Friday 15 July 2011

ලොකු බැඳපු මෑන්ස් ලා ට අවවාදයක් - හාමිනේ ගේ උපන් දිනේ අමතක කරන්න එපා! Married men out there, dont forget your partner's birthday!


කොල්ලන්ට ලව් කරන්න අවවාද එක පාරක්, දෙපාරක් නෙමේ දැන් තුන් පාරක් ම දීල තියෙනවා නේ. අද පොඩි වෙනසක් කරන්න හිතුණා.

මේකයි ලොකු බැඳපු මෑන්ස් ලා ට දෙන අවවාදය, කතන්දරාශ්‍රයෙන්.

ඔන්න හාමිනේ යි මායි බැඳලා, ඇනෙක්ස් හොයලා, ඇන්ටි ගේ ගෙදර ඉඳලා, පස්සෙන් පහු අපේ ම කියලා තැනකට සෙට් වුණා නේ.

ඒ දවස්වල මංතුමා වැඩ කලේ එක්තරා තිප්පොලක ගෙදර ඉඳලා හැතැප්ම පාලහක් විතර දුරින්. මේ කාලේ මං හවස් වරුවේ අර්ථ-සාස්තරේ ඉගෙන ගන්න සැට් වෙලයි හිටියේ. සතියකට දවස් දෙකක් විතර හවස් වරුවේ කොළඹ යන්න ඕනෑ ඒකට.

ඔන්න මේ කියන දවසේ මං වැඩපොලෙන් ටිකක් කලින් ආවා. එනකොට හාමිනේ ගෙදර. මං ඉතිං, බාත් රූම් එකට වැදිලා නාලා, තේකක් බීලා හෙම ආපහු යන්න සෙට් වුණා.

හාමිනේ ගේ මූණේ කිසිම හිනා-මනාවක් නෑ!

අප්සැට් එකෙන්ම පාරට බැස්සා බස් එකක් අල්ලගන්න. හන්දිය පැත්තට ඇවිදගෙන යනකොට තමයි මතක් වුනේ මට වෙලා තියෙන සංගෙඩිය.

එදා තමයි හාමිනේ ගේ හැපි බර්ත් ඩේ එක!

දැන් ඉතිං මොකද කරන්නේ?

පාර අනිත් පැත්තට ගිහින් එවෙලේම ආපු බස් එකක එල්ලිලා ගියා නුගේගොඩ. සරසවියට ගොඩ වැදිලා ගත්තා පොත් තුන හතරකුයි, හැපි බර්ත් ඩේ කාඩ් එකකුයි.

කාඩ් එක එතනම තියෙන තැපැල් කන්තෝරුවට ගිහින් හාමිනේ ට තැපැල් කළා. පහුවදා වුනත් කාඩ් එක ගෙදරට එනවානේ.

අර්ථ සාස්තර බයිලා අහන් ඉඳලා එදා රෑ වෙලා ගෙදර ඇවිත් වීරය වගේ අර පොත් තුනේ තෑග්ග දීලා වැඩේ පොඩ්ඩක් විතර ෂේප් කරගත්තා.
ගෙදර එනකොට පොඩි පහේ කේක් ගෙඩියකුත් අරගෙනයි ආවේ.

පහුවදා හවස වෙනකොට හැපි බර්ත් ඩේ කාඩ් එකත් ආපු නිසා වැඩේ ගොඩ ගියා.

මේ කතන්දරේ අද මතක් වුනේ ඇයි දන්නවද? අද තමයි (ජූලි 15) කතන්දර හාමිනේ ගේ හැපි බර්ත් ඩේ දවස.

හා, එහෙනං එන්න කෂ්ටියම සෙට් වෙන්න කේක් ගෙඩිය වටේ.

හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ඩියර් හාමිනේ
හැපි බර්ත් ඩේ ටූ යූ!

හිප්, හිප්, හුරේ

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න අතුරු කතන්දර කීපයක්.

1.
අළුත බැඳපු ජෝඩුවක හාමිනේ, බැඳලා අවුරුදු දෙක තුනක් ගිය ජෝඩුවක හාමිනේව හැඳින්නුවේ, අර ලොකු බැඳපු කෙනා කියලයි. අද කතන්දරේ මාතෘකාව ආවේ ඒකෙන්.

