන්නේ අපේ සමාජයේ සාමාන්‍ය චරිත බව.

    ගුණදාස කපුගේ මහා ලොකු පොරක් නෙවෙයි. තමන්ගේ වැඩේ හරියට කරන, හවහට කසිප්පු වීදුරුවක් දෙකක් බීල ඇවිත් ගෑනිට ගහන ලංගම බස් ඩ්‍රැයිවර් කෙනෙක් ගෙයි කපුගේගෙයි කිසිම වෙනසක් නෑ. (මේ එහෙම හැසිරීමක් නරකයි කියනව නෙවෙයි. නමුත් ඒකෙ වර්ණනා කරන්න තරම් දෙයක් නෑ.) නන්දා මාලිනී කියන්නෙ අර මට්ටක්කුලියෙ මුඩුක්කු ගෑනිමයි. එයා වෙනස් වෙලා නෑ. සුනිල් ආරියරත්න කියන්නෙ ජැක්සන් ඇන්තනි වගේම වෙළෙන්දෙක්. මේ කවුරුවත් මහා ලොකු පොරවල් නෙවෙයි, මහා ලොකු දර්ශන තිබිච්චි.

    ලෝකයට මානව හිතවාදය ගුණධර්ම කියා දෙන්න ගිය ප්‍රේමකීර්ති, අත දරුවෙක් ඉන්න භාර්යාව අතෑරලා දාල වෙන ගෑනියෙක් එක්ක ගිය, පස්සෙ ඒ ගෙදර තිබිච්චි බඩු භාණ්ඩ - අර දරුව ආසාවෙන් බලා හිටිය රූපවාහිනියත් ඇතුළුව - තමන්ගේ ගෙදරට බලෙන්ම ඇදන් ගිය අලුගුත්තේරු මිනිහෙක්.

    හැබැයි මහගමසේකර, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන වගේ චරිත ගැන එහෙම කියන්න බැහැ. ඔවුන්ගේ නිර්මාණ වගේම මේ චරිතත් දැවැන්තයි. මේ හැම කෙනෙක්ම පසුපස ඔවුන් මෙහෙයවූ දර්ශනයක් තිබුණා. ගුණදාස කපුගේට එහෙම මහා ලොකු දර්ශන තිබුණේ නෑ. හිස් කළයක් වගේ මිනිහෙක්. (හැබැයි කට්ටියක් තමන්ගේ අවශ්‍යතා පිණිස මිනිහා පොරක් කළා.)

    ඇත්ත. උලලේනෝ ලස්ස්නයි. දවසක් පැළ නැති හේනේ ලස්සනයි. උන්මාද සිතුවම් ලස්සනයි. කපුගේ හොඳ ගායකයෙක්. හොඳ සංගීතඥයෙක්. අපි එතනින් නවතිමු.

    ReplyDelete
    Replies
    1. මතකද ඒ කාලෙ කෝපි කඩේ කට්ටිය සංගීත සංදර්ශනවලට ආවා. එතකොට මම පොඩි එකා. මම දැක්කා කුරුං ගොයියා කාලා ඉවරවෙලා සිගරට් එකක් බොනවා. කුරුං ගොයියා කෝපි කඩෙන් පරමාදර්ශී චරිතයක් විදිහට දැකපු මට ඒක පොල්ලෙන් ගැහුවා වගේ උනා.

      Delete
    2. පිළිම වන්දනාව නිසා අපි කෙළවා ගන්නවා. වැඩි වශයෙන්ම දේශපාලුවන්ව පිළිම කරගෙන වන්දනා කරමින්.

      Delete
    3. :)

      මෙතන කොමෙන්ටුව දමපු ඇනෝ කියන්නේ පිළිම වන්දනාව නරකයි කියා නොවේ. එයා කාලෙකට කලින් පිරුණු පිළිම කියා හිතු සමහරක් පිළිම බොල් ලු. හැබැයි රෙකමන්ඩ් කරනවා වෙනත් පිළිම ෆුල් ඒවා හැටියට. එතකොට ආයිත් දවසක දැනගත්තොත් ඒ චරිතත් බොල් ඒවා බව?

      ඇත්තෙන්ම මේ අය දන ගන්න ඕනේ දියුණු සමාජයට මේ පිළිම වන්දනා සංකල්පය පිටින් ඔට්ටු නැති බව. හෙන්රි ජයසේනත් කපුගේ ට වඩා අමුතු මිනිහෙක් නොවේ.

      වන්දනාවෙන් වලකින්න.

      Delete
  8. දවසක් කපුගේට 30000ක් ලැබුනා.
    ඒ සල්ලිවලින්

    බිරිදට 3000යි
    ගෙදර එන ගමන් බොන්ඩ 2000යි
    80 වැඩවර්ජනයෙන් අසරණවෙලා හිටපු මිත්‍රයෙකූට තහඩු ටිකක් හෙවිල්ල ගන්ඩ 25000යි

    කව්දො මන්දා ගීත රචකයෙක් කියනවා දවසක් මම අහගන

    ReplyDelete
    Replies
    1. බලනකොට කපුගේත් දුමින්ද සිල්වා වගේම දානපතියෙක්නෙ. එයත් ඔහොම සල්ලි දුන්නු කතා ගාණක් මම අහල තියෙනවා.

      Delete
    2. එක වෙනසක් තියෙනවා මචෝ දුමින්ද සිල්වා දානපතියෙක් වෙන්නේ සමාජයට කුඩු පැකට් දීල .කපුගේ දානපතියෙක් වෙන්නේ (උඹ කියන විදිහට) සමාජයට ලස්සන සින්දු ටිකක් දීල.

      Delete
  9. කොහොම උනත් කපුගේ සන්ෆ්ලවර්ස් එක්ක කරපු කැසට් ඒක ගොඩක් දෙනා අතර ජනප්‍රිය උනා ..(මම නම් ඒ සංගීතෙට කපුගේ සිංදු අහනවට වඩා පරණ විදියට අහන්න තමයි කැමැති ) ඒ දවස්වල ගොඩක් කතා බහ ගියා ඇයි එහෙම කැසට් එකක් කරන්න පෙලබුනේ කියලා.. කට කතානම් ගොඩක් තිබුනා කොහොම නමුත්
    සන්ෆලවර් එක්ක කරපු කපුගේගෙ සිංදු ටික සහ හෙන්රි කල්දේරාගේ සිංදු වලින් ගායකයෝ කෙසේ වෙතත් .. ඒ කැසට් කරපු ආයතනය විශාල මුදලක් උපය ගත්තා කියලනම් ආරංචි ..

