Thursday 8 December 2011

පොඩි චීනෙට ගොස් පැමිණි හාමිනේගෙන් මට ලැබුණු තෑගි - KK is showered with presents


පහුගිය දොහේක අපේ හාමිනේ ට රටෙන් පිට යන්න වුනා රාජකාරි වැඩකට. දවසක් දෙකකට නෙමෙයි දවස් හයකට!

හාමිනේ නැතුව දවස් හයක්ම ඉන්නවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමේ. හිතේ දුක ඉහවහා යනවා. කලේ පැන් නැත සින්දුව දාලා වැඩකුත් නෑ. ඇයි, මේ නෑගම් ගියා නෙමේ නේ? අපේ නෑයෝ කොයින්ද පොඩි චීනේ තියා මහ චීනේවත්?

හාමිනේ පොඩි චීනේ ගියේ මහා ලොකු සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්නයි. නිකං නෙමේ අර රතු කාර් එකේ ගෙදර ආපු රෝස බබාවත් අරගෙනයි ගියේ.

ඉතිං, අම්මා එනකං පුතු පැටියායි, හාමිනේ එනකං ලොකු පැටියායි දෙන්නාම බලං හිටියා නිදිමරාගෙන. ඒකෙන් පාඩුවක් උනේ නම් නෑ.

මෙන්න මට ලැබුණු තෑගිවලින් කොටසක්!

මුලින්ම ගුටි දීලා මසාජ් කරන උපකරණයක්.


තායිවානයේ හදපු ඩිජිටල් අත් ඔර්ලෝසුවක්.


තවත් පොඩී පහේ චීන සුකුරුත්තමක්. මෙක වාද්‍ය භාණ්ඩයක්. සින්දු ප්‍රස්ථාරත් දීලා තියෙනවා.


ලෝ ප්‍රකට තායිවානයේ අන්නසි කේක්.


තව පොඩ්ඩෙන් අමතක වෙනවා චීන තේ!


තව ලස්සන පැකට් එකක දාපු ලව් ලොසින්ජර්ස් පොදියක් තිබුණා. ඒවා නම් ෆොටෝ ගන්න කලින්ම ඉවර වුණා!

හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වා වගේ, මෙන්න නියම තෑගි. මේවා නම් තායිවාන් ඒවා නෙමේ, ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තු ඒවා.


මේවා නං සෑහෙන කාලයක් මෙහෙමම තියේවි. මොකද දන්නවද? කලින් පාර මේ වගේ ගෙනාපු තෑගි ටිකත් ඔය එහෙමම තියෙන්නේ.


මං ඉතිං මද පමණින් මටටා ටිටා නේ, අවුරුද්දකට දෙකකට විතර බඩු හෑව්!

අවුරුදු දෙකකට කලින් 2009 දී ගෙනාපු භාණ්ඩවලින් අන්තිම එක ඔන්න මේ ගිය සතියේයි ඉවර වුනේ.



-කතන්දරකාරයා

ප/ලි:
හාමිනේගෙන් තවත් තෑගි ලැබුණෙමි. නමුත් ඒවායේ විස්තර පොදු රසාස්වාදයට නැංවීමට නම් අදහසක් නැත්තෝය.

ගිහින් එඤ්ඤං!

ප/ප/ලි
හැම හාමිනේම මෙහෙම නැත. මේ කතන්දරේ මතකද?
http://kathandara.blogspot.com/2010/03/blog-post_24.html
?

91 comments:

  1. ෂෝක් හාමිනේ කෙනෙක්.

    ReplyDelete
  2. අවුරුදු කලින් ඇවිල්ල වගේ! :D

    ReplyDelete
  3. මෙයාට හම්බෙලා තියන තෑගි ගොඩ බලපල්ලකො.අවූරුද්දටත් කලින්

    ReplyDelete
  4. කකා ඇබ්සලූට බ්ලූ එක බොන්නේ ඕකේ ෆෙලේවර්ඩ් ඒවට කැමති නැද්ද වැඩිය :-)

    ReplyDelete
  5. පොදු රසාස්වාදෙට නැති තෑගි ගැනත් කියන්ඩකො... ඔය දාල තියෙන ඒවත් රූප විතරයිනෙ... අපිට ලැබුනයැ... රූපනං නොදාන තරමට හොදයි... නිකන් කියන්න...

