Saturday 8 February 2014

ගොරක යකා, දත් දොස්තර යකා සහ පිස්සු යකා - He is still around!


බහුතරයක් පොඩි එවුන් වගේම මාත් පොඩි කාලේ දෙමව්පියන්ගෙන්, ආච්චී සීය ලා ගෙන්, අනිත් වැඩිහිටියන්ගෙන් රසවත් කතන්දර අසා දැනගෙන තියෙනවා.

අපේ තාත්තා නිතරම අපිට කියපු කතන්දරයක් තමයි ඉබි පැටව් තුන්දෙනා ගේ කතන්දරේ. ඒ ගැන මං අවුරුදු තුනකට විතර කලින් දවසක ලිව්වා.
http://kathandara.blogspot.com/2010/04/blog-post_24.html
(මාතලංට නම් ඒ කඳුළු කතන්දරය සමහරවිට මතක ඇති?)

ළමයින්ට කියන සාමාන්‍ය සුරංගනා කතාවලට වැඩියෙන් මගේ සිත ගත්තේ නං යක්කු ගැන කතන්දරයි. ඒකට හේතුව සමහර විට ඔය කියන සුරංගනාවෝ කියන කට්ටිය බොහෝවිට බටහිර චරිත වීම වෙන්න ඕනෑ. අපි ඉතිං කවදත් කැමති දේශීය දේවල්වලට නේ! අන්න ප්‍රායෝගික ජාතික චින්තනය!!

මේ ඊයේ පෙරේදා ඉස්සර පොඩි කාලේ අහලා ඉගෙන ගත්තු යක්කු ගැන කතන්දර තුනක් මතක් වුණා.
1. ගොරක යකා
2. දත් දොස්තර යකා
3. පිස්සු යකා.

මෙන්න මුලින්ම ගොරක යකාගේ කතාව.

ඔන්න එක ගමක් අද්දර කැලයක ලොකු ගොරක ගහක් තිබුණා. මේ ගොරක ගහට අරක් ගත්තු යකෙක් හිටියා. කිසිම නිර්මාණශීලීත්වයක් නොතිබුණු මුගේ දෙමව්පියෝ මූට දාලා තිබුණු නම තමයි ගොරක යකා.

දවසක් මේ ගමේ හිටිය ගමරාල කෙනෙකුට හිතුනා හේනක් කොටන්න. දන්නවානේ ඉතිං ඕනෑම ප්‍රොජේක්ට් එකක් පටන් ගන්න කොට ඉස්සෙල්ලාම කරන්න ඕනෑ දේ ගස් ටික කපන එක බව. දැන් ගමයා ගොරකා ගහ කපන්න පටන් ගත්තා විතරයි, ගොරක යකා නිකං විදුලි පුටුවකට දක්කන ගොං වස්සෙක් වගේ බයවෙලා ගමයා එක්ක සාම සාකච්ඡාවකට ආවා. අන්තිමේ දී වැඩේ සමතයකට පත්වුනේ යකා ගමයාට හැමදාම ගොරකා මල්ලක් දෙන්න පොරොන්දු වෙලයි.

ගමයා ගොරකා ගහ මගහැරලා වෙන පැත්තකට වෙන්න හේන කොටන්න පටන් ගත්තා.

සතියක් දෙකක් යන කොට ගොරකා යකාට මේ වැඩේ අමාරුකම තේරුණා. ඌ කෙලින්ම ගිහින් යක්‍ෂ මණ්ඩලේට පැමිණිලි කළාම එතැනින් ලොකු යකෙක් ආවා ගමයාව බයකරලා මේ කප්පං දෙන වැඩේ නවත්තන්න.

මේ දෙවෙනි යකා ගමයාව බය කරන්න ඉස්තෝප්පුවේ ඇඳ යට හැංගිලා ඉන්න කොට, වැඩකරලා කෑමට ගෙදර එන ගමයා යකෙක් කන්න බඩගිණියි කියන එක ඇහිලා අන්තිමේදී එක මල්ලට දෙමල්ලක් ගොරකා දෙන්න පොරොන්දු වෙලා තමයි කේස් එක සෙටල් වුණේ!

ඔය වගේ මෝඩ හොරක යකාලා දැන් මේ ලෝකේ නෑ මයෙ හිතේ.

මෙන්න දෙවෙනි කතාව - මේක දත් දොස්තර යකෙක් ගේ කතාවක්.

ඔන්න එක ගමක හිටියා ටිකක් දත් බොල්ලෑ මිනිහෙක්. පොර දවසක් හොඳට රා බීලා, දඩමස් හෙම කාලා අම්බලමක නිදාගෙන ඉන්න කොට අර දඩමස් පුසුඹට එතැනට ආවා යකෙක්. යකා බඩගින්න වැඩිකමටද කෙරුවේ මේ මිනිහා ගේ දත් ගලවලා ඒවා අස්සේ රැඳිලා තිබුණු දඩමස් කෑලි කාපු එකයි. පස්සේ අර දත් ටික ආපහු කටේ හයි කෙරුවා.

මිනිහා පහුවදා ඩෝප් හිඳිලා බලද්දී ඉස්සර තිබුණු බොල්ලෑව නැත්තටම නැතිවෙලා. දත් දොස්තර යකා දත් දෙපේලිය ම හරිම ක්‍රමවත්ව හිටවලා!

ඕක දැකපු මේ මිනිහගේ මායියාටත් ඕනෑ වුණා, තමන්ගේ දන්ත කල්‍යාණයත් යකාට කියලා නිකං පර්ල් නෙක්ලස් එකක් වගේ සෙට් කරගන්න.

ඉතිං මේ මනුස්සයත් එක දවසක් රෑ හොඳට දඩමස් කෑලි දත් අස්සේ හිරකරගෙන අම්බලමේ නිදා ගත්තා. එදත් දඩමස් සුවඳට යකා එතනට ඇවිත් දත් දොස්තර වැඩේ කර කර ඉන්න කොට පොරට වෙන හදිසි කන්ට්‍රැක්ට් එකකට එන්න කියලා එස්එම්එස් එකක් ආපු නිසා යකා කෙරුවේ උදුරපු දත් ටික එහෙන් මෙහෙන් ඇනලා දාලා එතැණින් දිරාමර් වෙන එකයි.

අන්තිමේ දී මායියාට තිබුණු දත්වලටත් වැඩිය අප්සෙට් දත් සැට් එකක් එක්ක ජීවත්වෙන්න වුණා.

