Friday 18 October 2013

ගෑණියෙක් විදියට හිතන්න පිරිමින්ට බැරිද? - Cross thinking!


සාමාන්‍යයෙන් පිරිමි ලියන කවිවල, කෙටිකතා, නවකතාවල ප්‍රධාන චරිතය වෙන්නේ පිරිමි චරිතයක්මයි. විශේෂයෙන්ම ඒ නිර්මාණවල "මම, මා, මගේ" කියලා කියවෙනවා නම් ඒ පිරිමියෙක් කියන කතාවක්ම තමයි.

ඒ වගේම කාන්තාවන් විසින් ලියන ලද කවිවල, කෙටිකතා, නවකතාවල ප්‍රධාන චරිත බොහෝ විට කාන්තා චරිතමයි. ඒවායේ "මම, මා, මගේ" කියලා ලියවෙනවා නම් ඒ කාන්තාවක් ගැනම තමයි.

මේකට හේතුව තමයි බොහෝ දෙනා ලියන්නේ තමන් ගේ අත්දැකීම් වීම.

මේ කතාවට ප්‍රතිවිරුද්ධ උදාහරණ නැතුවාම නොවෙයි.

මා කියවා නැති "පොදු පුරුෂයා" නවකතාව කාන්තාවක් පිරිමි ඇසින් ලියූ එකක් ය කියා මිතුරෙක් කිව්වා. මීට අමතරව ටෝල්ස්ටෝයිි ගේ මුල් කෘතියකුත් තියෙනවාලු ගැහැණු චරිතයක ප්‍රධාන කොට "මම, මා, මගේ" භාෂාවෙන් ලියවුණු.

ඔය සේරම කිව්වේ මෙන්න මේ කවියට හැඳින්වීමක් විදියටයි.

මේක පිරිමියෙක් විසින් ගැහැණියක ගේ අත්දැකීමක් ඒ ගැහැණු ඇසින් බලා "මම, මා, මගේ" භාෂාවෙන් ලියූ එකක්.

සමු ගැනුම

හිමි සඳුනි කිමද ඔබ
වෙනස් වී මේ ලෙසින?
තුන් වසක් පිරූ පෙම අමතකද?
විවාපත් වී පැමිණ
ඔබ සමග ගෙවාලූ
තුන් වසක යුග දිවිය අමතකද?
කිමද ඔබ මේ ලෙසින
මා පෙලන කාරණා?

උපන් බිම හැර දමා
දෙමව්පිය සහෝදර නෑසියන් හැර දමා
නුහුරු නුපුරුදු ලොවක
ඔබේ උණුසුම පතා
ආවෙමිය මා එදින!

මේ සීත සිසිරයේ
ඔබේ උණුසුම් සුවේ මට ඇවැසි මේ පැයේ
පාළු කුටියක අඳුර
පමණි මා නොතනියට
කොතැනකද ඔබ මෙදින?

සමභාහනාගාරයක පුරඟනක තුරුලේද?
පවිටු මිතුරන් සමග දාදු කැට කෙලියේද?
බමන දෙනෙතින් යුතුව මධුවිතක පතුලේද?

ඔබ පැමිනෙනා තෙක් නිවස වෙත
රුය පහන් වෙන තුරා නිදි වරමි
ඔබේ නළලත සිඹිමි
එකම වරයක් යදිමි

නොහැක මට තවත් දුක උහුලන්න
ඉතිං අවසර දෙන්න
මේ බැඳුම හැර යන්න



ඒ වගත් මෙසේම

-කතන්දරකාරයා


(image: http://www.newgrounds.com/art/view/zela/sayonara)

102 comments:

  1. "තිලක සිත"ලිපි වල පුදුම රසවත් බවක් තිබෙන්නෙ.
    පාර පෙන්නුවට ඔබට තුති කකා මැතිදුණි...!!!!

    ReplyDelete
    Replies
    1. කකා මේ කෙමන්ටුව පරණ ලිපියට අදාලයි. වහාම එයත් මගේ රිප්ලේ ප්‍රතිචාරයත් ඉවත්කරන්න.

      Delete
    2. ඊයෙ (හෝ එක් දිනකට)පසුව ස්තුති කිරීම ජපන් ජාතිකයන්ගේ පුරුද්දක්.
      අමු මාළු කනවට වඩා රස ලිපි කියවන්න පාර පෙන්නපු නිසයි කකා මැතිදුට අරිගතෝ කිව්වෙ..
      ඇයි අවුල්ද..?
      උඹේ එක විතරක් මකව ගනින් බං..
      මගේ ඒව මකන්න නම් "කෝවක්" හොයා ගං..

      Delete
    3. නෑ බං ඕක “කෙන්ජිගෙ මහප්ප@japan“ කියන පහත එකා ඌට 1 වෙන්න කරපු කපටි කයිරාටික කොමන්ටුවක්. ඔය කොමන්ට් ටික මකපුවාම ඌ නිකම්ම 01 වෙනවා.

      Delete
    4. හරියට හරි Kenji @ Japan........... දැන් කියන්න බලන්න මෙවර රං ගොනා සහ බ්ලැක් බොනා සමග පොරමඩලාව සජීවී විකාශය තුලින් ඔබ හමුවට එන්නේ කවුද?

