Tuesday 5 March 2013

රූපියල් සීයට හෙළකම පාවාදීම නොහොත් දේශප්‍රිය ලංකාපුත්‍ර යුවලගේ ඉන්දියානු ගමන - Mr and Mrs Lankaputhra's Indian Tour


දේශප්‍රිය ලංකාපුත්‍ර මැතිතුමා හෙළයෙකි. හොඳ හෙළ කකුලකි. ඇත්තටම කියනවා නම්, එක කකුලක් පමණක් නොව දේශප්‍රිය ලංකාපුත්‍ර මැතිතුමා ගේ කකුල් දෙක, අත් දෙක සහ මුළු ශරීරයම හෙළ වේ.

ලංකාපුත්‍ර මැතිණිය ද එසේමය.

ලංකාපුත්‍ර ලා ගේ සිව් පාර්ශවයෙන්ම සියවස් ගණනක් ඈතට විහිදී යන හෙළකමක් ඇත. එය බලි, තරු, රාවණ කාලයටම විහිදී යන්නක් යැයි සිතේ. එයට හේතුව නම් විජය ගේ සිට වීර පනික්කිලා දක්වා විවිධ කාල වකවානුවල ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ සිංහල වංශය සෑදූ අයටත් වඩා ලංකාපුත්‍ර ලා මුළු ඇඟ පුරාම හෙළ ලේ තියෙන අය වීමයි.

ඔය ආන්ද්‍ර ප්‍රදේශයෙන්, කේරලයෙන්, ගුජරාටියෙන්, ඇසෑමයෙන් ලංකාවට පැමිණි අරුන් මුන්ටත් වඩා ලංකාපුත්‍ර ලා දේශපාලනිකව ඉන්දියානු වීරෝධී වෙන්නේ එනිසා ය.

ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට කෙරුණු ඉන්දියානු අත දැමීම්වලට ලංකාපුත්‍රලා එක හෙලා විරුද්ධ වූහ.

පරතසාරතී ලා ගේ, ඩික්සිත් ලා ගේ සිට රාවෝ ලා දක්ව වූ ඉන්දියන් ඒජන්තයින් ලංකාපුත්‍රලා ට වහකදුරු සේය.

විජයගේ ලංකාගමනය කෙසේ වෙතත් ඉන්පසු සිදුවූ එළාර, මාඝ, සේන, ගුත්තික, අලකේෂ්වර, කන්නසාමි, අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් ආදී සියළු ඓතිහාසික ඉන්දීය ආක්‍රමණ ලංකාපුත්‍ර ලා නිරතුරු මතක් කරමින් හෙළා දකිති.

පරිප්පු ගුවණින් හෙලීම, ඉන්දු ලංකා ගිවිසුම, සාම සාධක හමුදාව යනාදිය කරුණාකර මතක් නොකරන්න.

කරුණු එසේ හෙයින් දේශප්‍රිය ලංකාපුත්‍ර යුවල ඉන්දියාවේ සංචාරයක් කිරීමට තීරණය කිරීම අප වැනි පුඟුළන් ගේ විමතියට කාරණයක් විය.

නමුත් ඒ මොහොතේ අපට නොවැටහුණු කරුණක් වූයේ ලංකාපුත්‍රලා ගියේ ඉන්දියාවට නොව දඹදිව නමැති දිවයිනකට බවයි. (දඹදිව යනු ඉන්දියාවේ ඇතැම් කොටස් ද, නේපාලයද අයිති මනෝ රාජ්‍යයකි!)

ලංකාපුත්‍ර ලා ගේ ඉන්දියානු සංචාරයේ එක් අරමුණක් වූයේ ටජ්මහල නැරඹීමයි.

ටජ්මහල වනාහී සාමාන්‍යයෙන් දඹදිව වන්දනාවේ යන පැන්ෂන් ගිය ඉස්කෝලේ හාමිනේලා ගේ චාරිකාවලට අයත් වෙන ස්ථානයක් නොවේ. නමුත් ලංකාපුත්‍රලා ගියේ පෙරකී ආකාරයේ පැන්ෂන්කාරයින් ගේ චාරිකාවක් නොවේ. ස්පැෂල් එකකි. කාලය දින දාහතකි. වියදම එක් අයෙකුට ගෙඩි රුපියල් ලක්‍ෂයකි.

අනෙක් අතට ටජ්මහල වනාහී කෙලින්ඟ රාමා-හනුමාන් ලා ගේ බූදලයක් නොවේ. සාජහන් ලා, මුම්ටාස් ලා ඉන්දියාව ආක්‍රමණය කලේ බටහිර දෙසින් පැමිණය. ටජ්මහල නැරඹීමට ලංකාපුත්‍ර ලා ට අවශ්‍ය වූයේ ඒ නිසාද විය හැක.

