Wednesday 4 June 2014

දුක යනු කුමක්ද? - No time to do anything!


චතුරාර්ය සත්‍යය ඕපන් සෝස් සංකල්පයකි යන මැයෙන් මම කලකට පෙර කයි-කතන්දරයක් ලියුවෙමි. ඒ මාත්‍යකාව හුදෙක්ම මා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ගත කළ මුල් කාලයේ ලියූ කවියකට පෙරවදනක් සැපයීම පිණිස සකසන ලද්දක් වූවද, මගේ ඒ ඕපන් සෝස් සංකල්පයකි යන හැඳින්වීමට අදාල කයි-කතන්දරය එය කියවූ කීප දෙනෙකු ගේ විවේචනයට ද ලක්විය.

අද නම් මම එවැනි බඹරුන්ට ගල් ගැසීමක් කරන්නට අදහස් නොකරමි.

මට කියන්නට අවශ්‍ය වී ඇත්තේ, දුක යනු කුමක්ද යන්නය. මෙය වර්තමාන කාලයේ මගේ පුද්ගලික අත්දැකීම් මත පදනම් වූ අර්ථ දැක්වීමක් පමණි. එසේම මෙය කවියක් හෝ කවියක් වගේ එකක් හෝ නොවේ.
  • දුක යනු-වාර්ෂික වැටුප් වර්ධක පසුගිය වසරේ සිට අවසන් වීමයි.
  • දුක යනු-වසරකට වරක් සිදුවන වැටුප් වැඩිවීමේ ප්‍රතිශතය පසුගිය වසරේ සිට අඩුවීමයි.
  • දුක යනු-වඩා හොඳ ජොබ් තුනකට බැල්ම හෙලුවද ඒ බලාපොරොත්තු සුන්ව යාමයි.
  • දුක යනු-කලින් සිටි එක බොස් වෙනුවට දැන් බොස් ලා දෙදෙනෙක්ම (බොස් සහ බොස් ගේ බොස්) සිටීමයි.
  • දුක යනු-වෙසක් මාසයේ ලයිට් සංදර්ශනය බලන්නට යෑමට නොහැකිවීමයි.
  • දුක යනු-ටෙලිවිෂනයේ නොයෙකුත් වැදගත් මාතෘකා ගැන නිපදවුණු ඩොකියුමෙන්ටරි සහ වෙනස් ආකාරයේ නාටක යානදිය තිබුණද, ඒවා නරඹන්නට කාලය නැතිවීමයි.
  • දුක යනු-උසස් කලා කෘති යැයි සම්මත චිත්‍රපට කිහිපයකම ඩීවීඩි තිබුණද ඒවා නරඹන්නට කාලය නැතිවීමයි.
  • දුක යනු-අළුතින් ගත් පොත් සීයකටත් වඩා අත ලඟම තිබුණද ඒවා කියවන්නට වෙලාවක් නැති වීමයි.
  • දුක යනු-ලියන්නට කතන්දර සීයකටත් වඩා තිබුණද, ඒවා ලියා කතන්දර බ්ලොගයේ පලකරන්නට වෙලාවක් නැති වීමයි.
දුක ඇතිවීමට හේතු ද සොයා ගත් යුතුයි!

-කතන්දරකාරයා

(image: http://irondance.blogspot.com.au/2011/06/enlightened-buddhist-master-nagarjuna.html)

54 comments:

  1. කොහොම වුණත් ප්‍රශ්නයක් නැහැනෙ අයියේ.... Then Don't worry.

    කියවන්න වෙලාවක් නැති පොත් ටික නම් වෙලාව තියෙන අපි වගේ අයට බෙදා හරින්නකො...

    ReplyDelete
    Replies
    1. කාලය මදිකම නිසා තරු රසී ට සහ සියළු දෙනාටම එක පිළිතුරක්.

      මේ මා ලියා ඇත්තේ මගේ ඊයේ දවසේ තිබුණු දුක් ගොඩයි. අද ලයිස්තඔව තරමක් වෙනස් ය. මෙහි නොලියූ දුක් ද ඇත.

      මා කුඩා කාලයේ දුටු වෙසක් කාඩ් එකක තිබුණු කවියක මුල් කොටස මෙහි ලියන්නම්.

      ඒම දුකකි
      යාම දුකකි
      ඒම යාම අතර දුකකි

      සියළු දෙනාගේම දුක් සංසිදේවා!

