Tuesday 17 July 2012

වයිෆ් තරහා වීම නිසා හබියාට සිදුවිය හැකි පාඩු දෙකක් - Assumptions can go wrong and cause irrecoverable damage


සමහර වෙලාවට අපි අවට සිද්ධවෙන, දකින දේවල් සලකලා ඒ හා සම්බන්ධව විවිධ උපකල්පනයන් කරලා නිගමනයන්ට එළැඹෙනවා. ඊට පස්සේ ඒ නිගමන අනුව හිතලා තීරණ ගන්නවා.

පස්සේ බැලින්නම් අර මුලින් කරපු උපකල්පන වැරදියි. ඒ කියන්නේ නිගමන වැරදියි. ගත්තු තීරණවලින් පාඩුයි.

අද මේ කියන්න යන්නේ ඒ වගේ කතන්දරයක්.

ජෙනරික් මාතෘකාවක් දැම්මට මේ කතන්දරෙත් ඉතිං මගේම ජීවිත පොතෙන් පිටුවක් තමයි. ඒ කියන්නේ එක්තරා නිරීක්‍ෂණයක් ගැන වැරදි උපකල්පනයක් මත පදනම් වෙලා වැරදි නිගමනයක් කරලා, ඒ සම්න්ධව ගත්තු තීරණයක් නිසා මට සිද්ධ වුණු පාඩුවක් ගැනයි මේ කතන්දරේ.

එක පාඩුවක් නං බැරියෑ, දෙකක් ම!

ඔන්න එක දවසක් අපි පොඩි පාටියකට ගියා රත්නායක මහත්තයලා ගේ ගෙදර. මට මතක හැටියට මේ අර තිස්ස ගේ ආගම් මාරුව ගැන කතාබහ වුණු දවසේ ද කොහෙද.

රත්නායක මහත්තයා ගේ උපන් දිනය වගේ නොවුණත් එදා අර ශක්‍ර දෙයියං ගේ සින්දු පාටිය දවස වගේ රතුවා, සුදුවා, දුඹුරුවා පුරෝලා තිබුණා. පී-නාන්න තරමට.

මාත් ඉතිං දැහැමෙන් සෙමෙන් පොඩ්ඩක් අනුමත වෙලා පොඩි පහේ ජෝක්ස් දෙක තුනක් ක්‍රැක් කර කර හිටියා ෂේප් එකේ අවුලක් නැතුව.

ටික වෙලාවකින් මං දැක්කා හාමිනේ ගේ මූණ හොඳ මදි!

නිකං පුන් සඳ වසාගෙන වලාකුලක් යනවා වගේ.
පෑදි දියට බොර දිය එක් වුණා වගේ.
නිදිකුම්බා මල් කැකුල් හැකුලුණා වගේ.

"ඇයි, මොකක්ද අප්සෙට් එක?" මංතුමා කිට්ටු වෙලා ඇහැව්වා.

හාමිනේ ඇහුණේ නෑ වගේ හිටියා.

මං තව පාරක් ඇහැව්වා.

මෙන්න බොලේ ගස්සලා අහල බලා ගත්තා.

වැඩේ හරි වගේ!
මං බිව්වාය කියලා හාමිනේ ට තද වෙලා.
මල කෙලියයි.
අනේ සුසානෝ, මං මක්කැයි දැං කොරඤ්ඤේ?

මං එකක් හිතා ගත්තා. ආයෙ ඔය ගැන අහන්නේ නෑ!

බත් කාලා, කෝපි බීලා, පාටිය ඉවරවෙලා ගෙදරත් ආවා. හාමිනේ නෝ සිනා, නෝ කතා.

මං ඉතිං හොඳ ළමයා නේ. ඊට අමතරව කවදත් තව තවත් හොඳ වෙන්න උත්සාහ කරන කෙනෙක් නේ.

මං එදා සුවිශේෂී තීරණයක් ගත්තා.

ආයේ බොන්නේ නෑ!

හැබැයි මං මේ බවක් හාමිනේට කියන්න ගියේ නෑ.

පහුවදා එලිවුණා ඉරිදාට. සුපුරුදු පරදි දවස ගෙවුණා. දවල් බත් හැලිය ඉදෙන කොටම වගේ හාමිනේ මා එක්ක ටික ටික කතා බහ කරන්න පටන් ගත්තා. හැබැයි මාත් සද්ද නැතුව හිටියා ඊයේ රෑ අවුල ගැන අහන්නවත් මගේ තීරණය ගැන කියන්නවත් ගියේ නෑ.