නේපාලයේ සහ ඉන්දියාවේ පිහිටි විවිධ බෞද්ධ ඓතිහාසික ස්ථාන වැඳ පුදා ගත් ලංකාපුත්‍ර මැතිතුමා සහ එම මැතිණිය තම ගමන් සගයින් කිහිප දෙනාද සමග දිගු ගමණකින් පසු එක් රාත්‍රියක අග්‍රාවට ලඟා වූහ.

පසුදා උදේ පාන්දරින්ම ටජ්මහල නැරඹීමට යාමට සිතා සිටියද එදින සිකුරාදාවක් වූ බැවින් ටජ්මහල වසා තිබුණි. අවට පිහිටි අනෙකුත් සංචාරක ස්ථාන නැරඹීමේදී ලංකාපුත්‍රලාට පෙනී ගියේ ඇතුළු වීමේ ටිකට් පතක් වෙනුවෙන් ඉන්දියානුවෙක් ගෙවන මුදලට වඩා දෙගුණයක් පමණ ලංකාවේ සිට පැමිණෙන සංචාරකයෙකු සඳහා ගෙවිය යුතුවන බවයි.

"මේක මහා අසාධාරණයක් නේ!" දේශප්‍ර්‍රිය ලංකාපුත්‍ර තම අප්‍රසාදය පල කළේය.

"හැබැයි ඉතිං ලංකාවෙත් ඔහොම තමයි, දළදා මාලිගාව (දතේ පන්සල) බලන්න යන්නත් ෆොරිනර්ස්ලාට ටිකට් ගන්න වෙනවානේ" ලංකාපුත්‍ර මැතිණිය කිව්වාය.

හොඳම අසාධාරණය පෙනෙන්නට තිබුණේ පසුදා නැරඹීමට නියමිත වූ ටජ්මහල සඳහාය. ඉන්දියානුවෙකු ගෙවිය යුතු වන්නේ ඉන්දියානු රුපියල් විස්සකි. ලාංකිකයෙකු සඳහා එය ඉන්දියානු රුපියල් පන්සීයකි. පනස් ගුණයකි.

පලපුරුදුකාරයෙකු වූ නඩේ ගුරා ගෙන් වටිනා උපදෙසක් ලැබුනේ මේ මොහොතේය.

"අපිට පුළුවන් වෙයි ඉන්දියන්කාරයෝ වගේ ගිහින් ටිකට් ගන්න. සමහරු ඕක කරනවා. හැබැයි සමහරු ඉබේම අහුවෙනවා. මිසිස් ලංකාපුත්‍රට පුළුවනි නම් අර සල්වාර් ඇඳුමක් වගේ එකක් ඇඳන් යන්න ප්‍රශ්නයක් වෙන එකක් නෑ!"

ඒ උපාය වැඩ අපූරුවට වැඩ කලේය.

ලංකාපුත්‍ර මැතිණිය හෙළ ඔහොරිය ගලවා අළුතින්ම ගත් සල්වාර් කමීස් සහ බාච්චු කලිසමකින් සැරසී ගොස් ඉන්දියානු කාන්තාවක් ලෙස රඟ පා රුපියල් විස්සේ ටිකට් ගත්තාය.

"විශ්වාස කරන්න මිස්ටර් කතන්දර, ඒ ඇඳුමට ගියේ ඉන්දියන් රුපියල් දෙසීයද කොහෙද. නමුත් ඒකෙන් අපිට සෑහෙන්න වාසියක් වුණා!" දේශප්‍රිය ලංකාපුත්‍ර මැතිතුමා මා සමග තම වික්‍රමය පිළිබඳ පම්පොරිය ගැසුවේ එසේය.

රුපියල් දෙතුන් සියයක වාසියකට තමන් ගේ හෙළකම සහ ඉන්දියානු විරෝධය පාවා දුන්නා නොවේදැයි මම ලංකාපුත්‍ර මැතිතුමාගෙන් නොඅසා මුවින් නොබැන සිටියෙමි.

