Monday 7 May 2012

ඔහේලා ගේ තීන්දුව කුමක්ද? (නමක වත) - You are the Jury (name change)


මෙතන ඇත්තටම ඔහේලාගෙන් තීන්දු එකක් නෙමේ දෙකක්ම අවශ්‍යයයි. එකක් අද, අනික බදදා.

මං ඉස්සෙල්ලා අද කතන්දරේ කියන්නම්. ඊට පස්සේ මේ කතාවේ කතානායක, කතානායිකා යුවල කරපු වැඩ දෙකක් ගැන පාඨක ඔබේ ප්‍රතිචාරය දෙන්න.

කතානායක මහත්තයා ගේ නම ආසිරි. නෝනා විශාකා. දෙන්නා බැඳලා ටික කාලෙකින් මේ යුවලට දරුවෙක් උපන්නා.

මාස තුන හතරක් ගෙදර ඉඳලා බබා බලා ගත්තු නෝනා ඔන්න ආපහු කන්තෝරු යන කාලය උදාවුණා.

බබාව බලාගන්න මේ ජෝඩුවගේ ඇන්ටි කෙනෙක් කැමති වුණා. ඊට අමතරව ගෙදර දොරේ උයන පිහන, අස්පස් කරන, වැඩපොළ ටික කරගන්න උදව්වෙන්න දුර ගම්පලාතකින් ගෑණු කෙනෙක්ව හොය ගත්තා බොහෙම අමාරුවෙන්.

ගෑණු කෙනෙක් කිව්වට මේ අවුරුදු විස්සක විතර තරුණියක්. ඉස්කෝලේ ඉගෙනීම අහවරකරළා, ගෙදර අම්මට උදව් වෙවී ඉඳලා අන්තිමේදී හොයා ගත්තු ජොබ් එක තමයි මේ.

මං කියෝලා තියෙන සමහර නවකතාවල, කෙටිකතාවල හෙම තිබුණා මේ විදියට ගමේ කෙල්ලෙක් නගරයේ බංගලාවක වැඩට ආපුවාම, ඒ කෙල්ලගේ ඇත්ත නම වෙනුවට මැගී, මැණිකා වගේ නමකින් කතාකරන්න පටන්ගන්නවා බංගලාවේ නෝනයි, මහත්තයයි.

මෙතනදීත් වුනේ ඒ වගේ වැඩක් තමයි.

හැබැයි පොඩි ට්විස්ට් එකක් තියෙනවා.

ඔන්න තමන් ගේ තාත්තා එක්ක කෙල්ල කොළඹ වැඩට ආවා.

"මේ ළමයගේ නම මොකක්ද?" නෝනා ඇහැව්වා.

"ආසිරි" කෙල්ල කිව්වා.

"ආ, ඇත්තද? වෙන නමක් නැද්ද?" නෝනා ඇහැව්වා.

"ආසිරි සුසන්තා කියලයි නෝනා උප්පැන්නේ තියෙන්නේ."

"හොඳයි, එහෙනං අපි මේ ළමයට ගෙදරට සුසන්තා කියලා කතා කරන්නං."

කෙල්ලගේ නං ඒ නමට වැඩි කැමැත්තක් තියෙන්න නැතුව ඇති. ඒත් නෝනයි මහත්තයයි එදා ඉඳන් කෙල්ලට කතාකරන්න පාවිච්චි කළේ සුසන්තා කියන නමයි.

උප්පැන්නේ නම තිබුණට, ආසිරි කියලා මිස, සුසන්තා කියලා ජීවිතේටම කවුරුවත් කතා කරලා නොතිබුණු නිසාද කොහෙද, කෙල්ලට කාලයක් ගියාලු සුසන්තා කියලා නම ඇහුණම ඒ තමන්ටය කියලා හිතෙන්න.

මගේ ප්‍රශ්ණය මේකයි.

එහෙම නම වෙනස් කිරීම හරිද, වැරදිද?

