Wednesday 4 July 2012

රාවණාගමනයේ දිනය හෙලි කළ ශ්‍රී රාවණා සුර රාජයා - The return of Ravana the Great, date revealed!


මගේ පිය පාර්ශවයේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන මහා උදළු රාජයා පිළිබඳ කතන්දර පුවත ඔබට මතක ඇතැයි සිතමි. වසර සියයක් පමණ කාලයක් අපට නොකඩවා සේවය සැපයීම හැර ඒ උදළු රාජයා ගේ වෙනස් හාස්කමක් නොමැත.

කුමකටද? ඒ ම මදෑ!

මගේ මව් පාර්ශවයෙන් පට හිමි වූ මහා බලසම්පන්න නවරත්න මුදු රාජයා නම් මහා හාස්කම් සහ අනුහස් සහිත වස්තුවකි.

අද මේ මංතුමා ලිඛිත බසෙන් ම ලියමින් මේ සැරසෙන්නේ ඒ නවරත්න මුදු රාජයාටත් වඩා බලසම්පන්න වස්තුවක් මා සතුව ඇති ඔබ සැමට දැනුම් දීමටයි.

එය නම් ශ්‍රී රාවණ බලයෙන් සපිරි මහා සුර රාජයෙකි.

දැන් ස්වල්ප මොහොතකට කලින් ගන්නා ලද ඒ මහානුබලසම්පන්න ශ්‍රී රාවණා මහා සුර රාජයාගේ ඡායා රූපයක් පහත දක්වමි.


මේ ශ්‍රී රාවණා බල සපිරි මහා සුර රාජයාගෙත්, හන්දියක් ගානේ රස්තියාදුවෙන කොලු කුරුට්ටන් පැළඳ සිටින තබක්ක සුරවලත් කැපී පෙනෙන වෙනසක් ඔබට බැලු බැල්මට නොපෙනීමට ඉඩ ඇත.

වෙනත් සුර මෙන්ම මේ ශ්‍රී රාවණා බල සපිරි මහා සුර රාජයා ද සැදී ඇත්තේ එකක් අස්සේ එකක් බැස්සවූ සිලින්ඩ්‍රිකාර කොටස් දෙකකිනි.

එසේ වුවත් මේ ශ්‍රී රාවණා සුර රාජයාගේ ඇති වෙනස නම් මේ ශ්‍රී රාවණා බල සපිරි මහා සුර රාජයාගේ එකී සිලින්ඩ්‍රිකාර දෙකොටසම සාදා ඇත්තේ රාවේණියම් (Ravaniam) නම් ලෝහයෙන් වීමයි.

මේ පොලෝතලය මත සොයා ගත නොහැකි මේ රාවේනියම් ලෝහය එකල ශ්‍රී රාවණා රජු සමයේ ඉම්පෝට් (ඉම් = ඒම, පෝට් = පිටත සිට, පිටත සිට ගෙන ඒම) කරන ලදුයේ ශ්‍රී රාවණා රජුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය වූ විශ්වජිතයින් යුව රජු තනතුරු දැරූ ඔයායොන් බෙල්ටයේ ඇති විවිධා ග්‍රහවස්තු වලිනි.

එදා ශ්‍රී රාවණ රජු දවස මේ ශ්‍රී රාවණා බල සපිරි මහා සුර පැළදුවේ රජු ගේ ගගන බල සේනාංකවල සෙනෙවිරත්වරුන්ය. ඒ හැම සුර රාජයෙකු ගේම ඇතුලත සුරුට්ටුවාකාරයෙන් රුවා ඇති ප්ලැටිනම් ලෝහ තහඩුවක අන්තර් ග්‍රහලෝක ව්‍යවසනයකදී භාවිතා කළ යුතු රහස් න්‍යෂ්ඨීක අවි ගබඩා ක්‍රියාත්මක කිරීම සඳහා අවැසි රහස් කේත අඩංගුවේ.

ආරක්‍ෂක හේතු මත මෙම ප්ලැටිනම් තහඩුවේ ඡායාරූපයක් මෙහි පළ කළ නොහැකි බව සලකන්න. ඒ, එකී අවි ගබඩා වසර දහස් ගණනකට පසුව අදත් සුරුකිව ඇති බැවින්, එම රහස් දොස්තර ඊවිල් (Dr Evil) ලා ගේ හෝ මිනි මී (Mini-Me) ලා ගේ අතට පත්වීමට ඉඩ ඇති බැවිනි.


මෙම ප්ලැටිනම් තහඩුවේ එදා ශ්‍රී රාවණයින් ගේ ගගන සේනාංකයක් බාරව සිටි මගේ මී මුත්තෙකුවන සෙනෙවිරත්වරයෙකු ගේ ඉනීෂියල් (ඉනි=මුල්, ෂියල්=අකුරු, මුළකුරු) ද අඩංගු වේ.

මේ ඒ කොටසේ අතින් කරන ලද කටු සටහනකි.

ශ්‍රී රාවණ යුගය පිළිබඳ සුවිශේෂඥයෙකු වන මහාචාර්ය මීවනපලානේ රාජපක්‍ෂයින් විසින් ඔහු අමෙරිකානු රජයේ අත් අඩංගුවට පත්වෙන්නට පැය කිහිපයකට කලින් "මිරර්" නමින් හැඳින්වෙන අධිතාක්‍ෂණ රාවණා යුගයේ මෙවලමකින් විශ්ලේෂණය කර මා සමග පවසා සිටි පරිදි මේ සලකුණ අනුව මෙම සුර රාජයා "කතන්ද්‍ර කාර්" නම් වූ ශ්‍රී රාවණ සෙනෙවියනට අයිතිව තිබූ බව තහවුරු වේ.

එපමණක් නොවේ.මීවනපලානේ රාජපක්‍ෂයෝ කාලයක් තිස්සේ එක්සත් ජනපදයේ ඒරියා 51 ස්ථානයේ රහස් පුස්තකාලයක තිබී පසුව තමන් අතට පත්වූ රාවණා යුගයේ ඩිජිටල් ඡායාරූප ඇල්බමයක අඩංගු වුණු කතන්ද්‍ර කාර් මහ සෙනෙවියා මෙම සූරය පැළඳ සිටි අවස්ථාවක ගන්නා ලද ඡායාරූපයක් ද මට ලබා දුන්නෝය. ඒ දුර්ලභ ඡායාරූපයෙන් කොටසක් පහත දැක්වේ.

