Wednesday 26 December 2012

මේ කියන්නේ මොකා ගැනද? - Who is this about?


සුනිල් ගෝවින්නගේ යනු කවියෙකි, කෙටිකතාකරුවෙකි, නවකතාකරුවෙකි.

ඔහු මතක දිවයින, මතක පිළිරැව්, මතක මාවත සහ සුදු වෙස් මුහුණ සහ වෙනත් කවි නමින් කාව්‍ය සංග්‍රහ හතරක් ලියා පලකර ඇත. සුනිල් ඉංගිරිසියෙන් ලියු කෘති නම් White Mask, Perth My Village Down Under (කවි), Black Swans and other stories (කෙටිකතා) සහ Black Australian (නවකතාව) වේ.

මේ සුනිල් ගෝවින්නගේ අළුතින්ම ලියූ කවියකි. මෙයින් කියවෙන්නේ බ්ලොග් කියවන අප කවුරුත් හොඳින් අසා ඇති ලංකාවේ වෙසෙන එක්තරා පුද්ගලයෙකු ගැනය.

ඒ කා ගැනදැයි ඔබට සිතාගත හැකිද?

පැරණි මිතුරකුට ලියූ කවිය

ඔබ වීය අඳුරු යුග නැණැ පහන යුගයකට
සම ලොවක් සදන මඟ කියා දී අප සැමට
ඔබ වීය මිණි පහන පැරණි යුගයක මැකෙන
නැණැ නැවින් එතෙර කොට ලබා දී මට දැනුම

දේව අදහස් සැවොම කඩා බිඳ විදු ඇසින
නුවණ පෙන්වීය ඔබ යුගයකට පෙර දවස
විදු දැනුම එකම මඟ සසර දුක නැති කරන
කිය දී අප සැමට වීය ඔබ නැණැ පහන යුගයකට

විදු නුවණ කුමක්දැයි කියා දුන්නේ ඔබ ය
ශේක්ස්පිය ලියූ පද අරුත් කීවේ ඔබ ය
විකුම්සිහ ගත් කරු ද හැඳුන්වූයේ ඔබ ය
මා දිවියේ අඳුරු යුග මකා දුන්නේ ඔබ ය

අඳුරු යුග අප පෙළෙන පැමිණි කළ මව් බිමට
කිම අරුම බස් දොඩා ඔබ ගොතන අමන රඟ
නීතියේ නියම ගැන නොමැති කල ඔබ මනස
කිම අරුත් සුන් වදන් ලියා අප හද පෙළෙන

කාලයේ සැඩ නළ ද මකා හැරියේ නුවණ
මහළු දිවි රුදු විලස පැහැර ගත්තේ ද නැණ
බල කාම පිරිස් මැද අඳ වීඳ ඔබ දෙනෙත
මෙපැණ හැම මවිත කොට ඇත මගේ මනස අද


(සුනිල් ගෝවින්නගේ - 2012)

මේ කවියෙන් කියවෙන්නේ කා ගැනදැයි ඔබට සිතාගත හැකිද?

-කතන්දරකාරයා

(image: http://codebluepulse.blogspot.com.au/2011/06/just-another-joker-in-pottstowns-deck.html)

31 comments:

  1. Replies
    1. මටත් හිතුනේ මේකම තමයි ඔය කවි කියවත්දී.

      Delete
  2. SUNIL GOVINNEK GENA AHUWETH ADI. ME LIYALA THIYENNE UGE MAHA EKA GENA WATHDA

    ReplyDelete
    Replies
    1. කමෝන් ඇනෝ වලිගෙ උස්සලම ඇනපං

      Delete
  3. http://kathandara.blogspot.com/search/label/Carlo%20Fonseka

    ReplyDelete
    Replies
    1. සජීව ධනුද්ධර26 December 2012 at 09:03

      මමත් හිතන්නේ මේ කවියෙන් කියන්නේ ඔය ලින්කුවේ ඇති කතාවේ සඳහන් පුද්ගලයා ගැන කියලා...

      Delete
  4. I think this is about Prof.Carlo Fonseka

    ReplyDelete
  5. අලේ මන්දා මර්වින් සිල්වා ගැනවත්ද?

    ReplyDelete
  6. එක්කෙනෙක් කියලා කියන්න අමාරුයි.. කොච්චර නම් ඉන්නවද.. ඔය උඩින් කිව්වා වගේ. කාලෝ, නලීන්, සුනිල් ආරියරත්න, බන්දුල ගුණවර්ධන, රෙජොනෝල්ඩ්, තව කී දෙනෙක්ද...