-කතන්දරකාරයා

ප/ලි:
කොහොම වුනත් මේ කෙල්ලගේ ජොබ් එක මාස තුන හතරකින් අවසාන කරන්න වුණා ලු. ඒ කතාව සහ ඔහෙලාගේ ඒ ගැන තීන්දුව බදදාට බලාපොරොත්තුවන්න.

(image: http://sharonscrapbook.blogspot.com.au/2009/05/professional-homemaker.html)

42 comments:

  1. කියලා තියෙන දේ අනුවනං කියන්න තියෙන්නෙ මෙතන නම වෙනස් කිරීමක් කරලා නැහැ නේද, ඒ නිසා එතන වැරැද්දක් (හෝ හරියක් හෝ) නැත කියලා තමා..

    ‍කෙල්ලගෙ ජොබ් එක මාස 3-4කින් ඉවරවුනේ නෝනා මහත්තයාට ආසිරි කියලා කතාකරන හැමවෙලා‍වෙම කෙල්ල දුවගෙන ආපු නිසාද.??

    ReplyDelete
  2. ආසිරිලා දෙන්නෙක් ඉන්නකොට පැටලෙන නිසා නම වෙනස් කලාට කමක් නෑ. නැත්නම් නෝනා කතා කරනකොට මහත්තයත්, ගෑනු ලමයත් දෙන්නම දුවගෙන එයිනේ. ඒත් එයා සුසන්තා කියන එකට ආසා නැත්නම්, ඉතින් මහත්තයට 'සිරී' කියලා, ගෑනු ලමයට 'ආසිරී' කීවා නම් හරි. :)

    කොහොමත් එක පවුලක එක නම තියන දෙන්නෙක් ඉන්නවා නම් ඉතින් පැටලෙනවා. පැටලෙනවාමයි කවුරු මොන තර්කය ඉදිරිපත් කලත් , නොකලත්. :D

    ReplyDelete
  3. METHANA NAMA WENAK KARALA NEHE THIYANA NAME KOTASAK PAVICHCHI KALA. DAN MOKAK DA THIYANA PRASNAYA.? MATA THIYANA PRASNE ASIRI KIYANNE GAHANU NAMAKDA PIRIMI NAMKDA KIYANA EKA?

    ReplyDelete
    Replies
    1. ආසිරි කියන්නෙ uni-sex නමක්, හරියට දිමුතු, කැළුම් වගේ.. ඔය නම් තුනෙන්ම ගැහැණු හා පිරිමි ජාති දෙකෙන්ම යාළුවො මට ඉදලා තියෙනවා.. :)

      Delete
    2. ඉදුනිල් කියල යාලුවො දෙන්නෙක් මට හිටිය.

      Delete
    3. ඇහි තව ලහිරු, කලිඳු, සුමුදු... :)

      Delete
    4. Kumudu,Isuru

      Delete
    5. Asokaa, Sumudu, Lankaa

      Delete
    6. කතන්දර

      Delete
    7. ඇනියගේ කටට වතුර වක්කරන්න ඕනේ

      Delete
  4. හරි නේන්න්ං නැත්නම් ලොකු පැටලිලි ගොඩක් වෙනවනේ රෑ වෙත්දී. මමත් මේ වගේ කථාවක් අහල තියෙනවා.

    ඒ ගෙදර නෝනා බොහොම උද්දච්ච කෙනෙක්. ගෙදර වැඩට ගේන ගේන කෙනාගේ නම අගට "යා" කියල එකතු කරලා තමයි මේ නෝනා කථා කරන්නේ. උදාහරණයකට නිමල්ට --> නිමලයා, සිරිදාසට --> සිරිදාසයා, ජයපාලට --> ජයපාලයා. මේ ගෙදර වැඩට එන වැඩකරුවෝ වැඩි කාලයක් නොයිඳම මේ ගෙදරින් යනවා. ඒකට නෝනා කථා කරන විදියත් බලපන්න ඇති. ඒත් එක වැඩකාරයෙක් ආවාම නෝනාට ඒ විදියට කථාකරන එක නෝනා අත් ඇරලා. මොකක්ද දන්නවද අලුත් වැඩකරයගේ නම "සැමී"!!!

