Thursday 2 May 2013

ෆ්‍රෑන්ක්ෆර්ට් හි දී ජර්මන්කාරයින්ව පැරද්දූ කතන්දරකාරයා - Kathandarakaraya conquers Frankfurt


දැන් දින දෙක තුනකට උඩදී දවසක ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයේ මහ වීදිය වන සෙයිල් හි දී ජර්මානුකාරයින් එක්ක සටනක් දීලා දිනන්න කතන්දරකාරයාට පුළුවන් වුනා.

මේක මේ තුවක්කු වලින්, කඩුවලින් කරන් ද්වන්ධ සටනක් නොවෙයි. ඒත් පොඩි පහේ සටනක්.

ඔපරේෂන්වලට වඩා ස්ට්‍රැටජි වැදගත් වෙන සටනක්.

ඔය උඩින් ඡායාරූපයේ තියෙන්නේ ඒ ගෙම් එකට ගන්නා රාමුව සහ ඉත්තෝ ටිකයි. මේකේ නම "කනෙක්ට් ෆෝ".

නොදන්න අයට කියනවා නම් මේක සෙල්ලම් කරන්නේ මෙහෙමයි.

ක්‍රීඩකයෝ දෙන්නා මාරුවෙන් මාරුවට තමන්ගේ පාට ඉත්තෝ එක බැගින් රාමුවේ උඩින් අවශ්‍ය කොලමට දානවා. එතකොට ඉත්තා ඒ කොලමේ යටම තැනට යනවා.

ගෙම් එක දිනන්න නම් දිගට, හරහට හෝ විකර්ණයට එක පේලියට තමන්ගේ ඉත්තෝ හතරක් හදන්න ඕනෑ.

වැඩි විස්තර මෙතනින්: http://en.wikipedia.org/wiki/Connect_four

බැලු බැල්මට සරල වුනාට කනෙක්ට් ෆෝ සෑහෙන්න හිතන්න ඕනෑ, දාම් වගේ ගේම් එකක්. තමන් එක පේලියට ඉත්තෝ හතරක් හදාගන්නවාට වඩා අමාරු ප්‍රතිවාදියා එහෙම හදාගෙන දිනන එක වලක්වන එකයි!

මේ කියන දවසේ තමයි ෆ්‍රෑන්ක්ෆර්ට්වල අළුත් සැම්සුන් ගැලක්සි ෆෝ මෙබයිල් ෆෝන් එක ලෝන්ච් කරන්නේ. ඒ හින්දා සැම්සුන්කාරයෝ සෙට් කරලා තිබුණා විශාල පරිමාවේ කනෙක්ට් ෆෝ ගේම් එකක් සෙයිල් වීදියේ සැම්සන් ෂොප් එක තියෙන ෂොපින් සෙන්ටර් එක ඉස්සරහා.

හාමිනේයි, ළමයිනුයි ෂොපින් කරන අතරතුරේ ඇවිදිමින් ඉන්න අල්ලපනල්ලේ මේ බව දැකපු මංතුමා කෙරුවේ කෙලින්ම සැම්සන් ෂොප් එකෙන් දාලා තිබුණු ජර්මන්කාරයා එක්ක ගේම ඉල්ලන එකයි.

මට කලින් මේ ජර්මන්කාරයා එක්ක ගේම ගහපු හැම එකාම පැරදුනා විනාඩියෙන් දෙකෙන්.

ඒව කොහෙද මං එක්ක!

මෙන්න මං දිනාපු තෑගි.

1. සැම්සුන් තොප්පියක්
2. පොඩි සයිස් එකේ කනෙක්ට් ෆෝ ගේම් එකක්
3. ලොකු සයිස් එකේ සැම්සුන් ලොලි-පොප් එකක්

මීට අමතරව සැම්සුන් ගැලක්සි ෆෝ ෆෝන් එකක් දිනාගන්න පුළුවන් තරගයකට ෆෝම් එකකුත් ලැබුණා.

ඇත්තටම කියනවා නම් පැරදුණු අයටත් ඔය තෑගි සෙට් එකම දෙනවා සැම්සුන් ලා.

ඒ මොනවා වුනත්, මං ගේම් එක දිනනවා මගේ පුත්‍ර රත්නය දැකපු එක නම් මිල නියම කරන්න බැරි දෙයක්.

සියළුම තාත්ත ලා මා හා එකඟ වෙනවා ඇති ඒ ගැන නම්!

-කතන්දරකාරයා

ප/ලි:
කනෙක්ට්-ෆෝ ගේම් එක ඔන්ලයින් සෙල්ලම් කරන්න පුළුවනි මෙතනින්.
http://www.gamesgames.com/game/Connect-Four.html


(image: href="http://en.wikipedia.org/wiki/Connect_four)

136 comments:

  1. එකග නොවී කොහොමෙයි?මාත් දෙදරු පියෙක්නේ...!

    ReplyDelete
    Replies
    1. ෂුවර් ද .....?

      Delete
    2. වෙන්න බෑ, කෙන්ජි අන්කල් කලින් කියපු කතා වලට අනුව නම් දෙකට වඩා වැඩි වෙන්න ඕනැ

      Delete
    3. උප්පැන්නේ දුන්නේ දෙන්නෙකුටැයි.

      Delete
    4. කොල්ල කාලේ/බදින්න ඉස්සෙල්ල ඒවා "වච්චිල්"ගනෙට වැටෙන්නෙ හරිය...!

      Delete
    5. කොල්ල කාලේ/බදින්න ඉස්සෙල්ල ඒවා "වච්චිල්"ගනෙට වැටෙන්නෙ හරිය...!

      Delete
    6. දෙපාරක්ම වච්චිල් වගේ?

      Delete
    7. එකනේ කාකා, කෙනජි පුරුද්දට පැටවු දෙන්නෙක් වච්චිල් කළේ.................

      Delete
  2. ප/ප/ලි;
    සැමුසන්කාරයා කතන්දරකාරයාව ජර්මනියටම ගෙන්නගෙන තොප්පියක් දම්මවලා.....

    ReplyDelete
  3. ශා... මරු නේ කකා !
    මගෙන් සුබ පැතුම්. කකා කොහොම හරි වින් කලා නේ. ඒ උනාට අන්තිමේදි ජර්මන් කාරයන්ගේ ලොලිපොප් එක කන්න උනා. :)

    මම අද 1 ද ?

    ReplyDelete
    Replies
    1. ඔයාටත් කකාට හේත්තු වෙන්න හිතිලද එකද එකද කියල අහන්නෙ?

      Delete
  4. හුරේ.. කකා එක දිගට 4ක් දාලා !

    ReplyDelete
  5. අහන්න දෙයක්ද.. කොච්චර ආඩම්බරයක්ද..?

    කතා ජර්මනියෙ ගිහින් ටක් ටික් ටුක් ඇදලා.... අපි නම් අඳින්නේ ගනං පොතේ කොටු නමයක් ඇඳලා, හිච්චික්කිතර කඩදාසි ගුලි කාබන් පෑනේන් පාට කොරලා...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ නෙරෙංචි ඇදිල්ල. ස්ථාන නමයේ ඉත්තෝ තුන ගානේ තියලා මාරුවෙන් මාරුවට අදිනවා.

      ටක් ටික් ටුක් එකට ඉත්තෝ ඕනෑ නෑ. කොටු නමයක X සහ O වලින් ලකුණු කරනවා එක්කෙන් තුන්වරක්. එච්චරයි.

      Delete
    2. නැහැ කකා ඒක නෙරෙංචි ඇදීම නෙමෙයි. නෙරෙංචි ඇඳීම ඊට වඩා සංකීර්ණයි.

      Delete
    3. @ රතු රජරට

      මා දන්නා නෙරෙංචි ඇදීම (ගම්පහ වර්ෂන්, රජරට වර්ෂන් වෙනස් විය හැක) මෙසේය.

      පෙත සෑදීම
      1. හරි හතරුස් කොටුවක් අඳින්න. එය දිගට සහ හරහට දෙකට බෙදෙන සේ ඉරි අඳින්න. දැන් හරි හතරුස් කොටු හතරක එකතුවක් ලැබේ.
      2. දැන් මුල් හතරුස් කොටුවේ විකර්ණ යා කරන්න.
      3. ඉරි කැපෙන/එකතුවෙන ලක්‍ෂ නමය ලකුණු කර ගන්න. මේවා ඉත්තන් තමන ස්ථන වේ.

      ක්‍රීඩා කිරීම
      1. ක්‍රීඩකයෝ දෙදෙනා සඳහා වෙනත් හැඩයේ ඉත්තන් තුන බැගින් අවශ්‍යයි.
      2. එක් වාරයකට ඉත්තන් එකෙක් පෙරෙහි එක් ලක්‍ෂයක තැබිය ්‍රුතුයි.
      3. තරගයේ අරමුණ එක පෙළට ඉත්තන් තිදෙනෙක් සාදා ගැනීමයි. එය එක්වරම කිරීමට ප්‍රතිවාදියා ඉඩ නොදෙනු ඇතැයි සිතමු.
      4. දැන් කළ ්‍රුත්තේ වරකට එක ඉත්තෙක් බැගින් වාරයෙන් වාරයට එක් කොයුවකින් එහා මෙහා කරමින් ක්‍රීඩා කිරීමයි.
      ප්‍5. රතිවාදියාගේ ඉත්තන් එකෙක් හැර ඉතුරු ඉත්තන් ඇදීමට නොහැකිව හිර කර ඇදිය හැකි ඉත්තා ඇදීමට එකම විකල්පය කර තරගය ජයගත හැක.