-කතන්දරකාරයා


(image: http://www.flickr.com/photos/maciejdakowicz/7906595100/)

43 comments:

  1. ලංකාපුත්‍ර මැතිනිය කතා කලේ හින්දි භාෂාවෙන්ලුද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද මෙයා.
      එයා හොඳ සිංහල කුල කාන්තාවක්. සිංහලෙන්මයි කතා කලේ

      -වලව්වේ බත් බැලයා-

      Delete
    2. තද කළු සිට රන්වන් පැහැ (pale white නොවේ ) දක්වා සමේ පැහැය වෙනස් ඉන්දියන් ජාතිකයන් ඉන්න නිසා මට හිතෙන්නේ විදේශිකයෙකු යයි හදුනා ගැනිමකින් තොරව සිංහලයෙකුට(කතා නොකර) ඉන්දියාවේ පහල ඉඳල ඉහල ඕනෑ තැනකට යන්න පුළුවන්. හැබැයි කතා කෙරුවොත් අහු වෙනවා.

      Delete
  2. අර විකිණෙන මිල සම්බන්ධ ප්‍රශ්නයක්... මෙයාලා දෙතුන්සීයට විකිණිලා...

    ReplyDelete
  3. ටාජ්මහල් විතරක් නොවෙයි හැමතැනම සිද්ධිය ඔය වගෙයි.
    කියන්නත් ලැජ්ජයි වගේ ඒත් ඡන්දෙට වැඩම කෙරෙව්ව කපිලවස්තු ධාතූන් වහන්සේලා දිල්ලි කෞතුකාගාරෙදි වදින්න වෙන්නෙත් ඔය විදියට ඉන්දියානු රජය මුලාවෙන් රවටලා

    ReplyDelete
  4. ටාජ්මහල් විතරක් නොවෙයි හැමතැනම සිද්ධිය ඔය වගෙයි.
    කියන්නත් ලැජ්ජයි වගේ ඒත් ඡන්දෙට වැඩම කෙරෙව්ව කපිලවස්තු ධාතූන් වහන්සේලා දිල්ලි කෞතුකාගාරෙදි වදින්න වෙන්නෙත් ඔය විදියට ඉන්දියානු රජය මුලාවෙන් රවටලා

    ReplyDelete
  5. ටිකට් එකට ඉන්දියා රජයට ගෙවන්න තියෙන ගාන අඩුවෙන් ගෙවපු එකෙන් කොහොමද කකෝ හෙලකම පාවා දීමක් වෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. කබරගොයා තලගොයෙක් වෙලාවත්ද?
      නෑ. මට දැනුයි තේරුනේ. ඉන්දියාවට වැඩිපුර ගෙවන්නෙ ඉන්දියන් හිතවාදියො. මොන වංචාවක් හරි කරල අඩුවෙන් ගෙවන්නෙ ඉන්දියානු විරෝධය නිසායි.
      ඇඳුම වෙනස් කිරීම මේ අවස්ථාවේදී අදාළ නොවේ.

      Delete
  6. ඔයවිදිහට අපේ අහවලා ගෙ අහවලාත් ගියානෙ බැන්කොක්..... ලාබෙට බැන්කොක්......

    ReplyDelete
    Replies
    1. හා...නේ... ඇත්තමද ඔය ?
      ඒ උනාට මම නම් ආස කාම්බෝජේ යන්න. එහේ ගිහින් තානාපති බිරිඳත් එක්ක කදේ දාගෙන ඉන්න.

      Delete
  7. රුපියල් 100යි ටිකට් එක.දෙන්නටම 200යි.ඒත් ඉන්දියන් ඇදුමට 200යි.ටිකට් එක වෙනම ගත්තම තව රුපියල් 40ක්.වැඩේ පාඩුනෙ

    ReplyDelete
    Replies
    1. කතාව හරියට කියෙව්වෙ නැත්ද, ගණන් බැරුවද කියල හිතාගන්න බෑ.
      රුපියල් පන්සීය කොහොමද සීය වුනේ?

      Delete
    2. @ජංගම දරුවා
      සීයිය පනහා වෙන කතා කියන්න එපා දරුවා.

      -නිල්ගල වනයේ බ්‍රාහ්මණයෙක්-

      Delete
  8. කන්න ඕනා උනාම කබරගෝයා තලගොයා කර ගැනීම පාරම්පරිකව ‍රැක ගෙන එන ශ්‍රේෂ්ඨ හෙල පුරුද්දක් බව නොදැනීම කකාගේ හෙලය සම්භන්දව ඇති අඩු දැනුම මනාව ප්‍රකට කරයි....

    ReplyDelete
  9. නියම හෙළයින් සේ ක්‍රියාකර ඇත.. බස් එකේ කෝච්චියේ ටිකට් නොගෙන යන උන්, ටිකට් එකක් ගත්ත එකත් ළොකු දෙයක්....

    ReplyDelete
    Replies
    1. අනේ අවජාතකයෝ තෝ යන්නේ ම සල්ලි දීලා,

      Delete
    2. අවජාතකයකුට නමක් තිබියහැකිද?