      Delete
    5. මෙවර Buzz එකේදී ඔබ සැමට මුන ගැසෙන්නේ....තඩි අත්පොලසන් නාදයකින්.....පලිගන්න....සිංහල බ්ලොග් අවකාශයේ දිදුලන තරුව Kenji @ Japan සමග,අතිගරු මාතලන්,රණවිරු විචාරක තුමා,විදේශ සබදතා ඇති හැලප සහ බිරිතාන්නෙ චාලිස්ටත් උයල කවපු චෙෆ් අරූ සමගින් මේ ඉරු දින 8.30 ට ............

      Delete
    6. හැබැයි මචෝ එය එන සැට් එක එක්ක මාත් එතන්ට ගත්තෝත් Buzz නිකන්ම නැගල යයි. එත් නැත්නම් අහවලා හැංගි හොරා මාතලං සහ කකාගේ අඩවිල කොමන්ට් බ්ලොක් කෙරෙවෙව්වා වගේ, Buzz එකත් වහලම දාන්න වෙයි.

      Delete
    7. කකා ගැන දුක සිතේ.

      Delete
    8. Kenji @ Japan
      ඔය උඩ කාව ගත්තට කමන්නෑ. හැබැයි අර සොරුන්ගේ ගිරවා ගන්නනම් එපා. අපිට බස් නෙවේ තිබස් තමයි අහන්න වෙන්නේ. ඔය කාවෝ දෙන්නයි, විචාරකතුමයි, රාජු අතර මොකක්දෝ රහසක් තියෙනවා වගේ දැනෙනවා. බලමු, බලමු.

      Delete
  2. ඒකත් එහෙමද
    කෙන්ජිගෙ මහප්ප@japan

    ReplyDelete
    Replies
    1. මහප්ප මලා ගිය අවුරුද්දෙ බං :(

      Delete
    2. යකෝ මුන් කමෙන්ට් කොපි කරගෙන ඉදලා බොග දාපු ගමන් අලවනවාද?විනාඩියක් යන්නත් කලින් කමෙන්ට් දාලා

      Delete
    3. හෙට සන්ඩේ ස්පෙෂල් එක්ස්ට්‍රා එකකින් හමුවෙමු...

      Delete
  3. කරුණාසේන ජයලත්ගේ "ගැහැණු ළමයි" නව කතාවත් එහෙම එකක්... කතාව කියන්නේ කුසුම්...

    මේකත් ඒ වගේ ද මන්දා.... පූර්ව නිශ්චිත සමුගැන්මක් - A Pre-determined Farewell

    ReplyDelete
    Replies
    1. තිසර කියන්නෙ බ්ලොග් අවකාශෙ සුසමාදර්ශෙ...... එයා කිව්වොත් අපි ඕන දෙයක් බලනවා.....

      Delete
  4. ඇයි අපේ අටමගේ "අත පිච්චුනාට මට සමාවෙන්න" මෙගා නව කතාවේ අටමත් ගැහැණු චරිතයක් විදිහට හිතලා ලියන්නේ ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් මටත් මතක් උනේ අටමව

      Delete
  5. පිරිමියෙකුට ගැහැනියෙක් වගේ හිතන්ට පුලුවන් නම් මේ ලෝකේ මීට වඩා කොච්චර සුන්දර තැනක් වෙයිද? :D

    ReplyDelete
    Replies
    1. හිතුවට ප්‍රශ්ණයක් නෑ. හැබැයි ඒ විදිහට වැඩ කොලොත්.................
      ගෙවත්තේ මල් හිටුවයි. ගේ දොර අතුගායි. තව රෙදි එහෙමත් හෝදයි. ආ....... මාල වළලු පළඳයි ............. සත්තු ඇති කරයි.............

      Delete
    2. //පිරිමියෙකුට ගැහැනියෙක් වගේ හිතන්ට පුලුවන් නම් මේ ලෝකේ මීට වඩා කොච්චර සුන්දර තැනක් වෙයිද?//

      මිනිස්සු (Humans) සම්බන්ධයෙන් ස්වභාවධර්මයට කිසිසේත්ම අනුකූල නොවන අදහසක්. ඒවගේ මතයක් දරන්න උනත් ඕනෙම කෙනෙකුට නිදහස තියනව. එත් ඕනෙම දෙයක් ගැන ඕනෙවට වඩා හිතන්න ගියහම එතනින් එලියට එන්නෙ මේ වගේ අස්වාභාවික අදහස් තමා. මම හිතන විදිහට පරිණාමය කියන්නෙ ඉස්සරහට යන දෙයක් මිසක් ආපස්සට ගමන් කරන දෙයක් නෙමේ.

      Delete
    3. @AnonymousOctober 18, 2013 at 12:12 PM
      එතොට තල්මහ ගොඩබිමින් මුහුදට සංක්‍රමණය වීම හින්ද උගේ පරිනාමය දියුණුවෙන් දියුණුවට පත් උනාද නැත්නම් ඇන හිටියද ? ඒ කාලේ ඉතාමත් නොදියුණුව හිටපු ප්‍රයිමේටාවෝ දැන් පොලවේ රජ කරනවා. තල්මහ තාමත් මුදේ දිය බුං ගහනවා. ....

