Sunday 11 December 2011

බුඩ්ඩි පරීක්‍ෂණය - Check your IQ


මට මතකයි මං පහේ පන්තියේ ඉන්න කාලේ අපිට තිබුණා ආණ්ඩුවේ විභාගයක්. එකෙන් පාස් වුණාම තමයි ටවුමේ තියෙන ලොකු ඉස්කෝලේට යන්න පුළුවන් වෙන්නේ.

ඒ විභාගෙට තියෙන්නේ සිංහල, ගණිතය සහ "බුඩ්ඩි පරීක්‍ෂණය" කියලා අපේ පන්තිය භාර මුණසිංහ ටිචර් කිව්වා.

අපි හුඟ දෙනෙකුට තේරුණේ නෑ මේ "බුඩ්ඩි පරීක්‍ෂණේ" කියන්නේ මොකක්ද කියලා. ටීචර් කලේ පන්තියේ පාවිච්චිට පොතක් ගෙනාපු එකයි.

මේක රෝනියෝ කරපු පොතක්. ඒකේ තිබුණු ප්‍රශ්ණ මෙහෙමයි. ඔන්න එක එක විදියේ කොටු, තිත්, ත්‍රිකෝණ තියෙනවා පේලියට ඇඳලා හතරක්. ඒවා ඇතුලේ තවත් කොටු, තිත්, ත්‍රිකෝණ තියෙනවා. දැන් අපෙන් අහන්නේ ඊලඟට එන්නේ මොන වගේ රූපයක්ද කියලා පහලින් දීලා තියෙන රූප හතරෙන් තෝරන්න කියන එකයි.

ටිකක් දවස් ගියාම මට මේ "බුඩ්ඩි පරීක්‍ෂණය" ටිකක් විතර මීටර් වෙන්න ගත්තා.

අන්තිමේදී මට ආණ්ඩුවේ විභාගේ දී "බුඩ්ඩි පරීක්‍ෂණයට" ලකුණු 88 ක් ලැබුණා. සිංහලවලට 86 යි, ගණිතයට 87 යි ලැබුණු නිසා ඇවරේජ් එක 87% ක් වුණු ඒ විභාගේ තමයි මං ජීවිතේට කරලා තියෙන හොඳම විභාගේ.

උසස් පෙල වෙන කොට විෂයයන් හතරට (ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව) ඒක 69% ට බැස්සා!

දැන් මෙන්න වෙනස් ආකාරයක බුඩ්ඩි පරීක්‍ෂණ ප්‍රශ්ණයක්. මේ වගේ ඒවා ඉස්සර කීපයක්ම පල කෙරුවා අපේ බීට්ල් කොලුවා. තාමත් ඒවායේ සමහර ප්‍රශ්ණවලට උත්තර ලැබිලා නැද්ද කොහෙද?

මෙන්න බීට්ල් ගේ පෝස්ට් එකේ ගිය ප්‍රශ්ණයකට සමාන මාත් කැමතිම ප්‍රශ්ණයක්.

මරණ දණ්ඩණය නියම වුණු සිරකාරයෝ තුන් දෙනෙකුට රජ්ජුරුවෝ දුන්නා පණ බේරා ගන්න වරයක්.

මුං තුන් දෙනාව එකෙක් පිටුපස්සේ එකෙක් පෝලිමට තියලා රතු තොප්පි තුනයි, නිල් තොප්පි දෙකයි තියෙන පෙට්ටියකින් තොප්පිය බැගින් අරං මුගේ ඔළුවලට දැම්මා.

පස්සෙම ඉන්න එකා ඉස්සරහා ඉන්න උන් දෙන්නා ගේම තොප්පිවල පාට පේනවා. මැද්දේ ඉන්න එකාට පේන්නේ ඉස්සරහම ඉන්න එකාව විතරයි. ඉස්සරහම ඉන්න එකාට අනිත් උන් දෙන්නාවම පේන්නේ නෑ.

තමන් ගේ ඔළුවේ තියෙන තොප්පියේ පාට හරියට කිව්වොත් රජ්ජුරුවෝ වහාම නිදහස දෙන්න පොරොන්දු වෙනවා.

පස්සෙම ඉන්න එකා කියනවා පොරට බෑ කියලා.

ඊළඟට මැද්දේ ඉන්න එකාත් කියනවා පොරටත් බෑ කියලා.

ඉස්සරහාම ඉන්න පොර තමන්ගේ හිසේ තියෙන තොප්පියේ පාට හරියටම කියලා මරණයෙන් බේරෙනවා!

ඒ පාට මොකක්ද? හොයපු විදිය විස්තර කරන්න.

දැන් මෙන්න මං පොඩි කාලේ අහපු තවත් බුඩ්ඩි පරීක්‍ෂණ ප්‍රශ්ණයක්.

එකෝමත් එක කාලෙක හිටපු වෙළෙන්දෙක් මිය යන කොට ඔහුට වස්තුව ලෙස ඉතුරු වී තිබුණේ අශ්වයින් රංචුවක් විතරයි.

මරණ මංචකයේදී ඔහු තම අන්තිම කැමති පත්‍රය ලියන්න පටන් ගත්තා.

මගේ වස්තුවෙන් හරි අඩක් ලොකු පුතාට දෙන්න. තුනෙන් එකක් දෙවෙනියාට දෙන්න. නමයෙන් එකක් බාලයාට දෙන්න.. .. ..

අනේ, ඒ මොහොතේ දී ම ඔහු මිය ගියා.

තාත්තා ගේ මළගම අවසාන වී අශ්වයෝ බෙදාගන්න ගිය පුත්තුන්ට මුහුණ දෙන්න වුනේ බරපතල ප්‍රශ්ණයකටයි. මොකද, තාත්තා ගේ අශ්ව ස්තාලයේ හිටියේ අශ්වයින් දා හත් දෙනෙක් විතරයි.

