Wednesday 16 January 2013

ඔබ නිදන්න, ඔබ නිදන්න සුවෙන් සැතපිලා! - Don't fall asleep, please.


පස්ස පැත්තට එලිය වැටෙන කල් හිතේ හැටියට නිදා ගන්න එක තරම් ජොලි වැඩක් තවත් තියෙනවාද මේ ලෝකේ? අපි හුඟ දෙනෙක් සති අන්තය එනකං බලාගෙන ඉන්නේ ඒ වෙනුවෙන්!

වැඩට යන දවස්වල උදේ හයාමාරට විතර ඇහැරෙන එක හින්දා තමයි දවසම කාලකණ්ණි වෙන්නේ. ඒත් මං දන්නවා අපේ සමහර පොරවල් ඉන්නවා උදේ හයට නැගිටලා බ්ලොග් බලන්න එන.

මීට අමතරව මට පහුගිය කාලේ සෙනසුරාදා සහ ඉරිදාත් උදෙන්ම ඇහැරෙන්න වුණා. යන්තං ඉරිදා වගකීමෙන් නම් නිදහස් වුණත් සෙනසුරාදා වැඩේ නං තව සතියකින් ආයෙත් පටන් ගන්න බව මතක් වෙනකොටත් බුදු අම්මෝ! කියවෙනවා.

දැන් ඔය මනුස්ස පරාණ නිදා ගන්න විවිධ ඉරියව් තියෙනවා නේද?

සමහරු දිග ඇදිලා නිදියනවා, සමහරු වකුටු වෙලා නිදියනවා. සමහරු නිදියන්නේ මුණින් අතට, තවත් සමහරු අත් ඉස්සහට දාගෙන නැවිලා නිදියනවා.

ඔය නිදා ගන්න ඉරියව්ව අනුව පුළුවනි ලු චරිතය ගැන කියන්න!

මෙහෙම කියන්නේ මේ ගැන නිදාගන්න ඉරියව් ගැන රිසර්ච් කරපු රොබර්ට් පිප්ස් කියන එංගලන්තේ පොරක්.

මේකේ කියවෙන විදියට ඔය වකුටු වෙලා නිදා ගන්න ඈයෝ අවංක, හිතාල මතලා වැඩ කරන අයලු.

කෙලින් අතට දිග ඇරිලා නිදා ගන්නේ ටිකක් මුරංඩු උදවියයි කියලායි පිප්ස් කාරයා කියන්නේ.

මුනිං අතට නිදා ගන්න ඈයොයි, අත් ඉස්සරහට දාගෙන නිදාගන්න අයයි තමයි අනිත් දෙගොල්ල.

මුනිං අතට නිදාගන්න එක මට හිතෙන හැටියට නං හොඳ වැඩක් නොවෙයි. පිප්ස් කියන්නේ මේ විදියට නිදාගන්න අයට තමන්ගේ ජීවිතය ගැන පාලනයක් නැතිය කියලයි.

අත් ඉස්සරහට දාගෙන නිදාගන්න අය අභියෝග බාරගන්න කැමති අයලු.

මෙන්න ඒ ගැන පත්තරේක ගිය පොඩි ප්‍රවෘත්තියක්.

වැඩි විස්තර මෙන්න මෙතනින්.
http://www.telegraph.co.uk/news/newstopics/howaboutthat/9617122/What-does-your-sleeping-position-say-about-you.html

ඔහේලා නිදා ගන්නේ මොන ඉරියව්වෙන්ද?

-කතන්දරකාරයා

ප/ලි:
අපේ දුටුගැමුණු පොර වෙන්න කලින් පොඩි කොල්ලා කාලේ වකුටුවෙලා නිදා ගත්තු කතන්දරේ අහල තියෙනවා නේද?

මෙන්න ඒ ගැන කැම්පස් කාලේ කතාවක්!
http://kathandara.blogspot.com/2009/12/3.html


(images: http://www.dailymail.co.uk/sciencetech/article-2219448/Your-sleeping-secrets-How-personality-traits-revealed-bodys-position-bed.html & http://geology.com/world/sri-lanka-satellite-image.shtml)

52 comments:

  1. කතන්දර උදේ හයට පොස්ට් පබ්ලිෂ් කරන කාලේ නං කුණු කෙල පිටින්ම වාඩි වෙන්නේ ඒක කියවන්න දැන් ඉතින් ඒ ලක්ෂරීස් නෑනේ

    ReplyDelete
  2. පොඩ්ඩි නම් ඔය හැම ඉරියව්වෙන්ම නිදනවා...එහෙම කරන්නේ පොඩ්ඩි ඉන්න මූඩ් එක උඩ.