දැනට මෙම ශ්‍රී රාවණා බල සපිරි මහා සුර රාජයා පසුවන්නේ ශිශිර නිද්‍රාවේ ය. එනිසා, සුර රාජයා මගේ නවරත්න මුදු රාජයා මෙන් විස්කම්, හාස්කම් නොපෙන්වයි.

නමුත් ඒ සියල්ල වෙනස්වන දිනය වැඩි ඈතක නොවේ. තව මාස කිහිපයක් පමණි. එනම් 2012 ඔක්තෝම්බර් මස 27 වෙනිදාය.

එදා ශ්‍රී රාවණා ගගන බල සේනාවේ මහ සෙනෙවිරත් තනතුර දැරූ, රාම යුද්ධයේ අවසන් දිනයේදී, න්‍යෂ්ඨික අවි රහස් කේත ඇතුලත් සුරය නාන කාමරයේ අමතක කර ගිය හේතුව නිසා දිවි පූජා කර පූජනීය "ශ්‍රීරාවණවිරු" තත්වය හිමිකරගත්තා වූ ද, "කතන්ද්‍ර කාර්" මහ සෙනෙවියා ගේ පරපුරේ වත්මන් පුරුකේ ජෛව සන්ධිස්ඨාන සැමරුමක් එදිනට යෙදෙන අතර, ඉහත කී ප්ලැටිනම් තහඩුවේම අධෝ ලිපියක දැක්වෙන පරිදි එදිනට සංවිධානය කෙරෙන මහා බර්ත්ඩේ (බර්ත්=බරත=භූමිය, ඩේ=දිනය, භූමිය දිනූ දිනය=උපන් දිනයය) මේලාවට සහභාගීවීම සඳහා ශ්‍රී රාවණයෝ තම ශිශිර නිද්‍රාවෙන් අවදිව මේ හෙළ ධරණිතලයේ ප්‍රාතිභූර්ත වීමට නියමිතයි.

අන්න ඒ දිනයේ දී මේ ශ්‍රී රාවණා බල සපිරි මහා සුර රාජයාද ශිශිර නිද්‍රාවෙන් අවදිව මහා අනුහස් විස්කම් ප්‍රාතිහාර්ය විදහා දක්වනු ඇත.

පාඨක, ලේඛක සහෘදයෙනි! එතෙක් ඉවසා බලා සිටිමු.

ශ්‍රී රාවණ සිද්ධම්.

-කතන්දරකාරයා (කතන්ද්‍ර කාර් මහ සෙනෙවිරත් පරපුරේ වත්මන් පුරුක)

ප/ලි:
මේ කතන්දරයේ ප/ලි කොටස 28/10/2012 දින බලාපොරොත්තුවන්න.

(image: http://villains.wikia.com/wiki/Ravana)

(image: http://investingcaffeine.com/2009/07/16/ppip-becomes-miniaturized-%E2%80%9Cmini-me%E2%80%9D/)

102 comments:

  1. වර්ගජ සමීකරණ විසඳන්න පුලුවන් නේද වර්ගපූර්ණයෙන් ?

    ReplyDelete
    Replies
    1. මළා. සමහරවිට ඇමරිකන්කාරයො, මිනිහගෙ ගණිත දැනුම නිසාම මිනිහව ඉස්සුව වෙන්නත් බැරි නෑ. උන්ගෙ වර්ගජ සමීකරණ විසඳගන්න. :)
      එතකොට ඝනජ සමීකරණ? ඊට වැඩි බලවල ඒව? රාවණාගෙත් මුක පූට්ටුවෙයි වගේ. :)

      Delete
    2. ඇයි බං ඝනපූර්ණය? 3 වෙනි බලයට වඩා ඉහල සමීකරන නම් සංකීර්ණයි.විසදුම් ගණනත් විඩිවේගන යනවනෙ.

      ආ ඒකෙන් තවත් පෙරැලිකාර සිංහල බ්ලොගයකට නමක් මතුවුණා,

      "ඝනපූර්ණිකාව"

      Delete
    3. ඊට වැඩි ඒවා ආවොත් “නිව්ටන් රුප්සන් පුන:කරණිකා“ වගේ එකක් හදමු...!

      Delete
    4. වර්ගපූර්නිකාවේ දැන් අ‍පගේ කමෙන්ට් දමන්න ඉඩදෙන්නේ නැත
      කමෙන්ටුවක් දැමූවිට
      ...Your comment will be visible after approval...
      ලෙස දිස්වී කමෙන්ටුව දිස්වීමට නොදෙයි .

      වර්ගපූර්නිකාවේ ඇති බොරැ හෙලිකරනවිට ජයරත්නට කරකියාගතහැකි දෙයක් නැතිවී අපගේ කමෙන්ට් වලකයි.

      Delete
  2. Oh my God!!!n කතන්දරකාරයාට වඩා කතන්ද්‍ර කාර් බලසම්පන්න කෙනෙක් බව පෙනේ. ඊලඟට CIA එකෙන් උස්සන්නේ කතන්දරවය. ඔහුගේ ආරක්ෂාව පිනිස, වහාම ඉතිරිව සිටිනා සියලූම (රාවණාගේ) ආරක්ෂක භටයන් මෙහි ලඟා වෙන මෙන් ඉල්ලා සිටිමි.

    කතන්දර මේ ඔය ලිපියේ කොනකින්ත් 18+ කියලා දාන්ට හොඳේ.:D

    ReplyDelete
    Replies
    1. මට නම් මතක් වුනේ අනේ මේ කොන්ඩේ කතන්දරගේ ඔලුවේ වැවුනනම් කියලයි

      Delete
    2. වර්ගපූර්නිකාවේ දැන් අ‍පගේ කමෙන්ට් දමන්න ඉඩදෙන්නේ නැත
      කමෙන්ටුවක් දැමූවිට
      ...Your comment will be visible after approval...
      ලෙස දිස්වී කමෙන්ටුව දිස්වීමට නොදෙයි .

      වර්ගපූර්නිකාවේ ඇති බොරැ හෙලිකරනවිට ජයරත්නට කරකියාගතහැකි දෙයක් නැතිවී අපගේ කමෙන්ට් වලකයි.