අශ්වයින් නොමරා මේ ප්‍රශ්ණය විසඳාගන්නේ කොහොමදැයි ඔවුන් කල්පනා කරමින් සිටින විට ඒ ගමට පැමිණි සංචාරක වෙළෙන්දෙක් එය විසඳා දුන්නා.

වෙළෙන්දා පුතුන් අතර අශ්වයෝ බෙදා දුන්නේ කොහොමද?

මතක තියාගන්න, මේක බුඩ්ඩි පරීක්‍ෂණ ප්‍රශ්ණයක් මිස ගණිතය ප්‍රශ්ණයක් නෙමේ!

-කතන්දරකාරයා

ප/ලි:
ඉරිදා හවස 08:00 වනතුරු ඔබේ පිළිතුරු සහිත කමෙන්ට් පළ නොකෙරේ.

(image: http://www.hotblood.com.au/)

61 comments:

  1. දෙවන ප්‍රශ්නයට උත්තරේ පළමුවෙන්ම.. අශ්වයන් 17ට වෙළෙන්දා තව එකෙක් එකතු කරයි..
    17+1=18
    පළමුවන පුතාට අඩක් = 18/2=9
    දෙවෙනියාට තුනෙන් එකක් = 18/3=6
    තෙවෙනියාට නවයෙන් එකක් = 18/9=2
    9+6+2=17
    ඉතිරිවෙන අශ්වයා වෙළෙන්දාගෙ අශ්වයායි..

    ReplyDelete
  2. the color of the cap is red. lazy to type the answer...

    i dont know about the horses, but is 9:6:2 ?? that is not exactly correct tho.

    ReplyDelete
  3. අශ්ව ගැටලුව : මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ කකා. 1/2 + 1/3 + 1/9 != 1 නේ. ඒ කියන්නේ තාත්තා තමන්ගේ සම්පුර්ණ වස්තුව පුතාල අතරේ බෙදල නැහැ? ඉතිරි කොටස කාටද?
    ක්‍රම 2 ක් තියෙනවා:
    එක්කෝ වෙළෙන්දා අශ්වයෝ 17 දෙනාව මිලදී අරන් සල්ලි ටික අර විදියට බෙදල පුතාලට දෙනවා.
    නැත්නම් අර මම මුලින් මතුකර ප්‍රශ්නය අනුව හිතුවොත්, මෙතන 17 කියන්නේ මුළු කොටස නෙවෙයි කියල අරගන්න වෙනවා. 17 2 න් 3 න් 9 න් නොබෙදුනාට 18 බෙදෙන නිසා, අශ්වයෝ 17 ට වෙළෙන්දාගේ අශ්වයා එකතු කරාම 18 කරලා ලොකු පුතාට 9, දෙවනියට 6, බාලයාට 2 යි දෙනවා. වෙළෙන්දාගේ අශ්වයා තමා අර ඉතිරි කොටස. ඌ වෙළෙන්දාම ගන්නවා.

    ReplyDelete
  4. මෙන්න දෙවන ප්‍රශ්නයට උත්තරය.. මේ පෝළිමේ පළමුවැන්නා හිතන විදිය..

    මගේ හිසේ හා දෙවැන්නා ගේ දෙදෙනාගේම හිසේ නිල් තොප්පි තිබිය නොහැකියි, එවිට එය දකින අන්තිමයා අනිවාර්‍යයෙන්ම තමාගේ හිසේ ඇත්තේ රතු තොප්පියකුයි කියනු ඇත.. නමුත් ඔහු බෑ කියයි..

    ඒ නිසා විය හැක්කේ මගේ හිසේ රතු හා දෙවැන්නා නිල්, නැත්තං මගේ හිසේ නිල් හා දෙවැන්නා රතු..

    මගේ හිසේ ඇත්තේ නිල් නම් එය දකින දෙවැන්නා මෙසේ සිතිය යුතුය- "ඉස්සරහ එකා නිල් නමුත් අන්තිමයා තමාට බෑ කියයි. මගේ හිසේත් නිල් තිබුනානම් ඔහු අනිවාර්‍යයෙන්ම තමාගේ පාට රතු යැයි කියයි. නමුත් ඔහු බෑ කියන නිසා මගේ හිසේ ඇත්තේ රතු විය යුතුයි"- නමුත් දෙවැන්නා එය නොකියා ඔහුටද බෑ කියන්නේ මගේ පාට රතු විය යුතුයි..

    මෙසේ හිතන පළමුවැන්නා තමාගේ පාට රතු යැයි නිවැරැදිව කියා නිදහස ලබයි..

    ReplyDelete
  5. මේ රජ්ජුරුවොනම් පාට හරියට කිව්වත් හිරකාරයා නිදහස් කරන එකක් නෑ. අනිත් එකේ වෙළෙන්දෙක් නේ බෙදලා තියෙන්නේ. ඒ නිසා වෙච්ච දේ හිතාගන්න පුලුවන්....

    ReplyDelete
  6. පලවෙනි එකාගෙ නම් රතු
    දෙවෙනි එක නම් බ්හ්..

    ReplyDelete
  7. පලවෙනියගේ තොප්පිය රතුද?
    අන්තිමය නිල තොප්පි 2 ක් දැක්කනම් එයාගේ තොප්පිය රතු කියල කියනවනේ...

    ReplyDelete
  8. පළවෙනි ගැටලුව
    -------------

    උත්තරේ "රතු"

    (ඉදිරියෙන්ම ඉන්න පුද්ගලයාගේ සිට 1,2,3 කියා අංක දමමි.)

    1 නිල්, නම් 2 නිල් හෝ රතු.
    1 නිල්, 2 නිල්, නම් 3 රතු විය යුතු අතර ඒ බව කියා 3ට බේරෙන්නට පුලුවන්.(ඒ හින්ද ඒක වෙන්ඩ බෑ)
    1 නිල්, 2 රතු, නම් 3 ට තීරණයක් ගන්ඩ බෑ. ඒ හින්ද ඒක වෙන්ඩ පුලුවන්.
    එහෙම උනා කියල හිතමු.
    එතකොට 1 නිල් කියල දකින 2 අනිවාර්යෙන් තීරණය කරනව තමන්ගෙ තොප්පිය රතු කියල. ඒත් එහෙම උනේ නෑ. ඒ නිසා 1 අනිවාර්යෙන්ම රතු වෙන්ඩ ඕනේ.


