Sunday 9 December 2012

සිංහල බ්ලොග් ලෝකය ගැන ලියවුණු පැරණි ගීතය - A song from yesteryear about Sinhala Blogsphere


මේ ලඟදී දවසක අපි පොඩි ට්‍රිපක් ගියා.

අපි හැම පඩියෙන්ම සල්ලි දීලා බලා කියා ගන්න පවුල් කීපයක් ඉන්නවා ඔය මහ පාර්ලිමේන්තුව තියෙන හරියේ. එයින් කීප දෙනෙක්ව හමුවෙලා කතා බහ කරලා එන්නයි මේ ගමන සූදානම් වුනේ.

පොඩි ට්‍රිපක් කිව්වේ මායි, අපේ අම්මයි, පුතු පැටියයි විතරයි ගමනට සෙට් වුනේ. හාමිනේටයි, දූ කුමාරිටයි වෙන වැඩ යෙදිලා තිබුණා.

නැග්ග ගමන්ම මං දා ගත්තා සින්දුවක් අහන්න සීඩි එකක්. මේකේ තිබුණේ හොඳ පැරණි ගී කලෙක්ෂොන් එකක්.

ඔන්න බොලේ දෙවෙනි සින්දුව බාගෙට අහගෙන ඉන්න කොට මට එක පාරටම කල්පනා වුණා, මේක නං අපේ සිංහල බ්ලොග් අවකාශය ගැනම කියපු සින්දුවක් නේද කියලා. ඉතිං අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් විදියට ඒ ගැන කෙටියෙන් ලියන්න හිතුණා.

මෙන්න සින්දුවේ පද.

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා මහ උයනක සිරි ඉතිරේ
මුව රැළ අතරේ වග වලසුන් ගේ රඟ මඩලකි මේ උයනේ

නීල කොබෝ, රෑන ගිරා, පිල් විහිදා රඟනා මොනරා
නීල කොබෝ, රෑන ගිරා, පිල් විහිදා රඟනා මොනරා
කට ඇඳ කිරලා සහ වලිකුකුළා, හොට දිග පිළිහුඩුවා
කට ඇඳ කිරලා සහ වලිකුකුළා, හොට දිග පිළිහුඩුවා
අප දැකලා, බිය වැදිලා, තරගෙට හඬ නැගුවා

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා මහ උයනක සිරි ඉතිරේ
මුව රැළ අතරේ වග වලසුන් ගේ රඟ මඩලකි මේ උයනේ

කොළ දිවියා, රළු කොටියා, කපටි රජා නම් ලද හිවලා
කොළ දිවියා, රළු කොටියා, කපටි රජා නම් ලද හිවලා
විසකුරු පොළඟා, මිනිකන කිඹුලා, පොතුහැර කබරගොයා
විසකුරු පොළඟා, මිනිකන කිඹුලා, පොතුහැර කබරගොයා
රට පිඹුරා ළඟම නයා දරණ ගසා සිටියා

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා මහ උයනක සිරි ඉතිරේ
මුව රැළ අතරේ වග වලසුන්ගේ රඟ මඩලකි මේ උයනේ

මෙතනින් අහන්න.

(http://youtu.be/jrzIXUElpyU)

බලන්න දශක ගණනාවකට කලින් හිටි සීටි ප්‍රනාන්දු ට (සහය ගායිකාව ලතා වල්පොල) මේ සින්දුව ලියපු සිරිසේන විමලවීර සිංහල බ්ලොග් අවකාශය ගැන අපූරුවට දැනගෙන ඉඳලා තියෙන හැටි.

මට තේරෙන විදියට මුල හරියේ තියෙන්නේ [සැළලිහිණි, කොවුල්, මුව රැළ, නීල කොබෝ, රෑන ගිරා, මොනරා, කිරලා, වලිකුකුළා, පිළිහුඩුවා] අපි දන්න කියන අය ගැනයි. හොඳ ඇනෝනිමස් ලා ත් එතන ඉන්නවා වගේ!