    ReplyDelete
  6. අම්මෝ තෑගී ගොඩ . ගෙදර කොල්ලෝ දෙන්න නිතරම තනියම වගේ .

    ReplyDelete
  7. වසිලිස්සා8 December 2011 at 07:26

    කොච්චර හොඳ හාමිනේ කෙනෙක්ද...

    ReplyDelete
  8. කටේ කෙල සිඳුනි..බාගෙන වෙරි වගේය....එළ ඈ....

    ReplyDelete
  9. ammapa adenawa anthima thagi tika dakkama...

    ReplyDelete
  10. ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තු නියම තෑගි ගොඩාක් කල් තියාගන්න එපා. කල් ඉකුත් වෙයි :D

    ReplyDelete
  11. හොඳයි,,,, හොඳයි,,, කියපු නොකියපු හැම තෑග්ගක් ගැනම අපිට සතුටුයි. කකා අපේ එකානේ. හාමිනේ නිකම් නත්තල් සීයා වෙලානේ.

    ReplyDelete
  12. රතු කාර් එකේ ගෙදර ආපු රෝස බබා පෝසට්එක දැක්කෙ අද. කකාව දැක්කෙත් අද. තෑගි ටික කල් ඉකුත්වෙන්න කලිං ඉවර කරගන්න සපෝට් එකක් දෙන්නද?
    //නමුත් ඒවායේ විස්තර පොදු රසාස්වාදයට නැංවීමට නම් අදහසක් නැත්තෝය.// අන්න පොඩිමෑන්ට ඒවත් ඕනවෙලා.

    ReplyDelete
  13. මං හිතන්නේ අයියා හොඳම එව්වා ටික හංගලා වගේ....

    ReplyDelete
  14. //හාමිනේගෙන් තවත් තෑගි ලැබුණෙමි.//

    ව්‍යාකරණ වැරදී. හී හී...


    ගුටි ගහලා, මසාජ් කරන එකට පොඩ්ඩි හරි කැමතී. ගුටි දෙන්ට ඕනි අය පෝලිමක්ම ඉන්නවා.

    රසවත්ම තෑගි ගැන අපට අසන්නට නොලැබුනේය. :)))

    ReplyDelete
  15. පලියේ ඇති ව්‍යාකරණ දෝස වලින් ඒ තෑගි ගැන යම් මෙව්වා එකක් ලබා ගත හැකිය.

    ReplyDelete
  16. එලිවෙන ජාමේට හම්බවුන තෑගී ටික නම් මගේ සිත් ගත්තේය...
    වැඩිය කල්තබා ගතහොත් ඕවා නරක් විය හැකිය.. ඉතා ඉක්මනින් භාවිතයට ගන්නා ලෙස යෝජනා කරමි..

    ReplyDelete
  17. හරිම හොද හාමිනේ කෙනෙක්නෙ..:))

    ReplyDelete
  18. Thamun me karanne athma wanchawak bawa therunadata thamanma meka nawathwai...

    ReplyDelete
  19. එළිවෙන ජාමේ ලැබුණු තෑගී ඔන්න ඔහේ රත්නායක මහත්තයලා එක්ක බෙදා හදා ගමු..

    ReplyDelete
  20. කව්ද අනේ මේ මෙච්චර කතන්දර ගැන හිතන එක්කෙනා ? ඇත්තටම හිතවත් නම් නමින්ම ඕක දාන්න තිබුනනේ.

    ReplyDelete
  21. @neetha ,

    මේ වගේ හාමිනේලා දැක්කාම ඉතින් සමහරුන්ට ඊරිසියා හිතෙනවා ඇති.:D

    ReplyDelete
  22. ඕහ් මට කියන්න හිටිය දේත් අමතක උනානේ, ඇත්තටම ඔයාට ඔයාගෙ හාමිනේ හරි ආදරෙයි.ඒ නිසා කතන්දර ඔය එක එක්කෙනා ඊර්ශ්‍යාවට කියන කතා ගනන් ගන්න එපා.

