Saturday 28 July 2012

ඉරිදා බඩු මෙන්න සෙනසුරාදාම - Sunday come early!


මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක සින්දුවක් ගැනයි.

මං ගිය ඉරිදා ලියපු "පැරණි රසාංගයක්, නව රිද්ම වෙලා අවුල්වෙලා යනවා" වගේ කේස් එකක් තමයි මේකෙනුත් කියවෙන්නේ.

මෙන්න පද මාලාව.

       මලක් සේ සුමුදු ඔබ හද
ගලක් සේ රළුව ඇයි අද
කඳුළු විල මැද තනිවෙලා මා තනිවෙලා

පෙර භවේ පවෙන් මිදෙනට
මට වරම් ලැබේවිද හෙට
කඳුළු විල මැද තනිවෙලා මා තනිවෙලා

මේ ලෙසින් දුකෙන් තැවෙනට //
සිතුවෙ නෑ සිතුවෙ නෑ
ඔබ මෙසේ වෙනස් වේ යැයි
සිතුවෙ නෑ සිතුවෙ නෑ

මලක් සේ සුමුදු ඔබ හද
ගලක් සේ රළුව ඇයි අද
කඳුළු විල මැද තනිවෙලා මා තනිවෙලා

පෙර එදා සතුටු සුව යලි //
එන්නෙ නෑ එන්නෙ නෑ
අප සදා යලිත් හමුවෙද
දන්නෙ නෑ දන්නෙ නෑ

මලක් සේ සුමුදු ඔබ හද
ගලක් සේ රළුව ඇයි අද
කඳුළු විල මැද තනිවෙලා මා තනිවෙලා

පෙර භවේ පවෙන් මිදෙනට
මට වරම් ලැබේවිද හෙට
කඳුළු විල මැද තනිවෙලා මා තනිවෙලා

මෙන්න සින්දුවේ යූ ටියුබ් ක්ලිප් එක. තනුව, සංගීත නිරමාණය සහ ගායනය හේමාල් ජයවික්‍රම.



මේ වීඩියෝ ක්ලිප් එකේ තියෙන්නේ නං එක එක තැන්වලින් අහුලා ගත්තු කෑලි, හැබැයි නියමෙට ගලපලා තියෙනවා කියලයි මට හිතෙන්නේ.


ඊයේ මේ බ්ලොග් එක බලපු අය දන්න විදියට මං සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක හෙනහුරාදාම දැම්මා. ඒ ගැන ලියපු ඉන්ට්‍රොඩක්ටරි පට්ටන්දරය තමයි මේ පහලින් දාලා තියෙන්නේ.


ඉරිදා පත්තරේ කියන්නේ සිංහල පත්තරවල හොඳම එකනේ.

අපි පොඩි කාලේ සිළුමිණ සහ සූත්තර පුංචා, ඊලඟට දිවයින සහ ජනක රත්නායක ගේ චිත්‍රකතාව, පස්සේ ඉරිදා ලංකාදීප, ලක්බිම ඉරිදා සංග්‍රහය හෙමත් නැගලා ගියා.

ඒ එක්කම තිබුණු රාවය සහ යුක්තිය කියන ටැබ්ලොයිඩ් ප්‍රමාණයෙ විකල්ප පත්තරත් ආවේ ඉරිදාටයි.

හැබැයි ටික කාලයකින්ම ඒවා සෙනසුරාදා එන්න පටන් ගත්තා. කොළඹ හෙම නං ඉතිං සිකුරාදාත් තිබුණා. ඉරිදා පත්තර සේරමත් සෙනසුරාදා වෙන කොට බොරැල්ලේ විකුණනවා.

ඕකෙන් මේකෙන් වුනේ "ඉරිදා පත්තරේ" කියන නමේ තේරුම නැතුව ගියා.

"අදවෙයි ඉරු දින, ඇය හමුවේවිද?" කියන සින්දුව අහලා තියෙනවා නේද, අනිල් බාරතී කියන. ඒකේ තියෙන්නේත් ඉරිදා ට වෙන සොඳුරු හමුවක් ගැනයි. සින්දුව අවසාන වෙන්නේත් ලබන ඉරිදා ගැන සිතමිණුයි.