      Delete
    4. මේක ඉතිං තල්මහෙක්ගෙන්ම අහල දැනගන්න ඕනෙ දෙයක්. මම නම් කිව්වේ මිනිස්සු ගැන.
      Making of a Planet

      Delete
    5. @මහසොහොන් පිල්ලිය
      පරිණාමය ගැන කියල තියන අදහස නිකන් උපහාසයක් විතරයි. මෙතන මම මතුකරන්න උත්සහ කලේ පිරිමියෙක් ගැහැණියෙක් විදිහට හිතුවහම ලෝකෙ ලස්සන වෙනව කියන අදහස විකාරයක් කියලයි. මිනිස්සු උන අපි කවුරුත් හිතන්න ඕනේ තමන්ට ආවේනික විදිහට මිසක්, ගැහැණියෙක් ද පිරිමියෙක් ද කියන එකේ කිසිම වැදගත් කමක් නෑ.

      දැන් ඔබතුමා ගැහැණියෙක් විදිහට හිතල, ඔබතුමාගෙ ලෝකෙ මාර ලස්සන වෙලාද තියෙන්නෙ?

      Delete
    6. AnonymousOctober 18, 2013 at 2:47 PM
      ඇයි මනුෂ්‍යා කියන්නේ සතෙක් නෙමේ ද ? සත්වයන් සියල්ලන්ටම අදාළ පරිනාම රීති මනුෂ්‍යන්ට අදාළ නොවන්නේ යයි සිතන්නේ ඔබේ සිතේ තියෙන මාන්නය හින්ද මිස කිසිම ස්වභාවික රීතියක් නිසා නම් නොවෙයි.

      මිනිස්සු උනත් පවතින පාරිසරික සාධක අනුව හැඩ ගැහෙමින් පරිනාමය වෙනවා මිස තියෙන දේවල් වැඩි දියුණු වෙමින් ඉදිරියට යාමක් හැම වෙලේම සිදු වෙන්නේ නැහැ. සමහර විට පරිනාමයේ ආපස ගමනක් සිදු වෙන්නත් පුළුවනි.

      AnonymousOctober 18, 2013 at 3:22 PM
      මෝඩ ජෝක්‌ ....
      ගෑනියෙක් , මිනිහෙක් විතරක් නෙවේ සතෙක් ගේ කෝණයෙන් උනත් හිතන්න හැකියාවක් තියේ නම් ලාංකික අප අවට සිදු වෙන ම්ලේච්ච , පාහර , අසංවේදී , ජඩ ක්‍රියා බොහොමයක් අඩු වේවි.

      තමන්ගේ දරුවන්ට කුඩු පොවන්නේ නැහැ අනුන්ට පොවනවා
      කන්න නැතුව දරුවෝ මැරෙද්දි සහනාධාර මංකොල්ල කනවා
      පෝලිමේ 100 ඉඳිද්දී අන්තිමට ඇවිල්ල මුලට හේත්තු වෙනවා
      බෝම්බෙන් තුවාල වෙලා වැටිලා ඉඳිද්දී ඇවිල්ල කන් ඉරාගෙන කරාබු කඩනවා
      ලිස්ට් එක තව දෙන්නද ?


      ඔව් මම අනිත් මිනිස්සුන්ගේ පැත්තෙනුත් හිතල වැඩ කරනවා තමයි. එහෙම නැති එක තමයි ලංකාවේ පාදඩ , අමන , අශික්ෂිත අත්මාර්ථ කාමී ක්‍රියා වැඩි වෙන්න එකම හේතුව.

      බුදුන් වහන්සේත් , ජේසුස් වහන්සේත් කියල තියෙන්නේ ඒක නේද ? අනුන්ද තමන් සේම දඬුවමට , හිරිහැරයට ප්‍රිය නොකරති. එම නිසා ඒ අනුන්ගේ කෝණයෙන් සිතා එවැනි ක්‍රියා වෙන් වැළකෙන්න . ඒ වගේ තමයි අනිත් දේවලුත් කරන්න පුළුවන් හැටියට. ඔහේගේ මතේ අනුව බුදුන්ටත් වැරදිලා වගේ නේද ?

      Delete
    7. ඌන පුරණයක් ...
      ඔය පාසල් ළමයින්ට කුඩු , පෙති විකුණන එකෙක් (පිරිමියෙක් ) වත් ඒ දරුවෙක් ගේ අම්ම කෙනෙක් (ගැහැණියෙක් ) ගේ පැත්තෙන් හිතල , ඒ අම්ම අනාගතයේ ඒ දරුවා නිසා විඳින දුක ,වේදනාව ගැන පොඩ්ඩක් හිතල සංවේදී වෙන්න හැකියාව තියෙනවා නම් එක ඔබට අනුව "මහා විකාරයක්" නේද ? මිනිහ හිතන්න ඕනේ "තමන්ට ආවේනික" කුඩු විකුණන පිරිමියෙකුගේ මානසිකත්වයෙන් විතරයි නේද ?

      අනේ අනිච්චන් !