    ReplyDelete
    Replies
    1. පරණ සින්දුත් තියෙනවා, අළුත් ඒවාත් තියෙනවා. හැමෝම සැටිස්.

      Delete
  10. ඔය සින්දු ටික මුලින්ම අහපු වෙලේ මට හිතුනෙ අර නිවේදකය අහපු ප්‍රශ්නෙමයි!

    ReplyDelete
    Replies
    1. ඔහේ පරණ ගොඩේ කෙනෙක් වගේ?

      Delete
  11. කතන්දර මූ. අරුක්ගොඩ ගැන ලියපු නිසයි මේ සටහන.

    මූ. අරුක්ගොඩ කියන්නෙ අපට හිටපු දක්ෂ වාණිජ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. මුවන්පැළැස්ස-1 ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රාශියක්ම ඔහු අධ්‍යක්ෂණය කළා. (වඩා ප්‍රසිද්ධ මුවන්පැළැස්ස-2 හැදුවේ යසපාලිත නානායක්කාර. මුවන්පැළැස්ස කොටස් පහක් වෙනකල් හදනවාය කියල තමයි කතාව තිබුණේ.)

    මුවන්පැළැස්ස-1 ආවේ 1979දි විතර. මුවන්පැළැස්ස-2 ආවේ 1981-2 කාලේ.

    මුවන්පැළැස්ස-3 අධ්‍යක්ෂණය කිරීම නැවත භාරවුණේ මු.අරුක්ගොඩට. නිෂ්පාදකයා මේ විදියට අධ්‍යක්ෂකවරුන් මාරු කළේ මන්දැයි මා දන්නේ නැහැ.

    කොහොමහරි මුවන්පැළැස්ස-3 පොළොන්නරුවේ රූ ගත කරන්නට ගිය මු. අරුක්ගොඩ "නැතිවුණා". මැරුණා නෙවෙයි. ප්‍රගීත් එක්නැළිගොඩ වගේ අතුරුදහන් වුණා. තනියම නැතිවුණාද, කණ්ඩායම පිටින් නැතිවුණාද මතක නැහැ. "කොටි ගෙනිහිල්ලා" කියල තමයි කිව්වේ.

    කොටිත් ඒ කාලේ ආරක්ෂක හමුදා සාමාජිකයන්ට අමතරව තමන්ට සැක හිතුණු සියළු දෙනාම අරන් ගියා තමයි. (උන් "මුවන්පැළස්ස" බලලා තියේයැ?) මින් සමහරු මරන්නත් ඇති. සමහරුන් නම් නිදහස් කළා. සමහර අවස්ථාවලදී ආණ්ඩුවත් එසේ සිරභාරයට පත්වූ පුද්ගලයින් බේරා ගැනීම ගැන කොටින් සමඟ සාකච්ඡා කළා.

    ඒත් මූ. අරුක්ගොඩ සම්බන්ධයෙන් නම් මා දන්නා තරමින් මේ කිසිම දෙයක් වුණේ නැහැ.

    සාකච්ඡාත් නැහැ. (මැරුවා නම්) මිනියකුත් නැහැ. නිදහස් කෙරුණේත් නැහැ.

    මූ. අරුක්ගොඩ හිස් වාතලයට වාෂ්ප වුණා වාගෙයි.

    හැබැයි, පිටසක්වළින් ආපු සූර්යවංශිකයින් පැහැරගෙන ගිහින් කොහේ හරි ඉඳලා රාවණා රජතුමන් නැඟිටින දවසක ආයේ එයිද දන්නෙ නැහැ. නැත්නම් උපාලි විජේවර්ධන වගේ මෙක්සිකෝවේ හිර ගෙදරකද දන්නෙත් නැහැ.

    (ලිව්වාට පස්සේ හිතුණේ මේ කමෙන්ට් එකත් කතන්දරගේ පෝස්ට් එකක් වගේමයි කියලා . ලින්ක් විතරයි අඩු. කතන්දරට බැරිද ලින්ක් ටිකක් දාන්න?)

    ReplyDelete
    Replies
    1. මේ උපාලි විජේවර්ධනයි මෙක්සිකෝවේ කතාවයි නම් මම අදමයි ඇහැව්වෙ. බැරිද තව පොඩ්ඩක් වට පිටාව පැහැදිලි කරන්න, ඔබ හිතන හැටියට.

      Delete
    2. උපාලි ගැන කටකතාවට පිළිතුරු අද දිවයිනේ තියෙනවා.

      Delete
    3. ස්තූතියි කකා. මම ඒ ගැන දැනගෙන හිටියෙ නෑ. (ඔයාගෙ ලින්ක් එකට ලංකාවෙන් යන්න වෙන්නෙ ප්‍රොක්සියක් හරහා)

      දිවයින නම් මට වැරදිලවත් බැලෙන්නෙ නෑ, හරියට අයි.ටී.එන්. බැළුවත් වැරදිලවත් ස්වර්ණවාහිනී නොබලනව වගේ.

      Delete
    4. දැන් දිවයින පත්තරේ උපාලිගෙ කතාව විකුණනවා

      Delete
    5. @ Ano
      මූ අරුක්ගොඩ හොඳ පිචෑර් කීපයක්ම හැදුවා, මං හිතන්නේ මාසෙකින් එකක් වගේ ගැහැව්වා. නිකං සුනිල් ආරියරත්න වගේම පොරක්.

      Delete
  12. කපුගේට එහෙම විකිණෙන්ඩ සිද්ද උනත් සුනිල් ශාන්ත මොකුත නැතුව විකිණෙන්නැතුව හිටියා.දරුවො පවුල ගැනවත් හිතුවෙ නෑ.කාව අගේ කරන්නද?

    ReplyDelete
    Replies
    1. කපුගේ ජීවත් උන යුගයත් සුනිල් ශාන්ත ජීවත් උන යුගයත් දෙකක්.සමහර විට සුනිල් ශාන්ත අද ජීවත් වෙලා හිටියනම් ඔය කතාව වෙනස් විදිහකට ලියවේවි.

      Delete
    2. මම අහල තියෙන විදියට සුනිල් ශාන්ත ගීත විකුණන්නේ නැතිව මාර්කට් එකේ කරවල වික්කා ජීවත්වීමට.

      Delete
    3. මං හිතන්නේ 1978-79 පමණ වෙනතුරු කැසට්වලට ලොකු මාකට් එකක් තිබුනේ නෑ. රෙකෝඩ් ප්ලේයර්ස් තිබුනේ ලොකු තැන්වල විතරයි. බහුතරේ සින්දු ඇහැව්වේ රේඩියෝවෙන්. එතනින් කැපුනා කියන්නේ කැපුණාම තමයි.