ඔය සේරම ලිව්වේ මේක කියන්නයි.

මං හිතුවා මං දැන් සාර්ථක දෙවන වසරේ කරගෙන යන සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක අද සෙනසුරාදාම පල කරන්න.


-කතන්දරකාරයා

ප/ලි:
සින්දුව ගැන මොකද හිතෙන්නේ?

(image: http://weblogg-ed.com/2007/the-so-unexpected-present/)

38 comments:

  1. ඉරිදා පත්තරේ සෙනසුරාද එන හින්ද කියවන්න වෙලාවක් එනව.ක කා සෙනසුරාද සන්ඩේ ස්පෙෂල් එකදාපු හින්ද ඔන්න කොමෙන්ට් එකකුත් දැම්ම.

    ReplyDelete
  2. සෙනසුරාදා ඉදන් ඉරිදා පත්තරය කියවන්න පුලුවන් වීමෙන් එක ලිපියක්වත් මග නොහැරී සියල්ල කියවන්න ලැබෙනවා... ඒ වගේම නම කුමක් වුවත් සන්ඩේ ස්පැෂල් එක්ස්ට්‍රා එකත් සෙනසුරාදා පැමිණීමෙන් වැඩි දෙනා ඇස ගැටීමට ඉඩ ඇත.

    දැන් කියන්න යන්නෙ මේ පෝස්ටුවට අදාළ දෙයක් නෙමෙයි... මම භයෙන් භයෙන් පුක සම්බන්ධ පෝස්ටුවක් ලිව්වා.. සැට් එකම මට බනී කියලා තමයි හිතුවෙ... කථන්දර තුමා පුක යනු කුණුහරැපයක් නොවේමැයි වේලාසනින් අර්ථදක්වා තිබූ පෝස්ටුව කියැවූ පසුව මසිත භිය පහව ගියා... ඊට ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. ඒ කතාවට ලින්ක් එකක් මගේ ලිපියේ අදාල කමෙන්ට් එකක් ලෙස දාන්න.

      Delete
  3. රාවය නම් ලංකාවෙ අනෙක් පළාත්වලටත් ගොඩක් වෙලාවට සිකුරාදා වෙනකොට එනව. අනෙක්වා සෙනසුරාදා උදේට.

    කතන්දරගෙ ඉරිද පත්තරෙත් හෙනහුරාදම පබ්ලිෂ් කොරපු එක හොඳා. කවි සිංදුව නම් අනේ මන්ද, මට ඔව්ව ගැන වැඩි තේරුමක් නෑ.

    ReplyDelete
  4. කශූට හොඳ නම් අපිට නරක් වෙන්න බෑ.. හෙට බොන්න ගෙනා බෝතල් ටික (ටික කිව්වට එකයි ) අදම බොනවා එහෙනම් !

    ReplyDelete
  5. “ අනාගතය අදයි “

    එතකොට මොකක් ද මේ ලින්ක්. සැබැඳි.... එකකට එකක් සම්බන්ධයි.

    ReplyDelete
  6. අනෙ වාසනවන් අදවත් කොමෙන්ට් එකක් දන්න ඉඩ තිබුනා.දැන් එතකොට ඉරිදට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද?ඉස්සර නම් පත්තරේ දවසම කියෙව්ව.ලොල්

    ReplyDelete
  7. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ලබන ඉරිදා පත්තරේත් මේ ඉරිදාම එයිද දන්නෑ

    ReplyDelete
  8. ඉස්සර ටීවී සීරියස් එකක් ගියා හෙට පත්තරේ අද හම්බෙන මනුස්සයෙක් ගැන. ඒක පූසෙක් ගෙනත් දෙන්නේ. ඒක කියවන ඒ මනුස්සයා ඒ පත්තරේ තියෙන අනතුරු වගේ ඒවා වළක්වන්න හෙණම ගේමක් දෙනවා ඊට පස්සේ

    ReplyDelete
    Replies
    1. මට මතක හැටියට 'BACK TO THE FUTURE" වෙන්න ඕනි

      Delete
    2. බැක් ටු ද ෆියුචර් කියන්නේ චිත්‍රපටි තුනක්. ඔය කියන ටීවී සීරීස් එකේ නම එර්ලි එඩිෂන්.

