Friday 23 March 2012

සංගීත් ඔස්තාද් අහවලා නොහොත් ගණිකාවකට බැඳි පෙම - How long is too long?


ඔන්න දවසක් මගේ මිතුරෙකුගෙන් කෝල් එකක් ආවා.

"කතන්දර, පොඩි උදව්වක් ඉල්ලන්නයි කතාකළේ!"

"ඔව් මචං මක්කෙයි ඕනැ උදව්ව. ඇහැකි දෙයක් නං කරල දෙන්නං."

"අපොයි, මේක ඔහේට හොඳට පුළුවන් දෙයක්. මට සින්දුවක් කියන්න චාන්ස් එකක් තියෙනවා. ඒකට පදමාලාවක් ලියා ගන්න ඕනෑ."

"මං නං එහෙම සින්දුකාරයෙක් නං නෙමෙයි හැබැයි."

"නෑ, නෑ, එහෙම කියන්න එපා. මං මේකට මියුසික් කරවාගන්න ඉන්නේ සංගීත් ඔස්තාද් අහවලාට කියලයි. මේක උඹටත් හොඳයි."

"ඉතිං මං ලියල තියෙන පෙම් ගීයක් අර ගනිං කෝ."

"නෑ මචං එහෙම නෙමේ, මට ඕනෑ අසම්මත සිද්ධියක් ගැන සින්දුවක් කියන්නයි. අඩු ගානේ පොඩි කන්ට්‍රවසි එකක්වත් තියෙන."

"ඒ කියන්නේ කොයි වගේ එකක්ද? නිකං සම-රිසි පෙමක්, ගණිකාවකට ඇතිවෙන ප්‍රේමයක් වගේ?"

"අන්න හරි, ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ!"

"හොඳයි බලමුකෝ!"

"බලමුකෝ නෙමෙයි මචං ලබන සතියේ ඕනෑ. මං යනවා සංගීත් ඔස්තාද් අහවලා හම්බ වෙන්න."

ඉතිං ඔන්න මං සින්දුවකට පදමාලාවක් ලිව්වා.

බාඳුරා මලකට පෙම් බැඳි සමනලයෙකුගේ ගීතය

දහස් ගනන් බඹර කැලට පෙම් මදිරා බෙදනා
අමල්බිසෝ නුඹ මලකිය මද සුළෙඟ් සැලෙනා
බාඳුරා රේනු සුවඳින් මගෙ ලෝකය පිරුනා
සිතේ උපන් කුළුඳුල් පෙම නුඹට දෙන්න සිතුනා

සුවඳ නුඹෙ පැමිණි මගේ ගව් දුර සිට දැනුනේ
නුහුරු හැගුම් ගොන්නක් මැද හදවත කිති කැවුනේ
නුරා පිරුණු නෙතඟ බැළුම් ඔය සඳවන් මුහුණේ
මට එක වරයක් දෙන බව පවසනවද ලඳුනේ

මලෙක මෙලෙක නැත කිසිදා සිහිනෙන් වත් දැනිලා
කෝඩු සිතේ ආදරයක් නුඹ ගැන ඇත දළුලා
වසන්තයේ අරුනැල්ලේ සහන් සුවය විඳලා
සැබෑ කරන් මගෙ සමනල සිහිනය රොන් පුදලා


ඇත්තම කියනවා නං මාත් ඒ කවියට එච්චරම කැමැත්තක් නෑ. මොකද, ඒක ලියපු විදියේ පොඩි කෘතිම ගතියක් තියෙනවානේ. කොහොම හරි කන්ට්‍රවර්ෂල් අදහස කවියට නගලා දවස් පහ යන්න කලින් නවක ගායකයාට යැව්වා.

සති තුන හතරක් ගියා. කිසි ආරංචියක් තිබුණේ නෑ, මටත් ඕක අමතක වෙලා ගියා. මෙන්න පොර ඒ පාර අපේ ගෙදර ආවා.

"කතන්දර, අර වැඩේ හරි ගියේ නෑ."

"ඇත්තද?"

"මේකයි වුනේ, සංගීත් ඔස්තාද් කිව්වා උඹේ සින්දුවේ චවන වැඩියි කියලා. පොර මං ගෙනිච්ච වෙනත් කවි පන්තියක් ගත්තා සින්දුවක් හදන්න."

ඉතිං අන්තිමේදී මගේ මිතුරා අසම්මතයේ සින්දු කෙසේ වෙතත් හඳයි, වලාකුළුයි ගැන සෞන්දර්යාත්මක සින්දුවක් කිව්වා.

මං ලියපු පදමාලාව අද 2012 මාර්තු 23 සිකුරාදා එලියට එනතුරු අවුරුදු දෙක තුනක් දුක් විඳින්න හමස් පෙට්ටිය ඇතුලට ගියා.

-කතන්දරකාරයා

ප/ලි:
* මට බයයි ගෙදරට අහුවෙයි කියලා.
* ඉගෙනීමේ වැඩ ඉවර වෙනතුරු මං ඕවා ගැන හිතන්නේ නෑ.
* මං දැම්ම ඕවා ගැන හිතන්නේ නෑ.
* අනේ මා එක්ක තරහා වෙන්න නං එපා.
* අපි හැමදාම යාළුවන් විදියට ඉමු.