මං හිතා ගත්තා මගේ තීරණය ක්‍රියාවෙන්ම පෙන්නනවා ය කියලා. නියම වීරත්වය කියන්නේ ඒකනේ?

ඔන්න ඒ සුමානේම මට චාන්ස් එක ආවා මගේ තීරණය ප්‍රායෝගිකව පෙන්නන්න. එක චාන්ස් එකක් නෙමෙයි, චාන්සස් දෙකක් ම.

ඒ සතියේ සිකුරාදා අපිට ශ්‍යාමලා ගේ ගෙදර යන්න තිබුණා.

සෙනසුරාදා සංජීව ලා ගේ ගෙදර පාටියක්.

ශ්‍යාම ලා ගේ ගෙදර ගිහින් බැලින්නම් ගැමුණු රට ගිහින් එන කොට කළු ඩග්ලස් ද මොකක් ද අළුත් ම අළුත් පානයක් ගෙනැල්ලා. ඒ ජාතියේම වීදුරුත් තිබුණා.

මං නෙමෙයි ඇහැක් ඇරලා බැලුවේ. ස්ප්‍රයිට් ටිකක් බීබී හිටියා. කෝක් නොබී ස්ප්‍රයිට් බිව්වේ හාමිනේ ට පේන්න. මොකද කෝකුයි, අරක්කුයි එක පාටනේ.

පහුවදා තිබුණු සංජීව ලා ගේ පාටියේත් රතුවා, දුඹුරුවා වැහි වැහැලා තිබුණා. එදාත් මං කෝක් වානා කියලා ස්ප්‍රයිට්මයි බිව්වේ.

අන්තිමේ දී සංජීවකාරයා හාමිනේට කිව්වත් එක්ක හාමිනේ කතන්දරකාරයාව හොඳ ළමයෙක් කරලා ය කියලා.

එදා ආපහු ගෙදර එන ගමන් ඔන්න හාමිනේ මගෙන් අහනවා:

"කතී, අද ඔයා බීව්වේ නෑ නේද?"

"මං අද විතරක් නෙමෙයි, ඊයේ බිව්වේත් නෑ."

"ඇයි ඒ හොඳ ළමයෙක් වෙන්න හිතුනේ?"

"මට හිතුණා මොකටද මං ඔයාව තරහා කරන්නේ ඔය බීම ජාති බීලා කියලා, ඒකයි."

"ඒක නං හොඳ කල්පනාව. ඒත් ඉතිං මං කවදද ඔයා එක්ක තරහා වුනේ ඔයා බිව්වයි කියලා?"

"ඇයි අර ගිය සෙනසුරාදා රත්නායක ලා ගේ ගෙදරදී ඔයා මං බීලාය කියලා මූණ දිග්කරගෙන හිටියේ?"

ඔන්න ඒ පාර හාමිනේට කැකිරි පැලෙන ටිකිරි හිනාවක් ගියා.

"ඇයි හිනාවෙන්නේ?"

"මං එදා ඔයා එක්ක තරහා වෙලා හිටියේ බීලා කියලා නෙමේ කතී."

"එහෙනම්?"

"ඒ එදා අර ඔයා කියපු මොකක්ද මන්දා දෙපැත්ත කැපෙන විහිලුවකටයි!"

අපරාදේ....
මට හෝස් ගාලා හුස්මක් ගියා.
ඔය බවක් දන්නවා නං මං අර වගේ ස්වයං හානිකර තීරණයක් ගන්නේ නෑනේ!
අපරාදේ....

දැන් ඉතිං ඊයේ සිකුරාදා රෑ ගැමුණු ලා ගේ ගෙදරයි, අද සංජීව ලා ගේ ගෙදරයි මිස් කරගත්තු ඒවායේ පාඩුව කොහොමද පුරවා ගන්නේ?

