Thursday 27 June 2013

ජීවිතං අනියතං, මරණං නියතං - නෙල්සන් මැන්ඩෙලා සහ මරණය : Certainty!


නෙල්සන් මැන්ඩෙලා යනු කවුරුන්දැයි මේ කතන්දරය කියවන බොහෝ දෙනා දනිති. නොදන්නා අය සඳහා කෙටියෙන් කියනවා නම් ඔහු දකුණු අප්‍රිකාවේ නිදහස් සටනේ වීරයාය. වර්ණබේදවාදී සුදූ අධිරාජ්‍යවාදීන් ට විරුද්ධව නිදහස සඳහා අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට නායකත්වය දුන් ඔහු ඒ හේතුව නිසා වසර විසි හතක් තිස්සේ හිරබත් කෑවේය.

පසුව හිරෙන් නිදහස් වී මැතිවරණය දිනා 1994 දී දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති ලෙස පත්විය. අද වයස අවුරුදු 95 ක් වයැසැති ඔහු මේ දිනවල අසාධ්‍ය ලෙස අසනීපව රෝහලේ පසුවෙයි. දකුණු අප්‍රිකානුවන් පමනක් නොව අද ලොව වෙසෙන බොහෝ දෙනෙකු ඔහු ගැන දුක් වෙති. ඔහුට සුවය පතති.

අද ලෝකයේ සෑම ප්‍රධාන පුවත් පතකම, සඟරාවකම ඔහු ගැන සුවිශේෂී ලිපියක් සැකසී ඇත. සෑම ප්‍රධාන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකම ඔහු ගැන සුවිශේෂී වාර්තා වැඩසටහනක් සැකසී ඇත. පුවත්පත්, සඟරා, ඉලෙක්ට්‍රෝනික මාධ්‍යවේදීහූ දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා සිටිනා රෝහල සමීපයේ කඳවුරු බැඳගෙන සිටිති.

නෙල්සන් මැන්ඩෙලා මිය ගිය විගස පෙර කී අවමංගල ශෝක ප්‍රකාශ ලිපි පල කෙරෙනු ඇත. වාර්තා වැඩ සටහන් විකාශය කෙරෙනු ඇත. වාර්තාකරුවෝ එහි සිට සජීව විස්තර ප්‍රකාශ ගෙන එනු ඇත.

සිදුවෙන්නේ කවදාදැයි අප නොදන්නා නමුත්, නෙල්සන් මැන්ඩෙලා මතු යම් දවසක මිය යාන බව නම් අපි ඉඳුරාම දනිමු.

මරණය යනු අප හැමටම පොදු දෙයකි.

බුදු සාදු ද මිය ගියේය.
ජීසස්වද මරා දමන ලදී.

කේමදාස මිය ගියේය.
අමරදේව ද මිය යනු ඇත.

මෙලොව වසන අන් සියළු සත්වයන් මෙන්ම, කතන්දරකාරයා නම් චරිතයක් ආරූඩ කරගෙන මේ කතන්දර බ්ලොග් එකේ කතන්දර ලියන මා ද යම් දිනයක මිය යාමට නියමිතය.

එය අන් අය මට මතක් කර නොදුන්නත් මට ලේසියෙන් අමතක වෙන කාරණයක් නොවේ.

මා ද ඒ ගැන විටින් විට සිහිකොට ඇත්තෙමි.

1. වන් මෑන් ෂෝ - කතන්දර බ්ලොග් මැරතන් - ඇයි?
2. ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා
3. මැරෙන එකත් පණ යන වැඩක්

ඔය ටික ලිව්වේ දැක්කේ නැති අයට මට පහුගිය දවස්වල ලැබුණු ප්‍රතිචාර දෙකක් පෙන්නන්නයි.

මෙන්න පළමුවෙනි එක.


මෙන්න මගේ පිළිතුර.

   Anonymous June 12, 2013 at 4:10 PM

ඔබ හරියටම හරි, එය මතක් කල එක ගැන ස්තුතියි.

දැන් අවුරුදු හතකට කලින් මාව තව අවුරුදු දහයකට ගැරන්ටි කලා. තව තුනයි තියෙන්නේ ඒ කාලය ඉවර වෙන්න. හතරක් හිටියොත් ඒක බෝනස් එකක්!

ඊට කලින් කතන්දර ටික ලියලා ඉවරයක් කරන්න ඕනෑ.