    ReplyDelete
  23. හොද හාමිනේ කෙනෙක් ඉන්නව නෙව !

    ReplyDelete
  24. අර මුලින් දාල තියෙන තායිවාන් බඩු ඔක්කොම බාල ඒවා....!

    හැබැයි අර අන්තිමට දාලා තියෙන්නෙ නම් ඔක්කොම ඔරිජිනල් බඩු.....!

    කසුට තාම සුදුවා අතාරින්න බැරි හැඩයි....!

    ReplyDelete
  25. මොකාද බෝල මේ ඇනෝ ඇවිත් නිතරම මඩ/ගල් ගහන එකා.. යකෝ උඹේ වැඩ හරියට කරලා ඉඳහන් කොන්ද පණ ඇතිව. මේ කියන මටත් කකා ටොකු ඇනලා තියෙනවා, හැබැයි කොන්ද පණ ඇතිව නියම නමින් ඇවිත්..

    ලඟදි පොර මානසිකත්වයෙන් බ්ලොග් ලිවීමේ යෙදිලා ඉන්න මනුස්පයෙක් ගැන කකා සදහනක් කලා, කෙලින්ම අදා පුද්ගලයාගේ නම කියලා..සමහර විට ඒ උඹම වෙන්න ඇති..

    මමත් ඇනෝ ඇවිත් ලියන්නේ උඹ මාත් එක්කත් වෛර බැඳ ගන්න පුළුවන් නිසා. ඒත් කකා එහෙම කරන්නේ නැහැ.ඇත්ත නමින් වර..

    කකා, සමා වෙන්න මම වැරදි දෙයක් මෙතන ගැහව්වානම්.

    ReplyDelete
  26. කතන්දර හාමිනේ තමයි මාර හාමිනේ . .යකෝ මහත්තයට තෑගි දෙන ජාති . .. !!

    ReplyDelete
  27. වොඩ්ක කියපු ගමන් රුසියාව මතක් වුණාට ... ස්වීඩන් Absolut Vodka වලට ගහන්න වොඩ්කා ලොවෙත් නැත...

    ReplyDelete
  28. ඔන්න කොමෙන්ටු පෝලිමට මාත් එකතු වුණා. කකාගේ බ්ලොග් එක කියෙවුවට අදමයි කොමෙන්ටුවක් ලියන්නේ.

    ඉතින් චෝයි හාමිනේ කෙනෙක් නො‍වැ ඉන්නේ. වාසනාවන්..!

    ReplyDelete
  29. හරිම වාසනාවන්ත කකා කෙනෙක්.
    ඒත් හරිම පෙරේතයි. කොහොමද අප්පා කන බොන දේවල් අවුුදු ගනන් බල බල තියාන ඉන්නෙ. කන දේවල් කොහොම වුනත්, බොන දේවල්....

    ReplyDelete
  30. Mrs. Kathandara
    හරී..ඊ.ඊ..ඊ..ඊ..ඊ..හොඳා ආ..ආ..ආ..ආ..යි...!!!

    ReplyDelete
  31. http://blogvicharaka.blogspot.com/2011/10/blog-post_25.html

    ReplyDelete
  32. පිස්සු හැදෙනවා... අවුරුද්දම කරති කැඩෙන්න සෙට් වෙයි වගේ. අන්නාසි කේක් මමත් හරි ආස දෙයක්.
    ඔහ...කියන්න අමතක උනා.. ඔය වගේ හබියට බොන්න අරන් එන නෝනා කෙනෙක් ඉන්න එක අනේ වාසනාවන්. :)

    ReplyDelete
  33. නත්තල් පප්පා ඇවිල්ලා වගේ!

    හාමිනේ ආපු ගමන් දෙන්නැති අර පලවෙනියට දාලා තියන තෑග්ගෙන්..."චණ්ඩියා...සුමානෙකින් දැක්කෙ නෑ" කියලා.

