ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday 16 May 2012
පොඩි කොල්ලා කාලේ කතන්දර - Some childhood memories
තවම බ්ලොග් එක නිවරදි ගියර් එකට දාන්න හිත සන්සුන් නෑ.
ඒ මදිවට හාමිනේත් රාජකාරි වැඩකට දුරු රට ගිහින්. තව දවස් දෙකතුනකිනුයි එන්නේ.
ලියපු කතන්දර පහ හයක් තිබුණත් ඒවා පල කරන්න හිතෙන්නේ නෑ. ඒ වෙනුවට මට හිතුනා කාලෙකට කලින් මං සඟරාවකට ලියපු ලිපියක් යුනිකෝඩ් කරලා දාන්න.
මේකේ භාෂා ශෛලිය වෙනස්. සොරි හොඳේ?
මියගිය මිතුරෝ
සත්ව කොට්ඨාශයක ජනගහනයේ වෙනස්කම්වලට බලපාන සාධක, කොටස් දෙකකට වර්ගීකරණය කෙරෙන බව මම දහවෙනි ශ්‍රේණියේ ජීව විද්‍යා පාඩමක දී උගත්තෙමි.
මගේ මතකයේ හැටියට මෙයින් ඝණත්ව පරායත්ත සාධක ලෙසින් හැදින්වෙන්නේ ජනගහනයේ අඩුවීම්, වැඩිවීම් ඇති කරන ස්වභාවික අනතුරු, නියඟ යනාදිය මෙන්ම සශී‍්‍රක සුබදායක පරිසරය වැනි බලපෑම් ය. ඒ සියල්ල සිදුවන්නේ ජනගහනයෙන් පරිබාහිරව වේ.
ඝණත්ව ස්වායත්ත සාධක යනුවෙන් හැඳින්වූයේ ඒ ජනගහනය තුලින්ම, එහි ඝනත්වය පාලනය කිරීම සඳහා මතුවෙන සාධක විය. එක්තරා මීයන් වර්ගයක (ජන)ගහනය වැඩි වූ විට උන් රංචු පිටින් ගොස් ගඟකට පැන දිවි හානි කර ගන්නා කතාවක් මේ හා සසඳා කියවේ. ජන පිරිස් අතර යුද කලබල ඇතිවී ජන සංහාරයන් සිදුවීම ද මේ ගොඩේම ලා වර්ග කළ හැකි බව මට එදා සිතුණි.
මේ කරුණු කෙසේ වුවද, මෙලොව උපන් අප කෙදිනක හෝ මිය යාමට නියමිතය. එහෙත් ජීවිතය ගෙවා මහලූ වයසේදී සිදුවන මරණයන් මෙන් නොව ඉන් පෙර සිදුවන අකල් මරණ වනාහී සත්‍යාවබෝධය ලත් අයෙකු වුවද කම්පා කරවන්නට හේතු විය හැකි කරුණු වේ.
ළදරු මරණ නිසා දෙමව්පියෝ කම්පා වෙති. ළමා මරණ නිසා දෙමාපියන් පමණක් නොව මිය යන දරුවන් ගේ මිතුරෝ ද කම්පනයට පත්වෙති.
මා අද සිහිපත් කරන්නට යන්නේ, කොලූ කාලේ මා ලද එවැනි දුක්බර අත්දැකීම් කිහිපයකි.
මා ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ හයවැන්නේ ඉගෙනුම ලබද්දී අපට වඩා ඉහළ පන්තියක සිටි ශිෂ්‍යාවක් නිවසේ ඇතිවුණු ගින්නක් නිසා මිය ගිය බවට ඉතා දුබල මතකයක් මට ඇත. එහෙත් මා මුලින්ම සැබෑ කම්පනයකට පත් කළ මරණය වූයේ හත්වැන්නේ දී සිදුවූ මා හා එකම පන්තියේ උගත් තිස්ස ගේ මරණයයි.
හයේ පන්තියේ සිටම එකට සිටියද, තිස්ස මා හා හොඳින් ම හිතවත් වූයේ, ඒ වසරේ නිවාසාන්තර කී‍්‍රඩා තරගයේ මුල් වටය පාසල් වේලාවෙන් හවස පැවැත්වූ දිනයේ මා හා පාසලේ සිට කිලෝමීටරයක් පමණ නුදුරින් පිහිටි අප නිවසට පැමිණ ආහාර ගත් දින සිටය. පාසල් විවේක කාලයේ අප නිරතවන බෝලයෙන් ගසා ගැනීමේ ක‍්‍රීඩාවේ දී අප දෙදෙනා සමහර දිනවල එකම පිළකට කී‍්‍රඩා කළෙමු.