අන්තිම හරියේ කියවෙන්නේ [දිවියා, කොටියා, හිවලා, පොළඟා, කිඹුලා, කබරගොයා, පිඹුරා, නයා] නෝටි ඇනෝනිමස් කමෙන්ට්කරුවන් ගැනයි!

-කතන්දරකාරයා

ප/ලි:
තුන්වන පාර්ශවයන්ට අපහාස වෙන ආකාරයේ කමෙන්ට්ස් බාර නොගන්නා කරුණාවෙන් බව සලකන්න.


(image: http://depositphotos.com/7945063/stock-illustration-Seamless-pattern-with-cute-animals.html)

55 comments:

  1. පැහැදිලි මදි....තව ටිකක් විස්තර ඇතුව දෙන්න..නැත්නම් හිවලාත් සැලලිහිනියට අදිනවනේ...

    ReplyDelete
    Replies
    1. ලොකු දෙයක් නෑ, පොඩි විහිළුවක් පමණයි!

      Delete
  2. තුන්වන පාර්ශවය කියන්නේ ඇගේ තියෙන ගැජමන්ට් එකක් ගැනද...මේ කියන්නේ..?

    ReplyDelete
  3. කකා මේ ටිකෙම ඇනොලා ගැනම වගේ හිතන්නේ... හැම දෙයක්ම කොහෙන් හරි ඇනොලට සම්බන්ද වෙලා ඉවර වෙන්නේ.....

    එතකොට අපෙ ගායක ගායිකාවෝ බ්ලොග් හොයාගන්නත් කලින් බ්ලොග් ගැන සින්දු කියලා තියනවා ඒ කියන්නේ....

    අලුත් අලුත් දැ හිතනා ජාතිය ලොව දිදුලයි

    ReplyDelete
    Replies
    1. ලොකු දෙයක් නෑ, පොඩි විහිළුවක් පමණයි!

      Delete
  4. /අපි හැම පඩියෙන්ම සල්ලි දීලා බලා කියා ගන්න පවුල් කීපයක් ඉන්නවා ඔය මහ පාර්ලිමේන්තුව තියෙන හරියේ./

    රට පිඹුරා ළඟම නයා දරණ ගසා සිටියා...

    ReplyDelete
    Replies
    1. ඒ වේලේ මුචලින්ද නාගරාජයා..... ආආආ ....ආආආ...

      Delete
    2. මගේ ව්‍යංගාර්තය තේරෙන්න නම් රයිගම හන්දියේ ඉඳලා පාර්ලිමේන්තු පැත්තට ට්‍රිප් එකක් යන්නම ඕනෑ.

      Delete
    3. හරි හරි කකා ....ඔන්න දැනුයි මීටර් වුණේ ..ඇත්ත නේන්නම් "අපි සල්ලි ගෙවලා බලාගන්න" මේක මරු..විශිෂ්ටයි.

      Delete
  5. තුන්වන පාර්ශ්ව වලට අපහාස කරන්න නේද තහනම්? තුන්වන පාර්ශ්ව ගැන සඳහන් කරන්න බැරි කමක් නැහැනෙ (අපහාසයක් නැතුව)

    මගේ ගීතයේ තුන්වන පාර්ශ්ව වලට අපහාසයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබේ ගීතයට තුති.

      නමුත් එයින් දෙදෙනකුට සිදුවෙන්න අන්‍රිම් අපගහාසය වෙන්න ඉඩ ඇතිය කියා මට හිතුණා.

      මා මේ දක්වා පල නොකල එකම කමෙන්ටුව එයයි.

      Delete
    2. ඒක අපහාසයක් නෙවෙයි. ඕනැ නම් ඒ දෙන්නගෙන්ම අහලා බලලා ඕ. කේ. කළොත් දාන්න. ඒකත් අපහාසයක් ලෙස ගන්නවානම් ඉතින් අපට ලියන්න දෙයක් නැති වෙනවා මෙතැන.