      සුනිල්ට සින්දු විකුණන්න ඕනෑ වුනත් විදියක් තිබුණෙත් නෑ. පහුකාලෙක ආපහු SLBC ඇවිත් LP එකක් කළා මං දන්නා තරමින්.

      Delete
    4. @ ජයශ්‍රී,

      කරවල නෙමෙයි රෙදි..

      Delete
  13. මම දන්නේත් අර ඇනෝ 1 කියල තියෙන දේ ඇත්තක් කියල. ඒ කියන්නේ මිතුරෙකුට උපකාර කිරීමේ අරමුණින්. කපුගේ කියන උදාර චරිතය තේරුම්ගන්න අපි මොරලා මදියි කියන එකයි මගේ විශ්වාසේ.

    ReplyDelete
    Replies
    1. තව කොහේ මෝරන්නද දැන් මැදිවියේ (32+) නේද?

      Delete
  14. කපුගේ ඒ ගීත ගායනා කලේ තමුන්ගෙ ප්‍රයෝජනේකට නෙමෙයි... ඒත් කපුගේට පට්ට පලු යන්න බනිද්දි වත් , රන් බන්ඩා සෙනෙවිරත්න නඩුදාන්ව කියද්දිවත් කපුගේ ඒ ගැන කිව්වෙ නෑ... ඒක නිසා කපුගේ ඒකතාව හෙලිකලා කියන එක වැරදියි...

    ඒ කතාව හෙලිකලේ සුගතපාල සිල්වගේ පුතා... "ලෙඩ ඇඳට වැටිල හිටපු අපේ තාත්තට බෙහෙත් ගන්න සල්ලි හොයන්න ගිහින් කපුගේ මාම බලු බැනුම් ඇහුව" කියල..

    ReplyDelete
    Replies
    1. කපුගේ ඒ ගීත ගායනා කලේ තමුන්ගෙ ප්‍රයෝජනේකට නෙමෙයි?

      අනේ මේ සපතේරු උන්නැහේ, නොදන්න දේවල් නොකියා ඉඳිමුද? පුතා ලන්ඩන් වල ඉගෙන ගන්න කොට සල්ලි ඕනැ වෙන්නෙ නැද්ද? නැත්නම් ඒ පුතාගෙ ඉස්කෝලෙ ගාස්තු ගෙවන්නෙ එංගලන්තෙ මහ රැජිනද?

      Delete
    2. අද වෙනකොට කපුගේ අපි අතර නැති එක ගැන මම නම් සන්තෝෂ වෙනව.මොකවත් නිසා නෙමෙයි අද මහා ප්‍රතිරුප ගොඩනගාගෙන ජනතාවාදී කියාගෙන හිටපු කලාකරුවෝ දැන් ඉන්න තැන දැක්කම.මේ සමාජය ඇතුලේ අපි කවුරුත් විකිනෙනව.

      Delete
    3. නන්දා නැන්දලා, සුනිල් ලා ගැනද මේ කියන්නේ?

      Delete
  15. කපුගේ මුකුත් නොකියා ගිය එක හොඳයි ..මොකෝ අපේ සමහර ප්‍රබුද්ධ ගායකයෝ සන්ෆලවර් එක්ක සින්දු කියල අන්තිමට කිව්වේ මේක පර්යේෂණාත්මක අත්හදාබැලීමක් කියලනේ.ඕක ගැන ඒ දවස්වල සඟරාවක ලස්සන කතාවක් ගියා.කොල්ලෙකුට සිගරට් එකක් බොන්න සල්ලි නැති වෙනව ඉතින් ඌ ගෙදර තිබුන තේ කුඩු ටිකක් කොලේක ඔතාගෙන ගහනව.අන්තිමේ කැහ කැහ හොටු පෙරාගෙන අපහුසුවෙන් මේ කොළ සුරුට්ටුව උරණ මුගෙන් යාලුවෙක් අහනවා ඇයි මේ කියල..මචන් මම පර්යේෂණාත්මක අත්හදාබැලීමක් කලා......

    ReplyDelete
    Replies
    1. මාත් සෑහෙන පර්යේෂණයක් තමයි කලේ මේ කතන්දරේ ලියලා!

      Delete
  16. ළමයිනේ, අපි දැන්වත් මේක තේරුම් ගනිමු.

    ලෝකයේ සම්පූර්ණයෙන් කළු හෝ සම්පූර්ණයෙන් සුදු චරිත නැහැ. අද කාලේ හැටියට එහෙම පරමාදර්ශීව ජීවත් වෙන්නත් බැහැ. කාටත් සල්ලි ඕනැ වෙනවා. කලාකාරයෙක් වෙනවා කියන්නේ මාසෙ අන්තිමට පඩියක් ලැබෙන රස්සාවක් නෙවෙයි. එදිනෙදා ලැබෙන ගාණ පරෙස්සමෙන් වියදම් කරන්න ඕනැ. ළමයින්ට ඉස්කෝලේ යන්න තියෙනවා. ළමයි ලෙඩ වෙනවා. දෙමාපියන්ගෙ, ඥාතීන්ගෙ අවශ්‍යතා වලට උදව් කරන්න තියෙනවා. ඔය කියන රසිකයො කවුරුවත් නිකම් සල්ලි දෙන්නෙ නෑ.

    සල්ලි හොයන්න තමන්ගේ ප්‍රතිපත්ති (එහෙම ප්‍රතිපත්ති කියල දෙයක් තිබුණ නම්) වෙනස් කළ එකම කලාකාරයා කපුගේ නෙවෙයි. අමරදේවත් එක සැරයක් යූ. එන්. පී. වේදිකාවක සින්දු කිව්වා. යූ. එන්. පී කාරයෙක් නිසා නෙවෙයි. සල්ලි හම්බවුණා. සින්දු කිව්වා. එච්චරයි. සරච්චන්ද්‍රත් තමන් ඒ වන තෙක් උපයාගත්තු සියළු ගෞරවය පැත්තකට දාල ගීතා කුමාරසිංහ වෙනුවෙන් කඩේ ගියා පාලම යට හොඳයි කියන්න. මාර්ටින් වික්‍රමසිංහ ගෙදර දුන්නා ටුවරිස්ට් හෝටලයක් දාන්න. ප්‍රේමසිරි කේමදාස මාස්ටරුත් අන්තිම ජරා චිත්‍රපටි වලට සංගීතය දුන්නා.