තිස්ස ගේ මරණය පිළිබඳ ආරංචිය පාසලට පැමිණි දා, ගුරුවරුන් කීප දෙනෙකු ද සමග, ඔවුන් ගේ වියදමින්, අපේ පන්තියේ සැවොම බස් රථයකින් සෑහෙන දුරක් ගොස් ඉන් බැස, සපත්තු ගලවා කරේ රුවාගෙන, දණක් උසට තිබූ ගංවතුරේ ඇවිදගෙන ගිය හැටි අද ද මගේ මතකයේ නොමැකී පවතී.
කළු පැහැ ගැන්වුණු තිස්ස ගේ නිසල සිරුර කුඩා ප‍්‍රමාණයයේ මිනී පෙට්ටියක හොවා නිවසේ සාලයේ තබා තිබුණි. තිස්ස මිය ගොස් සිටියේ ගංවතුර බැලීමට ගොස් සිටියදී නියරකින් ලෙස්සා වැටී දියේ ගිලීමෙනි.
හිසේ පිටුපස කෙස් සුළි දෙකකට කැරකී තිබීම දියේ ගිලී මිය යාමට හේතුවන සාපයක් යැයි කියවෙන, තිස්ස නිසාම අප පන්තියේ දී අසා තිබුණු ඒ මිත්‍යා මතය, එදා අපේ පන්තියේ සියලූ දෙනාගේම සිත් සතන් තුළ යළි නොමැකෙන ලෙස පැලපදියන් වෙන්නට ඇත.
වත්මන් ෆේස් බුක් සම්ප‍්‍රදායේ මූලාරම්භය ලෙසින් සැලකිය හැකි සමරු පොත් නමවන ශ්‍රේණියේ දී පමණ අප අතරට පැමිණියේ ය. මගේ මුල් සමරු පොතේ එක් පිටුවක මෙසේ සඳහන් වෙයි.
කලකට ඉහත අප එකට ඉගෙන ගත් බව සිහිවෙන්න
විමල කියා අත්සන් තැබුවා ඔන්න
මා සමඟ කොලූ කාලේ ගතකළ මිතුරන්ගෙන් අකාලයේ අප අතහැර ගිය දෙවැන්නා විමලසේන ය. පාසල් නිවාඩු සමයක දී මියගිය ඔහු ගේ මරණය කලට වේලාවට දැනගෙන අපේ පන්තියෙන් මළගම ට සහභාගී වූයේ මා පමණකි. වයස අවුරුදු දාහතරක් වෙන්නටත් පළමුව විමලසේන එලෙස මිය ගියේ උපතින්ම ලද හදවතේ ප‍්‍රශ්ණයක් නිසා බව මගේ මතකයයි.
මල් පිරී ගිය අරලිය ගසින් පිරි අඳුරු බර සුසාන භූමියක කැපූ වළක් තුළ තැන්පත් කරනු ලැබූ විමලසේන ගේ සිරුර රැගත් මිනී පෙට්ටිය මතට චාරිත‍්‍රාණුකූලව පස් මිටක් මා දැමූයේ කඳුළු පිරි දෙනෙතින් සහ පෙර නොවූ විරූ ආකාරයකින් බරවූ හදවතකින් යුතුවය.
ඒ වන විට වැඩිහිටියන් ගේ මළගම්වලට මා සහභාගී වී තිබුණද, මේ ආකාරයේ සංවේදනාත්මක මොහොතක් මා ඉන් පෙර අත් විඳ තිබුනේ නැත.
ඉන් මාස කීපයක් ඇතුලත, මට මගේ පන්තියේ තුන්වැනි අවමගුළට ද සහභාගී වීමට සිදුවිය. නිමල් මියගොස් තිබුණේද උපතින්ම ලද ආබාධයක් නිසාය.
කුමක් හෝ කරුණක් නිසා මේ අවමගුලට ද අපේ පන්තියෙන් සහභාගී වී සිටියේ මා පමණි.
