Tuesday 4 February 2014

ෆේස් බුකියට, බ්ලොග් ලිවීමට, කියවීමට, කමෙන්ට් කිරීමට ඇබ්බැහි වී ඇති දැයි දැනගන්නා ක්‍රමය මෙන්න! - Testing if you are really addicted to FB and Blogging!


ඕනෑම දේකට ඇබ්බැහි වීම හොඳ නැතිබව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ නේ.

අරක්කු බීම, සිගරැට් බීම, ගංජා, හෙරොයින් බීම වගේ දේවල්වලට විතරක් නොවෙයි, ගේම් ගැසීම, ෆේස් බුකියේ කල්මැරීම සහ බ්ලොග් ලෝකයේ සැරිසැරීම, ලිවීම, කීයවීම, කමෙන්ට් කිරීම වගේ දේවලටත් එකසේ ඇබ්බැහි වෙන්න ඉඩ තියෙනවා හොඳටෝම.

ඉතිං මොකක්ද මේ ඇබ්බැහි වීම කියන්නේ? කොහෙමද ඒ බව දැනගන්නේ?

උදේට, සවසට, තේ බොන්න කලින්, තේ බීව්වට පස්සේ, කෑමට පෙර, කෑමට පසු වගේ සිගරැට් බොන්න ඕනෑම නං ඔන්න ඇබ්බැහි වෙලා!

සති අන්තයේ ටිකක් විතර අනුමත වෙනවාට වැඩියෙන් හැමදාම හවසට දෙකක් නමාගන්න හිතෙනවා නම් ඔන්න ඇබ්බැහි වෙලා!

මං කලින් දවසක ලියපු බ්ලොග්වලට ඇබ්බැහි වීමේ කතන්දරේට මෙන්න පාර.
http://kathandara.blogspot.com/2012/09/blogcoholic-anonymous.html

මේ විදියට ඇබ්බැහිවීම ඇත්තටම සිද්ධවෙලා ද කියලා දැන ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒ දේවල්වලින් හිතාමතාම ඈත් වෙලා ඉන්නට උත්සාහ කිරීම.

එතකොට ඇත්තටම ඇබ්බැහිවෙලා නම් අර විත්ඩ්‍රෝවල් සිම්ටම්ස් කියන දේවල් දැනෙන්න පටන් ගන්නවා. ඒ තමයි ඇබ්බැහි වුණු ගත, සිත තමන් රුචි දේ නැති තැන ඒ ගැන දක්වන ප්‍රතිරෝධය!

උදාහරණයක් ලෙස මෙන්න සිගරැට් බීමට ඇබ්බැහි වුණු කෙනෙක් ඒක අතහරින්න හදන කොට දැනෙන විත්ඩ්‍රෝවල් සිම්ටම්ස්.

Urges to smoke
Depressed mood
Difficulty sleeping or sleep disturbances
Irritability, frustration or anger
Anxiety
Difficulty concentrating
Restlessness
Decreased heart rate
Increased appetite (hunger) or weight gain
Decreased adrenaline and cortisol (brain chemicals)
(http://www.quit.org.au/about/frequently-asked-questions/faq-smoking-withdrawal/faq-withdrawal-symptoms.html)

බුදු අම්මෝ නේද? ඒකයි ඔය ඇබ්බැහිකම්වලින් ඈත් වෙන එක හරිම අමාරු දෙයක් වෙලා තියෙන්නේ!

මං පසුගිය ජනවාරි මාසේ කරපු පොඩි පරීක්‍ෂණයකින් හොයා ගත්තා පස්පවෙන් එක්තරා පවකට මගේ ඇබ්බැහි කමක් නැති බව.

මට කිසිම විත්ඩ්‍රෝවල් සිම්ටමයක් දැණුනේ නෑ! ඒ කියන්නේ ඇඩික්ෂන් එකක් තිබිලා නෑ!

දැන් මං හොයන්න හදන්නේ බුකියට මගේ ඇබ්බැහිකමක් ඇතිවෙලාද කියලයි.

