Tuesday 20 December 2011

කකා ට ඇස්වහද, කටවහද, සිත්වහද? Poor Kathandarakaraya bed-ridden


දැන් මේ සිංහල බ්ලොග් අවකාශයේ බ්ලොග් අඩවි 2,000 විතර තියෙනවාය කියලයි සංඛ්‍යාලේඛන පෙන්නන්නේ. පාසල් යන, කැම්පස් ඉන්න අය විතරක් නෙමේ පැන්ෂන් ගත්තු අයත් තම තම හැකි පමණින් මේ බ්ලොග් කර්වත්‍යයේ නියලිලා ඉන්නවා.

මං උසස් පෙළ කරපු ඉස්කෝලේ තිබුණු විසි තිස් ගානක් සංගම්වල වැඩ විවේවනය කරන්න සංගමයක් හදන්න යෝජනා කරපු "විවේචන ජිනසේන" ගුරුවරයා කොල්ලන් ගේ සරදමට අහුවුනත්, ඔය විවේචනය නැත්තම් විචාරය කියන එක මේ වගේ තැන්වලට අත්‍යවශ්‍යම දෙයක්. කතන්දර බ්ලොග් එකේත් වෙන වැරදි හදාගන්නේ ඒ වගේ කෙරෙන විවේචන වලින් තමයි.

උදාහරණයකට වගේ ඉස්සර අම්බානකට "නාසිසිස්ටික් පොරක්" වුණු මංතුමා දැන් බලන්නකෝ නිකං "ඩවුන්-ටු-අර්ත්" ක්‍ෂුද්‍ර ජීවියෙක් වගේ ඉන්න විදිහ විතරක්!

ඒකේ මුළු ප්‍රසංශාව යන්නේ අපේ ඇනෝවාලටයි.

බ්ලොග් ගැන විවේචනය කරන්නම වගේ වෙන්වුණු බ්ලොග් පවා සිංහල බ්ලොග් අවකාශයේ බිහිවුණා. ඒ මුල් අවදියේ තිබුණු සමහර බ්ලොග් දැන් නිහඬවෙලා. සමහර ඒවා ලත් තැනම ලොප් වුණා!

කාලයක් හොඳින් ක්‍රියාත්මකව තිබිලා, ටික කාලයක් තරමක් නිහඬව ඉදලා, දැන් මේ ලඟදී ඉඳලා පිට පිට ලිපි දාන මේ වගේ විවේචක බ්ලොග් එකක් තමයි ඇනෝනිමස් ආතල්.

ඇනෝනිමස් ආතල් එකට ලියන අයගේ ලිපිවල බ්ලොග්වල අන්තර්ගතය ගැන සරදම් වගේම බ්ලොග්කාරයින් ගේ චරිත ගැන මඩ ගැසීම් සිදුවුණා. මේ වගේ ලිපි දෙකතුනක් යන අතරේ මොන පාරුවේ පුවක් කේස් එකකටද මන්දා සමහරු හිතන්න පටන් ගත්තා මේ ලිපි ලියන්නේ කතන්දරකාරයාය කියලා.

මාරයාට මඩ ගෝණියක් ගැසූ පොරමඩලාව නමැති ලිපියේ වැඩසටහනක් මෙහෙයවන්නාට කතන්දරකාරයා චරිතය යොදා ගැනීමත් මේකට එක හේතුවක් වගෙයි පෙණුනේ.

මේ පහුගිය සතියේ ඇනෝනිමස් බ්ලොගයේ ගිය පෝස්ට් එකකින් 2011 සිංහල බ්ලොග් කක්කා සම්මාන උළෙල ගැන විස්තරයක් ලියවිලා තිබුණා. මේ ලිපියට අනුව, වසරේ හොඳම ජොකා පෝස්ටය සඳහා සම්මානය සහ වසරේ හොඳම බ්ලොගය සඳහා වූ 2011 කක්කා සම්මානය හිමිවෙලා තිබුණේ මංතුමාටයි.

මේක කියවපු කීප දෙනෙකුත් ඇනෝනිමස් ආතල් ලියන්නේ කතන්දරකාරයාය කියලා ආයේමත් වරදවා වටහා ගෙන තිබුණා.

එක්කෝ ඒ වරද හරිගස්සන්න, එහෙම නැත්තම් ඒකට තවත් පෝර දාන්න හිතාගෙනද කොහෙද ඇනෝනිමස් ආතල් බ්ලොග් එකේ ඊලඟට පලවුනේ මාව මුරුංගා අත්තේ තියන ආකාරයේ ලිපියක්.