ඔය වගේ දත් දොස්තර යකාලාත් දැන් මේ ලෝකේ නෑ මං හිතන විදියට.

-කතන්දරකාරයා

(image: http://john-schwegel.blogspot.com.au/2010/07/mad-devil.html)

108 comments:

  1. මාත් ආශම යක්කු කතා වලට.

    ReplyDelete
    Replies
    1. මේක කියෝලා බලන්න!

      ඉබි පැටව් තුන්දෙනා ගේ කතන්දරේ.
      http://kathandara.blogspot.com/2010/04/blog-post_24.html

      Delete
    2. ඔය ඉහත ලින්ක් එකේ මුල්ම කමෙන්ට් එක දාල තියෙන්නෙ මාරයා. ඒ මෙහෙම:

      මාරයාගේ හෝරාව April 24, 2010 at 9:57 AM

      [ඉබි තාත්තා සුවපත් වී ඇතැයි සිතමි.
      ඉබි පැටියා නැවතත් ලියනවනේ නේද..?]

      මේ ඊට වසර තුනකට පමණ පසුව මාරයාගේම කමෙන්ට් එකක කොටසක්:

      මාරයාගේ හෝරාව January 19, 2013 at 12:06 AM

      [මට වැටහෙන ආකාරයට නම් පොස්ටුවට අදාල නැති අන් අයට පහර ගසන කමෙන්ට් පල කිරීම හරහා ඔබ කාරනා කිහිපයක් බලාපොරොත්තු වෙන බවයි...

      ලියන දේට අදාලව කිසිවෙක් කතා නොකරන නිසා අහක යන කුණු ගොඩක් හෝ ඇදගෙන ඒ හරහා ඇනෝ කමෙන්ට් මගින් හෝ කමෙන්ට් ප්‍රමාණය වැඩි කර ගැනීම.

      එකී ඇනෝ කමෙන්ට් හරහා ආරවුලක් ඇති කර තව තවත් අය බ්ලොගයට ගෙන්වා ගැනීම.

      ඔබේ බ්ලොගයට වඩා පිරිස ඇදෙන..කමෙන්ටු දමන අඩවි තෝරාගෙන ඔවුන්ට පහර ගැසිම... ඒ හරහා දක්ෂයින් අතු ගා දැමීම...

      වැනි කරුණු ඔබගේ අරමුණු යැයි මා විස්වාස කරමි.

      මේවා අසත්‍ය චෝදනා යැයි ඔබ කියන මුත් කාලයත් සමග දුටු දේ හරහා මීට වඩා යමක් මට සිතන්නට ඉඩක් නැත.

      එපමණක් නොව මෙවැනි තත්වයක් මත මා තදින්ම විස්වාස කරන්නේ එකී ඇනෝ කමෙන්ට් අතර ඔබ විසින්ම දමන ඇනෝ කමෙන්ට් ගණනක්ද ඇති බවයි.

      ඔබට පහසුවෙන්ම මේවා ප්‍රතික්ෂේප කල හැකි බව මා දනිමි. එහෙත් එකී ප්‍රතික්ෂේපය වචන වලින් පමණක් මා බාර ගන්නේ නැත.]

      වෙනස් වී ඇත්තේ මාරයාද, කකාද?

      Delete
    3. මාරයා මේ පසුව කියන කතා බොහෝ දුරට ඇත්ත. දැන් බලන්න කකා ඔබ ඔය තරම් උගත් බුද්ධිමත් මැවිසුරුවෙක් වෙලා මොනවද මේ ලියන දේවල්? ගොරක යකා ගැනයි පිස්සු යකා ගැනයි. පොඩි ළමයෙක් වගේ මේවා ලියන්න ඔබේ බුද්ධිය හා අධ්‍යාපන මට්ටම දෙස බල විට ඔබට ලජ්ජාවක් කියලා දෙයක් ඇත්තේම නැද්ද? ඔබට ඔය ඔබේම බ්ලොග් එකේ මෝඩයි කියලා පහත් කරලා කතා කරන මාරයා, අටමා වගේ අයගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඔබට වගේ අධ්‍යාපනයක් නැති වුණත් ඔවුන් ලියන්නේ අවංකව කාට හරි වැඩකට ඇති දේවල්. ඔබ මාතලන් කෙන්ජි වගේ "ඉගෙනගත්තු මිනිස්සු" ලියන වල් පල් නෙවෙයි. ඒ පොඩි මිනිස්සුන් ගෙන් ඉගෙනගන්න. සමාජයට විහිළුවක් වෙන්න එපා.

      Delete
    4. Thumbs up, bro :-)

      Delete
    5. @ Anonymous February 8, 2014 at 6:02 PM

      මොන මෝඩකමට වුනත් සීමාවක් තිබිය යුතුයි.

      මං ලියන්නේ මට ඕනෑ කතන්දර මට ඔනෑ විදියට මට ඕනෑ වෙලාවටය.

      ඔබට කියවීමට ඕනෑ කතන්දර ලිවීම මගේ කාර්‍යය නොවේ.

      සමහර දිනක මා ලියන කතන්දරයකට ඔබ ද කැමති වෙනු ඇත. එතෙක් ඔබේ බයිට් දෙතුන් සීය ඉතුරු කරගෙන ඉන්න.

      Delete
  2. කතන්දරේ මාරලස්සනයි.මට හිතුනමේ ශෛලියෙන් ලියන්න.ඉස්සරහට බලාපොරොත්තුවෙන්න .මේ වගෙ කතා ටිකක්.දෙන්නම් ජම්බු කියල ලියන්නම්කො

    ReplyDelete
    Replies
    1. හොඳයි, හොඳයි, හැබැයි ජම්බු ගහෙන් වැටෙන්නෙපා!

      Delete
    2. කකා ++++++++++++++++++++++

      Delete
  3. බ්ලොග් ලියන්න ඇවිත් මාස දෙකක් වත් නැති යකා කකාට දැන් අභියෝගයක් වෙලාද?. මේ විදියට හින්ට් පාස් කරන්නෙ.යකා කකා වගෙ කක්ක කතා පුක් කතා ගූ කතා ලියන්නෙ නෑ.අර්ථවත් අනුන්ටත් හිතන්න පොළබවන කතා ලියනවා. බ්ලොග් ලෝකෙ චක්‍රවර්ති කියල හිතන් ඉන්න කකා ට ඒ අදහස් වලින් රිදිලද?
    තමන්ට විරුද්ධව තමන්ව ඇනෝ කොමෙන්ට් දා ගැනිලි,තමන්ගෙ පුරාජේරුව ගැන නයා ඇරිලි මිස කකාගෙ පෝස්ට් වල ඇති වැදගත්කම මොකක්ද?

