Saturday 9 March 2013

හිසරදයට SEX හොඳ බෙහෙතක් බව සොයා ගැනේ - Sex therapy for migrane


කාන්තා දිනය වෙනුවෙන් ය කියලා පෙරේදා ලියන්නා ලියා තිබූ "දෙයියෝ සාක්කි" කතන්දරේ කියෙව්වද?

ඒ කතන්දරේ කතානායිකාව සිය සැමියා සමග මේ කියන දිනයේ උදේත් සවසත් එක දවසක දෙපාරක්ම sex කරනවා.

මේ කතන්දරයට ප්‍රතිචාරයක් දාපු තිසර මෙන්න මෙහෙම කියලා තිබුණා.

"දවසට දෙපාරක් ඔච්චර කැමැත්තෙන් වැඩේට පැනලා එන්නේ පිරිමියෙක් ගෑනියෙක් වෙච්ච දවසට තමයි ඉතිං... නැත්තං 'අනේ අද ඔලුවේ කැක්කුමයි', 'මහන්සියි', 'අද හොඳ නෑ'... අර ෆේමස් ලිස්ට් එකක් තියෙන්නෙ ඔය ගැන.."

ඔය කියන ජාතියේ ලිස්ට් එකකට මෙන්න පාර.
http://www.realbuzz.com/articles/top-5-excuses-for-not-having-sex-au-en/

මට ඒ තිසරගේ ප්‍රතිචාරය මතක් වුනේ ඊයේ කියෝපු පත්තර කඩමාල්ලක තිබුණු නිවුස් අයිටම් එකක් දැක්කාමයි.

මෙන්න පත්තර කෑල්ල.



මෙන්න වැඩි විස්තර සහිත වෙබ් පිටුවක්.
http://www.livescience.com/27642-sex-relieves-migraine-pain.html

මේ නිවුස් අයිටම් එකේ තියෙන විදියට "මට අද ඔළුවේ කැක්කුමයි අනේ!" කියන එක තවදුරටත් නිදහසට කාරණයක් නොවෙන්න ඉඩ තියෙනවා.

මිග්‍රේන් කියන දරුණු හිසරදය තියෙන අයගෙන් සැලකිය යුතු කොටසකට sex මගින් ඒ වේදනාව නැතිකර ගන්න පුළුවනි ලු.

මේ විස්තරය තියෙනවාය කියන්නේ මේ මාර්තුවේ ජර්නලයක පලවුණු පර්යේෂණ පත්‍රිකාවකයි.

හිසරදයට අළුත්ම ප්‍රතිකාරය sex කරන එක වෙයිද?

මේ පර්යේෂණය කළ ජර්මනියේ මන්ස්ටර් විශ්ව විද්‍යාලයේ ස්ටෙෆාන් එවර්ස්ගෙන් ම අහලා බලන්න ඕනෑ ඒ කතාව ඇත්තක් වේවිද කියලා!

-කතන්දරකාරයා

ප/ලි"
අද සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රාවෙන් කාළෙකට පස්සේ මේ ආකාරයට කතන්දර දැනුම් සාගරයෙන් බිඳක් ගෙන ඒමට ලැබීම ඉතා සතුටකි.


(image: http://www.diyhealth.com/sex-headaches.html)

41 comments:

  1. අපි ඉස්කෝලේ යන කාලේ හේම නලීන්, ඇක්ටින් පීරයඩ් එකට ආපු වෙලාවක ඔය කතාව කිව්වා. මෙහෙමයි. ඒ කාලේ හොයාගෙන තිබුනලු හිසේ කැක්කුමට තොල් කන එක හොඳ ප්‍රතිකාරයක් කියලා. එතකොට අපේ එකෙක් ඇහුවා, වැඩේට සෙට් උනොත් ඔක්කෝම ලෙඩ සනීප වෙනවද කියලා. එදා අපි හිනා උනාට ඇත්ත ඒක තමයි. හොඳට සෙක්ස් පුළුවන් කියන්නෙම, නිරෝගි කෙනෙක් කියන එකනේ.

    ReplyDelete
  2. අද සෙනසුරාදා...:)

    ReplyDelete
    Replies
    1. අපිට 1/2 ඩේ !

      ඉරිදා ෆුල් ඩේ නිවාඩු !

      Delete
    2. ඉරිදා බඩු මෙන්න සෙනසුරාදාම - Sunday come early!
      http://kathandara.blogspot.com.au/2012/07/sunday-come-early.html

      Delete
  3. පර්යේෂයණය කරලා තියෙන්නේ පිරිමියෙක්නේ?