    ReplyDelete
  7. ඔන්න ඕකෙ අන්තිම හරියෙ ඇති ඔය කියන කාලෝකණ්නි මනුස්සයා.

    https://www.youtube.com/watch?v=bG-rwJSQ5TY

    ReplyDelete
  8. කාලෝ මහැදුරු තුමා දැන් දැන් කියන ඒවායේ අවුලක් නම් තියෙනවා තමා. එතුමා කළ කී දේවල ගෞරවය තියාගෙන පාඩුවේ නිස්කලංකව ජීවිතය ගෙවීමේ වයසකයි එතුමා දැන් ඉන්නේ.

    ReplyDelete
  9. උඩම පින්තූරේ දැක්කට පස්සේ හිතුනේ සුනිල් ගෝවින්න කියන්නේ විකටයෙක් කියලා !
    බැලින් නම් කකා වගේ කයිකාරයෙක් නෙ

    ReplyDelete
  10. ස්කන්ධය M වු H උසකින් පවත්නා නිශ්චල වස්තුවක් h උසක් දක්වා පතිත වීමේදී V ප්‍රවේගයක් ලබා ගනී.....ගුරුත්වජ ත්වර්ණය g නම්
    01) MgH = Mgh + MV*V/2 බව පෙන්වන්න...

    02) M අන්ශුව V ප්‍රවේගය ලබන අවස්ථාවෙදී තවත් M' ස්කන්ධයක් ඇති V' ප්‍රවේගයක් ඇති අන්ශුවක් මෙම අන්ශුවේ ගැටි ඇලේ.... ගැටුමේ සිදුවන ශක්ති හානිය නොසැලකිය හැකි තරම් කුඩාද... සියලු චලිතයන් මූලික චලිත සිද්ධාන්ත වලට අනුකූලනම්ද...වස්තුවේ නව ප්‍රවේගය..

    V" = ( MV + M'V')/ (M + M') බව පෙන්වන්න...

    03) නිසල තාවයේ පවත්නා 1.7*10^-17 kg ස්කන්ධයක් ඇති ඩිම්බයක් 10^-20 mm දුරක් පහතට වැටීමේදී 1.8*10^-17 kg ස්කන්ධයක් හා 0.144 mm/s ප්‍රතිවිරුද්ධ ප්‍රවේගයක් ඇති ශුක්‍රාණුවක ගැටි ඇලෙයි...එයින් පසු 0.114 mm/s^-2 මන්දනයට ලක්වන යුක්තාණුව ක්‍රමයෙන් නිසලතාවය කරා ලගාවී අදාල නැවතුමේදී ප්‍රතිස්ථාපනය වේ... පැලෝපීය නාලයේ මුලුදිග 5.6910 * 10^-8 mm නම් මෙම සන්සේචන ක්‍රියාවලිය සාර්ථක නොවන බව පෙන්වන්න...

    සැ: යු: මෙම ප්‍රශ්නය 2013 උ. පෙ. බයෝලොජි හෝ පිසික්ස් පේපර් එකට නියමිත අනිවා ප්‍රශ්නයකි... මද සරු බව නිසා කලින් ලීක් වී ඇත

    ReplyDelete
  11. මේකෙන් කියන්නෙ කතන්දර ගැනද?

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ ඒකම තමා

      Delete
  12. http://www.colombotelegraph.com/index.php/why-i-urged-my-friend-chief-justice-to-apply-for-a-leave/

    මෙයාගෙ මේක ගැනද ඔය කියන්නේ?

    ReplyDelete
  13. //කිම අරුත් සුන් වදන් ලියා අප හද පෙළෙන//
    රසික ඔබ කරන්නෙත් මේ ටිකම නේද?

    ReplyDelete
  14. අනේ මන්දා කී දෙනෙක් ඉන්නවද?

    ReplyDelete
  15. ප්‍රෙ හෙලිකා පුරවන්න වෙලාවක් නැ කකා... අපි යනෝ..

    ReplyDelete
  16. කතන්දර වගේ තවත් කුකවියෙක්!

    ReplyDelete
  17. කාලෝ ෆොන්සේකා, ගුණදාස අමරසේකර වගේ එවුනුත් කතන්දරගේ බ්ලොග් එකත් සමානයි.

    දකින කොටම හිතෙනවා, අනේ මුං දැන්වත් මැරෙන්නේ නැත්තේ ඇයි කියලා.