      Delete
    3. මාගේ කමෙන්ට් තවදුරටත් වර්ගපූර්ණිකාවේ පලනොකරන බව 2012/07/29 දින ජයරත්න පහත දැක්වෙන පරිදි වර්ගපූර්ණිකාවට ඔහු යෙදූ කමෙන්ටුවකින් දක්වා ඇත

      ****වර්ගපූර්ණිකාවේ ලිපි කියවීමට තරම් ඔබට බුද්ධිය වර්ධනය වෙන තුරු ඔබගේ කොමෙන්‍ටු අනුමත නොකරන බව සලකන්න.*****

      විවේචන නැතිකල ලියන ලිපි මොනවා වගේ ද කියා හැගෙයි නේද?

      Delete
  3. හික්ස් ..... මේක ටිකක් දුරදිග යනව වැඩියි වගේ නේද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  4. "ශ්‍රී රාවණා රජුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය වූ විශ්වජිතයින්"

    …රාවණාගේ පුත්‍රයා ඉන්ද්‍රජිත් නේද ??

    …කතන්ද්‍රකාර් මොනවා කිව්වත් දාගෙන ඉන්න මාලේ රත්තරන් බව නම් හැබෑව, ඒත් සුර රාජයා නම් තඹ බව සහසුද්දෙන්ම පෙනේ :D

    ReplyDelete
    Replies
    1. ඉන්ද්‍රජිත්නම් තමයි.. විකුම්බලා දේවියගෙන් වරම් අරන් තිබ්බ එක්කෙනානේ... කව්ද දන්නේ තව හිටියද කියලා.. අපි නොදන්න දේවල් හුගක් මේ රාවණා ගවේශකයෝ දන්නවා හසිත

      Delete
    2. ඔය අපි දන්නා ඉතිහාසෙනේ හසිත අයියේ.
      ඔව්ව විකෘති කරලා තියෙන්නේ.
      මම හිතන්නේ විශ්වජිත් වෙන්න ඇති නියම පුතා.සෙල්ලිපියක තිබුනද දන්නෙත් නෑ නේ එහෙම.

      Delete
  5. කතන්දරත් රාවණා ගැන ලියන්න පටන් අරං නේ... හොඳයි හොඳයි... රාවණා ගැන බ්ලොග් වල යන කතා කියවනකොට ලේ පිරිසුදු වෙනවා... :D

    ReplyDelete
  6. ඩේ = දිනය :D ඒක විතරක් ඉංගිරිසි වලින්

    ReplyDelete
  7. හික් හික්,, මේවා දැකල ඇහැරෙන්න ඉන්න රාවණ ආපහු බුදියගනී,,,

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත බං.
      ++++++++++++++

      Delete
    2. මාගේ කමෙන්ට් තවදුරටත් වර්ගපූර්ණිකාවේ පලනොකරන බව 2012/07/29 දින ජයරත්න පහත දැක්වෙන පරිදි වර්ගපූර්ණිකාවට ඔහු යෙදූ කමෙන්ටුවකින් දක්වා ඇත

      ****වර්ගපූර්ණිකාවේ ලිපි කියවීමට තරම් ඔබට බුද්ධිය වර්ධනය වෙන තුරු ඔබගේ කොමෙන්‍ටු අනුමත නොකරන බව සලකන්න.*****

      විවේචන නැතිකල ලියන ලිපි මොනවා වගේ ද කියා හැගෙයි නේද?

      Delete
  8. මගේ ලාගත් සුරයක් තියෙනවා ඒකත් ඔය කියන ජාතියේ එකක්ද කොහෙද...හිකිස්‌

    ReplyDelete
  9. කතන්දරට 50 ද 51 ද ලබන්නේ ?

    ReplyDelete
    Replies
    1. මාගේ කමෙන්ට් තවදුරටත් වර්ගපූර්ණිකාවේ පලනොකරන බව 2012/07/29 දින ජයරත්න පහත දැක්වෙන පරිදි වර්ගපූර්ණිකාවට ඔහු යෙදූ කමෙන්ටුවකින් දක්වා ඇත

      ****වර්ගපූර්ණිකාවේ ලිපි කියවීමට තරම් ඔබට බුද්ධිය වර්ධනය වෙන තුරු ඔබගේ කොමෙන්‍ටු අනුමත නොකරන බව සලකන්න.*****

      විවේචන නැතිකල ලියන ලිපි මොනවා වගේ ද කියා හැගෙයි නේද?

      Delete
  10. මුළු අවකාසෙටම රාවණ සිද්ධම්...

    හූ..ඈ... :-)

    ReplyDelete
  11. කතන්ද්‍ර දරුව,

    CIA පරසුද්දන්ගේ අත්අඩංගුවට පත් වූයේ මීවනපලානේ ජයරත්නයන්ය, හෙතෙම මීවනපලානේ රාජපක්ෂයන් ගේ ඥාතිවරයෙකි. ඒ හැර රාජපක්ෂයන් අත්අඩංගුවට පත්වූ බවක් දැනගන්නට නැත.

    ReplyDelete
  12. පිස්සු නැත්නම් ෂෝක් :D :D :D
    බොහොම ස්තූතියි උදේ පාන්දර හිනැස්සුවාට :D :D

    ReplyDelete
  13. මොකට මේ හැටි ජයරත්නයව මුරුංගා අත්තේ නග්ගනවද මන්දා?

    ReplyDelete
    Replies
    1. මුං ඔකකොම එක් වෙලා අපිව මුරැංග අත්තෙතියයි වගේ

      Delete
    2. මාගේ කමෙන්ට් තවදුරටත් වර්ගපූර්ණිකාවේ පලනොකරන බව 2012/07/29 දින ජයරත්න පහත දැක්වෙන පරිදි වර්ගපූර්ණිකාවට ඔහු යෙදූ කමෙන්ටුවකින් දක්වා ඇත

      ****වර්ගපූර්ණිකාවේ ලිපි කියවීමට තරම් ඔබට බුද්ධිය වර්ධනය වෙන තුරු ඔබගේ කොමෙන්‍ටු අනුමත නොකරන බව සලකන්න.*****

      විවේචන නැතිකල ලියන ලිපි මොනවා වගේ ද කියා හැගෙයි නේද?

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. රාවනා හිටියනම් මුලින්ම කරන්නේ පිස්සන් කොටුවට දානෙක "ජයරත්නව" අල්ලලා ...