      Delete
  2. දුකක් දැනුනු සෑම විටකම දුකට පුං ගසන්න

    ReplyDelete
  3. වෙන අකුරු දෙකේ වචනවලටත් නිර්වචන ඉදිරියේදී ලියයිද?

    ReplyDelete
  4. හෙක් හෙක් දුක යනු අදාළ මොහොතට අදාලව ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන ආතල් එක නොලැබී යාමයි. එක නිසා දුක යනු බලාපොරොත්තුයි. බලාපොරොත්තු නැති තැන දුකක් නෑ.

    ReplyDelete
  5. හි හි fb එකේ නිතරම එක එක්කෙනා මගේ ලෝකේ සතුට යනු කිය කියා පෝස්ට් දානවා දැකලා තියෙනවා, ඒත් දුක ගැන දකින්න ලැබෙනවා අඩුයි, කකාගේ ලිස්ට් එක වගේම හැම මනුස්සයෙක්ටම ලිස්ට් එකක් ඇති, මටත් එහෙමයි. සාමාන්‍ය මිනිස්සු වෙච්ච අපිට ඕක පොදු ප්‍රශ්නයක්,,දුක ඇති නොවෙන මාර්ගේ දැනගත්තත් ක්‍රියාත්මක කරන්න අමාරුනේ අප්පා

    පුදුමේ කියන්නේ .පැතුම් අයියගේ ඊයේ පෝස්ට් එක දුක ගැන. ඔයාගෙත් ඒ සමානයි. ගිය සතියෙත් පැතුම් අයියගේ පෝස්ට් එක අනිවසරි එක, ඔයාගෙත් ඒකමයි , ඒකෙත් හැටි. .

    ReplyDelete
    Replies
    1. පැතුම් ගේ ඇනිවසරි පෝස්ටුව දැක මට දුක හිතුණා.

      එයට හේතුව එහි තිබුණු පැරෂුට් ගමනයි. මං ශිෂයෙක් කාලයේ ඔය වගේ තැනකට ගිය වෙලේ පැරෂුට් එකේ යන්න ආසාවක් ඇති වුණත් අතේ සල්ලි තිබුණේ නැති නිසා ඒ අදහස නැතිකර ගත්තා.

      දුක තමයි!

      Delete
  6. සතියක් විතර නිවාඩු දැම්මනං කකාගෙ සෑහෙන ප්‍රශ්න ඉවරයිනෙ .. :D

    ReplyDelete
    Replies
    1. බැහැනේ පත්තෙර්,සතියක් නිවාඩු දැම්මොත් ෆිල්ම් ටික බලන්න පුළුවන්.පොත් ටිකත් තරමක් දුරට කියවා ඉවර කරන්න පුළුවන්.එත් රස්සාවට අදාල ඒවාට විසදුම් ලැබෙන්නේ නැහැනේ එකෙන්.

      Delete
    2. ආං එතන පොඩි කොස්සක් තියනවා නේ බං :D

      ඔන්න එහෙනං කකාට ලොකු ප්‍රශ්න ටිකට අපි විසඳුමක් හොයල දුන්නා .. ඉතුරු ටික කකා විසඳගන්ඩ :D

      Delete
  7. පුක යනු-වාඩි වෙන්නට අවශ්යම දෙයකි
    පුක යනු-උදේ හවස සෝදා පිරිසිදු කලයුතු වටිනා වස්තුවකි
    පුක යනු - කාට හරි දී යම් වාසියක් ලබා ගත හෑකි දෙයකි
    පුක යනු - ................. (කාට හරි වෙලාවක් තියෙනම් ඉතුරු ටික ලියහල්ලකො බන්)

    ReplyDelete
  8. ලොල්ය ... ඔබට අනුව දුක යනු පඩි අඩු වැඩි වීම් වැනි බොලද දේවල්ය.. නමුත් හැපි බර්ත්ඩේ බුදු සාදු! යි කිවූ ඔබ ගැන පුදුම විය යුතු නොවේ.. ප්‍රශ්නය ඇත්තේ උතුම් දහමකට පහර දෙමින් තම පොරත්වය පෙන්වීමයි..

