Saturday 16 November 2013

මෙන්න බුද්ධාගමට අපහාස කරන්න කදිම අවස්ථාවක් - When will they release the sex video?


ඊයේ මං ඊ-මේල් බලන කොට යාළුවෙකුගෙන් පණිවිඩයක් ඇවිත් තිබුණා.

මේක ආරාධනාවක්!

නිකම්ම නිකං එකක් නොවෙයි මේක වාදයකට ආරාධනාවක්!!

නිකම්ම නිකං වාදයකටත් නොවෙයි. මේක කවි වාදයකට ආරාධනාවක්!

මේ කවි වාදයට ආරාධනාව ගෙනාපු කවි දෙක කියවපුවාම නං මට හිතුනේ මේක බුද්ධාගමට අපහාස කරන්න හොඳම අවස්ථාවක් ය කියලයි.

කණගාටුවට වගේ ලෝකේ වටා චාරිකාවක යෙදෙන මේ දවස්වල මට ඔය කවි වාදවලට ටැපලෙන්න වෙලාවක් හොයා ගන්න අමාරුයි.

අපරාදේ!

වෙන කාලෙක නං කවියක් දෙකක් ලියලා, අර වෙසක් එකට කවි ලියපු වෙලාවේ වගේ බුද්ධාගමට අපහාස කරලා, අර බ්ලැක්මේල් තලිබාන් ඇනෝ ගාව තියෙනවාය කියන, මං ඉන්න සෙක්ස් වීඩියෝ එක බලන්න චාන්ස් එකක් හදාගන්න තිබුණා!

සමහර විට ඒකට පොටක් පෑදෙන්නත් ඉඩ තියෙනවා.

එතකං මෙන්න කියවන්න මට ඊ-මේල් එකෙන් ලැබුණු කවි කුට්ටම.

පන්සල් බිම තුල දේවාල තිබීම සුදුසු ද, නැද්ද?

බුදු දම් සහ සඟ තෙරුවන් නමදින්න
පෝයට සැදැහැ සිත් පෙරටුව සිල් ගන්න
ඒ හා සමග තම දෙවියන් වැඳගන්න
දෙවොලක් එහි තිබිය යුතුමය දැනගන්න

තෙරුවන් නමැද දෙවියන්හට පින් දීම
කෙරුවට බෑ කියනු වරදක් එහි කිසිම
එනමුත් දෙවොල් අටවා පන්සල් බිමෙම
ගසා කෑම, වැරදියි, වැරදියි බොහොම!


හැකියාව සහ වෙලාව තියෙන කෙනෙක් ලියන්න කෝ බලන්න මේකට පිළිතුරු කවියක් දෙකක්.

මෙන්න ඒ සඳහා පසුබිමක් හදා ගන්න අවශ්‍ය නම්, මං කලින් ලියපු කතන්දරයකට පාර.
http://kathandara.blogspot.com/2012/05/wesak-thoughts.html

-කතන්දරකාරයා

ප/ලි:
නිවාඩුවේ සතියක් ගියා. තව සතියයි, දවසයි ආපහු ගෙදර යන්න!


(image: http://lankacnews.com/sinhala/miraculous/mathu-buduwana-natha-deviyo/)

57 comments:

  1. කවි න්ං ලියන්න දන්නේ නෑ..ඒත් දේවාල විතරක් නෙවෙයි දැන් දැන්පන්සල්ට ඇතුලු වෙන තැන ඉදන්න්ම තියෙන්නේ සම්මාදම වැඩයි බිස්නස් වැඩයි තමයි....මල් විකුනන එක්කෙනාගේ සිටම සම්මාදම........

    ReplyDelete
    Replies
    1. විෂ්ණු දෙවියන්ගේ යැයි පැවසෙන අදහස්
      2012 වසරේදී ලෝක විනාශයක්‌ සිදුවන්නේ නැහැ
      මහින්ද රාජපක්‍ෂ තව වසර දහයක්‌ බලයේ රැඳේ
      මීළඟට අගමැති වීමට සුදුසුම ගෝඨාභය රාජපක්‍ෂ
      ජනතා විමුක්‌ති පෙරමුණත් දිනෙන් දින පිරිහෙනවා
      රනිල්ට බෑ. සජිත්ට පුළුවන්.
      ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට බලපෑමක්‌ නෑ
      ෆොන්සේකා මහතාට නිදහස් කරගැනීමට උද්ඝෝෂණ කිරීමෙන් පලක්‌ නැහැ