      Delete
  6. කාකාත් පොඩි එකා වගේ තාම සෙල්ලමටමයි කැමති .

    අද මම 1 ද ?

    ReplyDelete
    Replies
    1. ඔවු.. ඔයා අද එක.
      මගේ සුබ පැතුම් පිලිගන්න.

      Delete
    2. එහෙනම් ඔයා අද පුක. පිළිගන්න මගේ එක.

      Delete
  7. එකඟායි.....!

    ReplyDelete
  8. ඉස්සෙල්ලම තාත්තට පේන්න ..
    ඊට පස්සේ පෙම්වතියට පේන්න ..
    ඊට පස්සේ පුතාට පේන්න ..
    අන්තිමටම දෙවියන්ට පේන්න ...

    ReplyDelete
    Replies
    1. තාමත් කකාට තේරිලා නෑ තමන් දැන් දෙවියන්ට පේන්න ඕන දේවල් කරන කාලේ කියල..

      Delete
    2. දෙයියෝ සමග නං මගේ කිසිදාක ආශ්‍රයක් නැති වේවි SilentSahan.

      Delete
    3. බලමුකෝ තව අවුරුදු පහක් හයක් යද්දී.

      Delete
  9. from 6:00 a.m to 10:00 a.m - No Comments !
    How bankrupted is this blogger

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් මොඩරේට් කරන නිසා පහසු වෙලාවක කමෙන්ට් ඇප්රූව් කරනවා ඇත්තේ :P . බලන්න ඔයාට කලින් කමෙන්ට් කීයක් වැටිලද කියලා :D

      Delete
  10. මම මේ ගේම එක ගොඩාක් කලින් සෙල්ලම් කළා. අපේ ගමනට සංචාරකයන් එන නිසා මේ දේවල් කලින්ම එනවා. පස්සේ මම ප්රෝග්රමින් කරන කොට මේ ගේම් එක DOS වලින් හැදුවා. පස්සේ විෂුවල් වලට මාරු වුණහම හදන්න හිටියත් අතපහු වුණා.

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා සුදීක මෙච්චර . කතාව නිකන් ලෝඩ් පකීර් වගේනේ ඔයාගේ . dos වලින් හදපු එක එවන්න බලන්න අපිට . ඒක දැන් නැහැ කියලනම් කියන්න එපා . ඔතොකොට නොන්ඩි .

      Delete
    2. මොකෙක් නමුත් සර්පයෙක් ඇදිලා ගියා.. නයෙක්ද මන්දා ?

      Delete
    3. කෙලවුනා නේද සූදීක. කොහෙවත් නැති DOS ගේමත් ගැන කියන්න ගිහින්. මරියෝ ඔයාගේ වැඩක් ද?
      ආ අමතක උනානේ. මැෂින් එකට වෛරස් ඇවිත් ඒක මැකුණානේ.
      ඔන්න ආයෙත් රෙඩ් බුල් බීල.

      Delete
    4. @ සු දී ක

      මේ ගේම් එක යූසර්ස් ලා දෙන්නෙකුට එකම කී බෝඩ් එකෙන් ක්‍රීඩා කරන්න හදන්න ලේසියි.

      මට තේරෙන විදියට නම් අමාරු වැඩේ තමයි තනි ක්‍රිඩකයෙකුට පරිභනකය සමග ක්‍රීඩා කරන්න ප්‍රෝග්‍රෑම් කිරීම. මොකද එහිදී පරිභනකයේ වාරයේදී නිකම්ම රුන්ඩම් තැන්වල ඉත්තෝ නොදමා යම්කිසි රූල්බේස් එකක භාවිතා කරන්න වෙන නිසා.

      මාත් කැමතියි ඔබ එැවි රූල්බේස් එකක් භාවිතා කලේ කොහෙමද කියලා දැනගන්න. මෙය ප්‍රශස්ත (optimise) ලෙස විසඳීම Operations Research වල අමාරු ගැටළුවක්.

      Delete
    5. රෑන්ඩම් ෆන්ෂන් එක ගැනවත් අවබෝදයක් තිබ්බා නම් මෙහෙම විහින් නහින්න වෙන්නේ නැහැ නෙද මහත්තයෝ ...?මේක නිකන් ලයින් ගේම් එකක් වගේ හදන්න බැහැ. මීට පස්සේ වත් තමන්ගේ ඇඟිල්ලේ තරමට බොරු කියන්න සුදීක . Dos වලට කළින් බොරු කියන්න ඉගෙන ගන්න .

      Delete
    6. සුදීකගෙ ගමට එන සන්චාරකයින් ගැන පොතක් ලිව්වහැකි... හැම දේම කලින් ආවා තමයි.... බෙන්තර ඉන්න කාලකන්ණි ගඩ්ඩො තමයි කුඩු පුරුදු කරේ වටේටම..... ඇයි ඒඩ්ස්... ඒකත් කලින් ආවා.....

      මමත් ඔය සී සෑන්ඩ්ස් එකේ කාලයක් වැඩකලා.... සුද්දො බෙන්තරට ප්‍රොග්‍රැමින් ගෙනාව වගේ සුදීකගෙ කතාව..... සුද්දො ප්‍රෝග්‍රැමින් ගෙනාවෙත් නෑ.... ගෙනාවත් බෙන්තර ඉන්න මෝල් ඩයල් ඕව ඉගෙනගන්නෙත් නෑ..... අපි නොදන්න බෙන්තර.... පව්

      Delete
    7. සුදීකගේ ග්‍රහ පිහිටීම් ගැන දාන්න බලන්න ඇනලයිස් කරපු කමෙන්ට් එකක් නිකන් හොල්මන් වෙලා යන්නම.... නයාට උණ හැදෙන්න දෙන්න බලන්න.....

      Delete
    8. හම්මෝ සුදීක නයාගෙ සයිස් එක....
      බුදු අම්මේ මේක ලොකුයිනෙ සත් සතියෙ නයාටත් වඩා....

      ස්ක්‍රීන් ෂොට් එකක් අරන් තියාගන්න ඕනි වෙසක් එකට බලුප් දාල පෙන්නන්න....

      Delete
    9. ෆුෂ්.. ෆුෂ්.. ෆුෂ්... ෆූ....ෆූ....ෆූ....ෆුෂ්... ෆ්...ෆ්....

      බුදු අම්මෝ... තඩි නයෙක්... හපෝයි... දුවපියෝ.....

      මයි ගෝඩ් පෙනේ සයිස් එක.... කුල්ලක් විතර ඇති...

      ඒත් කෝ "ප" යන්න

      මූ නම් මාර නයෙක්... "ප" යන්න නෑ... " සුදීක " කියල තමයි ගහල තියෙන්නෙ....

      දුවමු..... දුවමු......

      Delete
    10. සුදීකට අපහාස / උපහාස කරන අයවලුන් අයි. පී ඇඩ්‍රස්, ඩොන්ගල් සිග්නල් මගින් හැක් කිරීම හෝ ට්‍රේස් කිරීමට ලක් වීමට ඉඩ ඇත.....

      Delete
    11. අපි ඇනෝ දාමු ...... .සුදීකට ඇඩේන්න දෙන්න ඕනේ මේ පාර න......ම්....මොකද කියන්නේ වරෙව් කොල්ලනේ.....කෝ ඔය ඉන්න හැත්ත බුරුත්තම වරෙව් ......මෙන්න මේකට දෙන්න ගේම........

      මතකනේ කොල්ලනේ අපි දුන්නා නයි හාමිටත් ඇඩේන්න.......

      Delete
    12. අයියෝ සල්ලි ....

      Delete
    13. දැක්කයින් දැක්කේ නැහැ මෙහෙම විනාසයක්......

      Delete
    14. ලමයි කරදර කරන්න එපා... සුදීක දවස් දෙකක් නිවාඩු දාල ගෙදර ඉදන් ඩොස් වලින් ගේම් එක හදනවා.....

      Delete
    15. This I have done in late nineties. But I will explain what I did as I could remember.

      I have maintain two arrays for users. One for human and one for computer. At each push, it will go through that particular array according to the user. It will start filling up a winning possibilities. At least 2 adjacent buttons needed for a new entry in array. If new entry blocked other user's one or many winning combinations, those entries will be marked as false at win column(Logical field). At each push there is a subroutine to decide with that entry he win or not.

      I think you grab my point. This may not be very efficient way. As those days game programmers are considered as highly capable & highly paid ones. I'm nothing compared to them.

      Delete
    16. @Kathandara : Those days I haven't learned those rule based systems. For these kind of solutions intelligent systems are ideal.

      Delete
    17. මේ ඇනෝවරුත් අර ලක-ඇනෝත් අර වෙනත් ඇනෝවරු සිටීද ? මට හරී දුකයි. පව්.

      Delete
    18. ඔය පණ්ඩිත ඇනෝ මහතෙකුට කියන්න පුලුවන්ද මේ ගේම් එකේ ජයග්‍රණය කල හැකි අවස්ථා (Winning possibilities)කීයක් තියෙනවද කියලා ?