නිමල් විසූ නිවසෙන් පිටත් වූ අවමගුල් පෙරහැර හේවිසි හඬ නගමින් සැතපුම් දෙකක් පමණ දුරකින් පිහිටි සුසාන භූමියට ගමන් කළේය. මම ද සෙමින් සෙමින් ඒ පිටුපස ගමන් ගත්තෙමි. වැඩිහිටියෝ මාරුවෙන් මාරුවට මිනී පෙට්ටිය කර ගසාගෙන ගියහ. ඒ සඳහා දායකවීමට ආරාධනයක් ලබන්නට තරම් වයසක් හෝ ශක්තියක් මගෙන් ප‍්‍රදර්ශනය නොවෙන්නට ඇත.
උස් වූ බිම් කඩක පිහිටි සොහොන් බිම සිට බලන විට ඈත කුඹුරු යායක්ද, ඒ මැදින් දිවෙන දුම්රිය මාර්ගයද පෙනේ. හිරු බැස යමින් තිබුණි. සොහොන් බිමට රැස්වුණු විසි පස් දෙනෙක් පමණ වූ පිරිසක් මැද වුවද මට දැනුණේ මහා තනිකමකි.
මහ හඬින් කෑ ගසා අඬන්නට සිතුනද, මම එසේ නොකළෙමි.
පස් මිටකින් මා මිතුරා ගේ දේහය රැගත් මිනී පෙට්ටිය වසා, පෙර කී දිගු දුම්රිය මාර්ගය ඔස්සේ මා එදා නිවස කරා ගියේ වයස දාහතරක සිරුරකින් ද, ඊට වඩා මුහුකුරා ගිය මනසකින් ද යුක්තව බව අද මට සිතේ.
මරණය යනු මෙලොව ඉපදුණු අප සැමටම උරුම වූ අනිවාර්ය දෙයකි. එමෙන්ම, එය හිරු බැස යාම වැනි වූ ස්වභාවික සංසිද්ධියක් වේ. සන්ධ්‍යාවේ හිරු බැස යනවිට අපේ සිත්වලට දුකක් නොදැනෙන්නේ, හෙට උදේ යළිත් හිරු පායන බව අප සක්සුදක් සේ දන්නා නිසා නොවේද?
ඒ අනුව බලන විට, මරණයෙන් පසු කුමක් වේදැයි යන්න ගැන නිසි අවබෝධයක් ලැබුණු දිනක සිට අපට මරණය යනු තව දුරටත් දුකට හේතුවක් නොවෙනු ඇතැයි මම සිතමි.
-කතන්දරකාරයා
ප/ලි
මං සාමාන්‍යයෙන් කතන්දරවලට දාන්නේ රත්නායක මහත්තයා වගේ ආරූඪ නම්. අද නම් තියෙන්නේ ඇත්තම නම්.
(image: Google Maps)
Subscribe to:
Post Comments (Atom)
කතන්දර තවත් දුක හිතෙන කතා ටිකක් ලියලා. :(
ReplyDeleteජීවිතේම කතන්දර ගොඩක් (TM) නේ. දුක්බර කතාත් තියෙනවා.
Deleteමෙන්න තවත් කඳුළු කතන්දරයක්.
http://kathandara.blogspot.com.au/2010/06/blog-post_21.html
!!!
TM kiyana eke theruma kiyantako
Delete@ Ano
DeleteTM කියන්නේ Trade Mark කියන එකයි. ඒ "ජීවිතයම කතන්දර ගොඩක්" කියන වැකිය මගේ බ්ලොගේ මොටෝ එකයි. ඔය උඩින්ම දාලා තියෙන්නේ හෙඩිමේ.
හොඳ වෙලාවට ඒකාලේ කතන්දරට බ්ලොග් එකක් තිබුනෙ නැත්තෙ,
Deleteතිබ්බ නම් මේ නම් ටිකත් ලින්ක් දාලා විකුණගන්නවා,
ඒ වුනාට කතාව නම් හොඳයි,
අපොයි දෙයියනේ...........
ReplyDeleteකොහේ ඉන්න දෙයියෝද කොල්ලෝ?
Deletepatta!!! Me wage ewa thawa liyanna KK!
ReplyDeleteTanku.
DeleteThava liya thibemi. Ida lada vita damami.
@මේකේ භාෂා ශෛලිය වෙනස්. සොරි හොඳේ?
ReplyDeleteපුද්ගලිකව මා නම් කැමති මේ ශෛල්‍යටයි කතන්දර.ලිපියේ අදහස හොදින්ම සිතට කාවැදුනා.මේ විදියට දිගටම ලියන් බැරිද?