මගේ ප්ලෑන් එක අද සිට සතියක් ෆේස් බුක් එකට නොයා ඉන්නයි. මොකද මං මේ මෑත අතීතයේ ටිකක් වැඩිපුර බුකියේ හිටියාද කියලා මට සැක හිතුණා!

බලමු මොකද වෙන්නේ, විත්ඩ්‍රෝවල් සිම්ටම්ස් ඒවිද, ඒ මොනවාද කියලා.

මේකෙන් පස්සේ ඊලඟට බ්ලොග්වලින් සතියක් අයින්වෙලා මොකද වෙන්නේ කියලා හොයලා බලන්නයි මං ඉන්නේ.

සතියක් නිවාඩු දැම්මා නං, කෙලින්ම කොම්පියුටර් එකෙන්ම ඈත්වෙලා ඉඳලා බලන්න තිබුණා තත්වය!

-කතන්දරකාරයා

ප/ලි
මේ ආකාරයටම පස්පව් වලට, දස අකුසල් වලට ඇඩික්ට් වෙලා වගේ හිතේනවා නම් ඒවායින් අයින් වෙලා බලන්න පුළුවන් ඇත්තටම තත්වය!

((image: TBA))

79 comments:

  1. මම නම් දැන් ගොඩක් දේ වලින් ඈත් වෙලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. උපන් රටෙනුත් ඈත් වෙලානේ ඉන්නේ..!

      Delete
    2. විහිළු නොදන්නා විහිළුකාර අංකල්!

      Delete
    3. M.Kenji et M.Conteur,

      Vous pouvez être physiquement loin de Sri Lanka. Mais vous pouvez y rester mentalement.

      Delete
  2. අද සිට එක පොස්ට් එකකට එක කමෙන්ට් එකක් පමණක් දැමීමට මේ ලිපිය කියවීමෙන් පසු ඉටා ගතිමි.

    ReplyDelete
    Replies
    1. එතකොට මේ කමෙන්ට් එක?

      Delete
    2. අපිනම් කෙනජිට අබ්බැහිවෙලා ඉන්නේ. නැද්ද කෙන්ජි මාමේ.

      Delete
  3. ෆේස්බුක් එකට ඇඩික්ට් වෙලා නම් ඒක මග ඇරගන්ඩ පොතක් පතක් කියවන්න පුරුදු උනා නම්?.
    …මම් නම් එහෙම කරනව,

    ReplyDelete
    Replies
    1. පොත් කියවීමේ මොනවා අමුතුවෙන් පුරුදු වෙන්නද? ඒකත් ඇඩික්ෂන් එකක්.

      Delete
  4. මම නම් දැනටත් බුකියේ නොයන තරම් ...කකා සතියක් නොලියා ඉන්නද හදන්නේ ?????

    ReplyDelete
    Replies
    1. ඔව්, පොඩි පරීක්ෂණයක්.

      සහෝ දරට නම් බ්ලොග් ලිපි පවා ලියවෙනවා නේද?

      Delete
    2. අපිත් ඒ සතියේ ටෙස්ට් එකක් කරනවා. කකාගේ බොගට ඒ සතියේ එන්නේ නැතිව ඉන්න.
      -ං ???? ං-

      Delete
    3. අනේ මන්දා කකා ,මම ඉල්ල ගෙන දා ගන්න ලෙඩ නේ ,හොද නෙවෙයි නේ කියලා තියෙන්නෙ

      Delete
  5. ඔය ඇබ්බැහිකම් වලින් ඈත් වෙන එක නම් හරිම අමාරු දෙයක්...

    කොහොම වුනත් ෆේස් බුක් එකෙන් සතියක් ඈත් වෙලා ඉන්න හිතුවට බ්ලොග් එකෙන් නම් සතියක් ඈත් වෙලා ඉන්න හිතන්න එපා...

    ReplyDelete
    Replies
    1. දැනට අදහස ටෙස්ට් කිරීම පමණයි. පස්සේ තීරණය කරනවා කවදාද කඩේ වහන්නේ කියලා.

      Delete
    2. @Monsieur Conteur,

      S'il vous plaît ne pas fermer la boutique.