    ReplyDelete
  34. කතා අරක්කු බොන්නෙත් නෑ
    බොන එකෙකුට දෙන්නෙත් නෑ

    ReplyDelete
  35. @ 108543860788859599679

    ඇයි මහත්තාය?
    එයත් හරිම ෂෝක්!

    ReplyDelete
  36. @ මුහුදු

    නත්තල්, ජනේරු සහ සිංහල අවුරුදු තුනටම මේ ඇති!

    ReplyDelete
  37. @ නදී
    අන්න නදී ට ජෙලස් වගේ. නෝටි ළමයින්ට තෑගි නෑ, හු හු!

    ReplyDelete
  38. @ ම
    ෆ්ලේවර්ඩ් වොඩ්කා ගෑණු ඩ්‍රින්ක්ස් නේ!

    ReplyDelete
  39. @ පොඩි මෑන්
    පලයං පොඩි එකෝ යන්න! එනව මෙතන වැඩිහිටි කතාවලට කට දාන්න!

    ReplyDelete
  40. @ Bindi
    හාමිනේ දෙවරයි නේ තව ගියේ! අනිත් පාර නං මාත් යනවා, යනවාමයි, ඕනෑ අඩිස්අබාබාවකට!

    ReplyDelete
  41. @ වසිලිස්සා
    හොඳ මහත්තුරුන්ට නෝනලාත් හොඳ වෙනවා.

    ReplyDelete
  42. @ ඔබ නොදුටු ලොවක්

    ඔබ දැකුඟෙන් මා නෙත ලැබුවේ ඇති ඉහලම සැපතයි මෙලොවේ කියන්නේ මෙන්න මේවට තමයි!

    ReplyDelete
  43. @ ඇනෝ 7:43 AM

    දුක තමයි නේද?

    ReplyDelete
  44. @ පුසා
    හදිස්සියක් නෑ, මද පමණින් නේ?

    ReplyDelete
  45. @ මහ වෙදනා

    තෑන්කියු කිව්වා එහෙනං!

    ReplyDelete
  46. @ රාජ්
    මේ සේරම තනියම බොන්න නං බෑ තමයි. සයිබර් ලෝකේ සයිඩර් බොන්න පුළුවනිද?

    ReplyDelete
  47. @ prasanna86k
    හොඳ ඒවා දැම්මම කබඩ් එකේ තමයි!

    ReplyDelete
  48. @ Podi Kumarihami
    පොඩි කුමාරිටත් ලඟදිම ලැබෙයි රසවත් ඒවා (මේ උම්මා හෙම!)

    ReplyDelete
  49. @ බුද්ධි
    මේ කොල්ලා කුමක් කියන්නේදැයි නොවැටහේ!

    ReplyDelete
  50. @ තාරක
    යෝජනාවට ස්තුතියි. පාටියක් දෙකක් දාන්න ඕනෑ ලඟදීම!

    ReplyDelete
  51. @ නිසූපා
    හොඳ රාලහාමිලාට හොඳ හාමිනේලා ලැබේ.

    ReplyDelete
  52. @ Ano 10:27 AM
    මේක නවත්වනවාය කියන්නේ බ්ලොග් එක ගැනද? අනේ ඇයි පනේ එහෙම කියන්නේ, ඔයාට දුක නැද්ද?

    සීතල නං හීටරේ දාගෙන නිදාගන්නකෝ මෙයා.

    ReplyDelete
  53. @ ඉඳුනිල්
    අන්න රත්නායක මහත්තයාත් ගිහිං රට මේ සුමානේ.
    පොර නං ඉතිං බියර් මිසක් මේ සුදුපාට ඒවට වැඩිය ප්‍රිය නෑ!

    ReplyDelete
  54. @ neetha
    ආනේ නීතා ඇවිත්!

    මං ඕවයින් සැලෙන්නේ නෑ, ඔයා දුක්වෙන්නේ නැතුව ඉන්නකෝ.

    මං වෙනුවෙන් වචන දෙකක් ලිව්වාට ස්තුතියි!

