Friday 1 March 2013

පිස්සන් වර්ගීකරණය - Four categories of loonies


කතන්දර බ්ලොග් එකේ මං කියවන බ්ලොග් රෝල කොටස් හතරකට පහකට කඩලායි තියෙන්නේ.

ගෑල්ළමයි ලියන බ්ලොග්, මං කියවන පොලිටිකල් බ්ලොග්, මං කියවන කතන්දර බ්ලොග් සහ මං (සමහර විට) කියවන කවි බ්ලොග් තමයි ඒවායින් මූලිකම කොටස්.

මේ ලියන 28 බ්‍රහස්පතින්දා දවල් වෙනකොට මෙන්න බොලේ මේ බ්ලොග් රෝලේ පොලිටිකල් බ්ලොග් කොටසේ හැර අනිත් තැන් වලින් අපිට පිස්සු ඕයි කියලා පෝස්ට් මතුවෙන්න පටන් ගත්තා.

සංජුට, දිල්සරාට, බීට්ල්ට, ඕනයාට, අමිලට, සුදු පූසාට, පසන්ට, ලීෂාන්ට විතරක් නොවෙයි අනේ අපොයි ඇනෝනිමස් ආතල්ටත් පිස්සු ලු!

හැබැයි පොලිටිකල් ලිපි ලියන පැරාට, මාතලන්ට, කළාමැදිරියාට, ලූප්හෝල්ට, දයල් බතීට, චාර්මීට, බූවාට හෙම තවම බෝවෙලා නෑ!

මේක දැකලා මට මතක් වුණා පිස්සන් ගැන පරණ විශ්ලේෂණයක්.

පින්වතුනි,

මේ ලෝකයේ පිස්සෝ වර්ග හතරක් වෙති.

1. ඉන් එක වර්ගයක පිරිසට පිස්සුය. ඔව්හූ තමන්ට පිස්සු බව දනිති.

2. තවත් වර්ගයක පිරිසට පිස්සු නමුත් ඔව්හූ තමන්ට පිස්සු බව නොදනිති. ඒ වෙනුවට අන් අයට පිස්සු ය කියා සිතති.

3. තවත් වර්ගයක පිරිසට පිස්සු නැත. එහෙත් ඔව්හූ අනුන්ට පිස්සු යැයි සිතති. එනිසා ඔවුන් පිස්සෝ ය.

4. අවසාන වර්ගයේ පිරිසට ද පිස්සු නැත. එහෙත් ඔවුන් සැබෑ පිස්සන්ට පිස්සු යැයි නොසිතති. එනිසා ඔවුන් ද පිස්සෝ ය.

සාදු, සාදු, සාදු!


පිස්සු නැත්නම් මදක් සිතා බලන්න.

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න පරණ පිස්සු කතන්දරයක්.

ඔන්න පිස්සන් කොටුවේ තියෙන පොල් ගහකින් කුරුම්බා කඩලා බොන්න පිස්සෝ දෙන්නෙක් ප්ලෑන් කළා. මේ දෙන්නා මහ රෑ ටෝච් එකකුත් අරගෙන වාට්ටුවෙන් පැනලා පොල් ගහ ගාවට ගියා.

එතනදි තමයි පිස්සන්ට මතක් වුනේ ගහට නගින්න වළල්ලක් හරි ඉණිමගක් හරි නැති බව.

"මං කියන්නම් හොඳ ක්‍රමයක්. මං චෝච් එක පත්තු කරළා එල්ල කරන්නම් පොල් ගහ මුදුණට. උඹ ඒ බීම් එක දිගේ නැගලා කුරුම්බා කඩපං!" එක පිස්සෙක් අනිකාට කිව්වා.

"එහෙම නැගලා කුරුම්බා කඩන එක නම් ප්‍රශ්ණයක් නෑ. ඒත් මං ගහ මුදුනේ ඉඳිද්දී උඹ ටෝච් එක ඕෆ් කළොත් මං කොහොමද බිමට බහින්නේ?"


(image: http://blogs.phoenixnewtimes.com/valleyfever/crazy%20uncle%20jesters.jpg)

32 comments:

  1. අද නම් හොඳ පිස්සු කතාවක්! :D:D

    ReplyDelete
  2. මේ පොස්ට්ස් නිසා තව කැටගරියක් එකතු කරන්න වෙයි වගේ.

    5. මේ වර්ගයට පිස්සු නැත. එහෙත් උන් "අපිට පිස්සු" කියා කියති. ඒ නිසා උන්ට පිස්සුය.

    ඔය නිසාම 4 වෙනි කැටගරියට අනුව කියවන අපිටත් පිස්සුය.

    *******************
    පිස්සෙක් ඇණයක ඔලුව බිත්තියට තියලා තුඩට මිටියෙන් ගසමින් හිටියලු. තව පිස්සෙක් ඇවිත් බලල "මෝඩ වැඩ කරන්න එපා" කිව්වලු. අනිත් පිස්සා ඇහුවලු "ඇයි" කියලා. දෙවෙනි පිස්ස "ඔය ඇණය ඔය බිත්තියට නෙමෙයි හරියන්නේ, මෙන්න මේ බිත්තියට" කියලා අර මුල් පිස්සගෙ පිටිපස්සෙන් තිබ්බ බිත්තිය පෙන්නුවලු.

