Sunday 18 October 2009

ජනප්‍රිය 100 දිනය පසු කළා....!!!


කතන්දර බ්ලොග් එක අද ඔක්තෝම්බර් 18 දින සිය සාර්ථක සියවන (100) දිනය පසු කරයි. පසුගිය ජූලි 11 දින දා සිට ආ මේ ගමන සතුටුදායක එකක් බව අමුතුවෙන් කිව යුතුද?

මට ආපු feedback අනුව කතන්දර කියවීමට හුඟ දෙනෙක් ඛැමති බව පේනවා. දැනට page hits 10,500 පමණ ඇත. එයින් unique visitors 5,000 ද ඉක්මවයි. මගේ Facebook එකේ ද මිතුරන් 300 ක් පමණ ඇත.

අමතක වෙන්නට කලින් මගේ Blog මිතුරු මිතුරියන් සියළු දෙනාටම ස්තුති කරන්නට ඕනෑ. Thank You වේවා!

මේ සතුටුදායක දිනයේ මං අධිෂ්ඨාන කිහිපයක් කරන්නටයි මේ යන්නේ.

1. අද සිට දින තුනකට වරක් එක කතන්දරයක් ලියා පල කරමි. නැත්නං දැනට ඇති කතන්දර ටික කියන්නට මට මුළු ජීවිතේම ගතවෙනු ඇත.

2. මට ලැබෙන comment වලට reply කරන්නට ද මම අදහස් කරමි. මෙච්චර කල් එසේ කලේ අවශ්‍ය පරිදි පමණි. ඒ ද අළුත්ම පෝස්ට් දැමීමෙනි.

3. තවත් එකක් ඇත. එය දැනට මගේ හිතේ තබාගෙන ඉන්නම්. නිසි වෙලාවට, සමහර විට දෙසැම්බරයේ පමන, ඒ ගැන ලියන්නම්.

කතන්දරකාරයා.

පරණ කතන්දර මෙතනින් බලන්න. http://kathandara.blogspot.com

14 comments:

  1. මේ ගැන බො‍හෝ සතුටු විය හැකි වංචනියකයන් වෙත් නම් ඒ සියල්ලම මා පමණි. මන්ද යත් ‍මා ලියනා හෑලි බලන්නට ද මේ කතන්දර බ්ලොග් එකට යනෙන අය අතුරෙන් කීප දෙනෙක් එන්නේ යැයි මා විශ්වාස කරන බැවිනි.

    ඔබ 100 කරා යන විට අඩු ගානේ මම 10 කරා හෝ යන්නේ විය යුත්තේ යැයි සිහින දකිමි.

    ඔබට ද මට ද සුභ පැතුම්!

    මෙන්න දැන් ම‍ගේ ඇඩ් එක...

    මේ තමයි මගේ අලුත්ම කතාව :
    සුජාත පුත්‍රයන්ගේ වික්‍රමය

    මෙම කතාව බැරක් ඔබාමා විසින් ද කියවා ව්‍යාකරණ ප්‍රශස්ත බවටත් පොදු පාඨකයාගේ පරිශීලනයට සුදුසු බවත් නිර්දේශ කර ඇති බැවින් කිසිදු හිරකිතයකින් චකිතයකින් තොරව කියවන්න ආරාධනා කරමි.

    http://teraki.blogspot.com/2009/10/blog-post_17.html

    ReplyDelete
  2. උණුසුම් සුභ පැතුම් කතන්දර මාමේ... හැමදාම කතන්දරේ ගානේ ගෙනාවත් එපා කියන්නේ නැහැ...

    ReplyDelete
  3. කසුන් |18 October 2009 at 11:16

    1. අම්මෝ !!! කොහෙන්ද ඔච්චර කතා? :)
    2. >මට ලැබෙන වලට කරන්නට ද මම අදහස් කරමි.<
    ඒ කියන්නේ? තේරුණේ නෑ

    good luck !

    ReplyDelete
  4. jaya wewa . . . . !
    mage subha pathum. . . . .!!

    ReplyDelete
  5. සුභ පැතුම්!! ඔහොම යං :D

    ReplyDelete
  6. දවස් තුනකට වරක් කතන්දරයක් පළ කරන්නට ගත්තු තීරණය ගැන අපේ ඉමහත් සතුට...!!!
    සුබ පැතුම්....!!!!!

    ReplyDelete
  7. එළ එළ...
    ඔයාගේ කතන්දරවල මම කැමති දේවල් ගොඩක් තියෙනවා.
    1. කෙටියි.
    2. ඔලුව අවුල්වෙන වැල්වටාරම් නැහැ.
    3. සරළයි.

    දන්න කතන්දර ඔක්කොම කියන්න. ආසයි ඒවා කියවන්න.
    මේ ලියන විදියටම ලිව්වොත් එළම Eළ...

    කතන්දරකාරයාට ජයවේවා...

    ReplyDelete
  8. එක එකාගෙන් කයි කතන්දර අහන්නෙ නැතුව 100ක් ම ලිවුව මදැයි.. ජය... මෞර්ය ශක්තිය උදා වේවා....

    ReplyDelete
  9. කතන්දර මාමාට මගෙනුත් දිගු ගමනකට උණුසුම් සුභ පැතුම් !

    ReplyDelete
  10. මෙන්න මගෙන් පිළිතුරුඃ

    1. මට සුභ පැතු සියළු දෙනාටම මගේ ස්තුතිය.

    2. හකාවතී ගේ ඇඩ්වටීස්මන්ට් ක්‍රමය ගැන මට ස්නාය. ඔබට ද ජයවේවා.

    3. මං මේ වන විට ලියා ඇති නමුත් තවම පල නොකල කතා දෙසැම්බරය දක්වා සතියකට දෙක බැගින් දාන්නට තරම් තිබේ. අළුත් කතා ද ලියවෙන නිසා පල කිරීමේ වේගය වැඩි කළ යුතුව ඇත.

    4. මං අවුරුදු 18 දී දිනකට පේලි පනහක දිනපොතක් කූඹී කකුල් අතුරු වලින් ලියුවෙමි. මේ කතා ලිවීම මට සුළු දෙයකි.

    5. මගේ අරමුණ සරල කතන්දර කීමයි. භාෂාවද උවමනාවෙන්ම කතාකරන භාෂාවට හරවා ලියන්නේ එනිසාය.

    ජයවේවා!

    ReplyDelete
  11. සුභ පැතුම්... ඉදිරියටත් කරගෙන යන්න බ්ලොග් එක... නවත්තන්න එපා. :)

    ReplyDelete
  12. Best wishes to kathandara lamaya!! Ane mandda, anik weda kattauthu athapasu karaganna eppa.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.