      Delete
  10. කකා දළදා මාලිගාවට, දතේ පන්සල කියලා දාපු කලින් පෝස්ට් එකකදී හොඳටම කස්ටියගෙන් අහගත්තා නේ.

    ලංකාවේ කට්ටිය White house එකට කියන්නෙත් ධවල මන්දිරය කියලා. හරි නං වචනේ "සුදු ගෙදර"

    ReplyDelete
  11. මමත් ඔතන බලන්න ගියේ පෙර ලෙසමය! කොහොමත් ඉබ්බා යෑම අපේ ජාතික පුරුද්ද බැවිනි!

    ReplyDelete
  12. ඉන්දියන් කාරයොත් ඔය වගේ දළදා මාලිගාව වැඳලා ඇති අපේ ගානට.

    ReplyDelete
    Replies
    1. මේකේ මාතෘකාව දැක්කම මට මේකේ යටි අරුතක් තියෙනවා කියල හිතුණා. අර ඉන්දියාවේ මුදල් වලට විකිනිච්ච කට්ටියට අපේ සල්ලි අලුක්කාල් වෙලා තමුසේ වගේ වචන වලින් ඒගොල්ලන්ව පොටෝ අල්ලන ඇයට සංග්‍රහ කරපු ගැන ලියපු ලියවිල්ලක්ද කියලා හිතුනා.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. me kiyana Lanka puthrala ape maha kai KAKKA thuma ya. Ethuma kawadath ticket nethiwa horata yanneki. Habai ahu una, data Joka iragena, choo, jeee, pada, sema, hotu , sukra siyalla paha wenawaya.

    ReplyDelete
    Replies
    1. නියම කමෙන්ට් එක මචං !
      උබේ ඔය ජොකා,චූ, ජී, පඩ කතාව හැමදාම මාව හිනස්සවනවා. තෑන්ක්ස් බ්‍රදර් !!

      Delete
    2. //Habai ahu una, data Joka iragena, choo, jeee, pada, sema, hotu , sukra siyalla paha wenawaya.

      ඊට වැඩිය ලේසියි "හැබැයි අහු උන දාට නවදොරින් සියළුම ශ්‍රාවයන් පහ වෙනවා ය. " කියලා කිව්වා නම්

      Delete
  15. හැබැයි කකා බෞද්ධ අපේ මුදුන්මල්කඩ වගේ තියෙන දලදා මාලිගාවට දතේ පන්සල කියලා අගෞරව කරපු එක මම හෙලා දකිනවා.
    අර කිව්වත් වගේ ඇමරිකාවේ වයිට් හවුස් එකට ධවල මන්දිරය කියලා කියන්න පුලුවන්. ඒත් අපේ දලදා වහන්සේ වැඩසිටින තැනට දළදා මාලිගාව කියන්න බෑ.

    -සූස්ති

    ReplyDelete
    Replies
    1. නියම කතාව
      - දේශකයා

      Delete
    2. මේක මාර තර්කයක්නෙ ආයිබෝං. දැන් කකා කොතැනද වයිට් හවුස් එකට ධවල මන්දිරේ කිව්වෙ? ඔයගොල්ලම ඒක කියාගෙන කකාට බනිනවා. මඤ්ඤංද?

      Delete
    3. ගණන් ගන්න එපා බන් අපිටත් වෙලාවක් එනකන් ඉමු, මුත් අර මාතලන් කියන අවජාතකයාත් එක වැල්ලේ පොල්,
      ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
      මේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
      එසේනම් දැන්ම මේ පාහරයා,
      ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
      මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
      ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
      පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..

      ** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
      (රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )

      Delete
    4. Please do not paste that nonsense comment in this blog. This is the place where we can post Anonymous comment without censorship.

      ඇනෝනිමස් කමෙන්ට් වාරණය නොකරන මෙම බ්ලොගය තුල ඉහත සඳහන් අෂ්ශිල කමෙන්ට් පල කිරීමෙන් වලකින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

      தயவு செய்து இந்த வலைப்பதிவில் என்று முட்டாள்தனமாக கருத்து ஒட்டவும் இல்லை. இந்த நாங்கள் வெளியே தணிக்கை மூலம் படம் கருத்து வெளியிட முடியும் இடத்தில் தான்.



      කකාව සුරැකීමේ ජාතික සංවිධානය

      Delete
  16. ඇනෝනිමස් ආතල් බ්ලොග් එක මේ දැන් වසා දමන ලදී.....

    ReplyDelete
    Replies
    1. අපරාදේ...

      Delete
    2. ඇනෝනිමස් ආතල් බ්ලොග් එක අභීත විසින් හැක් කර ඇත......

