Wednesday 20 March 2013

වික්‍රමතුංග ගේ සිරා ජෝක්ස් සහ පීචං ජෝක්ස් - Gravis iocos et low-gradu iocos secundum Udareous Vickramathungeous


පසුගිය දා තම සංගීත දිවියේ පනස්වෙනි වසර සම්පූර්ණ කළ නිහාල් නෙල්සන් එක විදියක පොරකි.

පොර ගැන අප බොහෝ දෙනෙකු අසා ඇති එක කතාවක් මෙසේය.

කලෙක ඉහත, ඒ කියන්නේ ජෝතිපාල ද ජීවත්වෙන කාලයේ, සිංහල විදග්ධයෝ ඇසුවේ අමරදේව ගේ, වික්ටර් රත්නයාක ගේ, නන්දා මාලනී ගේ සින්දු ය. මේවා හින්දුස්ථාන සංගීයට අනුව නිමවුණු, ගැයුණු, තබ්ලා, වයලීන්, බටනලා වැනි පෙරදිග වාද්‍ය භාණ්ඩ මගින් සංගීතය සැපයුණු ප්‍රබුද්ධ ගීත විය.

ඒ ගී ගැයුවෝ ප්‍රබුද්ධ ගායකයෝ ය.
ඒ ගී ලියූවෝ ප්‍රබුද්ධ කවියෝ ය.
ඒ ගී අසා රස වින්දෝ ප්‍රබුද්ධ ශ්‍රාවකයෝ ය.

දිනක් පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී මේ ගැන අදහස් දැක්වූ ජෝතිපාල "ඒ අය ප්‍රබුද්ධ ගායකයෝ, අපි නිකං පීචං ගායකයෝ!" කියා තමන් පරාජය බාර ගෙන තිබුණි.

මේ වල විට තම ගී ඇතුලත් කැසට් පට බර ගාණක් නිමවා ජනප්‍රියක්වයේ ඉහල තැනක සිටි නිහාල් නෙල්සන් එසේ පරාජය බාර ගන්නා අයෙකු නොවීය.

ඊලඟ සතියේ පැවැත්වුණු සාකච්ඡාවකදී ඔහු පුවත්පත් කලාවේදියා සමග කියා තිබුණේ, "මල්ලී ඔවුන් ප්‍රබුද්ධ නම් අපි සුප්‍රබුද්ධ!" කියායි.

මේ කතාව මට සිහිවුනේ මගේ මිතුරෙකු ගැන අද සිහියට නැගුණු වෙලාවේ ය.

නමින් උදාර වික්‍රමතුංග වුණු ඔහු ද, රත්නායක මහත්තයා, දුමින්ද වැනි කතන්දර මවන්නෙකි. අද මේ කෙටි කතන්දරය මා ලියන්නට සිතුවේ උදාර ගේ උදාර වික්‍රම ගැන කියවෙන කතන්දර මාලාවක ඇරඹුම ලෙසය.

විශ්ව විද්‍යාලයට ඇතුලත් වු දින සිටම පාහේ අප හැම එකාටම විවිධ අන්වර්ථ නම් පට බැඳුණි. පොලා, ඇඩ්ඩියා, ලැම්බා, බෙලෙක්කයා, බොලොක්කයා, නට් ඇන්ඩ් බෝල්ට් යනාදී මේ සමහර නම්වල යම් කිසි තේරුමක් හෝ පසුබිමක් හෝ තිබුණද, බහුතරයක් පටබැදි නම්වලට කිසිදු පදනමක් තිබුණේ නැත.

එකිනෙකාට මේ ආකාරයට නම් හෙවත් කාඩ් දැමීමෙන් ද, එවායින් එකිනෙකා ඇමතීමෙන් ද අප එදා ලැබුයේ අවුරුදු දහනමයේ කොල්ලන් ලබන සරල සොමියක් පමණි. එසේ නොමැතිව, මේ නම්වල කිසිදු නින්දාවක් හෝ අපහාස කිරීමක් හෝ ගැබ් වී නොතිබුණි.