    ReplyDelete
  4. කාකා ඔය ජ්ර්නල් පේපර්ස් කියවන්න කලින් තමයි අපේ අය ඔවා කියවලා තීයෙන්නේ...ඒකනේ සෙක්ස් වැඩියෙන්ම ගූගල් කරන්නේ අපේ අය වෙන්නේ....මොලේ අමාරුවට සෙක්ස් හොද බෙහෙතක් කෛයලා අපේ අය දන්නවා..ඒ වගේම අපි හොද මොලේ අමාරුකාරයෝ කියලත් ඒ අය දන්නවා.....

    ReplyDelete
  5. නියමිත මාත්‍රාවට බෙහෙත් (sex) ගන්න වෙයි නේද බං ?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව

      Delete
    2. හැබැයි හෝමෝ සෙක්ස් නෙවෙයි....

      Delete
    3. සෑම් - උඹලගේ ගෙදර කක්කුස්සි වල පිරිලද කකාට බැන බැනම මෙතන රෙන්න ආවේ?????

      Delete
  6. තිසරගෙ ඔය උත්තරෙ දුටු වෙලාවෙ ඉඳන් මන් මේ ලිස්ට් එක හෙව්ව තරමක් කශූ දන්නවනම්...ඊයෙත් හෙව්වා..
    ස්තූතියි..

    ReplyDelete
  7. විහිලුවට කිව්වත් ලිංගික ආස්වාදයට මිනිස්සු බොහෝවිට කැමති එයින් ලැබෙන විස්තර කල නොහැකි හැගීමට..

    ReplyDelete
  8. සිද්ධාලේප වෙළඳාමට මරු පහරක්..මගෙත් නිකං ඔලුව කකියනවා කකියනවා වගේ

    ReplyDelete
  9. සිද්ධාලේප වෙළඳාමට මරු පහරක්...මගෙත් නිකං ඔලුව කකියනවා වගේ

    ReplyDelete
  10. ලංකාවේ අලුතෙන් පටන් ගනීද දන්නෑ හිසේ අමාරුව හැදුන ඇය මුනගස්වන තැන්.

    ReplyDelete
  11. පෝස්ට් එකට අදාළ නැත. කාලීන වැදගත්කම සලකා පළ කරන මෙන් ඉල්ලමි.

    මේ වන විට බ්ලොග් අවකාශයේ ඇනෝ කමෙන්ට් වලට ඉඩ දෙන බ්ලොග් සංඛ්‍යාව අත් දෙකේ ඇඟිලි සංඛ්‍යාවට සමාන වී තිබේ. මත වාරණයක් නැතැයි පොර ටෝක් දුන් මාතලන් පවා මත වාරණයක් ආරම්භ කර තිබේ. ඉතාම අසීරු අවස්ථාවන්ට මුහුණ දෙමින් පවා මත වාරණයක් නැතිව ඇනෝ කමෙන්ට් පළ කිරීමේ අවසරය ලබා දී තිබෙන්නේ පහත බ්ලොග්කරුවන් පිරිස පමණකි. ඔවුන්ට අපේ උපහාරය පුද කරමු.

    1. කතන්දරකාරයා
    2. උදිත ‍ගේ අන්තර්ජාල සටහන
    3. Reargate
    4. බුවාගෙ සිතිවිලි
    5. W3Lanka
    6. ඇනෝනිමස් ආතල්
    7. රාමචන්ද්‍රගෙ අඩවිය
    8. දයල් බතී
    9. රාජ්ගෙ නවාතැන
    10. ලංකා ජ්‍යොතිෂ අරණ

    එසේම නිදහස් මත ගලනය අවහිර වන ආකාරයට ඉදිරියේදීද කමෙන්ට් වාරණය නොකරන්නැයි මේ බ්ලොග්කරුවන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. ඔබද මත වාරණය කරන්නේ නම් අපේ හඬට කිසිම ඉඩක් නොලැබෙනු ඇත.

    අදහස් පළ කිරීමට බාධා කරන කිසිම බ්ලොග්කරුවකුට නිදහස් මත පළ කිරීම වෙනුවෙන් පෙනී සිටිය නොහැකි බව අවධානය කරමු.

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය නිදහස නැතැයි ආණ්ඩුව පතුරු ගසන අපේ මහා ප්‍රගතිශීලි බ්ලොග්කරුවන් බ්ලොග් තුල ඒකාධිපතියන් මෙන් හැසිරෙමින් වාරණ පැනවීම මාර ප්‍රජාතන්ත්‍රවාදිය. නිදහස්කාමිය.සුන්දරය , අපූරුය.

      Delete
    2. ලංකා ජ්‍යොතිෂ අරණ
      හුග්... ජෝතිය ඌට විරුද්ධව දාන හැම කොමෙන්ට් එකක්ම කපනවා....