      Delete
    19. මෙන්න කැමති අයට ක්‍රීඩා කරන්න online game එකක් තියෙනවා

      Connect Four

      මම ආපහු හදන්න කලින් ටෙස්ට් කළා. මගේ දැනුම පරීක්ෂා කරන්න ඕන අය ඉන්නවනම් කියන්න ඩෙක්ස්ටොප් ගේම් එකක් විදියට හදල දෙන්නම්.

      Delete
    20. මචන් සුදීක නෙට් එකේ ඕනේ තරම් කෝඩ් එකයි Js file එකයි තියෙනවා.ඕනේ කෙනෙක්ට ඒක අරන් තමන්ගේ වගේ රඟපාන්න පුළුවන්.හොයාගන්න බැරි උනොත් කියන්න මම දෙන්නම් ඔයාට.අනේ බන් සුදීක අපිත් දැන් මේවට ඇවිත් අවුරුදුම 17.ඕකේ winning possibilities ගැන කියන්න එන්නත් එපා.ඒක මෙතනට අදාළ නැහැනේ.ඒක A / L maths වලින් හදන්න පුළුවන්.

      මම ඇනෝ කෙනෙක් නෙවේ.මමත් බ්ලොග් එකක් ලියන , මෙතන මගේ ප්‍රොෆයිල් එකෙම්ම කරපු කෙනෙක්.ඒත් අද මෙතන මෙහෙම කතා කරේ පුද්ගලික අමනාප කම් හදාගන්න අකමැති නිසා.මේ වගේ දෙයක් කිව්වම ඊට පහු වෙනිදා ඉඳන් මූණ බලන්නේ නැහැ ගොඩක් දෙනා.

      Delete
    21. ඔයාගේ එක්ස්පීරියන්ස් එක කිව්වා හින්ද මමත් කියන්නම්, IT වලට වැටිලා අවුරුදු 24ක් වෙනවා. ඒ කියන්නේ ඔයා A/L කරන්නත් කලින්. ඒවා මෙතනට අදාළ නෑ. නමුත් අපිට 89-94 විතර වෙනකම ඔය කියන නෙට් කෙහෙම්මල තිබුනේ නෑ. අපිත් IT ෆීල්ඩ් එකේ වැඩ කරා. ඔයාලා පටන් ගන්න කාලේ ඉඳන් ඉන්ටර්නෙට් එකෙන් කෝඩ් හොයා ගත්ත නිසා වෙන්න ඇති මේ වගේ කතා කියන්නේ. මමත් ඉන්ටර්නෙට් එකෙන් ගැටළු සහගත තැන් වලදී විසඳුම් සොයා ගන්නවා. ඒත් මට තේරුම් ගන්න බැරි කිසිම දෙයක් මගේ කිසිම වැඩකට එකතු කරගෙන නෑ. මට කියන්න තියෙන්නේ අර රුපියල හොයාගෙන ආවම තාත්තා ලිපට දාපු කතාව තමයි. මහන්සියෙන් හොයපු එක ලිපට දැම්මම ඒ කොල්ලට දුක් හිටුනා. ඒ වගේ මටත් මේ ගැන මහන්සි වුණා නිසා වෙදානාවක් තියෙනවා. ඔයා බ්ලොග් ලියන කෙනෙක් නම්, නමින් කමෙන්ට් කරන්නෙත් නැත්නම්, මේ අවලාදය නගන්නේ මගෙත් එක්ක තියෙන වෙන තරහක් පිරිමහ ගන්න බව පේනවා. මේ ගේම් එකට විසඳුම් මම හෙව්වේ IT වලට එන්නත් කලින්. ඒ වගේමයි ඔය සොලිටෙයා කියන එකත් මම කලින් ඉඳන්ම මහන්සි වෙච්ච එකක්. මේකේ විනින්ග් පොසිබිලිටීස් 69ක් තියෙනවා. තිරස්ව 21යි, සිරස්ව 12, විකර්නයෙන් 48යි. මම හිතන්නේ ඕක නෙට් එකේ තිබුනානම් ඔයා කලින්ම ලින්ක් එක දායි. A/L maths වලින් පුළුවන් කිව්වට හොයලා බැලුවේ නෑනේ. මම කවදාවත් අනුන්ගේ දැනුම මත යැපෙන කෙනෙක් නෙවේ. අද දවස ඇතුලත කොළ කෑල්ලක කුරුටු ගාලා තමයි ඔය ටික මතක් කර ගත්තේ. හැබැයි මම ඔයාට අභියෝග කරනවා පුළුවන් නම් ප්‍රොෆයිල් එකෙන් ඇවිත් උත්තර දෙන්න. මගේ හිතේ කිසිම තරහක් නෑ.

      Delete

    22. සුදීක ඔයාගේ මෝඩ කතා එකෙම්ම තේරෙනවා ලංකාවේ මහජන බැංකුවේ පරිගණක අංශය ස්ථාපනය කරේ 2002 වගේ කාලේ.ස්ටොක් වලට වත් තිබ්බේ නැහැ 94 / 98 වෙද්දී . කරුණාකරලා සුදීක බොරු කියන්න එපා.මම කිව්වනේ මම මේවට ඇවිත් ගත උන අවුරුදු ගාන.ඔයාට අඩුම තරමේ js වලින් කෝපි පේස්ට් බ්ලොක් කරගන්නවත් බැරි මනුස්සයෙක් . දැන් නැහැ කියන්න එපා. ඔයා කතා කරන විදිහෙම්ම තේරෙනවා ඔයාගේ දැනුම . බැංකුවක තියෙන පරිගණක පද්ධතියට ඔයා මේ කියන වගේ බබා *උක්කුන් දාන්න බැහැ.ඒ සොෆ්ට් වෙයාර් එන්නෙම එක ක්‍රමේකට . ඒවා වෙනස් කරොත් වීසා වගේ සිස්ටම් එක්ක වැඩ කරන්නේ නැහැ. අඩුම තරමේ credit කාර්ඩ් මැෂින් එහෙක තියෙන සොෆ්ට් වෙයාර් එකට කියන හරිම හරි තාක්ෂණික වචනේ කියන්න බලන්න.ෆිසිකලි කනේක්ටඩ් වැඩක් තියෙන්නේ එතන.ඔන්න ඉඟියක් දන්නේ නැත්නම්. සුදීක බැංකුවක පරිගණක අංශය කියන්නේ atm එකේ සල්ලි නැති උනාම සල්ලි දාන එක නෙවේ . ඔයයි මායි කරන පරිගණක අංශය .අනේ යන්න සුදීක යන්න.


      ඔයා මෙතන ලින්ක් දාන්න ඕනේ නැහැ.කකා මුලින්ම ලින්ක් එක දාල තිබ්බා ඒ ගේම් එකට . සුදීක ඔයාගේ මෝඩ කම හොඳටම පෙනුන දේ කියන්නද ........................................???????????????????????????

      මේ ගේම් එක dos වලින් හැදුවොත් මූව්මන්ට්ස් ගන්නේ බාප්පද ...........?

      අනේ ප්................ලීස් සුදීක දැන් වත් කරුණාකරලා පච වෙන්න එපා...ඔයාගේ දැනුම ගැන රටම දැනගෙන ඉවරයි..මන් කිව්වේ නයි ඇරීම ගැන......


      අහ අනිත් දේ මම ටයිප් කරන විදිහෙන් අල්ලගන්න බැහැ මාව..... මම වෙනස් කරා ක්‍රමය .. ටයිපින්ග් සහ බාසාව ..... කොහොමද මගේ මොළේ ...... මම කැමති නැහැ එළිපිට වැඩ පෙන්නන්න .... මම නිතරම හැංගිලා ඉන්න කැමති ......

      අනිත් දේ මම මෙතන මේකත් එක්ක ඇනෝ දෙකයි දැම්මේ..අනිත් ඇනෝ මගේ නෙවේ...

      මම ප්‍රෝෆයිල් ඇනෝ ...

      අනේ ආයේ කතා කරලා වැඩක් නැහැ සුද්දෝ.... මම යනවා ..මම අලුත් පෝස්ට් එකක් ලිය ලියා උන්නේ .......................................................................................................................................................................

      අහ අනිත් දේ මේකේ විනින් පොසිබිලිටි ගාන 69 එන්නේ නැහැ දෙයියෝ..... එන්නේ 24 . විකර්නයෙන් 48 නම් අප්පොච්චියේ කොම වත් එන්න නාආආආආආආආආ .................................................................................

      මයේ අම්මා දැන් ගෙදර යන්න .... අහ මේ රුපියල් 5 තියාගන්න .... මහන්සියට ......... තතාආආආආආආආආආ ..............