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් යන්න උබලට එව්වයේ වටිනාකම තේරෙන එකක්යැ.. මම ගියා දවසක් නීලගිර කේවනරප්ප ප්‍රදේශයට.. ( පාර අහන්න එපා ) දැන් යන්න බෑ විභීශන දෙවියො ඒ ප්‍රදේශය ආරක්ශා කරනවා.. එතනදි මට මහ අමුතු දේවල් දැනුන බන්...

      Delete
    2. ඒ දැනිල බයවෙච්ච පාර නේද උඹ රට පැන්නේ??

      Delete
    3. අයි උබට විභීශණ මෙනවහරි කරා ද?

      Delete
  16. හුටා මහරජ කිව්වලු ! ටිකක් විපරම් කරාට පස්සෙනේ අද කතන්දරේට හේතුව තේරුනේ... "මිරර්" එකෙන් ගියාම අති නවීන දඬු මොනරෙක් පෙනිලා නොපෙනී ගියා... මේකනම් රාමාටත් වඩා ප්‍රබල ව්දේස කුමන්ත්‍රණයක්, ආක්‍රමණයක්. 2012 ඔක් 27 වෙනිදා බලමු..

    කෝ මේ මව් බිමේ ආරක්ෂාවට දැම්ම පංචායුධේ... නූල කැඩිලා බිම වැටිලාවත්ද?

    ReplyDelete
  17. මීවනපලානේ ජයරත්න යනු සුජීව කොකාවලය. අත හිත මාරයාගෙනි.

    ReplyDelete
    Replies
    1. :) අන්න එහෙම වරෙන්.

      පොඩ්ඩක් හිටපන් මචන් තව ටික දවසකින් ඔය පින්තුරේ අයින් කරමු.

      Delete
  18. අඩේ අපි විතරයි නෙව මේ මහා පරපුරේ පුරුකක් නොවී ඉන්නෙ..... හිටහල්ලකෝ දවසක් දෙකක් හොයා බලන්න...!

    ReplyDelete
  19. @කකා.

    ඔක්තෝබර් 27 ඉපදිච්ච ඔක්කොම බුවලාට ඔය රාවණාගෙ බැල්ම වැටෙනවද??

    ReplyDelete
    Replies
    1. මමත් 27 නෙව! දැනුයි මතක් උනේ.....

      Delete
  20. MEWAGE SAMPAP PRALAPA WALATA MONWA KIYANNADA. PISSU THADA WELADA?

    ReplyDelete
  21. පොඩි එවුන් මේවා කියවලා ඇත්ත යැයි හිතාවි. හැබැයි මේකෙන් හෙළ හවුල් නම් චා වෙනවා

    ReplyDelete
  22. එකසැරේටම කියන්න හැදුවෙ පල්ලමානික්කම් නිසා කොලපාට වෙලා කියල. දැං බැලුවම රාවේනියම් ලෝහයෙන් නේ හදල තියෙන්නෙ.
    කොහොමිං කොහොමිං හරි නිර්වස්ත්‍ර උඩුකයත් පෙන්නුව නේ.

    ReplyDelete
    Replies
    1. ඕක නෙවෙයි බන් හරි සුරේ... නියම සුරේ විවිද අවස්ථවල විවිධ ප්‍රමානයන්ගෙන් යුක්ත වෙනවා... භාහිර ලෝකයට සංවේදීතාවයක් දක්වනවා.... ස්ව්භවිකව තෙල් නිෂ්පාදනය වෙනවා.... තව මහ හුඟක් දේවල් තියෙනවා

      Delete
  23. රාවණා සීන් එක නැගලා යනවා!

    ReplyDelete
  24. රාවේණියම් කියන මෙව්වා එක විකිරිණශිලිද...? අපේ ගෙදර ලයිට් ගියාම එල්ල ගන්​න ඕනේ අයියේ කෑල්ලක්. පුළුවන්නම් රාවනා නැගිටින්න කලින් හොයාගන්න ඕනේ.

    මහාචාර්ය මීවනපලානේ රාජපක්‍ෂ උදවු කරයිද දන්නේ නෑ නේද... :D

    ReplyDelete
    Replies
    1. රාවේණියම් වල ස්කන්ධ ක්‍රමාංකය, පරමාණුක ක්‍රමාංකය එහෙම කොහොමද දන්නෑ නේද?

      Delete
  25. අද මාරයාගේ පොස්ට් එක හරහා ගිහින් මේ බ්ලොග් එක කියවනකං මමත් හිතාන හිටියේ වෙනම විදියකට. ඒත් මෙතන කමෙන්ට් එකක සත්‍යය තියනවා. දැන් නම් මටත් හිතෙන්නේ මේ මනුස්සයා මේ පුස් රාවණාවරුන්ට ව්‍යංගයෙන් පහර ගැහුවා කියලා. කොහොම වුනත් ඔහු මාකටින් පොරක්. දක්ෂයෙක්. නියම වෙලාවේ නියම කොලේ අදින්න දන්නවා.

    ReplyDelete
  26. අර දාල තියෙන කටු සටහන අනිත් පැත්තට බැලුවනම් ??

    ReplyDelete
  27. ඒ කෝඩින් පාර හොයාගන්න ඕන අෆ්ෆා :)

    ReplyDelete
    Replies
    1. වර්ගපූර්නිකාවේ දැන් අ‍පගේ කමෙන්ට් දමන්න ඉඩදෙන්නේ නැත
      කමෙන්ටුවක් දැමූවිට
      ...Your comment will be visible after approval...
      ලෙස දිස්වී කමෙන්ටුව දිස්වීමට නොදෙයි .

      වර්ගපූර්නිකාවේ ඇති බොරැ හෙලිකරනවිට ජයරත්නට කරකියාගතහැකි දෙයක් නැතිවී අපගේ කමෙන්ට් වලකයි.

      ****** ජයරත්නට පක්ෂව ඇති කමෙන්ට් පමනක් පලවේ ****

      Delete
  28. Replies
    1. වර්ගපූර්නිකාවේ දැන් අ‍පගේ කමෙන්ට් දමන්න ඉඩදෙන්නේ නැත
      කමෙන්ටුවක් දැමූවිට
      ...Your comment will be visible after approval...
      ලෙස දිස්වී කමෙන්ටුව දිස්වීමට නොදෙයි .

      වර්ගපූර්නිකාවේ ඇති බොරැ හෙලිකරනවිට ජයරත්නට කරකියාගතහැකි දෙයක් නැතිවී අපගේ කමෙන්ට් වලකයි.