      Delete
  2. පන්සල් ගියා පොඩි කාලේ කතන්දර
    සරමට නිගා කෙරුවලු එකෙක් නිරන්තර
    අම්මා තාත්තා කිව්වත් ඒ ඇතිවුණු කෝන්තර
    පන්සල් යන්නේ කොහොමද ඇඳන් වස්තර

    රසික සූරිආරච්චි ගේ සිවු වසරක් මරදානේ පොතේ එක් කතාවක් කියවා ලද මතකයෙන් ගෙතුව කවියෙකි... අනෙක මා කවියට රැසියෙකු නොවේ.



    ReplyDelete
    Replies
    1. ලේක් හවුසියේ පච ටික පතුරමින් සදා.....
      කෙල්ලන් හට පාමින් පෙම් ලීලෙ සොදා...
      බ්ලොග් අවකාශෙ රෙදි සෝදයි නාකි මදා....
      මාන බලයි වෙල අද්දර කෝටු සුදා.....

      Delete
    2. ඔයා හොදට ලියලා තියෙනවා අයියේ

      Delete
    3. සදාදර ඇනෝ සුදාට

      කෙල්ලන් නොබැලුවත් උඹ දෙස ඇනෝ සුදා
      පච විකිණුවත් මට ඒ සැප තිබෙයි සදා
      ඊරිසියාව පසෙකින් ලා මිතුදම පෑම හොදා
      නුඹටත් හරි යාවි දිනයක සත්තමයි සුදා

      Delete
    4. /පච විකිණුවත් මට ඒ සැප තිබෙයි සදා/

      ඒක නම් ඇත්ත. බළල්ලු මරලා සල්ලි හෙව්වත් සලි ඤාව් ඤාව් ගාන්නෙ නෑ කියනවනෙ.

      Delete
    5. ඉතිං උඹත් මරහංකෝ බළල්ලු

      Delete
    6. නියම වචනේ ඇනෝ.

      Delete
    7. මමනම් බලල්ලු මරන්නේ නෑ බං. (මම අර උඩ ඇනෝවෙක් නෙමේ) මට මගේ අම්මා තාත්තා කියලා දීලා තියෙන්නේ අනිත් උන්ට කෙලවලා සල්ලි හොයන්න එපා කියලා. 71 හැංඟිලා ඉඳලා, 83 පාත් වෙලා, 83 ත් 89 ත් ගේම් දීල පඩි, තරු ඔක්කෝම ගත්තු පොරවලුත් ඉන්නවනේ ආයුබෝවන්. අඩුම ගානේ පොර පොරගේ ඉස්කෝලේ පංතියේ එකෙක්වත් අතහැරියේ නෑලුනේ.
      වෙලාවට පොර පැන්සෝන් ගියේ. නැත්තනම් ෆොන්සේකා මහත්තයාට තාම යුද්ධ කරන්න වෙනවා.

      Delete
  3. මට නම් හිතෙන්නේ පන්සලකට දේවාලයක් ඕනෙ නෑ.

    ReplyDelete
  4. kaka awidinna giya nam wada nodi awidinawako..me magule kiyawanna dekuth ne blog role update wenawa pora talk ekak kiyala mona magulakda manda me ka ka karanne.

    ReplyDelete
  5. මේ හු කමෙන්ට් නම්බර් වන් හේ???


    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. පිල්ලි මුන්නා කෙසේ හෝ තුම් ? හූඌඌඌ ඈ කොමෙන්ට් මොඩරේසන් වලට සැවටුනා නේද ඉදගෙන :)

      Delete
    2. පිල්ලි ජී
      සැලෙන්ඩෙපා ..
      හෙට එක වෙයං !!
      ඉපදුන ගමං කාර් එලවන් නෑනේ
      හෙට මං නෑ !! අනිද්දට හෝ ගයා !!

      Delete
    3. @අපූර්වී දීදී,

      අරේ මේරා ෆස්ට් ප්ලේස්කා කෙලවී ගයා හේ!!!!!