    මේවා එකක් වත් නීති විරෝධී වැඩ නෙවෙයි. කපුගේ වේග රිද්මයට ගී ගැයීමත් නීති විරෝධී වැඩක් වත් නරක වැඩක් වත් නෙවෙයි. ඒකෙන් හොඳකුත් වුණා. කලින් හිටියා වගේ දහ ගුණයක් විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් ලැබුණා. කපුගේගේ ජනප්‍රියතාවය පටන් ගත්තේ එතැනින්. නැත්නම් අදත් කපුගේ තවත් අයිවෝ ඩෙනිස් කෙනෙක්, සෝමතිලක ජයමහ කෙනෙක් විතරයි.

    ගුණදාස කපුගේට සල්ලි ඕනැ වුණා. ඔහු තමන්ට පුළුවන් විදියට, කාටවත් කරදරයක් නොකර 100%ක් නීති ප්‍රකාරව සල්ලි හෙව්වා. (නැතුව ගායකයකු වුණු කපුගේට චිත්‍ර ඇඳලා සල්ලි හොයන්න බෑනෙ.)

    කපුගේ පරමාදර්ශී විදියට ජීවත් වෙන්න ඕනැ කියපු එක වේ... පුතෙක් වත් කපුගේට සතයක් වත් දුන්නෙ නෑ.

    ඇයි අපට මේ සරල සත්‍යය පිළි ගන්න බැරි?

    ReplyDelete
    Replies
    1. අපි කලාකරුවෝ උනත් පිළිම වගේ වන්දනා කරන්න හරි ආසයිනේ..ප්‍රශ්නේ තියෙන්නේ මේ කට්ටියත් අම්බානක පොර ටෝක් ඉෂු කරන එකනේ.ටී වී එකට ඇවිල්ල තමන්ගේ පවුල කීප සැරයක් කඩා ගත්තු නිලියක් පවුල් ජීවිතේ ගෙනියන හැටි පොර ටෝක් දෙනව.ගණිකා නිවාස පවත්වාගෙන ගියපු නෝනා කෙනෙක් කාන්තා ලිංගික හිංසනය ගැන කතා කරනව.නිර්මාණය දිහා මිසක් නිර්මාණකරුව දිහා බලන්න රසිකයොත් රසිකයන්ට පොර ටෝක් නොදී ජීවත් වෙන්න නිර්මාණ කරුවොත් පුරුදු උනා නම් ඉවරනේ.

      Delete
    2. කපුගේගෙ සිංදුවක් නොමිලෙ බාගන්නකොට ඒ යකා කොහොම ජීවත් වුනාද, දරු මල්ලන්ට මොකක් වෙලාද කියල අප කල්පනා කරනව්‍ද නෑනෙ. කුඩු විකුණුවෙ නෑ, අනුන්ගෙ සිංදු හොරකම් කළේ නෑ. තමන්ගෙම සිංදු වඩා ජනප්‍රිය වෙයි කියල හිතපු ක්‍රමයකට ගායනා කළා.

      Delete
    3. //නිර්මාණය දිහා මිසක් නිර්මාණකරුව දිහා බලන්න රසිකයොත් රසිකයන්ට පොර ටෝක් නොදී ජීවත් වෙන්න නිර්මාණ කරුවොත් පුරුදු උනා නම් ඉවරනේ.// බ්ලොග් අවකාසෙටත් මේක අදාළයි

      Delete
    4. මං එකඟයි.
      මොකද රසිකය පොර ටෝක් දෙනවද කවදාකවත්? නෑනේ?

      Delete
    5. අනේ මන්දා ඔය සමහරුනම් කියන්නෙ අවුරුදු තුනක් තිස්සෙම රසිකය පොර ටෝක් දෙනවා කියලා :D

      Delete
  17. කපුගේ සන්ෆ්ලවර් එක්ක කියපු නිසා මිනිහ තවත් ජනප්‍රිය උනා වගේම ඒ තා කල් සිහිනයක් වෙලා තිබ්බ ගේ හදල ඉවර කරගත්ත.
    කපුගේට වඩා සල්ලි තිබ්බ සනත් නන්දසිරිත්, එ එක්කම බහුතරයක් මිනිස්සු අහල වත් නොතිබ්බ සහ එද වේල නැතිව හිටපු කල්දේරත්, ඔය අතරමැද හිටපු මර්වින් පෙරේරත් සන්ෆ්ලවර්ල එක්ක කිව්ව. ඒත් එදත් අදත් තලන්නෙ කපුගේට විතරයි. ඒ කුහක කම නිසාද නැත්තං හැබෑ ආදරේ නිසාද කියල හිතා ගන්න අමාරුයි. මොකද සන්ෆ්ලවර් සංගීතෙ අකමැති අයට පරණ සංගීතෙ එක්ක කැසට් විකුණන්න එපා කියල සිංග්ලංකා එකට කපුගේ කිව්වෙ නෑනෙ. ඒ නිසා තමන් කැමති දේ රස විඳල සතුටු වෙන්න පුළුවන් කම තියෙද්දි ඇයි මේ අදාල නැති දේට කපුගේට තඩි බාන්නෙ?

    ReplyDelete
    Replies
    1. පරමාදර්ශ හදාගැනීම නිසා තමයි!

      Delete
  18. කපුගේ හැමදාම ජීවත් උනේ මේ රටේ ජනතාවගේ හදවත් ඇතුලේ. "කම්පන" ප්‍රසංගය කරන කාලේ ඒ ශාලාවල් අතුරු සිදුරු නැතිව පිරී ඉතිරිලා ගියේ කපුගේ වටේ හිටපු දෙපා පොලොවේ ගහගෙන හිටපු මිනිස්සු නිසා....! දැල්ලෙන් වැඩ දාන, සුස්ති ගහන බජාර් එකේ චන්ඩියගේ, ඇඟ විකුණන වේසියන්ගේ ඉඳන් හැම තරාතිරමකම ලොකු පොඩි මිනිස්සු කපුගේ වටේ හිටියේ ඒ මනුස්සයා ගායනා කලේ ඒ මිනුස්සුන්ගේ ජීවිත කම්පණයේ රිද්මයම නිසා...!

    පහු කාලයේදි කපුගේට හරියට තාලෙකට සිංදු කියා ගන්න බැරිව ගියා. ඒ කාලෙම තමයි සන්ෆ්ලවර් එක්ක කරපු කැසට් එක කලේ. සන්ෆ්ලවර් සංගීතෙටත් වඩා කපුගේගේ ගායන නොහැකියාව එලියට ඇවිල්ලා තිබුනා. හොඳට සල්ලි හම්බ කලත් කවදාවත් සල්ලි පොදි නොගහගෙන හිටපු කපුගේට ලක්ෂ ගාණක් සල්ලි හම්බ උනා ඒ කැසට් එකෙන්. නුගේගොඩ බාගෙට හදලා තිබිච්ච ගෙදර වැඩ ඉවර කරගත්තා.