      Delete
  6. මම නම් බ්ලොග් වලට (කියවන්න සහ කොමෙන්ට් කරන්න ) ඇබ්බැහි වෙලා කියලා පරීක්ෂණයකින් තොරවම ඔප්පු වෙලා තියෙන්නේ. මොකද කරන්නේ කියලා මම කල්පනා කරන්නේ...

    ReplyDelete
    Replies
    1. තිසර ගේ බ්ලොග් එක ලියන එක නම් කුසි අවුලක් නැතුව නැවැත්තුවා නේද?

      Delete
  7. දැන් එතකොට සතියක් කකා බ්ලොග් නොලියා ඉන්නද යන්නේ ....? මමත් හිටපු ගමන් ඔය වැඩේ කරනවා හැබැයි දවස් තුනකට වඩා ඉන්න බෑ. ඒ කියන්නේ ඇබ්බැහිවෙලා නේද?

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තමයි පේන්නේ.
      මං නං මීට කලින් try කරන්න හිතලාවත් නෑ.

      Delete
  8. ඔය වැඩේට තව සතියක්එකතු කරගන්න. ප්‍රථිපල තියෙයි

    ReplyDelete
    Replies
    1. වරදවාගන්න එපා. මං මේ කරන්න යන්නේ පරීක්ෂණයක්.

      මෙහි අපේක්ෂිත ප්‍රතිපලය
      1. මට addiction එකක් තිබේ යැයි වටහා ගැනීම
      2. එවැන්නක් නැතිබව දැනගැනීම
      යන දෙකෙන් එකක්.

      එනිසා ඔබ පවසා ඇති දේ අදාල නෑ.

      Delete
  9. කාලයක් මම බීමට තදින් ඇබ්බැහිවෙලා හිටියා මම ඒක නැවැත්තුවා. මම පුදුමවිදියට බීම නැවැත්වීමට ඇබ්බැහිවුනා. ඒකෙන් ගැලවෙන්න මට ඊටවඩා ආමාරුවුනා. 
    ඉන්දරේ

    ReplyDelete
    Replies
    1. නවත්තන්න අමාරුය කියන්නේ ඇබ්බැහිවෙලා!

      Delete
  10. මම නං වැල් බලන්නයි, වැල අදින්නයි තමයි ඇබ්බැහි වෙලා ඉන්නේ. කකා එව්වට ඇබ්බැහි වෙලා නැද්ද?

    ReplyDelete
  11. ලක්මාල් කන්දෙවිදානෙ (අටම්පහුර)January 17, 2013 at 11:19 PM

    මේ කක්කා කතන්දරකාරයෝ . අනුන්ගේ පුකවල්වල ඇගිලි නොගහා ඉස්පිරිතාලයකට ගිහින් බොහෙත් ටිකක් ගන්නවා ,

    අනුන්ගේ එව්වා අනුමත කොරන්ඩ , ලියන එව්වායේ සදාචාරය හොයන්ඩ කලින් , තමුන්ගේ ගෙදර ඉදන් තුච්ච විදිහට අනිත් එවුන්ට අපහාස කරන එක නවත්තලා දානවා.

    එහෙම කරන්නේ තමුන් නෙමෙයි කියලනේ තමුන් කියන්නේ , හරි අපි එහෙමමයි කියමුකෝ , මී බෙට්ටක තරම්වත් මනුස්සකමක් තියන මනුස්සයෙක් නං ඇයි හලෝ ඔය විදිහට අනිත් එවුන්ගේ තිරිසං ආතල්වලට ඉඩදෙන්නේ.