අමුතවෙන් මොකටද? මේ වගේ සඟරාවලට ලියපු ලිපි පනහක් විතර තීයෙනවා. හිතුනාම දාන්නං.
Deleteමෙන්න තවත් ඒ ශෛලියේ ලිපියක්.
http://kathandara.blogspot.com.au/2011/09/self-appointed-owners-out-there-need.html
.
මම ඒ ලිපිය ද කියෙව්වෙමි.මෙවැනිම ප්‍රතිචාරයක් ද සටහන් කළෙමි.
Deleteඒ ලිපියේ ප්‍රතිචාර අතර ඔබා මාමා ගේ ද ප්‍රතිචාරයක් විය.ඔහුට නැවත සමුදීමට මේ අවස්ථාව කරගමි.
මං මේ දැන් නැවත එහි කමෙන්ටු බැලුවා. එදා ඔබේ ප්‍රතිචාරයටද ස්තුතියි. ඉඩ ලද පරදි ඒ සඟරා ශෛලියේ ලිපිත් දාන්නම්.
Deleteස්තුතියි ජයශ්‍රී මිතුර.
මොනවා වුනත් කතන්දරගේ මේ කතාවට මම නම් ආසයි. එහි සංවේදී ගතියක් මට දැනුනා.
ReplyDeleteස්තුතියි. සාමාන්‍යයෙන් මං සංවේදී මිනිහෙක්.
Deleteඇඩෙනවා...
ReplyDelete//මරණය යනු මෙලොව ඉපදුණු අප සැමටම උරුම වූ අනිවාර්ය දෙයකි.//
:-( :-(
ඇයි අඬන්නේ, ඕක පරම සත්‍යය නේ?
Deleteඔබේ කතාව කියවූ මටද මහ හඬින් කෑ ගසා හඬන්නට සිතුනද එසේ නොකලෙමි. එහෙත් හදවත බරය. මෙතෙක් කල් අමතකව ගොස් තිබු දුක්බර මතකයන් රැසක් ඔබේ ලිපිය කියවීම නිසා සිහියට නැගුනි.
ReplyDeleteඒ මතක ගැන ලියන්න බැරිද? එතකොට හිතට සහනයක් එනවා නියත වශයෙන්ම.
Deleteමරණයෙන් පසු කුමක් වේදැයි යන්න ගැන නිසි අවබෝධයක් ලැබුණු දිනක සිට අපට මරණය යනු තව දුරටත් දුකට හේතුවක් නොවෙනු ඇතැයි මම සිතමි. එහෙත් ජීවිතය ගෙවා මහලූ වයසේදී සිදුවන මරණයන් මෙන් නොව ඉන් පෙර සිදුවන අකල් මරණ වනාහී සත්‍යාවබෝධය ලත් අයෙකු වුවද කම්පා කරවන්නට හේතු විය හැකි කරුණු වේ.//
ReplyDeleteසත්‍යාවබෝධය ලබා ගත් අය කෙසේ වෙතත් එතෙන්ට ලගා නොවු අය නම් සැබැවින් ම කම්පා වෙනවා. ඊලගට සත්‍යාවබෝධය ඇත්තෝ නැවතත් සත්‍ය මෙනෙහි කර යථා තත්වයට එනවා. සත්‍ය අවබෝධ කරගෙන ඇති හා ඒය ජීවිතයට ප්‍රායෝගිකව ගලපා ගන්ට අද්දැකීම් ඇති පිළිවෙලට ඔවුන්ගේ කම්පනය අවසනවීමේ වේගය සාපේක්ෂ වෙනවා කියලා හිතෙනවා.
එකඟයි!
Deleteස්තුතියි බුද්ධි!
මටත් කාලයත් එක්ක අමතක වෙලා තිබුණු මේ වගේ සිද්ධි කීපයක් මතක් වුනා. සුළු සිද්ධි වලට සිදු වුන සිය දිවි නසා ගැනීම් 3කුත් ඒ අතර තියෙනවා.
ReplyDeleteදිවි නසා ගැනීම ජිවිතයෙන් පලා යාමක්!
Deletehadawathatama wadinna liyala thiyenawa.kathawa dukbarai habai liyala thiyena widiha nam super.
ReplyDeleteThanks Avatar.
Deleteඅතිශය සංවේදී ලිපියක්. හැඩුම් නවත්වාගත්තේ අමාරුවෙන්. නමුත් අවසාන ජේද 2 න් ඔබ මාව බුදුදහමේ සැබෑ යථාර්තය කරා ගෙන ගියා.