    ReplyDelete
    Replies
    1. මේකනම් මරු කතාව.... :D

      Delete
  5. එහෙම නම වෙනස් කිරීම හරිද, වැරදිද?
    පොඩි පැටලිල්ලක්? හරිද වැරදිද කියල අහන්නෙ මුලින් සුසන්තා ආසිරි කිරිල්ලද නැත්කම් ඒ ගෙදරින් කල ආසිරි සුසන්තා කිරිල්ලද? කියන එක ටිකක් අපැහැදිලියි. දෙකටම උත්තර දෙන්නං,
    මුලින්ම සුසන්තා ආසිරි කිරිල්ල. ඒක හොද නෑ මමනං කියන්නෙ. ඔයවගේ නම් වෙනස්වීම් නිසා මිණිස්සු මැරිච්ච අවස්තාත් තියනව. අනෙක කෙනෙක් උපන්නට පස්සෙ නැකැත් එහෙම බලල අකුරු තෝරගෙනනෙ ඔය නම් තියන්නෙ. ඊට පස්සෙ වෙන නමක් පාවිච්චි කරනව කියන්නෙ අර දේවල් කල එක වැඩක් නැති දෙයක් වෙනව.(ඒව හරි කියල විශ්වාස නම්).

    වැඩකරන්න ආව කෙනෙකුගෙ නම වෙනස් කරන එක හොද නෑ. මොකද ඒ මණුස්සයත් කැමතියි තමන්ගෙ නමට. ඒත් මෙතනදි නම් පොඩි සමාවක් තියනව මහත්තයත් ආසිරි නිසා.

    ReplyDelete
    Replies
    1. රාජ් මෙතන සුසන්තා -> ආසිරි කිරිල්ලක් නෑ නේද. මට තෙරිච්ච හටියට නම්, ලමයගෙ නම, "ආසිරි සුසන්තා" (First name Asiri, Middle or second name Susantha). අර උප්පෑන්නෙ ලියල තියෙනව කියල තියෙන්නෙ. මහත්තයත් ආසිරි නිසා, ලමයගෙ නමේ අනික් කෑල්ල පාවිච්චි කරන එකෙ වරදක් කියන්න බෑ.

      Delete
  6. මෙතන නම වෙනස් කරලා නෑ.පාවිච්චි කරන නම වෙනස් කරල විතරයි.ඒකත් ප්‍රායෝගිකව නොකරම බැරි තත්වයක් ඇති වුන නිසා.ඒක නිසා මම ඒකේ වරදක් දකින්නේ නෑ.
    හැබැයි (අඹ යාලුවෝ නවකතාවේ) සුනිල් ගේ ආත්තම්මා , නිමල් ගේ නම "නිමා" කරනව වගේ නම් වෙනස් කරන එක නම් වැරදියි.

    ReplyDelete
    Replies
    1. ඒත් පාවිච්චි කරන නම නේද නියම නම? උප්පැන්නෙ නමට වඩා බලගතු වෙන්නෙ පාවිච්චි කරන නමයි.

      Delete
  7. හරිද වැරදිද කියන්න අමාරුයි.. හරිත් නෑ වැරදිත් නෑ.. නමුත් අර ඩේල් කානගී මහත්තය කිව් විදියට නං ඕනම කෙනෙක්ට වැඩියෙන්ම වැදගත් වෙන දේවල් වලින් මුල් හරියෙ තියන එකක් තමයි තමයි තමංගෙ නම හරියට උච්චාරණය කරල ආමන්ත්‍රණය කරන එක.. වැඩක් කර ගන්න නං,ශේප් කර ගන්න නං හා උපරිම ඵලදායීතාව ලබා ගන්න එහෙම කරන්න ඕනලු.. එහෙව් එකේ වෙනස්ම නමකින් කතා කරල වැඩිකල් අල්ලල හිටියෙ නැති එකෙත් පුදුමයක් නෑ..!! හැබැයි අනිත් අතට මෙහෙම කියන්නත් පුළුවනි.., ඒ කෙල්ල ගෙදරි එන්න කලින් කොච්චර නං දැඩී තීරණ, මානසික පීඩා දරාගෙනද එන්න ඇත්තෙ..? එහෙව් එකේ නම කියන දේ එච්චර ප්‍රමුඛ සාධකයක් නොවෙන්නත් පුළුවනි..