      මා....... යේ දීදී මේ බයිට් කරෝන්ගා!!!!
      (අපිටත් දවෂක හඳ පායනවා අක්කණ්ඩී........!!
      එදාට අපි අර බෙල් පෙපර් සලාදවලින් නානවා!!! හික්Z!!:))

      @ පත්තර මල්ලී භයියා,

      "ලොවම එපා වී ලොවම කලකිරී
      තැවී දැවී හිදිනා වේලේ............!
      ඔබේ දයාබර එකම වදනකින්
      මගේ ආත්මය සුවපත් වේ......!!"

      අරේවා දෝස්ත්!!!!!!

      එකෙන්ම! දාන්න අයියණ්ඩි පහක්!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    4. හි හි පිත්තු පිල්ලි පැටියෙක් :)

      Delete
    5. පිල්ලි ජී, කට කෙලඅඩු පිටින් උදේ පාන්දර 5:30 ට ලෑස්තිවෙලා හිටහන්. අපේ කෙන්ජිට මේ දවස්වල එක වෙන්න බැරි රෑට සූර් වෙන්න බොනවා. කෙන්ජිගේ නෝනා අරුණි ආන්ටිගේ කෙරුවාව අහලා ඒ රට බලන්න ගිහින්. ඒ ප්‍රීතියට පොර මේ දවස්වල රෑට සමරනවා. පෙන්නැද්ද පොරගේ සමහර කෝමන්ට් වල වෙරි උන ගතිය. කොමන්ට් 15 ක් විතර මිරිකලා ගත්තෝත් අරක්කු කාලක් ගත්තැහැකි.

      Delete
    6. @ අපූර්වී දීදී,

      බොහොත් ෂුක්‍රියා දීදී!

      හික්z!!!!!!!!

      @ කාවා ජී

      අඩේයප්පා!!!!!!!!

      ඒ කියන්නේ මේ දවස්වල අපේ මාමණිඩි තනිකඩ ද??

      (අර අරක්කු සීන් එක නම් ඇත්ත තමා මචෝ)
      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  6. දෙවියන් ඇදහීම ඔවුනගේ අයිතිය ය
    එනමුත් නැගේ පැනයක් මා හට නිතර
    දෙමළුන් මැරේවා කියමින් යදින අය
    දෙමලුන්ගේ ම දෙවියන් හට පුදනු කීම..??

    ReplyDelete
    Replies
    1. මේ මොන මෙන්ටල් කේස් එකක්ද?මෙහෙම එවුන් තමයි සිංහල බ්ලොග් අවකාශයෙ ඉන්න තරමක් ඉන්නෙ.කවුද යකෝ දෙමළු මැරේවා කියන්නෙ.කොටින්ට එරෙහිව නම් යුද්ධයක් තිබුනා තමයි.ඒක දෙමළ ජනතාවට එරෙහිව කරපු යුද්ධයක් නොවෙයි.ඒක තේරෙන්නෙ නැත්තෙ එන් ජී ඕ කික්කියන්ට විතරයි.සිංහල බ්ලොග් අවකාශයේ එකිනෙකාගේ පිට කසා ගන්නා රටට හතුරු සමලිංගික කණ්ඩායමක් ඉන්නවා.මේ අය තමන් සමස්තය කියලා පෙන්වන්න මෝඩ උත්සාහයක් ගන්නවා.හැබයි කකුළුව නටන්නෙ වතුර තට් වෙන කන් විතරයි.ෆේස් බුක් වලත් ඔහොමතමයි.දැන් උන් පැත්ත පළාතක නෑ.

      Delete
    2. ඇනෝ ජී ටපලගන්න එපා.මම මේ යුද්ධේ ගැන කිසිම දෙයක් කියල නෑ.මේ යුද්ධේ ගැන නෙවේ සමහරු කියන කතා ගැන කියන්නේ.මොකෑ මේ තරහ ගිහින්..??
      O.o

      Delete
  7. බුදු දම් තිබෙන්නේ පිළිවෙත් වැඩීමටයි
    පෝයට නොවෙයි සිත සිල්වත් විය යුතු වෙයි
    වැන්දත් නොවැන්දත් ඒ සිත පිරිසිදුවෙයි
    දෙවොලක් විය යුත්තේ වෛරෙන් තොර සිතමයි