    1.හිත සන්සුන් වෙලාවට.
    2. සීතල වෙලාවට.
    3. කාත් එක්ක හරි කේන්ති ගියාම ගහන්ට සූදානමින්
    4. මේ නම් ඕනිම කරන මේල් එකක්, text message එකක්, කෝල් එකක් නැති උනු වෙලාවට.

    ReplyDelete
    Replies
    1. අපේ එහා පැත්තෙ ගෙදර ඉන්න හරකාත් ඔය ක්‍රම 4ටම නිදා ගන්නවා....
      01. තණකොල කාල බඩ පිරුනම
      02. සීතල වෙලාවට
      03. තව හරකෙක් එක්ක මල පැන්නාම
      04. පුන්නක්කු වල ඩෙන්සිටි එක අඩු වෙච්ච දවසට.

      Delete
    2. 3. ඔය ක්‍රමයට ඉංග්‍රීසියෙදි ලස්සන වචන දෙකක් තියෙනවා. ඒත් වැරදියට වටහා ගනී කියලා හිතලා නොකිය ඉන්නම් :)

      Delete
    3. කුමාරිහාමිල කොහොමත් ඔහොමයි. තමන්ගේ වාසියට එක එක පැත්තට හැරෙනව.

      Delete
  3. උඩුබැලි අතට නිදාගන්න අය ??

    ReplyDelete
    Replies
    1. නිර්භීත උදවියලු...:D:D:D

      Delete
  4. කතන්දර නිදාගැනීම ගැන ඉදිරිපත් කරන මේ මතය සත්‍යයට හාත්පසෙන්ම පරස්පර වූ බොරුවක්. ඉතින් ඒ නිසා එයින් පෙනෙන්නේ ප්‍රතිවිරුද්ධ අදහසක් තහවුරු කරත හැකි භාෂාවේ විස්මිත බවක් නොවෙයි. ඉතාමත් සරල අදහසක් වුවත් වටහා ගන්න සමහර අයට ඇති දැඩි අපහසුවයි එයින් පෙන්වන්නේ. සමහර විට වටහා ගන්න නොහැකියාව නිසාම නෙමෙයි. අවුලක පටලවා බල තණ්හාධික තඩියන් පෝෂණය කරන තවත් ප්‍රයෝගයක් පමණක් වෙන්නත් පුලුවන්.

    ReplyDelete
  5. අන්තිම ක්‍රමයට (මුනින් අතට) නිදා ගන්නෙ නං ලොකු දුකක් දැනුන වෙලාවට.
    ඒත් නින්ද යන කං විතරයි. ඊට පස්සේ ඔය කියලා තියෙන හැම ක්‍රමයකටම නිදා ගන්නවා.(නින්දෙන් හැරෙනවා)

    ReplyDelete
  6. කවුරු කොහොම නිදාගත්තත් ලන්කාවෙ ඉන්න සමාජ වාදියො නම් හැමදාම නිදා ගන්නෙ වකුටු වෙලා... අපේ ගැමුනු කුමාරය නිදා ගත්ත වගේ....

    ඇයි හත් දෙයියනේ ප්‍රශ්න.... ප්‍රශ්න.... ප්‍රශ්න..... කොහොමද හොදින් නිදා ගන්නෙ

    එහෙමට හරි හොදට නින්ද යන්නෙ කාගෙ හරි තරහ කාරයෙක්ගෙ ලමයෙක් පිච්චිල මළදාට විතරයි.....

    ReplyDelete
  7. සිංහ සේය්යාවෙන් නිදාගන්න අය ගැන නැහැනේ...

    අංක 1 ද මන්දා

    ReplyDelete
  8. කවුරු කොහොම නිදාගත්තත් ලන්කාවෙ ඉන්න සමාජ වාදියො නම් හැමදාම නිදා ගන්නෙ වකුටු වෙලා... අපේ ගැමුනු කුමාරය නිදා ගත්ත වගේ....

    ඇයි හත් දෙයියනේ ප්‍රශ්න.... ප්‍රශ්න.... ප්‍රශ්න..... කොහොමද හොදින් නිදා ගන්නෙ

    එහෙමට හරි හොදට නින්ද යන්නෙ කාගෙ හරි තරහ කාරයෙක්ගෙ ලමයෙක් පිච්චිල මළදාට විතරයි.....