අපේ මේ නම් පට බැඳීමට නිතරම වාගේ භාජනය වූ එක් අයෙක් වූයේ උදාර යි. ඔහුට කොතරම් මේ ආකාරයේ නම් පට බැඳුනේද කිවහොත් ඉන් වැඩි හරියක් පැවතුනේ සතියක් හෝ දෙකක් පමණි. ඒ ඉන් පසු තවත් නමක් පබැඳුණු නිසාය. කොටින්ම දැන් ඒ උදාරගේ අන්වර්ථ නම් බහුතරයක් දැන් මගේ මතකයේ නැත.

"උඹලා මට මේ විදියට කාඩ් ගැහැව්වට දැනගනිල්ලා අපේ ගම්වල අපිට කියන්නේ 'අප්පෝ' හරි 'හාමු' හරි කියලා!" දිනක් උදාර අප සමග පැවසීය.

අපි එදා ඔහුට 'අප්පුහාමි' යැයි නමක් පට බැන්දෙමු!

තමන්ට උපහාසාත්මක කතා කියනු අසා එය ඉවසා සිටිය හැක්කේ කලාතුරකින් අයෙකුටයි. උදාර ට ඒ කුසලතාවය ඉතා කෙටි කලකින්ම ප්‍රගුණ කර ගැනීමට සිදුවිය. ඔහු ගැන කතන්දර කියමින් අප සිනා සයුරේ ගිලෙන අතරතුර උදාර ඒ නොඇසුණා සේ මුවින් නොබැණ සිටියි.

"උඹලා ගේ ඔය ජෝක්ස් සිරා ජෝක්ස් නොවෙයි, ඕවා මහ පීචං ජෝක්ස්!" උදාර එවැනි දිනක අප සමග කීවේය. "උඹලා දන්නවාද සිරා ජෝක්ස් සහ පීචං ජෝක්ස් අඳුනගන්නා විදිය?"

ඇත්තටම අපේ කණ්ඩායමේ එකෙක්වත් ඒ නිර්වචනයන් එදා අසා තිබුණේ නැත.

"ජොක් අහපු උන්ට වැඩියෙන් ජෝජ් එක දාපු එකාම හිනාවෙනවා නම් ඒක පීචං ජෝක්ස් එකක්!"

"සිරා ජෝක්ස් කියන්නේ ජෝක් එක අහපු උන් කොච්චර හිනා වුනත් ජෝක් එක දාපු එකා හිනා නොවෙනවා නම් විතරයි."

ඒ උදාර වික්‍රමතුංග අප සමග "සිරා ජෝක්ස් සහ පීචං ජෝක්ස්" නිර්වචනය කළ ආකාරයයි.

-කතන්දරකාරයා

ප/ලි:
රත්නායක ජෝක්ස් සහ රත්නායක නොවන ජොක්ස් ගැන අසා නොමැති නම් මෙන්න එතැනට සබැඳියක්.
http://kathandara.blogspot.com/2010/03/new-classification-of-jokes.html

ඒ කතන්දරයේ ද මේ සිරා ජෝක්ස් සහ පීචං ජෝක්ස් ගැන සඳහනක් ඇත.


(image: http://lankanstuff.blogspot.com.au/2013/03/50-years-of-nihal-nelsons-music.html)

74 comments:

  1. @ All
    මේ කතන්දරයේ කතා නායකයාට මා මුලින් දැමූ උදාර වීරවංශ යන අන්වර්ථ නාමය කතන්දරය පලවී විනාඩි කිහිපයකට පසු උදාර වික්‍රමතුංග ලෙස වෙනස් කරන ලදී.

    ReplyDelete
    Replies
    1. කට්ටිය උදාර වීරවංශව නිමල් වීරවංශ කල ද ?

      Delete
  2. // "උඹලා දන්නවාද සිරා ජෝක්ස් සහ පීචං ජෝක්ස් අඳුනගන්නා විදිය?//

    බුදු හාමුරුවන්ගෙනුත් සුලු මව උන ප්‍රජාපති ගෝතමී මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා. හැබැයි ඒ නම් ඇහුවේ ධර්මය යි අධර්මයයි අදුන ගන්නේ කොහොමද කියලා...