    දෙවනි ගැටලුවට
    ------------
    සංචාරක වෙළෙන්දා තමන්ගෙ අශ්වයාවත් ඒ ගොඩට දානවා. එතකොට ඔක්කොම 18යි.

    ලොකු පුතාට 9ක් දෙනවා. දෙවනියට 6ක් දෙනවා. පොඩි පුතාට 2ක් දෙනවා. එකතුව 17යි. අන්තිමට වෙළෙන්දගෙ අශ්වය ඉතිරි වෙනවා. මිනිහ ඒකත් අරන් තමන්ගෙ ගමන යනවා.

    ReplyDelete
  9. පලවෙනි එකට උත්තරේ:
    මෙහෙමයි. මගෙ පලවෙනි උපකල්පනේ තමා මේ ජොකියෝ එකෙක් වත් පොට්ට උත්තර දෙන එවුන් නෙවේය තර්කානුකූලව හිතලා ඒකට අනුව උත්තරේ "කියන්ඩ බෑ" නම් කියන්ඩ බෑ කියලා කියන එවුන් කියලා.
    පිටිපස්සෙ එකාට ඉස්සරහ එවුන් දෙන්නගෙ තොප්පි පේනවා. පිටිපස්සෙ එකාට සුවර් එකටම තමන්ගෙ තොප්පියෙ පාට කියන්න පුලුවන් ඉස්සරහ එවුන් දෙන්නම නිල් තොප්පි දාල ඉන්නවනම් විතරයි.(ඒක තෙරෙන්නැති ලමයි ලඟ ඉන්න කෙනෙක්ගෙන් අහගන්න ).
    ඒ කියන්නෙ පලවෙනි පොයින්ට් එක. ඉස්සරහම දෙන්නා දාලා ඉන්නෙ රතු තොප්පි දෙකක් හරි නිලුයි රතුයි තොප්පි දෙකක්.
    ආයෙත් මම උපකල්පනය කරනවා පිටිපස්සෙ ඉන්න එකාගෙ උත්තරේ අහල මේ ටික කල්පනාවෙන්න තරම් මැද එකා මොලයක් තියන එකෙක් කියලා.
    ඊට පස්සෙ මැද ඉන්න එකාට තමන්ගෙ තොප්පියෙ පාට හරියටම කියන්න පුලුවන් ඉස්සර ඉන්න එකාගෙ තොප්පිය නිල් නම් විතරයි. මොකද මතක් කරගන්න මගෙ කලින් පොයින්ට් එක(ඒ කිව්වේ මැද එකා දන්නවා ඉස්සරහ එකාගෙයි තමනගෙයි තොප්පි දෙකම රතු නැත්නම් එකක් රතු එකක් නිල් කියලා ).
    ඉස්සරහ එකාගෙ තොප්පිය නිල් නම් මැද එකාට සුවර් පිට කියන්න පුලුවන් ඌ දාගන ඉන්නෙ රතු එකක් කියලා. ඒ උනාට ඒක හරියටම කියන්න බෑ.
    මොකද ඉස්සරහම එකා දාගන ඉන්නෙ රතු තොප්පියක්.
    මමත් ඉස්සරහම හිටියනම් මමත් බේරෙනවා.

    ReplyDelete
  10. පාට රතු..

    පිටිම පස්සේ එකාට බෑ කියන්නේ එක්කෝ ඉස්සරහම උන් දෙන්නාට රතු පාට පාට තොප්පි 2ක් හරි රතු එකයි නිල් එකයි හරි වැටිලා තියෙන නිසා.(නිල් දෙකක්ම වැටිලා තිබ්බානම් පිටි පස්සේ එකා නිකම්ම පාට කියනවනේ)
    මැද්දේ එකා බෑ කියන්නේ ඉස්සරහා එකාට රතු එකක් වැටිලා තියෙන නිසා. මොකද ඉස්සරහා එකාට නිල් එක වැටිලා තිබ්බානම් තමන්ට වැටිලා තියෙන්නේ රතු එකක් කියලා දෙවෙනි එකා කියනවා.(පිටි පස්සේ එකාට කියාගන්න බැරි වෙච්චි නිසා)
    ඔය ඔක්කොම අහං උන්න ඉස්සරහා එකා ගේමක් නැතුව කියනවා තමන්ට වැටිලා තියෙන්නේ රතු තොප්පියක් කියලා.

    ReplyDelete
  11. TRAFFIC ANO
    පිටි පස්සෙ එකාට ඉස්සරහ තොප්පි දෙකම පේනවා.
    ඉස්සරහ දෙන්නම නිල් ‍තොප්පි දාලනං පස්සෙ එකාට බය නැතුව තමන්ගෙ තොප්පිය රතු කියල කියන්න පුළුවනි. මිනිහට බෑ කියන්නෙ දෙන්නම රතු හෝ රතු හා නිල් විය යුතුයි.
    මැද පොර දන්නව දැන් ඉස්සරහ එකා නිල් නං තමන් රතු විය යුතුයි. ඉස්සරහ එකා රතු නං තමන් නිල් හෝ රතු වෙන්න පුළුවනි. මිනිහට බෑ කිව්වෙ ඉස්සරහ එකා රතු නිසායි.
    එහෙම හිතපු ඉස්සරහ එකා තමන්ගෙ තොප්පිය රතු කියල කිව්වා. (හැබැයි පිටිපස්සෙ එවුන් මෝඩයෝනං ඉස්සරහ එකා අමාරුවේ)

    ReplyDelete
  12. පිළිතුරු ලැබෙමින් පවතී. සියල්ල රාත්‍රී 800 න් පසු පල කෙරෙනු ඇත!