      Delete
    3. මෙන්න ඔබ ලියා එවූ නංගිලා මල්ලිලා ගීයේ තාලයට ගයන්ණට ලියූ පදවැ. පොඩ්ඩක් කොටු දැම්මෙමි.
      ---------------------------------

      පුදුමේ කියන්නේ මාත් කතන්දර ගැන ගීයක් ලිවානේ ඊයේම. මොකද අවුරුදු තුනයි හිට්ස් මිලියනයයි වුණාට කකාට තාම බ්ලොගේට තේමා ගීයක් නෑ නෙවැ. ඉතින් මේකවත් යොදා ගන්ටකෝ.

      XXXලා, XXXලා ඉන්නවාදෝ බලා - මං එතී දැන් එතී දැන් කියා
      චූ, කක්කා කතා - පඩ, ජොකා කතා මං ගෙනාවා බොලොග්ගේ පුරා

      බලපං ගැජට් මට ඇතී - තට්ටෙ මසාජ් කරයි සැණෙකිනී
      තාමත් රසයි පෙර මෙනී - හස්ත-දාරෙන් ගහපු මගෙ කවී

      XXXලා, XXXලා...

      නළු බට්ටන් ෆොටෝ දමා - උන් කවුදැයි කියා විමසමී
      ඇනෝලා සමඟ පැටලෙමී - යළින් උන්ම අරන් නළවමී

      XXXලා, XXXලා...

      කමෙන්ට් එයි වැල වගේ - හිට්ස් ජල මීටරේ නඟී
      මේ කාලෙ මං හරි බිසී - මෙහෙම ගියත් ඉතින් ඇතී

      XXXලා, XXXලා ඉන්නවාදෝ බලා - මං එතී දැන් එතී දැන් කියා
      චූ, කක්කා කතා - පඩ, ජොකා කතා මං ගෙනාවා බොලොග්ගේ පුරා

      ------------------------------

      Delete
  6. මේ සින්දුවේ ගස් බල්ලෝ නැද්ද

    ReplyDelete
    Replies
    1. කතන්දර සූරීන් තමන්ට එන විවේචන මැදහත් සිතින් බාර ගන්නවා මිසක කවදාවත් සරම උස්සාගෙන කුණුහරුප කියන්න යන්නෙ නෑ. එක තමයි ශිෂ්ඨ මිනිසකු හා අශිෂ්ඨ මිනිසකු අතර ඇති වෙනස.

      Delete
    2. ඔව් ඒක හරි
      නමුත් කකාට තියන දැනුමෙ හැටියට මේ වගේ බ්ලොගක් කරනවට වඩා සමාජයට වැඩක් වෙන දෙයක් ලියන්න පුලුවන්.
      කෙනෙක්ට ගන්න දෙයක් ලියන්න පුලුවන්.
      කකා ඒ පැත්තෙන් පරාදයි.

      හැබැයි කකා තරං Duble meaning එකෙන් පුළුවන් එකෙක් තාමත් මේ බ්ලොග් ලෝකෙ නෑ.
      :-D

      Delete
    3. ලොකු දෙයක් නෑ, පොඩි විහිළුවක් පමණයි!

      Delete
    4. @ AnonymousDecember 9, 2012 5:53 PM
      කවුද දන්නේ සමාජයට වැඩක් වෙන වෙන බ්ලොගකුත් නිර්නාමිකව ලියනවද කියල? අනිත් එක හැමෝම සිරා දේවල්ම කියන්න ගියොත් ලෝකේ හරි බෝරින් වේවි. විනෝදයත් ජීවිතේට ඕනෑ නේද? අමරදේව නන්දා මාලනී විතරක් ඉන්න ලංකාවක් තිබුනනම් කොහොමට හිටීවිද අඩියක් ගැහුවම නටන්න එක බයිලයක් වත් නැති?