    අනුන් ගැන ලියන මුවාවෙන් තමන් ගැන නයා ඇරිලි හෝ වෙන බයිසෙක්සුවල් කතා ලියා ගත්තට කමක් නෑ.හැබැයි අනුන්ට හින්ට් පාස් කරන එකනම් හරි මදි නේද? කකා බ්ලොග් ලෝකෙ ගොඩ නගාගෙන තිබෙන පෞර්ෂයටත් හොද නෑ නේද?

    මතක තියා ගන්න සිංහලෙන් බ්ලොග් ලියන්නෙ අතලොස්සක් පිරිසක්.කකා වීරයෙක් වෙලා ඉන්නෙ ඔය ටික දෙනා අතර.අනික මේ වෙනකම් සිංහල බ්ලොග් අවකාශෙ සංවාදශීලී බවක් තිබෙන්නෙ බ්ලොග් අතේ ඇගිලි ගානටත් අඩුවෙන්.

    කොමෙන්ට් ඩිලීට් කරන කකා .මේක පළ කරන්න කියල ඉල්ලනවා

    ReplyDelete
    Replies
    1. යක්‍ෂ කතාවක් නේ මේක!

      වැරදි නිගමන සහ කතා බොහෝ අඩංගු නිසා වහාම පිළිතුරු ලියන්න හිතුණා.

      අන් බොහෝ දෙනකේමෙන් මා බ්ලෝ ලියන්නේ විනෝදයටයි. මෙතන එක තේකඩයක් ලඟ තවත් තේ කඩයක් දැම්මා මෙන් තරගයක් නැත. ඔබේ චර්යා, සිතුවිලි, හැසිරීම් මට ආදේශ කරන්න එපා.

      මා බ්ලොග් ලෝකෙ චක්‍රවර්ති කියා මා කිසි දිනක කියා හෝ සිතා නැත.

      මා කිසි දිනක මට විරුද්ධව හො ්පක්‍ෂව හෝ මගේ හෝ අන් අෙැයකුගේ බ්ලොගයක කමෙන්ට් කර නැත. නැවතත්, ඔබේ චර්යා, සිතුවිලි, හැසිරීම් මට ආදේශ කරන්න එපා.

      එසේම ණැවතත්, මගේ පෝස්ට්වල වටිනාකම ඇත්තේ මටය. ඒ එයින් මට වින්දනයක් ලැබෙන හෙයිනි. මෙය මගේ විනෝදාංශයයි. මගේ බ්ලොග් එක කියවන්නට මට කිසි කෙනෙකුට අණ කළ නොහැක. ඔබට අවශ්‍යනම් කියවන්න. නැත්තම් අනේ නිකං ඉන්න.

      ඊලඟට තියෙන චෝදනා සියල්ලටමත් කිව යුත්තේ ඔබේ දේ මට ආදේශ කරන්න එපා යන්නයි. මා මේ බ්ලොගය පටන් තග්තේ මට අවශ්‍ය කතන්දර මට අවශ්‍ය වෙලාවට, මට අවශ්‍ය ආකාරයට ලිවීමටය. එයින් ඔබට සිදුවෙන අවැඩ කුමක්ද? එය පෙන්වා දුන්නොත් මා එම වරද නිවරද කරගන්න බලන්නම්.

      අවසාන චෝදනාවට කිව යුත්තේ මා තුන්වෙන පාර්ශවවලට අපහාස කෙරෙන කමෙන්ටු හැර අන් කිසිවක් කලකට පෙර මොඩරේෂන් තිබූ කාලයේ හෝ දැන් හෝ ඉවත් කර නොමැති බවයි. නිරණාමික කමෙන්ටුවලට මගේ විරුද්ධත්වයක් නැත. උපහාසයද අගයමි. මට අපහාස කළද කම් නැත. ඉන් පිට ඒවා නම් වානා ය.

      මා කපා දැමූ ඔබේ (හෝ අන් අයෙකුගේ) කමෙන්ටුව කුමක්ද?

      Delete
    2. මා ටැබූ සබ්ජෙක්ට්ස් යුගයේ පටන් බ්ලොග් පාඨකයෙක්මි.සිංහල බ්ලොග් අවකාශය තුල අදටත් කතන්දරකාරයා බ්ලොග් සක්විති වන්නේ ඔහු සතු මේ පරිනත භාවය නිසාය.වටේ ඉන්න උන්ගේ විසිල්වලට චුන් වී රෙදි ගලවාගෙන නටන්න ගොස් කිච නොවන,දේශපාලනයේ සිට සෙක්ස් දක්වා දන්නා නොදන්නා ඕන මලඉලව්වක් සෝඩා බෝතල් න්‍යායෙන් ලියා වටේ ඉන්න උන් මහාචාර්ය යයි කියූ විට තමුන්ම ඇඳ නොගන්නා, කුණුහරුප සහ දෙපිට කැපෙන කතා අවභාවිතා නොකරන,තමුන්ගේ වෘත්තීය ක්ෂේත්‍රය ගැන දන්නාකම ප්‍රදර්ශනය කොට මාගල් නොලියන,බ්ලොගය තම බිස්නස් සඳහා යොදා නොගන්නා කතන්දරකාරයා බ්ලොගය මූණුපොතක් කරගත් බොහෝ වර්තමානිකයන්ටද ආදර්ශයකි.කතන්දරකාරයා තවමත් බැබලේ.එහෙත් බොහෝ වුන් එති කිචවෙති යති කිචවෙමින් සිටිති. වෙනස එයයි.

      Delete
    3. බ්ලොග් වලට ආපු මුල් දවස් වල අපි නවකයො කියලා බලන්නෙ නැතුව -කශු මට කකා කියන නම කියවෙන්නෙම නෑ..කතන්දර ශූරීන් කියලමයි කියවෙන්නෙ..කෙටියෙන් මට කශූ..- අපේ ලිපි කියවලා අඩු පාඩු පෙන්නලා දීලා දීපු සහය කොහොමත් අමිලයි මට නම්. මම දැකලා තියෙනවා ඒ දෙයම අදටත් කශූ කරනවා අනිත් අංකුර බ්ලොග් ලියන්නන්ට. සමහර වෙලාවට කශූ ලියන ලිපි වල යටිපෙල තේරුම් ගන්න තරමක් වෙලාව ගියත්...කශූ බ්ලොග් ලෝකයේ සක්විති කම නම් රැක ගෙන ඉන්නවා කියන එක මගේ පුද්ගලික අදහස.. මුලින් මේක මගේ ප්‍රොෆයිල් නමෙන් දමන්න හිතුවත්..ඇනෝ දාන්න හිත වෙනස් කර ගත්තා..මම කවුද කියලා කශූ දන්නවා.ඒ ඇති..