    ඒක නෙමේ ජෝක් අහපු එවුනුයි ජෝක් කියපු එවුනුයි දෙගොල්ල්ම හිනා වෙන ඒව්ට දාමු සුප්‍රබුද්ධ ජෝක් කියලා..ම්මොකද ඒවා නිහාල් ගේ සිංදු වගේ දෙපැත්තම ආතල් ගන්න හින්දා...

    ජෝක් කරන අයටයි අහන අයටයි දෙගොල්ලටම හිනා යන්නේ නැති ඒවා ප්‍රබුද්ධ ජෝක් කිය්ලා දාමු,,

    ReplyDelete
  3. // "උඹලා දන්නවාද සිරා ජෝක්ස් සහ පීචං ජෝක්ස් අඳුනගන්නා විදිය?//

    බුදු හාමුරුවන්ගෙනුත් සුලු මව උන ප්‍රජාපති ගෝතමී මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා. හැබැයි ඒ නම් ඇහුවේ ධර්මය යි අධර්මයයි අදුන ගන්නේ කොහොමද කියලා...

    ඒක නෙමේ ජෝක් අහපු එවුනුයි ජෝක් කියපු එවුනුයි දෙගොල්ල්ම හිනා වෙන ඒව්ට දාමු සුප්‍රබුද්ධ ජෝක් කියලා..ම්මොකද ඒවා නිහාල් ගේ සිංදු වගේ දෙපැත්තම ආතල් ගන්න හින්දා...

    ජෝක් කරන අයටයි අහන අයටයි දෙගොල්ලටම හිනා යන්නේ නැති ඒවා ප්‍රබුද්ධ ජෝක් කිය්ලා දාමු,,

    ReplyDelete
  4. එතකොට පීචං බ්ලොග්කාරයොයි ප්රබුද්ධ බ්ලොග්කාරයොයි අදුරගන්නෙ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ඇනෝ කමෙන්ට් විවෘත කරලා සංවාදයට ඉඩ ලබා දෙන්නේ ප්‍රබුද්ධ බ්ලොග්කාරයෝ.
      ඇනෝ බ්ලොක් කරගෙන එකිනෙකාගේ පිට කහගන්න කමෙන්ටු දාන්න බ්ලොග්ලියන්නේ පීචං බ්ලොග්කාරයෝ.

      Delete
    2. පීචං බ්ලොග් ලියන අයත් ඉන්නවද?මම ඇනෝ මහත්වරුන්ව දැකලම තියෙන්නෙ ප්‍රබුද්ධ බ්ලොග් වල විතරමනේ.

      Delete
    3. පීචං ඇනෝලා සහ ප්‍රබුද්ධ ඇනෝලා කියලත් වර්ග දෙකක් ඉන්නවා.

      Delete
    4. ඇයි පීචං ප්‍රොෆයිකාරයොයි ප්‍රබුද්ධ ප්‍රොෆයිකාරයොයි කියලත් දෙවර්ගයක් ඉන්නවා.

      Delete
  5. //"ජොක් අහපු උන්ට වැඩියෙන් ජෝජ් එක දාපු එකාම හිනාවෙනවා නම් ඒක පීචං ජෝක්ස් එකක්!"

    "සිරා ජෝක්ස් කියන්නේ ජෝක් එක අහපු උන් කොච්චර හිනා වුනත් ජෝක් එක දාපු එකා හිනා නොවෙනවා නම් විතරයි."//

    මේ වගේ දේවල් දැනගන්න එකත් කොයිතරම් දෙයක්ද? :D:D

    ReplyDelete
    Replies
    1. තමන්ම දාල තමන්ම හිනා වෙන/ හිනා මූනු දාන කොමෙන්ට් වලට කියන්නෙ පීචන් කොමෙන්ට්....

      Delete
  6. මේ බ්ලොග් එකේ මම ආසම රත්නායක ජෝක්ස් වලට.
    මේ ලඟදි තමා රත්නෙව අඳුන ගත්තේ. ඒවා නම් සිරාම ජෝක් වගයක් !

    ReplyDelete
  7. උදාරයා වගේ අපෙත් එකෙක් හිටියා. ඌට දාලා තියෙන කාඩ් ගාන කාටවත් මතක නැහැ. දැන් ඌ එච්චර සෙට් වෙන්නේ නැති නිසා අලුතෙන් මොකුත් වැටුණේ නැහැ.

