Tuesday 26 April 2011

කටුබැද්ද කැම්පස් එකේ කුකුල්ලු දෙන්නා ගේ කතන්දරය - The tale of two Cocks of Katubedda Campus (posted again)

පොඩි අවුලක් නිසා නැවත පලකරන්නට සිදුවිය. සමාවෙන්න.




බුදු පිළිමයක් ඉස්සරහ බිකිණි ඇඳපු මරඟනන් ව නැටෙව්ව නිසා ගිය අවුරුද්දේ ලංකාවට වීසා කැන්සල් කරගත්තු ඒකෝන් කියන ගායකයා තමන්ගේ ඊලඟ වීඩියෝ ක්ලිප් එක කරන්න ආවේ රත්නපුර කලවානේ පන්සලට බව මතකයි නේද?

ඔය සිද්ධියෙන් පස්සේ මං දිව්‍යලෝකේ ගිහින් දැක්ක සුරසැප විඳින අපේ දෙයි-ගොල්ලෝ ගැන විස්තර මේ බ්ලොග් එකේ ලිව්වා කවියෙන්.

කවියෙන් කවිය, පොඩි සංවාදයක් පවා ඇතිවුණා ඒ කයි-කතන්දරේ නිසා.

ඉතිං, අදත් මට හිතුණා තවත් කයි-කතන්දරයක් පල කරන්න. කවි කියවන්න වැඩි කැමැත්තක් නැති අයගේ ප්‍රයෝජනය පිණිස මං රනින් කමෙන්ට්‍රි එකකුත් දාන්නං.

මේ සිද්ධිය දැන් කාලෙකට කලින් කටුබැද්දේ කැම්පස් එක ආශ්‍රිතව වෙච්ච එකක්. මට කිව්වේ ඒ පැත්තේ අවුරුදු හතරක් රස්තියාදු වෙලා තියෙන රත්නායක මහත්තයා.

1. මුලින්ම පරිසර වර්ණනාව. මේ විස්තර වෙන්නේ සුන්දර කටුබැද්ද ගම්මානයයි.

නෑසෙන ඇසෙන දුර මුහුදේ හෝ සද්ද
පිළියන්දල මොරටු පාරට අනුබද්ද
ටැක්නිකලය ගැන රට තුළ පරසිද්ද
සිරිලක සොඳුරු ගම්මානෙකි කටුබැද්ද


මං රත්නායක මහත්තයා එක්ක වලියක් දා ගන්න ඕනැ වුණාම නං සාමාන්‍යයෙන් කියන්නේ කටුබැද්දේ මාළු ගඳයි, පේරාදෙණියේ මල් සුවඳයි කියලයි. අද මොකටද ඒවා නේද?

අනික ඔය ටැක්නිකල් කතාව කිව්වහමත් කට්ටන්ට මල පනිනවා!

2. දැන් ඔය කටුබැද්ද කියන ගමේ තියෙන කැම්පස් එකේ ඉන්නවය කියන කොලු රැළ වර්ණනා කිරීමයි මේ කවියෙන් කෙරෙන්නේ.

රට හැම දෙස ළමුන් ඇවිදින් මෙම ගමට
ඉගෙනුම ලබති පෙර භවයෙදි කළ පවට
වසරක් නිමා වී ප්‍රතිඵල එන දිනට
කදිමට බීම අවැසිය මෙහි කොලු රැළ ට


අපේ රත්නායක මහත්තයත් ඔයින් එක්කෙනෙක්. හැබැයි මෙයා නං අපරාදේ කියන්න බෑ, බියර් විතරයි බොන්නේ. බියර් වුණත් ඉතිං බොන දවසට පොඩි බෝතල් හයකට වැඩිය කවදාවත් ම බොන්නෙම නෑ.

3. දැන් මෙන්න අපේ කයි-කතන්දරේ මූලික චරිත දෙක හඳුන්වා දෙන්නයි යන්නේ. එකෙක් සමරේ. අනිත් එකා රත්නේ. මුං දෙන්නා ෆර්ස්ට් ඉයර් එකට ආපු කාලේ ඉඳලම හොඳම යාළුවෝ කියලයි කියන්නේ. මේ කාලේ වෙනකොට කැම්පස් එක අවට බෝඩිමකයි පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ.

රට දෙකොනක ඉපිද හැඩි දැඩි වී සුරැකී
සපැමිණ කටුබැද්ද ගම්මානෙට පෙරකී
ගජ යහළුවන් වූ සොමි පොරවල් දෙකකී
සමරේ ජාඩියට රතනේ මූඩියකී


මෙතන ජාඩියට මූඩිය කියන්නේ, මං දන්න තරමින්, අර සඳුන් ගසේ සමන් වැල, රත්තරං කෙංඩියේ සිංහ තෙල්, හඳ පානයි, මද සුළඟයි වගේ හොඳ ගැළපීමක් ගැන කියවෙන උපහැරණයක්!