      Delete
  12. මාත් කාලෙකට කලින් ඉඳලම ඔය කතාව අහලා තිබුනා. කවුරු කවුරුත් ආටිකල් එක ප්‍රින්ට් කරලා ගෙදර උන්දැට පේන්න ඇලෙව්නම් හරි! :)

    ReplyDelete
  13. මන් හිතන්නේ මේක එක එක කාලෙන් කාලෙට එන
    පරීක්ෂණ , සමීක්ෂණ වගේ..

    01.වතුර පුළුවන් තරම් බොන්න , ඇඟට හොඳයි ..

    02.එපා එපා එන්සයිම සාන්ද්‍රණය අඩු වෙනවා වැඩිය බිව්වොත් ..


    තද හිසේ කැක්කුම එන වෙලාවට නම් ලිංගික හැගීම් එන්නේ නැහැ.
    ඒක දන්නේ තුවාලේ තියෙන මිනිහෙක් විතරයි..

    අනික් දේ බරපතල නොවන මානසික කැළඹීමක් තියෙන වෙලාවට
    නම් ලිංගික එක් වීමෙන් ලොකු සැහැල්ලුවක් දැනෙනවා.හැබැයි ඉතින්
    සුදුසු කෙනෙක් , ප්‍රිය කෙනෙක් වෙන්න ඕනේ..නැත්නම් තිබ්බ ටිකත්
    නැති වෙනවා( හිතේ නිදහස් බව )...

    ReplyDelete
    Replies
    1. @ silentsahan;
      මචං මොලේ මොංගල් එව්වන්ට එන හිසේ ඇම්ම ගැන නෙමෙයි මේ කියන්නෙ,අපි/ඔබලට "ආතති"යත් එක්ක එන හිසේ ඇම්ම ට විසදුමක් ගැන :).

      Delete
    2. ඇත්ත කෙන්ජි මාත් අදහස් කලේ එදිනෙදා ජීවිතේ අපි
      සාමාන්‍ය මට්ටමෙන් විඳින ආතතියට හොඳ විසදුමක් ( සෑම
      විටම නෙවේ ) ලිංගික එක් වීමකින් ලැබෙනවා.,

      එතැනදී අනික් පාර්ශවයේ හැසිරීම තදින් බලපානවා.මොකද
      අපි එක් වෙන්නෙම මානසික සුවයක් විඳින්න ( ලිංගික එක් වීම
      හරහා ).


      ( ලිංගික උත්තේජනය / අවශ්‍යතාවය පිණිසම වෙන එක් වීමකදී
      නම් මේක අදාල නැහැ )

      අනික් දේ තමයි තද බල මානසික පීඩනයක් ඇති වෙලවකත් ලිංගික
      එක් වීමකින් සතුටක් ලබන්න බැහැ .විශේෂෙන් පිරිමි කෙනෙක්ට.


      අනිත් දේ ඉරුවාරදය කියන අවස්ථාවේදීත් ලිංගික එක් වීමක් කරන්න
      බැහැ..

      Delete
  14. // හැබැයි ඉතින්
    සුදුසු කෙනෙක් , ප්‍රිය කෙනෙක් වෙන්න ඕනේ..නැත්නම් තිබ්බ ටිකත්
    නැති වෙනවා( හිතේ නිදහස් බව )... //

    ඒ කියන්නෙ උඹ ගහන මරදානෙ බඩු හරියන්නෙ නෑ කියලද ????

    ReplyDelete
    Replies
    1. මචන් ගණිකාවක්ද නැද්ද කියන දේට වඩා වැදගත් වෙන්නේ සංසර්ගයේදී
      ඇති වෙන කතා, බහ අනික් ක්‍රියාකාරකම්, සහ aftereffects ..

      එතැනදී බිරිඳ උනත් , මිතුරියක් උනත් , ගණිකාවක් උනත්
      මහත්මා ආකාරයෙන් හැසිරෙන්න ඕනේ.පස්සට තවත් හිසරදයක්
      නොවෙන්න දෙපාර්ශවයෙන්ම වෙන්න ඕනේ යුතුකම් ටිකක් තියෙනවා .

      ඒවා අසම්පූර්ණ නම් බිරිඳ උනත් හිසරදයක් වෙනවා..
      ඒවා සම්පූර්ණ නම් වයිශ්‍යවක්ට උනත් ලෙන්ගතු වෙනවා..

      Delete
  15. මේ තියෙන්නේ.............
    http://jbasnayaka.blogspot.com/2012/09/blog-post_26.html

    මේ තියෙන්නේ උත්තරය
    http://sodurusitha.blogspot.com/2012/12/blog-post_11.html

    ReplyDelete
  16. ඔය හිසේ ඇම්ම කෑල්ල ඉස්සරහට දාලවත් බැරි වෙයිද දන්නේ නැහැ අර හොරෙන් කොරන දේ නීති ගත කොරගන්න හැබෑවටම.