      Delete
    8. ළමයිනේ, මේක හැමදාමත් කියලා දෙන්න ඕනෙද? පරිණාමය කියන්නෙ ගහක්. ගහක සමහර අතු උඩට යනවා. සමහර අතු දෙපැත්තට යනවා. අතු කිහිපයක් පහළට යන්නත් පුළුවන්. හැම අත්තක්ම අනිවාර්යයෙන්ම උඩට යන්නේ නැහැ, සූර්යයා උඩ තිබුණු පළියට. හැබැයි හැම අත්තක්ම වැඩෙනවා. ඒ ඒ පරිසරය අනුව පිරිමි විදියට හිතන ගෑණුන්ට සේම ගෑණු විදියට හිතන පිරිමින්ටත් පැවැත්මක් තියෙන්න පුළුවන්. ඒ වගේම ගෑනු පිරිමි අතර වෙනස අනිවාර්යයෙන්ම වැඩි විය යුතු නැහැ. ඒක සමහරවිට වැඩි විය හැකියි, සමහරවිට අඩු විය හැකියි. දැන් යන විදියට මට හිතෙන්නේ තව වසර 1,000-2,000 කින් විතර මේ දෙකොටසටම කායික හෝ මානසික වශයෙන් ස්ථිරව අයත් නොවන පිරිස බහුතරය විය හැකියි. ඒ එක්කම straight හා gay කියා නැතිව සමාජයේ වැඩි කොටසක් bisexual වේවි.

      Delete
    9. මේකට තවත් යමක් එකතු කරනවා නම් පිරිමියකු සේ ඉපිද පසුව සැත්කමකින් ගැහැණියක වූ ලාංකිකයින් මේ වන විට අවම වශයෙන් තිදෙනෙක් ඉන්නවා. පළමුවැන්නිය නිරූපිකාවක් වන චමිලා අසංකා. දෙවැන්නිය සත්‍යා. තෙවැන්නියගේ නම දන්නේ නැහැ. තවත් පිරිසක් ඉදිරියේදී මේ සැත්කම කර ගැනීමට නියමිතයි. සැත්කමක් නොකර ගැහැණු ලෙස අඳින පළඳින පිරිමි අවම වශයෙන් සිය ගණනක් ඉන්නවා. මේ ප්‍රවණතාවය ඉදිරියේදී සාමාන්‍ය දෙයක් වේවි. කවුරුත් කලබල විය යුතු නැහැ.

      Delete
    10. @මහසොහොන් පිල්ලිය

      මම නම් ඉතිං දන්න මෝඩ ජෝක් තමයි කරන්නෙ, ඒ උනාට උඹ වගේ වලිගෙ පාග ගත්ත ගොන් ජෝක් කරන්නෙ නෑ.

      අනිත් මනුස්සයෙක් ගෙ සිතිවිලි තේරුම් අරගෙන වැඩ කරන එකයි, තව කෙනෙක් හිතන විදිහ ආරෝපණය කරගෙන ඒ විදිහට හිතනව කියන එකෙයි වෙනස තේරෙන්නෙ නැති උඹ වගේ එකෙක් එක්ක මොන කතා ද?

      උඹට ඒක තේරුණ දවසට උඹේ ඔය හෑලි ටික අපරාදෙ කියල උඹටම හිතෙයි.

      අනේ වඳින්නම් තවත් නම් බූත කියන්න එපා. උඹ කියන දේ ඇත්ත, විවාදයකින් තොරව එකඟයි. එත් මෙතන කතාවෙන්නෙ වෙන දෙයක් ගැන. ඒක උඹට තේරෙන්නෙ නැත්තං, උඹේ හෑල්ල කොහෙ හරි ලියන්නත් ඕනේ නම් වෙනම පහලින් කොමෙන්ට් එකක් දා ගනින්.

      Delete
    11. අනිත් මනුස්සයෙක් ගෙ සිතිවිලි තේරුම් අරගෙන වැඩ කරන එකයි, තව කෙනෙක් හිතන විදිහ ආරෝපණය කරගෙන ඒ විදිහට සුළු මොහොතකට/කෙටි කාලයකට හිතනව කියන එකෙයි තිබෙන මුලිකම වෙනස පැහදිලි කරලා දෙන්න .... ;)

      මගේ පැත්තෙන් යම්කිසි වරදවා වටහා ගැනීමක් වෙලා තිබේ නම් එක පිළිගන්න මගේ අකමැත්තක් කොහොමටවත් නැහැ ... වරද තේරුම්කර දීමට ඔබට හැකි නම් ....

      Delete
    12. @AnonymousOctober 18, 2013 at 5:00 PM

      About 80% of the population could be bisexual if we acknowledge our fantasies, our dreams, our interests, our crushes. If normal curves hold true 10% of the population is totally gay and lesbian and 10% is totally heterosexual and everybody else is potentially bisexual."
      —Institute for Advanced Study of Human Sexuality

      කිසිම ආගමික , සමාජීය දේශපාලන භාදකයකින් තොරව නිදහසේ ජිව විද්‍යාත්මකව බැලුවොත් සමාජයේ වැඩි කොටසක් දැනටත් bisexual තමයි නේද ?

      Delete
    13. @මහසොහොන් පිල්ලිය,

      /කිසිම ආගමික , සමාජීය දේශපාලන භාදකයකින් තොරව නිදහසේ ජිව විද්‍යාත්මකව බැලුවොත් සමාජයේ වැඩි කොටසක් දැනටත් bisexual තමයි නේද ?/

      අපොයි ඔව්. ඔය අපේ කකා ඉන්නේ හොඳම උදාහරණය.