මෙන්න ඒ වර්ගයේ දෙවෙනි ප්‍රතිචාරය සහ එයට මා දුන් පිළිතුරට පාර.

http://kathandara.blogspot.com/2013/06/socialism-piss-off-mate.html?showComment=1371534894911#c7454310146936081471

මේ බණ පදේ අහලා තියෙනවා නේද?

ජීවීතං අනියතං
මරණං නියතං
එතකං ජීවිතං
ජොලියෙන් ගත කරං!


ඔබ සැමට සැප සතුට, ජය සහ නිරෝගී සුවය පතමි!

නෙල්සන් මැන්ඩෙලා මෙන් දශක දහයක් ජීවත් වීමට ඔබ සැමට ඉඩ ලැබේවා!

-කතන්දරකාරයා

ප/ලි:
මා මල පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි!

ඒත් හැබැයි කවුද ඒවා මොඩරේට් කරලා අනුමත කරන්නේ යන්න නම් මම නොදනිමි.


(image: https://en.wikipedia.org/wiki/File:Soviet_Union_stamp_1988_CPA_5971.jpg)

65 comments:

  1. නෙල්සන් මැන්ඩෙලා ගැන මා විකිපීඩියාව කියවන විටදී දැනගත් අපූරු කාරණයක් නම්, මෙතරම් ජනප්‍රසාදයට පත්වී සිටියද ඔහු ලෝයර් කෙනෙක් බවයි!

    මා හිතන විදියට එය වාර්තාවකි.

    එවැනි වෙනත් අයෙක් කියා මා දන්නේ මහත්මා ගාන්ධි පමණි. ගාන්ධි ද ලෝයර් කෙනෙකි.

    පුදුමයි නේද?

    ReplyDelete
    Replies
    1. අපේ ලොක්කත් ලෝයර් කෙනෙක් නොවැ.
      ඒක නිසා ඕක පුදුමයක් නෙමෙයි මම හිතන්නෙ.

      Delete
    2. අද කකා එක වෙලා.
      කකාට සුබ පැතුම් !

      Delete
    3. \\\මෙතරම් ජනප්‍රසාදයට පත්වී සිටියද ඔහු ලෝයර් කෙනෙක් බවයි!\\\

      මෙමගින් ඔබ අදහස් කරන්නේ කුමක්ද කකා ...?

      Delete
    4. @ SilentSahan
      ලෝයර්ස්ලා යනු ලොව බහුතරයක් ජනතාව විශ්වාස නොකරන වෘත්තියකයින් පිරිසකි.

      http://www.telegraph.co.uk/finance/jobs/9552179/Ten-least-trusted-professions.html?image=2

      Delete
  2. ඔබටත් දිර්ගායුෂ පතමි.!

    ReplyDelete
    Replies
    1. ජොලියෙන් ඉන්නයි අදහස! ස්තුතියි!

      Delete
  3. මැන්ඩෙලා ට ඉක්මන් සුවය පතමි.!

    ReplyDelete
    Replies
    1. ඔහුට ඉක්මන් සුවය පතනවා....!

      Delete
  4. අවුලක් ගන්න එපා කකා...මිනිහෙක් ඇත්තටම මැරෙන්නේ ඒ මිනිහා කරපු දේවල් මිනිස්සුන්ට අමතක උන දාට........එහෙම ගත්තම බුදුහාමුදුරුවෝ, යේසුස් වහන්සේ, අමරදේව, කේමදාස.. ඒ විතරක් නොවෙයි ජෝතිපාලත් තාමත් ජීවත් වෙනවා..

    ඉන්ටරනෙට් තියෙනකන් කකා ට උනත් ඒ වගේ අමරණීය වෙන්න බැරි කමක් නෑ...:)

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත!

      ගූගල්කරයා ගේ සර්වර් ඩවුන් වුණොත් තමයි මැරෙන්නේ!

      Delete
  5. ප/ලි:

    මේ බණ පදේ අහලා තියෙනවා නේද?

    ජීවීතං අනියතං
    මරණං නියතං
    එතකං ජීවිතං
    ජොලියෙන් ගත කරං!

    ReplyDelete
    Replies
    1. ඔය බණ පදේ අවසන් පදේ විදියට තමයි මම ජිවත් වන්නෙ.

      Delete
  6. ඔය මුද්දරේ මැන්ඩෙලා හිරෙන් නිදහස් වෙන්න කලින් සෝවියට් සංගමෙන් නිකුත් කරපු එකක් වෙන්න ඇති නේද?