ඒ තියෙන්නේ කෙල්ලෙක්ගෙන් අහලා වැඩේ රිජෙක්ට් වෙන කොට අහන්න ලැබෙන පොදු ප්‍රකාශ කීපයක්.

මේ තියෙන්නේ පදමාලාවක් රිජෙක්ට් කරන විදියක්.

* මේක හොඳයි, හැබැයි වචන වැඩියි.

එහෙමවත් අහගත්තා මදෑ. මේ සංගීත් ඔස්තාද් කියලා තියෙන සින්දු කීපයක්ම තියෙනවා මීටත් වඩා වචන තියෙන.

(image: http://www.minermusic.com/cc/littledrummer.htm)

32 comments:

  1. වචන වැඩි වගේ තමා. ඒත් රැප් පාරක් දාල පොඩි කිචියක් ඇති කරන්න තිබුන

    ReplyDelete
  2. ඔය කියන සංගීත ඔස්තාද් මේක බලන්නේ නැද්ද?

    කෝකටත් කියලා අර ප\ලි යේ තිබුනු ටික සටහන් කරගත්තා...හදිසියකටවත් අවශ්‍ය උනොත් කියලා. :D

    ReplyDelete
  3. වචන වැඩි උනාට ගතියක් තියෙනවා......

    ReplyDelete
  4. අර ප/ලි: කියන ටිකේ තියෙන එකක් කෙල්ලෙක්ගෙන් උත්තරය විදිහට හම්බුනා කියන්නෙ එතකොට කෙල්ල අපි දුන්නු Application එක කෙලින්ම Dustbin එකට දැම්මා කියන එකද. පස්සෙ වෙලාවක සලකලා බලන්න වත් pending ලිස්ට් එකට දාන්නෑ කියන එකද? :( කතන්දර අයියාගෙ Experience වලින් දෙන්නකො පොඩි උපදෙසක්.

    ReplyDelete
  5. මට හිතෙන විදියට කවුරුවත් කිව්ව පලියට සින්දු ලියන්න බෑ...සින්දු ලියවෙන්න ඕන....
    ලියවෙච්ච සින්දු කෘතීම වෙන්නෙත් නෑ, අනවශ්‍ය විදියට දිග හෝ කොට වෙන්නෙත් නෑ.

    ReplyDelete
  6. අද නම් කතන්දරයක් ලියල ........

    ReplyDelete
    Replies
    1. සිරාවටම මාත් ඔය ගැන හිතුව විතරයි.... :)

      Delete
    2. නිශ් ගෙ කමෙන්ට් එකට ලයික් කරන්න විදිහක් නෑනේ

      Delete
  7. ඒක පොඩ්ඩක් අවුල් නේ..... අර "සඳ සඳ වගේ..." සින්දුව අහලා තියෙනවද... distinct වචන 9යිද කොහෙද තියෙන්නෙ සින්දුවටම... ආං සින්දු... පුහ්...!!!

    ReplyDelete
    Replies
    1. සේනානායක වේරදියද්ද ගයන "නංගිට බැදපු මල්වියනයි" ගීතය අහල තියෙනවද?ස්ථායි කොටසට තියෙන්නේ ඔය වචන 3 විතරයි.

      Delete
  8. මොකෙක් උනත් සංගීතය ගැන දැනුමක් තියෙන එකෙක් නම් කවදාවත් කන්ට්‍රවසි එකක් තියෙන ගීතයක් දෙන්න කියලා ඉල්ලන්නේ නෑ.. එහෙම සින්දු නිකං නිලා කූරු වගේ තමයි.. පත්තු වෙලා ඉක්මනටම නිවිලා යනවා.. ගොඩක් වෙලාවට පත්තු වෙලා ඉවර වෙච්චි නිලා කූර වග්ගේ විසිවෙන්නේ පද රචකයා, සින්දුව කියපු මිනිහා පොඩි හරි ජනප්‍රියත්වයක් ලබාග්න්නවා.. පොරට ඕනි වෙලා තියෙන්නේ ජනප්‍රිය වෙන්න මිසක් සින්දුවක් කියන්න නෙවෙයි..

    මම නම් කියන්නේ කතන්දර බේරිලා....

    ReplyDelete
  9. කතන්ද‍ර‍ගේ වෙලාව හොද කමට බේරිලා..

    ReplyDelete
  10. අපරාදේ කතන්දරගේ අවස්ථාව...

    ReplyDelete
  11. ඔස්තාද් බලන් ඉන්න ඇත්තෙ ඇඩ්වර්ටිස්මන්ට් වලට යන ජාතියෙ සිංදු කෑල්ලක් හදන්න වෙන්න ඇති. පොර මියුසික් දාන්න පුරුදු වෙන කාලෙද දන්නෙ නෑනෙ. මුලදි කෙටි පදමාලාවලට දාල පස්සෙ පස්සෙ තමයි දිග ඒවට මියුසික් දාන්නෙ.