      Delete
    23. ඔයා දන්නවද මහජන බැංකුවේ මුලින්ම පරඝණක කරණය පටන් ගත්තේ 1986 තරම් ඈත කාලෙක කියලා? ඉස්සර තිබුනේ Distributed Systems, 2004 දී තමයි Centralaised Systems වලට ගියේ. ඔයා ඒකයි පටලවාගෙන දඟලන්නේ. අනික මම Programming ඉගෙන ගත්තේ මහජන බැංකුවෙන් නෙවෙයි. NIBM එකෙන්. ඒ 1989/90 කාලෙදී. Banking Software ගැන ඔයාගේ පටු දැනුම මට තේරුනා. ඒක මේක බලන අනිත් අයට පෙන්වන්න යන්න අවශ්‍ය නෑ. තේරුමකුත් නෑ. ඒ අයට අපි දෙන්නගෙන් ඇත්ත කියන්නේ කවුද කියලා තෝරාගන්න බැරි වෙයි. හැබැයි මහත්තයෝ Vendor Software වගේම In House Development කියලත් කොටසක් තියෙනවා. අපි අර Distributed System එක Develop කලේ අන්න ඒ විදියට. මම පිලි ගන්නවා Vendor Software අපිට වෙනස් කරන්න බෑ ඒක අපි ගිවිසුමකින් බැඳිලා ඉන්න නිසා. නමුත් වෙනස් කලොත් වැඩ නොකර තියෙන්නේ නෑ. ඔයාගේ මේ ගැන තියෙන ස්වල්ප දැනුම ගැන මම පුදුම වෙන්නේ නෑ. අනිත් එක ඔයා Banking Ssystem සහ Credit/Debit Transaction Approving Systems දෙක පටලවාගෙන. මම එකටත් පුදුම වෙන්නේ නෑ. අඩුම ගානේ මේවා Web එකෙන්වත් සර්ච් කරලා කියවලා එන්න. Credit Card මැෂින් කියලා Technical Term එකක් කොහොමටවත් නෑ. ඒවාට කියන්නේ POS - Point of Sale කියලා. ඒ POS වල තියෙන software vendor අනුව වෙනස් වෙනවා. ඉතිං කැමති vendar කෙනෙක්ට කැමති නමක් දා ගන්න පුලුවන්. මේකට POS Terminal Application කියලා Generaly කියන්න පුළුවන්.

      ඔයා මේ ෆීල්ඩ් එකට ආව කාලේ හැටියට ඔය වගේ ප්‍රශ්නයක් අහන එක පුදුම වෙන්නත් දෙයක් නෑ. නමුත් DOS based system වල cursor කියලා එකක් තියෙන බව ඔයා දන්නේ නැද්ද ? නැත්නම් ඔයාගේ මෝඩ කම ප්‍රදර්ශණය කරපු එකද ? කියන එක මට ගැටළුවක්. ඕක මහත්තයෝ ක්‍රම දෙකකට කරන්න පුළුවන්. dos platform එකේ තියෙන programming languages වල cursor එක hide කරන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් අපි මේ ඉත්තට හදා ගන්න circle එක හෝ rectangle එක arrow keys වලින් නැතිනම් key board එකේ වෙනත් keys set එකකින් හරි දෙපසට move කරන්න සලස්වන්න. ඒ වගේම මුළු screen එක පුරාම දුවන එකත් පාලනය කරන්න පුළුවන්(ඔයා ඊළඟට අහයි කියල හිතන මෝඩ ප්‍රශ්නේ) අන්න එහෙමයි DOS platform එකේ game එකක් හදනවනම් කරන්නේ.

      ඔයා වගේ මුවා වෙලා පහර දෙන පිට කොන්දක් නැති මිනිහෙක් කවුද කියලා දන ගන්න මට කොහෙත්ම උවමනාවක් නෑ.

      අනේ මහත්තයෝ ලංකාවටම ගොන්කම ප්‍රදර්ශණය කලේ මම නෙවේ ඔයා. කව්රු නැතත් කකා ඕක තේරුම් ගන්නවා. මොකද වමේ සිට දකුණු දෙසට විකර්ණයේ winning combination 24 ක් තියෙනවා නම්, ඒකෙ mirror image එකෙත් තවත් 24ක් winning possibilities තියෙනවා. එකක් කියන්න ඕනේ මේක 7 x 6 Matrix එකක තියෙන ගාන.

      ඔයා මෙතන මගෙත් එක්ක අමුණ ගැනීම මගින් කරන්න උත්සාහ කරපු දේ ඔයාටම පාරා වළල්ලක් වෙලා. ඒ කියන්නේ මම බ්ලොග් පොස්ට් දාන එක නවත්වන එක තමයි ඔයාගේ උත්සාහේ. නමුත් ට්‍රැෆික් වලින් ඔයා ගොඩක් පල්ලෙහා ඉන්න නිසා ඔයාටම කලින් යන්න වුනා. ඕවට තමයි මහත්තයෝ දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ.

      Delete
    24. සුදීක තව පච වෙන්නේ නැතුව පලයන් .... නැත්නම් dos ගේම් එක එවපන් .... නැත්නම් පලයන් බන් තව චොර වෙන්නේ නැතුව ....

      තව කතා කරන්න එපා මහත්තයෝ .... අහ මේ රුපියල් 10ම තියාගන්නකෝ ... ගොඩක් මහන්සි උනානේ....හෙටත් එන්නආආආආආආඅ .......

      Delete
    25. නික මම Programming ඉගෙන ගත්තේ මහජන බැංකුවෙන් නෙවෙයි. NIBM එකෙන්. ඒ 1989/90 කාලෙදී.

      මොනාද බන් ඒ කාලේ ප්‍රෝග්‍රෑම් කොරේ උබ ....? එවපන් බන් ඕව කියව කියව ඉන්නේ නැතුව.... උබ කිච උනා සුදීක .... තව දෙන්නේ නැතුව පලයන් සුදීක .... මීට පස්සේ වත් මෙහෙම විනාස වෙන්න එපා....

      අනේ උඹේ බ්ලෝග .... මහා ලොකු බ්ලෝග.... තුට්ටු දෙකේ කතා දාන එකක්නේ බන් ඕක.... මොකක්ද අර නම ... අහ කෙටිම කෙටි ලොල් කතා.... ඕවත් බ්ලොග්ද බන්... අනේ පලයන් සුදීක ....

      Delete
    26. හෙක් හෙක් හෙක් .... අම්ම ගහයි POS මැෂින් එකෙන්. :)

      Delete
    27. DOS Game කීවාම ඒකෙන් අදහස් වෙන්නේ DOS වලින් ගේම් ලිවීම නොව, DOS මත දිවෙන game එකක් බව වත් නොතේරෙන මේ බබාලා එක්ක මොන කතාද සුදීක? මෙයාලට GUI එකක් නැතිව Linux console එකකින් වැඩ කරන්න කිව්වොත් විනාඩි පහෙන් මුත්‍රා බර හැදෙයි.

      Delete
    28. වර්ෂ 2000 තරම් කාලයකදී, කිසිම IDE එකක් නැතිව, Console based editor එකක් පමණක් පාවිච්චි කර, සම්පූර්ණ වදන් සකසනයක් C (C++ නොවේ) භාවිතයෙන් ලියු කෙනෙකු වන මට නම් හිතෙන්නේ, සුදීක, ඔබ කරගන්නෙ වචන නාස්තියක් පමණයි.

      Delete
    29. අනේ පල අහවල් වචනේ. සූදීක කියලා තියෙන්නේ ඒක නෙමේ. ආයේ කියවලා බලපං. //ගේම් එක DOS වලින් හැදුවා//
      හරි දැන් මොකෙන් හදපු එකක් හරි කමන් නෑ. ගොඩක් කල් ගියානේ අපිට නැතත් උඹවත් ඒක ඉල්ලාගෙන බලහකො. පෙන්නයි උඹට මෙන්න කියලා.
      මට පෙනෙන්නේ සුදීකගේ මාතෘකාව උබට දාගන්න ට්‍රයි කොරනවා වගේ.

      Delete
  11. එල නේ කකා !
    කොහොමහරි පීසස් හතරක් කනෙක්ට් කරගෙන ! එලස් එලස් !
    මම කිහිප වතාවක් උත්සහ කරලා තමයි ගොඩ දා ගත්තේ !

    ReplyDelete
  12. බලාගෙන ගියහම කකා දිනලා තියෙන්නේ තෑගි නෙමෙයි. තෑගි ඉතින් දිනපු පැරදුන ඔක්කොටම දීලා තියෙනවා නෙහ්. කකා දිනලා තියෙන්නේ තමාගේ පුත්‍ර රත්නයගේ ගෞරවයයි ආදරයයි ! අන්න ඒකට සුබ පැතුම්

    -හුරතල් ඇනී-

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      හැබැයි ගෙදරදී කොල්ලා මාව පැරදුවා!

      Delete
  13. කතන්දර කාරයා රාහු මහ දසාව ගතකරමින් සිටින බව පෙනේ.... රට රට වල ඇවිදිමින් උන්මාදයෙන් මෙන් ක්‍රියා කරන්නේ රාහු දසාවේ බල පෑමෙනි...

    මෙවන් තරග වලින් ජය ගැනීම සිදුවිය හැක්කේ ඔහුගේ අතුරු දසා කාලය බුධ අතුරු දසාව බැවිනි.... රාහුගේ බුධ අතුරු දසාව අධ්‍යාපනය හා බුද්ධියෙන් කරන තරග වලදී ජය කරා යොමුකරයි.....

    තවද කකාගේ පස් වැන්නේ එනම් බුද්ධිස්ථානයේ ගුරු වැනි සුභ ග්‍රහයෙක් සිටීම හෝ එවැන්නෙකුගේ දෘශ්ඨි ලබාතිබීම මගින් මෙවන් ජයග්‍රහණ අත් වෙයි....

    කෙසේ වුවත් අවසානයෙන් මෙවැනි ජයග්‍රහණයක මනා අඩිතාලම ස්ථාපනය වන්නේ මෙවන් තරගයකට ඉදිරිපත් වන ගමන පිටත් වන හෝරාව මතයි....