    ReplyDelete
  8. අසිරි සුසන්තා... ඉංග්‍රිසියෙන් ලිව්වොත් නම් ආසිරි සුසන්ත වගෙයිනේ... එහෙම නම වෙනස් කරන එක ...ම්...ම්...ම්... නරකයි කියන්නත් බෑ වගේ....

    ReplyDelete
  9. මමත් මගේ නමේ දෙවෙනි කෑල්ලෙන් ආමන්ත්‍රණය කරනවාට පොඩ්ඩක්වත් කැමත්තක් නෑ.බලෙන් හරි මුල නම කට පාඩම් කරවනවා...:))

    ReplyDelete
    Replies
    1. නිසූපගෙ දෙවෙනි නම මොකද්ද කියලත් නිකමට කිව්වනං....

      Delete
    2. එයාගෙ දෙවෙනි නම එන්සිනා.

      Delete
    3. එයාගෙ ඇත්ත නම නිෆූෂා බිනට් අල් කදූරි

      Delete
    4. බින් ලාඩන් මෙයාට දුරින් බාප්පා කෙනෙක් වෙනවා.

      Delete
  10. ඉතාලියට ආපු මුල මගේ නමත් මේ කට්ටියට මතක තියා ගන්න හරි අමරු උනා.. ඒත් දැන් නම් ශේප්.. ඒත් මගේ යාළුවෙක් ඉන්නවා සදුන් කියලා.. මිනිහගේ නම වැඩ කරන තැනට කියන්න අමාරුයි කියලා දැන් ඉතාලි කාරයෝ මෑන්ට කතා කරන්නේ "මාරියෝ" කියලා..

    ReplyDelete
  11. මෙහෙමයි,එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්ට පුලුවන්.සමහරුන්ට කිසි අවුලක් නෑ.තවත් අයට ගොඩක් අවුල්..ඔතන වැඩේ ආසිරි කියලා කෙල්ලට කිව්ව නම් මහත්තයත් දුවගෙන එයි එයත් ආසිරි නිසා... ආ ක.සු. මං මේ පොඩියට ‍බ්ලෝග් එකක් පටන් ගත්ත..http://binthenna.blogspot.com/ ඒකේ චැට් කරන අයටත් පොඩි ඉඩක් දුන්න..http://binthenna.blogspot.com/p/chat-1k.html . . ක.සු ගේ උදවුත් ඔන වෙයි ඉස්සරහට

    ReplyDelete
  12. මේ කතාවේ ගෙදර මහත්තයාගේ නම වෙනස් කරන්නට කවුරුත් යෝජනා නොකරන්නේ ඇයි??


    බටහිර රටවලට ඉගෙනුමට යන චීනුන්ට ඒ රටේදී භාවිතයට ගත හැකි ඉංග්‍රීසි නමක් හදාදෙන්නෙ ඔවුන්ගේ පාසලේ ඉංග්‍රීසි විෂය උගන්වද්දී.

    ReplyDelete
    Replies
    1. ඔන්න චීන යාළුවො තුන්දෙනෙක් හිටියලු Chu, Bu හා Fu කියලා, ඒ තුන්දෙනා අමෙරිකාවට යන්න හදනවලු වැඩිදුර ඉගෙනීමට.. දැන් ඉතිං ඔය ඩොඩෝ මහත්තයා කියනවා වගේ අමෙරිකන් කාරයන්ට කියාගන්න පුළුවන් වෙන විදියෙ නම් තුනකුත් හදාගන්න එපායැ.. Chu ගෙ නම වෙනස් කලාලු Chuck කියලා, Bu ‍ගෙ නම වෙනස් කලාලු Buck කියලා.. Fu කිවුවලු මම චී‍නෙම ඉන්නං කියලා..