      Delete
  17. අන්න නියම දේශප්‍රේමියෝ.. අඩුවෙන් මුදල් ඉන්දියාවට දීමෙන් දෙශප්‍රේමීත්වය මනාවට ඔප්පු කර තිබියදී කකා මේ කුමක් කියන්නෙහිද ?

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්නෙපා මහත්තයෝ.
      ඕක කකාගේ වයසේ වැරැද්ද.
      ඔය කාලෙදි ඔය වගේ දේවල් හරියි කියලා හිතෙනවා.

      Delete
  18. හෙලකම පාවා දීම කෙසේ වෙතත් ඉන්දියානුවන්ව ඇන්දවීම ද මහත් ආඩම්බරයක් ය.

    ReplyDelete
  19. Nawa dorin srawayan paha wenawaya kiwwata gathiyak nehe , eva kakka ge wachana walin ma kiyanna oone. Kakka gobila dalada wahanseta karala thiyana apahasaya sulu patuda?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මචං.
      ඒ අපහාසය මමත් හෙලා දකිනවා.

      AnonymousMarch 5, 2013 at 2:57 PM ඇනෝ කියපු දේ කරන්න ඕන නෑ.කකාගේ වචන වලින්ම උබේ අනන්‍යතාවයෙන්ම (අනන්‍යතාවයක් ගොඩනඟා ගැනීමට ප්‍රොෆයිලයක් තිබීම අත්‍යවශ්‍ය නොවේ.) කමෙන්ට් කරහන්. මම හැමදාම ඒ කමෙන්ට් රසවිඳිනවා.
      අනික මචං පොඩ්ඩක් හිනහා වෙලා ලේ පිරිසිඳු කරගන්න එක කොච්චර හොඳ දෙයක් ද.
      ජය වේවා මචං දිගටම කරගෙන යන් !!!

      Delete
  20. දඹදිව තියෙන්නෙ ලංකාවේ බව මෙච්චර "ඔප්පු" කර තිබියදී මොන මගුලකට ඉන්දියාවෙ ගියාද මන්ද?
    බුද්ධගයාව තියෙන්නෙ ලංකාව වටේ චතුරස්‍රයක් ගහපුවහම විකර්ණ කැපෙන තැන කියල දන්නෙ නැද්ද මේ ලංකාපුත්‍ර ජෝඩුව?
    (මගෙන් අහන්නෙපා පස්මහ බැලුම් බැලුවෙ කවකටු පෙට්ටියක් අරගෙනද කියල එහෙම)

    ReplyDelete
    Replies
    1. Anesly, Bertie (Vinoda Samaya) kiyana vidhiyata, Roman Adhi-Rajyaa thibune Sinha Raja Adaviye

      Delete
    2. Anesly, Bertie (Vinoda Samaya) kiyana vidhiyata, Roman Adhi-Rajyaa thibune Sinha Raja Adaviye

      Delete
  21. මටත් දෙසැරයක් ටජ් මහල් බලන්න ලැබුන. පළමු වතාවේ ගියේ ඉන්දියාවට (දඹදිව වඳින්න බැරි උනා). දෙවෙනි වතාවේ ඉන්දියාවේ නොව දඹදිව ගිය බැවින් අපේ කණ්ඩායමේ නායකයා කිව්වා කැමති අයට ඇතුලට ගොස් ටජ් මහල් බලන්න පුළුවන් එත් එයා නම් යන්නේ නෑ කියල.ඉන්දියන් රුපියල් 520 ට (අපේ 1560) අර රුපියල් 20න් බලන අයට වඩා ලැබුනේ බෝතල් වතුර (ලීටර් 1/2)එකකුත් සපත්තු දෙක වැහෙන්න කකුලට දාගන්න දුන් පොලිතින් උර මලු දෙක විතරයි. මා තුන් වන වතාවටත් ටජ් මහල් බලන්න හිතා ගෙන ඉන්නවා. මේ සැරේ බලන්නේ ඇත ඉඳල(එතකොට කියක් වත් දෙන්න උවමනා නැ)

    ඔබේ දතේ පන්සලේ කතාවෙන් නම් මට පෙනෙන්නේ ඔබ ළඟ සර්ධාව බින්දුවක්වත් නැති බව පමණයි.දළදා හාමුදුරුවන්ට කිරි අහර ටිකක් පුජා කරන්න,අලුත් උපන් කිරි දරුවෙක් දළදා හාමුදුරුවන් වන්දනාවට අරන් යන්න ලංකාවේ ඉපදුනත් ඔක්කොටම බෑ. එකටත් පිනක් තියෙන්න ඕනැ. .

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.