    ගුරු, සිකුරු, සුභයි....
    බුධ, කුජ, චන්ද්‍ර මධ්‍යමයි....
    ශනි, රවි, අසුභයි....

    රාහු කාලය මග හරිනු... පක්ෂියා රජ වෙන වෙලාවෙන් සුභ දිශාව බලා හරියටම ගිරවෙක් කෑගසන මොහොතේ එලියට බැසීමෙන් ජය... ( තමන් වෙසෙන රටේ/ පෙදෙසේ ගිරව් නැත්නම් ගිරවෙක් ඇති කරන්න )

    තවදුරටත් කරුණු කාරණා සලකා බැලීමේදී කතන්දර කාරයාගේ රාහු දසාව නිමවෙන්නට ආසන්න බැවින් නුදුරු අනාගතය එනම් ගුරු මහ දසා කාලය මහත් ඵල ලබාදෙන කාලය සේ දැක්විය හැක....

    උනන්දුවක් පවතීනම් මගහැරුන ආචාර්‍ය් උපාධිය නැවත ලබාගෙන සම්පූර්ණ කර ගැනීමේ භාග්‍යය මෙන්ම අඩුම වශයෙන් පොත් තුනක් වත් මුද්‍රණද්වාරයෙන් ( හස්ත්ද්වාරයෙන් නෙවෙයි ) පලකර ගැනීමේ වාසනාව උදාවනු නිසැකය....

    සුභ පල වැඩිවීමට, ශනි අපල දුරු වීමට බෝ මලුව ඇමදීම, පහන් දැල්වීම, සෙනසුරාදා දිනවල බෝධි පූජා පැවැත්වීම, පුර පොහොය බලා දින සතක් සෙත් කවි සමග බෝධි පූජා පැවැත්වීම, සෙනසුරාදා දිනවල කපුටන්ට ගිතෙල් මිශ්‍ර කිරිබත් කන්න දීම, විශ්ණු දෙවියන්ට පූජා පවත්වා කන්නලව් කිරීම සිදුකල හැක....

    (ශනි අපල කරන්නේ බොහෝ විට සෙනසුරාදා දිනයන් හී ඔහු කරන නිරීක්ෂන චාරිකා මුල් කරගෙනය... කපුටන්ට කිරිබත් කන්න දුන් විට ඔවුන් මත වැදී බුදියන බැවින් ශනිට යාමට වාහනයක් නොමැති වී නිවසේ සිටීමට සිදුවේ)

    ගවමස් කෑම අත් හරිනු...
    කුක්කුර මාන්ශ කැපයි...

    ස්වස්ථි සිද්ධම්

    ප. ලි. ජෝතිය දැක්කෙ නෑ කාලෙකින්.. ඔන්න ඔහේ නිකම්ම ඇනලිසිස් එක ලියුවා

    ReplyDelete
    Replies

    1. කව්රු නමුත් සාස්තරේ දන්න කෙනෙක් ...

      ඒක නෙවේ මගේ කේන්දරේ බලලා දෙන්නකෝ...

      Delete
    2. @ SilentSahan

      කේන්දරය නොබලා වුවත් ඔබ සෑම තැනකම දමනා කොමෙන්ටු පිලිඹද කාලයක් තිස්සේ අවධානයකින් සිටි මාහට හැගී යන්නේ ඔබගේ පලමු වැන්නේ රාහු ග්‍රහයා ශනි, කුජ වැනි නීච ග්‍රහයෙක් සමග එක්ව හෝ දෘශ්ඨි ලබා පිහිටා ඇති බවයි...

      එනම් හිසට අදාල කොටුව තුල හිසක් නැති ග්‍රහයෙක් නීච බලපෑමකට ලක්වී ඇත...

      තවද දුර්වල චන්ද්‍රයා පලමු වැන්නට දෘශ්ඨි හෙලීමෙන් හිසට අදාල රෝගයකින් ඔබ පෙලෙන බවක් පෙනේ...

      කෙසේ වෙතත් ශනි, කුජ පලමු වැන්නේ සිටීමෙන් හෝ දෘශ්ඨියෙන් ඇතිවන අතුරු බල පෑම් ඔබට ඇතිවීමට ඉඩ ඇත...

      ශනි පලමු වැන්නට - ලෙඩ රෝග, අවුල් වියවුල් වලට තදින් ඔරොත්තු දීමේ හැකියාව, දුක් විදීමේ හැකියාව

      කුජ - මෝඩයෙක් මෙන් අන් අය සමග වාද විවාද වලට යාම, රණ්ඩු වීම....

      මෙම අපල සදහා බුදු ගුණෙන් ජීවම් කල සුරයක් පලදින්න...

      ස්වස්ථි සිද්ධම්

      Delete

    3. මෙය ද්වේශ සහගත පිළිතුරු කමෙන්ටුවකි ..:P

      ස්වස්ථි සිද්ධම්

      Delete
    4. සහන් ඔබගේ තුන්වැන්නේ , එකළොස් වැන්නේ ඇති ග්‍රහ සංයෝග පවසන්න.... එවිට නිෂ්චිතවම පිළිතුරක් දීමට හැකි වනු ඇත... ලග්නයද අවශ්‍ය වේ....

      Delete
    5. එසේද සිදුවනුයේ ග්‍රහ අපලයන්ගේ ඇති දෝස් නිසාය. මීට වඩා හොඳ සාත්තරයක් ඇසීමට තරම් තොපගේ ග්‍රහ පිහිටීම ගෝචර නොවේ.
      ස්වස්ථි සිද්ධම්

      Delete
    6. ලග්නය - තුලා
      තුන්වැන්න - ශනි ධනුවේ
      එකළොස්වැන්න - රවී සිංහයේ ස්වක්ශ්‍රේෂ්ත්‍රයි , කුජ මිත්‍රයි , කේතු ..

      Delete
    7. ශනි තුන්වැන්නෙහි පවතින විට ඉක්මණින් කෝපයට පත් වීම , ආක්‍රමණශීලී හැසිරීම , දැඩි මතයන් දැරීම වැනි ස්වභාවයන් ඇති වේ.එසේම සහෝදර ස්ථානය වන නිසා බාල සහෝදරයන් සිටීමට නොහැක.ඔබ පවුලේ වැඩිමහල් දරුවා විය යුතුය.සතුරන් කෙසේ හෝ විනාශ කර ආත්මය සැනසීමට පත් කරගනී.

      ශනි ධනුවේ පිහිටීම වස්තුව ධනය නිරායාසයෙන් ලැබීමට හේතුවේ.පාරම්පරික දේපළ උරුමයක් හෝ ව්‍යාපාරයක් මගින් අධික කාම බෝගී ජීවන රටාවක් තුළ ඔබ දිවි ගෙවයි.මෙය ප්‍රභල ධන යෝගයකි.ශනිගේ මෙම පිහිටීමත් තුන්වැන්න තුළ ස්ථාන ගත වීමත් මගින් ඔබ නිරායාසයෙන්ම ඉතා ආක්‍රමණශීලී ලෙස සමාජයෙහි හැසිරේ .(රවිගේ පිහිටීම මගින් මෙම තත්වයන් තීව්ර වේ, විස්තර පසුවට)

      රවී එකළොස්වැන්නෙහි හැසිරීම කෝටියක් දෝෂ භංග කරන්නා වූ පිහිටීමක් බවට පත් වැන්නේ රවී , එනම් ග්‍රහ ලොව පියා ප්‍රභලම ලෙස තම බලා බල සහිතව ස්වක්ෂ්රෙතව ස්ථාන ගත වීම නිසාවෙනි.මෙය හිමි වැන්නේ තුලා ලග්න හිමියන්ට පමණි!රවී එකළොස් වැන්න එනම් අයස්ථානයේ පිහිටීම මගින්ද නැවත සනාථ වනුයේ ඔබ ධනය හා බලය යොදවමින් අන්‍යන්පාලනයට එනම් ඔබට රිසි සේ ඔවුන් ක්‍රියා කරවයි.උසස් පාලකයෙකුට මෙය මනා පිහිටීමකි.එසේම මෙය බාධක ස්ථානයද වන නිසා සමාජීය වශයෙන් ඔබ මීට වඩා සැළකිලි මත් විය යුතුය.

      කුජගේ සංයෝග වීමද දරුණු ලෙස ඔබව තද හිතක් ඇති ලේ දැකීමට ප්‍රිය කරන ලේ පිපාසිතයෙක් බවට පත් කරණු ලබයි.ඉහත සඳහන් කරුණු සැලකීමේදී ඔබ මේ වන විටද යම් යම් ක්‍රියාවන් වලට සම්බන්ධිත අයෙක් බවට ඉඟි සැපයයි.මෙයටම කේතුගේ සංයෝග වීමෙන් ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පාතාල නායකයෙක් වැනි අයෙක් බව ඉඳුරාම පැවසිය හැකියි.