    ReplyDelete
  3. "තවත් වර්ගයක පිරිසට පිස්සු නැත. එහෙත් ඔව්හූ අනුන්ට පිස්සු යැයි සිතති. එනිසා ඔවුන් පිස්සෝ ය."

    කකාටත් හොඳටම පිස්සු වගේ

    ReplyDelete
  4. කකාත් පිස්සු නැත්නම් ශෝක් බුවා.

    ReplyDelete
  5. එතකොට මං මොන ජාතියේද?? @ කල්පනා කරමින්....

    ReplyDelete
  6. ඔය පොලිටිකල් බ්ලොග් ලියන කට්ටිය 4වැනි වර්ගයේ අය වෙන්නැති.

    මේ දවස්වල අපේ අයත් ඉන්නේ ඔය ප.ලි. කතාවෙ වගේ අනාගතේදි ‍ටෝච් එක ඕෆ් කරයි කියල බයේ, ඒත් බීම් එක දිගේ නගින එක නම් සිම්පල් වැඩක් කියල හිතාගෙනයි.

    ReplyDelete
  7. බ්ලොග් ලෝකයේ මෝඩයන් වර්ග හතරක් වෙති.

    1. ඉන් එක වර්ගයක පිරිසට මොළය නැත. ඔව්හූ තමන්ට මොළය නැති බව දනිති.

    ( මොවුන් තම පාඩුවේ බ්ලොග් ලියමින්, තම මතය වෙනුවෙන් පෙනී සිටිමින් අන් මතයන් ඉවසමින්, සුලභ ප්‍රශන්සා වලට ලොල් නොවී තම බ්ලොගය පවත්වාගෙන යයි, සැලකිය යුතු පිරිසක් මෙවැනි බ්ලොග් ලියන්නන්ය )

    2. තවත් වර්ගයක පිරිසට මොළය නැති නමුත් ඔව්හූ තමන්ට මොළය නැති බව නොදනිති. ඒ වෙනුවට අන් අයට මොළය නැති ය කියා සිතති.

    ( උපන් ගෙයි මෝඩයන් ය ඇගිලි දිගුකර පෙන්විය හැක, කිරි දියෙහි දෙව්වත් අගුරු සුදු වන කලෙක් නම් නැත් )

    3. තවත් වර්ගයක පිරිසට මොළය හොදින් ඇත. එහෙත් ඔව්හූ අනුන්ට මොළය නැති යැයි සිතති. එනිසා ඔවුන් මෝඩයන් ය.

    ( මොවුන් මේවා කරන්නේ වාසියටය, තම මතය වෙනුවෙන් පෙනී සිටිමින් අන් මත නොයිවසන මොවුන් මම පොර යයි පෙන්වයි, තම මතයට විරුද්ධ වන්නන් මුග්ධයයි සිතයි, එසේ කිරීමෙන් යහපත් සමාජයක් බිහි කිරීමට සිතන මොවුන් සැබෑ මෝඩයින් ලෙස දැකිය හැකිය )

    4. අවසාන වර්ගයේ පිරිසට ද මොළය හොදින් ඇත. එහෙත් ඔවුන් සැබෑ මුග්ධයන්ට මොළය නැති යැයි නොසිතති. එනිසා ඔවුන් ද මෝඩයින් ය.

    ( මෙවැනි අය අමු නිවටයන් හෝ වාසියට කට පියාගෙන සිටින අයියලා/ අක්කලාය, පුද්ගලික සබදතා මත, වැරදි මතවාදයන් බ්ලොග් තුලින් සමාජ ගතවීම යහ සිතින් ඉවසා වදාරන මොවුන් සිදුකරන්නේ සමාජ හානියකි,
    අපිට මොකද අපි දසසිල් උපාසක, ඉබ්බන්නේ පුච්චන්නේ අනිත් පිට කවිය සිහිවේ )

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වලින් සමාජ හානි සිදුවේයැයි කියන මේ ඇනෝ පට්ට මෝඩ පිස්සෙකි!

      Delete
  8. පිස්සු හැදිල ආයෙත් හැදෙනව කකා

    ReplyDelete
  9. ලංකාවෙ තහනම් කරණ ලද ජාතික ගීයෙන් මේ මතය සනාතවේ..

    "මේ රටේ මිනිස්සු, තනිකර කෙලින්නේ පිස්සු...."

    ReplyDelete
    Replies
    1. මූටත් පිස්සු. නැත්නම් මේ මෝඩ ආතල් සිංදුවට ජාතීක ගීය කියයිද? උඹලා වගේ එලොවටත් නැති මෙලොවටත් නැති (සංකල්පීය අදහසින් නොවේ) උන් ගැන තමයි අමරසේකර ගමනක මුල පොතෙන් පටන්ගෙන ගමනක අග පොතෙන් ඉවර කෙරුවේ.

