Thursday 10 January 2013

ලෝක විනාශය නොවුනේ රාවණා ගේ සුරය නිසාද? - End of the world no show secret revealed!


මහා සම්මත සිංහලයේ මහාධිරාජයෙකු ලෙස මේ මහා මුළු ධරණිතලයම පමණක් නොව මන්දාකිණි ක්‍ෂීරපඨයම පාලනය කළ, අපේ මහා රාවණාධිරාජයා ගේ ගගන හමුදාවේ සෙනෙවියෙකු වූ කතන්ද්‍රකාර් නම් මගේ පරම්පරාවේ මී මුත්තෙකුට අයිතිව තිබී කාලයාගේ ඇවෑමෙන් මට හිමිවූ මහා සුර රාජයෙකු ගැන ලියවුණු කතන්දරය ඔබට මතක ඇතැයි සිතමි.

නැති නම් මෙන්න ඒ කතන්දරයට සබැඳිය:
http://kathandara.blogspot.com/2012/07/return-of-ravana-great-date-revealed.html


(මහා සුර රාජයා පැළද සිටින කතන්ද්‍රකාර් සෙනෙවියා: ගේ ඡායාරූපයක් - අනුග්‍රහය Area-7 පුස්තකාලය)

පසුගිය දෙසැම්බර් මස 21 දින සිදුවීමට නියමිතව තිබූ ලෝක විනාශය සිදු නොවුනේ ඒ සුර රාජයාගේ ආනුභාවය නිසා බව දැන් සැක සහිතව ඔප්පු වී ඇත.

දෙසැම්බර් 21 දින නිවාඩු පාඩුවේ සිටිමින්, ඡායාරූපකරණයේ යෙදෙමින් කල්ගත කළ මට පසු දින දැක ගන්නට ලැබුණේ ඒ මහානුබල සම්පන්න සුර රාජයා කිසියම් ආකාරයක විපරීතයකට භාජනය වී ඇති අන්දමයි.



කොටින්ම විශාල බලයක් සහිත පහරකට ලක්වූවාක් මෙන් එය තැලී එක් අගකින් කොටසක් කැඩී ගොස් තිබුණි. එදා ඔරායොන් බෙල්ටයේ විවිධ ග්‍රහවස්තුවලින් හාරා පෘථීවිතලයට ගෙනෙන ලද රාවේණියම් නම් ලෝහයෙන් තැනුණු ඒ සූර රාජයා මෙලෙස කැඩෙතැයි කෙලෙස නම් විශ්වාස කරන්නද? ඒ සඳහා කෙතරම් බලයක් අවශ්‍ය වේද?

අපේ පරම්පරා වංශකතාව ලියා තිබෙන කතන්ද්‍රකාර් පරම්පරා පුස්තකම් ග්‍රන්ථයේ එක් කොටසක වක්‍රාකාරයෙන් ඉඟිකර තිබුණු පරිදි සිදු වී ඇත්තේ මෙයයි.

දෙසැම්බර් 21 දින මේ සමස්ත පෘථිවිතලයම සුන්නද්දූලි කරන්නට තරම් බලගතු ශක්ති ප්‍රභවයක් අපේ ලෝකය කරා එල්ල වුණි. ඒ ශක්තියට කෙලින්ම නොබියව මුහුණ දී පෘථිවිය මහා විනාශයෙන් බේරා ගෙන ඇත්තේ මේ කතන්ද්‍රකාර් සෙනෙවියා ගේ සුර රාජයායි!

රාවේනියම් ලෝහයේ අධික ප්‍රභලතාවය නිසාම ලෝකය විනාශ කළ හැකි තරම් ශක්තිමත් ප්‍රහාරයට ලක් වූවද, සුර රාජයා ගේ කැඩී ඇත්තේ ඉතා සුළු කොටසක් පමණි.

එසේ වෙතත්, සුර රාජයා ගේ අභ්‍යන්තරයේ තිබුණා යැයි සැලකිය හැකි න්‍යෂ්ඨික අවි රහස් කේත ඇතුලත් පත්ඉරු විනාශයට පත් වී ඇති බව පෙනේ.