    ReplyDelete
  12. කවි සින්දු ගැන වැඩි තේරුමක් නැති මම මොනව කියන්නද?

    අර ප. ලි.යෙ තියෙන රිජෙක්ට් කෑලි වගේ, ඔය ලව් එකක් පටන් ගන්න ට්‍රයි කොරන කොල්ලන්ට, කෙල්ලන්ගෙන්, අහන්න පුළුවන් ක්‍රම සහ විධි ටිකක් පබ්ලිෂ් කළා නම් අගෙයි.

    අර ඔට්ටු අල්ලන ක්‍රමෙත් නරකම නෑ.

    ReplyDelete
  13. වචන වැඩි උනාට මරු........

    ReplyDelete
  14. අපරාදේ සින්දුව ලිව්ව මහන්සිය.

    ReplyDelete
  15. මට නං අගෙයි...

    ReplyDelete
  16. මම නම් ලැයික්.... ඒ වචන ටික මරුනේ...

    ReplyDelete
  17. අද නම් කතන්දරයක් තමයි. කවියකුත් එක්ක

    ReplyDelete
  18. හිත කඩා ගන්න එපා. වචන වැඩි කියන්නෙ ඌට කියන්න අමරු හින්දනෙ. ඇයි යකො ඌට හිතුනෙ නැද්ද ඔය තරම් වචන ටිකක් ලියන්න අපි කොච්චර හිතන්න ඕනෙද කියලා. අනෙ ඔන්න ඕකට තනුවක් කොහොම හරි දාගෙන අමාරුවෙන් හරි කියපං. දැන් තියන ඒවා හැටියට මම හිතන්නෙ අහන් ඉන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  19. සින්දුවකට වඩා කවියකට නම් හොඳයි. ඒත් ගුත්තිල කාව්‍යයේ රූ රැසේ අඳිනා ලෙසේ සිංදුවක් විදිහට කියනවා නම් මේක මොකක්ද :)

    ReplyDelete
    Replies
    1. මට නං අවුලක් පේන්ට නෑ. පංකාදු අදහස්. මාත්‍රා වල තමයි අප්සෙට් එක තියෙන්නෙ. අර අජිත් කුමාරසිරි නම් කියයි හොඳට මේ වගේ ඒව.

      Delete
  20. මට නම් පද මාලාව ලස්සනයි.........

    ReplyDelete
  21. ඌ ඇත්ත කියලා තියෙන්නේ ගීයක් ලියන්න කිව්වම කතාවක් ලියලනේ. ඒ උනාට කවිය ලස්සනයි. නැත්තම් කතා තරහවෙයි

    ReplyDelete
  22. මටත් දවසක් කෙනෙක් කිවා හරිම ලස්සනයි ලියනෙව්වා සින්දුවක් ලියල දෙන්නකො කියලා. මම තිං කීවා..ඉදල හිටල කවියක් වගේ එවුව ලිවුවට සින්දුනම් බැහැ කියලා. ඒත් ඉතින් මගෙ ආඩ්ම්බරකම කියල හිතයි කියල ලියල දුන්න. හැබැයි අදටත් ඒක නම් ගායනය කරපු කෙනෙක් නැත...

    ReplyDelete
  23. සින්දුවෙ වචන වැඩියි කියන්නෙ, "මට තනුව හදාගන්න අමාරුයි" කියන එකටද? :D

    ReplyDelete
  24. මටත් ප/ලි එකේ අන්තිමටම තිබුන එක නං අහන්න හම්බවෙලා තියේ..හී

    ReplyDelete
    Replies
    1. ඇයි මෙහෙම අහගත්තු අයත් ඉන්නවා..
      * ඔයාට මට වැඩිය හොඳ කෙනෙක් හම්බ වෙයි.
      * සොරි.. යූ ආර් ටූ ලේට්.
      මෙහෙම කාඩ් වැදිච්ච අයත් ඉන්නවා..
      * අනේ මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. එයා දැනගත්තොත් ඔයාට ගහයි..
      * මම බැඳලා.. හස්බන්ඩ් දැනගත්තොත් මාව මරයි.
      සමහර වාසනාවන්තයො හිටියා මෙහෙම අහගත්ත...
      * මට බයයි බෝයි ෆ්‍රෙන්ඩ් දැනගනී කියලා.

      Delete
    2. ඇයි මෙහෙම වාසනාවන්තයෝ?

      අනේ හස්බන්ඩ් දැන ගනියිද? බයේ බෑ

      Delete
  25. සිරාවට...ඔය සින්දු ලිවිල්ල ගැන නම් කථා කරලා වැඩක් නෑ... එකෙක්ට මං ලියලා දුන්න සින්දුවකට ඌ කියනවා වචන සංකීර්ණ වැඩිලු. මතු පිට අර්ථය කෙලින්ම කියන එකක් ලියපන්ලු....
    මේක නම් ලස්සන නිර්මාණයක්..
    ඒත් කුළුඳුල් පෙමක්........??
    ඒක හරි ප්‍රශ්නයක්.....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.