    ReplyDelete
    Replies
    1. කාකට විතරක් නෙවෙයි මේ කියමන මේ වගේ වයෝවෘද්ධ බ්ලොග් සියල්ලමට අදාළයි. මාරයා, මාතලන්, අරුණි ෂපීරෝ වගේ. මේවා අවුරුදු සීයක් විතර පරණ නුග ගස් වගේ අළුතින් වැඩීමක් නෑ. දිරනවා විතරයි. හැබැයි වැඩිච්චි කාලේ වැඩුණු හැටියට තාමත් අතු පතර විහිදාගෙන ඉන්නවා. අළුතින් පැලෑටියකට ඒවා යට වැවෙන්නත් ඉඩක් දෙන්නෙ නෑ.

      Delete
    2. ඇයි මචන් එහෙම කියන්නේ. මේ ගස් වලින් ටිකක් එහාට ගිහිල්ල හැදෙන්න පුළුවන්නේ.

      Delete
  18. කාලෙකින්.

    පහුගිය කාලේ වෙච්ච හුටප්පර ගොඩකට පස්සේ ඩිංග ඩිංග සාමාන්‍ය ජීවිතයට සෙට් වෙමින්.

    මේ නම් කාලෝ ෆොන්සේකා. ඒත් කතන්දරට බස් එකේ කින්ඩි දමාපු සීන් එක [දාන්න බොස් මේකට ලින්ක් එකක්] හැරුණුවිට ඔය මනුස්සයා මහා වරදක් කරන්නේ නැහැ. අඩුම ගානේ ආණ්ඩුවට කඩේ ගියත් එක හයියෙන් කෑ ගහලා කරන්නේ නැහැ. සිගරැට් වලට ඇබ්බැහි වුන මිනිහෙකුට ඇරෙන්න මේ මනුස්සයට බනින්න හේතුවක් තියෙන්නේ කතන්දරට පමණයි.

    කෙසේ වෙතත් මේ ගොවින්න මහත්තයාට එලිසමය ගැන පාඩමක් කියා දෙන්න කතන්දරට හිතෙන්නේ නැද්ද? එළිසමය එළ සමයමකි. මේ ගැන ප්‍රාග් ඓතිහාසික යුගයේ ඔබත් මාත් "අර ප්‍රසිද්ධ කුඩා ප්‍රානියාත්" කතා කළා මතක ඇති. ඒ මේ වගේ තුනයි පනහේ කවි වලට ජාතික සම්මානයක් ලැබුණු දවසක.

    ගෝ වින් නගේ කිව්වලු. ඔය නමත් 2000 සිඩ්නි ඔලිම්පික් වල සුසන්තිකාට චියර් කරන්න දා ගත්තු චියර් වර්ඩ් එකක් කියලා අරිසෙන් අහුබුදු කිව්වලු ගෙදර කට්ටියට මැරෙන්න මොහොතකට පෙර.

    ජයවේවා. බැක්ලොග් ක්ලියර් කරන්නට නම් නොහැකි වන තරමට ඔබ ලියා තිබේ.

    ReplyDelete
  19. කියවද්දිම මතක් උනේ කාලෝ ෆොන්සේක ගැන ටැබූ ලියල තිබුන පෝස්ටුව. කාලෝට තමයි වඩා කිට්ටු. ඒත් තව කිහිපදෙනෙකුම ආදේශ කරන්නත් පුළුවන්.

    ReplyDelete
  20. කවි ගැටය ලිහන්නට මා දුටු ඉඟි මේවාය.

    1. සම ලොවක් සදන මඟ කියා දී අප සැමට
    2. දේව අදහස් සැවොම කඩා බිඳ විදු ඇසින
    3. විදු නුවණ කුමක්දැයි කියා දුන්නේ ඔබ ය
    4. ශේක්ස්පිය ලියූ පද අරුත් කීවේ ඔබ ය - විකුම්සිහ ගත් කරු ද හැඳුන්වූයේ ඔබ ය
    6. කිම අරුම බස් දොඩා ඔබ ගොතන අමන රඟ - නීතියේ නියම ගැන නොමැති කල ඔබ මනස

    කටවාචාලකමට කියවලා පලක් නෑනෙ. තව ටිකක් හිතල බලන්න ඕනැ. දැන් හිතන්න බෑ මට සමහර මෝඩ ඇනෝල ගැන කේන්තියක් එනවා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.