කතන්දරකාරයා ගේ භූමිකාව කියන මේ පෝස්ට් එකේ මාතෘකාව වගේම ඇතුලේ ලින්ක්ස් දාලා තිබුණේත් කතන්දර ස්ටයිල් එක සිහිපත් කරවමිනුයි. ඒකේ මං ගැන කරලා තිබුණු වර්ණනා දැක්කම, මට මං ගැනම පොඩි පහේ ඔරිජිනල් නාසිසිස්ටික් හැඟීමකුත් ඇතිවුණා, කොටින්ම.

ඔය කියන ලිපිය පලවුනේ සෙනසුරාදා.

ඕක කියවලා නින්දට එදා ගිය මට, පහුවදා, ඒ කියන්නේ ඉරිදා, උදේ ඇඳෙන් නැගිටගන්න බැරිවුණා. අමාරුවෙන් නැගිටලා, ශරීරකෘත්‍යයන් සිදුකරළා ආපහු ගිහින් ඇඳට වැටුණා.

මුළු ඉරිදා දවසම නාස්තිවෙලා ගියා. ලියලා තිබුණු "සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා" පෝස්ට් එක පලකරන්නවත් පණ තිබුනේ නෑ.

කීප දෙනෙක්ම කිව්වේ මේකට හේතුව ඇනෝනිමස් ආතල් ලිපිය බලපු පාඨකයින් ගේ "ඇස්වහ-කටවහ" හින්දා තමයි මට මේ නස්පැත්තිය වුනේ කියලයි.

"ඇස්වහ" කියන්නේ යම් දෙයක සුන්දරත්වය ඇසින් දැකීම නිසා සිදුවෙනවාය කියන වස්වැදීම් වලටයි.

"කටවහ" කියන්නේ ලා ඒ ගැන කතාකිරීම නිසා සිදුවන වස් වැදීම් වලටයි.

නමුත් ඉතිං, සයිබර් අවකාශයට "ඇස්වහ-කටවහ" කියන සංකල්ප ඒ ආකාරයට ගැලපෙන්නේ නැති නිසා මේ තත්වය විස්තර කරන්න වඩාත් යෝග්‍ය වචනය "සිත්වහ" කියලයි මට හිතෙන්නේ.

ඉතිං මේ "සිත්වහ" කියන අළුත් වචනය සිංහල භාෂාවට එකතුවීම ඇරුණාම තවත් හොඳ දෙයක් වුණා මේ අකරතැබ්බය නිසා.

ඒක තමයි අසනීපව සිටි මට හාමිනේ හදපු චීන ක්‍රමයේ ලෙඩ කෑම, ඇඳටම ලැබීම. මේ තියෙන්නේ ඒකේ ෆොටෝ එකක්. කන්ජි ක්‍රමයට බෙරිබත් සහ එලවලු.


දැන් නං ඉතිං ටික ටික සනීපයි.

-කතන්දරකාරයා

ප/ලි:
මට අසනීප වුනේ ටිටාටා මටා සිද්ධියක් නිසාය කියලා කටකතාවක් කීප දෙනෙක් මේ බ්ලොග් එක හරහා පතුරවන බව පේනවා.

ඒ කට කතාවල කිසිම අසත්‍යයක් නැති බව කරුණාවෙන් සලකන්න.

(image: http://www.micheleyounglive.com/masks2.htm)

37 comments:

  1. කකා ඉතිං වලියට බර පොරක් නෙවේනෙ. ඒ නිසා මොනව කිව්වත් අවුලක් නෑ.

    ReplyDelete
  2. ඉක්මනට සනීප වෙලා ආයෙත් පුරුදු විදියටම ලියන්න ලැබේවා..

    ReplyDelete
  3. හයියෝ කකා, ඇඳට වෙලා කකා ඉඳල හරියන්නෙ නෑ. පෝස්ට් එකක් දාන්න.

    ReplyDelete
  4. ඉක්මනට සනිප වේවා බැරිනං හාමිනේ ලව්වා ලැප ඇඳට අරගෙන ඒත් බැරිනං ඒකි ලවාම ලියන්ට හැකිවේවා...