2.
කොච්චර කළත් කොස්සක් හිටිනවා නොවැ. මං එදා හදිස්සියේ සරසවියෙන් අරන් තියෙන පොත් මොනවද දන්නවද? සූප ශාස්ත්‍ර පොතක්, ජවිපෙ ප්‍රභවය සහ බිඳ වැටීම, ඉටි පහන්.

දන්නෙම නැතුව මං කැමති පොත් තමයි අරගෙන තියෙන්නේ.

3.
මෙයින් අවුරුදු දෙක තුනක් පස්සේ කාලෙක, මං ජොලියක් ගිහින් හාමිනේ ට වැලන්ටයිං කාඩ් එකක් දැම්මා. (ඔව් වැලන්ටයිං තමයි, මොකද, බැඳපු අයට ඕවා හොඳ නෑ කියලද හිතන්නේ?). හරි දවසට හම්බ වෙන්න මං ඒක දැම්මේ හාමිනේ ගේ වැඩ පොලේ ඇඩ්‍රස් එකටයි.

කාඩ් එක ලැබිලා තිබුණා. හැබැයි සති දෙකකට විතර පස්සේ!

ඔන්න මටත් වෙන දේවල්.

(image: http://www.soulfulplanet.com/forum/forum_posts.asp?TID=96&PID=646)

41 comments:

  1. කතන්දර හාමිනේට සුබම, සුබ උපන් දිනයක් වේවා....

    ReplyDelete
  2. කතන්දර හාමිනේට සුභ උපන්දිනයක් !

    ReplyDelete
  3. ඔන්න එහෙනම් කතන්දර අයියගේ හාමිනේට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා සුබ පැතුවා !!!
    අම්මෝ කොහොමට හිටීවිද උපන්දිනේ අමතක උනා නම්....

    ReplyDelete
  4. කතන්දර හාමිනේට සුභ උපන් දිනයක්.

    කතන්දර අයියා ඔටෝ-පබ්ලිශින් සෙට් කරලා තියෙන නිසා මේ පෝස්ට් එක පළවුනත් , බැරි වෙලා හරි අද උදේ හාමින්ගේ උපන් දිනේ අමතක වුනානම්? කොහොම වුනත් ගොඩක් ප්‍රයෝජනවත්, මොකද අපේ හාමිනේගේ උපන් දිනයත් ළඟ එනවා කියලා මතක වුනේ මේක කියෙව්වම. බොහොම ස්තූතියි.

    ReplyDelete
  5. හාමිනේ අක්කට සුභ උපන්දිනකට ආසිරි මගෙනුත්!!!!! .
    ක.සූ අයියා කැමතිම විශයක්ද සූප සාත්‍ර,,??? අනේ හොඳයි.

    ReplyDelete
  6. කතන්දර අක්කට සුභ උපන්දිනයක් !...

    ReplyDelete
  7. කතන්දර නැන්දේ! සුබ උපන් දිනයක් වේවා! (නැන්දා කිව්වට අමනාප නෑනෙ!)

    ReplyDelete
  8. ගෙනල්ල තියා ගන්න ප්ලේන් කාඩ්ස් මිටියක්. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ලිව්ව... දුන්න.

    ReplyDelete
  9. මටනම් කවදාවත් අමතක වෙන්නෑ මොකද දෙන්නගේම උපන්දිනය එක දවසෙනේ

    කතන්දර හාමිනේට අක්කට සුභ උපන් දිනයක් :D:D

    ReplyDelete
  10. කතඳර හාමිනේට සුබ මෙව්වා එකක් වේවා.!!

    ReplyDelete
  11. කතන්දර හාමිනේට සුභ පැතුම්....මේ මාසේ කස්ටිය ඉපදිලා තියනවා වැඩිද මන්දා...මාර උපන්දින තොගයක් තියෙන්නේ ජුලි වල

    ReplyDelete
  12. ඔන්න අපෙනුත් හැපි බර්ත් ඩේ .................... කේක් ගෙඩිය ඉවරද ............

    ReplyDelete
  13. අපොයි... මමනම් බැදලා නෑ. එත් පිට පිට 3 වන වරටත් මට මගේ වෙන්ඩ බිරින්දෑගේ උපන්දිනය අමතක වූ බව කණගාටුවෙන් දැනුම දෙමි. මේ වගේ නස පත්තියකින් පසු විදින්නට සිදු වන්නා වූ, අනෙක විදියේ දුක ගැනවිලි, ඇනුම් බැනුම්, අවලාද කියිම්, තර්ජනයන් මෙන්ම අමතක වීම අමතක කර වීමට පොකට්ටුවට සිදුවන්නාවූ හානිය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ කියල මම හිතනවා. අයියෝ සල්ලි....