    ReplyDelete
  55. @ Podi kumarihami
    ඉරිසියාව, ඉරිසියාව!

    ReplyDelete
  56. @ Saammani
    මෙහෙම තෑගි දෙන කොට හොඳඳ කියලත් අහනව!

    ReplyDelete
  57. @ දුමී
    වැඩියෙන් කැමති නම් කළුපාට ලේබල් අලෝලා තියෙන ඒවටයි.
    මේ පාර හැබැයි ස්පැෂල් තෑගි සේරම වගේ සුදුවා.

    ReplyDelete
  58. @ Ano 12:11 PM
    අනේ ඇනෝ ඒ අනිත් ඇනෝට බණින්න එපා.
    මං හිතන්නේ එයා මාව දන්න කියන කෙනෙක්. ඔය විහිළුවටයි ලියන්නේ.
    ;-)

    ReplyDelete
  59. @ Balal hamine
    ස්තුතියි. මට මතක්වුනා පරණ සින්දුවක්.

    පුළුං කොට්ට අත් දෙක තියලා
    හිමින් සැරේ වට පිට බලලා
    ගමන් බිමන් යාමට හපනා
    බළල් හාමිනේ.. .. ..

    ReplyDelete
  60. කසු අර අන්තිමට සඳහන් කරපු විශේෂ තෑගි ටික ගැන විස්තරයක් නොදාපු එකමයි හොඳ. නැත්නම් බ්ලොග් එක සෙන්සර් බෝඩ් යවන්න වෙනවා. අර පොඩි එකෙකුත් උඩහ කෑ ගහනවා.. :)

    ReplyDelete
  61. @ සොසී
    පෙරේත කම අඩු නිසයි ඒ.
    බොන්න පෙරේතයි කියන්නේ නිතරම බොන අයට නේද? අනේ මන්දා. මං මේවා පානය ඉඳලා හිටලා පමණයි.
    අනික ලැබුණු තෑගි පරිස්සම් කරන්න එපායැ!

    ReplyDelete
  62. @ Observer
    යවලා බලන්නකෝ මිසිස් ඔබ්සෝවර්වත් ඩියුටි ෆ්‍රී එකක් හරහා!

    ReplyDelete
  63. @ Ano 01:45 PM

    Thanks for the link. We all have read it though.

    ReplyDelete
  64. @ Grey
    ඇත්තම කතාව තමයි අපේ ගෙදර ලඟදී පොඩි පාටියක් එනවා. ඒ වෙනුවෙනුයි මේ සංචිතයක් ගොඩ ගහන්නේ!

    ReplyDelete
  65. @ kandyan
    නත්තල් ආවා මාසෙකට කලින්!

    ReplyDelete
  66. @ Outsider
    අරක්කු මොකටෙයි ජින් සහ වොඩ්කා තියෙද්දී?

    ReplyDelete
  67. @ මරුමුස්

    මං ඒ ගැන හිතලාම තමයි නොලිව්වේ!

    ReplyDelete
  68. කකා කවද්ද අපි ඔයපැත්තේ එන්ඩ ඔන...තරහ නැතුව පාරත් කියපං මචො

    ReplyDelete
  69. ඔය බෙදා හදා ගන්නෙ නැතුව බොන එව්වා "තිත්තම තිත්තයි"...

    ReplyDelete
  70. කකා මාමා ඇත්තටම බොනව ද?
    ඇල්කොහොල් ?

    ReplyDelete
  71. කසු කොමෙන්ට් මකනවා ද ???

    ReplyDelete
  72. අර ගුටි දීලා මසාජ් කොරන උපකරණෙ තමයි මගේ හිතට වැඩියෙන්ම ඇල්ලුවේ....

    ReplyDelete
  73. මම ආසයි අර චීන සුකුරුත්තමට..

    ReplyDelete
  74. අපිත් ඉතින් කතාවක් දෙකක් ගැන කියන්න යන්නේ. ඇවිල්ල බල යන්න අමතක කරන්න එපා.