    හැකිවේනම් පිනක් තව කෙනෙකුට දීම
    බුදු බණ බොරුය ඒ ගැන සැක නෑ කිසිම
    බුදු බණ නමින් හැදු එම පන්සල් බිමම
    වෛරය තෝතැන්නවීමයි කැත බොහොම

    රංජිත්

    ReplyDelete
  8. කවි නං ලියන්න දන්නෙ නෑ කතන්දර..
    නමුත් සමහර පන්සල් වල දේවාල සෙට් එක මැද් චූටි බුදු ගේකුත් තියනවා.. මෙතනදි මම නං දකින්නෙ අසරන වෙලා ඇඩ්‍රසුත් නැතුව එන මිනිස්සුන්ව ගසා කන්න හදන බ්‍රෝකර් කපුවො සෙට් එකකුයි එයාලම වාසියට හදාගත්ත දේවාල කල්චර් එකකුයි.
    .බුදු දහම සමග විශ්නු දෙවියන්ගෙ සුසංයෝගයක් තියනව් කියන සාහිත්‍යමය කතාව නෙමෙයි මං කියන්නෙ.. ඒ තිබුනත් එතුමා පැත්තක , ලීඩ් කරන්නෙ කාලි අම්මගෙ‍ කෲ එක.බොහොමයක් එන්නෙත් එතුමියට දුක කියල අල්ලපු ගෙදර එකාට ටොපිය දෙන්න.

    බොහොමයක් පන්සල් වලට දේවාල කන්සෙප්ට් එක නැත්නම් මිනිස්සු ආවට ආදායමක් නෑ..අන්න එතනයි හාමුදුරු වරුන්ට අහක බලන් ඉන්න වෙන තැන.. ගේම රන් කරන්නෙ කපුවො.
    හාමුදුරුවොන්ට තියෙන්නෙ කමිශන් එක විතරයි..

    බනින එකෙක් මට බැනපල්ලා. අවුලක් නෑ !!
    මමත් බුද්ධාගමේ බං ..



    ReplyDelete
    Replies
    1. @අපූර්වී දීදී,


      @ පත්තර මල්ලී භයියා,

      සිරා ටෝක්ස් හේ!!!!!

      දැන් දැන් පන්සල්වලත් දෙයියන්ගෙම පිහිට තමයි අයියණ්ඩි!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  9. දෙවියන් හට බැරිය පින් දම් කරගන්න
    එබැවින් යුතුය අප ඔවුනට පින් දෙන්න
    දෙවොලක් අටෙව්වට කම් නැත පින් දෙන්න
    පන්සල තුල එය කඩයක් වුවොත් අපහට බෑ ඉවසන්න

    ReplyDelete
  10. කකාගෙ කවිය....

    බුදු දම් සග අපි නම් නෑ සලකන්නේ....
    ස්ටර් ෆ්‍රයි කරලා හරකගෙ මස් ටික කන්නේ...
    සෙන්ටිමීටරෙන් සැමදින නිමවෙන්නේ...
    අලි වලිගෙන් හරි අපි දෙව්ලොව යන්නේ...

    දීමෙන් දීම කොටියට හිටගෙන දීම...
    කෑමෙන් කෑම රට දැය සමයම කෑම...
    ලෑමෙන් ලෑම කොල්ලන් එක්කලා ලෑම...

    ReplyDelete
    Replies
    1. ඊ ළඟ පදේ ගොතනව වාගෙයි තාම

      Delete
    2. ඊ ළඟ පදේ ගොතනව ටික ටික තාම

      Delete
  11. ඔබගේ කවිය සමග මා එකගයි ...

    කවි ලියන්න නම් දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. @අපූර්වී දීදී,

      මේ විශ්වාස නහී කරෝන්ගා!!

      එහෙනම් එදා ඔයාගේ ඩෙල් සාජන්ට ෆට්ට කවියක් ලියලා තිබුණේ........?!

      කෙසේ වෙතත්,

      කවි ලියන්න මට කීවේ දීදීගේ නෙතයි.....!!!!!!!!