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න අදහන්න වටින වයිෆර් ලා! http://kathandara.blogspot.com.au/2010/06/blog-post_23.html


(image: http://www.thetimepass.com/2011/08/12/good-husband/)

55 comments:

  1. Replies
    1. ඇදුරුතුමාටත් ගෙදරින් රැවිලි ගෙරවිලි තියනව වගේ!

      Delete
    2. ගෑණුත් ඔක්කොම එකයි රාජ්.. :)

      Delete
    3. දෙගොල්ලොම එකයි. ඒත් කතන්දර ටිකක් හොඳයි වගේ.:D

      Delete
  2. අද කතාව නියමයි. ආනන්දයෙන් පටන්ගෙන මැද හරියෙදි ප්‍රඥාව පහල වෙලා අගදි ආනන්දයෙන් කෙලවරවුනා.
    "කළු ඩග්ලස් ද මොකක් ද අළුත් ම අළුත් පානයක් ගෙනැල්ලා. ඒ ජාතියේම වීදුරුත් තිබුණා"
    අපරාදෙ! රස බලන්නවත් ලැබුනනං.....

    ReplyDelete
  3. aiyo salli dawas dekema allala anumatha wenna thiyenne yahamin

    ReplyDelete
  4. අද කතාව හොඳයි තමයි. කතීට පේන්ටද කොහෙදෝ එයාට බටර් ගාලා පෝස්ට් එකක් දාලා.:D:D:D

    සමහරවිට උපන්දිනේට තෑග්ගක් දෙන්ට අමතක උනාද දන්නේ නෑ.:)))

    ReplyDelete
  5. මීවනපලානේ රාජපක්ෂ17 July 2012 at 08:08

    @කතන්ද්‍ර දරුව,

    භාර්ද්වජ නම් පැරැණි ඍෂිවරයාගේ ශිෂ්‍යයකු වූ අග්නිවේශ් පඬිවරයා විසින් ලියන ලද අග්නිවේශ් තන්ත්‍ර නම් පුරාණ ආයුර්වේද ග්‍රන්ථයෙහි මෙබඳු ශ්ලෝකයක් වේ.

    ආකාශ මේඝ ගර්ජනම් භූතං
    කේශර සිංහරාජයානම් නිර්භයඃ
    පණ්ඩිතානම් නිර්භයඃ සේව
    භාර්යානම් ව්‍යාඝ්‍රං ගර්ජනම්

    අදහස: අකාශයෙහි මේඝ ගර්ජනා ඇති වුවත් කේසර සිංහ රාජයකු බිය නොවන්නේ යම් සේද, ප්‍රඥාවන්තයා ස්වකීය භාර්යාව කොටි දෙනක මෙන් ගර්ජනා කළත් බිය නොවන්නේමැයි.

    - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

    ReplyDelete
  6. අයියෝ සල්ලි තමා. කසූට දැන් ආයේ මුල ඉදන්ම බොන්න පටන් ගන්න වෙනවා :D

    ReplyDelete
  7. MEWATH KATHANDARADA? WEDAGATH, PRAYOJANAWATH YAMAK OLUWATA ENNEMA NEDDA? -NAKI GAMARALA -

    ReplyDelete
  8. බලන්නකෝ ඕකනේ කියන්නේ ලංකාවේ අපි වැරද්දක් පිළිගන්න වචන නාස්ති කරන්න ලැජ්ජයි. ඔන්න කකා කෙලින්ම අහන්න තිබ්බේ '' ඇයි ඔයා බුම්මන් ඉන්නේ කියල '' එහෙනම් වැඩේ ගොඩින් බේරෙනවා . හැබැයි එතකොට අපට කතාවක් නැති වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි බින්දියො, අර කකා කියලා තියෙන්නෙ ඇහුවම 'ගස්සලා අහක බලාගත්තා' කියලා.. ඒ ටික දැක්කෙ නැතෙයි..!!?? මෙතන කාගෙද වැරැද්ද.?? කෙලින්ම අහපු කකාගෙද, නැත්තං උත්තර නොදී ගස්සලා අහක බලපු කතී‍ගෙද.?? :)

      Delete
    2. හැබෑමයි...කෝ මේ හාමිනේ

      Delete
  9. චියර්ස් ෆෝ කළු ඩග්ලස්!!!!!

    ReplyDelete
  10. මට මතක් වුනේ කීර්ති වැලිසරගේ ලියපු "දුර්යෝගය" පොතේ තොටසක්.