      ඔබගේ විවාහ ස්ථානාධිපති වැන්නේ කුජයි.කුජ එකළොස් වැන්නේ ස්වක්ෂ්රෙත රවී සමග පිහිටීම නිසා ඔබගේ විවාහ සහකාරියද ඔබ වැනිම අයෙක් වීමට ඉඩ ඇත.ඉහළ වත් පොහොසත් කම් ඇති ඔබට වඩා ඉතා ඉතා බාල බිරින්දෑ වරුන් ගණනකගේ පහස ඔබ ලබනු ඇත.එසේම රහස්‍ය ලෙස පර අඹුවන් ඔබ වෙත ගෙන්වා ගැනීමට කටයිතු කරයි.අධික කම් සැප විඳීමට වාසනාව ඇත්තෙක්.

      ග්‍රහ පිහිටීම කීපයක් මගින්ම එකම කරුණු තහවුරු වීම නිසා පැවසීමට ඇත්තේ ඔබ ආගමික දෑ සඳහා යොමු විය යුතු බවය.අපල කාරී තත්වයන් නැති මුත් ආගමික වත් පිළිවෙත් වලට යොමු වන්න.එවිට මනුස්සපාට ටිකෙන් ටික මතු වෙනු ඇත...!

      Delete
    8. අනේ අනිත් දේවල් කෙසේ වෙතත් මම කුරා කූබියෙක්ටවත් කරදර නැති
      අහිංසක මිනිහා වෙච්චි.

      මට වඩා බාල බිරින්දෑ වරු ගැන කියපු දේ නම් ද්වේශ සහගතව පවසලා
      තියෙන්නේ.මම එහෙම කෙනෙක් නෙවේ අනේ.:(

      ලේ දකින්න තීයා මගේ ලේ බොන්න එන මදුරුවෙක් වත් මම මරන්නේ
      නැහැ.නිකන් අතින් එළවනවා මිස.


      කෝමත් මන් පන්සල් නම් යන්නේ නැහැ.එපා වෙනවා.

      අනිත් එක මම පවුලේ බාලම දරුවා.වැඩිමහල් එක්කෙනා නෙවේ.
      ( මම විතරයි ඉන්නේ .එකම දරුවා :p)

      Delete
    9. සහන් දැන් ඔබට තේරෙනවාද මේ ශාස්ත්‍රයේ ඇති බොරුව..... මෙය බොරුවක් විස්වාස කරන්න එපා.... මම ඇනලිසිස් එක ලියන ඇනෝ....

      Delete
    10. බලන්නකෝ පිටින් පේන හැටියි කේන්දරෙන් කියැවෙන හැටියි අතර වෙනස....

      Delete
    11. @ ඇනලිස් ඇනෝ ,


      මෙහෙමයි ඔතන සමහර දේවල් ඇත්ත.මම 100% කේන්දරේ පිළිගන්නෙත් නැහැ , නිෂ්ප්‍රභා
      කරන්නෙත් නැහැ.ගොඩක් වෙලාවට වෙන්නේ කේන්දර බලන්න නොදන්න අය නිසා
      සාස්තරේ හෑල්ලුවට ලක් වීම කියලයි මම හිතන්නේ.නිකන් ආවට ගියාට

      " අහ ඔයාගේ 5 ගුරු දුවලා වැඩියි .2 සිකුරු නිසා මූණ ලස්සනයි .
      7 චන්ද්‍රයා නිසා සුරංගනාවියක් වගේ ලස්සන බිරිඳක් ලැබෙනවා "

      වගේ කියන්න හොඳ නැහැ.ගොඩක් තියෙනවා බලන්න ඕනේ පැති .
      අනිත් දේ මට තේරුණා ඔබත් යම් මට්ටමකට ජෝතිෂ්‍ය ගැන වැටහීමක්
      තියෙන බව .ඒ නිසාම ඔබ දන්නවා ඇති " ශයන , උපවේෂණ ........ "
      වැනි අවස්ථා ගැනත්.නේද ?

      එවැනි දේවලින් මුළු ග්‍රහ පිහිටීම් ටිකම වෙනස් වෙන්න පුළුවන් .ඒ නිසා
      මම හිතන්නේ හරියටම සියල්ල බැලීමෙන් පමණක් ග්‍රහ ඵල පැවසිය යුතුයි.
      මම ගුරු , රාහු වැනි ග්‍රහයන්ගේ පිහිටීම නොදුන්නේ වයස අහු වෙන නිසා .
      ( ඔබත් දන්නවා ඇතිනේ මම මේ කියන දේ ගැන )

      Delete
    12. යාළුවා ජෝතිෂ්‍ය කියලා එකක් තියෙනවා නේද?
      එකෙන් දෙයක් වෙනවා කියලා කියන්නත් පුළුවන්!
      වැඩේ වැරදුනෝත් ඒකට හේතු දෙන්නත් පුළුවන්! අන්න එහෙම තමයි මේක හදලා තියෙන්නේ. අන්තිමට පට්ටපල් බොරුවක්.

      Delete
  14. ස්තුති කකා. මම මේ ගැජට් එක (ඔබ කියූ නම) හොය හොයා හිටියෙ.

    ඔය උඩම පොටෝවෙ ජාතියෙ නිල්පාටම උපකරණයක් අපි පොඩි කාලෙ අපි රෙන්ට් කරපු කඩේක අංකල් කෙනෙක් ලග තිබ්බා. අපි තරගෙට ඕකෙන් සෙල්ලම් කරනවා. පට්ට සිරා.

    ලංකාවෙ ගන්න තියෙනවද? නැත්තං ඊ-බේ?

    ජය!

    ReplyDelete
    Replies
    1. ලැජ්ජ නැතිකම මහ මුදලි කමට වඩා ලොකුයිලු.... පව් බන් අර මෝඩයා.....

      Delete
    2. දැන් නම් මා ලඟ තියෙන්නේ ගිය සතියේ ජර්මනියේ දී දිනූ එකයි. මේක චීනයේ හදපු ප්ලාස්ටික් කෑල්ලක්. පිටකොටුවේ නැද්ද?

      තනිවම සෙල්ලම් කරන්න නම් ජාලයේ තැන් තියෙනවා. සු දී ක සෑදූ ප්‍රෝග්‍රෑම් එක නම් දෙන්නකෙුට ක්‍රීඩා කළ හැකි එකක් විය යුතුයි. අසා බලන්න.

      Delete
    3. මෙන්න ලින්ක් එක

      connect four

      Delete
    4. ඒක නෙවයි සුදික මහත්තයෝ.. දෙන්නකො අර ඔයාගේ ගේම් එක අපිටත්.. ඩොස් ගේම් එක ඩොස් ගේම් එක.. මම අද ඉගන ගත්තා ඩොස් වලින් ගේම් ලියන්න පුලුවං කියලා..

      Delete
  15. //ගෙම් එක දිනන්න නම් දිගට, හරහට හෝ විකර්ණයට එක පේලියට තමන්ගේ ඉත්තෝ හතරක් හදන්න ඕනෑ. //

    අපෙ නීතිය වුනේ පේලියට 6ක් ??

    ReplyDelete
    Replies
    1. මොඩයා තව තවත් මෝඩකම ප්‍රදර්ශනය කරමින් තළු මරනවා......

      Delete
    2. එක පේලියක හයක් නම් ඒ මේක නොවෙයි. මොකද මේකේ නම ම කනෙක්ට් ෆෝ.

      දිනන්ණ එක පෙළට හයක් දාන්න අවශ්‍ය නම් එය මීට වඩා පළල ඉත්තන් වැඩියෙන් ඇති රාමුවක් විය යුතුයි.

      Delete
    3. බූත සෑමා.. ආතල් දෙන්න එපා යකො ඔච්චර.. කනෙක්ට් ෆෝ එකේ ඉත්තො හයක් දාන්නෙ කොහොමද ගොං බූරුවෝ?

      Delete
  16. තාත්තා ගේම් එක දිනන එක පුතා දැකපු හොදයි....
    පුතා දිනනවා තාත්තා දැක්කා නම් හොදාආආආආයි.......

    අතිජාත , අවජාත , සමජාත මතක් උනා

    ReplyDelete
    Replies
    1. මං දිනුව සෙට් එකෙන් ක්‍රීඩා කරද්දි පුතා මාව පැරදුවා!

      Delete
  17. හුගක් මොලේ වෙහෙසලා කරන්න ඕනි ගේම් එකක් වගේ..අදයි මේ ගේම් එක ගැන දැන ගත්තේ.

    ReplyDelete
    Replies
    1. අයිය කිව්ව විදියට ගිහින් ඕනලයින් ප්ලේ කලා. අම්බෝ 8 පාරක් සෙල්ලම් කරලා කනාවට යන්තන් 2 පාරක් දිනුවා.

      Delete
    2. අති සරල වුණත් මේක ඇත්තටම හරීම හොඳ ක්‍රීඩාවක්, දාම්, චෙස් වගේම.

      Delete
  18. කිව්වත් වගේ අමාරු වැඩක් නේන්නම් ... මාත් අර ලින්කුව පැත්තේ ගිහින් බැලුව හතර සැරයක් දින්නා එකක් නම් දෙපැත්තටම නෑ මන් හිතන්නේ ඔක්කොටම වැඩිය මන් පැරදුනා :)

    ReplyDelete
    Replies
    1. මාලු ඔලු කන්න මොලේ වැඩි වෙනවා.... එතකොට පරාද වෙන්නෙ නෑ...

      Delete
    2. පියවර දෙකක් ඉදිරියට හිතන්න ඕනෑ. ප්‍රතිවාදියාට උගුල් අටවා කොටු කරගත යුතුයි.

