Friday 16 December 2011

අම්මා බුදු වේවා! හැබැයි කාගේ අම්මාද කියලා නං අහන්න එපා? - My mother's the best!


නන්දා නැන්දා ගේ මෙන්න මේ සින්දුව අහලා තියෙනවා නේද?

"නෝනා, නාන්න නන් නාන්න නෝනා,
නොනා නොනා නේන්න නෝනා.."

සොරි, සොරි, තැටි වාදන යන්ත්‍රයේ පොඩි ප්‍රමාද දෝශයක් වුනේ. සමාවෙන්න. මෙන්න නිවරදි ගීතය.

"මට මව් පදවිය ලැබුණු දිනේදී
ඔබේ අගේ මට දැනුණා,
අම්මේ.. ඔබේ.. අගේ.. මට දැනුණා!"

කෙල්ලෝ අම්මලා වුණාට පස්සේ තමයි තමන්ගේ අම්මලා ගේ අගේ දැනෙන්නේ කියලයි මේ සින්දුවෙන් ඇත්තටම කියවෙන්නේ.

අම්මලා වැඩිපුර ආදරේ පුතාලට හින්දා ද කොහෙද කොල්ලෝ නම් අම්මලා ගේ අගේ පොඩි කාලේ ඉඳලාම දන්නවා.

හූ! හූ!! කෙල්ලනේ.., හූ, හූ!!!

ඉතිං ඔන්න මං දන්න එක්තරා ඇන්ටි කෙනෙක් හිටියා. මේ ඇන්ටි කවි ලියන්න සෑහෙන උනන්දුවක් තියෙන කෙනෙක්.

සාමාන්‍යයෙන් ඉතිං පරණ තාලේ සිව්පද කවි ලියන අය අම්මා ගැන, රට ගැන, වෙසක් පෝය ගැන, යුද්දේ ගැන කවි පන්තියක් දෙකක් අනිවා ඩෙෆා ලියනවානේ.

මේ ඇන්ටිත් ලිව්වා කවි පන්තියක් අම්මා ගැන.

මේ ඇන්ටි ලියන ජාතියේ කවි ලියන්න ලේසියෙන් නම් බෑ. මේ කියන කවි පන්තියේ සේරම කවිවල සේරම පද ඉවසාන වුනේ අම්මේ කියලයි. අන්තිම කවියේ අන්තිම පදේ වුනේ මතු දවසක බුදු වෙන්නකො මගෙ අම්මේ කියලයි. ඒ කෑල්ලම තමයි දැම්මේ කවි පන්තියේ නමටත්.

මේ කවි පන්තියේ පද ටික නම් මට හරියටම මතක නෑ. නමුත් හිතාගන්න අමාරුත් නෑ. නිකං මෙන්න මේ වගේ.

දස මාසයක් කුසේ තියන් අම්මේ
ඔබ මා වෙනුවන් දුක් වින්දා අම්මේ
ලේ කිරි කරලා ආදරයෙන් අම්මේ
ඔබ මා ඇති දැඩි කෙරුවා අම්මේ

උදේ කවා පොවා අන්දා මට අම්මේ
පාසල වෙත මා යැවුවා ඔබ අම්මේ
පාසල නිමවී ගෙදරට එනතුරු අම්මේ
ඔබ මග බලාන හිටියා මගෙ අම්මේ

රසවත් ආහර උයලා ඔබ අම්මේ
මට සැමදා ඔබ කන්න දුන්නා අම්මේ
මා වෙනුවෙන් සැමදා වෙහෙසුනු අම්මේ
මතු දවසක බුදුවෙන්නකො ඔබ අම්මේ

ෂෝක් නේද?

ඉතිං කොහොම හරි ඇන්ටිට මේ කවිය ගැන හරිම සතුටුයි. සතුටු හිතෙන එක අහන්නත් දෙයක් යෑ? තමන්ගේ අම්මා ගැන කවියක් ලියන එක කොච්චර උතුම් වැඩක්ද? අනික නිකම්ම නිකං නිසඳැසක් නෙමේ, සිව්පද කවි එලිසමය එක්ක!

කොච්චර මේ ගැන ඇන්ටිට සතුටුද කියනවා නම් ඇන්ටි මොකද දන්නවද කළේ?

ඇන්ටිගේ ම දුවට කියලා මේ කවිය සින්දුවක් විදියට පාසලේ විවිධ ප්‍රසංගේ දී ගායනා කෙරෙව්වා!

කොහොමද ඇන්ටිගේ ටිකිරි මොලේ?

-කතන්දරකාරයා

ප/ලි:
ඕක අහලා ඇන්ටි ගේ ටිකිරි මොලේ ගැන හොඳටම පැහැදුණු මං හිතා ගත්තා මාත් දවසක මගේ තාත්තා ගැන තාත්තා බුදුවේවා වගේ සින්දුවක් ලියලා අපේ පුතා ට කියලා ගායනා කරවනවා කියලා.