    ඒකේ අනෝමා නැමැත්තිව කසාද බදින පුද්ගලයාගේ උරහිසේ තියෙනව ලොකු පච්චයක්. පාට පාට කොටියෙක් ගේ.
    තමන්ගේ අතීත අත්දැකීමක් එක්ක මේ කොටි පච්චය අනෝමාගේ හිතට ගේන්නෙ පිලිකුලක් ,බියක්. ඇය ඒ පච්චයට බිය බව දැන ගන්නා අනෝමාගේ ස්වාමිපුරුෂයා ,දැඩි වේදනාවක් විඳගෙන පච්චය අයින කරවා ගන්නවා. ලොකු කැත අවලස්සන තුවාල කැලලක් නිල් රතු පාටින් ස්වාමියාගේ උරහිසේ ඉතිරි වෙද්දි අනෝමාගේ හිතේ ස්වාමියා ගැන නොමැකිය හැසි සෙනෙහසක් ඉතිරි වෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් හා ඔය සම්බන්ධ පෝස්ට් දැක්කම මට කියන්න දෙයක් හිතුනා. බලන්න ඔය පුද්ගලයා හා ඔහුගේ රැඩිකල් භාරිය උඩගොස් ඇතිතරම. වයස හා අදහස් කුමක් වුවත් තවත් බ්ලොග් කරුවෙක්ව ගස් ගල් උඩ හිටි වැද්දෙක්ට සමාන කරන හැටි. කබ්බෝ ෆෝම්වුනා කියන හැටි.

      කකාව මම අගය කරන්නෙ කකා කෙතරම් පරිණත බ්ලොග්කරුවෙක් වුනත් කවදාවත් වෙනත් බ්ලොග්කරුවෙක්ව පහත්කොට කතාකරනු දැක නැති නිසා. ඔහුට කෙතරම් චෝදනා නැගුවත් ඔහු නිහඬවම ඔහුගේ ගමන යනවා. චෝදනා කරන්නන්ට පෞද්ගලිකව පහර දෙන්නේ නෑ. හිට් වෙනුවෙන් ලියනවා කියා බනින තැනට ගොස තවත් ලින්ක් එකක් දමා එන්න ඔහුට පුලුවන්.

      අනික කකා ඇනෝ බ්ලොක් නොකිරීමත් කමෙන්ට් මොඩරේට් නොකිරීමත් තුළින් ඔහුගේ අන් මත ඉවසීමේ හැකියාව පෙන්වනවා.

      ජයෙන් ජය කකා!

      ප.ලි. ඇනෝ වුනේ එකක් ලොග් වෙන්න කම්මැලී අනික කියන්න තියෙන දේ කියන්න මොකා වුනාම මොකෝ.. මේක මෙතනට අදාළත් නැතිව ඇති.

      Delete
    2. @ඇනෝ,

      ඔබේ මතයට එකඟයි. ඉතාම බාල මට්ටමේ ප්‍රහාරයක් කියලා තමයි කියන්න තියෙන්නේ. දැවැන්ත බ්ලොග්කරුවන්ගේ භාර්යාවන් වුණාම එහෙම තමයි. ඒ ගොල්ල එනකොට අපි ලේන්සුව කරෙන් අරගෙන කාණුවට බහින්න ඕනැ කියල තමයි හිතාගෙන ඉන්නේ. මොකද වැරදුනොත් හබියා ඉන්නවානේ ආරක්ෂා කරන්න. ප්‍රතිපත්තිමය වශයෙන් අප මෙය හෙලා දැකිය යුතුයි.

      Delete
    3. පළවෙනි ඇනෝ, පට්ට ඇත්තක් ඕයි තමුසෙ කියලා තියෙන්නෙ..

      Delete
    4. ඇයි ඒක බොරුද?

      Delete
    5. // ප්‍රතිපත්තිමය වශයෙන් අප මෙය හෙලා දැකිය යුතුයි //

      මොකටද බොලං නිකං අපේ කාලය, ශක්තිය, වචන නාස්ති කරන්නෙ.!? එයාලගෙ මෝඩ චූන් එයාලටම තියාගන්න කියලා, ඒ මෝඩ චූන් ignore කරලා අපේ වැඩක්-පලක් බලාගෙන ඉන්න එක අගේ නැද්ද..?? හැමදේටම කාලයා විසින් පිළිතුරු සපයාවි.. :)

      Delete
  11. පලි:- දුර්යෝගයේ කොටසක් නෙමෙයි.ඒකෙ කතාවේ ටිකක් මග් වචන වලින් ලීවේ...