      Delete
    4. @ All
      මං හොඳ වෙන්න උත්සාහ කරන කෙනෙක්:
      http://kathandara.blogspot.com/2010/05/blog-post_27.html


      Delete
    5. සත්‍ය යනු ඒ ඒ පැත්තේ ඉන්නා අය දකින හැටියට වෙනස් වෙන්නක් නොවේ. මැජික්කරුවා ඇඟිල්ලෙන් පෙන්වන්න දිහා නොව සම්පූර්ණ පින්තූරය විමසන්න. පරස්පර විරෝධී ලෙසින් සහ සප්‍රමාණ නිරීක්ෂණ සේ පෙනෙන පින්තූරය අඳින ලද්දේ මායාවකින් ඔබව පටලවා තැබීමටයි. සම්පූර්ණ පින්තූරයේ මුලාව අවබෝධයට ඔබ සතු මනස පාවිච්චියෙන් පුළුවනි.

      Delete
    6. \\@ All
      මං හොඳ වෙන්න උත්සාහ කරන කෙනෙක්:\\
      පිස්සු නම් කෙලින්න හදන්න එපා කශූ..ඕන් ඔහේ ඔය විදියටම ඉන්ඩලා !

      Delete
    7. අයියෝ...ඇනෝ සිලෙක්ට් කරන්න අමතක උනා..දැන් මොකේද දන් වළඳන්නෙ ?

      Delete
    8. Weni February 8, 2014 at 12:21 PM = Anonymous February 8, 2014 at 9:37 AM

      Delete
    9. දැන් එතකොට මෙයාද මේ ඇනෝ කමෙන්ට් දදා යන්නේ?

      Delete
    10. Anonymous February 8, 2014 at 7:11 AM නම් මටත් හිතෙන්නෙ කකා යක්ෂ කතාවක් වගේ තමා .......


      Delete
    11. 9.37 එක මගේ මට ඇනෝ දදා යන්න වෙලාවක් නෑ අනේ. මෙතන ඇනෝ සෙට් එකක් යන නිසයි මම ඇනෝ දැම්මෙ. :-D

      Delete
  4. " ඕනෑම ප්‍රොජේක්ට් එකක් පටන් ගන්න කොට ඉස්සෙල්ලාම කරන්න ඕනෑ දේ ගස් ටික කපන එක බව" ඒ කාලෙත් එහෙමද කකා ....
    මං ඔය දත් දොස්තරගේ කතාව ඇහුවේ අපිත් එක්ක ඉස්කෝලේ කාලේ කිරිකට් ගහන්න ආපු කුපාඩි රජෙක්ගෙන් මිනිහා කිව්වා විදිහට
    "යකා කලබලේට දත් හිටවන්කොට තැන මාරුවෙලා ..කට වගේ පේන වෙන තැනක් තමයි දත් හිටවලා තියෙන්නේ ..ඉතිං අන්තිමේදී ගෑනිට කටේ දත් නෑ ...., ..........දත් තියෙනවා .මාරුවට තියෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඒක මං අහලා තිබුණේ නෑ!
      ඒ වර්ෂන් එක හොඳයි මේකට වැඩිය.

      Delete
  5. මම පොඩි කාලේ බොහොම අසා උනේ සුරංගනා කතා,යක්කු ගැන කතා වලට වඩා මකුණා වගේ පොත් කියවන්න.
    කතා මකුණා කියවලා නැද්ද?

    ReplyDelete
  6. එතකොට පිස්සු යකා කියන්නේ කකාට ද ?

    කකා .. මේ වගේ කතා පොඩි ළමයින්ට කියනකොට ඒවා නව කාලයට උචිත වෙන්න කියල මොඩිෆයි කරලා , විකුර්ති කරලා තවත් එක ටෙලියක කතාවක් වගේ කියන්න එපා. ඒවගේ තියෙන ග්‍රාමය , සෞම්‍ය /ගොරහැඩි භාෂාව , ප්ලොට් එක , චරිත වලට අපි ඒතරම් නොහිතුවට පොඩි අය වෙනත්ම ලෝකයකට , මානයකට අරගෙන යන්න පුළුවන් බලයක් තියෙනවා.

    අනිතිමට දාන්න ඔක්කොම සෙල්ලං දාල වකුට්ටන් උන ජිවිතේ අන්තිම කාලේ මතක යේ රැඳෙන්න තරම් මේ කතා ප්‍රභලයි.

    ඒක නෙමේ මේ ගම කතා ලියන එකේ ලියන්නකෝ කකා පහුගිය දවස් වල කරපු Realestate investment එක ගැනත් .. අර රතු කාර් කට්ට ගැන ලිව්වා වගේ ;)

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් යකෙක්!

      දැන් ඔය මට කියන්නේ මහසෝන් අකමැති දේවල් මෙතන ලියන්න එපා, කැමති දේවල් ගැන විතරක් ලියන්න කියලා නේද?

      සොරි.කොම්!

      මෙන්න ඔය උඩ ඇනෝට මං කිව්වා වගේ " මා මේ බ්ලොගය පටන් තග්තේ මට අවශ්‍ය කතන්දර මට අවශ්‍ය වෙලාවට, මට අවශ්‍ය ආකාරයට ලිවීමටය".

      මා කැමැත්තෙන් ලියන මේ කතන්දර කීපයකට හෝ ඔබ ද කැමති වුණොත් එය බෝනස් එකකි.

      Delete
    2. කැමතියි කැමතියි .. ඒකනේ මේ හැමදාම එන්නේ මෙතෙන්ට ගොරොක් යකා වගේ... දත් වත් මදින්නේ නැතුව !
      මන් කිව්වේ පොඩි පාඨක ඉල්ලීමක් ..