ReplyDeleteඔබ්සවර් මහතාට නිවන් සුව පතමි.එම මරණයේ කම්පනය බ්ලොග්ස් ලියන ඔබ සැමට කොතරම් දැඩිව දැනෙනවාද කියා මට සිත ගත හැකියි. මන්ද, බ්ලොග්ස් කියවන්නකු පමණක් වූ මට එය දැනුනු තරම මා දන්නා නිසයි.
මරණය පොදුයි, ඒත් දුකයි. අපි පෘතග්ජන නේ!
Deleteමේ ලිපිය කියවලා මමත් අතීතයට ගියා... එකම වසරක් තුල පාසැල් මිතුරකු, පාසැල් බස් රථයේ මිතුරකු හා ගෙවල් සමීපයේ මිතුරකු අප අතරින් වෙන් වුන මතකයන්ගෙන් නැවතත් ඉබේම ඇසට කඳුලක් එකතුකලා..
ReplyDeleteඇත්තෙන්ම සංවේදී ලිපියක් .. නොදුටු නොඇසූ නමුත් කියවූ සනත් මහත්මයාගේ මතකයනුත් සැමදා අප සිත් තුල රැඳී පවතීවී...
ඒම දුකකි, යාම දුකකි
Deleteඒම යාම අතර දුකකි
ඒ දුක නැති කරන එකම
පිළියම සෙවූ සම්බුදු හිමි
පිහිට පතමි ඔබටද මම
සාදු සාදු
-ඒ මං හතේ පන්තියේ දී කියවපු වෙසක් කාඩ් කවියක්.
//මරණය යනු මෙලොව ඉපදුණු අප සැමටම උරුම වූ අනිවාර්ය දෙයකි. එමෙන්ම, එය හිරු බැස යාම වැනි වූ ස්වභාවික සංසිද්ධියක් වේ. සන්ධ්‍යාවේ හිරු බැස යනවිට අපේ සිත්වලට දුකක් නොදැනෙන්නේ, හෙට උදේ යළිත් හිරු පායන බව අප සක්සුදක් සේ දන්නා නිසා නොවේද?//
ReplyDeleteඒනිසාම තමයි. කොහොම උනත් මරණයෙන් මතු ජීවිතය ගැන බුද්ධාගමේ ඉගැන්වීම මම විශ්වාස කරනව(විද්‍යාත්මකව ඔප්පු නොකලත්). ඒනිසා යම් කෙනෙකුගෙ මරණය ක්ෂණිකව දුකක් ඇතිකලත් ඒක යථාර්තය කියල තේරුම්ගන්න පුළුවන්.
මේ ශෛලියට මම නං බොහොම කැමතියි.
ශෛලිය නං හොඳයි සතියකට හතරක් ලියන්න නං පැන්ෂොන් ගන්න හරි ශනිදාවක් ඇදෙන්න හරි වෙයි!
Deleteඒ කියන්නෙ ඒක ආයාසයක්ද? මට නම් මේ ක්‍රම දෙකෙහිම වෙනසක් නොදැනේ. :-)
Delete-රාජ්.
මං සාමාන්‍ය කතන්දර ලියන්නේ හාස්‍ය රසයක් එන්නයි. ඒ නිසායි අපි එදිනෙදා කතන්දර කියන, කතාකරන භාෂාව යොද ගත්තේ මුල ඉඳලාම, ඉංගිරිසි වචන එක්ක.
Deleteසඟරාවකට ලිපියක් ලිවීම වෙනස් කර්තව්‍යයක්. ඒවා මං ලියන්නේ මාසෙකට එකයි දෙකයි. හය හත් පාරක් කියවා එඩිට් කරනවා. වෙහෙස ගෙන දෙන වැඩක්. අනික බ්ලොග් එකේ කතන්දර කියන්න ඒ ශෛලිය නිකං නොගැලපෙනවා වගෙයි මට හිතෙන්නේ. ඒ නිසායි මං අර මුලට සහ අගට කෑලි දෙකක් දැම්මේ.
සාමාන්‍ය කතන්දර පවා මං දෙතුන් පාරක් එඩිට් කරනවා. නමුත් ඒඛ පහසු වැඩක්.
Thanks රාජ්.
OYA 'SANWEDEE" KENEK KIYA MATA DENENAWA.PERANI MATHAKAYAN HODAY WAGE ALUTH EWATA WADA.NEDA?