    ReplyDelete
  7. මැන්ඩෙලාට වේදනාව නිමා වන ඉක්මන් මරණයකුත්,
    කතාට නිරෝගී දීර්ඝායුත් ප්‍රාර්ථනා කරමි...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Maathalan.

      ජොලියෙන් ඉන්නයි අදහස!

      Delete
    2. ඔව් එතකොට කකාට දෙතුන් දෙනෙක් පට්ට ගැහැව්වැහැකි. දීර්ඝායු වේවා මලසමයංට

      Delete
  8. මැන්ඩෙලාටත් කකාටත් දීර්ඝායු!
    මැරෙන වෙලාව කියන්න බෑ නොවැ. මම නං ප්‍රාර්ථනා කරන්නේ ක්ෂණික මරණයක්. එතකල්,
    ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා!

    ReplyDelete
  9. ඒක නෙමේ කකා නරකද පින් අතේ වැඩ ටිකක් කර ගත්තා නම්. මොකද යන තැනකට බ්ලොග් එකේ හිට්ස් කමෙන්ට් පෝස්ට් අරගෙන යන්න කියලා යෑ. ඒ වගේම නිර්මල බුදු දහම කෙරෙහි තියෙන වෛරයත් නැති කරගන්න. නැත්නම් මොන පින කරගත්තත් ඔය පවෙන් නම් ගැලවෙන්න ලැබෙන්නේ නෑ.
    මම අද 1 ද මන්දා


    මම එක ඇනෝ

    ReplyDelete
  10. මිනිහෙක් මැරෙනකම් ඔය විදිහට නිව්ස් එක ගන්න කැනහිල්ලු වගේ ඉඳීම නම් අන්තිම නිවටයි...මිනි විකුණන් කන මාද්‍ය වේදීන් කියන්නේ ඔන්න ඔය වගේ අයට...කැමරාවක් අතින් ගත් දඩ බල්ලන් ...

    ReplyDelete
    Replies
    1. පුවත් ලොවට බෙදාහැරීම ජනමාධ්‍යවේදීන් ගේ වගකීමයි.

      පුවත් "මැවීම" කරන්නෝ ජඩ-මාධ්‍යවේදියෝ ය.

      Delete
  11. තෑන්ක්ස් කකා මගේ කමෙන්ට් එක ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් ගහලා පෝස්ට් එකට එකතු කලාට. මම ලියපු දෙයක් කකා සැලකිල්ලට ගත්තමද කොහෙද. සෑහෙන සතුටුයි කකා.

    ReplyDelete
  12. කක අද නම් රිදෙන්නම ලියලා තියෙනවා. වදින තැන් වලට වදීවිනේ.

    ReplyDelete
  13. +++++++++++++++

    ReplyDelete
  14. මැක්සා පෝස්ට් එක.... ඒත් මොකද මේ හොදට තිබිච්ච බ්ලොග් එකේ මැස්සො ඇහිරෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. KOORIYA GAHANNA LAN WELA.

      Delete
    2. කරෝල උනත් පරණ වෙන්න පරණ වෙන්න මැස්සෝ වහනවා. කකාටත් ඒ සෙතේම තමා.

      Delete
  15. වෙනස් කරගත හැකි සිතුවිලි වලින් දීර්ඝ කාලීන නිරෝගී බවක් සොයා යන්නට හැකි වුව ද, වෙනස් කරගන්නා සිතුවිලි වලින් දීර්ඝ කාලීන සාමයක් සොයා යන්නට හැකි ද? පළමුවැන්න තම සිතුවිලි වලින් ඉෂ්ට කරගත හැකි වූවකි. දෙවැන්න බහුතරයක් විසින් කළ යුතු වූවකි.

    ඉතින් බහුතරයකට එය ඒත්තු ගන්වන්නේ කෙසේද?!!!!!!

    කතන්දර පිටුවේ පල් හෑලි ලියා බ්ලොග් අවකාශය ගද ගස්සවමින් මෙය කල හැකිද?

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.
      ජොක්කු, පඩ, චූ හා කක්කා කතා ලිවීම තුලින් කකා පතන සුගතියට යා හැකිද ?
      කකා, ඔබ බ්ලොග් අවකාශය කොච්චර කාලයක් වෙනකන් මෙලෙස ගඳ ගස්සවන්නද සූදානම් වන්නේ ?