    ඒ ජාතියේ තව පොරක්ට වැටුණු කාඩ් ඔක්කොම එකතු කරලා නමක් හැදුවා අපේ එවුන් "අලි අක්බර් මලින්ද ෆ්‍රැන්සිස් ඛාන්" කියලා :D

    ReplyDelete
    Replies
    1. තමන්ම දාල තමන්ම හිනා වෙන/ හිනා මූනු දාන කොමෙන්ට් වලට කියන්නෙ පීචන් කොමෙන්ට්....

      Delete
    2. @ Anonymous March 21, 2013 at 9:44 AM

      :D

      Delete
  8. විහිළු ගැන අපූරු අර්ථකථනයක්...සරලයි.. පැහැදිලියි...

    මේ කතනදරය ඇතුළෙ කතන්දර ගොන්නත් තියෙනවා.. හිතන්න කාරණාත් ‍ගොඩක් තියෙනවා...

    ReplyDelete
  9. උදාර වික්‍රමතුංගගේ නිර්වචනයට මමත් එකඟයි.
    (කමෙන්ට් එකක් දාලා දාපු එකාම හිනා වෙනවනම්, කමෙන්ට් එක ගැන උඩඟු වෙනවනම්, ඌ පීචං කමෙන්ට් කාරයෙක් කියල නිර්වචනයක් නැද්ද?)

    ReplyDelete
    Replies
    1. me comment eka dakkama apitath ehemai hithenne.

      Delete
  10. VISSA VIJJALEDI PATA BANDENA THAWA NAM THIYANAWA, MENNA KIHIPAYAK, JOKA, CHOOWA, JEEYA,, PADAYA, BOGA, PA..AYA, KA-IYA. ETC.

    ReplyDelete
    Replies
    1. කකාගේ විස්ව විද්‍යාලයේදි BOGA කියලා කියන්නේ පාඩම් කරනවට !

      පාඩම් කරනවා = බොග දානවා

      කක්කා කරනවා = බොක දානවා.

      ඔන්න ඕකඣ්යි බොකෙයි බොගෙයි වෙනස. එහෙම නේද කකෝ.

      Delete
  11. කතන්දර; මම ඔබ ලියූ >>Keep aside<< ලිපිය කියෙව්ව.හිනා කාල මැරෙන කතානෙ.
    දැන් ඒ අය අර KamuBomu ලිපි ලියන්නෙ නැද්ද?ජාඩි හදන විදියක් දාල තිබුන කටට කෙල උනන විදියට.අනිත් ලිපි ටිකත් කියවන්න ඕන.ඔබට ස්තුතියි!!!

    ReplyDelete
    Replies
    1. කාපු බීපු කාලේ ඉවරයි.
      දැන් තියෙන්නේ බර බර ගාලා රෙන්න තියෙන ලිපි ලියන කාලේ.
      පොඩ්ඩක් ඉන්නකෝ...

      Delete
    2. කාගේද?
      ..............??????
      මොකටෙයි?

      Delete
  12. ඔන්න මම දැන් ජෝක් එකක් කියන්න යන්නෙ කියලා පටන් ගන්න ඒවත් පීචං ජෝක් ගොඩට දාන්න පුළුවන්...

    ReplyDelete
  13. //"ජොක් අහපු උන්ට වැඩියෙන් ජෝජ් එක දාපු එකාම හිනාවෙනවා නම් ඒක පීචං ජෝක්ස් එකක්!"

    "සිරා ජෝක්ස් කියන්නේ ජෝක් එක අහපු උන් කොච්චර හිනා වුනත් ජෝක් එක දාපු එකා හිනා නොවෙනවා නම් විතරයි."//

    මෙහි "ජෝක් එක දාපු එකා" යනුවෙන් හදුන්වා ඇත්තේ කවරෙක්ද ?

    01.විහිලුවට ඉලක්ක වන පුද්ගලයාද
    02.විහිලුව පැවසු පුද්ගලයාද

    ReplyDelete
    Replies
    1. මූට නම් සරල සිංහලත් බෑ වගේ...