4. එදා විභාග ප්‍රතිඵල එන දවස. යාළුවෝ දෙන්නා ටිකක් අනුමත වුණා. මං හිතන්නේ හොස්ටල් එකේ දී හරි, කාගේ හරි බෝඩිමකදී හරි වෙන්න ඕනෑ සෙට් වෙන්න ඇත්තේ. ඔන්න ඊට පස්සේ දෙන්නා, ඒ දවස්වල නැවතිලා හිටපු බෝඩිමට පයින් ම යන්න පටන් ගත්තා.

ප්‍රතිඵල බලා සමරෙයි රතනෙයි දෙන්නා
මද පමණින් බොන්න ගොස් රතු ඉර පැන්නා
කබරය ඇද්දමුත් තව හිස කැරකෙන්නා
මිතුරන් දෙදෙන බෝඩිම වෙත ගාටන්නා


අන්න එතන ඉඳල තමයි හොඳ වැඩ ටික පටන් ගන්නේ!

මුං දෙන්නා මොන මරාලයක් කර ගනීද? වලියකට පැටලෙයිද? මොකක්ද මේ කුකුල් කතාව? ප්‍රශ්න වැලයි නේද?

පෝස්ට් එක දිග වැඩියි, වැඩියි, වගේ හින්ද ඒ කෑලි බදාදා ට දාන්නම්.

-කතන්දරකාරයා

ප/ලි:
දෙවන කොටසට ලින්ක් එක මෙන්න.
http://kathandara.blogspot.com/2011/04/two-cocks-of-katubedda-campus-contd.html

(image: http://www.mrt.ac.lk/)
(definition: http://en.wikipedia.org/wiki/Cock)

19 comments:

  1. :), කාලෙකින් ආපහු දිව්‍ය ලෝකෙ ගිය කතාව වගෙ මරු කතාවක්...

    ReplyDelete
  2. කලකින් කකා කවි කතාවවකට බැහැලා
    කලකින් වුනත් එහි කවි රස නැත මැකිලා

    එක නරකකි දකින්නේ මේ කවි දැකලා
    කුට්ටික්‍රමයටම ඇයි මේ කවි ගොතලා

    ReplyDelete
  3. හපොයි අයියේ.....අයි එහෙම කරේ....අපරාදේ හොදමහරියෙදි....

    ReplyDelete
  4. කටුබැද්දේ තොරතුරු අරගෙන එන්න...
    කුකුලන් දෙදෙනාගේ කතා පවසන්න..
    හිතුනා මටත් කතන්දරට දිරි දෙන්න...
    මගෙනුත් කොමෙන්ටුව දැම්මා මෙන්න...

    ReplyDelete
  5. මෙන්න කුෂ්වන්ත් සින්ග් මහත්තයාගේ පොතේ එන තවත් සත්‍ය සිදුවීමක්
    ඉන්දු චීන යුද්ධය (1962) කාලයේ ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය වුයේ ක්‍රිෂ්ණ මෙනොන්
    ඉන්දියාව මේ යුද්ධය පරාජය වුයේ ක්‍රිෂ්ණ මෙනොන් ගේ අකාර්යක්ෂමතාව සහ තම ගැත්තන්ට සැලකීම නිසා බව සින්ග් කියනවා
    කෙසේවුවත් ක්‍රිෂ්ණ මෙනොන් ගේ මරණයෙන් පසු එවකට ඉන්දියානු හමුදාපති මෙලෙස ඔහු ගැන පවසා තියෙනවා
    "Mr. Krishna Menon remained a bachelor all his life as was his father"

    ReplyDelete
  6. හහා...

    කවි නේද. කවි කිව්වම මට ජොලි කවියක් මතක් වුණා මොර‍ටුව ගැන. සෑහෙන්න පරසිද්ද කවියක්. පොඩි පොඩි සබ්වර්ශන් තිබ්බට මේන් තීම් එක එකමයි.

    ජපුරේ එවුන් හොඳ හොඳ ආතල් ගත්තා
    කොළඹ එවුන් එළ පොෂ් බඩු දා ගත්තා
    පේරේ එවුන් සෙනෙහසකට සිත බැන්දා
    මොර‍ටුවෙ අපි කළේ මොන කරුමෙද මන්දා

    සහතික ඇත්ත කතාව!

    ReplyDelete
    Replies
    1. මේකට ටිකක් සමාන එකක් අපි කටුබැද්දේ ඉන්න දවස්වලත් තිබුනා.
      මගේ නිර්මාණයක් නම් නෙවෙයි.
      හන්තානට පායන හඳ අපට නැත
      කොළඹ වගේ හැඩ පොෂ් බඩු අපිට නැත
      ජපුරේ වගේ එකට දෙකක් අපට නැත
      බීලා ගත්ත ආතල් නම් ඒමට ඇත

      Delete
  7. හා..හා...හොඳය් ඉතින් අපි බලා ඉන්නංකො බදාදා වෙනකන්. කවි කතාව ගතියට ඇති කියල හිතෙනවා.