      Delete
  9. මේ ඉරිදා ගිය ඉරිදා වාගෙ නොවන්න
    තෑගි එපා තෑගි එපා ඇවිදින් යන්න
    මාගේ සිතුම් මාගේ පැතුම් සුනු නොකරන්න
    ප්‍රේම සිනා දෙතොලෙ නගං ඇවිදින් යන්න
    ඇවිදින් යන්න//

    ReplyDelete
  10. කලින් ක්‍රියාත්මක වන එකම සේවාව පුවත්පත් ද කොහේද! රාවය අපේ පැතිවලටත් එන්නෙ සිකුරාද. එච්චර අවුලක් නෑ. මොකද ඒකෙ "පුවත්" අඩු නිසා.

    ReplyDelete
  11. පත්තරවල සඟරාමය ගතිය වැඩි වෙනකොට ඉරිදා පත්තරේ ඊට කලින් දෙන්න පුළුවන් වුනා.
    ඒකෙ ඒහැටි වරදක් නෑ.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අනේ කොල්ලෝ මම මේ තරහට නෙමෙයි කියන්නේ ..බලපන් බොලයි තාත්තගේ පත්තර ඒජන්සියේ මෙතනට තියෙන සම්බන්දෙ.අම්මප බන් පොස්ටුවක් කියවල බොට දාන්නම දෙයක් නැත්නම් දාපන්කෝ උම්..බෑ.....කියල !

      Delete
    2. එහෙම කියන්න එපා ඇනෝ පත්තර කියන වචනෙට අදාලව මේ පැටිය දන්නේ උන්ගේ තාත්තගේ පත්තර ඒජන්තකම විතරයි.එහෙම බැලුවම ඔය යට කමෙන්ට් කරපු මදුරංග පැටිය රාවය කියල පත්තරයකුත් වික්ටර් අයිවන් කියල පත්තරකාරයෙකුත් ඉන්නව කියල දැනං හිටපු එකම කොච්චර දෙයක්ද?සෑම පුතේ පුතාට බ්ලොග් අවකාශේ කමෙන්ටු දාන හැටි ගැන යම් අවබෝදයක් ගන්න ඔය සුමිත් නිරිඇල්ලගේ කමෙන්ටු ටිකක් ෆලෝ කරපන් .උඹ වගේ මහා බ්ලොග් කාරයෙක් නෙමෙයි මේ ඊයේ පෙරේද පටන් ගත්තු මිනිහෙක්.නමුත් කියනවට පොඩ්ඩක් උන්දැගේ බ්ලොග් කමෙන්ටු කීපයක් කියෝලා බලහන්.

      Delete
  13. කකා මේක ගැන මොකද හිතන්නේ?

    http://samanalaviplavaya.wordpress.com

    “සමනළ විප්ලවය” දේශපාලන නවකථාවකි. ඊට පාදක වන්නේ වර්තමානය (2012) වුවද අදාළ සිද්ධි දාමය සිදුවන්නේ සමාන්තර විශ්වයකය. සමාන්තර විශ්වයක් වූ කලි ඉතිහාසය ‘විකල්ප මාර්ගය’ ගැනීම හේතු කොට ගෙන ගොඩ නැඟෙන, වර්තමානයට වෙනස් වූ කාලාවකාශයකි. එවන් කාලාවකාශයක් තුළ ඕනෑම දෙයක් සිදු විය හැකිය. උදා: හිට්ලර් දෙවන ලෝක යුද්ධය ජය ගැනීමෙන් පසු බිහිවන ලෝකය. (වැඩි විස්තර පිණිස බලන්න http://tinyurl.com/nw4sq)