    හැබැයි අර කපුගේ වටා හිටපු මිනිස්සුන්ගේ ජීවිතයේ කම්පණයේ රිද්මය ඒ සන්ෆ්ලවර් කැසට් එකෙන් භූම දානය කරලා තිබුනා.

    ReplyDelete
    Replies
    1. මොනවා වුනත් කපුගේ කිව්වේ අපි කොහොමටත් සංගීවලට ගියාම සන්ෆලව්රස්ලා එක්ක සින්දු කියනවා. ඒවා සමහරු රෙකෝඩ් කරලා විකුණනවා. මෙතනදි වුනේ ඒ සල්ලිවලින් කොටසක් කපුගේට ආපු එක විතරයි කියලයි මට මතක.

      පරණ සින්දුත් ඔය තාම තියෙන්නේ. නව රිද්ම අයට අළුත් ඒවා, අනිත් අයට මේවා!

      Delete
  19. කවි දෙකත් කියවලා බැලුවම හොඳටම පැහැදිලියි!

    ReplyDelete
  20. @ All

    ඔන්න මං කාලෙකට ඉස්සර පස්තාච්චි වැඩකට රට ගිහින් එන වෙලාවේ මං කටුණායක ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තේ ඥාති පුතෙකුට පොඩි යමහා කී බෝඩ් එකක් විතරයි.

    කඩේ පොර කතා කළා මගේ පාස්පෝට් එකට ගන්න ටීවී එකක් ද, ඒසී එකක් ද කොහෙද. මට ගාණක් දෙන්නම් කිව්වා.

    මං ජොලියට වගේ කීයක්ද කියලා අහලා බැලින්නම් අයියෝ පොර දෙන්න යන්නේ මේ ඩොලර් පණහක්.

    මං පොරට කිව්වා ඒ ගානට මෙව්වර අධීන පොරක්වන මාව මං විකුණන්නේ නෑ කියලා.

    තමන් ගේ නියමිත මිළ එනතුරු අපි කවුරුත් එහෙම තමයි!

    ReplyDelete
    Replies
    1. අනේ මෝඩ වහන්සේ. බ්ලොග් එකට හිට්ස් 50ක් අරන් දෙන්නම් කිව්ව නම් කතන්දර එක ටී. වී. එකට දෙකක්ම අරන් දෙන්න තිබුණා.

      Delete
    2. මොකෝ ඌ ලක්ශ ගාණක් දෙන්නෙයි. එහෙම නම් පිට කඩේකින්ම ගන්නවානෙ. එක එකාගෙ පොර ටෝක් අහන්නෙ නැතිව.

      Delete
    3. හිට් පනහ? පැය කාලකටද?

      Delete
    4. kathandara pora talk denawaa wage

      Delete
    5. @ AnonymousJuly 23, 2012 2:51 PM
      මාව විකිණෙනවානම් එදාට විකිණෙන්නේ සුළු ගානකට කියලා හිතුවාද?

      Delete
  21. කපුගේ ගේ “ඉරබටු තරුව” සංයුක්ත තැටිය අහල තියෙනව ද? සන්ෆලවර් විසින් විකෘති නොකරපු රසවත් ගීත ඒකේ තියෙනවා.ඒ සියල්ල රචනා කර තියෙන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින්.

    ReplyDelete
    Replies
    1. මොකක්ද ලේබල් එක? සිංග් ලන්කාද, නිල්වලාද? මොකක්ද?

      Delete
  22. කපුගේ මාර විදියට බොන සුන්දර මිනිහෙක් කියලා ඉස්සර අපේ තාත්ත කිව්වා.බෙලෙක්ක සංගීතේ නැතුව දවසක් පැල නැති හේනේ සින්දුව යනකොට මට තාමත් ඇඩෙනවා.

    ඇර කලාකරැවට ඉන්න තැනක් නෑ, මලාම මිනිය තියන්නවත් තැනක් නෑ කියලා පත්තර වල යනවා.ඊළග සතියෙම කවුදෝ දානපතියෙක් ගෙයක් හදලා දෙන්න පටන් ගන්නවා කියලත් යනවා.

    ෆිල්ම් එකක නළුවෙක් දූෂණය වෙච්ච කෙල්ලෙක්ව කසාද බදිනවා. ඒ නළුවම තවත් කෙල්ලෙක්ව දූෂණය කලා කියලා පත්තරේ යනවා.

    රැකියාවට සින්දු කියන මිනිස්සු බස් වලත් ඔනේ තරම් ඉන්නවා. සින්දු කියලා ජීවත් උනු කපුගේ සන්ෆල්වර් එක්ක සින්දු කියපු එකට කවුදෝ අඩනවා.

    කපුගේගෙ සින්දු සුන්දරයි,අපට ආත්මීයයි. කපුගේගේ ජීවිතේ අපේ නෙවෙයි. බෙලෙක්ක සංගීතේ එපා නම් අහන නොඅහන එක අපිට බාරයි.

    කවිය ගැන කියනවානම් මිනිස් සිත පමණක්ම නොව ලෝකයම වෙනස්වීම අරැමයක් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. යාන්තම් ඇති මගේ කවිය ගැන එක අදහසක් හරි තියෙනවා! ස්තුතියි!

      Delete
  23. :D නියම උත්තරේ

    ReplyDelete
    Replies
    1. මොකක්ද? කපුගේ ගේ උත්තරේද?

      Delete
  24. GUNADASA KAPUGE GAYAKAYATA " PORA " KIYALA HANDUNWANNE NOO GATH KAMA NISA. MEMA WACHANA PELIWALA ARUTHAK RASAYAK NEHE. WACHANA SET EKAK PAMANI.

    ReplyDelete
    Replies
    1. අංකල්

      ඔබ පොර කියන වචනයේ තේරුම දන්නේ නෑ.

      ඒක නූගත්කම නොවෙයි, නොදැනුවත්කම. මං ඔබව දැනුවත් කරන්නම්.

      පොර කියන්නේ යමක් කළ හැක්කා, වීරයා, දක්‍ෂයා වගේ තේරුම දෙන වචනයක් බව ඔබේ වදන්කොසුවට ඇතුලත් කර ගන්න.

      මට නං කපුගේ පොරක්. වැඩකාරයෙක්. තමන් ගේ ක්‍ෂේතයයේ දක්‍ෂයෙක්.