    ReplyDelete
  14. අපෝ ඔව් කාගේ උපන්දිනේ අමතක කලත් හාමිනේගෙ උපන්දිනේනම් අමතක කරන්න එපා.මොකද හාමිනේලට තමන්ගේ මහත්තයගේ පොඩියෙන් හරි දෙන තෑග්ග මහ මෙරක් වගේ. මහත්තුරුන්ටත් කාලයක් යනකම් කනක් ඇහිල ඉන්න පුළුවන් ටික කාලයක්.....
    කකා අක්කට සුබ උපන්දිනයක්!!!!

    ReplyDelete
  15. මෙනි හැපි රිටර්න් ඔෆ් ද ඩේ කතී....!!!

    මෙනි හැප්පි හැප්පි ඔන් ද නයිට් ඕල්සෝ...!!!

    කී වෙනි එකද දන්නෙ නෑ...?

    ෂොරිම වෙන්ඩ ඕන...

    ReplyDelete
  16. කතා නෝනට සුබ උපන්දිනයක් වේවා !

    ReplyDelete
  17. හාමිනේ ඇන්ට්ට සුබ මෙව්වා එකක් වේවා

    ReplyDelete
  18. කතන්දර හාමිනේට සුභ උපන් දිනයක් වේවා . . . .

    හැබෑ තමයි . .

    තමන් උපන් දවස තියා උපන් බව වුනත් අමතක කලාට කමක් නෑ . .

    හාමිනේගේ බර්ත්ඩේ එක අමතක උනොත් නම් ඉතිං මොකට උපන්නද කියල හිතෙන විදිහට වැඩ සිද්ද වෙනවා ඕන් . .

    හැබෑම තමයි . . .

    ReplyDelete
  19. Many happy returns of the day !

    I never forget my wife's Birthday. Because I forgot it once before we got married. The thing is she still remembers it nor the next Birthdays that we celebrated.
    {It says that if you want to remember your Spouse's/GF's B'day for life,forget it once. 100 % guaranteed.}

    ReplyDelete
  20. කතන්දර හාමිනේට මගෙනුත් සුබ පැතුම් සුබ උපන් දිනයක් වේවා !!

    මෙන්න ඔහේගේ උපදෙසක් ටක්කෙටම හරි ගිහිල්ලා

    http://tikakhinawenna.blogspot.com/2011/07/blog-post_14.html

    ReplyDelete
  21. ඔන්න මමත් හැපි බර්ත් ඩේ කිවුවා කතන්දර හාමිනේට...

    ReplyDelete
  22. මිසිස් කතීට හැපි උපන්දිනයක් වේවා කිව්ව කියන්ට

    ReplyDelete
  23. කතන්දර හාමිනේට සුබම සුබ මෙව්වා එකක් වේවා...!

    ReplyDelete
  24. කතන්දර අක්කට සුභ උපන්දිනයක් වේවා......!!!!!!

    ReplyDelete
  25. Happy Birth day kathandara hamine !!!!

    ReplyDelete
  26. අන්න බොරුද මම කීවේ . . . . ?? ජුලි මාසෙ තමයි හොඳමදේ ලෝකෙට බිහිවෙන්නෙ . . . . .

    ReplyDelete
  27. ලඟම තියෙන ෆ්ලොරිස්ට් ෂොප් එකට ගිහින් කලින් සල්ලි බැඳල ස්ටෑන්ඩින් ඕඩර් එකක් දෙන්න හැම අව්රුද්දෙම නියම ඩේට් එකට මල් පොකුරක් යවන්න. මල් පොකුර ආවම මතක් වෙනවනෙ ඊළඟ අව්රුද්දට සල්ලි බඳින්න.
    Happy Birthday Kathy .....!!!

    ReplyDelete
  28. කතන්දර අක්කට නිදුක් නිරෝගී..සුභම සුභ උපන් දිනයක් වේවා..!!!