      Delete
    5. @උදිත

      අමරදේව බයිලා ගහනකොට කොහොමද ආතල් එක?

      Delete
  7. මේක මාරයාගේ ගස් බල්ලන් ලිපිට වගේ ගල් කෑල්ලක්ද කකා.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. ලොකු දෙයක් නෑ, පොඩි විහිළුවක් පමණයි!

      Delete
  8. Me yakata dan hondatooma pissu.

    ReplyDelete
    Replies
    1. ඔබට මා මෙන් දෙගුණයක් වයසයි නේද?

      Delete
    2. හොදටම පිස්සු *2

      Delete
  9. //තුන්වන පාර්ශවයන්ට අපහාස වෙන ආකාරයේ කමෙන්ට්ස් බාර නොගන්නා කරුණාවෙන් බව සලකන්න.//

    මලිත් ට ගැහුවාම ඇයි චංචලා අඩන්නේ කිව්වලු , උඹත් අර මෝඩයගේ ගාණට වැටෙන එකට නම් අපිට දුකයි කකා

    ReplyDelete
  10. කක ඇනෝලාට විරුද්ධව විවෘතවම යුද්ධ ප්‍රකාශ කරන්න යන බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. ට්‍රැෆික් ඇනෝ ද ඇනෝවෙකි! නමුත් පොර හොඳ ඇනෝවෙකි?

      Delete
  11. Replies
    1. ඇනෝවෙක් පිටියට බහින්නට සූදානම් වෙන හැඩයි!

      Delete
  12. ඔක්කොම සත්තු බලාගෙන යනකොට...

    ReplyDelete
  13. කක්ක කකා, හුජ්ජ කකා , ජෝකා ඇඳලා නටනා රසිකා
    අප දැකලා, බිය වැදිලා ,තරඟෙට හඬ නැගුවා .

    මහා කක්ක ගඳක් අපේ ගෙට එන්නා මට රසිකව සිහිපත් වේ .
    බ්ලොග් රැළ අතරේ වග වලසුන් ගේ රඟ මඩලකි මේ උයනේ

    ReplyDelete
  14. නොතේරේ නොහොත් නොම තේරේ...:)

    ReplyDelete
    Replies
    1. ලොකු දෙයක් නෑ, පොඩි විහිළුවක් පමණයි!

      Delete
  15. හාහ් හා................තමුසෙට අපි දුන්න අවවාද, උපදෙස්, මග පෙන්වීම්, අනතුරු ඇඟවීම්, ඔක්කොම හොඳට වැදිලා වගේ. ඒකයි ඔය හිතේ අමාරුව තවම ගිගින් නැත්තේ. කරන්න දෙයක් නෑ යාලුවා. මහත්තයෙක් වගේ හැසිරෙනවා, මහත්තයෙක් වගේ ලියනවා. නැත්නම් අපි තමුසෙව හදනවා.

    ReplyDelete
    Replies
    1. ඔහේ කවුද? මගේ සීයා පප්පාද?

      යන්න චමින්ද යන්න. ගිහින් බයියං කාලා දොයියා ගන්න!

      Delete
    2. @AnonymousDecember 9, 2012 12:54 PM
      මේ ඉන්නේ මන්ද මානසික ඇනොවෙකි. අර අනුන්ගේ බ්ලොග් වලට ගිහින් වෙන උන්ගෙන් ගේම ඉල්ලන්නේ මේයා තමයි . ඔය ඇනෝව අපි දන්නවා . යකට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ කොල්ලෝ . තව ටිකක් නටමු මම ගුලියක් අබරන්නයි යන්නේ උබව සුන්නද්දුලි වෙන්න.