      හික්Z!!!!!!!
      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  12. බුදු මඟ වඩින අය හැම විට සුරකින්න
    එළඹෙන අනතුරෙන් මුදවා රැක ගන්න
    දෙවිවරු වැඩ වසති සැමටම දිරි දෙන්න
    බුදු බණ එලෙස වේ කවුරුත් දැනගන්න

    දෙදණින් බිම වැටී උමතුව නමදින්න
    අනෙකට හෙණ වැදී මහ මඟ මියැදෙන්න
    බරටම පඬුරු දී අවනඩු පවසන්න
    දෙවිවරු කුමකටද මිනිසුනි පවසන්න

    පහසුව සලකලා ගිහිගෙට සමුදුන්න
    කහවත ඇඟ දරා සසුනට පිළිපන්න
    පිළිවෙත ඉවතලා නොමගෙහි පිය මැන්න
    ගණ ගෙඩි බිහිවෙලා තම කුස පුරවන්න

    මිණි මුතු සැගවෙලා ගොම රිටි මතුවෙන්න
    අරි අට පසෙකලා දෙවිවරු පුද ලන්න
    සිරිතක් ඇති උණා සසුනම වනසන්න
    හෙමිහිට ඔඩු දුවා එය ගති පැතිරෙන්න

    කාලය ගතවෙලා මතකය මියැදෙන්න
    සේරම මුහුවෙලා හරි දේ නොපෙනෙන්න
    මූලය හැරදමා තොප්පිය හිස ලන්න
    කාවද සොය සොයා දිගටම ඇවිදින්න

    ReplyDelete
    Replies
    1. ලස්සනයි පුමෝ,, ඔයාගේ කවි කවදත් හරිම අර්ථවත්

      Delete
  13. Nodanna pukawal gena kiyawanna epa kaka.

    ReplyDelete
  14. බුදු හිමියන්ටත් කලි යුගයේ - දෙවියන්ගෙ පිහිටයි
    බුදුන්ටත් දෙවියන්ගෙ පිහිටයි

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක කියවද්දි මට මතක් වුනෙත් ඔය සින්දුවම තමයි.

      බුද්ධාගමට අපහාස නොකර තියාගත්තොත් තමයි ඒක හිතේ හැටියට කන්න පුළුවන්.

      Delete
  15. තෙරුවන් නමැද තුන් සිත පහදා ගන්න
    අට සිල් අරං කය වචනය රැකගන්න
    පෝයදාට පංසල වෙත පිවිසෙන්න
    ඕනි වෙන්නේ නෑ දෙවියන් හමුවන්න

    ReplyDelete
  16. පංසලේත්,
    බෝ මළුවේත්,
    වැටුනු බෝ කොල....

    ReplyDelete
  17. කන්සල් පඩ..........දෙයියෝ පල් වුනත් නැතත් කන්සල් නම් පඩම තමයි. අන්ත අසරණ වෙච්ච පන්සලුත් තියෙනවා.. ඒවගේ දෙයියෝ පවි වෙලා නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ අපේ අරූ අයියමද ??

      Delete
    2. ඔව් බං...ඇත්තනේ.

      ඇත්ත නම් ඇත්ත කියපන්
      බොරු නම් බොරුයිය කියපන්!!!!

      Delete
    3. :-) ඇත්ත බොස් .. හැබැයි තිත්තයි !!

      Delete
    4. ඉඳා මම ගානේ සීනි චුන්ඩක්. පත අට එකට හින්දලා නාස් පොලු දෙක ඇඟිලිවලින් මිරිකාගෙන, එක හුස්මට ගුඩුස් ගුඩුස් කියලා බීහං.

      Delete
    5. @ කා වා

      උඹ කියනවනං ඉතිං :-):-)

      Delete
  18. බුදුදම සිත තුලයි, පන්සල තුල නොමැත
    දෙවියන් කොහේ සිටියත් දෙවොලට නො'එත
    වැන්දත් නිතර තබමින් මුදුනත් දොහොත
    මිනිසුන් අතර "මිනිසුන්" දුලබයි දියත

    ReplyDelete
    Replies
    1. තිසර දෙසූ උගත් උතුම් කව් බසිනේ....
      කතන්දර බ්ලොගය පුන් සද සේ බැබළුනේ...
      සුසමා දම් බෙලෙන් ඔහු බස තකා මුදුනිනේ...
      සිත තුල රැක ගනිමු බුදුදම මිතුරනේ.....

      බ්ලොග් අවකාශයේ සුසමාදර්ශය වූ තිසර කවියාට ඇනෝ මිතුරාගෙන් කවියක්....