      Delete
    2. KOORIYA GAHANA KALAMA.

      Delete
  16. සම්පූර්ණයෙන්ම එකඟයි. මේ ගැන කතා කරන්න තරම් මට දැනුමක් තියනවද මන්දා ඒත් නියමම අර්ථ දැක්වීමක්.

    ReplyDelete
    Replies
    1. අන්න උබටත් මට හිතුන දේම හිතිලා

      Delete
    2. ++++++++++++++++

      Delete
  17. නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා... කියලා සිංදුවකත් තියෙන්නේ... ඒක මතක තියනවා නම් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්...

    කකාට දීර්ඝායු පතනව, කතන්දර දහසක් නොව දහස් ගණනින් ලියන්නට හැකිවෙන්නය කියලා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,

      ඉන්න කාලයක් ජොලියේ ඉන්නයි අදහස!

      Delete
  18. මා ද ඇතුළුව ලොකයේම මාධ්‍යකරුවෝ මැන්ඩෙලාගේ මරණය විකුණන් කෑමට සූදානමින් සිටී. වක්‍රාකාරව කකා ද මේ මගින් එයම කර ඇත. ඇත්තටම එවන් පුද්ගල මරණයක් හා සමගම එය ලොවට කීම හා ඔහුගේ සුපසන් මෙහෙවර ලොවට හෙළි කිරිම ජඩ වැඩක් ද?

    ReplyDelete
    Replies
    1. එසේය. සුපසන් මෙහෙවරකි..

      Delete
    2. පත්තරකාරයෙකුට ඉතින් මරණයක් කියන්නේ නිවස් එකක් විතරමයි නේ.

      Delete
    3. @දේශකයා :
      සබන් දාලා අත හේදුවද මචං ?

      Delete
    4. මැන්ඩෙලා වගේ යුග පුරුෂයෙකුගේ මරණය ගැන මුනිවත රැකිම යක්තිසහගත ද ඇනෝ.

      Delete
    5. පුවත් ලොවට බෙදාහැරීම ජනමාධ්‍යවේදීන් ගේ වගකීමයි.

      පුවත් "මැවීම" කරන්නෝ ජඩ-මාධ්‍යවේදියෝ ය.

      Delete
  19. ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා
    මැරෙන එකත් නවත්තන්න බැරිය කියාලා

    ReplyDelete
    Replies
    1. සඳ හිරු තරු පවතිනතුරු අපි මැරෙන්නේ නෑ
      අනග තරුණ බඹරු අපී
      අමර වරම අපට හිමී
      අපි මැරෙන්නේ නෑ, අපි මැරෙන්නේ නෑ!

      Delete
  20. අද පෝස්ට් එක නම් මරු. මම එක හුස්මටම කියවගෙන ගියා.
    ජය වේවා !

    ReplyDelete
  21. ඉංජිනේරු පීඨ කලා කවයේ නිර්මාණ පුවරුව ගැන කතාවක් නැත්තේ මොකෝ ?

    ReplyDelete
  22. කකා මට ඇත්ත කියහන් මචං...
    ඔය ටීවී එකේ කියන විදිහට ඕස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා නැද්ද ?

    මේ රට යන විදිහට මේකේ ඉදලා හරි යන්නේ නෑ. එහෙන් බස් ගාස්තුයි විදුලි බිලයි වැඩි වෙලා. මෙහෙන් අත්‍යවශ්‍ය කෑම බීම වල මිල වැඩියි. එහෙන් දූෂණ මැරකම්. මෙහෙන් ගුරුවරු දන ගස්සන පාලකයෝ. මේවා බලාගෙන මේ රටේ ඉන්න අමාරුයි කකා. ඉන්න එක කෙසේ වෙතත් වේලක් ඇර වේලක් හරි කන බොන එක අමාරුයි.

    බෝට්ටුවෙන් නෙමේ නීත්‍යානුකූල විදිහට ප්ලේන් එකෙන් ඕස්ට්‍රේලියාවට එන්න ඉන්නේ. ඕස්ට්‍රේලියාවේ රස්සා නැද්ද කකා ?

    මා ඔබෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමි.

    -පීඩාවට පත් ලාංකිකයෙක්.

    ReplyDelete
    Replies
    1. පිළිගත් වෘත්තීන්ට අදාළ නිපුණතා මට්ටම සපුරා ඇත්නම් රැකියා ඇත.