      Delete
    14. ඔච්චර කොටන්න එපා බං. මට ඕව කියවන්න වේලාවක නෑ.

      හරිම බිසී කාළයක් !

      වැඩ ! වැඩ ! වැඩ !

      හෙට සන්ඩේ ස්පෙෂල් එක්ස්ට්‍රා එකකින් හමුවෙමු...

      Delete
  6. මට මේක මතක් වුණා ක.කා.

    http://anjana-j.blogspot.com/2008/11/dananwada-mage-ayye.html

    (අද ඉතින් දවසම Physco තමයි)

    ReplyDelete
    Replies
    1. අඩෝ ලියපිය තොගේ බ්ලොග...

      Delete
    2. කම්මැලියි බං... :D

      Delete
  7. පොදු පුරුෂයා පොත නම් මරු !

    ReplyDelete
  8. පිරිමින්ටත් ගැහැණු ඇසින් ලෝකය දකින්න පුළුවන් වීම ගැන හරි සතු‍ටුයි...

    ReplyDelete
  9. ඕස්ට්‍රේලියාවට ගිය කපල් එකේ පිරිමියාගේ කවිය......

    කෙල්ලන් සමග රති සුව මට අවැසි නැත......
    තුරුලේ හොවා සැතපෙමි කොල්ලෙක් ගෙ හිස...
    සෙන්ටිමීටරෙන් නොම වැඩිවෙයි බමන මත....
    තට්ටෙන් සොමිය දෙන්නෙමි කොල්ලාව සිප....

    දෑගිලි පටලා එක්ව වින්දද රති සුවේ....
    රසයක් නොමැත මට ඔබ සිව්මැලි සුවේ....
    කොල්ලෙක් මිසක කෙල්ලෙක් දන්නෙහිද පිරිමි රසේ...
    වෙන්වෙනු සැපයි සොදුරිය නැතිව සිත් දොසේ.....

    ReplyDelete
    Replies
    1. කව්රු ගැනද මේ කියන්නේ?

      Delete
    2. කවුද ඉතින් තට්ටෙන් සොමිය දෙන්නෙ.....

      Delete
    3. සීන් එක ඕසට්‍රේලියාවේ උන නිසා හෙඳයි. ජපානේ එහෙම උනානම් මගේ වම් නනෙන් පෙන්නුවහැකි කවුද කියලා.

      Delete
    4. //වම් නනෙන් පෙන්නුවහැකි//
      ආ ............. උඔට එහෙම අමතර එකකුත් තියනවද?

      Delete
    5. "ඩබල් පෙඩරේෂන්" තනියම කොරන්න පුලුවන් එහෙනම්

      Delete
  10. කසාද බැන්දලින් පස්සෙ මම නම් පවුලේ කටයුතු කරන්නෙ ගැහැණු ඇසින් බලලමයි.

    ReplyDelete
    Replies
    1. චී චී චී බොහොම කැතයි. ඒකද මේ කොල්ලෝ පස්සෙන් යනවැයි කියන්නේ.

      Delete
    2. පිස්ෂුද බං බාස්කට් බෝල් උගන්නද්දී ලාවට එහෙම යමක් උනාට,
      තාමත් අනුභවය ශරීරයට යෝග්‍ය එක එක වර්ග වල හතු.

      Delete
    3. කාපිය නයි බිම් මල්..................

      Delete
    4. //කසාද බැන්දලින් පස්සෙ මම නම් පවුලේ කටයුතු කරන්නෙ ගැහැණු ඇසින් බලලමයි.//
      ආ....... බොලත් නෝනා කියන කියන විදිහට නටනවා වගේ.

      Delete
    5. නෝනලාගේ පදේට මහත්තුරු නැටුවෙ නැත්නම් ගෙදරින් කාල හමාරයි රසට,
      ප්‍රයිඩ් රයිස්...,.,

      Delete
  11. අර සමනළ විප්ලවය කියල සිය දෙනෙක් විතර කියපු කතාවත් කිව්වෙ ඔක්කෝම පිරිමි චරිත විසින් නේද?

    ReplyDelete
  12. සින්දුනම් ගනනාවක්ම තියෙනව නේද

    ReplyDelete
  13. ශ... මාර රස කයියක් !
    කකා දිගටම මේ වගේම කයි පද බඳින්න... අපි කියවන්න එන්නම්

    ReplyDelete
  14. ඔය වගේ ගැහැනු ඇසින් බලලා පිරිමි ලියපු නවකතානම් ගොඩක් තියෙනවා ..

    ReplyDelete
    Replies
    1. චමිය හක්ක පටස්ද...?
      දැන් හොදද..?

      Delete
    2. දැන් 75% විතර හොදා කෙන්ජයියා ..

      Delete
  15. //රුය පහන් වෙන තුරා නිදි වරමි//
    එහෙම එපා කකා
    * රැය පහන් වෙන තුරා නිදි වරමි
    එහෙම එන්න

    ReplyDelete
  16. කකාගෙන් සහ කසුජාස ගෙන් කරන ජාතික මට්ටමේ ඉල්ලීමක්................

    රනිල් ෆෝබියාව (Ranil Phobia) වැළඳුනු පසු මාතලං නොහොත් ප්‍රියන්ත හේවගේ අතුරුදහන්ව ඇත.
    වහා සොයා දෙන්න. බොග වේදිකාවට නැවත කැඳවන්න.