    ReplyDelete
  8. මම මොරටුව කැම්පස් එකේ ඉද්දි දැකපු මඩ පත්තරේක තිබ්බ කවියක් තමා මේ.

    හන්තානට පායන සඳ අපිට නැතී
    කොළඹ වගේ හොඳ පොශ් බඩු අපිට නැතී
    ජපුර වගේ එකට හතක් අපිට නැතී
    බීලා ගත්තු ආතල් නම් එමට ඇතී..

    ReplyDelete
  9. ජාඩි බුජමට අනිවාර්යයෙන්ම මූඩියක් ඕනෙ. මූඩියක් නැත්නං අඩුම තරමෙ ඉටි කොලයක් හරි දාල කට බැඳගන්න ඕනෙ. නැත්නං පණුවො හැදෙනව කියලයි මම අහල තියෙන්නෙ.
    හැබැයි එහෙම හිතුවම නං එච්චර සුන්දර උපමාවක් නෙමෙයි. ඒත් රහනං හැම එකක්ම පරාදයි.

    ReplyDelete
  10. "ජාඩියට මූඩිය කියන්නේ, මං දන්න තරමින්, අර සඳුන් ගසේ සමන් වැල, රත්තරං කෙංඩියේ සිංහ තෙල්, හඳ පානයි, මද සුලඟයි වගේ හොඳ ගැලපීමක් ගැන කියවෙන උපහැරණයක්!"

    මීට වඩා හොඳ නැද්ද "අඹුඩෙයි පු*යි" වගේ කීවනං . . .???

    ReplyDelete
  11. එල කවි ටික කතාවත් එවගේම එල ඇති බලමු මේ ජාඩිය සහ මූඩිය වගේ මිත්‍රයෝ දෙන්නට මොකද්ද උනේ කියලා .. ඇත්තමයි තොරනක් බලන්න ගියා වගේ මාර ලස්සන කවි ටික ඒවගේම හිත් ඇදගන්න කතාව .. බලමු ..

    අවුල තමයි බදාදා වෙනකම් බලාගෙන ඉන්න වෙන එක ..කමක් නෑ හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙටනේ ...

    මගේ කවියේ අඩු පාඩු හැදුවට ස්තූතියි ඕං ..කතා අයියා ඔයා කවියට වැඩ්ඩෙක් කියලා මම ඉස්සර ඉඳන්ම දන්නවා ..

    ReplyDelete
  12. මරු මරු මරු මරු..........ඉක්මනට අනික් එකත් දාන්ඩෝ. කොහොමත් කටුබැද්දට වඩා පේරාදෙණියෙ මල් සුවඳයි.....

    ReplyDelete
  13. හික් හික් හික්.......!!!
    එල එල...!

    ReplyDelete
  14. මොරටුවෙ අපි සැවොම දන්නා එ සිප් හල
    කථා වලට පරසිද්දය සෑම කල.................
    ලස්සන කථාවක් හොඳ හැටි ගෙතෙන කල
    කතන්දරේ දැම්මා පල්ලම් පොල්ල.........

    ReplyDelete
  15. එක දවසක් මාර සටහනක් වගේ දිග එකක් දැම්මට කමක් නැතෝ.... කථාවේ ආතල් කුඩුය.......

    ReplyDelete
  16. @ All

    කයි-කතන්දරේ කියවූ, කියවා ප්‍රතිචාර දැක්වූ සැමට ස්තුතියි.

    ඔය කතන්දර කුට්ටි කරනවාය කියන චෝදනාව මට කලිනුත් ආවා. නමුත් ඉතිං දවස් කුලියට වැඩ කරන කොට ඔහොම තමයි.

    ඔන්න කොන්ත්‍රාත්තු ක්‍රමේට වැඩ නං ටක් ටක් ගාලා දවසකට කතන්දර දෙක තුනක් දාගෙන දාගෙන යන්න තිබුණා!

    දෙවන කොටසට ලින්ක් එක මෙන්න.
    http://kathandara.blogspot.com/2011/04/two-cocks-of-katubedda-campus-contd.html

    ReplyDelete
  17. පූරුවේ හතාගෙන ආ පවට
    නොහැකිවිය බැද්දට රින්ගන්ට
    මක්ක කොරන්ටද ලැබිච්ච් දේ පිලිගත් යුතුය
    ගියෙමි මමත් _ _ _ _ ට

    ReplyDelete
  18. ඊයෙ පෙරේදා දවසක මොරටුව කැම්පස් එකේ තිබ්බ කවියක් මේක.

    ආවෙ මෙහෙට සුර අඟනුන් දකින්නට
    ඉන්නෙම පට්ට යක්කුනේ මේ හතරවට
    එනමුදු එගොඩ වන්නම සිතුනානෙ මට
    අඟුරු උනත් මොරටුවෙ වෙයි මැණික් කැට

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.