අවසාන වශයෙන් අද මා ඔබට හෙළි කරන මේ රහස් කිසිවක් කිසිදු ඇමරිකානුවෙකුට ලබා නොදෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි.

මේ රහස් ඔවුන් දැන ගත්හොත් මට ද අපේ මීවනපලානේ ජයරත්නයන් ට අයත් වූ ඉරණම ම හිමිවන්නට ඉඩ ඇත. එතුමා දෙවන වරට අතුරුදහන් වී දැන් මාස කිහිපයක්ම ගත වී ඇත.

මීවනපලානේ ජයරත්නයන් විසින් රචනා කරමින් තිබුණු වර්ගපූර්ණිකාව බ්ලොගය ද දැන් පාළුවට ගොස් තිබේ!

-කතන්දරකාරයා


(image: http://thehindimusic.com/fun/very-funny-indian-jokes/)

39 comments:

  1. thanks, kiyawanna deyak liwwata.

    Aththatama lokayata kisidu haaniyak nove sura raajayaata haani vemen ehe ethi athi prabalathawaya manawata oppu wei. Samaharavita oba naraka heenayak nerambu awasthawaka ninden hepuwa viya heka. Kathandara kiyana kate kunu kela nisa abyantharaye thibuna dewal nethibangaththaana wannata etha.

    ReplyDelete
  2. සුර රාජයට යම්කිසි හානියක් වෙලා කියන්නේ ඉතින් මුළු ලෝකෙටේම
    ඒකෙන් ආයෙත් මොකක් හරි අනතුරක් ගැන ටක්කෙටම කියන අනාවැකියක්ද?

    ReplyDelete
  3. කකාගේ සුරේට හෙන ගහන්න ඔනේ... අපිට ලෝක විනාස අත්දැකීම නැති කලාට

    මීවන පලානේ ජයරත්නයන් මේ වනවිට කේවන රප්ප ප්‍රදේෂයේ භාවනා යෝගීව සිටිනවා.. ඒ රාවනා රජු අවදි වූ විගස මහ සෙනවි තනතුර ලබා ඉන්දියාව ඇතුලු ප්‍රතිවාදී රාජ්‍යන් විනාෂ කිරීමට අවශ්‍ය සුර්ය්‍ය ශක්තිය ලබාගැනීමට

    ReplyDelete
  4. //අපේ පරම්පරා වංශකතාව ලියා තිබෙන කතන්ද්‍රකාර් පරම්පරා පුස්තකම් ග්‍රන්ථයේ//
    කකා විදේශීය පෙළපතකින් පැවත එයි...
    දකුණු ඉන්දියාවෙන් විය හැක...

    කකාගෙ සුර රාජයා කැලේකනෙ තිබිල තිවයන්නේ... ඉතිං දිරන්නැතිවෙයියැ..

    ReplyDelete
  5. හිනාවෙලා ඇඬුව. නෑ නෑ අඬල හිනාවුනා. ඇඬුවෙ කකාගෙ සුරේට හානිවෙච්ච නිසා. හිනාවුනේ ඒකෙන් ලෝක විනාශෙ නැවතුන නිසා. (කතන්දරයක් දාපු එක නං හොඳයි තමයි)

    ReplyDelete
  6. සුරේ වතුරේ දාන්නේ බලාගෙන. බිරිඳට මාස 9ක් අපල ගෙනදෙන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. කකා සුරේ තෙමාගත්ත කාලේ ඉවරයි

      Delete
  7. කකාගේ පපුව නම් මාරම sexy දැක්කම ආස හිතෙනවා. අනේ මට ටික වෙලාවකට ඔය පපුවේ ඔළුව තියාගෙන ඉන්න ඇත්නම්.....


    -හුරතල් ඇනී-

    ReplyDelete
  8. මුගේ පපුවෙ බලු මැක්කොද කොහෙද....

    ReplyDelete
  9. අහෝ!!! කකා මහතාණෙනි!! ඔය සුරය ස්විස් බැංකුවකවත් තැන්පත් කරනු මැනවි! නැතහොත් රාජසන්තක විය හැක!

    ReplyDelete
  10. Moota hondatama pissu thada wela.

    ReplyDelete
  11. කකා උබ ඇත්තම කියහං උබ ඔක දාගෙන ඉන්නේ කාගෙන් බේරෙන්නනද කියලා.........