      ****** ජයරත්නට පක්ෂව ඇති කමෙන්ට් පමනක් පලවේ ****

      Delete
  29. වර්ගපූර්ණිකාව ගැන එලටම පැහැදිළි කරල තියෙන කොමෙන්‍ටු ටික මෙන්න. මේ ටික වර්ගපූර්ණිකාව ගැන තියෙන අනිත් බ්ලොග් වලටත් කිපි කරපල්ල, නැත්නම් හිතල නොබලන උන් අමාරුවෙ වැටේවි.

    අසoකJuly 3, 2012 7:08 PM
    මට නම් හිතෙන්නේ වර්තමානයේ නොයෙකුත් විකාර රූපි මුලාශ්‍රර හා වචන පෙරලි කරමින්,රාවනා රජු,බුදුදහම හා ලංකාවේ ඉතිහාසය හිතාමතා දුශනය කිරීමට,විරුද්දව උපහාසාත්මකව පහර දීමට ගත් උත්සහයක් ලෙසයි,බොහෝ දුරට එම ලිපි වලට පාදක වෙලා තිබුනේ ඔය රාවනා සෙට් එකේම බ්ලොග් වල දාලා තිබුනු ලිපි.
    මෙම බ්ලොග් එක අවකාශයට පිවිසීමත් එහි ලිපි ගලා යාමත්, අවසනයත් බොහොම සිත්ගන්නා සුලු විදියට කලා,
    අනික් විශේශම කාරනාව යලිදු බ්ලොග් එක පටන්ගන්නේ නම් එයද බොහොම ලස්සනට පටන් ගත හෑකි අයුරිනුයි මොහො මෙම අවසානය දුන්නේ....

    AnonymousJuly 4, 2012 5:30 AM
    හරියටම හරි. බ්ලොග් කියවන, ලියන මහා පණ්ඩිතයන්ට උපහාසය, ව්‍යංගාර්ථය, උත්ප්‍රාසය වගේ දේවල් තේරෙන්නෙ නැති එක බේදජනකයි. බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියන මීවනපලානේ ගොයියාගේ නමත්, ජයරත්න අඟමලේගේ නමත් එකට ඈඳා ඔහු කරගෙන ගියේ එවන් බේගල්කරුවන් උපහාසයට ලක් කිරීමයි. නමුත් ඒ බව තේරුම් ගත නොහැකි මෝඩයන් ඉන්නා තරමට, තව තවත් මීවනපලානේලා, ජයරත්නලා, සිරිවර්ධනලා, සමන්තභද්‍රලා මෙන්ම රාජපක්ෂලාද බිහිව රටක් මුලාවට පත් කිරීම සිදු නොවන්නේ ද?

    AnonymousJuly 4, 2012 11:28 AM
    සිංහල වචනයක් තියෙනවා "සාකැසම්" කියලා...
    තේරුම හොයාගෙන ඉගෙන ගනිං.
    කමෙන්ට දාලා විහිලු සපයපු අයට ආඩම්බර වෙන්න පුලුහං "කොහොමද මගෙ ටිකිරි මොලේ" කියලා..
    පහුගිය දවස් කීපයේ බුකියෙයි, සිංහල දේශප්‍රේමි වෙබ් අඩවි ටිකයි කැම්පේන් කරා නෙව මේ බ්ලොග් එක රිපෝට් කරන්න කියලා.. ඕන්න උඹලා ඉල්ලන පරක්කුවෙන් දීලා.. හැක හැක..

    සුරේන් විජේතිලකJuly 4, 2012 1:50 PM
    ජාව ස්ක්‍රිප්ට් එක හොයා ගත්ත කියල කෑ ගහන බුවාලාට නොතේරෙන දෙයක් තියෙනව. උන් හිතන්නේ ජාව ස්ක්‍රිප්ට් එක බ්ලොග් එකේ body එකට (බ්ලොග් එකේ අගට) දාල මීවනකාරය චාටර් වුණා කියලයි. මොකද එහෙම දාපු හින්දා බ්ලොග් එක ටිකක් ලෝඩ් වුණාට පස්සෙ තමයි අර CIA පින්තූරය වැටෙන්නෙ.
    නමුත් ජාව ස්ක්‍රිප්ට් එක බ්ලොග් එකේ head එකට (බ්ලොග් එකේ මුලට) දැම්මනම් බ්ලොග් එක ලෝඩ් වෙන්නේ නැතිව කෙළින්ම අර CIA පින්තූරය වැටෙනව. එසේම ඔවුන් තර්ක කරන විදියට ජාව ස්ක්‍රිප්ට් එකක් නොමැතිව සාමාන්‍ය HTML වලින් පින්තූරෙ දැම්මනම්, ජාවස්ක්‍රිප්ට් ඩිසේබල් කරලා බ්ලොග් එක කීයටවත් බලන්න බෑ.
    නමුත් මේකයි කතාව, මට හිතෙන විදියට අර විදියට ජාවස්ක්‍රිප්ට් ඩිසේබල් කරලා බ්ලොග් එක කියවන්න පුළුවන් විදියට දාල තියෙන්නෙ මීවන කාරයාගේ මේ මාකටිං පාර එක හින්දා වර්ගපූර්ණිකාව ගැන අළුතෙන් දැනගත්ත අයට කියවීමට අවස්ථාව ලබා දීමට විය යුතුයි. මීට කලිනුත් ඔය වගේ හැකිං සෙල්ලම් බ්ලොග් අවකාශයේ අපි දැකල තිබුණත් ඒ වගේ බ්‍රිලියන්ට් අයිඩියා එකක් දැක්කෙ නෑ නේද?
    "ඔය ටික නොතෙරෙන උදවියත් අපි අතරේ සිටීම තවත් ආතල් එකකි..."

    Asanka Udayanga
    ජයරත්න ලොක්කා වෑඩ කාරයා,මිනිහා බ්ලොග් එක නෑවෑත්තුවේ තවත් කතාවකට මුලපුරලා,ඇත්තටම බ්ලොග් එකේ හොද ගලා යාමක් තිබුනා,හරියට නිකන් නාට්‍යක් වගේ,රාවනා රජු,බුදුදහම,ලංකාවේ ඉතිහාසය තමන්ට කෑමති අන්දමින් වෙනස් කරමින් ස්ව‍යන්වින්දනයේ යෙදුනු උගතුන් කියාගත් අදබාලයින්ට හාස්‍යත්,උපහාසයත් මුසුව ලබාදුන් සාර්තකම පිලිතුර ජයරත්න මහත්ත්යා දුන්නා කියලා මම හිතන්නේ....