    ReplyDelete
  17. Replies
    1. සෝයි අප්පා කළු පිටුවෙ සුදු අකුරු කියවද්දි ඔයාගෙ වගේම මගෙත් ඇගෙ මයිල් කෙලින් උනා ඕයි.

      Delete
  18. මරු! දැන් පැරසිටමෝල් වෙළදාම එහෙම අඩු වෙයි මං හිතන්නේ!

    ReplyDelete
  19. කතන්දර දවසට කී පාරක්ද මචං...කෑමෙන් පසුද පෙරද?

    ReplyDelete
  20. තරහ ගන්න එපා මන් fake frofile එකෙන් අවට මේවගේ වටින ලිපියක් ඔබට මග හැරෙන්න පුළුවන් හින්දයි යොමු කරන්නේ, ඔයත් යම්දුරකට කොටස් කාරයෙක් නේද කියල මේ ලිපිය කියවල බලලා තෙරුන් ගන්න http://anonymousaya.blogspot.it/2013/03/blog-post_9.html
    නමුත් මම සයිට් එකේ ඇනෝ නෙවෙයි

    ReplyDelete
  21. පැරසිටමෝල් නිෂ්පාදන ආයතන ඕක බොරුවක් කියලා ඔප්පු කරයි.

    ReplyDelete
  22. පසු වූ කාන්තා දිනය වෙනුවෙනි
    දයල් බතී තියරියක්

    ඇස, කණ, නාසය, දිව, සම/ශරීරය(ඉන්ද්‍රියයන්), මනස ආදියට වෙන වෙනම තෙරපි තිබේ.

    සෙක්ස් යනු මේ හැම ඉන්ද්‍රියකටම තෙරපියකි.

    මන්ද මේ ක්‍රියාවලිය නිසා මේ ඉන්ද්‍රිය සැමගෙන් යුතු ප්‍රාණියෙක් බිහිකිරීමට හැකියාවක්ද ඇති බැවිනි.

    ReplyDelete
  23. මම අහලා තියනවා sex කියන්නේ සාමාන්‍ය මිනිහෙක් කරන කැලරි වැඩියෙන්ම දහනය කරන ක්‍රියාව කියලා. එහෙම ගත්තහම ශරීර සුවතාවයටත් හොඳයි. ඔලුවේ කැක්කුම ගැන කියනවා නම් මම අහලා තියෙන්නේ පැනඩෝල් දෙකක් බීලා sex කරන එකෙන් මහඟු ප්‍රතිඵල ලැබෙනවා කියලා :D

    ඇත්ත ඔලුවේ කැක්කුම් හොඳ කලත් 'හොර' ඔලුවේ කැක්කුම් නම් දවසට කී පාරක් sex කලත් හොඳ වෙන එකක් නැහැ.

    ReplyDelete
  24. අමුතුවෙන් හොයාගන්න දෙයක් නෑ. "මට ඔළුවෙ කැක්කුමයි වගේ" කියන්නෙ "මට සෙක්ස් ඕනැ" කියන එක සංයමයක් සහිතව කියන එක්තරා ආකාරයක් පමණයි.

    ReplyDelete
    Replies
    1. හරියට අර "මට සිංදුවක් කියන්න ඕන...." වගේ...

      Delete
  25. හිසරදයට හොද ම බෙහෙත කොට්ටේ මාරු කිරීමයි !

    ReplyDelete
    Replies
    1. මම මේ කියන්න කට ගත්ත විතරයි. කොට්ටෙ මාරු කරානම් ඕන කැක්කුමක් සුවයි.

      Delete
  26. කාන්තා පියයුරු දෙස පැය භාගයක් බලා සිටීම...ජිම් එකක පැය ගාණක් ගතකරනවට වඩා ප්‍රතිඵලදායකයි කියලා අහසකුත් තියෙනවා.
    පොළොං දෂ්ඨනයක් නිසා වැලිගම්පිටි යන්න ඔන්න මෙන්න කියලා හිටි පුද්ගලයෙකුත්, රමණීය රමණයකින් ඉක්බිති මරණයෙන් ගැලවුන අවස්ථාවක් ගැන ඉසබෙලා අයියන්දේත් වරක් ලියලා තිබුණා.
    ඒ අනුව බැලුවම අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි දුරින් දුරු කිරීමේ මහගු බලයක් sex වලට තියෙනවයි කියන එක පිළිගන්නම වෙනවා.

    ReplyDelete
    Replies
    1. එත් ඒ සමාජ රෝග කඳක් මුනනොගැසෙන තුරු පමණි

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.