      කකාට පොඩ්ඩක් ස්ට්‍රෙස්ස් එකත් එක්ක මුලග්ගින්න නැගල වගේ.
      දශමුලාරිෂටය බෝතලයක් අරන් මද පමණ පාවිච්චි කලොත් නරකද ?
      කොහිලත් හොයාගන්න පුළුවන් නං නරකම නැහැ ;)

      Delete
    3. එහෙම ලෙඩක් නෑ "යකෝ"!

      තියෙන ලෙඩේට දැනට කරන බේත තමයි බ්ලොග් එක ලිවීම!

      Delete
    4. මා ටැබූ සබ්ජෙක්ට්ස් යුගයේ පටන් බ්ලොග් පාඨකයෙක්මි.සිංහල බ්ලොග් අවකාශය තුල අදටත් කතන්දරකාරයා බ්ලොග් සක්විති වන්නේ ඔහු සතු මේ පරිනත භාවය නිසාය.වටේ ඉන්න උන්ගේ විසිල්වලට චුන් වී රෙදි ගලවාගෙන නටන්න ගොස් කිච නොවන,දේශපාලනයේ සිට සෙක්ස් දක්වා දන්නා නොදන්නා ඕන මලඉලව්වක් සෝඩා බෝතල් න්‍යායෙන් ලියා වටේ ඉන්න උන් මහාචාර්ය යයි කියූ විට තමුන්ම ඇඳ නොගන්නා, කුණුහරුප සහ දෙපිට කැපෙන කතා අවභාවිතා නොකරන,තමුන්ගේ වෘත්තීය ක්ෂේත්‍රය ගැන දන්නාකම ප්‍රදර්ශනය කොට මාගල් නොලියන,බ්ලොගය තම බිස්නස් සඳහා යොදා නොගන්නා කතන්දරකාරයා බ්ලොගය මූණුපොතක් කරගත් බොහෝ වර්තමානිකයන්ටද ආදර්ශයකි.කතන්දරකාරයා තවමත් බැබලේ.එහෙත් බොහෝ වුන් එති කිචවෙති යති කිචවෙමින් සිටිති. වෙනස එයයි.

      Delete
    5. //එහෙම ලෙඩක් නෑ "යකෝ"! //

      සභාවේ තදින් සිනා..! එහා පංසලේ හාමුදුරුවන්ට අහු උනානං බනින හැටි මතක් උනා!

      Delete
  7. thattayek ava.
    mama thatte atha gava.
    thattaya purr purr gava.
    mama thatteta mannen dunna.
    thattayek ava.

    ReplyDelete
  8. මම සමලින්ගිකයෙක්. ලංකාවේ භාෂාවෙන් කියනවනම් කොලු කාරයෙක්, නැතිනම් පොන්නයෙක්. මම ලංකාවේ උගත් දෙමව්පිය දෙදෙනෙකුට දාව උපන්, ලංකාවේ ප්‍රධානතම පිරිමි පාසලක සහ සරසවියක උගත් සාමාන්‍ය පිරිමියෙක්. එකම වෙනසකට තිබෙන්නේ මට කිසිම දවසක ගැහැණු කෙනෙක් ගැන ලිංගික උත්තේජනයක් ඇති නොවීමයි. ම කුඩාකල කිසිවෙක් මා අපයෝජනය කර නැත. ඔබේ ලිපියේ සඳහන් වන පරිදි සමලිංගිකයන් මානසික පීඩාවට පත්වූ පිරසක් ලෙස ම නොසිතමි. මානසික පීඩාවක් ඇතිවන්නේ සමලිංගිකත්වය නිසා ලංකාව වැනි සමාජයක ජීවත්වීමේදී අප වැනි පුද්ගලයන්ට ඇතිවන පීඩාව මතයි.
    මනෝ විද්‍යාවේ සඳහන්වන පරිදි බොහෝ පිරිමින් ද්විලිංගික වේ (Bisexuals). ලංකාවේ ම ලද අත්දැකීම් මත එය බොහෝ සත්‍යයක් බව මම සිතමි. හේතුව ලංකාවේ මා සමග ලිංගිකව එක්වූ බොහොමයක් පිරිමි විවාහක ජීවිත (ලෝකයට පෙනෙන පරිදි සාර්ථක විවාහ) ළමයින්ද සිටින පිරිමින් වීමයි. මේ අතර ප්‍රසිද්ධ දේශපාලකයින්, ප්‍රභූවරුන් සිටිති. මට සිතෙන පරිදි ඒ පිරිමින් බොහෝදෙනෙක් සමලින්ගිකත්වයට වැඩි කැමැත්තක් දැක්වුවත් සමාජ පීඩනය හේතුවෙන් විවාහ ජීවිත ගතකරන අයයි. ලංකාවේ රැකියාවකට සම්මුඛ පරීක්ෂණයකට ගියත් එහිදී අසන්නේ "බැඳලද?", "ඇයි බඳින්නේ නැත්තේ?" වගේ දේවල්ය.
    ලංකාවේ සමලිංගිකත්වය ගැන ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉතා අඩුවෙන් කතාවන මාතෘකාවකි. ටැබූ සබ්ජෙච්ස් මේ ගැන හරවත් ලිපි කිහිපයක් පලකල මට මතකයි. සමලිංගිකත්වය ගැන බහුතරයක් තවමත් සිතන්නේ එය ඇබ්බැහි වීමක් හෝ කවුරුන් හෝ විසින් අපයෝජනය වීම නිසා සිදුවන්නක් බවයි. සමහරුන් කුඩා ළමුන් අපයෝජනය කිරීම සමලින්ගිකත්වයේ කොටසක් ලෙස සිතති. නමුත් කුඩා දරුවන් අපයෝජනය මානසික රෝගයක් බව ඔබේ ලිපියේ නිවැරදිව සඳහන් වේ.
    කෙසේ නමුත් ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප වෙනස්කරන්නට මට බැරි නිසා මම විදෙස්ගත වුනෙමි. මේ රටේ මිනිසුන් අනිත් අය කවුරුන් සමග නිදගන්නවද යන්න සොයා බලන්නේ නැත. මෙහිදී මට හමුවූ මිතුරෙකුට (සමලින්ගිකයකු නොවේ) මම මගේ ලිංගිකත්වය ගැන මෙසේ කීවෙමි. "I am gay"
    එහිදී ඔහු දුන් පිළිතුර දන්නවද? "So what?"