    ReplyDelete
  12. මේ කතන්දරයෙන් මම දෙකක් දැන ගත්තා

    සමාජ මට්ටම, උගත්කම,රැකියාව, මොකක් උනත් ගෑණු ඔක්කොම එකයි

    මම හිතූවට වඩා කතන්දරකාරයා මෝඩයෙක්

    ReplyDelete
  13. ගෑනු කවදාවත් මොකද්ද ප්‍රශ්නේ කියල ඇහුවට කෙලින් උත්තරයක් දෙනවයැ. අපි අංජනම් අරින්න ඕන උත්තරේ දැනගන්න. :D

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතිං එච්චරම වැඩක් නෑ බං, අංජනම් ‍දේවතාවිත් ගෑණියක්නේ.. උන්දෑත් වහෙන් ඔරෝ තමා කියන්නෙ.. :D

      Delete
  14. ගෑණුන්ගෙ හිත කියවන්න පුළුවන් මොන ශක්‍රයටද ? අපරාදෙ " කළු ඩග්ලස්"
    හැබෑටම මොනවද ඒ ? අරිෂ්ටද ?

    ReplyDelete
  15. මෙච්චර කල් හිතං හිටියේ ගැහැණිය හේතුවක් නැතුව අඬනවා කියලයි. ඒත් දැන් බලාගෙන ගියාම කිසිම දෙයක් හේතුවක් ඇතුව කරන පාටක් නෑ.

    ReplyDelete
  16. බිව්වට තරහ වුනේ නැහැයි කියල හාමිනේ කිව්වෙ ඇත්තක් කියලද කතන්දර හිතාගෙන ඉන්නෙ?

    ReplyDelete
  17. යකඩෝ අපේ ගම හාමිනෙත් ඔය වගේමනේ බලාගෙන ගියාම. අපරාදේ කතන්ද්‍රට පාඩු වෙච්ච බීම සෙෂන් දෙකේ පාඩුව ඉතින් කියලා වැඩක් නෑ.....!

    අර මමත් කලින් කියල තියෙනවා වගේ මහ බබා පිරිමින්ව මවන්න එක එක ජාතියේ වෙනස් වෙනස් අච්චු පාවිච්චි කරත්, කම්මැලි කමටද මන්දන්නෙ නෑ, ගැණුන්ව මවන්න පාවිච්චි කරලා තියෙන්නෙ එකම අච්චුව. එන්ජින් එක සේම් මොඩල්. බොඩි එකට විතරක් වෙන වෙන වාර්නිෂ්, පේන්ටින් පාරක් දීලා හැඩ කරලා අරගන්නවා....!

    ReplyDelete
    Replies
    1. අමූලික ඇත්ත

      Delete
    2. යකෝ.. දුමිය කිව්වොත් ඉතිං ඉල ඇදෙන කතාවක්මතමයි..!

      Delete
  18. ගැහැණුන් විෂයෙහි උපකල්පනය ඵල රහිතය

    ReplyDelete
  19. වෙලාව කලාව බලලා ඇරියස් කවර් කරන එකයි ඇත්තේ...

    කතීටත් සිප් එකක් දීලාම පටන් ගත්තනං මූඩ් ටෙස්ට් කරන්න පුළුවන්. අත්දුටුයි..ප්‍රත්‍යක්ෂයි!

    ReplyDelete
  20. මදි. මදි. කකා තාම කතීව අඳුරගෙන නෑ. අපරාදෙ අර මිස් වෙච්ච.

    ReplyDelete
  21. දැන් ඉතින් ආයේ වැඩ්ඩේ පටන් ගත්ත නම් හරි..බොනවා කියලා තරහා වෙන්නේ නෑ ලු නේ

    ReplyDelete
  22. නොබී ඉද්දි බයවෙලා හාමිනේ බොරුවක් කිව්වද දන්නේ නැහැ.කමක් නැහැ කතන්දරට යාළුවො ඇතිනේ සෙට් වෙලා අඩුව පුරවගන්න.

    ReplyDelete
  23. කතන්දරත් "ගෙම්බෙක්" උනා ඒ කියන්නේ ?

    ReplyDelete
  24. අයියෝ සල්ලි........

    ReplyDelete
  25. ගෑනු කවද්ද හිතෙන දේ කිව්වෙලු...
    මරු සීන් තමා කකා අයියටත් වෙන්නේ..

    ReplyDelete
  26. He he fatta fata fata......