    ReplyDelete
  12. සිංහල බ්ලොග් අවකශයේ සිටින භෞතිකවාදීන් පුදුම එලවන සුලුය. කෙනෙක් සුර හා නවරත්න මුදු පලදියි, තවකෙක් හදහන් බලයි, තවකෙක් කර්මය හා වාමාන්ශික මතවද ගලපයි...

    ReplyDelete
    Replies
    1. මෙහෙමත් කිව්ව හැකි...
      01. සුර හා නවරත්න මුදු පලදින ගමන් තමන් සෑහෙන්න භෞතිකවාදී කියමින් උඩ පනියි....

      02. ආන්ඩුවට අම්ම මෝ නැතුව බනින ගමන් හොරුන්ට කඩේ යයි... කේන්දරත් බලයි....

      03. කර්මය හා වාමාන්ශික මත ගලපමින්... ආන්ඩුවේ අවසානය අත ලගයි සිතමින් ජීවත් වෙයි...(මොහු රනිල්ට දෙවෙනි නැත )

      Delete
    2. උදාහරණ....

      AnonymousJanuary 8, 2013 5:02 PM
      ඔන්න වාමාංසික හිගන්නන්ගේ තරම. ආගම අබිං උන්ගේ උලව් වාමංසික අදහස් ගිල්ලවන්න ඕන උනාම. අනිත් අතට කාට හරි කෙලින් ඕන උනාම මෙන්න කර්මය පස්සේ දුවනවා. පැරා උඹ නැවත නැවතත් අපට අවබෝධ කොට දක්වන්නේ වාමාංශිකයාගේ ඇති තුච්ඡ ගති ස්වභාවය නොවේද මිත්‍රයා..?

      Reply
      Replies

      Ajith JayasingheJanuary 8, 2013 6:54 PM
      මොකක්ද යකෝ තුච්ඡකම? අපේ සහෝදරයන් මරපුවුන් එක්ක අපි හැමදාමත් තරහයි. මේව අවලාද තමයි. ඉතින් මොකද කියන්නේ?

      තුච්ඡකම උන් එක්ක දේශපාලනිකව නිදිවදින එක මිසක් උන්ට අවලාද නගන එක නෙමෙයි.


      The following comments were deleted

      "අපේ සහෝදරයන් මරපුවුන් එක්ක අපි හැමදාමත් තරහයි."

      තමුන්ගේ සහෝදරයන් ඝාතණය කල අහිංසක මිනිසුන් ගැන වචනයක් වත් නැහැ නේද?

      දෙමව්පියන්ගෙ පාප ක්‍රියවලට දරුවන් පලිද? ප්‍රභාකරන්ගේ බාලපුතු බාලචන්ද්‍රන් ඝාතනයවු අවස්තවී මොහු දරුවේ මෙයට හත්පසිනිම වෙනස් ස්ථාවරයකි.

      ඔන්න හොරිකඩ වම්මුන්ගෙ වැඩ. උත්තර දෙන්න බැරිවෙනකොට comment මකනවා.

      Delete
    3. මාත් ඉහතකියන දෙයට එකඟයි. කකා සුර පැළඳ ගෙන ඉන්න පුළුවන්. හැබැයි ඔබත් ඔය කියන විශ්‍රාමික වාමාංශික පරමාදර්ශී සමාජයක් හොයන මිනිසුන් සමග කකා සසඳන්න හදන එක අසාදාරණයි. මොකද මේකේ කියන පරිදිම මෙතන ලියවෙන දේවල් (සමහර විට එතරම් වැඩකට නැති උනත් :) ) මානුෂිකයි, ජාතිවාදී නැහැ. ඒ මානුෂිකත්වය මර්වින් ජේ කුරේගේ හෝ දයානන්ද වික්‍රමසිංහ වැනි ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ දරුවන්ට හදිසි අනතුරු උන විට උඩ පනින කොට අපට දැක ගන්න ලැබෙන්නේ නැහැ නේද? ඒ කාලයේ උන දේවල් වලට වග කියන්න ඕනේ දෙපැත්තේම තුච්ච වැඩ කල මිනිසුන් මිසක්, ඒ වන විට කුඩා අවධියේ හිටපු ඔවුනගේ දරුවන් නොවේ.