    මීට,
    අළුගෝසු කුලයේ නූපන්, බමුණු කුලේ උපන් කා(Ka).

    ReplyDelete
    Replies
    1. හරිම බිසී කාළයක් !

      වැඩ ! වැඩ ! වැඩ !

      කවුරුවත් හොයන්න මට වෙලාවක් නෑ. ඕන එකෙක් ගිය තැනකින් එයි.

      Delete
  17. පිරිමි ගෑණු විදහට හිතුවට නම් කමක් නෑ..හැබැයි ඒ විදහට හිතලා වැඩ කරෝත් නම් අප්ශෙට් යන්න ඉඩ තියෙනවා...මෝකද ගෑනූන්ට තියෙන ලොකුම වස්තුව මිනිස්සුන්ට නැති නිසා....


    අවවාදයයි...: බාල බඩුවේ හිලක් තිබුනාට හිලක් ඇති සෑම බඩුවක්ම බාල නොවේ ..:)

    ReplyDelete
  18. මිනිස්සුන්ට තවත් මනුස්සයෙක් හිතන හැටි තේරුම් ගන්න ඒ ගැන සංවේදී වෙන්න පුළුවන් කියන එක ලොකු දෙයක්..මේ කවියේ තියන

    ඔබ පැමිනෙනා තෙක් නිවස වෙත
    රුය පහන් වෙන තුරා නිදි වරමි
    ඔබේ නළලත සිඹිමි
    එකම වරයක් යදිමි

    මේ පේලි ටික කවියේ හැඩය සම්පූර්ණ කරනවා කියලයි මට හිතෙන්නේ..ඇත්ත අත්දැකීමක් තියලා උපකල්පනය කලොත් සැමියෙකුගේ හිතේ ඇතිවන සීනි තැවරූ භයක් මේ පේලි ටිකෙන් කියැවෙනවා..
    “මගේ බිරිද කවදා හරි මගේ ලඟ වැද වැටිලා මගෙන් වෙන්ව යන්න ඉල්ලුවොත්“

    ස්තුතියි කකා..ආසාවෙන් කියවපු කව් පෙලක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ස්ට්‍රේට් කෙනෙක්ට වඩා ගේ පොරකට ගැහැනියක් වගේ හිතන්න හොදට පුලුවන්.....

      Delete
    2. \\\\“මගේ බිරිද කවදා හරි මගේ ලඟ වැද වැටිලා මගෙන් වෙන්ව යන්න ඉල්ලුවොත්“\\\\

      වැටිලම ඉල්ලයි කියල තමයි බය රූ ..! මේක කියවන්න... සල්ලාල බිරිඳට ලියු පෙම් පත . Domino Dancing - PET SHOP BOYS 1987 ( ඔයා නම් මේක දැක්කා කියලා මන් දන්නවා ..ලින්ක් එක දැම්මේ වෙන කෙනෙකුට ප්‍රයෝජනයක් පිණිස )

      Delete
    3. කියන්න කලින්ම දාලා ඉවරයි.... හපොයි මෙහෙම විලි ලැජ්ජාවක්....

      Delete
    4. /ඇත්තටම ස්ට්‍රේට් කෙනෙක්ට වඩා ගේ පොරකට ගැහැනියක් වගේ හිතන්න හොදට පුලුවන්..../

      සම්පූර්ණයෙන්ම වැරදි අදහසකි. බොහෝ සමරිසි සබඳතා කැඩෙන්නේ ඒවායේ එක් පාර්ශ්වයක් වත් 'ගැහැණු' චරිතය රඟපෑමට නොදන්නා නිසාය.

      Delete
    5. ම්හ්.... කකා නම් එහෙම නෑ.... කකාට පුළුවන් චරිත ගොඩක් එක පාර උනත් රගපාන්න....

      Delete
  19. " පොදු පුරුෂයා " එකේ සියුම් ලෙස පිරිමියා කෙරෙහි වෛරයක් ඇති කරවන ගතියක් තියෙනවා. සැමියාගෙන් දුකට පත් බිරිඳක් ඒ පොත කියෙව්වා කියන්නේ තවත් ඩිවෝර්ස් කේස් එකක් ෆයිල් වෙනවා...

    කකා දාලා තියෙන කවිය දිහා හොඳින් බැලුවම තේරෙනවා යම් දෙයක්... ඒ තමයි ගැහැණිය කෙරේ පිරිමි සිතේ පවතින රාගය ...!

    men are men and mountains are mountains කියන්නේ නිකන්ද ...? කොහොම කලත් බඩු මාට්ටු ...

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකක් දාන්න.... නැත්නම් පරණ බ්ලොග් එකක් ආයෙ අප්ඩේට් කරන්න උඩට එන්න...

      Delete
  20. පිරිමියෙක්ට ගැහැණියක් ලෙසත් ගැහැණියට පිරිමියකු ලෙසත් නිර්මාණ කල හැක නමුත් ඒ නිර්මාණය තුල සැගවුන පිරිමි ගතිය නොදැනුවත්වම එලියට ඒම නම් වලකාලිය නොහැකී.

    ReplyDelete
  21. ඔච්චර පොත් කියවන කකා තාම ගෝඨාස් වෝ කියෙව්වෙ නැද්ද.... චැහ්... වැඩක් නෑ.... අපේ මාරයියා කියවලා ශාස්ත්‍රිය විචාරෙකුත් දාලා....