      Delete
    2. අංජු බබා23 July 2012 at 14:14

      අන්න හලි, කතන්දල මාමේ. පොරක් කියන්නෙ "වැඩකාරයෙක්. තමන් ගේ ක්‍ෂේතයයේ දක්‍ෂයෙක්" තමයි. (කත් ඇන්ද් පේස්ත් කොළා.)

      අලියට අපේ පාල මාමා වගේ. අපේ පාල මාමාත් පොරක්. වැඩකාරයෙක්. තමන් ගේ ක්‍ෂේතයයේ දක්‍ෂයෙක්.

      කොතින්ම කතන්දල මාමේ දැන් අල සක්විති ලණසිංහ මාමාට තල්ලි දීපු ගාණ වගේම ගාණක් අපේ පාල මාමටත් තල්ලි දීලලු. මේ අංකොල්ලතයි, ආන්තිලතයි මොලයක් කියල නාමයක් නැද්ද මන්දා මේ වගේ ගොං වැද කරන්න. නැද්ද කතන්දල මාමේ?

      Delete
    3. @ අංජු බබා July 23, 2012 2:14 PM

      ඇත්තටමත් බබෙක් ද මන්දා?

      Delete
  25. JAYASRI - SUNIL SANTHATA APAHASA KARANNA EPA OHU GEETHA WIKKETH NEHE POLE KARAWALA WIKKETH NEHE. SUNILGHE WIFE TEACHER KENEK DARUWANTA HONDATA UGANWALA THIYANAWA. OHUTA MOTOR CAR EKAKA THIBBA. OHU JEEWATH UNE JA ELA DEHIYAGATHE.

    ReplyDelete
    Replies
    1. අපහාසයක් කළේ නෑ ඇනෝ. මා දන්නා කතාව මේකයි,
      සුනිල් ශාන්ත ගුවන්විදුලියේ සේවය කරන සමයේ සංගීත ශිල්පීන් වර්ගීකරනය කරන්න රත්නජන්කර් පඬිවරයා ඉන්දියාවේ සිට ආවා. ප්‍රතිපත්තිමය වහයෙන් මෙයට විරුද්ධ වූ සුනිල් ශාන්ත මහතා මේ පරීක්ෂණය සඳහා ඉදිරිපත් නොවී සිටියා. මෙහි ප්‍රතිපලයක් ලෙස ඔහුට රැකියාව අහිමි වුණා. ජීවත්වීම සඳහා කරවල වෙළඳාමට යොමුවන්න ඔහුට සිදු වූයේ ඉන් පසුවලු.
      කළාකරුවෙක් ලෙස සුනිල් ශාන්තයන්ගේ අදීනත්වය පෙන්වීමට මේ කතාව අපට කීවේ මා උගත් පාසලේ සංගීත ගුරුවරයා.

      Delete
    2. @ Anonymous July 23, 2012 6:48 AM

      අංකල්

      ඔහේ සිංහලෙන් යතුරු ලියන්නට නොදන්නාබව පෙනේ. එය ඔබේ නූගත්කම නොවේ. නොදැනුවත් කමයි. මා ඔබට දැනුවත් කරන්නම්.

      මෙන්න මෙතනට ගිහින් ඔබ දන්නා විදියට ලියන්න. සිංහල අකුරු මතුවේවි යටින් තියෙන කොටුවේ. ටිකක් කොටන කොට තේරේවි. හැබැයි කැපිටල් අකුරු එපා.

      http://www.google.com/transliterate/sinhalese

      .

      Delete
    3. ඒ අංකල් හිතාගෙන ඉන්නෙ කරවල විකුණන එක අපහාසයට ලක් විය යුතු නරක වැඩක් කියලද?
      කාර් එකක් තියාගෙන ඉන්න එවුන් ගරු කටයුතු එවුන් කියලද?
      ඒකත් අංකල්ගෙ නොදැනුවත්කම වෙන්නැති නේද?

      Delete
    4. @ ට්‍රැෆික් ඇනෝ

      කරවල කතාව නොදනිමි. සුනිල් සාන්ත පෙට්‍රෝල්මැක්ස් ලාම්පු අළුත්වැඩියා කර ගානක් හොයාගන්න උත්සාහ කළ බව පසු කලෙක පත්තරයකට ඔහු කියා තිබෙනු කියවා ඇත.

      Delete
    5. රේඩියෝ පෙට්‍රෝල්මැක්ස් අලුත් වැඩියාව ඇත්තය.. කුකුල් කොටුවක සිටි බවත් ඇත්තය.. රෙදි වික්ක කතාවත් ඇත්තය.. කාර් එකක් තිබ්බ බවත් ඇත්ත..

      Delete
  26. ඔය කවි දෙක මැද තියන කතන්දරය පැහැදිලි නැත.!

    ReplyDelete
    Replies
    1. මේකේ තියෙන්නේ පැරණි රසාංග පැරණි වුනත් රසයි, නව රිද්මය අළුත් වුනත් කටුකයි කියලනේ. මේක බූට් සීන් එකක්!

      Delete
    2. හත්වලාමයි කතන්දර පොර! අනේ ඔහේ ඕක කියන්ද අර අහක හිටපු කපුගේ ව ඇදල ගත්තේ. මිනිහ අම්ම මුත්තා කළේවත් අහපු නැති කුනුකතා ටිකක්නේ එකෙන් අහගත්තෙ "පවු පොර"!

      Delete
  27. yamak kala haki weera daksha hamoma porawal kiyala handunwana wada?

    ReplyDelete
    Replies
    1. මෙතන නීති දාන තැනක් නෙමේ, තමන්ගේ මැට්ටම් තම්මැට්ටම්!

      Delete
  28. ethakota pora kiyana wachane female kawda? danne nethi hindie ahanne ayoubowanda.

    ReplyDelete
    Replies
    1. පොර කියන එක ලිග බේදයකින් තොරව පාවිච්චි කරන්නත් පුළුවන්, නිකං මචං වගේ. අවශ්‍ය නම් පොරී කියන්නත් පුළුවන්. පොර ධේනුව කියන එකත් නරකම නෑ.

      Delete
    2. රාවාණාධිරාජයා ගේ කාලේ මොකක් කීවද මන්දා, මීවනපලානේ ජයරත්නයන්ගෙන් අහලා කියන්නම්!