    “සමනළ විප්ලවය” ට අදාළ සමාන්තර විශ්වය ගොඩ නැඟෙන්නේ 2003 ඔක්තෝබරයේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එවක අගැමැති රනිල් වික්‍රමසිංහ සමඟ වූ අවබෝධයක් මත සිදු කරන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමඟය. ඒ අනුව යම් පුද්ගලයකුට ජනාධිපතිවරණයට තරග කළ හැකි වාර ගණනේ සීමාව ඉවත් කෙරෙයි. ඇය 2005 ජනාධිපතිවරණයට තරග වදින අතර ඉන්ද වසර හයක් ගිය තැන එළඹෙන 2011 ජනපතිවරණයෙන්ද ජය ගනියි. රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2007දී බිඳ වැටෙන අතර ජවිපෙ සමඟ සහයෝගයෙන් පිහිටුවා ගන්නා, අග්‍රාමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ගේ නායකත්වයෙන් යුතු සභාග රජය 2012 දී ලංකාවේ පාර්ලිමේන්තු බහුතරය නියෝජනය කරයි. මහින්ද රාජපක්ෂ ඒ රජයේ බුද්ධ ශාසන කටයුතු අමාත්‍යවරයාය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පසුව මේ රජයට එක්වෙති.

    2006 අප්‍රියෙල් මාසයේ දී අනෝජා කුගෙන්තිරාසා ලෙස පසුව හඳුනා ගන්නා ලද කොටි සෙබළියකගේ ස්වනාශක බෝම්බ ප්‍රහාරයකට ගොදුරුවන යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජනරාල් සරත් ෆොන්සේකා (මරණාපරව ජනරාල් සරත් ෆොන්සේකා) මිය යයි.

    මේ සමාන්තර විශ්වයේදී ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරියේ මිය නොයන අතර මේ නව කතාවෙහි උප ප්‍රධාන චරිතයක්ද වේ.

    2008 මුල් භාගයේ මාස තුනක කාලයක් තුළ රනිල් වික්‍රමසිංහ කොටි බෝම්බ ප්‍රහාරයකට ගොදුරුවද, සෝමවංශ අමරසිංහ අහුන්ගල්ලේදී වන රිය අනතුරෙකින්ද ජීවිතයෙන් සමු ගනිති. ඒ වන විටත් පක්ෂයේ රැඳී සිටින මන්ත්‍රීවරුන් අතළොස්ස තුළින් කෙනකු වූ මිලින්ද මොරගොඩ එක්සත් ජාතික පක්ෂයේ නායක හා විපක්ෂ නායක ධුරයට පත්වන අතර නන්දන ගුණතිලක හා විජිත හේරත් සමඟ තියුණු තරගයකින් පසුව විමල් වීරවංශ ජවිපෙ නායකත්වය දිනා ගනී.

    2011 මැයි මාසයේ දී එක්සත් රාජධානියට රාජ්‍ය තාන්ත්‍රික ගමනක යෙදෙමින් සිටින ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා හා බිරිඳ රැගත් යානය අත්ලාන්තික් සාගරය මැද්දී අනපේක්ෂිත අනතුරකට ලක්ව කොටසක් හෝ සොයා ගත නොහැකි පරිද්දෙන් අතුරුදහන් වේ. ජෝන් බිඩෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙහි හතළිස් පස් වන ජනාධිපතිවරයා සේ දිවුරුම් දෙයි.