    ReplyDelete
    Replies
    1. චතුෂ තුෂර කුමාර
      මට පේන විදියට රාවණා රජුට ලොකුම අපහාසය කෙරුනේ ඔහුගේ උරුමය අයිටී කාරයින්ට සහ ග්‍රැෆික් බුවාල අතට ගියායින් පස්සේ... කොම්පීටරගේ මොනිටරයෙන් එහාට ලෝකයක් නොදකින කට්ටිය තමන්ගේ හීන ලෝකෙට රාවණා දමා ගැනිමත් සමඟම ඔහුවත් තවත් එක සුපර් මෑන් කෙනෙකු කරන්නට යාම හරහා බිහි වූ නිර්මාණ හරහා රාවණා පීචං කලේ උන්ය...
      ජයරත්නයන් කලේ ඔවුන් කරන අඳ බාල වැඩ ගැන ඔබට හිතන්නට අවස්ථාවක් ලබා දීමයි.. එහෙත් ඒ අස්සෙත් අපේ උන් කතාව තේරුම් නොගෙන තමන් දන්නා ජාවා ස්ක්‍රිප්ට් ගැන සොයමින් කාලය කති.
      මොනවා කරන්නද නානත්ත කායා..නානත්ත සංඥා... :D

      චතුෂ තුෂර කුමාර
      ඔය හුගක් ලිපි ජයරත්නගේ එව්වා නෙවෙයි..බොහෝ විට රාවණ කරට අරං හීන කතන්දර දෙඩෙව්ව බුවාලගේ ඒවා...අර රන්දිව පත්තරේ ලිපි එහෙම තවා වැඩි හරියක්.. ඒත් ජයරත්න ඒ ලිපි ගැන අපිට නියම විදියට බලන්න අවස්ථාව දුන්නා.. ඒත් ඒකත් අපේ අය තේරුං ගත්තේ නැහැ..මොකද තාමත් අර රාවණ හීනේ හිතෙන් ගිහින් නැති හින්දා... ඔය ලිපිය උනත් කවුරුවත් එව්වා කියලා දැම්මට ටිකක් හිතලා බලන්න එහෙම එව්වා කියලා ලිපියක් දැමීම හරහාත් කලේ සාර්ථක නිර්මාණයක් නෙවෙයිද කියලා..

      Asanka Udayanga
      මාහාචාර්‍ය‍ය මිරෑන්ඩොයි,ආචාර්‍ය සුරිය ගුනසේකරයි කියපු කතා තමයි බහුතරයක් වර්ගචුර්නිකාවේ ගියේ,ප්‍රශ්නය තියෙන්නේ මේ දෙන්නා ගේන තර්ක මහ ලාමක පදනමක් මත පදනම් වෙලා තියෙන්නේ,එක්කෝ ලොවෙත් නෑති පුස්කොල පොතක් කියයි,නෑතිනම් කඩලා දාපු සෙල් ලිපියක් කියයි,
      නිකමට හිතලාබෑලුවොත් ඔච්චර දිවුනු තාක්ශනයක් තිබුනු කාලයක මේ තරම් ප්‍රාතමික ලේකන කලාවක් තිබුනේ ඇයි,
      මට නම් හ්තෙන විදියට මේ දෙන්නම තමන්ගේ පෑවෑත්මට මේ විකාර දොඩවනවා කියලා.

      Sujeewa Kokawala
      මී ජයා නොලියු එහෙත් එවැනිම අනෙක් කතා (රන්දිවේ යන ඒවා, සූරියාගේ ඒවා) ඇත්ත වෙන්නත් මී ජයා ලියූ ඒවා බොරු වෙන්නත් හේතුව කුමක්ද? ඒවා ඔක්කොම එකම විදිහට හදලා තියෙන්නේ.

      Delete
    2. වර්ගපූර්නිකාවේ දැන් අ‍පගේ කමෙන්ට් දමන්න ඉඩදෙන්නේ නැත
      කමෙන්ටුවක් දැමූවිට
      ...Your comment will be visible after approval...
      ලෙස දිස්වී කමෙන්ටුව දිස්වීමට නොදෙයි .

      වර්ගපූර්නිකාවේ ඇති බොරැ හෙලිකරනවිට ජයරත්නට කරකියාගතහැකි දෙයක් නැතිවී අපගේ කමෙන්ට් වලකයි.

      ****** ජයරත්නට පක්ෂව ඇති කමෙන්ට් පමනක් පලවේ ****

      Delete
  30. ඩිජිටල් ඡායාරූපකරණය පළමුවරට සොයාගන්නා ලද්දේ රාවණා රජතුමා විසින් බව මේ සංසිද්ධිය මැනැවින් පෙන්වා දෙයි.

    මේ කතාව වූකලී බ්ලොග් ලියා පොරක් වන්නට නොහැකි බව එක්තරා ඇනෝවරයෙක් විසින් ඔප්පු කිරීම නිසා දැඩි කළකිරීමටත් ඉච්ඡා භංගත්වයටත් පත්වූ කතන්දරකාරයාගේ තවත් උප්පරවැට්ටියක් ලෙස කිසිවකු විසින් නොසැළකිය යුතුය.

    මේ කියා ඇති කතාව සැබෑවක් බව පෙනී යන්නේ ඉහත ඡායාරූපයේ දැක්වෙන කතන්ද්‍රකාර් මහසෙනවියාගේ පපුවේ මයිල් ගස් පවා කතන්දරකාරයාගේ මෙන්ම පිහිටා තිබීම නිසාය.

    -Traffic Ano-

    ReplyDelete
  31. මටනම් හිතෙන්නෙ මීවනපළානේ ජයරත්න කියන්නෙ ඉස්සර කොලු බ්ලොග් එක ලියපු බුවා කියල. එකම ලැජ්වේජ් ස්ටයිල් එක

    ReplyDelete
  32. කකාද ජයරත්න සරණ ගොස් ඇති බව පෙනේ...
    ජය ශ්‍රී....!
    ඔහොම යං

    ReplyDelete
    Replies
    1. හෑ..........????????? කොහෙද බං?