      Delete
  29. කතන්දර (සියේ),

    ඔහේ මාර මාර දේවල් දන්නා "පොරක්" බව July 23, 2012 6:38 AM ඇනාට දීපු රිප්ලය්යෙන් දැනගන්නට ලැබීමෙන් අපි මහත් පහන් සංවේගයට පත්වුනෙමු. ඔයා අරිසෙන් අහුබුදුටත් වඩා හොදට "පොර" ඩිෆයින් කර තිබීමෙන් අපිටනම් හැගිගියේ ඔයා මොන "ගොන් පොරක්"ද කියාය. අපිටමන් අහන්න තියෙන්නේ "පොර" කියන එකට ඇත්තේ ඔයා හිතන් ඉන්න ඩිෆයින් එක විතරද කියාය, පෙන විදියටනම් ඔයා පොර ඩිෆයින් කරන්න ගිහින් වැඩේ නාගෙන "චාටර් පොරක්" වී ඇත. මේක ඔයාගේ නොදැනුවත් කමද? නුගත් කමද? කොහොමතට් ඔයා කක්ක ගොඩවල් ගැන ගු කතා කියන "ගූ පොරකි". එහෙම "චා පොරක්" තමුන්ගේ දෙකයි පනහේ කවියට ( මේක කවියක්ද බන්, චෙදයක් වාක්‍ය වලට කැදුවමත් මේ වගේනේ) උඩින් කපුගේට මඩක් ගසා තම කොමෙන්ට් සහ හිට් වැඩි කර ගැනීමට තටමන තටමිල්ලනම් අන්තිම කුජිත, "කුජිත පොරකගේ" වැඩකි. ඉතින් ඔයා තාමත් හිතන් ඉන්නේ ඔයා "මාර පොරක්" කියලද, අනේ උබේ "පුකේ පොර". මේක ඔයාගේ නොදැනුවත් කමද? නුගත් කමද?

    ReplyDelete
    Replies
    1. කපුගේ ලා, අරූ ලා, මූ ලා සේරටම වැඩිය පොරවල් කවුද දන්නවාද?

      ඇනෝ ලා!

      ඇනෝ ලා තමයි පොරවල්ගෙත් පොරවල්!

      Delete
    2. ඇනෝ ළමයා,

      ඕක නොවෙයි ප්‍රශ්නේ. මෙන්න මේකයි.

      දුටුගැමුණු කියන්නේ පොරක් ද? නැද්ද?
      http://kathandara.blogspot.com.au/2009/11/blog-post_30.html

      ?

      Delete
    3. ඇනොල ඩීල් කරන හැටි ගැන ඉගෙන ගන්න එන්න කතන්දර වෙත....

      Delete
    4. මොන ජාතියේ "කබ්බ පොරක්" ද මන්ද රිප්ලයි එක එන්නෙත් ලින්ක් එකක් එක්ක කතාන්දරය පජාත "ලින්ක් පොරක්"නේ

      Delete
    5. /ඇනෝ ලා තමයි පොරවල්ගෙත් පොරවල්!/

      ඕක ඉතින් බුදු හාමුදුරුවොත් කියල තියෙනව නේද? "ඇනෝ පුබ්බං ගමා ධම්මා- ඇනෝ සෙට්ඨා ඇනෝමයා" කියල.

      ඒ කියන්නේ ඇනෝලා බ්ලොග් අවකාශයේ සියළු ධර්මතාවයන්ට මුල් වෙයි. තක්කඩිකම් කරනවා නම්, මිත්‍යාව පතුරවලා පොකට් එකට විදින්න එනවා නම් ඔන්න ඇනෝලා පස්සෙන් එනවා කරත්තෙ පස්සෙ එන රෝදෙ වගේ. කතන්දර වගේ යහපත්ව හැන්ඩ්ල් කරනවා නම් ඇනෝලාත් හෙවනැල්ල වගේ තමයි. බුදු බණ බොරුයැ?

      Delete
    6. @ Anonymous July 24, 2012 8:15 AM

      ඔහේට ටිකක් විතර වැරදිලා. දේවදත්ත කියූ ට්වින් ගාථා සැට් එක මෙහෙමයි.

      1.
      ඇනෝ පුබ්බංගමා ආමා
      ඇනෝ සෙට්ටා ඇනෝමයා
      මනසා චෙ පදුට්ඨෙන
      භාසතිවා කරෝතිවා
      තතෝනං ශ්වෙත මංවේතී
      චක්කංච වෑනෝ පදං

      ඒ කියන්නේ කොහොම පුබ්බාගෙන සෙට්වෙලා ආවත් ඇනෝලා ඇනෝලාමය. අයහපත් ලෙස ඇනෝලාට සැලකුව හොත් උං සුදු වෑන් රෝද මෙන් පසුපස එනු ඇත.

      2.
      ඇනෝ පුබ්බංගමා ආමා
      ඇනෝ සෙට්ටා ඇනෝමයා
      මනසා චෙ පසන්නේන
      භාසතිවා කරෝතිවා
      තතෝනං මංවේතී
      ඡායාව අනපායිනී

      ඒ කියන්නේ කොහොම පුබ්බාගෙන සෙට්වෙලා ආවත් ඇනෝලා ඇනෝලාමය. යහපත් ලෙස ඇනෝලාට සැලකුව හොත් උං සෙවනැල්ල මෙන් පසුපස එනු ඇත.

      !!!

      Delete
  30. ETHAKOTA KATUNAYAKA DUTY FREE SHOP EKE SALESMANUTH OYA KIYANA WIDIYE DAKSHAYEKDA? WEERAYEKDA? YAMAK KALA HAKI AYEKDA? E BAWA DANA GATHTHE KOHOMADA?

    ReplyDelete
    Replies
    1. පොර ඇන ගත්තේ මාව සල්ලිවලට ගන්න ගිය වෙලෙයි!

      Delete
    2. අනේ අංකල් ඔයාගේ මේ සිංගිරිසි වචන කියවන්න සෑහෙන වෙහෙසක් ගන්න වෙනවා. ලියන්නකෝ අනේ සිංගලම් වලින්.

      Delete
  31. මේ කවිය බුට් කවියක් කියල කකාම කමෙන්ට් එකක කියන්න කලින් මන් හිතුවේ මේ හාමිනේ ගැන වත්ද කියල ..D

    ReplyDelete
  32. DUTUGAMUNU PORAK KIYALA API AHALA NEHE. REPLY WALATA LINK EKA KATA REFER KALAMA API EMA PAL HELITH KIYAWANNA OONE NE. BOHO DENEK SINGLISH WALIN COMMENT DAMANAWA. ENGLISH LETTERS DANNAWANAM KIYAWAGANNA AMARUWAK NEHE.

    ReplyDelete
    Replies
    1. අංකල් මොකද ඔච්චර ඉංගිසිරි අකුරුවලට ප්‍රිය? සිංහල බේ ද?