    අපිනං ආයිබොවං දෙකයි පනහේ කාලකන්නි කබ්බෝ , තමුන්නැහේ ඉතින් උගත් , බුද්ධිමත් , වැදගත් , පොරනේ , මොකදෑ ඉතින් ඔය දෙලොවටම නැති දහපත්දුරා වැඩ කරන්නේ . ඉන්නවකෝ මහත්තයෙක් වගේ ,

    තමුන්නැහේ සිංහල බ්ලොග් ලෝකයේ හෙන පොරක් තමා , ආයේ ඉතින ඒකේ විවාදයක් නැ , අති මහත් සේවයක් කොරලත් තියනවා සිංහල බ්ලොග් වලට ,

    ඒ උනාට අමතක කරන්ඩ එපා ලොක්කා , සිංහල බ්ලොග්වල . නිසිබලධාරියාවත් , අයිතිකාරයාවත් නෙමෙයි තමුන්,

    නිකං ගුමුට්ටි අතින් අරං එලුවේ හලාගන්නේ නැතුව දැන්වත් ඉන්නවකෝ මනුස්සයෙක් වගේ.

    ලක්මාල් කන්දෙවිදානෙ (අටම්පහුර)January 17, 2013 at 11:24 PM

    ආ අමතක උනා දැන් ඉතින් මතක් කරලා තමුන්නැහේගේ බල්ලෝ රැල ලෙහලා උසිගන්නනවා,

    අහලා තියනවද කතාවක් (කතන්දරකාරයා හින්දා අහලා ඇති)

    බල්ලොත් එක්ක බුදියපුවහම මැක්කොත් නැගිටින්ඩ උනේ ඉස්සරකාලේ , දැන් ලංකාවේ බල්ලොත් එක්ක ලැග්ගහම නැගිටින්ඩ වෙන්නේ බලු පැටවු එක්ක

    ReplyDelete
    Replies
    1. Monsieur Conteur,

      Je ne peux pas comprendre. Pourquoi ce blogueur est tellement en colère?

      Delete
    2. Monsieur/Madame/Mademoiselle ලක්මාල් කන්දෙවිදානෙ,

      Pourquoi êtes-vous en colère contre Monsieur Conteur?

      Delete
    3. ලින්ක් එක බැලුවා. එතැන අපේ කකාගේ කලිසම ගලවලනෙ. කකාගෙ බ්ලොග් එකේ ඇනෝ කමෙන්ට් දාන්නෙත් කකාමලු. අනේ යකෝ, කකාට ඒ තරම් නිර්මාණශීලීත්වයක් තිබුණොත් බැරියැ! අඩුගානෙ ඔය ලියන පෝස්ට් වලින්, දාන නීරස කවි වලින් වත් පේන්නෙ නැද්ද කකාට ඇනෝලට තරම් නිර්මාණශීලීත්වයක් නැහැ කියලා?

      Delete
    4. Monsieur ලක්මාල් කන්දෙවිදානෙ,

      Merci.

      Delete
  12. කකා බුකියට ඇබ්බැහි වේලා.මං දැක්කා කකා කොමෙට් ඒකකින් බුකීයේ වෙන දෙයක් ගැන තහනම් වචන වලින් අහලා තියෙනවා.
    සිගරට් නතර කරලා පුරුද්දට කොළයක් ඔතන් බොනවා වාගේ වැඩක් නොවැ!

    ReplyDelete
    Replies
    1. ඇයි නිකටින් පැච්, නිකටින් ඉලෙක්ට්‍රොනික් සිගරැට් හෙමත් තියෙන්නේ.

      Delete
  13. ඇබ්බැහියනම් හොන්ද වැඩක් නෙවි තමයි......... මමත් ඔය බය නිසාම තමයි පුළුවන් තරම් කල් ඇර ඇර පොස්ට් ලියන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි!
      සමහරවෙලාවට මේක කොටිවල්ගයක් වගේ!

      Delete
  14. කකාට විශේෂ වැඩකටයත්තක් හෝ ගමනක් බිමනක් යෙදිල තියනවැයි... සතියක් බ්ලොග දිහා නෑවිදින් ඉන්න.....

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ, නොවැම්බරයේ චාරිකාවක් ගිහින් ආවානේ!

      Delete
  15. තමන්ගෙ බ්ලොග් එක නොලියා අනුන්ගෙ බ්ලොග් වල කොමෙන්ට් දාන එක එක අතකට ලේසියි කියල මට හිතෙනව

    ReplyDelete
    Replies
    1. ඇයි, අනුන්ගේ බ්ලොග්වල අනුන්ගේ කමෙන්ට්වලට උත්තර දෙන එක?