    ReplyDelete
    Replies
    1. ක(ක්)කා කියන්නෙ විචාර බුද්ධියක් නැති නමුත් සමාජ සම්මතයන්ට, බුදුදහම ආදියට පහර ගසමින් හිස් මිනිසුන් අතර වීරයෙක් වෙන්න උත්සාහ කරන තවත් එක් හිස් මිනිසෙක් පමනයි. ඔබ එවැනි අයෙකු නොවේනම් වදගත් ලිපියහෝ වැදගත් නිර්මනයක් පලකොට එය ඔප්පු කොට පෙන්වන්න

      Delete
    2. හා මචං, මං මේ කියනකං තමයි හිටියේ!

      Delete
    3. ඔව් ඉතින් ඔබතුමා කියන්න දන්නෙ ඔච්චර තමයි.

      Delete
  9. අර අන්තිම දුක නම් කකාට විතරක් නෙමේ කකාගෙ පාඨකයන්ටත් දුකක්.

    ReplyDelete
    Replies
    1. දුක දන්නෙ වෙන කව්ද - ඇස් දෙක තරම් :D

      Delete
  10. ඔය දුක විවිධ විදිහට වෙනස් වෙනවා.සාධකය ආර්ථික සමාජය.ගත්තු පොත් ටික කියවන්න විදිහක් නැතිව නිර්මාණ කරන්න විදිහක් නැතුව සහ කලාව රස විදින්න නැතුව දුක් විදින ඔබ සහ මා අතර ඇති පරතරයම ඊට හේතුවක් ලෙස ගත හැකියි.ලියූ දෙයක් පළ කර ගන්නට නොහැකිව,කරන්න හදන නාට්‍යයට ආධාරයක් කරන්න කියල සහෘදයන්ට කළ ඉල්ලීමට ප්‍රමාණාත්මක යහපත් ප්‍රතිචාර නොලැබ (http://chiththapata.blogspot.com/2014/05/blog-post_22.html) දුකෙන් ඉන්න මම සහ ඔබේ දුක වෙනස් කරන්නෙ ආර්ථිකයමයි.
    ආනන්දය සහ වින්දනය සම්පාදනය කරන කලා කෘතියකට එහෙම දෙයක් කරන්න පසුබාන සමාජය ඊට වඩා පෞද්ගලික වාසි රාශියක් දිනා ගත හැකි මහජන නියෝජිතයන්ට ඡන්ද කරන්න සල්ලි පරිත්‍යාග කරනවා.මේවා ගැන හිතද්දි දුකයි.කකාගෙ මරදානෙ පොතේ කැල් එකේ කතාව වගේ තමයි

    ReplyDelete
    Replies
    1. කකා, මෙන්න මෙයාට ලින්ක් එකක් දාන හැටි කියලා දෙන්න.

      Delete
    2. සිරාවටම කියා දෙන්න පුළුන්නම් මරු

      Delete
    3. You have to use the HTML anchor tag with the URL set as the value of its href attribute.

      Read it all here.
      http://www.w3schools.com/tags/tag_a.asp

      Delete
  11. දයල්බතීගේ දුක ගැන විග්‍රහය

    දුක යනු දුකම නොවේ
    අනවරත වෙනස්වීමයි
    වෙනස්වීම දරාගැනීමට නොහැකිවීමයි
    අනෙකාගේ දියුණුව දරාගැනීමට නොහැකිවීමයි
    මේවා තේරුම් ගැනීමට තරම් පුලුල් හදවතක් නොමැතිවීමයි

    ReplyDelete
  12. කකාගේ දුක විසඳන්න ටයිම් මැෂීමක් ඕනෑ!...

    ReplyDelete
  13. මෙයා මේ මගුලක් කතා කරනවා. අපි මෙහේ පොදු අපේක්ෂකයෙක් නැතුව පුදුම දුකක් විඳින්නේ. රඹුටමක් කන්නවත් සල්ලි නෑ.. ගෙදර ලයිට් නෑ.. එක ලයිට් එකෙන් දුවන්නේ.. කන්න නෑ. දත් මිටි විතරයි තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න බොන්න ඕනැ ප්‍රශ්නයක්. දැන් බලන්න රාජ්ට නම් ඔය එක ප්‍රශ්නයක් වත් නෑ. හවසට දෙකක් නවා ගත්තාම මොන ප්‍රශ්නද?