    දශක හතරකට යුද්ධය දිග් ගැසෙමින් පවතී. ඇන්ටන් බාලසිංහම් 2006 දෙසැම්බරයේ මියයයි. දැඩි ලෙස රෝගාතුර වන ප්‍රභාකරන් 2009දී නායකත්වය තම පුතු චාල්ස් ඇන්තනිට පවරා සටන් බිමෙන් සමුගනී. 2012දී ඔහු අක්‍රිය, පාදයක් අහිමි දියවැඩියා රෝගියෙකි. උපක්‍රමශීලීව තමිල්සෙල්වන් තම පක්ෂයට ගැනීමට චන්ද්‍රිකා රජයට හැකිවන අතර ඔහු විසින් සපයනු ලැබී ඔත්තු මත නැඟෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ බලය සුන් කොට එහි එල්. ටී. ටී. ඊ. නායක කරුණා අම්මන් නාවික හමුදාව මඟින් රටින් පැන යද්දී ඝාතනය කෙරේ. අන්තර්ජාතික මට්ටමින් එල්. ටී. ටි. ඊ .යට ආයුධ සපයමින් ඉන්නා කුමරන් පද්මනාභන් හෙවත් කේ.පී. කොටු කර ගැනීම යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජනරාල් පාරමී කුලතුංග දැන් මුහුණ දෙන විශාලතම අභියෝගයයි.

    මේ සමාන්තර විශ්වයෙහි “චරිත් කාලිංග බණ්ඩාර” නම් තරුණයාගේ කථාවයි ‘සමනළ විප්ලවය’.

    ReplyDelete
  14. රාවය පත්තරේ නේද වික්ටර් අයිවන් හිටියේ ??

    ReplyDelete
    Replies
    1. රාවය පත්තරේ නේද වික්ටර් අයිවන් හිටියේ ?????????????????????????

      තව ටික දවසකින් මුන් මෙහෙමත් අහයි. "රාජපක්ෂ කියන්නෙ කවුද, ආ අර ලංකාවෙ ජනාධිපති නේද?"

      කතන්දර මහත්තයෝ, දෙනවද මට බනිස් ගෙඩියක්, කාලා බේරෙට පනින්න? ඒක හොඳයි මුන් ලියන මැටිකතා කියවනවට වඩා.

      රංගත් මේ සෙට් එක ගැනම "අපි ආයෙමත් යන්නෙ පිටිපස්ස්ටද?" කියල ලියලා තිබුණා.

      http://r4ng4.blogspot.com/2012/07/blog-post_15.html

      මේක අපේ අධ්‍යාපනයේ අවුලක්ද?

      Delete
    2. රංග කියන්නෙ මොකෙක්ද බං ඔලුව ඉදිමිච්ච මැටි හරකෙක්නෙ. ඌ හිතන් ඉන්නෙ ඌ තමයි බ්ලොග් අවකාසෙ පාලකයා කියලා. ඌ ඔය පෝස්ට් එක ලිව්වෙ වෙන අහවල් එකකට නෙමෙයි තමුන්ගෙ ගෑණිට කඩේ යන්න.

      නොදන්න එකෙක් යමක් ඇහුවම කියා දීපන්. නිකන් බුරන්නෙ නැතුව. හැම මිනිහම හැමදේම දන්නෙ නෑනෙ.

      මචන්, උඹ රංගද?

      Delete
    3. සිරාවටම...මේ බ්ලොග් අවකාශෙට ආවහම හිතෙන්නේ බ්ලොග් ලියන්නේ මුලික සමාජ සාමාන්‍ය දැනීමක් සහිත යම් නිර්මාණශීලී හැකියාවක් ඇති උන් කියල.එත් අද සමහර බ්ලොග් ලියන ලාමක සිපයින්ගේ බ්ලොග් කියන කඩමාලු වලට වඩා දෙයක් පහේ පන්තියේ ඉන්න පුංචි එකෙක් ගෙන් ගන්න පුළුවන්..අනේ අපේ බ්ලොග් අවකාශේ ලපයි සිපයි රීලනේ රාලේ .....

      Delete
    4. /ඌ ඔය පෝස්ට් එක ලිව්වෙ වෙන අහවල් එකකට නෙමෙයි තමුන්ගෙ ගෑණිට කඩේ යන්න. /

      මාර කතාවක්නෙ. ඌ උගෙ ගෑනිට කඩේ නොයා කතන්දරකාරයාගෙ ආච්චිට කඩේ යන්නයැ?

      Delete
    5. ගෙදරදි පුලුවන්නෙ බං ගෑණිට කඩේ යන්න. බොගක් දාන්න ඕනෙ නෑනෙ.