ඒ දවස්වල අපේ පුතු පැටියා ගේ වයස යාන්තම් හයයි. ඉතිං වැඩේට ටිකක් කල් ඉන්න වුණා. මොකද විවිධ ප්‍රසංගයේ තනියම සින්දුවක් කියනවා කියන එක ලේසි වැඩක් නෙමේ නේ.

නමුත් අවාසනාව කියන්නේ ඒ අදහසම මං දන්න කියන වෙන අංකල් කෙනෙකුටත් ඇවිල්ලා. පොර කවි පන්තියක් ලියලා තමන්ගේ පුතාට කියලා කියෙව්වා ඊලඟ අවුරුද්දේ.

අපරාදේ මගේ මතු බුදුවෙන නියත විවරණ චාන්ස් එක මිස් වුණා!

(image: http://hels89.wordpress.com/2011/05/23/wild-swans/)

26 comments:

  1. දැම්ම උත්සාහ ගත්තොත් ඊලග චාන්ස් එකවත් අල්ල ගන්න පුළුවන් වෙයි. මොකද දැන් ගොඩක් අය මේ ඔත්තුව අනුව බුදු වෙන්න ට්‍රයි කොරනවා ඇති.

    ReplyDelete
  2. කවි ලියන එකත් ලේසි කෙලියක් නෙමේනෙ.
    [මොකද මේ අවේලාවෙ පොස්ට් පබ්ලිෂ් කරන්න පටන් අරං, අපිව වල්මත් කරන්නද , එහෙමත් නැත්තං දැනටම නත්තල් වැකේශන්ද ?]

    ReplyDelete
  3. මම මේ අම්මා ගැන කවියක් ලියලා දානවදෝ නොදානවදෝ කියා හිත හිතා ඉන්න කොට මෙන්න මේයා දාලා, අම්මලයි, තාත්තලයි දෙගොල්ලෝ ගැනම. අර කවිය ලියපු අම්මා පොඩි එකා සින්දුව කියන කොට ඇඬුවද දන්නේ නෑ. ඔය සුපරිස්ටාර් සෝ වල ඡන්ද ගන්න මගඩි වැඩක් තමයි. අම්මයි තරඟ කරුවයි දෙන්නම හොටු පෙරාගෙන අඬන එක. හොටු ගලන ප්‍රමාණය අනුව තමයි ඇස් ඇම් ඇස් වැඩිවෙන්නේ..

    ReplyDelete
  4. අවුලක් නෑ කතන්දර . . . දැං ඒ අංකල්ගෙ කවිටික මිනිස්සුන්ට අමතක වෙලත් ඇති . . කෝකටත් ඔයා ආපහු ට්‍රයි එකක් දුන්න නං හරි

    ReplyDelete
  5. (Traffic Ano)
    දවල් දොළහෙන් පස්සේ පබ්ලිෂ් කිරීම ගැන මගේ ප්රිණාමය! උදේ පාන්දර තියන වැඩ අස්සෙ මේක කියව කියව ඉන්නත් බෑ. කියවන්නෙ නැතුව ඉන්න හිතෙන්නෙත් නෑ.

    අපේ කුළුඳුල් පුතා හම්බවෙන්න ඉන්නැද්දි හාමිනේ එක්කගෙන ගියා වීඕජී මහත්තයෙක් ගාවට. වීඕජී මහත්තයා විස්තර අහල බඩ ඔබල බලල දිග පළල මැනල අවවාද ටිකකුත් දීල ගිහින් එන්න කිව්වටත් පස්සෙ හාමිනේ පැමිණිලි කළා කෑම කන්න බෑ, වමනෙ යනව ආදී දේවල්. ඩොක්ටර් කිව්වෙ මෙච්චරයි.
    “අමාරුයි නේද? ඕක නිසා තමයි අපි අම්මලට වඳින්නෙ”

    ReplyDelete
  6. කොහොම උනත් කව් ටික නං මරු .....
    අතාරින්න එපා බලාපොරොත්තු කොහොම හරි තාත්තලාටත් කවි සෙට් එකක් ලිව්වනං තමා හොඳ, බුදු බුදු බුදුම වේවා කියලා ..

    ReplyDelete
  7. ඔං කොරන්වනං වැඩ...

    ReplyDelete
  8. ඔක්කොම බුදු වුණාම කෝ බණ අහන්න කට්ටිය කෝ ශ්‍රාවකයෝ ?? මට නම් රහත් වුණා නම් හොඳටෝම ඇති

    ReplyDelete
  9. වැඩේ අතාරින්න එපා. කවදාහරි මුණුබුරාටත් කියන්න දෙයක් තියෙන්න එපායැ.