    ReplyDelete
  29. මෙදා පාර නම් වැඩේ ගානට ඔටෝ සෙට් කරලා ඊ මේල් ටිකකුත් එක්කම.
    ජූලි මාසෙ කළුයි කිව්වට කළුමත් නෑ වගේ.
    අවුරුද්දකින් වයසට ගියත් එතුමියට සුබ උපන් දිනයක් වේවා.

    ReplyDelete
  30. කතන්දර අක්කට සුභම සුභ උපන් දිනයක් වේවා !!!!

    ReplyDelete
  31. රසබර කතා නිතරම මෙහි දකින්නට
    කවි සිතුවිලි ගඟුලක් සේ ගලන්නට
    ඔබ හාමිනේ රුකුලක් යයි සිතන්නට
    නැත බාධා අපහට මෙහි කියන්නට

    සිතන පතන දේ හනිකට ඉටු වේවා
    යනෙන තැනින් උපරිම ජය සිදු වේවා
    දුක් කරදර අද දිනයෙන් නිමියේවා
    පතමි උපන් දිනයක් බෝ ශුභ වේවා

    ReplyDelete
  32. සුබ උපන්දිනයක් වේවා !! කතන්දර නෝනේ ඔන්න මගෙන් සුබ පැතුම් .. . ඔයාගේ මහත්තයා නම් එලම එල ලවු ගුරූ කෙනෙක් . මම ඒ උන්දෑට සදා ණයගැතියි !

    ReplyDelete
  33. Agreed with Kapila "The Best way to remember your wife's birthday is to forget it once."

    ReplyDelete
  34. ඉහික් ඉහික්.. අනේ මංනම් ඕන් හිච්චි එකා... ;)

    කතී නැන්දිට සුබ මෙව්ව එකක් කිව්වයි කියන්ට...

    ReplyDelete
  35. කතන්දර කියවලා ගියාට කොමන්ට් කරන්න ක්‍රමයක් හොයාගන්න බැරි උනා නෙව.
    උන්නැහේගේ කැතිට සුභ මෙව්වා එකක් කිවුවා කියන්නකෝ.

    ReplyDelete
  36. කතන්දර හාමිනේට සුබ නව වසරක් වේවා..( දිනේ විතරක් සුබ වෙලා පලක් ඇතෑ )අපි සුද්දට බැන්නට wish you many happy returns of the day !! .. කියන එක මොනතරම් අර්ථවත් සුබ පැතුමක්ද ?

    දිනේ ගැනත් යමක්... 1916 ජූලි 15 නොවැ ඔය බෝයිං කියන මහා ගුවන් යානා සමාගම පොඩියට පටන් ගත්තයි කියන්නෙ..( ඕනය.. කොලර් එක කරට ගන්න කාරි නැතුවා )

    ReplyDelete
  37. මේ පාර ඔන්න සුභ පැතුම් ගොන්නක්ම තීන්නෙ! මේක බොහොම වටින උපදේසයක් බැඳපු ඇත්තන්ට.

    ReplyDelete
  38. පුරාන පඬිවරයෙක් මෙහෙම කියල තියෙනවාලු...
    "The most effective way to remember your wife's birthday is to forget it once."

    ReplyDelete
  39. @ All
    බැඳපු මිනිස්සුන් ට කියපු මේ අවවාදාත්මක කතන්දරය අස්සේම දාලා කතන්දර හාමිනේට බර්ත් ඩේ විෂ් එකක් පාස් කර ගත්තා.

    සුභ පතපු හැමෝටම ස්තුති කරන්නයි කියලා හාමිනේ මට කියනවා. ස්තුතියි.

    දැන් ඉතිං හෙට සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකට ලැහැස්ති වෙමු.

    ReplyDelete
  40. කතාන් දර, මේක බැදපු අයට නෙමේ කොල්ලන්ටත් කියන්න. අමතක වුනොත් නම් ඉදලා වැඩක් නෑ. මගේ නැන්දම්මා පොඩ්ඩගේ උපන් දිනේත් ජුනි 15 වෙච්චි, හරිම කෝ ඉන්සිඩන්ට් එකක් නේ. ම්රු මරු ඔන්න හැපි බ්‍ර්ත් ඩේ කියලා අපිත් විෂ්කලා.

    ReplyDelete
  41. එන්න නම් හොඳටම පරක්කු උනා. ඒත් කතන්දර හාමිනේට සුභ උපන්දිනයකට ආසිරි එකතු කරන්නම්...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.