      Delete
  15. නෑ. නෑ. අපි නම් ඉරිදම එන්නම්. :D

    ReplyDelete
  16. ඉරිදටම කියවලා..ක්ලිප් එකත් බලලාම කොමෙන්ට් එකක් දාන්නම් කෝ!

    ReplyDelete
  17. කමෙන්ට් කරන හැටි, බ්ලොග් ලියන හැටි ගැන සාකච්ඡා කරන්න වෙන තැනක් හොයාගත්තනං හොඳයි.
    පෝස්ට් එකකට කමෙන්ට් කරන්න ඕනැ පෝස්ට් එකට අදාළව මිසක් තමතමන්ගෙ මත ප්‍රකාශන ඉදිරිපත් කරන්න නෙවෙයි නේද?
    කමක් නෑ වැඩි පාඨක පිරිසක් ඉන්නෙ මෙතන කමෙන්ට් කළොත් කියල හිතල කරන එකක්නම්.

    ReplyDelete
    Replies
    1. @ට්‍රැෆික් ඇනෝ,

      පෝස්ට් එක ප්‍රබල නම් අනිවාර්යයෙන්ම ඒකට අදාළව කමෙන්ට් වැටෙනවා. නමුත් දුර්වල පෝස්ට් එකකදි කමෙන්ට් වලට කමෙන්ට් වැටෙන්නත් පුළුවනි. මේක සාමාන්‍ය දෙයක්. කමෙන්ට් කියන්නෙත් බ්ලොග් එකේ ඓන්ද්‍රීය කොටසක්. මේ නිසා කමෙන්ට් මත කමෙන්ට් නරක දෙයක් නෙවෙයි. පෝස්ට් එකට සීමා කළ යුතු නම් කකා කියාවි.

      Delete
    2. කොහොම කොහොම හරි මේ කවිය ගැනවත්, සින්දුව ගැණවත්, ක්ලිප් එක ගැණවත් එකම කමෙන්ට් එකක්වත් නෑ!

      Delete
  18. PATHTHARA GANA KATHAWA WUNATA POTH KIYA WANNA NAM BEHE.

    ReplyDelete
  19. කතන්දරකාරයා වෙනස්වෙලාද

    ReplyDelete
    Replies
    1. අනුන් වෙනස් වුණාද නැද්ද කියලා හොයනවාට වඩා තමන්ට වෙනස් වෙන්නෙ පුළුවන් කොහොමද කියලා හොයන එක නේද වැදගත්?

      Delete
  20. @ All
    කවිය ගැනවත්,
    සින්දුව ගැනවත්,
    වීඩියෝ ක්ලිප් එක ගැනවත්
    එකම කමෙන්ට් එකක්වත් නැතිවීමත් එක්තරා වාර්තාවක්!

    ReplyDelete
  21. @ All
    සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete
  22. /කවිය ගැනවත්,
    සින්දුව ගැනවත්,
    වීඩියෝ ක්ලිප් එක ගැනවත්
    එකම කමෙන්ට් එකක්වත් නැතිවීමත් එක්තරා වාර්තාවක්!/

    හිතෙන්නෙ නැද්ද රාවණා නැඟිටීම කිට්ටු වෙන්න වෙන්න බ්ලොග් අවකාශයේ සියල්ල උඩු යටිකුරු වෙමින් තියෙනෙවා කියලා? මේ එක් උදාහරණයක් පමණයි. පසුගිය සති කිහිපය තුළ වූ දේවල් වලින් තව උදාහරණ ඕනැ තරම් හොයා ගත්තෑකි.

    ReplyDelete
  23. කවිය ගැනවත්,
    සින්දුව ගැනවත්,
    වීඩියෝ ක්ලිප් එක ගැනවත්
    එකම කමෙන්ට් එකක්වත් නැතිවීමත් එක්තරා වාර්තාවක්

    කතන්දර පව්

    අනේ අපේ බ්ලොග් අවකාශේ ලපයි සිපයි රීලනේ රාලේ .....

    කතන්දරතුමා පුක දෙයි

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.