      Delete
  16. ම්ම්.. බ්ලොග් වලට නම් මං ඇබ්බැහි වෙලා වගෙ. ෆේස් බුක් නම් යන්නෙ බොහොම ටික වෙලාවකට විතරයි..

    ReplyDelete
    Replies
    1. මං ඊලඟට අයින්වෙලා ඉන්න හදන්නේ බ්ලොග් එකෙන්.

      Delete
  17. සිගරට් එකෙන් අයින් උන වෙලේ හැබැයි ඔය ලක්සන නම් අවේ නැහැ.මොකද ඒ වෙලාවේ මට සිගරට් බොන්න තරම් වෙලාවක් මතුක් උනේ නැහැ.පස්සේ වැඩ ඉවර උනාම තමා මතක් උනේ සිගරට් එකක් බිවේ නැහැනේ යකෝ සති තුනකින් කියල.එයිට පස්සේ හිමිට යට ගහල දැම්ම ආයේ බිව්වේ නැහැ.
    මමත් ෆේස්බුක් එකට නම් ඇබ්බැහි වෙලා ඉන්නේ . කකා ලියන එක නවත්තයිද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. හැම දෙයක්ම තාවකාලියකයි.
      ලියන එකත් දවසක නතරවෙයි!

      Delete
  18. මගේ නම් ලැප් එකට කෙලවෙලා නිසා සතියක් නෙමෙයි ඊටත් වැඩියෙන් ඔය දෙකම නැතිව අගේට ඉන්නවා.. ඒත් ඉතින් ගෙදර ආපු ගමන් ගොන් පීටර් එක්ක තමයි වැඩිපුර ඉන්නේ. ඒකෙන් පොත් පත්තර කියවන එක අඩු වෙලාම ගියා.

    අර නැතිව ඉන්න දවස් ටිකෙත් අවුලක් නෑ.. මොකෝ කියන්නේ කකා.. ඔට්ටුවක් දාලා.. මාසයක් විතර ඉමුද...?

    ReplyDelete
    Replies
    1. දැම්ම නොවෙයි, ජුලිවලින් පස්සේ!

      Delete
  19. හරි හරි කොරල බලමුකෝ...
    මාත් හත් අට වතාවක්ම නැවැත්තුවා..


    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ජයග්‍රාහී දෙවන දිනය පසුවෙමින් ඇත!

      Delete
  20. එක ඇබ්බැහි වීමකින් මිදෙන්න තව දේකට ඇබ්බැහි වීම සාර්ථක විකල්පයක්...මං බ්ලොග් වලිනුයි බුකියෙනුයි ඒ විදිහට අවුරුද්දක් ඇත් වෙලා හිටිය :D

    ReplyDelete
    Replies
    1. ඉතාමත් සතුටුයි ඒ ගැන. ඇයි ආපසු එන්න හිතුණේ!?

      Delete
  21. සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගන්නා එවුන් වැඩි හරියක් දවස් ගණනක් යන්නත් කලියෙන් රා බීපු මීයන් වෙනවාය. ඉන්පසුව උන්ට තමන් තරම් එකෙක් නැත. අට පාස් නැති එකාත් සරම උස්සාගෙන සුචරිත ගම්ලත්ට චැලෙන්ජ් කරනවාය. සරම උස්සන කොට කුට්ටම එළියේ කියා නොපෙනෙන්නේ ඌ දේශප්‍රේමී ගංජා ඇති පදම් ඇද ඇති නිසාය. ඌ හිතන්නේ යුද්දෙ දිනුවේත් ඌ නිසා කියලාය. ඊට පස්සේ ඔය ඒ ජාතියේම එවුන් ටිකක් යන බ්ලොග් හමුවකට දෙකකට ගොස්, ජීවිතේ පළමු වතාවට මයික් එකෙන් වචන දෙකතුනක් කතා කරන්න ලැබුණාම පොරක් වෙලා ආයේ එහාටයි මෙහාටයි හැම පැත්තකටම නෙළන්න පටන් ගන්නවාය. ගෙදර ගෑනිගෙන් ගන්න බැරි දේවල් වල ඇරියස් වෙන ගෑනුන්ගෙන් ගන්න එවුන් ඒවාද ලුණු ඇඹුල් දමා බ්ලොගේ ලියනවාය. කල වයස පැණ ගිය වියපත් බඹරුන් ඔය කෑලි දෙකතුනක් ලියන දේත් පත්තරේ දමා හෝ පොරවල් වෙන්න බලනවාය. ඒ අතර සමහරු බ්ලොගේ කොටා සමාජවාදය උදා කරන්න දඟලනවාය.