      Delete
  23. කකා නැවත වරක් මෙහි ඇනෝ නිදෂන් ඇති කර නිදහස් ස්ථාපනය කරන්න

    ReplyDelete
    Replies
    1. What do you mean by "නිදෂන් " ???

      Delete
  24. " BUDU SADU DA MIYA GIYEYA ' " APAHASA KARANNA EPA.

    ReplyDelete
  25. අද පෝස්ට් එක මාර රහයි බං !

    ReplyDelete
  26. මැන්ෙඩලා ජනපති වරයා යනු ෙලාව පහළ වූ අති විෙශ්ෂිත උතුම් මනුෂ්‍යෙයකි!

    ඒතුමා වසර 29 ක් හිරයට දැමූ ෙබා්තාෙග් වැන්දඹු බිරිය හමුවී අැයත් සමග ෙගාස් ඔහුෙග් ෙසාෙහානට මල්වඩමක් තබා අාචාර කෙළ්ය!

    හිර ෙගදරදී වද දුන් නිලධාරීන් අැතුළු සියලු නිලධාරීන් ජනපති මැදුරට කැඳවා ෙභා්ජන සංග්‍රහයක් පවත්වා සමාව දුන්ෙන්ය!

    කිසිම ෙකෙනකුෙගන් පළි ෙනාගත්ෙත්ය!

    තව වාර කීපයක් ම ජනපති වන්නට, ඉහළ ප්‍රතිශතයකින් දිනන්නට හැකියාව තිබියදීත් ජනපති ධුරය හැර ගිෙය්ය!

    ෙමවැන්ෙනා් බුදු දහෙම් උගන්වන ෙබා්ධිසත්ව වරු ෙවති.
    මණ්ඩාවල හාමුදුරුෙවා්

    ReplyDelete
    Replies
    1. ඔහු ජනාධිපති වෙනකොට වයස 76 යි. දෙතුන් පාරක් ජනාධිපති වෙන්නේ කොහොමද?

      හැබැයි පොර වීනී ව ඩිවෝස් කරලා ආපහු බැන්දා හිරෙන් ආවට පස්සේ. ඒ අතිනුත් පොරක් තමයි.

      Delete
  27. මැරෙන වෙලාවට මැරෙයි...
    මැරුනහම දුක් වෙමු..
    ජනමාධ්‍ය වලට පෙර සූදානම් කාලයක් තියෙන එකත් හොඳයි.
    http://udhaw.blogspot.com/

    ReplyDelete
  28. සැහැල්ලුවට හිතුවත් මරණය ඒ තරම් සුන්දර දෙයක් නොවෙන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. 'හැමෝම ඔබට ආදරය කරමින් මාව පිළිකුල් කරන්නෙ ඇයි ...?' මරණය ජීවිතයෙන් ඇසුවේය.

      'ඒ මම සුන්දර බොරුවක් හා ඔබ වේදනාකාරී සත්‍යයක් නිසා ..!' ජීවිතය පිළිතුරු දුන්නේය.

      http://gaminievijith.blogspot.com.au/2013/06/43.html

      Delete
  29. ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

    ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

    අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

    ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
    මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

    ( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )

    ReplyDelete
    Replies
    1. ඉහත කමෙන්ටුවේ තවත් පිටපත් 50 ක් දාම තිබී ඒවා ස්පෑම් ගොඩ දැම්මෙමි.

      මේ කමෙන්ටු සියල්ල මෙහි දාන්නේ මේ පැමිණිල්ලේ එන බ්ලොග් බස් රේඩියෝ ගෑණු ළමයාද, වෙනත් කෙනෙක්දැයි මට සැක සිතේ.

      Delete
  30. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 57
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 16
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 8
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 13
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 20

    විශේෂ සටහන් - නාහෙන් අඬන පල් හෑලි කමෙන්ට් එකක් ඇනෝ කමෙන්ට් එකක් ලෙස තිබුණි.
    සංගණන ඇනෝ.

    ReplyDelete
    Replies
    1. ඔබගේ සැකයට පුලුන් තබාගන්න...

      Delete
  31. අනුන්ගෙ ප්‍රශ්න පල්හෑලි ලෙස දැක්වූ ඔබ පල් මෝඩයෙකි.....

    ReplyDelete
  32. කතන්දරය කියවූ, ප්‍රතිචාර දැක්වූ, මට දීර්ඝායුෂ පැතු සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.