    ReplyDelete
  5. ඔබ සුවපත් වේවා

    ReplyDelete
  6. හී හී මට නම් හිනාව නවත්තගන්ට බෑ අනේ. ඔයාට ඇත්තටම අසනීපද? ටිටාටා මටා සිද්ධියක් හින්දා නෙමේද? බෙරිබත් උනාට බලන්ටකෝ ඒක ලස්සනට ඉදිරිපත් කරලා තියන විදිය. බෙරි උනත් කන්ට ආසා හිතෙනවා...:D

    ReplyDelete
  7. වසිලිස්සා20 December 2011 at 13:44

    කාකා ටිටාට මටා නිසාද ? කියල අහලතිබුන නිසා, ඒක එහෙම්මම නෙමෙයි කියල ඔප්පු කරන්න කෑම පින්තුරෙකුත් දාල :)
    කාකාගේ "සිත්වහ" දුරුවී ඉක්මන් සුවය ලැබේවායි පතමි!

    ReplyDelete
  8. ඉක්මන් සුවය ලැබේවා!

    අර වීදුරුවේ.......නෑ එක්කෝ ඕන නෑ...

    ReplyDelete
  9. //ඒ කට කතාවල කිසිම අසත්‍යයක් නැති බව කරුණාවෙන් සලකන්න//

    හ්ම්....

    ReplyDelete
  10. ඉක්මන් සුව පතනව....සදා ජය

    ReplyDelete
  11. ඉක්මන් සුවය පතනවා .......

    ReplyDelete
  12. කකා අය්යට ඉක්මන් සුවය පතනවා. සැමදාමත් අපි ඔබ සමග ඇති ..

    ReplyDelete
  13. ඉක්මණ් සුවය ප්‍රර්ථනා කරනවා!!!

    ReplyDelete
  14. මක්කැයි උනේ ඇඳට වැටෙන තරමට අසනීප වෙන්න. ඩෙංගුවද්ද. මාත් කෑවා ඒ කට්ට නම්. අර ඇනෝ කියනා එකා මහ එපා කරපු එකෙක්. ඒකත් බලපාන ඇති.

    බී වෙල් සූන් ලොක්කා..!!!
    ලෙඩේ සනීප වෙලා ඉකමනට ඇවිත් කාට හරි ලෙඩක් අදින්න.

    ReplyDelete
  15. ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා!!!

    ReplyDelete
  16. අපේ හිත්වත් ( මට ගුරුවරයෙක් බඳු වූ ) කතා කාරයාට ඉක්මන් සුවය පතමි.මටත් ලැබුනනේ චූ සම්මානේ.

    ReplyDelete
  17. කටකතා වල කිසිම අසත්‍යයක් නෑ තමා.
    ඉක්මන් සුවය පතමි. බෙරිබත් කන්න හැදුන ලෙඩේ මොකක්ද කියා මම තාමත් කල්පනා කරන්නේ....:D

    ReplyDelete
  18. මෙන්න අලුත් විවේචන පොරක්!

    http://blogvicharaka.blogspot.com/2011/10/blog-post_25.html

    ReplyDelete
  19. එස් වා පු:.........!!!!! සියළු දෝස නිවාරණයි...

    මෙන්න බේත...බීලම බලන්න.නෝනෙ හදල දෙයි.

    දළුක් කිරිත් පතොක් කිරිත්
    නැළියෙන් මැන හැටක් ගන්න
    වරක ගහක පොළොස් ගැටත්
    ගම්මිරිසුත් එළෙස ගන්න
    කිරා බරට ජයපාලත් අරළුත්
    එම පමණ ගන්න
    හයි ඇති අයෙකුට කියලා
    හොඳ හැටි එය අඹර ගන්න

    හොඳ ගුලියක් හදලා , දෙගමනක් බොන්න.....
    වරු දෙකෙන් ලෙඩේ ගොඩ..එක්කෝ මඩ...

    ReplyDelete
  20. ඇස්වහ කටවහ දුරුවෙන්න වතුර ටිකක් මතුරලා එවන්නද කූරිය එකෙන් ?

    ඇවහ කටවහ ඇති කෙනාගේ ඇස්වහ යන්න "තුහ්" ගාලා කෙල ටිකක් ඒ කෙනාට ගැහැවුවම හරියනවා කියලා මම අහලා තියනවා

    ඇස්වහක් කටවහක් නෑ "තුහ්"

    ReplyDelete
  21. ගෙට් වෙල් සූන්...

    ReplyDelete
  22. කකා මාමාට ඉක්මන් සුවය ලැබේවා!

    ReplyDelete
  23. ///ඒ කට කතාවල කිසිම අසත්‍යයක් නැති බව කරුණාවෙන් සලකන්න.///

    ඒ කියන්නේ මුල්ල පටස් වගේ දෙයක්වත් වැරදිලාවත් පෙවුනද...