      මේකත් බලන්න, හොඳ මහප්‍රාණ එකක්.
      http://kathandara.blogspot.com/2010/03/blog-post_04.html

      .

      Delete
  33. API DANNA VIDIYATA MACHAN KIYALA USE KARANNE PIRIMI WITHARI NEVEDA? DAN KATHA KARANNE RAVANA KALE GENA NOVE ADA GENA NEDA? DUTY FREE EKE PORA ANGATHTHE MAWA SALLI WALATA GANNA GIYA WELAWE. (MAMA AHUWE MINIHA PORAK UNE KOHOMADA KIYALA) "PORA ANA GATHTHE MAWA SALLI WALATA GANNA WELAWE" YANNE KOHEDA MALLE POL

    ReplyDelete
    Replies
    1. අංකල් ගේ ප්‍රශ්න වැල මට මගේ පොඩි කාලේ සිහි කරවනවා. ඒ කාලේ අපේ වැඩේත් හොඳට පේන්න තියෙන පොඩි පොඩි දේවල් ගැනත් ප්‍රශ්න අහන එකයි. වයසට යන කොටත් ආපහු එහෙම වෙනවා වගේ!

      Delete
  34. kathandara comment polime medata penala anonymous namin comment dagannawa neda? 24th before 23rd harida ? budu banth joke walata harawanawa.

    ReplyDelete
    Replies
    1. එතකොට ඔහේත් මංතුමාමද? නැත්තං මංතුමා ඔහේ ද?

      Delete
  35. කතන්දරයාගේ කවිය විවාහයට පෙර සහ පසු :D :D මං මේ හිතුවේ අපේ ගෙදර මහ එකෙකනාත් ඔහොමම හිතනවා ඇතිනේ කියලා :D :D මොනවා උනත් කවිය නියමයි.

    බොහෝ වෙලාවට කලා නිර්මාණ කියන්නේ අපේ හදවත සුවපත් කරන දේවල්.කලා කාරයා අපට වැදගත් වෙන්නේ ඒ අර්තයෙන් අපි එයාලට ආදරය කරන්නේ ඔවුනගේ නිර්මාණ තුළින් ඒ හැර කලාකාරයාගේ පවුග්ලිකත්වය සොයා යෑම ඇත්තටම අවශ්යද? අපි හැමෝම මිනිස්සු අපි හැමෝම තුළ හොඳ සහ නරක 50% කට 50% හරියටම තියෙනවා. ඒවා ඉතින් අපිමයි අඩු වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ.හැම කෙනෙකුගේම අතින් වැරදි සිද්ද වෙනවා.සමහර ඒවා එළිපිට... ඒවා හැමෝම දන්නවා සමහර ඒවා හැංගි හැංගි... ඒවා ඉතින් කවුරුත් දන්නෙ නෑනේ.ඕනෑ කෙනෙක්ව විවේචනය කලාට කමක් නෑ.නමුත් ඉතින් චරිත ගාතනය නම් ටිකක් හොඳ මදිනේ.මොකද ඔය කොම්මෙන්ට්ස් වල කතා වුණු බොහෝ අය අද ජීවතුන් අතර නැති නිසා.

    ReplyDelete
    Replies
    1. සියල්ල සාපේක්‍ෂයි.
      ඔබේ අදහස්වලට ස්තුතියි.

      Delete
  36. dan MEHI NAMA WENAS KALA YUTHUWA ATHA "kathandara " " kaiwaru " viya yuthuya. Ano comment walata dora wesiya yuthuya. THAMAN GE MATTAM THAM MATTAM .

    ReplyDelete
    Replies
    1. අනේ අංකල් ඇයි මෙහෙම මා එක්ක තරහ වෙලා වගේ ආඩපාලි ලියන්නේ?

      මං මොන වරදක් කලාටද?

      තරහ නොවී හෙට උදේ හයට එන්න හොඳේ? මං චෝයි කතන්දරයක් දාන්නයි ඉන්නේ.


      .

      Delete
  37. sorry for embarresment. thank U I will see you tomorrow.

    ReplyDelete
  38. ප්‍රගීත් එක්නැළිගොඩ


    ඕක තමයි කියන්නේ කබ්බන්ට හිටපු ගමන් ස්වීප් ඇදෙනවා කියල...ලංකාවේ ඔය අඹ කවි ලිය ලිය කසිප්පු ගගහා හිටපු කබ්බෝ දැන් යුරෝපේ ගිහින් මාධ්‍යවේදියෝ වෙන්න හදනවා ....
    කොණ්ඩේ වවාගෙන ,රවුල් වවාගෙන හිටිය හිඟන පොරවල් ( සමාවෙන්න හිඟන දුප්පත් මිනිස්සුන්ට අපහාස උනානම්,ඔබ රැවුල වවන්නේ හිඟාකන්න නේ )...මුන් රැවුල වවලා ,කොණ්ඩේ වවල සතිගණන් නාන්නේ නැතුව ජල භීතිකාවෙන් ජිවත් වෙන්නේ ..මුන්ගේ විශ්වාසයක් තියෙනවා මාධ්‍ය වේදියෙක් වෙන්න නම් කොණ්ඩේ වවන්න ඕනේ, නාන්නේ නැතුව ඉන්න ඕනේ ,රැවුල වවන්න ඕනේ ,සුස්ති ගහන්න ඕනේ ( සුස්ති යනු ගංජා ය ) රටට විරුද්ධව ලියන්න ඕනේ, දෙමළ මිනිස්සුන්ට අයිතිවාසිකම් නැහැ කියල ලියන්න ඕනේ ...අනික ඔය ලොකු ඩොලර් කාක්කෝ හොයන සල්ලි වලින් හුණු බිජ්ජක් මුන්ටත් ලැබෙනවනේ ...අර සුනන්ද දේශප්‍රිය කියන්නේ මුන්ගේ තව ලොකු ඩොලර් නාම්බෙක් ,අනික ඔය දැන් රට පැනල ඉන්න මාධ්‍යවේදී කියාගන්න කීප දෙනෙක් උන් හිටපු නිදහස් මාධ්‍ය ව්යාපාරයේ සල්ලි පිල්ලි ගහල, ලැප්ටොප් හොරෙන් උස්සගෙන ගිහින් ඉන්නේ .එහෙම බැලුවමත් උන් හොරු ...අනික මේ වගේ නෙව්ස් වලින් උන්ගේ නම් වලට ඉස්සරහින් මාධ්‍යවේදී කියලා ලියන එකම උන්ට තව බොරු ජනප්‍රිය බවක් ලැබෙන එකක් ...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.