      Delete
  10. pissu nathnam jokku, pada, choo, jee, hotu, puka, gana liyawida.

    ReplyDelete
  11. මම නම් පිස්සෙක් නොවෙමි.එහෙත් මිනිසුන් මට පිස්සා යැයි නම් පට බඳිති :) කාටද පිස්සු?

    ReplyDelete
  12. මමනම් හිතන්නෙ ඔයා අයිති වෙන්නෙ අනුන්ට පිස්සුයැයි සිතන අයලගෙ ගනේට

    ReplyDelete
    Replies
    1. නියම ලිපියක්. අපේ පැත්තෙත් එන්න.

      Delete
    2. මූ කොල්ලෙක් ද කොලු තාත්තෙක්ද?

      Delete
  13. පිස්සු පීකුදු ..... කකා මෙහෙම කියනවනං අපි ගැන කවර කතා ද?

    ReplyDelete
  14. මේ වැල් වටාරම් දාලා ලියලා තියෙන්නේ අර මගේ බ්ලොගේ දැම්ම කමෙන්ට් එකමනේ! "පිස්සුව නොමැති නම් අප බ්ලොග් ලියාවිද?"

    ReplyDelete
  15. නැග්ගට පස්සෙ ටෝච් එක නිව්වට කමක් නෑ මලේ. මගදි නිව්වොත් ...!

    ReplyDelete
  16. නැග්ගට පස්සෙ ටෝච් එක නිවී නිවී පත්තු වෙන්නෙ වයසට ද මන්දා ???
    මෙව්වා කියෝලා මටත් පිස්සුද මන්දා ?

    ReplyDelete
  17. මාව පිස්සු නැති ගොඩට දාල, ඒක ලොකු හයියක්
    අපෙ අම්මවත් එහෙම කරන එකක් නෑ
    හැම දේම සාපේක්ශ මේ ලෝකෙ
    පිස්සුවත් නොපිස්සුවත් අතර ලොකු වෙනසක් තියෙන්න පුලුවන්ද?
    මට තේරෙන්නෙ නෑ.

    ReplyDelete
  18. පිස්සන් කොටුවේ පිස්සෙක් දවසක් ගහක් උඩ නැගල උපවාසයක් ලු.කවුරු කීවත් මිනිහ ගහෙන් බහින්නේ නම් නෑලු.එක එක මින්ස්සු පොරවක් අතට අරං (බොරුවට) ගහ කපන්න වගේ ලෑස්ති උනත් පිස්සා බහින්නෙම නෑලු.අන්තිමේ මෙතෙන්ට රටේ රාජ්‍යය නායකය ම ආවලු.එයා පොරව අතට ගත්ත විතරයි පිස්සා දඩබඩ ගාල ගහෙන් බැස්සලු.මේ වැඩේටට හැමෝටම පුදුමයිලු. එයාගෙ යාලු පිස්සෙක් හෙමීට කිට්ටු වෙලා ඇහුවලු “මෙච්චර මිනිස්සු ගහ කපන්න හදලත් තමුසේ බැස්සේ නෑ, ඇයි ......... පොරව අතට ගත්තු ගමන් ගහෙන් බැස්සේ“ කියල.
    අර පිස්සා උත්තර දුන්නලු “අනිත් මිනිස්සු වගේ නෙවෙයි ඕක ඉතිං පිස්සනෙ බං. ගහ කපන්නේ නැතිව ඉදියි කියල ශුවර් නෑ. ඒකයි බැස්සේ“ කියල.

    ReplyDelete
  19. මහමෙව්නාව හරහා හමා එන මහාමේඝයට
    උතුම් වූ බුද්ධ භාෂිතය යටපත් කළ හැකි වේද?

    http://goo.gl/5iKWy


    නිරවුල් දහම් දැනුමක් ලබාගැනීම සඳහා පිවිසෙන්න..

    http://srisadaham.wordpress.com/

    ReplyDelete
  20. අනේ මටත් පිස්සු කකා අයියේ.....උම්බලාටත් පිස්සු කියලා මම හිතනවා...එතකොට මට පිස්සු ඩබල්ද.............?

    ReplyDelete
  21. මා හිතන විදියට මෙලොව ඉපදෙන හැම මනුස්සයෙක්ම තමන් සමග තනිවූ වේලාවන් වල පිස්සු කෙලති.ඒ වගේම ජිවිතයේ එක් වතාවක් හෝ කාගේ හරි කටින් පිස්සා,,පිස්සි යැයි අසාගෙනද ඇති,,අපි නිතරම අපේ රාමුවට එහා දෙයක් කරන කෙනෙක් දැක්කොත් මූට පිස්සු යයි කියන්නේ නිරායාසයෙන්මයි.1% සිට 100% දක්වා වූ පරාසය තුල අපි හැම කෙනාටම පිස්සුවක් තිබෙන්නට පුළුවන් ,,,

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.