ReplyDeleteමගේ නවතම මතකය මේ ඇනෝ අංකල් ගේ ආගමනය ගැනයි.
Deleteටැබූගේ රටාව වගෙයි
ReplyDeleteඇත්තටම ටැබූත් ලිපියක් ලියා තිබුණා මිතුරෙකු ගේ මරණය ගැන. සමහරු හිතුවේ ඒක පියාගේ මරණය ගැන කියායි.
Deleteමං හිතන්නේ ටැබූ ඒලෙවල් කාලේ මිතුරෙක් බසයකට යටවී (වැනි අනතුරකින්) මියගියා.
දුක හිතෙන කතා ටිකක්.භාෂා ශෛලිය වෙනස් වුනාට මං මේ කතාවට කැමතියි.හිතට වැදුනා.
ReplyDeleteස්තුතියි නිසුපා!
Deleteබොහොම සංවෙදී කතාවක් . ජනවාරි මාසේදී හදිසි අනතුරකින් මියැදිච්ච මයෙ මාමගේ පුතාගේ මල ගෙදර දවසේ හයිය හිතක් තියනවාය කියලා හිතාන උන්න මටත් ඇඬුම් ආවා .. එදා දැනිච්ච දුකට සමාන දුකක් අද කතන්දරගේ මේ ලිපිය කියෙවුවාම දැනුනා .. !
ReplyDeleteඔබේ දුකයි, මගේ දුකයි, එකම දුකක් තමයි!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅනිත් කතා වලට වැඩ වෙනස් වුනත් , ගොඩක් හොඳ කතන්දරයක් (ලිපියක්), එත් තරහ නැත්නම් ප්‍රශ්නයක් අහන්නම්, කකා ඇයි තමාගේ නියම නම නිතරම වසන් කරගෙන ආරුඨ නම් වලින් ලිපි ලියන්නේ?
ReplyDeleteකතන්දර බ්ලොග් එක ගැනද මේ අහන්නේ.
Deleteකතන්දරකාරයා කියන්නේ චරිතයක් නේ. ඒක ලියන පුද්ගලයාට නමක් තියෙන බව අමුතුවෙන් කියන් ඕනෑ නෑනේ. බ්ලොග් ලෝකයේ බහුතරය ආරූඩ නම්.
අනෙක ආරූඩ නම් වලින් ලිපි ලිවීම පිළිගත් සම්ප්‍රදායක් එදා සිට අද දක්වා තියෙන.
හැබැයි මේ අද දාපු ලිපිය ඇතුලත් වුණු ලිපි පෙල ඒ සඟරාවට ලියබුනේ රචකයාගේ ම නමින්.
මරණය තවමත් දුකට හේතුවක්, කවදාද කොහොමද එය නැති කරගන්නේ !!!
ReplyDeleteමගේ ආදරණීය පියා වියොවී තුන්මාසයක් ගත වුනේ නැහැ...දුක තුනී කරගන්න උත්සාහ කරන වෙලාවේ ඔබා අයියාගේ වියෝව ආයිමත් හිත සසල කළා.
මරණෙන් පස්සේ මොකද වෙන්නේ කියා සහ සුද්දෙන් දැනගත් දාක ඔය කියන දුක දැනෙන එකක් නෑ. ඒක තමයි මං අර අන්තිම හරියේ කියලා තියෙන්නේ.
Deleteහබෑව....ඒකට ඉතින් මැරිලම බලන්න ඕන!
Deleteඋපන්නොත් යම් කෙනෙක් මෙලොවේ
ReplyDeleteමරනයක් කොටා ඇත නලලේ
එනිසා
Deleteකිරෙන් කා තෙලෙන් අත හෝදා...
ඉන්ණ ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා!
අර හැටන් පැත්තෙ උන් තෙලෙන් කාල කිරෙන් අත හෝදනවලු.
Deleteමම මේ බලන් උන්නෙ ඕනය මොනා කියයිද කියල. එහෙනම් දැං ඒකත් අවුලක් නෑ.
බොහෝම කාලෙකට පස්සේ ඔබේ වෙනස්ම ආරක ලිපියක් කියෙවුවේ..
ReplyDeleteඉපදෙනකොටම අපි අරන් එන එකම දේ මරණය..
මේක ගිය අවුරුද්දේ ලියපු ලිපියක්. සඟරාවකට!