    ස්තුතියි.

    ReplyDelete
  13. Traffic Ano
    පහුගිය කාලේ සිරස ටීවී එකේ ගිය “පුංචි පහේ මං” මතක් වුනා.

    ReplyDelete
  14. 1) රතු
    පිටුපසම කෙනාට හරියට කියන්න පුලුවන් වෙන්නේ - ඉස්සරහ දෙන්නම නිල් තොප්පි 2 දාලනම් විතරයි ( ඒ නිසා දෙන්නම දාලා ඉන්නෙ නිල් නෙමෙයි)

    මැද කෙනාට කියන්න පුලුවන් - ඉස්සරහ කෙනා දාන් ඉන්නෙ නිල් තොප්පියක් නම් විතරයි - මොකද මැද කෙනාට ඉතිරි වෙන්නේ ආකර තුනයි ඒවා තමයි
    1- රතු රතු
    2-රතු නිල්
    3-නිල් රතු
    ඒ නිසා මැද කෙනත් බැහැ කීවා. ඒ කියන්නේ ඉස්සරහ කෙනා දාන් ඉන්නේ නිල් තොප්පිය නෙමෙයි

    එහෙනම් රතු

    ReplyDelete
  15. මේක හරියන්න නම් තුන්දෙනාම මොළකාරයො වෙන්න ඕනෙ....

    දැන් බලමු තුන්වෙනි එකා බෑ කියන්නෙ මොකද? ඌට හරියට කියන්න බැරි හින්දනෙ...
    තුන්වෙනි එකාට අරුන්ගෙ තොප්පි තුන් විදිහකට පේන්න පුලුවන්
    1.දෙකම රතු
    2.දෙකම නිල්
    3.එකක් නිල් අනික රතු

    ඕකෙන් 2වෙනි අවස්තාව වුනොත් ඌට කියන්න පුලුවන් තමුන් ගාව තියෙන්නේ රතු එකක් කියලා ඒක නිසා දෙවෙනි අවස්තාව හලන්න වෙනවා...

    මැද එකාත් මොළකාරයා ඌ හිතනවා අන්තිම එකා බෑ කිව්වේ තොප්පි දෙකම නිල් නැති නිසා...එතකොට ඌ ඉතිරි අවස්තා දෙක ගැන හිතනවා...

    එහෙම හිතලා ඉස්සරහ තොප්පි දෙක දිහා බලනවා...
    1.ඒක රතු
    2.ඒක නිල්

    ඒක නිල් නම් මූ දන්නවා තොප්පි දෙක ජාතිදෙකෙන් කියලා ...රතු කියලා ගොඩ යනවා ඒත් අවාසනාවට ඒක රතු ඉතින් ඌට හිතාගන්න බෑ තමුන්ගෙ තොප්පිය රතුද නිල්ද කියලා..........

    ඉතින් අනිත් උන් දෙන්නගෙ උත්තර බලලා මුලින් ඉන්න එකා කියනවා රතු කියලා...

    ReplyDelete
  16. පිළිතුර 1 :

    පැහැදිලි කරන්න ලේසිවෙන්න තුන්දෙනා නම්කරගමු... පස්සෙම ඉන්නේ වැපා, මැදින් කතන්දර, ඉස්සරහින්ම ඇනෝ...

    දැන් ඇනෝ මෙහෙම හිතනවා...

    "පෙට්ටියේ තියෙන්නේ නිල් තොප්පි දෙකයි... ඒ දෙක මමත්, කතන්දරත් ගාව තිබුණනම් වැපාට ගේමක් නැතුව තමන්ගේ තොප්පිය රතු කියලා කියන්න පුළුවන්... ඌ බෑ කියන්නේ අපි දෙන්නගෙන් එකෙකුගේ රතු තොප්පියක් තිබිය යුතුයි..."

    "කතන්දර මේක නොදැන ඉන්න විදියක් නෑ... එහෙනම් මගේ තොප්පිය නිල් වුණා නම්, උඩ උපකල්පනයත් භාවිතා කරලා තමන්ගේ එක රතු කියලා ගෙස් කරන්න කතන්දරට පුළුවන්වෙන්න ඕනේ..."

    "ඌට ඒක ගෙස් කරන්න බෑ කියන්නේ, එක්කෝ ඌ අමු මැට්ටෙක්, නැත්තම් මගේ තොප්පිය රතු...ඌ කාලයක් තිස්සේ බ්ලොග් එකේ ලියන දේවල් අනුව මැට්ටෙක් වෙන්න බෑ... ඒ නිසා මගේ තොප්පිය රතු..!!!"

    පිළිතුර 2 :

    සංචාරක වෙළෙන්දා තමන්ගේ අශ්වයාත් ඒ ගොඩට දැම්මා... දැන් සේරම 18යි...

    ලොකු පුතාට -> 18 න් හරි අඩක් -> 9යි
    දෙවනි පුතාට -> 18 න් තුනෙන් එකක් -> 6යි
    තුන්වෙනියාට -> 18 න් නමයෙන් එකක් -> 2යි

    දැන් එකතුව 9 + 6 + 2 = 17 යි... ඉතිරි අශ්වයා සංචාරක වෙළෙන්දාගේ...

    ReplyDelete
  17. වෙළෙන්දා අශ්වයෝ 17ම සල්ලි දීලා ගන්නව. ඊට පස්සේ ඒ මුදල ඔය කියන අනුපාතයට බෙදනවා... මිනිහගේ උපදේසයටත් කියක් හරි කපා ගන්න ඇති .

    ReplyDelete
  18. 1/2 කියන්නේ 9/18යි, 1/3 කියන්නේ 6/18යි, 1/9 කියන්නේ 2/18 යි.

    9 + 6 + 2 = 17යි.