      Delete
  13. මහත්තයගේ නම වෙනස් කරන්න බෑනේ. ඒනිසා ගෑණු ළමයට එයගේ දෙවෙනි නමෙන් කතාකරපු එක ලොකු ප්‍රශ්ණයක් කර ගන්න අවශ්‍ය නෑ.

    ReplyDelete
  14. උප්පැන්න වෙනස් කරන්න කිව්වනම් වැරදියි මොකද එක ජාතියේ නමක් තව කෙනෙක්ට දාගන්න කිසිම තහනමක් නෑනේ...

    ReplyDelete
  15. මේ දවස්වල කකාගේ පෝස්ටු වල කතන්දර ගතියක් නෑනෙ.කතන්දර කාර්ය බහුල වෙලාද?

    ReplyDelete
  16. මෙතනදීනම් නම වෙනස් කරපු එකේ වැරද්දක් නැහැ. නම කෙටි කරන එකේ වැරැද්දකුත් මම දකින්නේ නැහැ. අපි අපේ යාළුවන්ගෙත් නම් කොච්චර වෙනස් කරනවද? ගයාන්ට කියන්නේ ගයියා කියලා. සුසන්තට කියන්නේ සුසා කියලා. හැබැයි කිසිම ගැලපීමක් නැතුව සුමුදු වගේ නමක් තියන් කෙනෙක්ට රානි වගේ නමක් කියලා අඬගහනවානම් ඒක එච්චර හරි නැහැ.

    ReplyDelete
  17. පිස්සු වැඩක්නෙ කරල තියෙන්නෙ. එකම නමක් තියෙනකොට අපිනං කරන්නෙ මෙහෙමයි.
    කළු සෝමෙ - පොට්ට සෝමෙ
    උස ජගත් - තට්ට ජගත්

    ReplyDelete
  18. එයාගෙ නම ආසිරි සුසන්ත නම් සුසන්ත කිව්වට කමක් නැහැ..ආසිරි කියන්න බැහැනෙ මහත්තයගෙ නමත් ඒකම නම්...
    අනිත් එක කෙල්ල වාසනාවන්තයි 'මැනික' 'මැගී' 'ඇලිස්' වගේ නමක් පට බැඳුනෙ නැති එක ගැන...

    ReplyDelete
  19. @ All
    සියළු දෙනාටම ස්තුතියි. හෙට මේකේ දෙවෙනි ඛොටස දාන්න බලන්නං.

    එතකං මේ කතාව බලන්න.

    තඩි ප්‍රියන්ත, ලොකු අතුල සහ හොඳ සුරන්ජිත්

    ReplyDelete
  20. මට නම් ලොකු අවුලක් පේන්නේ නෑ.. ඒක අවුලක් කියලා කවුරු හරි හිතනවා නම්, එක නමින්, එක ම ගෙදර දෙන්නෙක් ඉන්න එක ඊට වඩා අවුලක් නේ..
    ජොබ් එකට නම් කෙල වෙන්න ඇත්තේ ඉතින් නෝනා, මහත්තයාට ආසිරි කියද්දී සුසන්තා එන හින්දා වෙන්න ඇති..

    ReplyDelete
  21. මං නම් හිතන්නේ අවුලක් නැහැ කියලා

    ReplyDelete
  22. මහත්තයාට කොහොමත් නෝනා කතාකරන්නෙ "මේ ඕයි" කියලනෙ...ඉතින් කෙල්ලට ආසිරි කියන කොට මහත්තයා හිතුවොත් නෝනා ආදරයෙන් කතාකරනවයි කියලා වැරදි අවබෝධයක්නෙ ඇති වෙන්නෙ....ඒ හින්දා කෙල්ලට ආසිරි නොකියා සුසන්තා යි කීම නෝනගේ කුටුම්බ කළමණාකරණයට පහසුවක්...
    අවසාන විග්‍රහයේදී දෙවෙනි නම භාවිතා කිරීම නිවැරදියි.

    ReplyDelete
  23. කතා කරන්ඩ තරම් දෙයක් තියනවද කතන්දර මෙ කතාවෙ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.