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ඉන්න සමාජවාදියො විතරක් නෙවෙයි ලංකාවෙන් පිට ඉන්න ධනවාදියන්ටත් නින්ද යන්නෙ නෑ, මේ රටේ ප්‍රශ්න ගැනම හිතලා. ලංකාවෙ ඉන්න අපිට වත් නොදැනෙන ප්‍රශ්න දැනෙන්නේ ඒ නෝනලා මහත්තුරුන්ට තමයි. ඉතින් කොහොමද නිදා ගන්නෙ?

      Delete
    2. අපේ දුටුගැමුණු පොර වෙන්න කලින් පොඩි කොල්ලා කාලේ වකුටුවෙලා නිදා ගත්තු කතන්දරේ ගැන මෙන්න කැම්පස් කාලේ කතාවක්!
      http://kathandara.blogspot.com/2009/12/3.html

      Delete
  9. හතර වැනි ක්‍රමේට කවුරු හරි ඉන්නවනං ආසයි කකා...

    ReplyDelete
  10. කතන්දර, මේ ඇනෝ කමෙන්ට් එන්කරේජ් කරන්න. මට පේන විදිහට Anonymous January 16, 2013 at 7:57 AM වගේ ඇනෝල සෙට් එකක් ඉන්නවා හොඳින් ලියන්න පුළුවන් අය. එයාල හෙට අනිද්ද අළුත් බ්ලොග් පටන් ගනීවි. දැනට මේ වගේ කමෙන්ට් ලියල පුරුදු වුනාවේ.

    ReplyDelete
  11. පිප්ස් කාරයාට අනුව මම මුරණ්ඩු එකෙක්. හික්ස් :)

    ReplyDelete
  12. මොන ක්‍රමයට නිදාගත්තත්, ඕන චන්ඩියෙක් නිදාගත්තම හරි අහිංසකයි....

    ReplyDelete
  13. නිදාගන්න ක්‍රම කොච්චර තිබුනත් බුදියගන්න තියෙන්නෙ එක ක්‍රමයයි

    ReplyDelete
    Replies
    1. නෑ යකෝ. ඒකටත් ක්‍රම ගොඩක් තියෙනවා.
      1. බල්ලෙක් විදිහට
      2. සීසෝ ක්‍රමය
      3. පොල් ලෙලි ගැසීම
      etc..

      Delete
  14. එතකොට අපේ අති බහුතර "නිවට" ලාංකිකයො ටික නිදා ඉන්නෙ මොන ඉරියව්වෙන්ද කියල නෑනෙ.

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ සල්ලි අරගෙන තමන්ට පොල්ල තියනකන් ඔය මහත්තයා මොන ඉරියව්වෙන්ද නිදන් හිටියෙ?

      ලගදි ඉදලා අමුතු චින්තනයක් ඔලුවට ගහල තියෙන්නෙ දේශපාලනේටවත් ඇවිල්ල සල්ලි ටික අරගන්නද?

      පොලීසියෙ පිහිට නැත්තම් ඉතින් දේශපාලනේ තමයි...

      Delete
    2. මොකද වැඩි කතාවක් නැත්තෙ සල්ලි ලැබුනද....

      Delete
    3. ඉන්දිකත් ඔය ක්‍රම 4ටම නිදා ගත්තා...
      01. අභීතට සල්ලි දුන්නු දවස
      02. අභීත සල්ලි දෙනව කියපු දවස
      03. අභීත පොල්ල තියපු දවස
      04. අභීත ආයෙත් පොල්ල තියපු දවස.. ( දෙසැම්බර් 15)

      Delete
    4. හැබැයි දැන් අභීතට හිරේ ගිහින් නිදා ගන්න වෙන්නෙ පළවැනි ක්‍රමේට විතරයි. මොකද කූඩුවෙ ඉඩ නෑ. සමහර විට නිදා ගන්න වෙන්නෙත් ෂිෆ්ට් එකට. ඒ වගේම තමයි ඉඩ තිබුණත් හතරවැනි ක්‍රමටේ නිදාගත්තොත් හෙම අභීතට කේස් තමයි.

      Delete
    5. හිරේ... හුග්... පොලු තියපු කේස් වලට හිරේ යන්නෙ නෑ බන්... අනික මේ ලන්කාව... මැද පෙරදිග නෙවෙයි....