    ReplyDelete
  19. නිකම් ඔලුවෙ කැක්කුම හදා ගන්නෙ මොකටද, ඔන්න ඔහෙ මම නම් පස්සෙ ඇවිත් උත්තර බලා ගන්නවා :p

    ReplyDelete
  20. උත්තර දන්නෙත් නෑ . . කල්පනා කරන්න හිතෙන්නෙත් නෑ . . . ඔය දෙවනි ප්‍රශ්නෙ "ගණිත විනෝදය" පොතේ තිබුන එකක් නේද ???

    ReplyDelete
  21. තව වෙලා තියනවනේ බලමු ගෙදර ගිහිං .......

    ReplyDelete
  22. 1
    අන්තිම එකාට ඉස්සරහා තොප්පි 2 රතු 2ක් වෙන්න බෑ එහෙම වුනානං ඔහුට අනිවා තමන්ගේ ඔලුවේ නිල් තොප්පියක් කියලා කියන්න පුලුවන් උත්තරේ දෙන්න බැරි වීමෙන් පැහැදිලි වෙන්නේ ඉස්සරහා තිබ්බේ නිල් තොප්පි 2ක් හෝ නිල් තොපිප්පක් හා රතු තොප්පියක්

    මැද එකාට ඉතිරි නිල් තොප්පි 2ක්(3ක්ද මන්දා ඒත් අවුලක් නෑ) හා රතු තොප්පි1ක් ඒත් මුල්ම කෙනාගෙ තොප්පිය රතු වෙන්න බෑ එහෙම වුනානං මැද කෙනා දන්නවා තමන් අනිවා දාගෙන ඉන්නේ නිල් තොප්පියක් කියලා

    මේ විදිහට ගත්තාම මුල් කෙනා අනිවා දන්නවා තමන් රතු තොප්පියක් දාගෙන නැති බව එහෙනං මුල් කෙනා දාගෙන ඉන්නේ නිල් තොප්පියක්

    ඉතිරි ප්‍රශ්න 2ට පස්සේ උත්තර දෙන්න බලන්නං දැන් වැඩකට හිර වෙලා ඉන්නේ

    ReplyDelete
  23. තොප්පි කතාව ට්‍රය් කර බලන්න හිතයි.
    රතු 3 යි නිල් 2 යි. තුන් වෙනි සිරකරුවට ඉස්සරහ දෙන්න පේනවා. ඒ කියන්නේ ඉස්සරහ දෙන්න නිල් 2 ක් නම් 3 වෙනියා අනිවා රතු. 3 ට උත්තර දෙන්න බැහැ කියන්නේ 1 සහ 2 දල තියෙන්නේ නිල් දෙකක් නෙවෙයි.
    possibilities : 1 සහ 2 දාල ඉන්නේ එක්කෝ රතු 2 ක් නැත්නම් රතු 1 නිල් එකයි.
    දෙවනියගේ වාරේ, ඉස්සරහ එකා නිල් නම් ඌ දන්නවා තමුන් ගේ ඔලුවේ රතු කියල. මොකද තමන් ගේ ඔලුවෙත් නිල් වෙන්න බැහැ, එහෙම උනානම් තුන්වෙනියා හරියට කියනවනේ.
    ඉස්සරහ එකා රතුනම් තමුන්ගේ ඔලුවේ රතු වෙන්නත් පුළුවන් නිල් වෙන්නත් පුළුවන්.
    දෙවෙනියට බැරි වුනා කියන්නේ පළවෙනිය දන්නවා තමන් ගේ ඔලුවේ තියෙන්නේ රතු කියල. ඌට උත්තරේ දීල බේරෙන්න පුළුවන් (බේරුනාද කියල නම් දන්නේ නැහැ.LOL)

    ReplyDelete
  24. <>
    ඉස්සරහ ඉන්න අපි දෙන්නට ලැබුනෙ නිල් තොප්පි දෙකක් නං අන්තිමය දන්නව අනිවාර්යෙන් තමන්ගෙ ඔලුවෙ තියෙන්නෙ රතු තොප්පියක් කියල... එහෙම උනා නං තුන් දෙනාටම බේරෙන්නත් තිබ්බ... ඒත් ඒකට හරි උත්තරයක් දෙන්න බැරි උනා... ඒ කියන්නේ අපි දෙන්නගෙ තොප්පි එක්කො රතු-රතු නැත්තන් නිල්-රතු... අන්තිමයට තමන්ගෙ ඔලුවෙ තියෙන්නෙ නිල්ද රතුද කියල හිතා ගන්න බැරි උනා..

    මම වගේම මැද එකත් මේක දන්නවනෙ දැන්... රතු-රතු හෝ නිල්-රතු... මැද එකාට පෙන්නෙ නිල් උනා නං ඌ දන්නවනෙ තමන්ගෙ ඔලුවෙ තියෙන්නෙ රතු තොප්පියක් කියල.. ඒත් පෙන්නෙ රතු වෙන්ටෝනෙ... ඒකයි හිතා ගන්න බැරි තමන්ගෙ ඔලුවෙ තියෙන්නෙ රතු තොප්පියක්ද නිල් තොප්පියක්ද කියල... පව් වැඩේ...

    උන් දෙන්න ගැන මට දුකයි... මගෙ ඔලුවෙ තියෙන්නේ රතු තොපියක්ම තමයි....

    ReplyDelete
  25. පළවෙනි එකට උත්තරේ රතු....

    ReplyDelete
  26. තුන්වැන්නා නිවැරදි පාට කියූ හැටි නම් හිතාගන්න අමාරුයි.

    හැබැයි මට හිතෙනව මෙහෙම, හරි උත්තරේ කියල මරණයෙන් ගැලවුණේ දෙවැන්නා කියල.