      Delete
  19. 6.30 a.m. WITHARA DAPU MAGE COMMENT EKA ADA PALA WELA NEHE. KAKKA BUWA MAGEN PALI GANNAWA.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න අංකල් ඔබේ ඒකාකාරී කමෙන්ටුව පල නොකර බොට්ලාගෙන් ලැබෙන ස්පෑම් ගොඩටටම එකතු කිරීමට මා තීරණය කළා.

      එකම විකාර කතාව නැවත නැවත කීමෙන් ඔබටත් මටත් අන් අයෙකුටත් කිසි ප්‍රයෝජනයක් නෑ.

      එය ඇත්තටම මේ බ්ලොගය කියවන අන් අයට පවා කරන අපහාසයක්.

      මා මෙතෙක් කල් එයට ඉඩ දුන්නේ ඔබේ මානසික රෝගයට ඉන් සහනයක් ලැබේය කියායි. නමුත් එය එතරම් ප්‍රයෝජනවත් තෙරපියක් නොවන බව මට වැටහුණා.

      සොරි ඩොට් කොම්!

      Delete
    2. බලන්න නම් අපහසුයි තමයි.ඒත් ඔන්න ඔහේ දාන්න.
      මැරෙන දාට මේ තරහෙන් මළොත් සංසාරේම දිග්
      ගැස්සෙනවා නෙව කකා ඔය මනුස්සයගේ ..:(

      Delete
    3. අංකල්ට එහෙම කරන්න එපා කකා

      Delete
  20. http://maathalan.blogspot.com/2013/05/18-puka-tours-travels-18.html?showComment=1367484261767#c926432369619195219

    ReplyDelete
    Replies
    1. මෙන්න සාක්කි !

      Delete
  21. කකා උඹ කැපිටල් අන්කල් ගෙ කොමෙන්ටුව පබ්ලිශ් කරේ නෑ කියල අන්න ඌ තැන් තැන් වල සක්කිලියා කිය කිය බැන බැන යනවා.....

    ReplyDelete
    Replies
    1. ඒ මාතලන් මට සක්විති යැයි කියා තිබීම නිසායි.

      Delete
    2. දැන් ඉතින් ඔයා ඉවරයි කකා .... ඔයා ඩූම් ...!

      Delete
  22. අද පොඩ්ඩිගේ කමෙන්ට් එක නැතුව පාළුයි ...

    ReplyDelete
  23. ප්ලීස් කකා !
    කැපිටල් ඇනෝගේ කමෙන්ට් එක පබ්ලිශ් කරන්න. අපි ඒ කමෙන්ට් එක රසවිඳිනවා.

    ReplyDelete
  24. සුභ පැතුම් කකා :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඔන්ලයින් ගේම් එක කළාද?

      Delete
  25. නියමයි යාලුවා...
    හෙටදින

    ReplyDelete
    Replies
    1. ඔව්, හෙට දින අද දිනට වඩා හොඳ වේවි!

      Delete
    2. තවත් බූරුවෙක් නැට්ට හලන්ඩ ඇවිත් !

      Delete
  26. මගේ ඇනලසිස් එක ගැන දාපු කොමෙන්ටුවත් පලවෙලා නැහැ. කැපිටල් ඇනෝ අන්කල් ගේ එකත් නැහැ. මත වාරණය කරන්න එපා කකා. එයින් ඔබට හානියක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඔබේ ඇනලිසිස් එක?

      Delete
  27. පුදුමයි කතන්දරව ජර්මනියේ තියාගත්තේ නැත්තේ. මොලකාරයොව එහෙදි අල්ලලා තියාගන්නවලු.:)

    ReplyDelete
    Replies
    1. මොලේ ගෙදර තියලා නේ ගියේ!

      Delete
  28. යුරෝප් ට්‍රිපක්නම් මගේ කොල්ලට 6MP පෙති ටිකක් ගෙන්නගන්න බැරිවෙයිද දන්නෑ?

    ReplyDelete
    Replies
    1. ඒක ටිකක් අමාරු වැඩක්. ට්‍රිප් එකකදි කරන්න අමාරුයි.oncological drugs ලංකාවෙ වගේ සුම්මා ගන්න බෑ. අනික මගේ ස්ටොක් එකත් මාස 2කට විතර ඇති

      Delete
    2. ඒක ටිකක් අමාරු වැඩක් කකා අයියෙ. ට්‍රිප් එකකකදි කරගන්න අමාරුයි. ලංකාවෙ වගේ ඔය රටවල oncological drugs සුම්මා ගන්න බෑ.

      Delete
  29. MAGE COMMENT PUBLISH KARANNA KIYANA ILLUM THIBENAWA. OBA WAGE MAMA SELF COMMENT KARAGANNE NAHE. OBATA THARAM MATA PISSUTH NEHE. = MAVISURU KIYAGANNA EKA, KKA REKA GANEEME SANGAMAYA WAGE NAMAKIN ENA COMMENTS OBEMA NOVEDA?

    ReplyDelete
    Replies
    1. පිස්සුව ඇත්තේ කාටද කියා නම් පැහැදිලියි.

      එකක කියන්නම් - ඔබට මෙය තේරුම් ගන්නට අපහසු බව පෙනෙන නිසා.

      මගේ බ්ලොගයේ ඇනෝනිමස් කමෙන්ට් දාගන්නට තරම් මට පිස්සුවක් නැත.

      Delete
  30. JAYAWEWA, SUBAPATHAMI, SHA MARUNE, MAGE SUBA PATHUM, ELA, RAJA SAMPATH LABEWA, MAMA ADA 1, = MEHEMA DINAPATHA LIWWAMA EEKA KAREE WENNETH NEHE ? WIKARA KATHA WENNETH NAHE?

    ReplyDelete
    Replies
    1. මා මෙහි පල නොකලේ ඔබේ දහ පාලොස් වාරයක් කලින් දමා පල වූ ඒකාකාරී කමෙන්ටුවයි.

      ඔබට කියවන්නට අවශ්‍ය නම් මෙන්න මේ සබැඳිවලින් ගොස් ඔබට අවැසි පරිදි වමාරා කන්න.

      මෙහි සම්බන්ධ කර ඇත්තේ අප්‍රියෙල් මස මා පල කළ කතන්දර දහතුනට ඔබේ දැමූ කට් ඇන්ඩ් පේස්ට් වර්ගයේ කමෙන්ටු පමණි.

      අවශ්‍ය නම් ඉන් පෙර දැමූ මේ ආකාරයේ කමෙන්ටු වලට ද පසුව මෙහි සබැඳි දමන්නම්.

      1.
      http://kathandara.blogspot.com/2013/04/oh-what-feeling.html?showComment=1367299150700#c109201134149498070

      2.
      http://kathandara.blogspot.com/2013/04/smoking-guns.html?showComment=1367023850493#c2606070073106802962

      3.
      http://kathandara.blogspot.com/2013/04/blog-post.html?showComment=1366694538791#c6475975403340334712

      4.
      http://kathandara.blogspot.com/2013/04/kks-movie-marathon.html?showComment=1366421502357#c3439167943163281036

      5.
      http://kathandara.blogspot.com/2013/04/kathandarakaraya-missing-in-action.html?showComment=1366185028133#c113420372483619584

      6.
      http://kathandara.blogspot.com/2013/04/vi-auguro-un-felice-anno-nuovo.html?showComment=1365907214248#c8035788544175057852

      7.
      http://kathandara.blogspot.com/2013/04/sugar-coating-poetry.html?showComment=1365760091283#c4500289838691307867

      8.
      http://kathandara.blogspot.com/2013/04/hypnosis-and-fools.html?showComment=1365588241061#c7525637894224823907

      9.
      http://kathandara.blogspot.com/2013/04/get-life-mate.html?showComment=1365513387432#c9033038731561467180

      10.
      http://kathandara.blogspot.com/2013/04/how-to-cut-your-hair-sexy-to-attract.html?showComment=1365303433838#c453537393581245175

      11.
      http://kathandara.blogspot.com/2013/04/booze-is-bad-for-babes-boo-hoo-boo-hoo.html?showComment=1365136168431#c4969680300093924076

      12.
      http://kathandara.blogspot.com/2013/04/whats-lesser-evil.html?showComment=1364959418284#c8802190712498269809

      13.
      http://kathandara.blogspot.com/2013/04/for-married-couples-only.html?showComment=1364786880246#c71789069613232311

      Delete
  31. ඔන්ලයින් ප්ලේ කරන්න ලැබුනේ නෑ... මම නම් තාම පුත්‍රයාගේ එකම වීරයා... තව ටිකක් කල් ගිහින් ඌට වෙන වෙන වීරයෝ හම්බවෙනකොට, මගේ තැන තහවුරු කරගන්න ඉඳහිට හෝ මේ වගේ දිනුමක් ගන්න වෙයි. $10 විතර වගේ ලාබ එකක් ගන්න පුළුවන් වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. මෙටලික් ඒවත් තියෙනවා වෙබ් එකේ.

      Delete
  32. බත් කාපු හැටි, හාෆ් ඩේ එකක් දමපු හැටි, ඒරොප්පෙදි ගුවන් යානයක් දැකපු හැටි වගේ පෝස්ටු වලට වඩා ඇනෝ කමෙන්ට් රසවත් බව ඔබ නොදන්නෙහි ද ? ඔබ ලියන නීරස පෝසු වලට අඩු වැඩිය දමා රසවත් කරන ඇනෝ කමෙන්ට්කරුවන්ට ඔබ මේ දක්වන සැලකිල්ල හරි ද ? කකා මේ ගැන ඔබ දෙවරක් සිතා බලන්න.