    බඩා මාමාගේ ළමා කතන්දර

    ReplyDelete
  75. අනේ අර බෝතල් ටික දැක්කාම නම් බඩ පපුව හෝස් ගාලා ගියා !!

    මමත් ඉක්මනට කසාදයක් කරගන්න ඕනෙ

    ReplyDelete
  76. අන්න හාමිනේලා... හික්

    මමත් අර අන්තිමට දාල තියෙන ජාති වලින් එව්වා අරගෙන අරගෙන ගිහින් ගෙදර එකතු කරනවා, කබඩ් එකක දාල ලොක් කරලා
    මේ පාර යද්දිත් ගොඩක් අරගෙන යන්න ඕනේ :)))

    ReplyDelete
  77. අනේ කතන්දර ඔවා පාවිච්චි නොකරනවනං මෙහෙට විසි කොරනවකෝ....

    ReplyDelete
  78. @ Raj
    මේ එකතු කරන්නේ පොඩි පහේ උත්සවයකටයි. දවස ආවම කියන්නම්, හැබැයි සයිබර් එකේ තමයි!

    ReplyDelete
  79. @ Weni
    තිත්ත නිසා නේ අයිස් දාන්නේ. සමහරු කෝක් දානවා.

    ReplyDelete
  80. @ Gordonia Ceylanica
    ඇයි ළමයෝ කතාව කියෙව්වේ නැද්ද?

    ReplyDelete
  81. @ මරුමුස්
    බෝතල් එකතු කරන කතාව එලි කලානේ.

    ReplyDelete
  82. @ Miyuru
    චීන කඩේක බලන්න!

    ReplyDelete
  83. @ සිත් රූ සිහින
    ඒක ලස්සනයි බෙල්ලේ එල්ලා ගන්ත් පුළුවනි!

    ReplyDelete
  84. @ මිගාර
    බඩ අඩුකරගත්තනං නේද හොඳ?

    ReplyDelete
  85. හිස් අහස
    බැන්දට කමක් නෑ, හැබැයි මෙන්න මෙහෙම වෙන්නත් ඉඩ තියෙනවා!
    http://kathandara.blogspot.com/2010/03/blog-post_24.html
    .

    ReplyDelete
  86. @ ලොකු පුතා
    මාත් කැමතිම කළු පාට ඒවට තමයි.

    ReplyDelete
  87. @ නරකයා
    විහිළු කරනවද කොල්ලෝ?

    ReplyDelete
  88. පලියෙ තියන විදියට ඇඩම්ස් ඔන්ලි එවුවත් ලැබිල වගෙයි

    ReplyDelete
  89. එළ තෑගී ටික ඈ. චීටට කතන්දර හාමිනේව වෙන කෙනෙක් එක්ක පැටලිලා වගෙයි. චීට හිතුවේ කතන්දර හාමිනේ සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධිත ජොබක් කරන කෙනෙක් කියල. ලේ බැංකුවට සම්බන්ධ දොස්තරලා විසිදෙනෙක් විතර සෙට් එකෙක් ඔය දවස්වලම ජාත්‍යන්තර සම්මන්ත්‍රනෙකට තයිවානේ ගිහිල්ල දවස් හයක් හිටිය. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පහුහිය මාස දෙකම ඇතුලත තයිවානෙට ගියේ ඔය චීට කියපු සෙට් එක විතරයි. ඒකෙන් තමයි චීට වැරදි වැටහීමක් ඇති කර ගත්තේ. ඔය සෙට් එකේ කිසිම කෙනෙක් තමන්ගේ දුව එක්කගෙන ගියේ නැහැ. අනිත් එක ඔය ජාතියේ තෑගී අරන් තිබුනෙත් නැහැ. කලින් පොස්ට් එකට දාපු කොමෙන්ටුව නිකන් අප්සෙට් එකක් වගේ පෙනුනනම් සොරි වෙන්න ඕනේ ක.කා.

    ReplyDelete
  90. තෑගි බෙදා ගන්න තරමටලු සතුට වැඩි වෙන්නේ! ඒ නිසා....එහෙම් හ්ම්ම්ම්ම්!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.