      Delete
    4. හඳහන් බලන භෞතිකවාදියා ඉස්ලාමයටද කඩේ යයි . සෞදියේ මිනිමරුවන් බෙලි කපන කොට වැරදි මහින්ද ලු!

      Delete
    5. සන්සන්දනයක් නොව වර්ගීකරණයකි. නමුත් කකාද හීනියට කුරුටුගාමීන්ට කඩේ ගොස් ඇතිබවට ඔහුගේ ලිපිම සාක්කිදරයි.

      Delete
  13. මේ ඊයෙ පෙරේද හැන්දෑවක සුපුරුදු පරිදි අපේ උන්දැ මාකට් එකට එක්ක ගිහින් බඩු තෝරනකන් බලා ඉන්න වෙලාවේ කම්මැලිකම නැතිවෙන්න මොබයිල් ෆෝන් එකෙන් රේඩියෝ චැනල් එකක් ටියුන් කළා. ඒක ඇවිල්ල වී නැමැති එෆ් එම් චැනල් එක. මෙන්න බොලේ ඒකෙ යනවා රාවණා සීන් එකක්.

    ඔය වර්ගපූර්ණිකාවෙ කතන්දර එහෙම ගොඩක් කියවුනා.
    ඉස්සර ලංකාවේ තිබුනලු අයිරාණ කියල ක්ර්මයක්, වැලි අතරින් වතුර ‍ගෙනියන්න කෘෂිකාර්මික වැඩවලට එහෙම. ඉතින් ඉරානයෙත් එහෙම ක්රිමයක් තිබුනලු. ඉරානය කියන නම ඒ නිසා මේ අයිරාණ කියන ක්රබමයෙන් වැටුනු නමක් හැටියට ඔප්පු වෙනවලු.

    ඔය වගේ ගොඩක් කතන්දර තිබුනා. ඒ සාකච්ඡාවට සහභාගි වුනු හාමුදුරුවන්ගෙ ලිපියක් මට නෙට් එකෙන් හොයාගන්න පුළුවන් වුනා.

    (ඔය චැනල් එක ඉස්සර ජෙප්පන්ට අයිති එකක් කියල කතාවක් තිබුනා.)

    ReplyDelete
  14. ඇඩෙනවා සුරේ ඇතුලේ පෞරාණික ගංජා තිබිලා නේද?

    ReplyDelete
  15. He . . He . . Cannabis inside?

    ReplyDelete
  16. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. disgusting comment
      kanaamadiriya

      Delete
    2. එක පාරක් ටැබුව තර්කයක් ගෙන්වා පරිණාමය වෙච්චි නැති උන් තමයි නිසි කලට කෙනෙක් හොයා ගන්න බැරුව මංගල දැන්වීම් දාල පාර්ට්නර් කෙනෙක් හොයන්නෙ කියල. මේ AnonymousJanuary 10, 2013 7:47 PMත් එහෙම මංගල දැන්වීමක් හොයන කෙනෙක් වගේ!

      Delete
    3. ඔව් පරිණාමය නොවෙච්ච බ්ලොග් ලියන හරකෙක් ඉන්නවා... මීට කලිනුත් මේකෙ කුණුහරුප ලියුවා.... තමන්ගෙ බ්ලොග් එකෙත් ඌ ලියන්නෙ කුනුහරුප.... මොනා කරන්නද ඉතින් මුන්ගෙ ජාතකේ වෙනස් කරන්න අපිට බෑනෙ....

      Delete
  17. එතකොට දසිස් ගෙ නමයක් කාන්තා ඩයල්ද? මලා තමයි.

    ReplyDelete
    Replies
    1. මචන් වැඩි සද්දයක් නැත්තෙ සල්ලි ලැබුනද?