    තොප්පි දැමිය හැකි විකල්ප ක්‍රම 7ක් තියෙනව.(1)RRR, (2)RRB, (3)RBR, (4)BRR, (5)BBR, (6)BRB, (7)RBB

    දෙවැන්නා මුලින් ම ඉන්න එක්කේනා ගේ නිල්‍ තොප්පිය දුටුවේ නම් ඒ (4) (5) හෝ (6) අවස්ථා තුනෙන් එකකි.නමුත් ඒ (5) නම් පිටිපසින් සිටි කෙනා නිල් තොප්පි 2 ක් අනෙක් දෙදෙනාගේ හිසේ දැකිය යුතුය.එවිට තවත් නිල් තොප්පි පෙට්ටිය තුල නොමැති බැවින් තම හිසේ ඇත්තේ රතු ‍එකක් බව ඔහුට නිසැකවම කිව හැක.නමුත් ඔහු එසේ නොකී බැවින් එම විකල්පය (7) ඉවත දැමිය හැක.ඉතිරි විකල්ප දෙකේම දෙවැන්නාගේ තෝප්පිය රතුය.ඔහු එය පවසා දඬුවමින් නිදහස්වේ.

    ReplyDelete
  27. අටෙන් පස්සෙ එන්නම්.....!!

    ReplyDelete
  28. 1. පාට නිල් පාට. පිටිපස්සෙම ඉන්න කෙනාට උත්තරේ කියන්න බැරිවෙන්නේ ඉස්සරහ දෙන්නගේ තොප්පි දෙකම නිල් පාට උනොත් හරි එකක් රතු අනිත් එක නිල් හරි උනොත් විතරයි. එතකොට මැද කෙනත් දන්නවා ඉස්සරහ දෙන්නගෙම ඔලු වල රතුපාට තොප්පි නැති බව. ඒක නිසා ඉස්සරහ ඉන්න කෙනාගේ ඔලුවේ රතු තොප්පියක් තිබුන නම් මැද කෙනා කියනව තමන්ගේ ඔලුවේ තියෙන්නේ නිල් තොප්පියක් කියල. ඉස්සරහ කෙනාගේ ඔලුවේ නිල් තොප්පියක් තිබුනොත් විතරයි එයාට උත්තරේ කියන්න බැරි වෙන්නේ. එතකොට ඉස්සරහම ඉන්න කෙනාට උත්තරේ නිකන්ම ලැබිල.
    තාම දෙවැනි ප්‍රශ්නේ කියෙව්වේ නැහැ. කියවල බලල උත්තරේ කියන්න බලමු.

    ReplyDelete
  29. දෙවැනි එක නම් එච්චර අමාරු නැහැ වගේ. වෙළෙන්දාට අශ්වයෝ දාහත් දෙනා විකුණලා සල්ලි ටික තාත්ත කියපු විදිහට බෙදාගන්නවා.

    ReplyDelete
  30. ක. කා.සොරි වෙන්න ඕනේ පලවෙනි ප්‍රශ්නේ චීට දැක්කේ නිල් තොප්පි තුනයි රතු තොප්පි දෙකයි වගේ. රතු තොප්පි තුනයි නිල් තොප්පි දෙකයි වෙනකොට උත්තරේ රතු තොප්පිය. explanation එක ඒකමයි හැබැයි රතු නිල් මාරු වෙන්න ඕනේ.

    ReplyDelete
  31. මම හිතන්නේ ඔය පරීක්ෂන හදලා තියෙන්නේ 'බුද්ධිගේ' බුද්ධිය හොයන්ට. ඒ හන්දා කරදර වෙන්නේ මොකටද කියලා හිතලා, මාත් රෑවෙලා ඇවිත් බලන්ට තීරනය කලා. :D

    ReplyDelete
  32. 2 veni ekata uththare mekayi. Ara apu velenda megollanaga thava eka ashvayek denava. Ethakota 18 yi. Ethakota ganata bedanna puluvan.

    loku puta = 18/2 = 9
    deveni puta = 18/3 = 6
    podi puta = 18/9 = 2

    eekathuva = 9+6+2 = 17

    Gaana hari !!!!!!!!!!

    ReplyDelete
  33. Colour is blue. If red, second person can find the colour from the third ones answer.

    Merchent has added his horse and then divided as 9/18, 6/18 and 2/18. Since the total is 17 he took his horse back.

    Kattek ;)

    ReplyDelete
  34. බලා ඉන්න බැරිම තැන හවස අටට නොව හතට ලැබී තිබුණු පිළිතුරු පල කෙරුවෙමි.

    ReplyDelete
  35. පළමුවෙනි ප්‍රශ්ණය මං මුලින්ම ඇහැව්වේ මීට අවුරුදු 10කට පමණ පෙර ගිය විනෝද චාරිකාවකදී.

    මුලින්ම මං ජයශ්‍රී කරන්නට ගියාක් මෙන් සමස්ත නියැදි අවකාශයම සොයා එනම් RRR, RRB, RBB, RBR, BRR, BRB, BBR ගැන සිතා විනාඩි දහයක් පමණ අතරමං වෙලා හිටියා.

    පස්සේ දන්නා තැන සිට ඉදිරියට සිතා ගණන හැදුවා.

    ඒ කියන්නේ අන්තිමට සිටි පොරට පේන්නේ RR, RB, BR, BB වලින් එකකි. පොරට කියන්නට බෑරි නිසා එය BB විය නොහැක, එනම් RR, RB, BR විය යුතුය.

    දෙවැන්නාද බැරිය කියූ නිසා ඉස්සරහින් ඉන්න පොරගේ තොප්පිය රතු/R විය යුතුයි!

    ReplyDelete
  36. දෙවෙනි ප්‍රශ්ණය මං කියවූයේ පොඩි කාලේ සඟරාවක තිබිලායි. මේකේ පොඩි එකක් තියෙනවා. ඒක තමයි වෙළෙන්දා ගේ අස්සයා එකතු කිරීම. අන්තිම කැමැත්තට අනුව බෙදුවට පස්සේ වෙළෙන්දාගේ අස්සයා ඉතුරු වෙනවා.

    තාත්තා ට කියන්නට බැරිවුණු කොටසේ තිබුනේ ඒ කරන විදිය විය යුතුයි.

    සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete
  37. Not බුඩ්ඩි (the film maker) but බුද්ධි. You said that you scored 86 for සිංහල. Hmmmmmm.. That may be long time ago....

    If claim to be a "Porak" among සිංහල Bloggers please spell the words correctly.

    ReplyDelete
  38. @ Ano December 11, 2011 8:15 PM
    පහේ පන්තියේ ළමයෙකු ගේ භාෂාවෙන් බුඩ්ඩි කියා මා ලියූ වචනයේ ඇති යටි අදහස ඔබ වැනි කෙනෙකුට නොතේරේයැයි කියා මං අද හවස් වෙලේ බුඩ්ඩි පරීක්‍ෂණය වටේ උදෘත සලකුණු යෙදුවා!

    එලෙස ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්නලාත් මගේ කතන්දරයේ ඇති උත්ප්‍රාසය වටහා ගන්න බැරිනම් ඉතිං කරන්න දෙයක් නෑ.

    දුක තමයි චමින්ද!

    ReplyDelete
  39. මට ගනන් බැරි නිසා 8න් පස්සෙම ආවා හික් හික්ස්
    …ඔය විනොද චාරිකාවල ගනන් කතා කරන්න ගියාම අපෙ උන් නම් බනිනවා ඉඳලා ඉඳලා ජොලියක් දාන්න ට්‍රිප් ආවම මොලෙ අවුල් කරනවා කියලා ...

    ReplyDelete
  40. my point exactly
    "පහේ පන්තියේ ළමයෙකු ගේ භාෂාවෙන් බුඩ්ඩි"
    you even couldn't write බුද්ධි at grade 5 and you scored 86 for සිංහල. No wonder your average drop to 69% later and don't have a PhD. Pssss.........

    Even though you try to promote yourself as a NON-tribalist, your posts reeks with tribalism and narcissism. Using your own terms, it can be categorized as Anti-Rathnayaka type tribalism and narcissism.

    අපි නොදන්න මොනරතෑන්න.... දුක තමයි රසික!

    ReplyDelete
  41. (Traaffic Ano)
    මට හිතුනෙත් නෑ වෙළෙන්දා අස්සයෙක් එකතු කරයි කියල. මාත් හිතුවෙ මිනිහා ‍”සංචාරක වෙළෙන්දෙක්” නිසා අස්සයො ටික සල්ලි වලට ගන්න ඇති කියල.
    හැබැයි ඔය ක්රමවේදය ගණිතානුකූලව විසඳන්නෙ කොහොමද කියල දැනගන්න කැමතියි. දන්න කෙනෙක් ඉන්නවනං කියල දෙන්නකො.
    බුද්ධි පරීක්ෂණයත් මාර ඉන්ටරස්ටිං.

    ReplyDelete
  42. මොණරතැන්න කියල ලියාගන්න බැයිද? තෑන්න නෙවෙයි තැන්න.

    ReplyDelete
  43. මම අකමැතිම ජාතියක් මේ බුද්දි පරික්සන .. මම ඔය එකක්වත් විසඳන්න යන්නේ නෑ උත්තර දානකම් බලා ඉන්නවා

    ReplyDelete
  44. බුද්ධිය නැතුව කෝමද මේවට උත්තර දෙන්නෙ?

    එක ප්‍රශ්නයක් [තොප්පි ප්‍රශ්නෙ] අන්තිම පේලියේ වෙන්න ඕනෙ, අනිකත් කොහේ හරි බ්ලොගෙක අහල තිබ්බ.

    මට සෑහෙන විස්වාසයක් තියෙනව, බුරා මීට කලිනුත් ඔය ප්‍රශ්න දෙකෙන් අඩු ගානෙ එකකටවත් මීට කලිනුත් හරි පිළිතුර දුන්න කියල.

    ReplyDelete
  45. Both problems are not correct in my opinion.

    Well, the problem with the cap problem is that if I was gonna get killed and have to give an answer, I would give atleast some answer. like, i'll think about the probability that I have a red cap or a blue cap. looking at the people in front, I can give an answer with 2/3 probability of success. I definitely will not say I dont know.

    On the otherhand, I know if I say a color according to probability, both others are going to be saved.

    If I said red, that means people in front have 1R, 1B. So the second know his color is the opposite from the front's cap. And front knows that his is the opposite of middle.

    If I said blue, both knows their caps are red.

    For the horse problem, all three gets more than the father wanted them to get. So its kinda mathematically wrong.

    ReplyDelete
  46. @ Ano December 11, 2011 08:38 PM
    ඔබේ බුඩ්ඩිය හොඳ බවට විවාදයක් නැත.

    ඔබ සේවය කරන තැන අනුව බැලූ කළ මට නොමැති පීඑච්ඩී එක ඔබට ඇති බව පෙනේ.

    මට පී එච්ඩී එකක් නැති වුවද, ඔබ වැනි උතුරු ඇමරිකානු විශ්ව විද්‍යාලයක සේවය කරන උගතෙක් මගේ බ්ලොගය නිතිපතා (නිවසේ සිටද, විශ්ව විද්‍යාලයේ සිටද) වාර සිය ගණනක් කියවා මෙලෙස ප්‍රතිචාර දැක්වීම මට කරන විශාල ගෞරවයකි.

    කැල්ගරි පැත්තේ ආවොත් ඔබ මුණ ගැහෙන්නට ලැබේ යැයි සිතමි.

    ඇනෝ, ඔබට අවංකවම ස්තුතියි!

    .

    ReplyDelete
  47. @ xcorat
    ඔබ හරි. මෙය බුඩ්ඩි පරීක්‍ෂණ ප්‍රශ්ණයක් මිස ගණිත ප්‍රශ්ණයක් නොවේ.

    "මතක තියාගන්න, මේක බුඩ්ඩි පරීක්‍ෂණ ප්‍රශ්ණයක් මිස ගණිතය ප්‍රශ්ණයක් නෙමේ!" යැයි මා කියා ඇත්තේ එනිසාය.