    ReplyDelete
    Replies
    1. ගූගල්ට අනුව ඉහත කමෙන්ටුව මුලින්ම පලවී ඇත්තේ මෙතනයි.
      http://www.w3lanka.com/2013/08/blog-post_15.html

      Delete
    2. හා මචං

      Delete
  9. ඉස්සෙල්ලම ආයෙත් පොඩි කඳුලක් ආවා..

    ගොරකා යක්කු නම් වැහි වැහලා.. දත් දොස්තර යක්කු දෙන්නෙක්ම ඉන්නවා. එකෙක් ඔක්කෝගෙම දත් ගලවනවා. අනිකා දේශප්‍රේමින්ගේ දත් ගලවනවා.

    කෝ එතකොට පිස්සු යකා.. මම නම් යක්කුන්ගෙනුත් කැමති, සළුපාලියේ එන ලැජ්ජා යකාට.. හිනා වෙලා ඉන්න තියෙනවනම් වෙන මක්කයි කතා..

    කෝ එතකොට පිස්සු යක්කු..

    තව යක් කතාවක් මතක් උනා..

    ඒ කාලේ හික්කඩුවෙද ඕන් ඔය කොහේදෝ පන්සලක උන්නලු, යක්කුන්ගෙන් වැඩ ගන්න හාමුදුරු නමක්. පොර යකෙක් බැඳගෙන එකසිය ගානට උගෙන් වැඩ ගන්නවලු.. දෙන ඕන වැඩක් "ටිං.." ගාලා කරලා, ආයෙත් ඇවිත් තව වැඩක් ඉල්ලනවලු.. ඉතින් තව වැඩක් දෙනවලු.. ආයෙත් "ටිං.." ගාලා වැඩේ කොරලා හකලා ඇවිත්, තව වැඩක් ඉල්ලනවලු..

    බේරෙන්නේ බැරිම තැන, හාමුදුරු පොර කරපු වැඩේ, ඇඟේ එක්තරා ප්‍රශේශයකින් "මයිල්" ගහක් ගලවලා දුන්නලු, මේන් මේක කෙලින් කොරලා දියන් කියලා..

    ඒක මතක් උනේ.. මේ කාලෙත්.. දකුණෙන් ආපු යකෙක්.., අනික් උන්ට කරන්න බැරි උන වැඩේ "ඩිං.." ගාලා ඉවර කරාට.., ජාත්‍යන්තරයෙන් දීලා තියෙනවා, නොම්මර එකේ "මයිල්" ගහක්.. සංසාරෙදි කෙලින් කරන්න බැරි.. හැබයි ඉතින් පට්ට වැඩේ කියන්නේ.. මේ යකා, ඒකත් තමන්ගේ වාසියට හදාගෙන.. ඒ මයිල් ගහ පෙන්න පෙන්න.., පිස්සු යක්කුන්ට කියනවා, හා උඹලත් ට්‍රයි කොරහන් මේ මයිල් ගහ කෙලින් කොරන්න කියලා.. පිස්සු යක්කුත් එකසිය ගානට ට්‍රයි මයිල් ගහ කෙලින් කරන්න..

    මොකෝ කෙලින් කරන්න බැරි උනොත්, යාකා ආසනයක පනවලා, කරන්ට් එක අල්ලනවලු.. මයිල් ගහ කෙලින් වෙන්නම..

    ReplyDelete
    Replies
    1. හලෝ මාතලන්,

      කොහොමද සින්ඩියේ වැඩ? ඒක අපිට බාර දෙන්න. අපි ඒකට ඩොමේන් එකකුත් අරං, මිට වඩා හොදට කරගෙන යන්නං.
      අනික ඉතින් මාතලන් කවදා මැරෙයිද කියලා කියන්න බැහැනේ. ඉතිං ඔය වගේ තණ්හාවෙන් ඔවවා අල්ලාගෙන ඉන්න එපා. අපිට සින්ඩිය බාර දෙන්න. අපි මිට වඩා හොදට කරගෙන යන්නම්.

      Delete
    2. යක්කුන්ට අදාල නැත..

      Delete
    3. ඔය කරන්ට් ආසනේටත් තියෙනවා බාලගිරි දොශේ ..හැමදාම අද නෙවෙයි හෙට ..

      Delete
    4. මාතලන් ගේ යක්කු කාව කියෙව්වාම මට මතක්වුණේ අර ගැටහැත්ත කියන ගමේ නම හැදුණු යක් කතාවයි.

      Delete
    5. මාතලන්ගෙ කතාවෙ තව වර්ෂන් එකක් තීනව.

      ඒකෙ ගමය යකා බැඳන් වැඩ අරන් බේරෙන්න බැරුව හාමිනේට කිව්වම උන්දැ අරකෙන් මයිලක් ගලෝල දෙනවලු යකාට කෙලින් කරන්න කියල.

      යකා සතියක් ට්‍රයි ක්‍රන්න දීල එතනට ගිය හාමිනේ "අනේ යකෝ තෝ තාම එකක් ඉවර කරෙත් නැද්ද මේ තව ගොන්නක් තීනව" කියල උස්සල පෙන්නුවලු.

      අරකයි මේකයි දෙකම දැකල භය උන යකා ගමය දාල පන බේරන් පැනල ගියාලු.

      ඔය මිල්ෆ් වාත වලට කොලු කාලෙ අහු උනොත් ඉතින් යකාට වගෙම තමයි ගැලවෙන්න ලේසි නෑ.

      Delete
    6. ඊට වැඩිය හොඳ නැද්ද බං යකාට කිව්ව නම් අභීතයගෙන් ණය ඉල්ලලා දෙන්න කියලා. ඌ එවෙලේම දාල දුවයි.

      Delete
  10. කෝ එතකොට පිස්සු යකාගෙ කතාව...වැඩිපුර ඉන්නෙ උන් හින්ද ඒක කොහොමහරි දාන්න කකා.....

    ReplyDelete
    Replies
    1. කන්නාඩිය ඉස්සරහට යන්න. එතකොට පිස්සු යකා පෙනෙයි.

      (මාළු ඔලු ටිකක් කන්න මෙයා මොලේ පෑදෙන්න.)

      Delete
    2. හා....ඈ...... ඔයාට තරහ ගියාද ඔයා ගැන කතන්දරේ දන්න කියපු හින්දා.....ඔයා මාළු ඔලු කාලද මොලේ පාදගත්තේ...පේනව මොලේ පෑදිලා තියෙන තරම....තව කන්න හොඳේ....