      Delete
  14. කකා ඕක ජිවිතේ ඔය කාලේ ගත කරන සාමන්‍ය පහේ කාටත් අත්විඳින්න වෙන දෙයක්. ජිවිතේ විවිධ දශක වලට අයත් සතුන් අතරින් කකා දැන් යන්නේ ගැල ඇදගෙන කන්ද නගින මැදි වයස් ගොං නාම්බගේ දශකය. no fun , just work. ඔය දශකයත් ගෙවපු මගේ ගෙදර අයිති ලෑන්ඩ් ලෝඩ් අංකල් ( 60 දශකයේ මොරටු මැවිසුරෙක් ) ගිය සුමානේ කතා කරනකොට කිව්වේ ...

    පුතා අපි තරුණ කාලේ මෙහෙ ආව , ගෙවල් ගත්ත, වැඩ කරා , ළමයින්ට ඉගැන්නුවා , තව ගෙවල් ගත්තා. මහන්සි වෙලා පුළුවන් තරම් වැඩ කළා. දැන් මට වයසයි. කිසි දෙයකට වැඩි ආසාවක් නැහැ. ඉස්සර මේ කාලේ වෙනකොට ඇවිදිනවා කියල හිතුවත් දැන් කොහෙවත් යන්න හිතෙන්නේ නැහැ. අන්තිමට හැරිලා බලනකොට මට කරගත්තු දෙයක් නැහැ.....

    ReplyDelete
    Replies
    1. සොහොනේ අපේ කකාට ගොනා කිව්වද :D චැහ්.

      Delete
    2. දැන් මේ කකා කියන පොල් බූරු වහන්සේ මේ බ්ලොග් එක ලියන වෙලාව පොල් පැළ හිටුවන්න වැය කළා නම් මෙළහට පොල්වතු සීයක විතර අයිතිකාරයෙක් නේද? එච්චර මොළයක් නැති නිසා පර හිත පිණිස බ්ලොග් ලිය ලියා ඉන්නවා. අපි කියන බූරු වහන්සේලාත් ඒවාට කමෙන්ට් දදා ඉන්නවා. අන්තිමට කවුරුවත් තමන්ට කර ගත්තු දෙයක් නෑ.

      Delete
    3. මේ කතාවටනම් මොනවත් නොකියා සිටිය නොහැකි ගතියක් දැනුනා.
      ලැප් එකක් විතරක් ළඟ තියාගෙන කෝච්චියේ යන එන ගමන් බ්ලොග් ලියන කකා පොල් පැල හිටවන්නෙ ඇනෝගෙ පුකේද?

      Delete
    4. @පත්තර මල්ලි
      නැතුව .... :)

      @Anonymous
      ඇනෝට විතරයි පොල් හිටවීමේ අගේ තේරුනේ. කකාට ගොනා කියල මට බුරුවා කියල අහගත්තා... :)

      @ට්‍රැ
      රෙෆෙරන්ස් දීමට අමතක නොකරන්. තමන්ගේ පුක සේම ඇනෝගේ පුකත් කකාගේ බුද්ධිමය දේපලකි.
      පුක (©2014 කකා , සියලුම හිමිකම් ඇවිරිණි )

      Delete
    5. ////තමන්ගේ පුක සේම ඇනෝගේ පුකත් කකාගේ බුද්ධිමය දේපලකි. පුක (©2014 කකා , සියලුම හිමිකම් ඇවිරිණි ) ////

      අම්මප සොහොනේ ආතල් කතාව බං ඒක.. :D

      Delete
    6. @මහසොහොන් පිල්ලිය,

      කකාට ගොනා කියාත් නැත. ඔබට බූරුවා කියාත් නැත. තොප්පි හරි නම් දාගත්තත් කමක් නැත.

      Delete
    7. හය වසරේ මට ඉංගිරිසි වලට ලකුණු 0/100. ඒ පාර ගේ ගාව ටියුෂන් පන්තිකයට දැම්ම. ඒ මිස් පටන් ගත්ත දවසේ ඉඳල මට කෑ ගැහුවේ බුරුවා කියල. ඒක නිසා මට තොප්පිය හරියටම හරි. මම දා ගන්නවා. ස්තුතියි ඇනෝ. :)

      Delete
  15. ලෝකයේ තියෙන්නේ එකම එක දුකකි. එනම් බාහිර පාරිසරික සාධක වෙනස් වන තරම් ඉක්මණින් අපේ සිරුරු (හා මොළය) පරිණාමය නොවීමයි. බාහිර සාධක වෙනස් වන වේගයෙන්ම අපේ සිරුර (හා මොළය) පරිණාමය වුණා නම් එක දුකක් වත් නැත.