    කකා මේ පිස්සු ලෝකයෙන් ටික කාලයක් වත් ඈත් වී ඉන්න සිතන එක හොඳය. බ්ලොග් ලියා පොරක් වූ එකෙක් නැත. වැඩිම වුණොත් ඔය සුරුට්ටුවක්, කැමරා එකක් හෝ හතළිහ පැණ කවුරුන්ගේ හෝ කරේ එල්ලෙන්නට බලා ඉන්නා නාකි ගෑනියෙක් හොයා ගන්න පුළුවන. දැන් නම් ණයක් ගන්නත් බැරිය. කොහොමටත් කකාට ඕවායින් වැඩක් ඇතැයි නොසිතමි.

    ReplyDelete
    Replies
    1. ආහ්, සුරුට්ටුවක් ගැනත් කතාවක් තියෙනවා ලියන්න!

      Delete
    2. AnonymousFebruary 4, 2014 at 12:42 PM

      ++++++++++++++++++++++++++++++++++++

      Delete
  22. ඇබ්බැහියක් වෙන්නත් පුලුවන් මට නම් අනිත් වැඩසේරම ඉවර උනහම බුකිය තමයි. ඒකෙත් ආතල් අඩු නම් බ්ලොග් තමයි..

    ReplyDelete
    Replies
    1. වෙනිට වෙන නරක පුරුදු හෙම නැද්ද? ඇයි අර ෆොටෝ ගැහිල්ල?

      Delete
  23. අපොයි මමනං හොඳටම ඇබ්බැහිවෙලා වගෙයි. හැබැයි ළඟපාතක නෙට් තියෙන කොම්පියුටරයක් තිබුණෙ නැත්තං ඕකෙන් මිදෙන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. ඇබ්බැහිය බ්ලොග් ලිවීමට නේද? කියලා වැඩක් නෑ!

      Delete
  24. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියනවනෙ.

    හප්පෙ ඒත් ඉතින් සතියක් මේවයෙන් ඈත්වෙනවා කියන්නෙ සෑහෙන්න හිතන්න වෙන ප්‍රශ්ණයක්.

    ReplyDelete
    Replies
    1. බොන්න වෙන ප්‍රශ්නයක්!

      Delete
  25. පස්පව් වලට, දස අකුසල් වලට වගේම, පන්සිල් වලට දස'පුන්‍යක්‍රියා වලට එහෙමත් ඇඩික්ට් වෙලා ඉන්න අය බොහොමයි.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ. අනිත් අයව අපායේ යවන්නත් හදනවා ඒ සමහරු!

      Delete
  26. මමත් බොහොමයක් දේවල් වලට ඉක්මනින් ඇඩික්ට් වෙන ගතියක් තියෙනවා. ඇඩික්ට් වෙනවා වගේම ඒවායින් ගැලවෙන්න පුළුවන් කමක් තියෙන එකත් මට මගේ අත්දැකීම් වලින්ම තහවුරු වෙලා තියෙනවා. මට මේ බ්ලොග් වැඩෙන් නම් ඇඩික්ට්වීම ගැන අත්දැකීම වෙනස් වෙලා වගේ. මොකක් හරි කියවන්න, ලියන්න,කමෙන්ට් කරන්න ඕනෙම වෙලා. ෆේස්බුක් එකනම් මට කවදාවත් ඕන වුනේ නැහැ ටික කාලයකින් පසු.