    ReplyDelete
  24. සිත් වහ හැදුවා වගේ නෙවෙයි ඒවායින් එන දෝශ නිවාරනය කරන්නත් ක්‍රම හොයන්න වෙයි ..ඒ අතරම ඉක්මන් සුවය පතමි..!

    ReplyDelete
  25. මෙච්චරද හාමිනේ කන්න දුන්නේ ???

    ReplyDelete
  26. ඉක්මන් සුවය පතනවා හැර වෙන මොනවා කරන්නද?? අපි ඔය අමුතු සීන් දන්නෑ

    ReplyDelete
  27. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව , ඇනෝගේ සිත්වහ වලට ලෙඩ වෙනව නම් මාරයා දවස් ගානක් ඉස්පිරිතාලේ

    ReplyDelete
  28. ඉක්මන් සුවය පතමි!

    ReplyDelete
  29. අනේ අපිට නෑනෙ බීල නැගිටගන්න අමාරු උනාම "ගෙට් වෙල් සූන්" , "ඉක්මන් සුවය පතමි!" වගේ පතන යාලුවො..

    කතන්දරගෙ (වැඩිහරියක්) බ්ලොග් වල තියෙන ඉස්ටෑන්ඩඩ් එක කතන්දර වපුරල තියෙන රසික කැල තුල නැති බවයි මට නම් පේන්නෙ. කමක් නෑ බුද්ධාගම උනත් 2500 වසරක් රැකුනෙ ඒකෙ රසික කැල නිසානෙ.

    - සනාත

    ReplyDelete
  30. අනේ අපිට නෑනෙ බීල නැගිටගන්න අමාරු උනාම "ගෙට් වෙල් සූන්" , "ඉක්මන් සුවය පතමි!" වගේ පතන යාලුවො..

    කතන්දරගෙ (වැඩිහරියක්) බ්ලොග් වල තියෙන ඉස්ටෑන්ඩඩ් එක කතන්දර වපුරල තියෙන රසික කැල තුල නැති බවයි මට නම් පේන්නෙ. කමක් නෑ බුද්ධාගම උනත් 2500 වසරක් රැකුනෙ ඒකෙ රසික කැල නිසානෙ.

    - සනාත

    ReplyDelete
  31. පවු අනේ කතන්දර .. සො.සිත ඔබ හරි ..ගුලියක්ම දෙන්න තමයි වටින්නේ!! ටිටාටා මටා වෙන්න..

    ReplyDelete
  32. ලෙඩ හැදුනම ඔහොම "කාලා" හරියනවැයි....!

    ReplyDelete
  33. අර හාමිනේගෙන් ලැබුණු විශේෂ තෑගී වලට වග කියලා වගේ කතන්දර අයියා...

    ඉක්මන් සුවය පතනවා..

    ReplyDelete
  34. ඔය නම් ෂුවර් එකටම අර පහුගිය දවස්වල කෑම බීම පෙන්න පෙන්න කෑව හින්දද කොහෙද....

    ReplyDelete
  35. @ All - සියළු දෙනාටම

    ස්තුතියි, ස්තුතියි, ස්තුතියි!

    ඉරිදා දවසම නැතිවුණත්, සඳුදා වෙන කොට යලි පන ආවා. දැන් නම් හොඳටම සුවයි. ඇස්වහ කටවහ වගේම, සිත්වගත් දරුණුයි වගේ නේද?

    ReplyDelete
  36. [[මට අසනීප වුනේ ටිටාටා මටා සිද්ධියක් නිසාය කියලා කටකතාවක් කීප දෙනෙක් මේ බ්ලොග් එක හරහා පතුරවන බව පේනවා.ඒ කට කතාවල කිසිම >>>අසත්‍යයක් නැති<<< බව කරුණාවෙන් සලකන්න]]

    ඉක්මන් "සුවය" පතනවා හැන්ගෝවරයෙන්.

    මේකා යකඩ පොරක් කියන්නේ ඊට පස්සේ දානවා පෝස්ට් එකක් "උඹෙ පෙම්බර මිනිහ කට්වෙලා - (සමහර) පිරිමි නැට්ටම වදින්න බොන්නේ ඇයි? :: Alcoholic Anonymous" කියලා.

    සමහර... පුහ්.

    ReplyDelete
  37. පිස්සු හැදෙයි බෙරි බතුයි එළවළුයි.. ෂොට් එකකුයි නේද...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.