    ReplyDelete
  22. ඔබේ මතයට මට එකඟ වෙන්න අමාරුයි. සුනේත්‍රා රාජකරුණාගේ පොදු පුරුශයා පොත මගේ පොත් ගොන්නේ තියෙනවා.(ඇගේ පොත් වලට මා ගොඩක් කැමතියි)
    කතාවේ ප්‍රධාන තේමාවට අනුව කතා නායිකාව ඇයගේ දියණියගේ නුසුදුසු ප්‍රේමය වැලැක්වීමට එනම් එම ප්‍රේමවන්තයා චපල අයෙත් බව තම දියණියට ඒත්තු ගැන්වීමට කරන්නේ එම චපලත්වය තම අද්දැකීම තුලින්ම පසක් කල දෙයක් බව දියණියට හෙළි කිරීමයි. මේ හෙලිදව්ව කාන්තා ඇසකින් කරන දෙයක් මිස පිරිමි ඇසකින් කරන දෙයක් නොවන බව මා සිතමි. ඔබත් මේ පොත කියවා බලන්න.

    ReplyDelete
  23. මම මෑතදීම කියවපු උපුල් ශාන්ත සන්නස්ගලගේ පිරිමි ගොඩයි මම විතරයි කාන්තාවකගේ ඇසින් ලියපු කතාවක්.. අර රත නොරත ගණිකාවකගේ ජීවිත කතාවක්ම ලිව්වෙ කර්තෘ නම් මතක නෑ ඒත් පිරිමියෙක්..

    ReplyDelete
  24. කාන්තාවකගේ ඇසින් ලියූ නවකතාවක් හඳුනාගත හැකි නිවැරදිම ක්‍රමය හැම පිරිමියාම ඊට අම්මා මෝ නැතුව බැනීමය.

    ReplyDelete
  25. ///ඔබ පැමිනෙනා තෙක් නිවස වෙත
    රුය පහන් වෙන තුරා නිදි වරමි
    ඔබේ නළලත සිඹිමි
    එකම වරයක් යදිමි

    නොහැක මට තවත් දුක උහුලන්න
    ඉතිං අවසර දෙන්න
    මේ බැඳුම හැර යන්න////

    මෙහෙම කියාගන්න බැරිව ලතවෙන බොහොමයක් ගැහැණු චරිත ඉන්නවා. පිරිමි හිතකින් මෙහෙම ලියවුණු එක අගය කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඒ ගෑණුන්ටික ගැන මට දැන් බලන්න වේලාවක් නෑ

      හරිම බිසී කාළයක් !

      වැඩ ! වැඩ ! වැඩ !

      Delete
  26. සම්පූර්ණ නව කතා හෝ කෙටි කතා කෙසේ වෙතත්, සිංදු, කවි, දෙබස් වගේ ඒවා සෑහෙන ගණනක් ගැහැණු - පිරිමි මාරු‍ වෙලා සිංහල සාහිත්‍යයේ ලියවිල තියනවා කියලයි මට හිතෙන්නෙ. යසෝදරාවතේ කවි, පටාචාරා විදිහට කියන සිංදු, මනමේ කුමාරි, ඇයි සරත්චන්ද්‍ර ලොක්කගේ සිංහබාහු එකේ සුප්පා දේවි, තව ඔය චිත්‍රපටි වල කෙල්ල කියන සිංදු එහෙම.

    ඒත් දිග නවකතාවක් වගේ එකක් ලියන එක නම් බරපතල කාරණාවක්. සමහර සිදුවීම් ගැන ගැහැණු හිතන්නෙ පිරිමි හිතන විදිහට නෙවෙයි. (සමහර වෙලාවට ගැහැණු හිතන්නෙ බොළඳ විදිහට - වලියක් ඇදෙයිද මට?).

    තිසරගෙ කමෙන්ට් එකේ තියනව වගේ කරුණාසේන ජයලත් ගැහැණු ඇසකින් බලල කතා ගොඩක් ලියල තියනව නේද? හැබැයි සමහර අය ලියල තියන ඒව කියවනකොට වැඩේ මාට්ටු වෙනවා.

    මේ ළඟදි මට කියවන්න ලැබුනා කෙල්ලෙක් ගැන ලියපු නිර්නාමික පෙත්සමක්. ඒක ලියල තියෙන්නෙ ගෑනියෙක් කියල තේරෙනවා සමහර වචන කියවද්දි. උදාහරණයක් හැටියට "පිරිමි ළමයි" වගේ වචන පිරිමි අය පාවිච්චි කරන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. හෙට සන්ඩේ ස්පෙෂල් එක්ස්ට්‍රා එකකින් හමුවෙමු...

      Delete
  27. // GANEYEK WIDIYAYATA......// MEKATA INGIRISIYEN KIYANNE CROSS BRED KIYALADA? KAKKA THUMA HITHANNETH FEMALE KENEK WAGE NEDA ?

    ReplyDelete
  28. @ All
    හරිම බිසී කාළයක් !

    වැඩ ! වැඩ ! වැඩ !

    හෙට සන්ඩේ ස්පෙෂල් එක්ස්ට්‍රා එකකින් හමුවෙමු...