Deleteසගරාවට දාපු ලිපියෙත් ලින්ක් ඇතුලත් කරාද? :D
ReplyDeleteජීවිතය අබියස මරණය
ඊට වඩා යතාර්ථයක් නැහැනේ.
සඟරාවේ ලිපි පෙළක්ම ගියා. පස්සේ එවායේ ඉස්සර කතා ගැන සඳහනක් ආවොත් ඒ බව ලියන්න පුළුවනි!
Deleteනියමයි
ReplyDeleteතුති!
Deleteඅද බ්ලොග් එක වැරදි ගියර් එකක යනවයි කිව්වත්, අන්තර්ගතයේනම් කිසිම වෙනසක් දකින්න බැහැ, භාෂා ශෛලිය හැරුණාම. හැබැයි මේ වගේ තේමාවන් ගැන ලියද්දී වඩාත් ගැලපෙන්නේ ඔය “සඟරා ශෛලිය“ කියලා මටත් හිතුනා. ඒ විතරක් නෙවෙයි, වඩා බැරෑරුම් දෙයක් විශ්වාසනීය ආකාරයට ලියන්නත් “සඟරා ශෛලිය“ හොඳයි වගේ. (මොන තරම් කෙප්ප කෙළියත් සංස්ථාවේ ප්‍රවෘත්ති සිරස ප්‍රවෘත්ති වලට වඩා ඇත්ත කියලා හිතෙන ගතියක් තියෙනවනෙ)
ReplyDelete/* බැරෑරුම් දෙයක් විශ්වාසනීය ආකාරයට ලියන්නත් “සඟරා ශෛලිය“ හොඳයි වගේ. */
Deleteඒක ඇත්ත,
කතන්දර බ්ලොග් එක පටන් ගනිද්දීම මං ගත්තු තීරණයක් තමයි කතා කරන භාෂාවෙන් කතන්දර ලියනවා කියන එක.
තව දෙයක් කියන්නම්. ඔබ්සර්වර් බ්ලොග් එක මාත් දිගටම වගේ කියවූ නිසාත්, එහි පළ වූ පෝස්ට්වල පිරුණු බවක් දුටු නිසාත්, එහි රචක සනත් විජයවර්ධනයන්ගේ අකල් මරණය මා තුළ කම්පනයක් ඇති කළා. ඔහුගේ ලිපි කියවීම සහ සමහර විට කමෙන්ට් එකක් දෙකක් දැමීම හැර ඔහු සමග මා කිසිදා සම්බන්ධකමක් නොපැවැත්වුවත් ඔහු වටිනා මිනිසකු බව මට තේරුම් ගොස් තිබුනා.
ReplyDeleteඔහු වෙත මගේ ආචාරය පුද කිරීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා.
සංවේදී මාතෘකාවක්. හැම කෙනෙක්ටම ජීවිතයෙ දුක්බර මතකයන් තියනව. මේ වගේ ලිපියක් කියවන කොට, සමාන්තර අතීත මතකයන් නිතැතින්ම සිහියට එනව. අපි 11 වසරේ ඉඳිද්දි අපේ පංතියෙ හිටපු ගෑනු ළමයෙක් ලියුකේමියාව හැදිල මැරුණ. පංතියේ අනෙක් ගෑනු ළමයි නම් ආරංචිය ඇහුවම ඇඬුව. පිරිමි ළමයි නම් කවුරුවත් ඇඬුවෙ නෑ. ඒත් ඒ වෙලාවෙත්, අවසන් කටයුතු කරපු දවසෙත් මහ මූසල හැඟීමකින් හිත පිරිල ගිහින් උගුරෙ මොකක් ද හිරවෙල තියනව වගේ මට දැනුන. “මරණය“ කියන්නෙ හැම විටම ජීවත්ව සිටින අය සසල කරවන මාතෘකාවක්. ඒ අපි ජීවිතය ඇද බැඳ තබාගෙන සිටින නිසාම නෙවි. අපේ ළඟ සිටින, අපි ඇසුරු කරන අය අපේ ජීවිතයට ඇද බැඳ තියාගෙන ඉන්න නිසා. ඉතින් එවැන්නෙකුගෙ මරණයක් අභියස පෘතග්ජන අපිට සසල නොවී සිටිය හැකි ද?
ReplyDeleteකකා, මට පොඩි ප්‍රශ්නයක් තියනව. අපි සාමාන්‍යයෙන් ජන, ජනයා කියල යොදන්නෙ මිනිස්සු සම්බන්ධයෙන් කතාකරනකොට විතරයි නේ ද?