      Delete
    2. වර්ගපූර්නිකාවේ දැන් අ‍පගේ කමෙන්ට් දමන්න ඉඩදෙන්නේ නැත
      කමෙන්ටුවක් දැමූවිට
      ...Your comment will be visible after approval...
      ලෙස දිස්වී කමෙන්ටුව දිස්වීමට නොදෙයි .

      වර්ගපූර්නිකාවේ ඇති බොරැ හෙලිකරනවිට ජයරත්නට කරකියාගතහැකි දෙයක් නැතිවී අපගේ කමෙන්ට් වලකයි.

      ****** ජයරත්නට පක්ෂව ඇති කමෙන්ට් පමනක් පලවේ ****

      Delete
  33. යකෝ...එතකොට කකා තමා මගේ ෆ්‍රෙන්ඩා.

    ReplyDelete
  34. මෙතුවක් කල මා හිතාගෙන සිටියේ රාවණාගේ සෙනෙවියන් වූ කලි විශාල වූ මස් පිඩු ඇති මෙව්වා ඒවා මෙව්වා වෙච්ච පොරවල් කියාය.නමුදු කතාවේ මැදට යනවිට "කතන්ද්‍ර කාර්" යනු කතන්දර බාප්පාගේ ආදිතමයෙක් යන්න වැටහීම නිසා දුර්මුක උන සිතින් යුතුව මාගේ සියලුම චින්තනයන් හකුලා ගතිමි.මෙසේ බලන කල කතන්දර බාප්පා එසේමෙසේ පොරක් නෙවේය.ඇන්ටික් පෙළපතක් ඇති ගරුකටයුතු පොරකි.හඃ හඃ හඃ....

    කතන්දර බාප්පේ එල කතාව ................... ;)

    ReplyDelete
  35. කොහොමින් කොහොම හරි පපුවෙ තියන මයිල් ටික පෙන්න ගත්ත නෙ... කොහොම උනත් කතාව පට්ටයි.

    ReplyDelete
  36. ඔහ් අයි සී ද සී.අයි.ඒ.

    ReplyDelete
  37. මේකෙ බලසම්පන්න බව වැඩිවෙන්න නම් ඝණ පූර්ණය තියෙන්න ඕන.

    ReplyDelete
  38. ඕඕඕඕඕඕඕඕඕඕඕඔඔඔ එදා වෙනකන් ඉන්නන්කෝ ඈ

    ReplyDelete
  39. Replies
    1. වර්ගපූර්නිකාවේ දැන් අ‍පගේ කමෙන්ට් දමන්න ඉඩදෙන්නේ නැත
      කමෙන්ටුවක් දැමූවිට
      ...Your comment will be visible after approval...
      ලෙස දිස්වී කමෙන්ටුව දිස්වීමට නොදෙයි .

      වර්ගපූර්නිකාවේ ඇති බොරැ හෙලිකරනවිට ජයරත්නට කරකියාගතහැකි දෙයක් නැතිවී අපගේ කමෙන්ට් වලකයි.

      ****** ජයරත්නට පක්ෂව ඇති කමෙන්ට් පමනක් පලවේ ****

      Delete
  40. නිලමැස්සො සිංහල බ්ලොග් අවකාශයට ඉඟද තියලා :))

    ReplyDelete
  41. මමත් රාවණ පරපුරේ පොරක් ;)

    ReplyDelete
  42. ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම කතන්ද්‍රකාර් පරපුරේ සියළු දෙනාගේ ස්තුතිය හිමිවේ.

    ReplyDelete
    Replies
    1. මාගේ කමෙන්ට් තවදුරටත් වර්ගපූර්ණිකාවේ පලනොකරන බව 2012/07/29 දින ජයරත්න පහත දැක්වෙන පරිදි වර්ගපූර්ණිකාවට ඔහු යෙදූ කමෙන්ටුවකින් දක්වා ඇත

      ****වර්ගපූර්ණිකාවේ ලිපි කියවීමට තරම් ඔබට බුද්ධිය වර්ධනය වෙන තුරු ඔබගේ කොමෙන්‍ටු අනුමත නොකරන බව සලකන්න.*****

      විවේචන නැතිකල ලියන ලිපි මොනවා වගේ ද කියා හැගෙයි නේද?

      Delete
  43. ගොන් පාට්

    ReplyDelete
  44. මචන් රවනා රජ්ජුරුවන්ගෙ mobile එක ඈපල් 4s එකක් ලු

    ReplyDelete
  45. රාවනාටත් නැගිටින්න ගංගානම් ගගේම වතුර ඕන ද? ඒකත් ඉන්දියන් අන් ලියපු එකක්ද කොහෙද? උබලට මෙලේ නැද්ද ඔයවගේ දේවල් විෂ්වාස කරන්නග

    ReplyDelete
  46. සුරය දාගෙන ඉන්න චේන් එක මැෂින් කට් වගේ

    ReplyDelete
  47. රාවනාගෙ නැගිටීම කෙසේ වෙතත් රාවන් අර පක්ෂෙන් මේ පක්ෂෙන් එයි කියන්නෙ නම් යටි කූට්ටු වැඩක්. රාවනා ඔය කියන් තරම් බලගතු නම් පක්ෂගානෙ යන්නෙ ඇයි. අනික මම අර 8 සිල් ගැනත් කරනීයමෙත්ත සූතය ගැනත් කමෙන්ට් දැම්මට පස්සෙ දැන් ඒව හදල බයිල ගහනවාග උත්තර දීපන්කො......

    ReplyDelete
  48. රාවනාට න්‍යෂ්ටික අවි තිබුනනම් රාමා වැනි එකෙකුට පැරදෙයිද? ඔයාම කියල තියනව නේද තව සුර තිබුන කියල ඒවයෙ න් ඔය කියන අවි ක්‍රියාත්මක කරල රාමව නවත්වන්න තිබුනෙ නැද්ද. කියන විදිහට රාමට දියුණු අවි මොකුත්ම තිබිල නැහැනෙ.ඒ උනත් පොර රාවනත් එක්ක සටනට ආවනෙ. තමන් පරදිනව කියල දැනදැනත් සටන් කරයිද? රාමා දැනගෙන හිටිය රාවනාව පරද්දන්න පුලුවන් කියල......

    ReplyDelete
    Replies
    1. විදු මං මේ ගැන එක්ස්පර්ටයෙක් නොවෙයි. වැඩි විස්තර සඳහා වර්ගපුරනිකාව බලන්න.

      http://vargapurnikava.blogspot.com/

      Delete
    2. වර්ග පූර්නිකාවෙ පුස්කොලේ තිබුන කියල කියපු බොරුව දිරව ගන්න බැරුව හිරවෙලා.