    ReplyDelete
  27. වැරදි තීරණයක් හින්දා කෙළ උනා කිව්වම සහ දාලා තිබ්බ මාතෘකාවත් එක්ක මම හිතුවෙ බිරිඳ තෝරාගැනීමේදී කතන්දර වැරැද්දක් කරගෙන කියලා.කියෙව්වමනේ අවබෝධ උනේ.

    ReplyDelete
  28. මීවනපලානේ රාජපක්ෂ18 July 2012 at 08:34

    @කතන්ද්‍ර දරුව,

    මාතෘකාවට කෙළින්ම අදාළ නොවුනත් භාර්යාවන් ගැන පෝස්ට් එකක් නිසාත් මට කලින්ම හොඳ දරුවෙක් දුන් ලින්ක් කීපයක් මට කියවන්නට ලැබුණු නිසාත් අපේ හෙළ කතුන් ටැටූ ගසා ගැනීම ගැන මගේ දැනුම බෙදා ගන්නට සිතුණේය.

    ටැටූ හෙවත් පච්චා කොටා ගැනීම අපේ පැරණි හෙළයන්ගේ කුල සිරිතකි. පලාබත්ගල ආසන්නයේ, කණ්ඨමාරී යකින්න ගැවසුනා කියන දිවා ගුහාවෙන් සොයා ගත් සෙල් ලිපියක සඳහන් වන්නේ "පචච මකර රවණ පුකක දසස හිස" යන්නය. මෙයින් කියැවෙන්නේ අප මහා හෙළ රාවණා රජතුමාගේ තට්ටම පුරා එතුමාගේ අධෝ මාර්ගයට කටවල් බලියාගෙන සිටින දස හිස් මකරකුගේ පච්චයක් තිබුණු බවයි. පච්චා කෙටීම කොයි තරම් පැරණි හෙළ සිරිතක්දැයි මෙයින් පැහැදිළි වේ.

    එසේම රාවණා රජතුමන්ගේ තට්ටම පුරා දිගට වැවුණු අධෝ රෝමයන්ද මේ මකරාගේ කටින් පිටවන ගිනි දැල් ලෙසට කපා සකස් කර තිබුණු බව හෙළ සාහිත්‍යයේ සඳහන්ය. බලන්න කතන්ද්‍ර දරුව, අපට ඇත්තේ කොයිතරම් දියුණු ඉතිහාසයක්ද? අපේ ඉතිහාසය ගැන අප නොදන්නා දේ කෙතරම්ද?

    නමුත් හෙළ කතුන් පච්චා කොටා ගැනීම අපේ පැරැන්නන් අනුමත නොකළ බව පත පොතින් පැහැදිළි වේ.

    බොහෝ කලකට පෙර ඉන්දියාවේ විසූ භාස්කරාචා‍යර්‍යන් විසින් රචිත සිද්ධාන්ත ශිරෝමණී ග්‍රන්ථයේ එන මේ ශ්ලෝකය සලකා බලන්න.

    ටැටූචඃ කුලපුරුෂඃච තේජසං වර්ධනම්
    රාජරාජ බොහොතං කීර්ති ස්වශක්ථ්‍යායඃ
    නාරිඃච ටැටූචඃ ආකෘෂ්‍යතෙ මළ වදයඃ
    ශව මහී තයා හංවඩුඃ ගව මශීෂඃ භාති

    අදහස: ටැටූ කොටා ගැනීම පුරුෂයින්ගේ කීර්තිය වර්ධනය කරන්නේය. රාජ රාජ මහාමාත්‍යාදීන් ගේ කීර්තියටම හේතුවන්නේය. එහෙත් කාන්තාවන් ටැටූ කොටා ගැනීම මළ වදයක් වන අතර එසේ ටැටූ කොටා ගන්නා ගැහැණිය හංවඩු ගැසූ ගව මහීෂාදීන්ගේන් වෙනස් නොවන්නේය.

    එසේ වෙතත් පච්චා කෙටීමේදී මලක් ගැසීම නම් පැරණි හෙළ කුල සිරිතක්ම වන අතර රාවණා රජතුමා පවා තම තට්ටමේ පච්චය කොටා ගැනීමදී මලක් ගසා සිටි බව වර්ගපූර්ණිකාවේ සඳහන් බව වාර්තා වේ. මල් ගසන විධි ක්‍රම දහයක් ගැන ආයුර්වේදයේ සඳහන් වන අතර ඒ ගැන පසුව විස්තර කරන්නට බලාපොරොත්තු වෙමි.

    - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

    ReplyDelete
    Replies
    1. //පච්චය කොටා ගැනීමදී මලක් ගසා සිටි බව// පුකේද?

      Delete
  29. THATTAMA PURA DIGATA WEDUNA ADHO ROMAYAN " E KIYANNE PUKE MILE ISMAIL

    ReplyDelete
  30. අයියත් පොඩ්ඩක් විතර අක්කට බයයි වගේ නේ.........

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් විතර...!!??

      Delete
  31. චැක්..
    අපරාදෙනෙ..
    අර තැන් දෙකේදි මිස් උන ටික ආයෙ බිව්වයි කියමුකෝ..
    ඒත් එතනදි සෙට් වෙන ආතල් එක ඉතින් කොහෙන් ගන්නද...!!!!!!
    ඕව හොද පාඩං කිව්වලු...

    ReplyDelete
  32. අපොයි කතන්දර මාමෙ ඔයත් නැන්දට බයද?

    ReplyDelete
  33. තනිකඩයකු වූ ජී. බී. සේනානායක නතර වී සිටියේ විවාහක වැඩිමහළු සහෝදරයාගේ ගෙදරය. හිටි හැටියේ දවසක ඔහුගේ අයියා නැතිවිය. අවබෝධය වූයේ කවර හෝ හේතුවක් නිසා ඔහු ගෙදරින් තරහ වී ගිය බවයි.

    ජී. බී. දුප්පතෙකි. පත්තරයේ දැන්වීම් දමන්නට ඔහු අත මුදල් නැත. ඔහු පත්තරයට තමන්ටම ආවේණික නිසඳැස් අච්චුවේ කවියක් ලීවේය. (උපුටනය මතක ඇති විදියටයි. වචන එසේම නොවිය හැක.)

    අයියේ නුඹ ගොසිනි
    අඹු දරුවෝ සොවිනි
    මා ලියන්නට පටන් ගත් පොතද
    නැවතිලාය, එතැනම
    ඉවර කරන්න, පොත
    අයියේ ගෙදර එන්න.

    මෙවැනිම කවියක් අද මම ලියමි.

    අනේ කතන්දර
    බෝ දුක්ය, ජීවිතය
    රැකියාවේ වැඩ බොහොමය
    වැඩ අතර ඉඳහිට
    ඔබේ බ්ලොගයට ඇවිත්
    නිවා ගතිමි, සරතැස
    සිනාසීමි, ජීවයක් ලැබීමි.
    අඩුය, දැන් බ්ලොග් පෝස්ට්
    අඩුය, අපේ කාර්යක්ෂමතාවයද
    පෙර මෙන් වැඩ කරන්න
    අනේ කතන්දර
    ලියන්න සතියට පෝස්ට් හතරක්.

    ReplyDelete
  34. අයියෝ ඩග්ලස්..... මොනව කරන්නද වෙන දවසක පරන එව්වත් අල්ලලා කරටි කැඩෙන්නම බොන්නතමයි තියෙන්නේ....හි.හ්.හි....ගැහැනුඅය පිරිමි අපිට දමන සමහර නිති-රිති අර්ථාන්විත වගෙම , සමහර නිති-රිති කිසිම තෙරුමක් නැති හිස් දෙවල්.... මම හිතන්නේ 50% 50% තමයි

    ReplyDelete
  35. කොම්පීතරෙත් කාන්තාවත් දෙක ම එක ය. ඔරවන්නේ ම සහ ස්ටක් වන්නේ ම අත්‍යාවශ්‍ය ම අත්‍යාවශ්‍ය වෙලාවට ය. එහෙම වූ හේතුව මේ දෙකෙන් ම අසා දැන ගන්නට බැරි ය. ඒ නිසා හදිස්සි වී වැරදි උත්තර තමන් ම සපයා ගත්තොත් පාඩු වන්නේ තමන්ට ම ය.
    විසි හත් අවුරුද්දක් කඹුරා ලත් අත්දැකීමෙන්, ලියා තබමි...!!!!

    ReplyDelete
    Replies
    1. කොම්පීතරෙත් කාන්තාවත් දෙක ම එක ය.
      හික්, මරු කතාව!

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.