      Delete

    2. බුවාගේ සිතුවිලි! xxx xxxx මහතාගේ ඝාතනය පිලිබඳ දැක්වූ අදහස්


      ඉන්දික උපශාන්තJanuary 8, 2013 8:48 PM

      අභීත,

      මම ඔබේ පෝස්ට් එකේ දාපු කමෙන්ට් එක කෝ? ඒකෙ මම කිව්වෙ මගේ සල්ලියි, ඔනේයගෙ මස්සිනාගෙ සල්ලියි එතකොට අර චන්දිම ලියනගේ ගෙ සල්ලියි ගෙවල ඔය ලොකුකම් කියෙව්වනම් නේද හොඳ කියල. මොකද ඒක දාන්න අඹරෙන්නෙ?

      Delete
  18. ඔය සුරේ දැම්මම වෙඩි වදිනවද නැද්ද කියල ටෙස්ට් කරලා බලල තියනවද? අර සාජන් නල්ලතම්බි වගේ ඔය සුරේ දාගෙන පොලිස් මුර පොලක් අසලින් නවත්තන්න කිව්වම නොනවත්වා ගිහින් බලන්න.

    ReplyDelete
  19. මේ කකා මොකෙක්ද කියන එක මම දන්නේ නෑ ඒ උනාට මුගේ මේ වගේ ගොන් පාට් වලින් අනිත් සිංහල බ්ලොග් බලන එකත් එපා වෙනවා.උඹලගේ බ්ලොග් වලට වචන දෙකක් දාන හින්දා “අනේ හරි වටින ලිපියක් ,නියමයි කකා “ කියලා මූව ෆෝම් කරපල්ලා ගොන් හැත්ත .

    ReplyDelete
  20. අලියෙක්ගේ නැට්ටක කෙඳි ටිකක්ද කොහෙද දාගෙන ඉන්නේ ? හෙහෙහෙ :)

    ඡේදය කියවා පහත ප්‍රශ්න වලට පිලිතුරු සපයන්න.

    1. කතන්දර තුමා මෙම සුරය කුමකට පළදින්නේද ?

    2. කතන්දර තුමා මෙම සුරය මෙතුවක් කල් පැළඳීම තුලින් බලාපොරොත්තු වූ කාරණය ඉෂ්ඨ වූයේද ?
    උදා : සෙනසුරු අපලයකට නම් එම අපලයෙන් බේරීමට හැකි වූයේ ද

    ReplyDelete
    Replies
    1. //අලියෙක්ගේ නැට්ටක කෙඳි ටිකක්ද කොහෙද දාගෙන ඉන්නේ //

      ඉදකිං උඹ අලි කෙන්නදෙයි තෙල් පොගෝපු පුලුංවලයි වෙනස දන්නෙ නැද්ද ???

      Delete
  21. මදෑ කාකා ගෙ සුරේට වෙච්ච දේ?

    ReplyDelete
  22. හයියෝ කතන්දර ඔයාගෙ බ්ලොග් එක පාලුවට ගිහිල්ලා....

    මම CNN එකට අදම ලියුමක් දාන්නම් ඔයාගෙ කොමෙන්ට් ටික වැඩි කරලා දෙන්න කියලා....

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්ඩ අපේ අය්යගෙ පුතා යන්නෙ ඉන්ටනැෂනල්, මම මගෙ කාරෙකේ එයාව අරගෙන එන්නම්.පොඩ්ඩට කියල ඉංග්‍රීසියෙන්ම ලියාගමු.

      Delete
  23. ලෝක විනාසේ නෙමෙයි කකාගේ පපුව හොඳ නෑ.ඒකයි සුරේට කෙළවෙලා තියෙන්නේ.

    ReplyDelete
  24. @"මීවනපලානේ ජයරත්නයන් විසින් රචනා කරමින් තිබුණු වර්ගපූර්ණිකාව බ්ලොගය ද දැන් පාළුවට ගොස් තිබේ!"
    එතකොට අර මීවනපලානේ ජයරත්නයන් ගේ මාධ්‍ය ප්‍රකාශක මීවනපලානේ රාජපක්‍ෂයෝ කියල පොරක් හිටිය මතකද? පොරත් අතුරුදහන් වෙලා නේද?

    ReplyDelete
  25. මොනාද කකා මේ ලියන්නේ ?උඹේ සුරෙන් අපට ඇති වැඩක් තියෙනවද ගොයියෝ. එකක් හොදට ලීව්වොත් දහයක් පිස්සු කෙළිනවා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.