    ReplyDelete
    Replies
    1. අරූ නං පටන් තග්තේ මතකය අළුත්කරන ව්‍යයාමයකට නේ?

      Delete
  27. අනේ අය්යේ හරිම ලස්සනයි ඔයාගේ ලිිපිය මම හුස්ම ගන්නේ නැතුව ලිපිය එක හුස්මට කියෙව්වේ මේ ඇත්තමයි. පුදුම රසවත්කමක් තිබුනේ ලිපියේ. ඒ වගේම ලිපිය මඟින් ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා. අය්යාට පින් අය්යේ මෙහෙම දැනුවත් මේ ලිපිය හරහා අපිට ලබලා දුන්නට.

    ReplyDelete
  28. මුහුණු පොතටනම් දුවන්නේ ඉදලා හිටලා.. ඒත් ඉතින් බ්ලොග් ගැන කියනවනම් ඉඩක් ලැබුන ගමන් දුවන් එන්නේ මේ පැත්තේ.. රෑ නිදිමරන් පෝස්ට් ලියන්නේ කියවන්නේ ඉතින් තියෙන ඇබ්බැහිය හන්දා වෙන්න ඇති.. මේකෙන් ඈත් වෙන එක ඉතින් අනේ මන්දා..

    ReplyDelete
    Replies
    1. කැමැත්ත තියෙනකම්, ඒකෙන් වින්දනයක් ලැබෙනකම් ඈත්වෙන්න එපා!

      Delete
  29. කමෙන්ට් නැවැත්තුවා :- ))

    ReplyDelete
    Replies
    1. මීට කලින් නැවැත්තුවානේ ඉංගිරිසියෙන් කමෙන්ට් කිරීම නේද?

      Delete
  30. විත්ඩ්‍රෝවල් සිම්ටම්ස්

    මට මේවා මැවි මැවි පේනවා කකා..

    ReplyDelete
    Replies
    1. මටත් කියන්නෙ කෝ දැනගන්න ආසයි!

      Delete
  31. මමත් දැන් බ්ලොග් කියවන්න ඇබ්බැහි වෙන්න යනවා. බේතක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ජාපාල ඇටයි , අරළු කුඩුයි පින්නේ තියපු තැඹිලි වතුරේ දිය කරලා බීපන් මචං. අත්දුටුවයි සත්තයි!

      Delete
    2. හා මචං!

      Delete
    3. අනාගතේට බේත් අද බොන සිරිතක් නෑ නේ.
      නැති ලෙඩ ඇතිවෙන්න පුළුවනි!

      Delete
  32. ගමන් බිමන් වැඩි නිසා බලෙන්ම වගේ ඔය කියන ඇබ්බැහිවලින් මමත් දැන් ගැලවිලා ඉන්නේ. ඒත් වෙලාවක් ලැබෙනකම් ඉන්නේ බ්ලොග්වලට ගොඩ වෙන්නනම්

    ReplyDelete
    Replies
    1. මං ලබන සුමානේ බ්ලොග්වලිනුත් සතියකට ගැලවිලා බලන්නයි ඉන්නේ!

      Delete
  33. මේක නං මාර සමපාත වීමක්.

    මං ෆේස්බුක් භාවිතය සතියකට නවත්වලා තියෙන්නේ හරියටම ෆේස්බුක් එකේ දහවෙන සංවත්සරය දවසේයි!

    ReplyDelete
  34. @ All
    ෆේස්බුක් භාවිතය අතහැරලා දෙවෙනි දවසත් වෙීගෙන යනවා.

    තාම නං කිසිම පශ්‍ර්ණයක් වුනේ නෑ. කොටින්ම හාමිනේ ඇගේ කම්පියුටර් එකේ බුකිය වගේ යමක් බලනවා දැක මං ඒ දෙස ආපසු නොබලා මග හැර ගියා.

    මේක හරිම ලේසියි. ඒ කියන්නේ නෝ ඇඩික්ෂන්! ඉතුරු දවස් ටිකත් මේ වගේම ගෙවිලා යාවි!

    සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.