      Delete
    3. @ Underwriter
      පිස්සු යකා තමා ඉන්න නිසා තාමත් කතාව අළුත් වෙවී ලියවෙනවා!

      Delete
  11. මෙහෙමත් ගොබ්බ යක්කු ඉන්නවද බොලේ?? හි… හි… :-D

    ReplyDelete
    Replies
    1. හි… හි…
      හරි හිනා නේ.
      ස්තුතියි කොමෙන්ට් එකට.
      නැවත ලිපියක් පළවෙන්නේ සදුදා. එදිනටත් පැමිණ ඔබගේ රසවත් කොමෙන්ටුවක් දමන්න. බායි.

      කතන්දරකාරයා

      Delete
    2. @ Chathuranga Priyashad

      ගොබ්බ යක්කුත් හිටියා පිස්සු යක්කුත් හිටියා!

      Delete
  12. යක්කු ප්‍රභේද කීපයක්

    පාන් යකා
    පරණ යකා
    පාළු යකා
    පනී යකා
    පසයි යකා
    පමුද යකා
    පකඩ යකා
    පතුරු කයා...

    ReplyDelete
    Replies
    1. හා මචං.

      කතන්දරකාරයා

      Delete
    2. මට මතක් වුනේ අපේ සීයා ගේ ගුරු සේවයේ රස කතාවක්!

      ජොලි සීයගෙ කතන්දරේ: http://kathandara.blogspot.com/2010/02/blog-post_26.html

      Delete
    3. හි හි .

      Delete
    4. ඇයි යකෝ මේ යක්කුන්ගෙ නම් පයන්නෙන්ම පටන් ගන්නනේ

      Delete
    5. "ක" යන්නෙන් ඉවර වෙන නිසා..

      Delete
    6. ඔන්න සෙවල පප්පලා ටික ඇවිත්.

      Delete
    7. @AnonymousFebruary 8, 2014 at 2:26 PM

      හි හි .

      Delete
    8. හි හි

      Delete
  13. එතකොට පිස්සු යකා කියන්නෙ ඔය ඉහළින් කියල තියෙන ජාතියෙ යක්කු නෑ කියල හිතාගෙන ඉන්න යකාට ද?

    ReplyDelete
    Replies
    1. පිස්සු යකා තාම ඉන්නවා - He is still around!

      Delete
  14. කකා මෙතැන ව්‍යංගයෙන් කියා ඇත්තේ තමන් නුවණැති ගමරාළ බවත් වෙනත් බ්ලොග්කරුවන් කිහිප දෙනෙක් (අරයාගේ හා මෙයාගේ නම් මගේ මතකයට එයි.) "මෝඩ යක්කු" බවත්ය. කකා බ්ලොග්කරුවන්ට කළ මේ අවමානය හෙළා දකිමි.

    ReplyDelete
  15. කකා මතකද ග්‍රීස් යකාගෙ කතන්දරේ

    ReplyDelete
    Replies
    1. ඔව් මචං.

      කතන්දරකාරයා

      Delete
    2. @ Sandun Dulanjana
      කොයි එකද? ඒ එකක්යැ, පනහක් හැටක් තිබුණානේ ග්‍රීස් කේස්.

      Delete
  16. යක්කු ගැන හොඳම කතා කියෙව්වේ ලස්සන වසීලිස්සා එකේ.
    කොහොමත් පුරාවෘතය හරි නං, ඒ කියන්නේ උන්මාද චිත්‍රට වැඩේ දුන්නේ චිත්තරාජ නං අපිත් යක්කු තමයි කකා...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නේද? කොමෙන්ටුවට ස්තුතියි.
      නැවත ලිපියක් පළවෙන්නේ සදුදා. එදිනටත් පැමිණ ඔබගේ රසවත් කොමෙන්ටුවක් දමන්න. බායි.

      කතන්දරකාරයා

      Delete
    2. මොනවා කියනවද, ඇයි මතක නැද්ද උන්මාද චිත්‍රසේන?
      http://kathandara.blogspot.com/2010/11/blog-post_26.html

      Delete
  17. අද නං කකා මම විතරද කොහෙද උදේ ඉදං තනියෙන්ම ඇනෝ කොමෙන්ට් දාන්නේ. කකා තරහා නෑ නේද එව්වට?

    ReplyDelete
    Replies
    1. නෑ. මෙතැන ඇනෝ කමෙන්ට් කරන තුන් දෙනෙක් ඉන්නවා. ඔයයි මමයි කකායි.

      Delete
    2. ආ උබවත් ඉන්න එක ලොකු දෙයක්. මට එපා වෙලා හිටියේ උදේ ඉදං තනියෙන් කොමෙන්ට් ටයිප් කරලා.
      අපි මේ ලයිට් බිල්,ඉන්ටනෙට් බිල් ගෙවාගෙන, කාලය වැයකරගෙන මේකේ කොමෙන්ට් දානවට කකා මිට වඩා අපිට සලකන්න ඕනි. නැද්ද මචං?

      Delete
    3. උඹට නම් සලකනවද මන්දා කකා මට නම් ෆැමිලි එකත් එක්ක මී-මුරේ යන්න ටුවර් එකක් ස්පොන්සර් කළා.

      Delete
    4. එහෙනං කකාට අරින්න බැරි හින්ද උඹට ගිහින් ඇරගෙන එන්න වැඩේ ලෑස්ති කරල වගේ!

      Delete
    5. ඉස්සර සිරිපාදේ යනකොට දේපල ඔක්කොම ළමයිට ලියලා ගියා වගේ නේද බං දැන් මීමුරේ යන්න වෙලා තියෙන්නේ?

      Delete
    6. ඒත් ඉතින් බං සිරීපාදෙ ගියාම පුකට අවුලක් උනේ නෑනෙ. ඒකට දැන් මෙහෙ යනකොට අමතරව වක පුටෙ කටුකම්බිත් ඔතාගන්න වෙලානෙ!

      Delete
    7. දැන් වෙද මහත්තයා ලමයි නැති අයට, මද සරු අයට කියන්නේ මීමුරේ ගිහින් නිවාඩුවක් ගතකරලා එන්න කියලලු..... බඩු සුවර්....

      Delete
    8. මී මුරේ මාමාට මේ දවස්වල ජයයි කියන්නේ ඇත්තද? තාම අරුගේ කොටහා බේරුවේ නැද්ද දන්නෑ.

      Delete
    9. ඒකත් නයෙක්. මාමගෙ නයි ගැන දැනගන්න ඕනමැන්ටල් අමතන්න.