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. මම නම් කැමතියි පන්සල් ඇතුලේ පොඩි පබ් එකකුත් දානවනම්. හැබයි සිගරට් තියෙන්නත් ඕන..

    ReplyDelete
    Replies
    1. උඹලගෙ ගෙදර බඩු පොට් එකක් කරමුද?

      (කකා බුද්ධාගමට අපහාස වෙන කොමෙන්ට් දානවනම් මේකත් පබ්ලිශ් කරපන්....)

      Delete
    2. //තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර අනුමත නොකෙරෙනු ඇත.//
      කකා ආගම්වලට අපහාස වෙන කොමෙන්ට් දාන එක හරිද.....

      Delete
    3. රක් සිගරියා මස්පීක් ? හි හි

      Delete
    4. එහෙම නෙවෙයි පබ් එක ඇතුලේ පන්සලක් දා ගන්න එක ගැන මොකද ඔයා කියන්නේ

      Delete
    5. එහෙම නෙවෙයි පබ් එක ඇතුලේ පන්සලක් දා ගන්න එක ගැන මොකද ඔයා කියන්නේ

      Delete
    6. මචං ඇනෝ මේකනේ. කකා තුන්වන පාර්ෂවය කියලා අදහස් කොරන්නේ මෙතන කොමන්ට් කරන අයවනේ. මෙතන කොමන් කරන්නේ නැති කවුරුවත් කකා තුන්වන පාර්ෂවය ලෙස ගනන් ගන්නේ නෑ. හේතුව, මෙතන කොමන්ට් කරන අයට අපහාස කරන්න දුන්නෝත්, පොරට හිට්ස් අඩු වෙනවා කියලා අත් දැකීමෙන්ම දන්නවා බං.

      Delete
  21. ඉස්කෝලෙ ආනන්දෙ ඒත් කොමෙන්ට් පබ්ලිශ් කරන්නෙ යලට මහට.... ඉස්කෝලෙට පැරෂුට් ආපු එව්වො තමා නම කන්නෙ.....

    ReplyDelete
    Replies
    1. පංසල් වලට දේවාලයක් එක් වූයේ කෙසේද?
      අතීතයේ රාජ පරම්පරාව විසින් සරණ පවා ගනු ලැබුවේ ඉන්දියාවෙන් ගෙන්වා ගන්නා ලද කාන්තාවකි. ඔහුන් සමඟ විටින් විට නව ඇඳහිලි සහ ආගමික සංකල්ප, නව ශිල්ප ක්‍රම, මේ රටට නැවත නැවත සංක්‍රමණය විය. සමහර අවස්ථාවලදී අප රට දැණුමෙන් පෝෂණය වීමට ඉඩ සැලසිනි. මේ අනුව එම සංක්‍රමණ පිරිසටත්, රජු සරණපාවා ගන්නා දේවියට වැඳ පුදා ගැනීමටත් දේවාල අවශ්‍ය විය. මුලදී පංසල් සහ දේවාල වෙන වෙනම ගොඩ නැඟුනත්, පසුව පහසුව තකා ඒවා එකම භූමියක ඉදිවිය. මේ අනුව දේවාල සංකල්පය පංසලතුලට කාන්දු විය.

      Delete
  22. දාර්ශනික වශයෙන් යකාටත් ගැටළු තිබෙනවා යම් යම් දේවල් ගැන.ඒත දෙවිවරුන්ට හා ගුප්ත බලවේග වලට දොස් කියන්න එපා.මේ බලවේග තිබෙනවා.මම මගෙ බ්ලොග් එකට යකා කියන නම දාන්න ඒකත් එක හේතුවක්.මන්තර ගුරුකම් දෙවියෝ යක්කු භූතයෝ ගැන අධිමානසික බල ගැන කවුරුත් නොදන්න අමුතු සත්‍ය කතා පෙළක් දාන්නයි ඉන්නේ.ඒක පළ වුනහම බ්ලොග් ලෝකෙ උඩු යටිකුරු වෙයි.ඒ දවස ලඟදිම උදාවෙයි.
    යකා කියන නම දාන්න බලපෑ අනෙක් හේතුව තමයි ප්‍රාග් බෞද්ධ ඒ කියන්නෙ මතවාද වලින් විනිර්මුක්ත නිදහස් මනස නිරූපනය කරන්න.

    යකා දිනේවා කකා දිනේවා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.