      Delete
    6. අභීත ඇනෝ කමෙන්ට් දාල එක එකා කොටවන්න, අපහාස කරන්න එදා ඉඳලම දස්සයනෙ. . That is the other skill of big theft Abheetha Edirisinghe who cheated me for Rs. 150,000.000

      Delete
  15. කාම්බෝජෙ කට්ටිය නිදාගන්නෙ ඔය එක ක්‍රමයකටවත් නෙවෙයි....

    කාම්බෝජෙ ගෑනු මිනිස්සු නිදා ගන්න විදිහ, කන බොන විදිහ ඇතුලු දහසකුත් එකක් විස්තර අරගෙන මම එනවා 27 වෙනිදට...

    එදාට අනිවාර්යයෙන් ගෙදර ඉන්න....

    ReplyDelete
    Replies
    1. මේවට මොනවත් කියලත් බෑ , නොකියත් බෑ අප්පා...

      Delete
  16. /මේකේ කියවෙන විදියට ඔය වකුටු වෙලා නිදා ගන්න ඈයෝ අවංක, හිතාල මතලා වැඩ කරන අයලු./

    අපේ බල්ලත් හරිම අවංකයි. ඌ නිදා ගන්නෙත් වකුටු වෙලා.

    ReplyDelete
    Replies
    1. බල්ලො කොහොමත් අවන්කයි... එක එකා වගේ සල්ලි අරගෙන පොලු තියන්නෙ නෑ....

      Delete
    2. දිලිනි දිලක්ෂිකා16 January 2013 at 13:42

      ඒ වගේම තමයි බල්ලෝ එක එකාගෙන් දත් ගලවන්නෙත් නෑ.
      අපේ සමහර කෙල්ලෝ, කොල්ලන්ට ආදරේ කරන මුවාවෙන් දත් ගලවනවා. ඒත් බල්ලෝ එහෙම නෑ.

      Delete
  17. උඩින්ම තියෙන ෆොටෝ එකේ විදිහට මුලු ලංකාවම නිදි කකා . . ස්ස්ස්ස්ස් සද්ද කරන්න එපා ලංකාව ඇහැරෙයි . . .

    ReplyDelete
    Replies
    1. දුකා, ලංකාව නිදි විතරක් නෙමෙයි, නිදං ඉන්නේ මුනිං අතට.....

      //මුනිං අතට නිදාගන්න එක මට හිතෙන හැටියට නං හොඳ වැඩක් නොවෙයි. පිප්ස් කියන්නේ මේ විදියට නිදාගන්න අයට තමන්ගේ ජීවිතය ගැන පාලනයක් නැතිය කියලයි.//

      Delete
    2. හනේ පව් අනේ... ලන්කාවම නින්දට වැටිලා ඉන්න වෙලාවෙ දුකාගෙ බඩේ ඉන්න ශ්‍රි ලාන්කිකය අවදිවෙලා මැද පෙරදිග ඉදන් මොර තියනවා... කාටවත් ඇහෙන්නෙ නැද්ද යකුනේ....

      කමක් නෑ මචන් තම්බින්ට කඹුරලා හරි රට ගොඩ දාමු....

      Delete
    3. ඇනෝ මචං . . තම්බින්ට කඹුරන්න (ලොකු ගානකට ) අරාබියෙන් ජොබ් එකක් එකක් සෙට් උනොත් උඹ නොගිහින් ඉන්නවද?

      අහ් උඹේ කාර් එකේ හරි උඹ යන බස් එකේ හරි ගහන්නේ අරාබියේ තම්බින්ගේ පැට්‍රෝල් ඩීසල් නෙමේ නේද?

      Delete
    4. කමක් නෑ දුකා... උඹ ජොබට කෙලවෙනවට බයේනෙ කෑ ගහන්නෙ....

      Delete
    5. අනේ ඔව් මචං . . මගේ අම්මටයි තාත්තටයි මාසෙකට 20කුයි මගේ ගෑනිටයි ළමයටයි 30කුයි යවන වගකීම උඹ ගන්නවනම් මම හෙටම ලංකාවට එනවා මචෝ ඇවිත් ෆුල් ටයිම් ෆේස්බුක් එකේ ෆොටෝ ශෙයා කරනවා . . .:D

      Delete
    6. @ දුකා January 16, 2013 at 6:23 PM
      ඉන්දික උපශාන්ත ගාව සල්ලි තියෙනවා.... මෑන් ගෙන් ඉල්ල ගන්න....