      Delete
  18. කතන්දරටත් පොඩිකාලේ අහපු කතා මතක් වෙලා. නැවත මතක් කිරීම ගැන ස්තුතියි. මම ත් ලියුවා ඉස්සර් අහපු කතාවක්.
    ඔය කණ නොවෙයි යෝදියේ මේ කණ

    ReplyDelete
    Replies
    1. හිතුවද මේක කක්කුස්සි වලක් කියලා? හැම තැනම ලින්ක් හල හලා යන්නේ. මේකේ ලින්ක් දාන්න පුළුවන් කකාට විතරයි.

      ආයේ පොස්ට් එක සදුදා. එදාට නං ඔහේ මේ පැත්තේ නාවත් කමක් නෑ.

      කතන්දරකාරයා

      Delete
    2. @AnonymousFebruary 8, 2014 at 11:59 AM
      ඇයි බං ! ඔය දකුණු අත පැත්තේ තියෙන්නේ දුඹුරු පාටට මැලියන් බැඳිච්චි කකා ගේ කක්කුස්සිය. දෑවැද්දට හම්බ වෙච්චි !
      :)

      Delete
    3. නිර්නාමික යාලුවේ කක්කුස්සි වලවල් වල බොගක් දැම්මාට ලින්ක් දාන්න බැහැ නේ.

      Delete
    4. @ මහා කළු සිංහලයා
      ස්තුතියි, මා ඒ කතන්දරය මේ ලින්ක් එක එන්නත් කලින් කියෙව්වා!

      Delete
  19. කොයි යකත් පිදේනි වලට නැමෙනවා කකා !!!

    ReplyDelete
    Replies
    1. හා මචං.

      කතන්දරකාරයා

      Delete
    2. මොනවද මේ කතා පත්තර මල්ලි?
      මගේ ගාන ඩෙලර් මිලියන් දෙකයි දශම දෙකයි පහයි!

      Delete
  20. කකා.... ඔයා කිව්වා හරියටම හරි. වැදෙන්න ඕන තැන්වල් වැදෙන්න ඇති. ගරු කරන්න ඕන අයට ගරු කරලා ඇති. නියමයි කකා නියමයි. මට ඔයාගේ කටට රන් කාසි දාන්න තරම් ආසා හිතුනා.

    ඔයා ලියන්න ගියහම ඇට්ටි හැලෙන්න දෙනවනේ. ඇත්තටම කණේ පාරක් ගැහුවා වගේ වැරදි කරන අයට. ලැජ්ජාවක් කියලා දෙයක් බිංදු මාත්‍රයක් වත් තියෙන කෙනෙකුට හැදෙන්න කකා කියපුවා හාොඳටම ඇති.

    නිකම් බොරුවට අනම් මනම් කියවා කියවා ඉන්නේ නැතුව හරවත් අදහසක් ඉතාම කෙටියෙන් දක්වලා තියෙනවා. මටකකා ගැන හරිම ආඩම්බරයි..

    ReplyDelete
  21. හදහන බලාගත්තොත් නරකද ?
    සිංහල ජ්‍යොතිෂ ලිපි මාලාව.ජ්‍යොතිෂ දෑනුම සමග ජීවිතය සාර්තක කරගෑනීමට ලාංකික ඔබට මගපෙන්වීමක්.
    Read More >> www.obehadahana.blogspot.com

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ මලයො. රුපියල් 600ක් දීලා මාරයා ලවා හඳහන බලවා ගත්තා. එයා කියාපි මඳසරු භාවය තියෙනවා කියලා. ඒ සැරේ මහ වෙදනා කියල පොරක් ඒක මඟ හරවා ගන්න මී මුරේ යන්න කිව්වා. මී මුරේ ගියාම එතැන හිටපු කැහැටු සයිස් පොරක් ලක්ෂ දෙකක් ණය ඉල්ල ගත්තා. දැන් මං ඒ ණය ගන්න පොලෝසි ගාණේ යනවා. අනේ පුළුවන් නම් මට ඒක ලැබෙන්නේ කවදාද කියහන්.

      Delete
    2. ඔන්න වැසිකිලියක් බලා ගන්න ඕනේ නං මේ බ්ලොගේට ගියාට කාරී නැහැ . මැල්වෙයා , වයිරස් පිරිලා. මළ පෙරේත සයිට් එකක්. කොම්පියුටරේට කෙලෝගෙන එන්න පුළුවන්.
      bottom line : if you go there , your immediate future will be bad... anyway!

      Delete
  22. ඔන්න මං මේ සයිට් එකටත් ආවා .ඔන්න මං මේ සයිට් එකටත් ආවා
    http://ahamudhakimu.wordpress.com/

    ReplyDelete
  23. යක්ස කතාවක්නේ මේක....

    ReplyDelete
    Replies
    1. යස්සයින් තුන් දෙනෙකු ගැන කතන්දර තුනක්!

      Delete
  24. //ඔය වගේ දත් දොස්තර යකාලාත් දැන් මේ ලෝකේ නෑ මං හිතන විදියට// ඇයි ඉන්නේ ගලවන්න ඕනෙ දත වෙනුවට වෙන දත් ගලවන දොස්තරලා!

    ReplyDelete
    Replies
    1. ගලවන යක්කු නම් එමට ඇති, ඒත් අඩු ගානේ කලින් තිබුණු විදියටවත් හිය කරනවා නම් ලොකු දෙයක්!

      Delete
  25. පිස්සු යකාගේ කතාව කියන්ට අමතක වෙලානේ. :)

    ReplyDelete
  26. අඩේ මටත් මුලින් මතක් උනානම් දාගන්නවා මැලේ යකා කියලා

    ReplyDelete
    Replies
    1. තාමත් පරක්කු නෑ වගේ, කෙන්ජි නම ඉල්ලන එකක් නෑ!

      Delete
  27. @All
    මේ කතන්දරය මා ලිව්වේ කතන්දර දෙකක් කියන්නට නොව, එක කතන්දරයක් නොකියා ඉන්නට බව පමණක් පවසමි!

    කතන්දර කියවූ, නොකියවූ සියළු දෙනාටමත්, ප්‍රතිචාර දැක්වූ අයටත් මගේ ස්තුතිය පිරිනමමි!

    ReplyDelete
  28. පට යකා ගැනත් ලියනවා‍ නේද?

    ReplyDelete
  29. පිස්සු යකාගේ කතාව කෝ ?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.