    ReplyDelete
  10. වසිලිස්සා16 December 2011 at 15:29

    අම්මා කියන්නේ ලෝකේ උත්තරීතරම පදවිය වගේම ස්නේහයේ උල්පත.අපි පලවෙනියෙන් ඉගෙන ගන්නෙත් අයන්න,අල්මයන්න,මායන්න කියලනේ.ඕනෙම පුද්ගලයෙක් මේ වචනේ ඇහුවත් සංවේදිවෙනවා කියලයි මගේ අදහස.
    කාකා වගේම පුතාටත් කවි ලියන්න පුළුවන් ඇතිනේ,පුතාට කියල කවි ලියවල ,පිදුම මගේ පියාණන්ට කියල ගහල පලකරන්න.
    කොහොමද මගේ ටිකිරි මොලේ :)

    ReplyDelete
  11. වසිලිස්සා16 December 2011 at 15:32

    ඊඊඊඉයාආආආ .................මොකද්ද අනේ මේ කක්ක සම්මාන උළෙල ??
    :D (බ්පෙසි)

    ReplyDelete
  12. හප්පෙ බුදුවෙන්න විදින දුකක්

    ReplyDelete
  13. අම්මා! ගැන කොපමණ කතා කලත් මදි නොවැ. මාත් අම්මා කෙනෙක් උන දා තමයි මටත් අපේ අම්මාගේ අගේ හරියටම දැනුනේ. මම පුංචි කාලෙ අම්මලා අපිව මෙහේ තියලා (ඉගෙනීම නිසා) වෙන රටකට ගිය හින්දා මගෙ හිතේ කොනක පොඩි තරහක් තිබුනා. ඒ අපිට එයාලගෙ ආදරේ අඩුවෙන් ලැබුන කියන තැන මම හිටිය නිසා, නමුත් ලොකු පුතාගෙ මූණ දැක්ක වෙලාවෙ මගෙ රත්තරං අම්මත් මේ වගේ වේදනාවක් විඳල නේද මාව බිහිකරන්න ඇත්තෙ කියල මම හරියට එහෙම හිතපු එකට දුක් උනා. මම හිතේ තියාගෙන හිටියට කවදාවත් එයාලගෙ හිත රිදවා නෑ. කතන්දර මල්ලී ඔයා වන හංසියෝ පොත කියෙව්වා නම් මවක් කොපමණ දුක් කන්දරාවක් උහුලනවාද කියල හිතේවි. මම හරිම ආදරය කරන පොතක්. මගේ ජීවිතකාලෙ කියවපු අඟනාම පොතක්.

    ReplyDelete
    Replies
    1. maa Ériwarthaíya kala "Wana Hansiyo" potha kiyawapu kenek wa melesa muna geseema gena loku sathutak denenwa. eya kiyawa mebandu adahas dekwu aya mata hamu wela nehe. godak sthuthi me blog eka pawathwagena yana obata.

      Delete
  14. කාලෙකට පස්සේ කතන්දර හොද ලිපියක් දෙපාරක්ම කියෙව්වා.සමහර විට පස්සේ කාලෙක අපට මේ සටහන නැවත කියවන්න වේවි.

    ReplyDelete
  15. හැබෑට එකත් නරක නෑ අදහස.... හුහ් හුහ් හැබැයි සැහෙන කාලයක් ඉන්න වෙනවා වැඩේට....

    ReplyDelete
  16. මෙහෙම එලිසමයක් දැකල නැහැ බුදු අම්මේ....

    ReplyDelete
  17. අම්මලා නං බුදුවෙයි. තාත්තලාට නං ටිකක් කල් යයි. මොකද එතන දිග පෝලිමක්. බලංගොඩ අන්කල් කෙනෙක් ඉන්නව. ඊලඟට පිළියන්දල බුදු පුතෙක් ඉන්නව. ඊ ළඟට සමන්ත භද්‍ර හාමුදුරුවෝ ඉන්නව. මං දන්න තරම ඔහොම තමයි වේටින් ලිස්ට් එක.

    ReplyDelete
  18. හැම අවුරුද්දකම කිව්වත් වැඩි නැහැ නොවැ... පුතාට කියන්න ලියලා දෙන්න...

    ReplyDelete
  19. දැම්ම ඉඳලම කියලා දෙන්න පුතාට ඔන්න ඔහෙ කවි ට්කක්.. අනාගත ආයෝජනයක් වෙයි..

    ReplyDelete
  20. කතන්දර...
    මගේ දැනුම අල්පයි මේ ගැන...
    ඒත් බුදුවේවා කියලම පතන්නෙ ඇයි?
    කෙලින්ම නිවන් දකීවා කිව්ව නම් කොහොමද?

    අනේ මන්ද...

    -ලොකු

    ReplyDelete
  21. අම්මා වරුන් විතරද මතු බුදු වන්නේ..?

    ReplyDelete
  22. (ඔව්! පරිසරය ගැණ කතා කිරීමත් දේශපාලනය තමයි.)මෙහි "ගැණ" යන්නෙන් අදහස් වන්නෙ ගණන් කර යන්නයි. වැරදිලාද, වරද්දලාද?

    ReplyDelete
  23. ඔව්වා මොනවද?.නාමල්ට කියලා ජනාධිපති තාත්තගේ හොද කියෝ ගන්නේ.චිහ් අපරාදේ රනිල්ට පුතෙක් හිටිය නම්...............

    ReplyDelete
  24. Kathandara blog eka mobile browser eke balanne baida?ipad eke baladdi kela wenawa ne..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.