      Delete
  16. මම ආසම මෙන්න මේ කෑල්ලට "රට පිඹුරා ළඟම නයා දරණ ගසා සිටියා"

    කතන්ද්‍ර සූරීන් ටිකක් සැලිලා වගේ පහුගිය දොහේදි මේ නෝටි ඇනෝලගේ වැඩ නිසා.....!

    මොකද දැන් සින්දුවක් ඇහුවත් ඒක ඇතුලේ කසුට පේන්නෙම මේ නෝටි ඇනෝලව....! තව ටික දවසකින් තේ කෝප්පෙ ඇතුලෙත් නෝටි ඇනෝ කිඹුලෙක් ඉන්න බැරි නෑ....!

    මට ඉතින් අවවාද අනුශාසනා දෙන්න නම් බැහැ කතන්ද්‍රට සැලෙන්න එපා කියලා.....!

    ReplyDelete
    Replies
    1. හැබෑටම අර බෑන්ඩ් එකේ ගැහැව්වේ නැද්ද මේ සත්තු සින්දුව හෙම?

      Delete
    2. නෑ ඒ ගොල්ලෝ ඉල්ලුවේ රෑට ගහන සින්දුනේ... (මිඩ්නයිට් මෙඩ්ලි )

      Delete
    3. රෑට ගහන සින්දු කීවෙ ???

      පුන්සිරි රෑට ඇවිදින් මගෙ ඇඳ ලගට . . .

      වගේ සින්දුද ?

      Delete
  17. අපරාදේ. අදත් පඩ කතාවක්, චූ කතවක්, කක්කා කතාවක් කියවන්න හිතන් ආපු අදහස නැවතුනා.

    ReplyDelete
    Replies
    1. ඕක අද විතරක් වෙන දෙයක් යෑ? අඩු ගානේ 90% දවස්වලම වෙන දෙයක්නේ!

      Delete
  18. හිහ් හිහ් හී ...

    ReplyDelete
    Replies
    1. දෝතින් දෝතයි...

      Delete
    2. කකා කොමෙන්ට් පාලක වැඩසටහන ඉවත් කරොත් නරකද ?
      මොකද අපි පෝස්ටුවේ රසය හොදටම විදින්නේ ඇනෝ කොමෙන්ට් එක්කයි.
      මම හිතන්නේ නෑ මෙතන කවුරුත් අසභ්‍ය වචන භාවිතා කරයි කියලා.

      Delete
    3. අසභ්‍ය වචන නෙමෙයි මට හිතෙන විදියට තියන අවුල. මේ පැත්ත පලාතකවත් නැති අයට මේකෙ බනිනඑක. ඒක කැතයි නේද ?

      Delete
  19. මාලා කරුණා දයා ගුනේ සැමදා සැමටම බෙදා සෙනේ යුතුකම් ඉටුකර මෙලෝ තලේ ජය මුතු මාලා දමා ගෙලේ
    මේකෙත් ඉන්නාව නේද බ්ලොගර්ලා?

    ReplyDelete
  20. එතකොට ලක්ෂ්මන් රුද්‍රිගො සමග රූපා ගයන විදුලි දුම්රියේ ගීතය ගයද්දී අපි ඒවා පින්තුරෙකින්වත් දැකල තිබුනද?කොමන්ට් [හොද/නරක] කරන අපව සත්තු ගානට හිතන එක ගැනනම් මාගේ අප්‍රසාදය.W .Vරවංස කියන කටවචාලකමින් "පදිරි"වෙච්ච එකත් ඔය වගේ.

    ReplyDelete
  21. මේ ගීතය ඒකට අදාල උනේ කොහොමද? පොඩි විහිළුවක්! කාකා?

    ReplyDelete
  22. කකා නයාට ගහලා පොල්ල වරද්ද ගන්න යන්නේ.

    ReplyDelete
  23. ධර්මදානය සඳහා මේ තොරතුරැ හිතවතුන් අතර බෙදා ගන්න ෴
    යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස .......
    http://dahamvila.blogspot.com/

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.