      Delete
    3. කියවන්නෝ සිහිබුද්ධියෙන් කියවන්න ඕනෑ. අර රජා ගේ නොපෙනෙ ඇඳුම වගේ තමයි. බුද්ධි මට්ටම අනුවයි තේරෙන්නේ.

      Delete
  49. (ඉනි=මුල්, ෂියල්=අකුරු, මුළකුරු) බර්ත්=බරත=භූමිය, ඩේ=දිනය, මේ වගේ දේ වලින් පේන්නෙ දැන් සිංහල වලට වඩා රාවනා කාලෙ සිංහල ඉංග්‍රීසි වලට සමීපයි කියල. රාවනා සුද්දෙක්ද දන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. එංගලන්තයේ ජනාවස පිහිටෙව්වේ රාවණාගේ සෙනෙවියෝ. එදා මුළු ලෝකෙම රාවණාධිරාජධානය.

      Delete
    2. එංගලන්තෙන් සෙල්ලිපි ලැබුනද?

      Delete
    3. රාවනා ලෝකෙම නෙවයි සක්වලම රජ කලත් යුද්දෙන් ඉවර උනානෙ. එයාගෙ කිසිම තාක්ෂණයක් වත් ඉතුරු උනේ නැහැනෙ. සුද්දට අදිනව නෙවෙයි සුද්ද හොරකම් කරල හරි එවයින් අපිටත් වැඩක් තියනවනේ රාවනා කලේ ඒවා හංගපු එකනෙ.

      Delete
    4. පුතා, මං මුලින් හිතුවෙථ ඔයාට තේරෙනවාය කියලයි.
      මේවා සේරම විහිළු!
      ඔයා නිකං හැබෑවට ගන්නවා නේ.

      Delete
    5. ඇත්ත ටිකක් තියනව. උබලගෙ විහිලු තමයි අල්ලන්නෙ නැත්තෙ. රාජයා රත්නය උබල ඒව කියන්නෙ මිනිස්සු අන්දන්නද නැත්තන් බයකරන්නද?

      Delete
  50. මෙහෙම බැලුවහම ඉංග්‍රීසි හැදිල තියන්නෙ රාවනාගෙ කාලෙ සිංහල වලින්නෙ. අපේ සිංහල හැදුනේ උබේ අහවල් එකෙන්ද?

    ReplyDelete
  51. ඔයා කතන්දර කියල දාගෙන ඉන්නෙ *කතන්ද්‍ර කාර්* කියල පෙන්වන්න ද? පද නිරුක්තියත් ඉදිරියේදි දායි නේද?

    ReplyDelete
  52. කතන්දරේ ඔයා මේක දන්නවද?

    නවලක්ෂයක් ග්‍රන්තද ඇති රන් පොතලු
    නවලක්ෂයට නවයක් පොත් ලිව්වාලු
    නවලක්ෂයක් නාරයන ලිව්වාලු
    ........................

    ReplyDelete
  53. අර කවියෙ අන්තිම පදය ලියන්නවත් මුං reply කරන්නෙ නැහැනෙ
    මුං දන්න රාවනා. කතන්දරේ ඔයාගෙ යාලුව අර මී ගවයට ඕක කියල බැලුවෙ නැද්ද?
    උගේ තාපසයගෙන්වත් අහන්න කියල...

    ReplyDelete
  54. මාගේ කමෙන්ට් තවදුරටත් වර්ගපූර්ණිකාවේ පලනොකරන බව 2012/07/29 දින ජයරත්න පහත දැක්වෙන පරිදි වර්ගපූර්ණිකාවට ඔහු යෙදූ කමෙන්ටුවකින් දක්වා ඇත

    ****වර්ගපූර්ණිකාවේ ලිපි කියවීමට තරම් ඔබට බුද්ධිය වර්ධනය වෙන තුරු ඔබගේ කොමෙන්‍ටු අනුමත නොකරන බව සලකන්න.*****

    විවේචන නැතිකල ලියන ලිපි මොනවා වගේ ද කියා හැගෙයි නේද?

    ReplyDelete
  55. මී ජයා හෙවත් එම නමින් ලියන රංග විජේවර්ධනයා කවදාවත් විජයගෙන් පෙර ඉතිහාසය පිලිගත්තෙකු නොවේ. ඔහු දිගින් දිගටම කලේත් දැනට කරමින් සිටින්නේත් පෙර විජය ඉතිහාසයට හා එම ඉතිහාසය සොයා යන්නන් සමච්චලයට ලක්කිරීමයි.
    අරියසෙන් අහුබුදු, ජයරත්න පතිර ආරච්චි , රාවන සොයුරන් , මීවනපලානේ හිමියන් ඇතුළු බොහොමයක් මොහුගේ මෝඩ ගැරහීමට ලක්වී ඇත. විජේවර්ධන ඔහුගේ මෙම අන්වර්ථ නාමය යොදාගෙන ඇත්තේද මීවනපලානේ හිමිට හා ජයරත්න පතිර ආරච්චි මහත් වරුන්ට අපහාස වනපරිධිය. අත්තෙන්ම ඔහුගේ පසුබිම සොයාගෙන ගියහොත් ඊට හේතුව පැහැදිලිවේ.
    එනම් ඔහු ආඬි සම්භවයක් ඇත්තෙකි. එවනි සම්භවයක් ඇත්තන් බොහෝවිට කලේ පිරිසිදු සිංහලයින්ට හා ඔවුන්ගේ ඉතිහාසයට අපහාස වනලෙස හැසිරීමයි. ඔබ ඔහුගේ ලිපි හොඳ සිහියෙන් කියෙව්වානම් ඔහුගේ යටි අරමුණ මනාව පැහැදිලිවේ.

    ReplyDelete
  56. මෙව්ව බලන්න රාවණා රජ්ජුරුවො හිටියනම් මුන්ව හම ගහනවා.අනේ අපොයි අපෙ ඉථිහාසෙ කන්න ථියෙන ආසාවක් අම්මප

    ReplyDelete
  57. ඊයේ උපත නිසා අද විපතද.. ලොල්

    ReplyDelete
  58. වෙලාවට මම රාවණ නොවුනේ නැත්තම් මුන් මාවත් විකුණනවා :v

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.