      Delete
    2. ඉතින් ඔබතුමාම පැහැදිළි කරානම් ...lol

      Delete
    3. /"ජොක් අහපු උන්ට වැඩියෙන් ජෝජ් එක දාපු එකාම හිනාවෙනවා නම් ඒක පීචං ජෝක්ස් එකක්!"/

      මෙහි මා අතින් සිදුවූ ටයිපින් මිස්ටේක්ස් කීපයක් ඇත. ඒ වාක්‍යය "ජෝක් එක අහපු උන්ට වැඩියෙන් ජෝක් එක දාපු එකාම හිනාවෙනවා නම් ඒක පීචං ජෝක් එකක්!" යනුවෙන් නිවරද විය යුතුයි.

      Delete
    4. @ ඇනෝ ලාබෙට කාම්බෝජේ යමුද එක එක්කෙනාට කොක්ක නොදා ?

      Delete
    5. @
      පළමු ඇනෝ

      දැන් තේරුණාද කාටද සරල සිංහල බැරි කියලා ?
      මා ශ්‍රී ලාංකිකයෙකු නොවෙන්න පුළුවන් .ඒත් ඒක
      මෙතනට අදාළ කරගන්න එපා ..

      @ කකා

      තෑන්ක්ස් කකා වරද තේරුම් ගත්තට හා නිවැරදි කිරීම
      ගැන .

      @ දෙවන ඇනෝ

      තෑන්ක්ස් මෙයා ..:)

      Delete
    6. පොඩ්ඩක් ඉන්න මම මේ සිස්සත්ත ටික දීලා ඉවර වෙනකන්..

      Delete
    7. හොදට බලන්න ..කකා හදලා තියෙන්නේ අකුරක් විතරයි..ඔයාට ඒක තේරුම ගන්න බැරිද? සිංහල ඉංග්‍රිසී දෙකම ඉගෙන ගන්න..බොරුවට කෑ ගහන්න එපා...ලෝකේ ගොඩක් වෙනස්..

      Delete
    8. ඉතින් ඔච්චර දැනුමක් තියෙනවනම් බොරුවට කෑගහන්නේ
      නැතුව මුලින්ම මට වැරැද්ද පෙන්නුවා නම් ඉවරයි නේද ?
      කකා ඇවිත් වැරැද්ද නිවැරදි කරනකම් හිටියේ ඇයි ...? :D

      Delete
    9. තමන්ම දාල තමන්ම හිනා වෙන/ හිනා මූනු දාන කොමෙන්ට් වලට කියන්නෙ පීචන් කොමෙන්ට්....

      Delete
    10. අලස ජනතාවක් නැති කරන්නට සැලසුමක් හැදූ ශ්‍රේරේෂ්ඨ ගොර්බචොව් කියපු දේ ඇහුවනම් ඔය මුකුත් නෑ

      Delete
    11. ඔය සහන් කියන එකා හැම තැනම මේ වගේමයි. හත් පොලෙ ගා ගන්නව. මෙතනත් කිසිම තෙරුමක් නැති කතාවක් කියල ඒකට කිසිම අදාලත්වයක් නැති කකා ගෙ අකුර වැරදුන එක නිසා එහෙම කිව්ව කියන්න ගිහින් හොඳ නෑමක් නාගෙන.

      Delete


    12. කකාම එතන වැරද්දක් තිබ්බා කියල පිළිඅරන්
      ඒක හදල තියෙද්දිත් ඇයි අනේ මෙහෙම පච
      කියන්නේ?

      ද්වේශ සහගත කමෙන්ට් කියන්නේ ඕවට තමයි.

      Delete
    13. @ All
      පුද්ගලික අපහාසාත්මක ප්‍රතිචාර නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

      Delete
  14. ඒක නම් ඇත්ත. ටෙනියගේ විහිළු මිනිස්සු කියන්නේ තුන් වන පන්තියේ විහිළු කියලා. එකෙක්වත් ඒවල තියෙන යටි අරුත තේරුම් ගන්න උත්සාහ කරන්නේ නෑ.