    ReplyDelete
  48. දවස් පහේම කරන්නේ මොලේ කොලොප්පම් වෙන දේවල් නිසා ඉරිදටවත් මොලේට රෙස්ට් එකක් ඕනේ නිසා... අල්ලලා දාල නිකම් හිටියා..
    ඒඋනාට කට්ටියගේ උත්තර ටික කියෙව්වා..සෑහෙන්න මහන්සි වෙලා තියනවා කස්ටිය!

    ReplyDelete
  49. Haha, kathandarage 'buddiya' kese wethath internet traffic tracking athin nam ihalai wage :D

    ReplyDelete
  50. අපරාදේ මං පරක්කු උනානේ.නැත්නම් මං මේවට උත්තර දෙන්නේ කජු කනවා වගේ (වැරදියට)

    ReplyDelete
  51. දැන් ඉන්දියාවට තිබුණේත් අර අස්ස වෙලෙන්දා කලා වගේ ක්‍රමයකින් ලංකාවේ රට බෙදෙන්න ගිය ප්‍රශ්නේ විසඳන්නනෙ......

    ඉස්සරහින් යන අය කොහොමත් පළඳින්නෙ රතු තොප්පි තමයි...

    මගේ බුඩ්ඩිය නම් වාඩිවෙලා ඉඳලාම තැලිලා දැන්.... ඒත් කතන්දර හිඟ උනාම මේ වගේ තේරවිලි කියලා හතර අතේ කල්පනා කරවන සටකපට වැඩේ අපේ අම්මල තාත්තලත් කරනවා ඉස්සර....

    -ලොකු

    ReplyDelete
    Replies
    1. මාරයි නේද? ලොකූ 2011 දෙසැම්බරයේදී ම පෙරටුගාමීන් ගැන අනාවැකියක් කියලා.
      උන් ගැන අපි දැනගත්තේ ඊට මාස ගාණකට පස්සේයි!

      Delete
    2. කතන්දර,
      සමහර විට බොහොම ඈතින් අර ‘නෝස්ට්‍රා ද මූස්‘ ට සම්බන්ධ කං තියෙනවා වෙන්න ඇති අපේ පරම්පරාව. ඉව තියෙන එකේ නරක පැත්ත ඉතින් ගඳ දැනෙන එකයි කාටත් කලින්....!

      -ලොකු

      Delete
  52. @ඔබා අයියා,

    මම අන්තිම පේළිය බලන්නෙ නෑ, ඒ නිසා ඒ මම වෙන්න බෑ ඔබා අයියෙ.. හැබැයි ඉතිං කියන්න ඕන ඔය දෙවෙනි ප්‍රශ්නෙට (අශ්ව ප්‍රශ්නය) උත්තරේ මම මීට කලින් ඉදන්ම දැනං උන්නා, ඒකයි ඒකට කලින්ම උත්තර දුන්නෙ.. පළමුවෙනි ප්‍රශ්නෙ ගැන තමා ටිකක් වෙලා හිතන්න වුනේ.. ඒකයි ඒ දෙවෙනි කමෙන්ට් එක ටිකක් පරක්කුවෙලා වැටිලා තියෙන්නෙ.. :)

    ReplyDelete
  53. මෙව්වනම් නම් (ප්‍රශ්න දෙකම) හැබැවටම බුඩ්ඩි පරීක්‍ෂණ ප්‍රශ්ණ මිස ගණිතය ප්‍රශ්ණ නෙමේ කියල පෙනේනේ ගණිතය යොදාගෙන විසදන්න ගිහින් පටලවාගත්ත බව දැක්කම.

    ReplyDelete
  54. PhD තියන අයත් ගොන් කමෙන් PhD නැති අය‍ට නොදෙවෙනි බවයි පෙනේනේ. අනේ මන්ද කතන්දර මොකක්හරි ලොකු වැරද්දක් අදාල අය‍ට පේරා ඉද්දි කරපු බවනම් පේනවා. (මන් මේ ඇනෝ දන්නේ මත එක්කත් ඔහොම තරහ බැද ගනීවි කියල). මෙච්චර අවුරුදු ගානක් ගිහිල්ලත්, ලෝකේ කොන් දෙකේ වගේ හිටියත් ඒක තාම අඩුවෙලා නෙහවගේ. කොහොමත් කතන්දරගේත් සුදුකොඩි නියාය පේරා ඉන්නකලේ තිබිලිනහ වගේ පෙනේනේ.

    ReplyDelete
  55. උදෙන්ම ඇවිත් වටයක් දාල බලනකොට මේක දැක්ක... ඔය උදේ පාන්දරම මොළේ කොලොප්පං කොරගන්න බැරි නිසා යූ ටර්න් එකක් දැම්ම... ඒකෙන් මග ඇරිලා... :) කස්ටිය හෝ ගාල උත්තර දීල තියෙන්නෙ....

    කතන්දරේට උත්තරයක් දාල වටේ කැරකිලා අනිත් ගෙවල්වලත් ගිහින් උන්ටත් උත්තර දීල ආපහු පැළට එනකොට මෙන්න තව එකක් දාල... කාටෙයි ඉතින් ඔය වේගෙට එකක්වත් මග ඇරෙන්නෙ නැතිව උත්තර බඳින්න පුළුවන්.... :D

    ReplyDelete
  56. "කැල්ගරි පැත්තේ ආවොත් ඔබ මුණ ගැහෙන්නට ලැබේ යැයි සිතමි."

    Sure, but you have to bring your own "Ice Tea".

    If you criticize other expect the same....
    (I know this is valid for me too)

    ReplyDelete
  57. මේ කතන්දරය කියවපු හැමෝම තමන් ගේ IQ එක ගැන හිතුවා මිස මගේ A/L ලකුණු ගැන කතාව නොදැක්කා වගේ ඉඳලා තියෙන හැටි!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.