    ReplyDelete
    Replies
    1. බාහිර සාදක වෙනස්වීමට සාපේක්ෂව සිරුර වෙනස් නොවුවත් ඊට සාපේක්ෂව සිත වෙනස්කරගත හැකියි. එබවින් දුක කියන්නෙ නැතිකරගතහැකි දෙයක්

      Delete
    2. ඇත්තටම පොඩි කාලේ දුක්වුණු සමහර දේවල් ගැන දැන් දුකක් නෑ!

      Delete
  16. ඩිසාස්ටරය තවමත් ඉවර නැත. ගෙදර ඉන්ටනෙට් නැත. විදුලිය ටිකක් ඇත. වෝල්ට් 230 ම නැත. කොම්පියුටර් සමහර වෙලාවට ඔන් කළ හැකි ය. (ඔන්කරනවා කියන වචනයට වෙනත් ආදේශකයක් නැති නිසා එහෙම භාවිතා කිරීම හොඳ ය.) මූ තව මඟුල් කතා කරනවා.

    ReplyDelete
  17. මම පින්තූරෙ ඩවුන්ලෝඩ් කරගත්තා... ඒක මාරයි. :)

    ReplyDelete
  18. මගෙ මිත්‍රයෙක් ඒ දවස්වල (අපි කෙටිකාලීන ජොබ් කර කර හිටපු කාලෙ) කිව්වෙ, "සල්ලි තියනකොට වෙලාව නෑ - වෙලාව තියනකොට සල්ලි නෑ" කියලයි.

    ReplyDelete
  19. //දුක යනු-ලියන්නට කතන්දර සීයකටත් වඩා තිබුණද, ඒවා ලියා කතන්දර බ්ලොගයේ පලකරන්නට වෙලාවක් නැති වීමයි.//

    මේක දුකක් වෙන්නේ කොහොමද? කතන්දර දාහකටත් වඩා ලියලා, තවත් සීයකටත් වඩා ඉස්සරහට ලියන්න තිබීම සතුටට කාරණයක් නෙමෙයිද?තාමත් සතියට 2, 3 දානවනේ.

    මට නම් දුක යනු සමහර බ්ලොග් පෝස්ට් මගහැරී යාමයි. ප්‍රශ්නය කාලයම තමයි.

    ReplyDelete
  20. දුක යනු, දුක බව දැන, දැනම එහිම එල්ලී සිටීමයි.

    ReplyDelete
    Replies
    1. අම්මේ .... පොඩ්ඩී කියල තියෙන්නෙ පරම සත්‍යයනෙ.. බැන්දෙ නැත්නං ඕක කවදාවත් තේරෙන්නෙ නෑ !

      Delete
  21. මට නම් දුක නිදාගන්න කාලය නැති වීමයි.....

    ReplyDelete
  22. දුක යනු දුක ගැන පමනක්ම සිතීමයි.

    ReplyDelete
  23. ඔබේ දුකට වැඩිම සාධකය වෙලා ඇත්තේ කාලය නේද? වැටුප් වර්ධක අවසන්ව ඇත්තේ එහි උපරිමටය ඇවිත් නිසානේ.

    ReplyDelete
    Replies
    1. කාලය නැති කම නේන්නම් - ප්‍රශ්ණවලට උත්තර දෙන්නවත් වෙලාවක් නෑ.

      Delete
  24. // දුක යනු-ලියන්නට කතන්දර සීයකටත් වඩා තිබුණද, ඒවා ලියා කතන්දර බ්ලොගයේ පලකරන්නට වෙලාවක් නැති වීමයි.//

    මෙන්න මේකටනම් අපිටත් දුකයි තමා ඉතින්..

    ReplyDelete
  25. සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. පැමිණි දුක් කඳ පැණිරසක් ලෙස බෝ සතුන් සිතුවෝ..
    ඉතින් එහෙනම් අපිත් ඉවසමු දුක්ක ගංගාවෝ...

    ReplyDelete
  28. මේක මම දැක්කේ වාහන සේවා සපයන ආයතනයකදී:
    දුක යනු ණයට සර්විස් කිරීමයි!
    -අමිල

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.