      Delete
    7. This Ano must be the Abheetha Edirisinghe who cheated me for Rs. 150,000.000

      Delete
    8. කෙනෙක් මහන්සියෙන් උපයපු දෙයක් හොරා කන එක තරම් නින්දිත දෙයක් වෙන නෑ.
      උන්ට ඇස් පනාපිටම මේ දේවල් පඩිසන් දෙයි. කාගේ උනත් දහඩිය මහන්සිය නේ.

      Delete
  18. අපේ කතන්දර තුමා නිදාගන්න විදිහ බලන්නත් ආසයි. එයා නිදාගන්නකොට ස්විට් ඇති අනේ..

    -හුරතල් ඇනී-

    ReplyDelete
  19. අමාරුවෙන් හරි වකුටු වෙලා නිදාගන්න බලන්න ඕනේ....

    ReplyDelete
  20. මැද පෙරදිගට ශ්‍රමිකයන් යෑම නැවැත්වීම පිළිඹද කතිකාවතක් ඇතිවී ඇති මොහොතක..... මැදපෙරදිග වෙසෙන සින්හල බ්ලොග් ලියන්නන් සිහි විකල් වී වියරු බස් දොඩමින් අන් බ්ලොග් වල හැසිරෙනු පෙනේ..... බයටද මන්දා....

    ReplyDelete
  21. අන්ක 04 ක්‍රමයට දිගින් දිගටම නිදා ගැනීමෙන් වෘෂණ කෝෂ වල උනුසුම ඉහල නැග මද සරු භාවය ඇතිවිය හැක.....

    ReplyDelete
    Replies
    1. මෙම පිහිටීම නිසා ශුක්‍ර ග්‍රහයා නීඉච වේ. එම නිසා සඳු රාහු ගිලී.
      මෙයින් වැලකීමට මා සතුව බලගතු වස් කවියක් තිබේ.

      Delete
  22. දන්නේ නෑ ........ රෑ නිදියන විදිහට නෙවෙයි උදේ නැගිටින්නේ ......

    ReplyDelete
  23. මම දවසකට පැය පහක් වගේ තමයි නිදා ගන්නේ. ඒ නිසා නින්ද ගැන වැඩි උනන්දුවක් නෑ. උඩුබැලි අතට තමයි වැඩි කාලයක් නිදා ගත්තේ. දැන් පොඩ්ඩක් පැත්තට හැරෙනවා.

    ReplyDelete
  24. Mama nam nidanne Joka galawala, Jee dama dama, Pada dama dama, Choo dama dama, Shoi neda?

    ReplyDelete
    Replies
    1. අනා.... ශෝයි අනී...
      ඔයා හරිම ස්වීට් කොල්ලෙක්.. !!! උම්ම්මාආආආආ

      -හුරතල් ඇනී-

      Delete
  25. ගුවන් හමුදාපති තුමා නිකමටවත් හිතුවද තම මිතුරන් අතරේ රාජපක්ෂ ගොට්ටෙක් ඉදිවී කියා.... අද රටේ තත්වේ මේකයි... එකට කළා බිලා, එකට රාජකාරියේ ඉඳලා විශ්වාසෙට හිතේ තිබ්බ කේන්තියට කිව්වාහම ඒක රජගෙදරට දෙන්න ශිරන්තිගේ 'බීච් බෝයිලා' ආමි ඒක ඇතුලෙත් ඉන්නවා... එකට උන්න එකාගේ බොටුව කාලා හරි ගොට්ටෙන් තනතුරු ගන්න හදන මුන්ට වෙඩි තියන්න ඕනේ..මුන්ම තමා දේශපලුවා බලුකමේ යොදවන්න උදවු දෙන්නේ. එබලු හැතිකරේ රටකද්දී උන්ගේ උකුලේ මුන් නැළවෙනවා... පාවාදීපු එකා ඊළඟ ගුවන් හමුදාපති, නැත්නම් තානාධිපති....

    ReplyDelete
  26. නිදාගන්න ඉරියව්වෙන් වගේම කමෙන්ට් කරන භාෂාවෙනුත් පුද්ගලයාගේ චරිත ලක්ෂණ දැනගන්න පුළුවනි. ඇනෝ කමෙන්ට් දැම්මට වැඩක් නෑ කමෙන්ට් එක කියවනකොට මෑන් කවුද කියල පෙනෙනවා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.