// සත්ව කොට්ඨාශයක ජනගහනයේ // - සත්ව කොට්ඨාශයක ගහනයේ,
// එක්තරා මීයන් වර්ගයක ජනගහනය // - එක්තරා මීයන් වර්ගයක ගහනය, වශයෙන් නිවැරදි විය යුතුයි නේ ද? මම හිතන්නෙ නිවැරදි වචනය “ගහනය“. (මිනිස් ගහනය-ජනගහනය, මී ගහනය, අලි ගහනය)
අනේ dichlorodiphenyltrichloroethane, උඹ තාම කතන්දර කාරයව අඳුරන්නෙ නැත්ද?
Deleteෂා .... ඇනෝ, ඔයා වාසගම සම්පූර්ණයෙන් ම ලියලනේ. දැන් එතකොට ඔයා කතන්දර කාරයව අඳුරගෙනද ඉන්නෙ? මම නම් නිකන් හම්බවෙන අශ්වයොන්ගෙ දත් ගනින්න යන්නෙ නෑ, ඔය ලියල තියෙන දෙයක් කියවල ඒ ගැන මගේ අදහසත් කියල යනව මිස.
Delete@ DDT
Deleteමං හොයලා බැලුවා. ඔබ හරි. මං හිතන්නේ පොපියුලේෂන් කියන වචනය කටට එන නිසයි ඔය වරද වෙන්නේ. මං නිකං "අලි ජනගහනය" කියලා ගූගල් සර්ච් එකක් කළා, එකම එක පිටුවයි තියෙන්නේ. අලි ගහනය තමයි නිවරද!
බොහොම ස්තුතියි.
මරණයෙන් පස්සේ වෙන දේ ගැන දන්නවනම් මරණයට තියන බයත් නැති වේවි...
ReplyDeleteඔව් බය දුක දෙකම.
Deleteහැබැයි වයසට ගිහින් මැරෙණ අය නම් බරණයට බය නෑ.
මරණ බය එන්නේ හදිසි අවස්ථාවකදීයි.
සංවේදී වුවත් මන් මේ ලිපියට කැමතියි . ශෝක රසය වෙන්ට ඇතී . මරණය දුකයි . ඉර බැස යාමත් මට නම් දුකයි . පුංචි කාලේ ඉඳලම හැන්දෑවෙනකොට රාස්සිගේ අව්ව වැටෙන වෙලාවට මට මොකක්දෝ සාංකාවක් දැනෙනවා . මටත් අතීත සිද්ධි ගොඩක් මතක් වුනා . අන්තිමට මන් නම් පොස්ට් එකක් ලියන්න හිත හදා ගත්තා .
ReplyDeleteහිටියත් නැතත් මා හෙට මේ දෙරණ මත
අද මෙන් හෙටත් තව තව මල් පිපෙනු ඇත
ස්තුතියි
Deleteමාත් ආපහු බ්ලොග් එක ටික ටික (මගේ) ට්‍රැක් එකට දානවා.
"මා මිය ගියත් මියගිය මගෙ දෙතොල මත
ඔබ වෙනුවෙනුත් හසරැල්ලක් නැගෙනු ඇත!"
ඇත්තටම මැරුණට පස්සෙ බ්ලොග් ලියන්න විදියක් නැද්ද?
ReplyDeleteබ්ලොග්ස්පොට් එකේ තියෙන බ්ලොග් මැරුණට පස්සෙත් දිගටම තියෙයි නේද?
කස්ටම් ඩොමේන් එකක දාල තිබ්බොත් ගෙවන්නැතිව හිටියම උන් අයින්කරනවනේ..
මං කාලෙකට කලින් සති දෙකක විතර කතන්දර ලියලා කලින්ම දාලා තිබුණා ඔටෝ පබ්ලිෂ් වෙන්න. දැන් නං කෝච්චියේ ලැප්ටොප් එක ගෙනියන්නේ නැති නිසා එදිනෙදා තමයි ටයිප් කරන්නේ කෝච්චියේ ලියන ඒවා.
Deleteඊයේ රෑ මම හීනෙන් දැක්කෙත් හොඳම යාළුවෙක් මිය ගිහිල්ලා ඉන්න හැටි. මම හොඳටම ඇඬුවා කියලත් මතකයි
ReplyDelete