    ReplyDelete
  29. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  30. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  31. කවිය බොහොම රස වින්දා...ඒකෙ එක තැනක රැ යන්නක් රු යන්නක් වෙලා තියෙනවා...ඒකත් නිවැරදි කරලා දාන්න... ඒ බැදුම හැර යන්න අයිතිකාරයා ඉඩ දෙයිද ?

    ReplyDelete
    Replies
    1. උඩත් ඕක කියුවා... මේ අං දිග ගෝණා අහන්නෙ නෑ.... මූ අං තට්ටුව දික්කරන් ඔලුව උදුම්මගෙන ඉන්නවා විතරයි.....

      පෝස්ට් දෙකකින් එක කොමෙන්ට් කාරයෙක්ටවත් රිප්ලයි නෑ....

      මූ හිතන් ඉන්නෙ මූ නිකක් කාලිදාස වගේ පොරක් කියලා.....

      Delete
    2. මූ හිතන් ඉන්නෙ මූ නිකක් කාලිදාස වගේ පොරක් කියලා.....
      දවසේ කියමන
      ++++++++++++++++++++

      Delete
    3. @ All
      හරිම බිසී කාළයක් !

      වැඩ ! වැඩ ! වැඩ !

      හෙට සන්ඩේ ස්පෙෂල් එක්ස්ට්‍රා එකකින් හමුවෙමු...

      Delete
    4. එතකොට හෙට කතන්දරේ දාන්නේ ඔහේද?
      -කකා

      Delete
  32. ''යෞවනයා'' බොග මෙන්න මේ ''w'' බොගද
    http://yawwnayaa.blogspot.com/

    නැත්නම් මෙන්න මේ ''v'' ''යෞවනයා'' බොගද
    http://yawvanaya.blogspot.com/

    ඔය දෙකම ලියන්නේ

    පුංචී කුමාරිහාමිද
    චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නද
    ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ

    මේ තුන්දෙනාම

    එක්කෙනෙක්ද
    දෙන්නෙක්ද
    තුන්දෙනෙක්ද

    ReplyDelete
  33. කාන්තාවක විදියට පිරිමියෙකුට නිර්මාණකරණයේදි හිතන්න පුළුවන්නම් ඒ නිර්මානයට වස්තුබීජය වන කවිය, ගිතය, කෙටිකතාව. නවනතාව, චිත්‍රපටය ඔය කවියේ තියෙනවා වාගෙම අපූර්වත්තවයක් මතුකරනවා. අනෙක් අතට තමන් අනේ පාර්ශවය දිහා නොදුටු ඇසකින් බලන්න පෙලඹෙනවා. වඩා වැදගත් වන්නේ ඒකයි.

    ReplyDelete
    Replies
    1. හෙට සන්ඩේ ස්පෙෂල් එක්ස්ට්‍රා එකකින් හමුවෙමු...

      Delete
    2. වැඩ ! වැඩ ! වැඩ !

      Delete
  34. මට මේ පස්සෙ මතක් වුනේ. සුනිල් ආරියරත්න මහාචාර්යතුමා නන්දා මාලිනී ලවා ගායනා කරවන ගීත ගැන මොකද හිතන්නෙ?

    ReplyDelete
    Replies
    1. අද බෑ. වෙන දවසක මඩ ගහමු.
      එතකොට හෙට කතන්දරේ දාන්නේ ඔහේද?

      Delete
    2. වැඩ ! වැඩ ! වැඩ !

      Delete
  35. කකා ගැන දුක සිතේ.

    ReplyDelete
    Replies
    1. වඩා සුදුසුයි: "කකා ගැන දුකා (යි)"

      Delete
  36. මගේ කොමෙන්ට් කක්කා මාමා කුණුබක්කියට දානවා හැමදාම :( දුකයි

    ReplyDelete
    Replies
    1. හරිම බිසී කාළයක් !

      Delete
  37. @ All
    හරිම බිසී කාළයක් !

    වැඩ ! වැඩ ! වැඩ !

    මේ ගෑනු ගෙදර ඉන්න දවසෙත් බලන්නෙ අපිව මරව මරව වැඩ ගන්න.....

    හෙටවත් අළුත් කතන්දරයකින් හමුවෙමු....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ,හොද වැඩේ ගෑණු බැදගත්තට අම්මා උයලා දෙන එක කාලා පාඩුවේ ඉන්නේ නැතුව හි හි ලියන්න ලියන්න

      Delete
    2. කකා ගැන දුකා (යි)

      Delete
  38. @ All
    සියළු දෙනාටම ස්තුතියි!

    හරිම බිසී කාළයක් !

    වැඩ ! වැඩ ! වැඩ !

    හෙටවත් අළුත් කතන්දරයකින් හමුවෙමු....

    ReplyDelete
    Replies
    1. ඔහේ පලයන් . අපි දන්නේ නැනේ කකා අලුතෙන් ඇනෝ ප්‍රයිවට් සෙකට්‍රි එක්කෙනෙක් ගත්ත කියල. කකාගේ රෙකෝඩ් එකම සෙකට්‍රිගේ කටෙත් ගහල තියෙන්නේ ඔය . හොදා හොදා මෙයාකාර නිවාඩු දවස් තිව්නට කතාවක් දාන්න බැරි වුනාද ???

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.