    ReplyDelete
  15. මේකත් සිරා ජෝක් එකක්ය.
    ජෝක් තවත් ආකාර කිහිපයකටම වර්ගකල හැකිය. ඒකට නම් උදාහරන සහිතව පෝස්ට් එකක්ම දැමිය යුතු නිස මෙතන නොකියමි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් කකාට මේල් කරන්න.

      kathandara@gmail.com

      කකා ඒක පෝස්ට් එකක් විදිහට මේ බ්ලොග් එකේම පල කරයි.

      කතන්දර බ්ලොග් පාඨක සංගමය

      Delete
  16. ජෝක්ස් ගැන නම් දන්නවා, ඒත් මේ පීචං ජෝක්ස් , සිරා ජෝක්ස් කියල නිර්වචනය වෙන හැටි නම් අදයි දැන ගත්තේ. කතාව නම් ඇත්ත ,සමහරුන්ගෙ ජෝක්ස් වලට හිනායන්නෙ නැහැ. කිව්ව එක්කෙනාම හිනාවෙනවා. මම මෙච්චර කල් ඒවට කිව්වෙ" මෝඩ ජෝක්ස් " කියලා.

    ReplyDelete
    Replies
    1. "ගොන් ජෝක්" කියලත් කියනවා නේද?

      Delete
    2. ow. welawakata ape kakkaa buwaa daana joksuth 'gon jokes' thamai.

      Delete
    3. http://kathandara.blogspot.com/2013/03/genetic-or-environmental-factors.html?showComment=1363155295124#c3941990473367262771

      මේ තියෙන්නෙ ගොන් ජෝක් දාන්න ගිහිල්ල ඇනගත් එකට හොද උදාහරණයක්...

      Delete
    4. ඒකනම් මාර නෑමක්..

      Delete
  17. //අද මේ කෙටි කතන්දරය මා ලියන්නට සිතුවේ උදාර ගේ උදාර වික්‍රම ගැන කියවෙන කතන්දර මාලාවක ඇරඹුම ලෙසය//
    ආරම්භය සාර්ථකයි.

    ReplyDelete
  18. රාගය දුරලා
    බොදු බැති සිතින්
    මුනිදු පුදා
    හම් සරණ යමු.

    රා
    බො
    මු
    ද?

    ReplyDelete
    Replies
    1. -හුරතල් ඇනී-

      Delete
    2. ලාබෙට කාම්බෝජේට යමුද?

      Delete
    3. අනේ තාම වීසා හරි ගියේ නෑ නේ. බැසිල් මහත්තයාටවත් කියලා බලන්න ඕන.

      Delete
    4. ලමායි කට හොල්ලනව නෙවෙයි... ඇදුරුතුමාගෙ නයාට මම හරි ආදරෙයි....

      Delete
    5. ඔයාගේ ඇමෙරිකන් විරෝධය හොඳටම තදවෙලා

      Delete
  19. එහෙනම් ටීවී වැඩ සටහන් වල ඉන්න නිවේදිකාවන් දාන්නේ පීචං ජෝක්ස් :)

    ReplyDelete
    Replies
    1. තමන්ම දාල තමන්ම හිනා වෙන/ හිනා මූනු දාන කොමෙන්ට් වලට කියන්නෙ පීචන් කොමෙන්ට්....

      Delete
  20. මේ රත්නායක මහත්තයාගේ කතා වැඩිය කියවල නැහැ.කෝණ මාසේ වැඩත් අඩු එකේ කතා සෙට් එකම කියවල බලන්න ඕන...

    ReplyDelete
    Replies
    1. අන්න හරි ජෝති.
      නමට ගැලපෙන කමෙන්ට් එක !!

      Delete
    2. //තමන්ට උපහාසාත්මක කතා කියනු අසා එය ඉවසා සිටිය හැක්කේ කලාතුරකින් අයෙකුටයි.//

      රවි තුලාවට නීච වේ.... බොහෝ විට රවි තුලාවේ සිටිනා මිනිසුන්ගේ මෙම ඉවසීමේ එසේත් නැත්නම් අපහාස දරා ගැනීමේ හැකියාව ඉහලය.... ලග්නය මේශ වී පලමු වැන්නේ රවි පිහිටි අයෙක් මෙයට හාත්පසින්ම වෙනස්ය....ඔහු විහිලු, අන් මතවාද නොයිවසයි....