    ඔබ නීරස පෝස්ටු දමා ලබන සතුට හා සමාන වින්දනයක් ඇනෝවරු තම තමන්ට ආවේනික ශෛලීයන්ගෙන් කමෙන්ට් දමමින් ලබයි. එය ඔබටත් කියවන කිසිවෙකුටත් හානියක් වේ යැයි මම නොසිතමි. එසේ හානියක් සිදු වේ යැයි ඔබ සිතන්නේ නම් අදාල අවස්ථාවන් දින වකවානුත් සමඟ උපුටා දක්වන්න යැයි මා ඔබට අභියෝග කරමි !!!

    මත වාරණයක් සිදු නොවේ යැයි බොරුවට බෝඩ් ලෑලි එල්ලාගෙන ඒ බෝඩ් ලෑල්ලට මුවා වී මත වාරණයක් සිදු කිරීමට තරම් ඔබ පහත් තත්වයට පත්වූයේ ඇයිද කියා මා තවමත් සිතමි. ඔබ ඔබේ අබිමතය පරිදි ජොක්කු ගැන ජී ගැන චූ ගැන පඩ ගැන පෝස්ටු ලියයි. අපි ද ඒවා කියවා දමයි. තවද කමෙන්ටු ද කරයි. කුණුහරුප කිසිවක් නොමැති කමෙන්ටු ඔබ කපා දමයි ! මෙය මත වාරණය නොවේද ?

    පිලිතුරු අවශ්‍යයි !

    මෙයට,
    ඇනෝ අයිතීන් සුරැකීමේ සංධානය

    ReplyDelete
    Replies
    1. පිලිතුරු අවශ්‍යයි කියලා ලියන්න බෑ....ලියන්න පිලිතුරක් අපේක්ෂා කරමි කියලා...

      මොකද කකා බැදිල නෑ මෙතන එක එක වාහෙලට උත්තර දෙන්න....

      Delete
    2. නමුත් ඇනෝ වරුන් ලෙස අන්‍යයන්ට හානිකර අන්දමින් පහත රසයක් ලබන ඇනෝ වරුන් නිසා මත වාදද වරණය කිරීමට සිදුව තිබේ.....එයට කල හැක්කක් නැත ......කරුණාකර සංවර ශීලී ලෙස අදහස් ප්‍රකාශ කරන්න.....

      ඇනලයිස් ඇනෝ ...

      Delete
    3. කාකාගේ කතා වලට වඩා කියවන්නා වඩාත් කියවීමට නැඹුරු කරනුයේ අනෝ කොමන්ට් ය. මේ අඩවියට බොහෝ දෙනෙක් පැමිණීමට හුරු වී ඇත්තේ ද එබැවිනි. අනෝ හාස්‍ය රසය ඉතාමත් ඉහළ ය. නමුත්, තත්වය මොසේ තිබියදී ද කාකා ඇනෝ කොමන්ට් කප්පාදු කරනුයේ කුමන හේතුවක් මතද?
      ඇනෝ අයිතීන් සුරැකීමේ සංධානයේ තවත් එක සමාජිකයෙක්

      Delete
    4. මා මෙහි පල නොකලේ කැපිටල් ඇනෝ අංකල් ගේ දහ පාලොස් වාරයක් කලින් දමා පල වූ ඒකාකාරී කමෙන්ටුවයි.

      ඔබට කියවන්නට අවශ්‍ය නම් මෙන්න මේ සබැඳිවලින් ගොස් බලන්න.

      මෙහි සම්බන්ධ කර ඇත්තේ අප්‍රියෙල් මස මා පල කළ කතන්දර දහතුට කැපිටල් ඇනෝ ංකල් දැමූ කට් ඇන්ඩ් පේස්ට් වර්ගයේ කමෙන්ටු පමණි.

      අවශ්‍ය නම් ඉන් පෙර දැමූ මේ ආකාරයේ කමෙන්ටු වලට ද පසුව මෙහි සබැඳි දමන්නම්.

      1. http://kathandara.blogspot.com/2013/04/oh-what-feeling.html?showComment=1367299150700#c109201134149498070

      2. http://kathandara.blogspot.com/2013/04/smoking-guns.html?showComment=1367023850493#c2606070073106802962

      3. http://kathandara.blogspot.com/2013/04/blog-post.html?showComment=1366694538791#c6475975403340334712

      4. http://kathandara.blogspot.com/2013/04/kks-movie-marathon.html?showComment=1366421502357#c3439167943163281036

      5. http://kathandara.blogspot.com/2013/04/kathandarakaraya-missing-in-action.html?showComment=1366185028133#c113420372483619584

      6. http://kathandara.blogspot.com/2013/04/vi-auguro-un-felice-anno-nuovo.html?showComment=1365907214248#c8035788544175057852

      7. http://kathandara.blogspot.com/2013/04/sugar-coating-poetry.html?showComment=1365760091283#c4500289838691307867

      8. http://kathandara.blogspot.com/2013/04/hypnosis-and-fools.html?showComment=1365588241061#c7525637894224823907

      9. http://kathandara.blogspot.com/2013/04/get-life-mate.html?showComment=1365513387432#c9033038731561467180

      10. http://kathandara.blogspot.com/2013/04/how-to-cut-your-hair-sexy-to-attract.html?showComment=1365303433838#c453537393581245175

      11. http://kathandara.blogspot.com/2013/04/booze-is-bad-for-babes-boo-hoo-boo-hoo.html?showComment=1365136168431#c4969680300093924076

      12. http://kathandara.blogspot.com/2013/04/whats-lesser-evil.html?showComment=1364959418284#c8802190712498269809

      13. http://kathandara.blogspot.com/2013/04/for-married-couples-only.html?showComment=1364786880246#c71789069613232311

      Delete
  33. ano itheen surekeeme sanvidanayata jayawewa

    ReplyDelete
  34. කකා පොඩ්ඩක් අවදානෙන් ඉන්න මම අද ඇනෝ කොමෙන්ට් ගොඩක් දැම්ම .සමහර ඒවා මගේ ප්‍රොෆයිල් එකෙන් වැටිලා එහෙම තිබ්බොත් පබ්ලුෂ් කරන්න එහෙම එපා.හරි නැහැනේ.ඒකයි ....

    මීට බබා.

    ReplyDelete
  35. විදුලි කෙටීම නිසා කකාට වෙනදා පරිද්දෙන් කොමෙන්ටු දැමීමට නොහැකි වීම ගැන අපගේ බලවත් කණගාටුව....

    අයහපත් කාලගුණයක් හමුවේ තම ජීවිත පරදුවට තබමින් කකාගේ කොමෙන්ටු ගනන වැඩි කිරීමට ඇනෝ කොමෙන්ට් දමනා අප සන්ගමයේ සාමාජික සාමාජිකාවන්ට අපගේ උත්තමාචාරය පුද කර සිටින්නෙමු.....

    මෙවැනි අයහපත් කාලගුණයක වුවද ඔබගේ සේවාව අඛණ්ඩව බියෙන් සැකෙන් තොරව පවත්වාගෙන යෑමට හැකිවන පරිද්දෙන් අප සන්ගමයේ සියලු සාමාජික සාමාජිකාවන් හට "අකුණු අනතුරු" රක්ෂණාවරණයක් ලබාදීමට ශ්‍රි ලන්කා රක්ෂණ සන්ස්ථාව සමග ඉතා ඉක්මනින් අත්වැල් බැද ගැනීමට අපි බලාරොත්තු වෙමු.

    මේ සදහා පැවැත්වෙන සාඛච්චා මාලාවේ තවත් පියවරක් අප සභාපති තුමන්ගේ සහභාගීත්වයෙන් මේ මොහොතේ රක්ෂණ සන්ස්ථා භූමියේ පැවැත්වෙන බව අපි සිහිපත් කර සිටිමු...

    ඇනෝවරුන්ගේ යහපත් හෙටදින උදෙසා....
    ඇනෝ අයිතීන් සුරැකීමේ සංධානය

    ReplyDelete
  36. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 110
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 13
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 43
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 23
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 31


    පලි.- වැස්ස, අකුණු නොතකා කමෙන්ට් කල හැමෝටම ස්තුතියි
    සංගණන ඇනෝ

    ReplyDelete
  37. kaka ge samahara repliessuth akunu sera wagei

    ReplyDelete
  38. about capital ano
    කරුමය මිනිස්සු පස්සෙ පන්නන්නෙ නැති වුනාම මිනිස්සු කරුමය පස්සෙ පන්නන්න පටන් ගන්නවලු...

    කකා උඹ කොමෙන්ට් මකනවනම් මකල දාපන්.... ඒක උඹේ බ්ලොග් එක... ආයෙත් එක්ස්ප්ලනේෂන් ලියන්නවත් මූ කොමෙන්ට් දාන තැන්වල යටින් ලියන්නවත් යන්න ඕනි නෑ......

    ඌ තැන් තැන් වල ලියන ඒවායින් උඹට බලපෑමක් ඇතිවෙන්නෙ නෑ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.