      නමුත් //උදාර ට ඒ කුසලතාවය ඉතා කෙටි කලකින්ම ප්‍රගුණ කර ගැනීමට සිදුවිය.//
      ඒ අනුව බැලූ විට කකාගේ මිතුරා බොහෝවිට ශනි තුලා ලග්න ගතව සිටි අයෙක් ලෙස පෙනී යයි....

      තවද දුර්වල/නීච වූ ශනි ඇත්තෙක්ගේ එම මහ දසා අන්තර් දසා කාලවල, කේතු දසාවල, සෙනසුරු ඒරාෂ්ඨක කාලවල මෙම අපහාස උපහාස බහුලව විදීමට සිදුවිය හැක... තවද සුභ පලදෙන මහ දසාවල එනම් සිකුරු වැනි දසා වල වැරදි වැඩ කරමින් සිටිය අයවලුන් පසුව එන රවි දසාවෙන් සමාජ අපහාස/ අපවාද වලට ලක්කරනු දැකිය හැකිය.....උච්ච වූ රවි මෙය වඩා අසුභ තත්වයක් ගෙන දේ යයි පොත පතෙහි කියා තිබේ....

      දින 7ක් බෝ මලුව අබියස කිරිපිඩු පූජා කර, හිගන්නන්ට දන් දීමෙන් මෙම අපල දුරු කර ගත හැක.... විදේශ ගත වීමද සුදුසුයි.... මෙම කාල සීමාවේ සමාජයේ කැපී පෙනෙන චරිතයක් වීමට නොයා මදක් කොන් වී වාසය සුභයි....

      බෝ මලුව අභියස සෙත් කවි ගායනා කරන්න.... ශාශ්ත්‍රානුකූලව ජීවම් කල සුර දැමීම ගුණයි ..... නවරත්න මුදු පැලදීමෙන් යහපතක් නොවේ...


      මෙන්න මේවයි ඇනලයිස් කරපු කොමෙන්ට්.... මොනවද බන් ජෝති...

      Delete
  21. මම අහලා තියෙන විදිහට හොඳ ජෝක් එකක තුන් දෙනෙක් ඉන්න ඕනේ..ජෝක් එක කියන කෙනා..ඒක තේරෙන කෙනා සහ නොතේරෙන කෙනා!

    ReplyDelete
  22. අද කාලෙ ගොඩක් දාන්නේ පීචං ජෝක්ස් තමා.. :ඩී

    ReplyDelete
    Replies
    1. පීචන් කොමෙන්ටුත් තියනවා... අපිට හිනා යන්නෙ නැති උනත් :D කියල එයාම කොටාගෙන හිනා වෙනවා...

      Delete
  23. වෙද මහත්තය මාතලන්ගෙ පිට කසනව... මාතලන් වෙද මහත්තයගෙ පිට කසනව.... කෙන්ජිය දෙන්නගෙම පිට කසනව.... අනේ මන්ද... ලන්කාවෙ සාහිත්‍ය සම්මාන උලෙලක් වගේ.... පව්....

    ReplyDelete
    Replies
    1. සුරු බුහුටි සුරතල් ඇනෝ,මාතලන් ඒකට නියම උත්තරේ දීල තිබුන නේද පැටියෝ?

      Delete
  24. රස විඳුම් වර්ග දෙකක් විනා පීචං හා ප්‍රබුද්ධ යනුවෙන් දෙවර්ගයක් නැති බව ඔප්පු කල ජනතාවගේ කලාකරුවෙක් තමයි නිහාල් නෙල්සන්, ඒ නිසා නිහාල් නෙල්සන් නමත් ලංකාවේ අමරණීය වන නමක්.

    කුමන දෙයක් කලද තමන් කරන දේ ගැන විශ්වාසය තබාගැනීමෙන් දියුනුවෙන් දියුනුවට යන බවට හොඳ උදාහරණයක්

    ReplyDelete
  25. මෙවරද ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ලංකා ක්‍රීඩකයින් පිටත් වීමට සූදානම් වන බවක් පෙනී යයි. ශ්‍රී ලංකාවට මෙතරම් ඉන්දීය ජනතාවගෙන් හා ඉන්දීය රජයෙන් කරදර සිදුවූවත් මුදලට තිබෙන කෑදර කම නිසා රට උනත් පාවා දීමට සූදානම් බව පසක් කරවීම මෙම සංචාරයේ ප්‍රධානම අරමුණයි.
    මම
    චමිල් අනන්ද චෙන්නායි ගුවන් තොටුපලේ සිට...

    ReplyDelete
  26. @චමිල්;
    කොල්ලෝ ටික සෙල්ලම් කරල සල්ලි ටික ගේන්නෙත් ලංකාවටනේ දෙයියනේ.ඒ ගේන සල්ලි වලින් ලක්ෂරි සැලෝන්,රෙස්ටෝරන්ට් සහ බ්‍රෑන්ඩ් ඇදුම්/පාවහන් බුටික් දාන්නෙත් ලංකාවෙනෙ.වෙලා තියෙන්නෙ මාසෙ 2500න් කාල ජීවත්වෙන අපි ඔහෙලට එන අවංක කුහකත්වය නතර කරගන්න බැරි එකයි.
    අනිත් එක අර ඔලු කට්ට කුඩු වෙන්නම කියල ගහන ගැහිලි දැක දැක මොන මගුලකට යනවද මන්ද.

    ReplyDelete
  27. @ All
    පුද්ගලික අපහාසාත්මක ප්‍රතිචාර නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. පොදු අපහාස කරාට කමක් නැද්ද?

      ඔබ කතා කරන්නේ පුද්ගලයෙක්/ මතවාදයක් අරමුණු කරගෙන අපහාස කොමෙන්ටු දමන්න එපා කියලද?

      එහෙම නැත්තම් කාටහරි පුද්ගලික වෙච්ච කාරණාවක් අපහාසයක් වෙන පරිදි මෙහි දමන්න එපා කියලද?

      පිරිසක් අරමුණු කරගෙන අපහාස එල්ල කරාට කමක් නැද්ද? ( අර IPL ගහන කට්ටියට අපහාස කරල තියනව වගේ....)

      කරුණාකර පිලිතුරු දෙන්න...

      මෙයට
      අපහාසාත්මක කොමෙන්ටුවක් පලකිරීමට සිතා සිටින ඇනෝ පාඨකයෙක්

      Delete
    2. මට අවශ්‍ය වුනු දේ නිවරදව ලියවිලා නෑ වගේ.

      මං කියන්නේ කවරෙකුට හෝ පුද්ගලිකව අපහාසයක් වෙන දේ ලියන්න එපා කියලයි. අදහස් මති මතාන්තරවලට විරුද්ධව කරුණු පලකිරීමයි අවයව, ශරීරය, රූප ස්වභාවය ගැන කීමයි සමාන කරන්න බෑ.

      Delete
    3. දැන් එහෙම කොමෙන්ට් එකක් මේකෙ නෑනෙ.... කෙන්ජිය මට නම් එහෙම එකක් දාල තියනව...
      //සුරු බුහුටි සුරතල් ඇනෝ//

      කමක් නෑ පොරට මාව හුරතලේට ඇති කරන්නවත් හිතුනද දන්නෙ නෑනෙ

      Delete
    4. මෙතන නෑ තමයි, ඒක මගේ inbox එකේ තියෙනවා. එය අනුමත නොකර මේ ඉල්ලීම කෙරුවේ ඒ නිසයි.

      Delete
    5. එහෙම කියන්න මෙයා,

      කතන්දර බ්ලොග් පාඨක සංගමය නියෝජනය කරන නිත්‍ය සාමාජිකයෙක් හැටියට පල නොකිරීම අනුමත කරනවා...

      Delete
    6. මා ලියා තිබෙන කොමන්ට් වලින් කා හට හෝ අපහාසයක්/උපහාසයක් සිදුවී ඇත්නම් සමාව අයදමි.
      ඇනෝ සහෝදරයට/මල්ලියට >>සුරු බුහුටි සුරතල් ඇනෝ << කියල ඇමතුවෙ හදවතින් උපන් ආදර හැගුමෙන් මිස කැත සිතකින් නොවන බව කරුණාවෙන් සලකන මැනවි.

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.